ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අප පිළිගත යුතු ද? මෙය කොන්ත්‍රාත්තුවක් වශයෙන් බැඳීමක් ඇති ගිවිසුමක් ද?
Posted on August 24th, 2009

ආචාර්ය සෙල්ලකපු එස්. උපසිරි ද සිල්වා

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියානු ජනරජයේ අගමැති අතිගරු රජීව් ගාන්ධි මහතා කොළඹ දී 1987 ජුලි 29 දින  ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට අත්සන් තැබුවේ ශ්‍රි ලංකාවේ සියලූ ජනකොටස් හි ආරක‍ෂාව, සුභසිද්ධිය සහ සමෘද්ධිය වෙනුවෙන් සාමය සහ සාමාන්‍යත්වය ස්ථාපිත කිරීම මගින් සියලූ ජනවාර්ගික ගැටලූ විසඳීම පිණිස ය.

දෙපාර්ශවය අතර වූ මෙම ගිවිසුම කොන්ත්‍රාත් සම්මුතියක් යැයි සනාථ කිරීමට පහත ප්‍රකාශය ගිවිසුමට ඇතුළත් කර ඇත: අරමුණු මුදුන්පත් කිරීම පිණිස පහත සම්මුතියට මෙදින ඇතුළත්වන ලදී.

මෙම ගිවිසුමෙන් සිදුවිය යුත්තේ කොන්ත්‍රාත්තුවක් නිර්මාණය කිරීම නම්, නීතිමය වශයෙන් බැඳුනු කොන්ත්‍රාත්තුවක් වීමට එය පහත දක්වා ඇති නීතිමය අවශතාවයන් සපුරාලිය යුතු ය.

• ඉදිරිපත්කිරීම හා පිළිගැනීම

• සලකාබැලීම

• කොන්ත්‍රාත්තුව දරා සිටීමේ හැකියාව

• පාර්ශවයන්ගේ අනුමැතිය

• අරමුණ

කොන්ත්‍රාත්=වක් යනු නීතියෙන් බලාත්මක කළ හැකි ගිවිසුමකි. එසේ බලාත්මක කිරීමට නම්,ගිවිසුම අරමුණු කරගත් පාර්ශවයන් නීතිමය වශයෙන් බැඳී ඇති බැව් එයින් පැහැදිළි විය යුතු ය. එය ඇති කළ හැක්කේ බැඳී සිටීම සඳහා ඇති අවශ්‍යතාවයේ අරමුණ ඇති නම් පමණි. අරමුණ පරීක‍ෂාවට ලක්කිරීම එහි විෂයමූලයයි. අධිකරණය සලකා බලනුයේ එකඟ වූයේ කුමකට ද, ගිවිසුම හා බැඳුනු වටපිටාවේ වාතාවරණය, පාර්ශවයන් විසින් භාවිතකර ඇති වචන, පාර්ශවයන් කෙරෙහි ගිවිසුමේ ඇති බලපෑම සහ ඉන් අනතුරුව පාර්ශවයන් ක්‍රියාකරන ආකාරයෙන් ගිවිසුමෙන් බැඳී ඇති බව කෙරෙහි ඔවුන් විශ්වාසයෙන් සිටින්නේ ද යන්න පිළිබඳවයි. අවශ්‍යතාවයේ අරමුණ ඉන් ඉටුවේ ද නැද්ද යන්න පිළිබඳ පුර්ව නිගමනයකට එළඹිය හැක්කේ ගිවිසුම කොයි ආකාරයේ එකක් ද යන්න මත ය.

ගිවිසුම සමාජමය හා ස්වදේශීය රාජ්‍යය පිළිබඳ එකක් නම්, ඔවුන්ගේ ගිවිසුම නීතිමය වශයෙන් බැඳුනු එකක් ලෙස පාර්ශවයන් විසින් අරමුණු නොකළ බවට නීතිමය උපමර්දනීය පූර්වානුමිතියක් ඉන් ගම්‍ය වේ.

ගිවිසුම ව්‍යාපාරික හෝ වෙළඳ ගිවිසුමක් නම් නීතිමය වශයෙන් බැඳුනු එකක් ලෙස පාර්ශවයන් විිසින් අරමුණු කළ බවට නීතිමය උපමර්දනීය පූර්වානුමිතියක් ඉන් ගම්‍ය වේ. පාර්ශවයන්ගේ අරමුණ වුයේ මෙය නීතිමය වශයෙන් බැඳුනු එකක් විය යුතු යැයි කියා බැවින් එවිට මෙම ගිවිසුම සැලකෙන්නේ ව්‍යාපාරික හා වෙළඳ ගිවිසුමක් වශයෙනි. මෙතන දී මතුවන වටිනා ම පැනය මෙයයි: මෙම ගිවිසුම (කොන්ත්‍රාත්තුව) නීතිමය බැඳීමක් ඇති ගිවිසුමක් ද?

ව්‍යාපාරික හෝ වෙළඳ ගිවිසුමක් නම් කොන්ත්‍රාත්තුවේ අරමුණු ඉටු නොවන බැව් හැෙඟන පාර්ශවයට එම ගිවිසුමේ සඳහන් අරමුණු ඉටු නොවන බැව් සාධනය කර, එය නිෂ්ප්‍රභා කළහැක.

ඉදින්, මෙහිදී අප බලවත් නීතිමය ගැටලූවකට මුහුණ පාන්නේ මෙම ගිවිසුම (කොන්ත්‍රාත්තුව) පිළිගැනීම, සලකාබැලීම, පාර්ශවයන්ගේ කැමැත්ත හා අරමුණු යන කරුණු සපුරා නොමැති බැවිනි. ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය එළඹි මෙම ගිවිසුමෙන් එකී නීතිමය අවශ්‍යතා සපුරා නොමැත. මෙම ගිවිසුම ශූන්‍ය හා බලරහිත යැයි ද නැතහොත් නීතියට පටහැනි යැයි ද ඕනෑම අධිකරණයක් විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

ලිඛිත සාක‍ෂිවලට අනුව, ඉන්දියානු රජය මෙම කොන්ත්‍රාත්තුව සකස් කිරීමට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති තුමා හෝ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රජය හෝ ර්‍ණශී්‍ර ලංකා රජයේ අනුමැතිය ලබාගැනීම සඳහා” කිසිදු අවස්ථාවක විමසීම් කර නොමැත. ශ්‍රි ලංකාවේ සියලූ ජනකොටස් හි ආරක‍ෂාව, සුභසිද්ධිය සහ සමෘද්ධිය වෙනුවෙන් සාමය සහ සාමාන්‍යත්වය ස්ථාපිත කිරීම මගින් සියලූ ජනවාර්ගික ගැටලූ විසඳීම අරමුණුකොට සැකසුම මෙම කොන්ත්‍රාත් ගිවිසුම එකී අරමුණු ඉටුකිරීමට අපොහොසත් වූ අතර, එකී අරමුණු කිසිවිටෙක මෙම කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉෂ්ට නොවුණි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගේ කොන්ත්‍රාත්තුව දරා සිටීමේ හැකියාව වෙනස් කිරීමට ඉන්දියානු ජනරජය හමුදාමය බලපෑම් සිදු කළ අතර, මෙම කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් ලබා ගන්නා ලද්දේ අයුතු ලෙස බලය යෙදීමෙනි. එම නිසා නීතිමය කොන්ත්‍රාත්තුවක් ලෙස මෙම ගිවිසුම පිළිගැනීමට තිබිය යුතු සියලූ අවශ්‍යතාවයන් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇත.

නීතිමය කොන්ත්‍රාත්තුවක් නිර්මාණය කිරීමේ මූලික අවශ්‍යතාවයන් බැහැර කරමින් මෙම කොන්ත්‍රාත් ගිවිසුම සැකසීම හේතුවෙන් පහත දක්වා ඇති, ගිවිසුමෙහි අන්තර්ගත වගන්ති උල්ලංඝනය වීම නිසා මෙම ගිවිසුම අවලංගු වූවක් ලෙස සලකා, අධිකරණය විසින් ඉවතලනු ඇත.

වගන්ති 1.1 ශ්‍රී ලංකාවේ සමගිය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂාකිරීම පිළිබඳ ඇති කැමැත්ත. මෙම 1.1. වගන්තිය උල්ලංඝනය වී ඇත්තේ වගන්ති 1.2, 1.3, සහ 1.4 ඊට ඇතුළත් කිරීම නිසා ය. ශ්‍රී ලංකාවේ සමගිය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂාකිරීම පිළිබඳව කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඇතිවිය යුතු කැමැත්තට එකී වගන්ති තුන පටහැනි වීම ඊට හේතුවයි.

වගන්ති 1.2 ශ්‍රී ලංකාව යනු බහු-ජනවාර්ගික සහ බහු-භාෂා, සිංහල, දමිළ, මුස්ලිම් (යොනක) සහ බර්ගර් ආදී විවිධ භාෂාවන් භාවිතකරන බහුවිධ සමාජීය රටක් බවට පිළිගැනීමෙන්….. මෙම වගන්තියේ ඇති එම ප්‍රකාශය නීතිය ඉදිරියේ සාවද්‍ය වන්නේ බහුතරය සිංහල ප්‍රජාව සහ මුළු ජනගහනයෙන් 74%ක් සිංහල ජනයා ගෙන් සමන්විත ශ්‍රී ලංකාව බහු-ජනවාර්ගික සහ විවිධ භාෂා භාවිතකරන බහුවිධ සමාජීය රටක් නොවන බැවිනි. මෙම ගිවිසුම එම වගන්තිය නිර්මාණය කිරීමේ දී වැදගත් වූ ඒ සාධකය නොසලකා හැර ඇත.

වගන්තිය 1.3 එක් එක් ජනවාර්ගික කාණ්ඩයට සුවිශේෂී වූ සංස්කෘතික හා භාෂාමය අන්‍යනතාවයක් ඇති බැවින් ඒවා ඉතා සැලකිල්ලෙන් පෝෂණය කළ යුතුවන බැවින්….. මෙම වගන්තියේ ඇති එම ප්‍රකාශය නීතිය ඉදිරියේ සාවද්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පූර්ණ ජනගහනයෙන් 74%ක් වූ සිංහල ජනතාව බහුතරය බැවින් සුළුතරයක් වන අනෙක් ජනවාර්ගික කොටස් ඔවුන් හා එකට බැඳී කටයුතු කළ යුතු නිසා සුළුතරයක භාෂා අනන්‍යතාවය පෝෂණය කිරීම අනවශ්‍ය බැවිනි.

වගන්තිය 1.4 උතුරු හා නැගෙනහිර පළාත් යනු ශ්‍රී ලාංකික දමිළ භාෂාව කථාකරන ජනයාගේ ඓතිහාසක වාසභූමි බවත්, ඔවුන් සෑම කල්හි ම අනෙකුත් ජනවාර්ගික කොටස් සමග එකී දේශභූමිවල එකට ජීවත් වු බවත් හඳුනාගනිමින්….. මෙම වගන්තිය සාවද්‍ය අර්ථකථනයක් නිර්මාණය කරන අතර සත්‍ය සාධක වරදවා විස්තර කරනු ලබයි. 12% දමිළ ජනගහනයක් රටෙහි මුළු භූමිභාගයෙන් 1/3ක ප්‍රමාණයක් සිය ඓතිහාසික වාසභූමි යැයි අයිතිවාසිකම් කියන්නේ කෙසේද?. මෙම වගන්තිය ඒකපාර්ශ්වික ප්‍රමාද දෝෂයක් යටතට ගැනෙන බැවින් අධිකරණය ඉදිරියේ එය සනාථ කළ හැකි බැවින් මෙම කොන්ත්‍රාත්තුව අවලංගු වේ.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම

කොන්ත්‍රාත්තුව යටතේ එන එක් මූලික බැඳීමක් එක් පාර්ශවයක් විසින් ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් අනෙක් පාර්ශවයට එම කොන්ත්‍රාත්තුව යටතේ ඔහුට හෝ ඇයට ලැබිය යුතු වාසි සහගත තත්ත්වයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමිවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නම් වේ.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලූ විසඳීමට මෙම ගිවිසුම යටතේ ඉන්දීය ජනරජය පොරොන්දු වීමේ මුලික බැඳීම ඉටුකිරීමට ඉන්දියාව අපොහොසත් වූ බැවින් මෙම කොන්ත්‍රාත් ගිවිසුමේ එවන් මූලික අයිතිවාසිකම් කඩකිරීම් කිහිපයක් සිදු ව ඇත. මෙම ගිවිසුම අත්සන් කර වසර 22ක ට පසු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය මෙම ගැටලූව නිරාකරණය කර ඇත.

සිදුව ඇති ප්‍රමාදය පොදු නීතිය ඉදිරියේ මෞලික වේ නම්, මෙම වරදෙහි බලපෑම යටතේ මෙම කොන්ත්‍රාත්තුව අවලංගු වේ. සාධාරණත්වය හමුවේ, මෙම කොන්ත්‍රාත්තුව අවලංගු නොවේ නම්, එය පසෙක ලෑමට හෝ හැකි ය.

2වැනි කොටසේ 2.1, 2.2 සහ 2.3 යන වගන්ති දෝෂ රැසක් නිර්මාණය කරන අතර, මෙම වගන්තිවල ඇතුළත්වන මේ සියලූ සාධක චංචාකාරී ලෙස වරදවා විස්තකර කරයි. එසේම, තදාශ්‍රීත (ආසන්න) පළාත් එක් ව එක් පාලන ඒකකයක් නිර්මාණය කළ යුතු යැයි ශ්‍රී ලංකා රජයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැත…. මෙය ඉන්දියානු ජනරජය විසින් ඒකපාර්ශවික ව ගන්නා ලද තීරණයකි.

වගන්ති 2.3 1988 දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් පවත්වන්නැයි සඳහන් කළ ට එය කිසිදු අවස්ථාවක සිදු නොවූ බැවින් මෙම වගන්තිය ද අවලංගු වේ.

වගන්ති ක‍1 2.2 යටතේ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම ශ්‍රී ලංකා අධිකරණය මගින් අවහරණය කරන ලදී. නැගෙනහිර ජනතාවගේ අනුමැතිය ලබාගැනීමට ජනමත විචාරණයක් නොපැවැත්වූ බැවින්, නඩු මගට බසින යම් කෙනෙකු ඉල්ලා සිටියහොත් මහාධිකරණය සම්පූර්ණ කොන්ත්‍රාත්තුවට ම බලපාන අයුරින් මෙම තීරණය ලබාදෙනු ඇත.

තව දුරටත් විමසා බලන කළ, ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම සකස්කර ක්‍රියාවට නැංවීමට අපොහොසත් වූ බැවින් හා වගන්ති 2.16 ට අනුව කටයුතු කිරීමට ඉන්දියාව අසමත් වූ බැවින්, (අ) ශ්‍රී ලංකාවේ සමගිය, ඒකීයත්වය සහ ආරක‍ෂාවට අගතිකාරී ක්‍රියාකාරකම් සඳහාඉන්දීය දේශභූමිය භාවිත නොකරන බැව් සහතික කරමින් ඉන්දියාව විසින් අවශ්‍ය සියලූ පියවර ගනු ඇත.

වගන්ති 2.16 (අ) මෙන් ම වගන්ති 2.16 (ආ), 2.16 (ඇ), 2.16 (ඈ) 2.16 (ඉ) යටතේ වූ අවශ්‍යතාවයන් සපුරාලීමට ඉන්දීය ජනරජය අසමත් වූ බැවින්….. මෙම කොන්ත්‍රාත් ගිවිසුම අවලංගුවන අතර, ඉහත කී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම හේතුවෙන් මෙම කොන්ත්‍රාත්තුව ශූන්‍ය බවට පත්වේ (යුක්තියේ නාමයෙන්).

විවාදයකට ලක් කළහොත් ශ්‍රී ලංකා මහාධිකරණය මෙම ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමේ නීත්‍යානුකූල වලංගුභාවය අවහරණය කරනු ඇති බැව් මගේ විශ්වාසයයි. එසේ ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම ශූන්‍ය බව ප්‍රකාශයට පත් කළහොත් 13+ සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ නීතිමය වලංගුභාවය සහ පළාත් සභා ඇති කිරීම ද පිළිබඳව පැන නගින්නේ ප්‍රශ්නාර්ථයකි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2010 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress