හුම්මානේ!
Posted on February 6th, 2010
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
හුම්මානේ හරිම ලස්සන තැනකි. එම ස්ථානයට දේශීය හා විදේශීය සංචාරකයින් පවා යන තරමට එම ස්ථානය ප්‍රසිද්ධ බවත්, එම පලාතේ ජනතාවට ඒ හේතුවෙන් අමතර ආදායමක් ලබා ගත හැකි තත්වයක් උදාවී ඇති බවත් අපට ඇසේ. එය බලන්න යන සමහර අය අවට පරිසරය පුරා, තමන් කෑමෙන් හා බීමෙන් පසු ඉතිරිවන දෑ විසුරුවා, පලාතම ගද ගස්සන බවත් අපට ඇසේ. ඒ ශ්‍රී ලංකා වාසීන්ගෙන් තුනෙන් පංගුවක ආත්මීය පුරුද්දයි. දැඩි ආදරයකින් වෙලුන ආදරවන්තයින් එකිනෙකාට තුරුළුව හුම්මානේට පැන මියයන බවක්ද අප අසා ඇත්තෙමු. මේ හුම්මානේ ජාතියට හඩගා කියන පණිවුඩයක්ද ඇත්තේය. ගල් දෙබොක්කාවේ මුහුදු රල වැදෙමින් හඩ තලමින්, තල් කදක් සේ ජල කදක් අහස දෙසට එල්ල කරමින් අඛණ්ඩව අපට කියන පණිවුඩය, වන්නේ මේ පරිසරය පවිත්‍ර කර, මහා සංචාරක හෝටල් පද්ධතියක් ඉදිකර බහුතරයක් විදේශීය සංචාරකයින්ගේ දෘෂ්ඨි වින්දනය සදහා පරිසරය සකස් කරදෙන්න යන පණිවුඩය නම් නොවේ.
මේ පුංචි හුම්මානේමහා කාර්යයක් කිරීමට අපට බල කරයි. මුලු මහත් ජාතියටම මුහුදු රළ පාලනය කරගෙන කුඩා සිදුරකින් මහා ජල කදක් ඉහලට විදිය හැකි බව ආකර්ෂණීය ආකාරයකට පෙන්නා දෙයි. මේ ආකාරයට කෘතිමව තවත් හුම්මාන නිර්මාණය කල හැකි බව දැයට උගන්වයි. තවද මුහුදු වෙරළ දිගේ සුදුසු ස්ථානයන් වල සරල රේඛීයව එකිනෙකට සමාන්තරව, මීටර් දෙකේ පරතරයන් සිටින සේ, කෘතිම හුම්මානයන් සියයක් වුවද ඉදිකල හැකි බව මේ හුම්මානය, පවසන තවත් පණිවුඩයකි. එසේ ඉදිකලහොත් මෙරට සිටින අගනා බුද්ධිමත් තරුණ පෙල, ඒ සෑම සිදුරක් ලගම ටර්බයිනයක් සවිකර අනාගත ශ්‍රී ලංකාව ආලෝකමත් කරන බවද පවසා සිටී.