සබද, දැන්වත් බසයෙන් බසින්න.
Posted on February 7th, 2010
චන්‍ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
අප මේ බසයට නැගුණේ, සමාජවාදී රාජ්‍ය පද්ධතියක් දකින්නටය. අපට දකින්නට අවශ්‍යවූයේ සෝවියට් දේශය, සමාජවාදී මහජන චීන සමූහ ආණ්ඩුව, උතුරු කොරියාව, වියට්නාම් ජන රජය, හා කියුබාව වැනි වූ රාජ්‍ය පද්ධතියයි.
මේ බසයට නැගීමට පෙර මේ චාරිකාව යාම සදහා අප වෙනත් බසයක නැගී වසර 30ක්ම ගමන යමින් සිටියහ. අපගේ බසය ඇදගෙන යාමේ කාර්යය තවත් බසයකට පැවරූ මොහොතේ; මහත්සේ උරණවූ අප, එදා බසය පදවා ගෙන ගිය නියමුවන්ට, “කෙස් පැහී, දත් වැටී, ලොම් හැලී, වල පල්ලට යනවිටත් අපට ධනවාදී සමාජ ක්‍රමයක් ඉතිරි කර යන වාමාංශික නායකයිනේ, අපට ඊර්ෂ්‍යා කරන්න එපා”යි හඩගා මේ බසයට නැගුනෙමු.
මේ වන විට මේ බසය තුල අප වසර 44ක්ම ගත කෙලෙමු. නමුත් පෙර බසයේදී මෙන් අප කලබැගෑනියක් නොකලේ මේ බසයේ සැබෑ නියමුවන්ට සැබෑ ලෙසම මේ ගමන යාමට ඇවැසිව තිබීම හේතුවෙන් ජීවිත පූජා කරන්නට සිදුවූ බැවිණි. කෙලෙසක හෝ දැන් අප ගුවන් තොටුපලට ලගාවී ඇත. ගමනේ ඉතිරි කොටස යා යුත්තේ ගුවනිණි. ඒ සදහා සූදානම්ව පැමිණි බසයෙන් බසින්න.
අප බසයට ආදරය කලද අපට අවශ්‍ය බසය තුලට වී සිටීමට නොවේ. අපට යාමට මහා ගමනක් තිබේ. සබද බසයෙන් බසින්න. බසයේ වර්තමාන නිමුවන් වන සෝමවංශ අමරසිංහ මහතාට හා ටිල්වින් සිල්වා මහතාට බසය, ගමන ආරම්භ කල ස්ථානයට පදවා ගෙන යාමට අවශ්‍යව තිබේ. ගුවන් යානය ඔබ වෙනුවෙන් බලා සිටී. සබද බසයෙන් බසින්න.