දයාන් ජයතිලක මහතාගේ අණ්ඩර දෙමළ
Posted on April 23rd, 2010

චන්ද්‍රසිරි විජයවික්‍රම

ගෝන ගලට රැළ ගසනවා වගේ මොනතරම් කාරණා ඉදිරිපත් කලත් දයාන් ඔහුගේ ලංකාව දෙකට බෙදීමේ පැලෑන වෙනස් නොකරයි. ඔහුට වාසි වන කාරණා කීපයක් පුන පුනා කියමින්, අප පෙන්වා දෙන කාරණා වලට පිලිතුරු නොදීම දයාන් ගේ උපක්‍රමය බව පෙනේ. මේ නිසා මේ ලිපිය ඔහුට ලියන අවසාන ලිපියයි. මෙය ඔහුගේ අළුත් සිංගප්පූරු යුනිවර්සිටියේ ඊ-මේල් ලිපිනයට [isasmdds@nus.edu.sg] ද යවමි. දයාන් ට පමණක් නොව, ඔහුගේ මිතුරි තිසරණී, ජෙහාන් පෙරේරා, පාකියසෝති, කුමාර් ඩේවිඩ්, රාජන් පිලිප්ස්, නේසයියා දේවනසන්, ඉෂාත් හුසේන් යන අයටද මේ පිලිතුරෙන් මම අභියෝග කරමි.

            දයාන් ඩේලි මිරර් පත්‍රයට අප්‍රියෙල් 21 දින ලියූ ලිපියක ඔහුගේ පරණ සින්දුවම ගයා ඇත. ඉන්දියාව තරහ කර නොගැනීම, ඇමරිකාව සමඟ මිත්‍රව සිටීම, යූ.එන්.ඕ. එක හා යුරෝපීය යුනියන් එකේ ජී.එස්.පී. ප්ල්ස් එක ගැන කියන දයාන් උතුරේ හා නැගෙනහිර දෙමළ ජනයාට බලය පැවරීමේ අවශ්‍යතාවයක් ප්‍රකාශ කර සිටී. ඔහු මෙය දීමට සිතන්නේ 13-ඒ මඟින් ඉඩම් හා පොලිස් බලතල පවරා දීම යටතේය. දයාන් කියන දෙය රොබට් බ්ලේක්, ඩේවිඩ් මිලිබෑන්ඩ් වැනි අය කියන දෙයමය. එක්තරා විධියක ස්වයංපාලනයක් දෙමළ ජනතාවට නොදී රටේ සාමයක් උදා නොවේ යැයි මේ අය කියා සිටී. කුමාර් පොන්නම්බලම් කිව් පරිදි දෙමළ ජනයාට ඇස්පිරේශන්ස් ඇති බවත්, ඒ නිසා සාමූහික අයිතිවාසිකම් (ග්‍ර‌ෑප් රයිට්ස්) මිස පුද්ගල (ඉන්ඩිවිජුවල්) අයිතිවාසිකම් පමණක් දීම නොසෑහෙන බවත් ඔවුන්ගේ මතයය.

            දයාන් මහතා ලංකාවේ නූතන හැරල්ඩ් ලැස්කි විය යුතු යැයි ලංකාවේ ඉන්නා මාර්ක්ස්වාදී අති පන්ඩිතයෙකු වන කාලෝ ෆොන්සේකා කියා ඇත. නමුත් මේ දයාන් ලංකාවේ ඉතිහාසය හා භූගෝල
විද්ධ්‍යාව නොදන්නා අයෙකු බව ඔහුගේ ලිවීම් හා ක්‍රියාවලින් පෙනී යයි. මෙහි පහතින් දැක්වෙන්නේ දයාන් විසින් තේරුම් ගතයුතු කාරණාය.

    ලංකාවේ දෙමල ජනයාට වෙනම ග්‍ර‌ෑප් රයිට්ස් ඉල්ලීම සාධාරණ (රීසනබල්) නැත. ඊට හේතු කිහිපයක්ම ඇත.

1. ලංකාවේ දෙමළ නිජ භූමියක් නැත. සිංහල බෞද්ධ නටබුන් නැති තැනක් ලංකාවේ නැත. විශේෂයෙන්ම
උතුරේ හා නැගෙනහිර ඇති මෙවැනි ශිෂ්ටාචාර සාධක වනසා දැමීමට දෙමළ ත්‍රස්තවාදීන් ක්‍රියාකලත් ඒවා අදද සැඟවී පවතී. නිජ බිම් කතාව මැලේසියාවෙන් ගෙදර යෑමට සිදුවූ චෙල්වනායගම් ගෙතූ ප්‍රබන්ධ
යකි. මිත්‍යාවකි. මේ බව ඔහුගේ ම බෑනා ලියා ඇත.

2. දෙමල ජනයාට වෙනම රටක් ලබා ගැනීමේ අදහස ලැබුනේ සුදු ජාතිකයින් අනුගමනය කල බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසාය. දෙවන ලෝක යුද්ධයට කලින් ලෝකයේ ප්‍රචලිත වූ ජාතීන් (ප්‍රංශ,
ජර්මන්, ඉතාලි..) පිලිඹඳ සංකල්ප නිසාත් ඉන්දියාව දෙකට කඩා පකිස්ථානයක් සදාදීමේ ඉංග්‍රීසි තීරනය
නිසාත් ඉදිමුණ ද්‍රවිඩස්ථානයේ දෙමල නායකයින් දකුනු ඉන්දියාවේ වෙනම දෙමල රටක් බලාපොරොත්තු
වුනේය. මේ බලපෑම මත ලංකාවේ දෙමල ක්‍රිස්තියානි කල්ලියක් ද ලංකාවේ වෙනම රටක් ගැන සිතුවේය.

3. මෙම දෙමල යෝජනාවට සුදු මිනිසා එකඟ නොවූවා පමණක් නොව ඔවුන් ඒ ගැන සිංහල යැයි කියා
ගත් නායකයින්ට අනතුරු ඇඟවීම් ද කලේය. එහෙත් මේ කළු සුද්දන් වන් කොළඹ සිංහලයින් එය තේරුම්
ගත්තේ නැත. දෙමල බෙදුම් වාදීන්ට බයේ ඔවුන්ට බටර් ගාමින් නිදහස ලබා ගෙන ලොක්කන් වීම මේ
සිංහල පඹයින්ගේ ප්‍රතිපත්තිය විය. අද අතරමං වී සිටිනා සරත් ෆොන්සේකා කියන තෙක් මේ දෙමළ
බොරුව ගැන කෙලින් කතා කිරීමට හැකි දේශපාලන නායකයෙක් ලංකාවේ නොවීය. සරත් ෆොන්සේකා
කිව්වේ “ලංකාව සිංහලයින්ගේ රට බවත්, දෙමළ ජනයාට හා අනිත් සුළු ජාතීන්ට එහි සමාන
අයිතිවාසිකම් ඇතිව ජීවත් වීමට ඉඩ ඇති බවත්, නමුත් දෙමළ ජනයා අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත්
නොකල යුතු බවත් ය.” දැන්  ඝොථාභය රාජපක්‍ෂ මහතා ක්‍රියාවේ යොදවන්නේ මේ අදහස මය.

4. මේ අදහස අනුව ක්‍රියාකරන ප්‍රථම දෙමල නායකයා කරුනා අම්මාන් ය. ඔහු ලංකාවේ දෙමළ ජනයාගේ
ප්‍රශ්න ජාතිවාදී නොවන ප්‍රශ්න බව පෙන්වා දී ඇත. ලංකාවේ ප්‍රශ්න සිංහල-දෙමළ ප්‍රශ්න නොව දුප්පත් –
පොහොසත් ප්‍රශ්නය. 1948 දී ලංකාවල් දෙකක් විය. ඉංග්‍රීසි කතාකරන- පොහොසක් කොළඹ ලංකාව හා
සිංහල-දෙමල කතා කරන දුප්පත් ගම්බද ලංකාව ය. ජේ.වී.පී කාරයින් මේ වෙනස පෙනවාදුන්නේ කොළඹට කිරි-ගමට කැකිරි කියාය. කරුනා අම්මාන් කියන්නේ කොළඹට දෙන දේ අපටත් දෙන්නා කියාය. උතුරේ හෝ නැගෙනහිර දෙමළ ජනයා ගේ රැස්වීමකට ඇමතිවරයෙක් ගිය විට ඔවුන් ඉල්ලන්නේ ස්වරාජ්‍යයයක් හෝ සවයංපාලානයක් නොව වතුර, පාරවල්, පාසැල්, නිදහස, බෝම්බ ඉවත් කරදීම ආදියය.  මේ අනුව සාමූහික අයිතිවාසිකම් ගැන කතා කරන්නේ දයාන්, සම්භන්ධන්, මනෝ ගනේශන් වැනි අයය. ඩග්ලස් දේවානන්ද වගේ අයෙක් වුනත් මේ කාරණයේදී වැට උඩ ඉන්නේ අනන්ද සංගාරීලා වැනි අයත්, ඉතිරිවී සිටිනා අතලොස්සක් වන දෙමල බෙදුම් වාදීනුත් තවම්ත් දෙමල ජනයාට දිරච්ච ලණු දෙන නිසාමය.

5. ලංකාවේ දෙමළ හා අනිත් සුළු ජාතීන් විසිරී ඇති අකාරය අනුව දෙමල අයට සාමූහික අයිතිවාසිකම් වෙන් කර ප්‍රදේශ දීමට නොහැකිය. මෙසේ ගියොත් මීගමුව කතෝලික පලාතක් කර දෙන ලෙස කරන
ඉල්ලීමක් වුවද ප්‍රතික්‍ෂේප කල නොහැකිවේ.

6. ජාතීන් වශයෙන් සාමූහික අයිතිවාසිකම් ඉල්ලන විට ඊට ඉඩ දීම ඉබ්බා දියේ දැම්මා වැගේ වැඩකි. බෙල්ජියම, ස්කොට්ලන්තය වැනි රටවල් මේ අර්බුදයට මුහුන පා සිටී. ලංකා ව සම්බන්ධයෙන් ගත් විට ඉල්ලීම අසාධාරණ වනවා පමණක් නොව ගින්දර සමග සෙල්ලම් කිරීමක් වන්නේ ඉන්දියාවත්,
ටැමිල්නාඩ් එකත්, ලෝකයේ දෙමළ සංවිධානත් ලංකාවේ දෙමළ රටක් හදා ගැනීමට අධාර හා අනුබල දෙන නිසාය. ඇමෙරිකාවත්, නෝර්වේත් මෙවැනි බෙදීමකට ඉතාමත් කැමති වන්නේ තෙල්, මාළු, ත්‍රිකුණාමල
වරාය ආදිය ගැන ද සිතාය.

7. උතුරේ හා නැගෙනහිර ද්‍රවිඩ ජනයා අවුරුදු 50 ක පමන රැවටීම් වලින් ගැලවී එලියට එමින් සිටී. ඉතා සුළු දෙමල පිරිසක් 13-ඒ ප්ලස් ඉල්ලන්නේ තමන් ගේ දේශපාලන රක්‍ෂාවක් වශයෙන් මිස සාමාන්‍ය ජනයා ගැන සිතා නොවේ. දයාන් ලා මෙ ය නොදන්නවා නොවේ. දයාන් ට ලංකාව ගැන විශාල ක්‍රොධයක් ඇත. ලංකාව බකල් කර, සිංහල-බෞද්ධ ශිෂ්ටාචාරයට හානි කිරීම දයාන් ලා ගේ කල්ලියේ අරමුණය.

8. මහජන මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවකි. මහජනයා ගම් මට්ටමින් බල ගැන්විය යුතුය. බලය පවරා දිය යුත්තේ බංකොලොත් දෙමල නායයකයින් කිහිප දෙනෙකුට නොව සාමාන්‍ය ජනතාවටය. මෙවැනි බංකොලොත් නායකයෙක් වුන වර්තරාජා පෙරුමාල්  සමඟ එකතුව ක්‍රියා කර අන්තිමේ ඔහුටත් දයාන් ටත් ලංකාවෙන් පලා යෑමට සිදුවිය. දයාන් විසින් උත්තර දිය යුතු කරුනක් නම් ගම් මට්ටමින් බලය පවරීමට දයාන් විරුද්ධ ඇයි යන්නය.

9. ප්‍රදේශ වශයෙන් ලොකූ ඒකක අවශ්‍යම නම් ඒවා ගංගා නිම්න යටතේ විය යුතුය. මෙවැනි විශාල නිම්න 7 ක් භූගෝල විද්ධ්‍යා මහාචාර්‍ය මද්දුම බණ්ඩාර විසින් පෙන්වා දී ඇත. ලංකාවේ දැනට ග්‍රාමසේවක ඒකක
14,000 කට වඩා ඇත. ආර්. ප්‍රේමදාස 4,000, 14,000 ක් කලේ ය. හැකි සෑම විටම ජලය ආශ්‍රය කරගෙන
(ගඟක්, ඇලක්, ඔයක්, වැවක්, භූගත ජලය) මෙම ග්‍රාම සේවක ඒකක සංඛාව අඩු කර සුදුසු ගම් සංඛාවක්
අනුමත කර ගත යුතුය.

10. නාසි ජර්මනිය යුද්ධයට පසුව නාසි විෂ ජර්මන් ජනයාගේ හිතෙන් ඉවත් කිරීමට ක්‍රියා කල පරිදි, ලකා
දෙමල ජනයාගේ හිතින් චෙල්වනායගම්-පොන්නම්බලම්-ප්‍රභාකරන් විෂ ඉවත් කිරීමට ක්‍රියා කල යුතුව
ඇත. මේ සඳහා කල යුතු දේ අතර නීතියෙන් බෙදුම් වාදය තහනම් කිරීම ඉතා වැදගත් ය. වෙනම දෙමල
රටක් ඕනෑ නම් එය ඉල්ලිය යුත්තේ ටැමිල්නාඩ් මගින් ඉන්දියාවෙන් ය. සිංහල හා දෙමළ ලමයින්ට
පාසැල් වල දෙමළ හා සිංහල ඉගැන්වීම ඊලඟට ඉතාමත් වැදගත් තීරණය විය යුතුය.

11. ලංකාවේ දෙමළ හෝ වෙනත් නිජ භූමි නැති බව නීතියෙන් ප්‍රකාශ කල යුතුය. මේ කාරණා 11 ට දයාන්ට කියන්න දෙයක් තිබේද?

10 Responses to “දයාන් ජයතිලක මහතාගේ අණ්ඩර දෙමළ”

  1. Sita Perera Says:

    Well written article චන්ද්‍රසිරි විජයවික්‍රම.

    Some of the traitors of the mother nation are:

    People like Dayan Jayathillake, Jehan Perera, Kumar Rupasinghe, Jayadewa Uyangoda, Pakyasothi Saravanamuttu, R Sambhandhan, Gajendra Kumar Ponnambalam, Dr Sisira Jayasuriya of Australia, Lionel Bopage, Hettige of the Colombo Campus, Lady Lawyer Nimalka Fernando, Jayalath Jayawardane, DBS Jayaraj of Canada, W Senanayanke, Chandrika Kumaranathunge, Ravi Karunanayake, Luxman Kiriella, Ranil Wickramasinge, are more dangerous than the LTTE. These mostly Sinhalese hoodlums have no love for their mother country. Most of them will get monies from the foreign NGOs and sell our Country, Buddhism and Sinhala Culture for a song. Down With Them.

    Keep writing Sir.

  2. Sita Perera Says:

    I must add Brian Senevirathne of Australia

  3. dhane Says:

    Chandrasiri is correct. No other country in whole world given more benefits for minority than Sri Lanka. Given a place in National Flag, Language, Public Holidays, equal opportunity same as others. What else these Tamils are asking??? There is no home land in Sri Lanka for Tamils. Their home land is in South India. Go to New Dehli and ask for Tamil Nadu as home land. We Sinhalese people does not have any other country in the world. Like Malaysia for Malay people Sri Lanka is for Sinhalese and others can live without asking too much.

  4. Sita Perera Says:

    I heard that Dayan had to run in nude during the Denzil Kobbekaduwa funeral service as angry mobs rounded him up. That tells a story.

    Dayan is writing in the racist man, DBS Jeyaraj’s blog – he found his last sancturay

  5. Weeraya Says:

    No Sita, DBS Jeyaraj is quite neutral now. May be he was pro LTTE sometime ago but since LTTE are gone, he is neutral if you see this. http://news.bbc.co.uk/2/hi/8347242.stm

  6. Priyantha Abeywickrama Says:

    I wish writer tries Ada Derana website to get the complete articles of DJ. Daily mirror has its own twists and turns. You can make direct responses to DJ’s articles at this local website, a very good website in any standard with direct access to the local community who matters most. On principle, this is not in any way a comment on the content due to the inclusion of the idea “සිංහල හා දෙමළ ලමයින්ට පාසැල් වල දෙමළ හා සිංහල ඉගැන්වීම ඊලඟට ඉතාමත් වැදගත් තීරණය විය යුතුය. “ I see the correct version as “සිංහල ලමයින්ට පාසැල් වල සිංහල ඉගැන්වීම හා දෙමළ ලමයින්ට දෙමළ ඉගැන්වීම ඊලඟට ඉතාමත් වැදගත් තීරණය විය යුතුය. “ until we find means to resettle all the humans in their NATIVE places. Forcing Tamil on Sinhala people could come under an apartheid Tamil regime. We already have an apartheid English regime run by Local English gents who force English on Sinhala people. Both remind life of blacks under Afrikaners. I am not sure how a legal expert could suggest punishing the victim to appease the offender. I like to remind that one of the virtues of Sinhala people is their voluntary desire to learn, be it languages or any other subject. But force feeding is not something that works on them on the long term. Sita would say that I am a Racist. So be it.

  7. Sita Perera Says:

    Weeraya, this man DBS Jeyaraj runs his website like a dictator. About more than 40 % of the comments are his own. He uses the name of the comments maker, change the comment to suit his agenda, and then put his own comments, under the comments maker. Imagine if Daily Mirror, Ada Derana, Lankaweb etc do such a thing. There will be requests for President’s Commissions. DBS may no longer be a LTTE supporter, but definitely I beleive he is a Tamil Separatist in disguise. Most of his bloggers are Tamil Separatists like shankar, Steven Jones, etc

  8. Sri Rohana Says:

    Dear Mr. Wijayawicrema
    I happened to read an article from a Canadian Professor J.Williamson who wrote following comments to http://www.cbc.ca/canada/story/2010/03/19/f-sri-lanka-canada-tamil.html#socialcomments#ixzz0j5TlkJRg

    “WilliamsonJ wrote:Posted2010/03/22 at 2:24PM ET Good afternoon to you all,
    I am a professor at UofM who specialize in South Asian Studies as well as current and past developments in Sri Lanka. First off all we have to separate fact from myth. There were no separate Kingdoms in Sri Lanka. Sinhala Kingdoms were sprung up in different regions but all were unified under the Kotte and Sithawaka Kingdoms prior to Portuguese colonization. Current rebellious Tamils were brought to Sri Lanka as tobacco plantation workers by the Dutch and the Portuguese. Original Tamil inhabitants of Sri Lanka were not Tamil at all they were from Pandyan Kingdom current Kerala State in India also known as Malayalam People. LTTE orchestrated many myths for their own propaganda with the hope of rewriting Sri Lanka’s respected ancient history. LTTE were able to destroy the bonds and relationships which coexisted with among Sinhala and Tamil ethnic groups do this factor. LTTE’s main target audience was the youth. It was through the very youth that LTTE were able to spread these historical lies of separate Kingdoms in Sri Lanka. Sri Lanka was always ruled by several Kingdoms but a Tamil Kingdom never existed. It was only during the Portuguese colonial era that Malayalam Tamils were able to have influential villages which were glorified as a Tamil Kingdom by LTTE. Several small Tamil villages were glorified to look like a Kingdom. The true history of Sri Lanka all ways laid in the hands of the Sinhala or Sinhalese people with much aspiration to the Buddhist culture. I ask the reader if a Tamil Kingdom show me proper recorded and physical evidence without the insertion of propaganda. From a historical analytical perspective none was there to begin with but good old folk rumors.”
    By Prof. J.Williamson.

    So-called tamil homeland in Sri Lanka is an imaginary one and never in our country. But there is a tamil home land truly in Tamil Country (Nadu). The word “nadu” in english “a country”. Since tamils have a separate country in tamil nadu how come they asking another part from Sri Lanka. This is nothing other than truly a tamil expansionism. In future they will claim Uva and Central provinces also as tamil homelands!

    This simple fundamental facts cannot understand to Dayan and other NGO dollar gulpers

  9. Sita Perera Says:

    Thank you Sri Rohana

  10. Sita Perera Says:

    Priyantha,

    to fight against Tamil extremism where lies and deceptions are the norm sometimes one has to be on the other extreme. But the Sinhala extremest who fights for the just cause must be fair and just. Such Sinhalese are patriots. The Sinhalese racist is the one who discriminates the Tamil, and I abhor them. If you let the Tamil extremists to run the show like what JR, Ranil and Chandrika did you will lose your country (Sri Lanka), religion (Buddhism) and culture (Sinhala). Only Mahinda came and saved us. When he came to the scene we had lost about 75% of of the war. Gota, Sarath Fonseka, Roshan Gunathilake, Karannagoda, Lalith Weeratunge, Bogollagama, Weerawansa, JHU etc etc., all were there to safeguard those 3 things. Finally we WON!

    Mudali, Priyantha,

    the moment we try to raise the truth – you guys call us Sinhalese extremists, Sinhalese chauvinists and even Sinhala Racists. When the Tamil Extremists and Tamil Racists have been destroying the mother nation for the last 34 years, including Fat Prabha, you call them Freedom Fighters. What Hypocrisy

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2015 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress