දෙවොල් බිම
Posted on November 3rd, 2010
දයා නිකහැටිය
අයාලයේ යන පින් ගවයන රැල
වටකොට බුරනා බලු දන්ඩෝ
පිස්සො භිගන්නෝ ඔල්මක්කාරයො
දේවාලේ බිම බදු ගත්තෝ
දේව බැල්ම ඇයි අඩු මෙ පිරිසට
නෑ කවුත් ඒ ගැන හිතුවෙ
පූඡා වටිටිවල ඉතුරුව කාලා
ඒ ඡීවිත ගැට ගහගන්නේ
ඒ ඒ කාලෙට ඒ ඒ දෙවිවරු
විෂ්ණු විභීෂණ කද සුරිදු
නමි ගමි දීගෙන දෙවොල් තනාගෙන
නර පනුවෝ එති පේලි සැදී
හිමිදිරි උදයෙම පැන් හත නාලා
පිරිවට ඇදගෙන ගමි දැරියෝ
ආවට ඉඩ නෑ පෝලිම පිරිලා
මුලටම ඉන්නේ ලොකු ලොක්කෝ
රූපෙට රුපේ දෙන්න බාරවී
ටවුමෙ නෝනලත් ඇවිදිල්ලා
චෙරුටි ලවෙන්ඩල් ඩොල්ෂ ගබානා
සුවදට පෙනහලු හැකිල්ලෙනා
ඒ අය එනවිට සිල්ලර නඩවල
ඇත්තෝ යති පස්සට මිරිකී
අත් ගොබ පිරිලා වලලු චේන් තඩි
බලාසිටිති බය බිරාන්තවී
පෝලිමෙ දැනටම බුක් කරලා ඇත
කපු උතුමන් නිසි බලධාරි
එන පිළිවල නොව දෙන පිලිවල මත
ආතුරයන් යා යුතු හික්මී
එභෙම නොවූවොත් දේව උදහසට
ලක්වෙනවා ඇත්තයි සත්තයි
අචිචු ලැබෙන්නෙත් නැති බැරි උන්ටයි
ඇති උන්හට දෙවියන්ගේ සරණයි
දාහෙ දෙදාහේ නෝටිටු දැක්කම
කපු උතුමන් ගේ ඇස් ලොකු වී
උඩින් උඩින් යවනවා හනි හනිකට
ලොකු ඇත්තන්ගේ ලොකු වටිටී
ලාවුඵ බෙලි ගැට තියෙන වටිටි වල
රස ගුණ අඩු භින්දද කොභෙදෝ
ඒවාට නෑ තැන එතනම හල හල
විසි කරනවා අත ඉක්මන්වී
තිරයෙන් පස්සට යවන වටිටි වල
ඉදි මිදි කීවී ඇපල් පිරී
ඒවා දකිනවිට යාතිකාවෙ භඩ
වැඩි වෙනවා රැල් බුරුල් ඇරී
දේව සභාවෙ දෙවිවරු රැස්වී
ප‍්‍රශ්න එකින් එක විසදන්නේ
ඒ ගැන දන්නේ කපුවරු පමණයි
ඒකයි පගාව අරගන්නේ
කරන්නො කන්නලු කියන්නො වස් කවි
ගභන්නො කටු එමටයි රහසේ
උඩ ඉන්නා දෙවිවරුන්ට පෙනෙන්නෙ
එක පැත්තක් පමණයි ප‍්‍රශ්නේ
දුමිමල දුම මැද ඩෙන්කුටු බෙර හඩ
දොන්ත ගතන් කියලා වැයෙනා
මායන්කාරියො කෙස් වැටි ඇද ඇද
දේව භාෂිතෙන් අමතන්නා
දෙවොල් බිමත් දැන් තොරොමිබලක් වී
නවීකරණයව ලක්වෙන්නා
පුලන්නො වැඩිවි නටන්නෙ දගරෙට
තතෙන තනමි දෙන තාන තනා
රවුල් වවා දිග කොන්ඩ කඩාගෙන
පොටිටු තියා නළලේ අලු ගා
අනාගතේ ගැන පේන කියනවා
තමන් වැටුන වල නොදත් දනා
බුදු භාමුදුරුවෝ කී බණ වල් වැද
වැදි බණ පස්සේ වහ වැටිලා
සැප සමිපත් රති සැප තව ඉල්ලා
ආතුරයෝ එති පෙල සැදීලා
අවිවට වැස්සට පෙගෙනා ගව රැළ
එතනම කා එභෙමම බුදියයි
ඒ ගානට වැටුණොත් අපෙ ඇත්තොල
එදාට දෙයියන්ගෙම පිහිටයි
අදුරේ අත පත ගගා ගියා ඇති
උඩ ඉන්නා අය ඔහෙ හිටියැයි
අපේ ප‍්‍රශ්න ගැන දන්නේ අපිමයි
විසදා ගතයුතු අපි අපිමයි
දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙන තුරු
හිටියොත් වෙන්නේ වහ කන්ටයි
දේව බලෙන් අර්බුද විසදුනු දා
බටහිර පැත්තෙන් ඉර පායයි