බටහිර තානාපති කාර්යාල වල උකසට තැබූ, සින්නවීමට ආසන්න වාමාංශික ‍මොල
Posted on December 7th, 2010

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

‍මොල උකසට ගැනීම හා ‍මොල උකසට තැබීම, කාලාන්තරයක් මුළුල්‍ ‍ලේ ‍මේ රටතුල ගජරා‍මෙට සිදුවූ ව්‍යාපාරයකි. සාමාන්‍ය ජන පදනමින් ආරම්භව ගලා ගිය ‍මෙම ව්‍යාපාරය අද ජාත්‍යන්තර පදනමින් ව්‍යාප්තව පවතී. වි‍ශේෂ‍යෙන් ‍මේ රටතුල ජීවත්වීම සඳහා ‍මොල උකසට තැබීම ‍බො‍හෝවිට සිදු කරන්‍ නේ දේශපාලනයට සම්බන්ධ විවිධ පුද්ගලයින් විසිනි. මහා පරිමානයෙන් මොල උකස් ගන්නා මධ්‍යස්ථාන බවට පත්ව ඇත්තේ මෙරට බටහිර තානාපති කාර්යාල ජාලයයි. මෙම මොල උකස් ගන්නා මධ්‍යස්ථානවල මොල උකසට තැබීම සඳහා සියළුම දේශපාලන පක්ෂවල ක්‍රියා කාරීන් පැමිණෙන අතර, ඒවා උකසට තබා ඇති කාලය තුලදී එම තානාපති කාර්යාලවල දේශපාලන අංශ ක්‍රියාකාරීන් උපරීම ආකාරයෙන් පාවිච්චියට ගනී. ඒ හේතුවෙන් ගෞරවණීය දේශපාලඥයෝ ඇටි කෙහෙල් කෑ උගුඩුවන්සේ කිසිත් කරගැනීමට නොහැකිව වික්ෂිප්තව බලා සිටින තත්වයට පත්කිරීමට තරම්ම බටහිර තානාපති කාර්යාල ප්‍රබලවී සිටී.

මෙම මධ්‍යස්ථාවල උකසට තැබූ එක්සත් ජාතික පාක්ෂික මොල එම පක්ෂයේ ක්‍රියාකාරිත්වය බටහිර රාජ්‍ය පද්ධතියට අවශ්‍ය ආකාරයට මෙහෙය වීමට යොදා ගන්නා අතර, ලංකා සම සමාජ පක්ෂයේ මොල එම පක්ෂ බටහිර සුදු අධිරාජ්‍යවාදී සැලැස්මට ඇවැසි ආකාරයට මෙහෙය වීමට යොදා ගනී. එපරිද්දෙන්ම, මෙහි උකසට තැබූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මොලද, ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂක මොලද ගොඩගසා ඇති අතර ඒවා හසුරවනු ලබන්නේද මෙම තානාපති කාර්යාල නියෝජිතයින් විසින්මය. උකසට ගත් මෙම මොල දෙස බලා මෙම රටට උචිත බටහිර හිතවාදී දේශපාලන ක්‍රියා මාර්ගය තීරණය කරන, බටහිර තානාපති කාර්යාලවල සිටින දේශපාලන විශේෂඥයෝ, චෙස් ක්‍රීඩාවේදී භාවිත කරන ක්‍රමවේදයන්ම භාවිත කරමින් ශ්‍රී ලංකාවේ රජා කපා ගැනීම සදහා තමන් වෙත උකසට තැබූ මොල යොදා ගනී. මෙම ක්‍රීඩාව; මේ රටට ලබාදුන්නායයි උන් කියන නිදහසින් පසුව අපූරුවට කරගෙන ගිය මහා ව්‍යාපෘතියකි.

මෙම බටහිර තානාපති කාර්යාල මේ ආකාරයට උකසට ගනු ලැබූ මොල භාවිතා කරමින් ගෙන ගිය ක්‍රියාවලියේදී මේ රටේ රජා කපා ගත් අවස්ථා ගනනාවක්ම ඉතිහාසය පුරාම දක්නට ලැබේ. 1953දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා, සිරිමා බණ්ඩාරනායක මහත්මිය, එසේ කැපී ගිය රාජ්‍ය නායකයින්ය.

මෙම උකස් මධ්‍යස්ථාන කරා වඩාත් ඇදී යන්නේ, වාමාංශික යයි කියාගත් ‍දේශපාලන දහරාවට සම්බන්ධ පුද්ගලයින් වන අතර, මෙම ක්‍රියා කලාපය මෙරට වාමාංශික ව්‍යාපාරය ආරම්භක අවස්ථාවේ පටන්ම ගජරාමෙට සිදුවූ ක්‍රියාදාමයකි. ‍ ලංකා සම සමාජ පක්ෂයෙන් ඇරඹි මෙම ක්‍රියාවලිය තරඟයට මෙන් මුළු වාමාංශික ව්‍යාපාරය තුලම පැතිර ගියේ ඒඩ්ස් රෝගය පැතිරෙන්නා වූ ආකාරයේ සීඝ්‍රතාවයකිණි. වාමාංශික ව්‍යාපාරයේ මෙම ඓතිහාසික මොල උකසට තැබීමේ කාර්ය තරම් ද්‍රෝහී කාර්යභාරයක් මේ රටතුල කිසිඳු දේශපාලන ප්‍රවාහයක් සිදුකර නැත. පෘතුගීසි කාරයා ලංකාවට කතෝලික ආගම රැගෙන විත් මේ ජන විඥානය තුල සිදු කල පාපී ක්‍රියාවලියම, බ්‍රිතාන්‍යයන් විසින් මෙරට දේශපාලන දහරාවට මාක්ස්වාදය හඳුන්වාදීම හරහා ඉටුකර ඇති අතර, මෙරටට මාක්ස්වාදය හඳුන්වාදීම හරහා සිඳ්‍ර කෙරුණේ එදා මේ රටතුල මෙරට දැන උගත්, බුද්ධිමත් ප්‍රබූ පැලැන්තිය සුද්දාට එරෙහිව ගෙනගිය ජාතික විමුක්ති අරගලයේ දිසාව වෙන අතකට යොමු කිරීම විය. එය එදා නොතේරුණද මේ වනවිට අවුරුදු 70 වකට වඩා මහළු අවදියකට පා තබා ඇති ශ්‍රී ලංකාවේ වාමාංශික මහල්ලාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය දෙස සුපරීක්ෂාකාරීව විමසා බැලීමේදී දක්නට ඇති ඉතා සුපැහැදිලි තත්වයයි. මේ සම්බන්ධව ඓතිහාසික දේශපාලන ගවේෂණයක් සිදුකොට විශ්ලේෂණාත්මක ග්‍රන්ථයක් රටට ප්‍රධානය කල යුතු කාලය වර්තමානයයි.

ආරම්භ‍යේදී විටින් විට ‍මොලයක් ‍දෙකක් බටහිර තානාපති කාර්යාලයක උකසට තබා කියක් හරි හම්භ කරගත් ‍මෙම ‍දේහපාලන පක්ෂ, පසුව තරඟයට මෙන් මොල උකසට තැබීමේ කාරයාවලියට අවතීර්ණය වූ අතර, ඒ හේතුවෙන් මේ වනවිට වාමාංශික දේශපාලන පක්ෂවලට බද්ධව කටයුතු කරන මුළු සාමාජිකත්වයේම සියළුම ‍මොල බටහිර තානාපති කාර්යාලවල නියම් හා අනියම් අන්දමින් උකසට තබා සිය ‍දෛනික කාර්යයන් පවත්වා‍ගෙන යන තත්වයකට මෙරට වාමාංශික ව්‍යාපාරයම පත්ව සිටී. අද වනවිට විශාලම ගැටළුව බවට පත්ව ති‍බෙන් ‍නේ තමන් තාවකාලිකව උකසට තැබූ ‍මොල බටහිර තානාපති කාර්යාල විසින් හිතක් පපුවක් නැතිව පාවිච්චියට ගැනීම හරහා මෙරට වාමාංශික ව්‍යාපාරයම ඇදවැටී ඇති බලවත් අර්බූදයයි. එ‍සේ කිරීම හරහා ‍මෙම පක්ෂ සියල්ලම ‍දේශපාලන වශයෙන් මහා නාය යාමකට ‍ගොදුරුව ඇත. ‍තවද ජන සමාජය ඉදිරියේ මේ වාමාංශික දේශපාලන නායකයින් බහුරූ කෝලම් බවට පරිවර්තනය වී ඇත. පසුගිය දිනවලදී ප්‍රබලව වාසුෙද්ව නානායක්කාර, හා වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුන්ගේ මොල ඉතා දීන විදියට පාවිච්ච් කල මේ විදේශීය නියෝජිතයෝ ගෞරවණීය දේශපාලනයක් කල එම දෙපලව, මේ රටේ ජනතාවගෙන් වියෝ කොට, මහා සාපරාධී ක්‍රියාවක් කලහ. අද වනවිට මොල උකස් කරන ප්‍රධානම වාමාංශික දේශපාලන පක්ෂය බවට පත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. එම පක්ෂයේ සෑම දෙනාගේම මොල ඇපයට තබා උපයන මුදලින් එම පක්ෂය නඩත්තු වන අතර, එ‍සේ උකසට තැබූ ‍මොල අතරින් සමහර පාක්ෂිකයින්ගේ මොල ඉතා දරුණු අන්දමින් ප්‍රතිගාමිත්වයේ උවමනාවන් උදෙසා පාවිච්චි කිරීම නිසා ඒ පාක්ෂිකයින්ගේ පෞද්ගලිකත්වයන්ට පවා මහත් හානි දෙන ආකාරයේ කටයුතු රටපුරාම සිදුවේ.

මොල උකසට තබා මුදල් ඉපයීමේ ක්‍රියාවලිය වාමාංශික දේශපාලන නායකයින්ගේ දෛනික ක්‍රියාවලියක් බව වටහා ගත් සමාජවාදය අපේක්ෂාවෙන්, වාමාංශික නායකයින් පසුපසු ගොස් හෙම්බත්ව සිටි 1960 ගනන් වල මෙරට සිටි තරුණ පරපුර එම ක්‍රියාවලියට එරෙහිව ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණ නම් වූ ඒ දේශපාලන ව්‍යාපාරය, මේ වනවිට මෙරට මොල උකසට තබා මුදල් උපයන ප්‍රධාන බලවේගය බවට පත්ව සිටී. මෙයට හේතුව බවට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපෑ කරුණු ගනනාවක් තිබිණ. එම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට හිමි වැටුප එම පක්ෂය විසින් එම මන්ත්‍රීතුමන්ලාට අහිමි කිරීම හා එම වැටුප් පක්ෂයේ අරමුදලට බැර කිරීම හරහා ගොඩනැංවුන එම මන්ත්‍රීතුමන්ලාගේ පෞද්ගලික ජීවන රටාවේ ඇති වුන අර්බූද, එම මන්ත්‍රීතුමන්ලාට සිය මොලය උකසට තබා මුදල් ඉපයීමේ ක්‍රමවේදයට තල්ලු කල එක කරුණක් විය. ආරම්භයේදී දෙතුන් දෙනෙකුගේ මූලිකත්වයෙන් එම පක්ෂය තුල ආරම්භ වූ මේ ක්‍රියාදාමය, හැම දෙයකටම දියව්! කරව්!  භාෂාවෙන්ම ඉල්ලන එම පක්ෂයේ වර්තමාන පරම්පරාවට, තමන්ගේ පක්ෂය තම වැටුප කොල්ලකන බව දැනුනත් අපේ වැටුප අපට දියව්! යයි ඉල්ලා සිටීමට තරම් ශක්තියක් නොතිබිණී. රජයේ සේවකයින්ව වැටුප් වැඩිවීම් ඉල්ලා සටන් වලට මෙහෙය වන මේ මන්ත්‍රීවරුන් තමන්ට හිමි වැටුපවත් දෙන්නේ නැති පක්ෂයක් තුල කටයුතු කිරීම හරහා මහත් අභාග්‍යසම්පන්න තත්වයකට මේ තරුණ පරම්පරාව පතිත විය. තමන්ට හිමි මන්ත්‍රී නිල නිවස පක්ෂය යයි කියන ආයතනයට ඇවැසි විදියට පාවිච්චි කරද්දී. මේ මන්ත්‍රීවරුන්ට බොහෝ කුඩා ගෙවල් වල ජීවත්වීමට සිදුවූ අතර, එවන්වූ ගැටළු රාශියකින් පරිපීඩනයකින් සිටි මේ මන්ත්‍රීලා වෙතට එන ජනතා ප්‍රශ්න නිසි අයුරින් විසඳනවා වෙනුවට ඒ තුල අවුල් ගොඩනැංවීම ස්වාභාවිකය. එසේ ගොඩනංවාලන ලද පක්ෂ අභ්‍යන්තරිකය මෙම දේශපාලන පක්ෂයේ මන්ත්‍රී තුමන්ලා බටහිර තානාපති නිලධාරීන් ඉදිරියේ දණ ගැස්ස වූහ.

මේ වනවිට බටහිර තානාපති කාර්යාලවල උකසට තබා ඇති මොල අතර ඉතා හොඳ වටිනා කමක් උරුමව ඇත්තේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ මොල වලටය. ඒ ඉල්ලුම ඉදිරියේ ජාත්‍යන්තරය පුරා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය පද්ධතිය කරන ඕනෑම පහත් වැඩක් ඉදිරියේදී දෑස් පියා ගෙන සිට අධිරාජ්‍යවාදීනට පවන් සැලීමේ  කටයුත්තේ නියලීමට තමන්ගේ මොලයත් තමන්ට අහිමි කරගත් මේ මිනිසුන්ට සිදුව ඇත.
ඉදිරියේදීත් අඛණ්ඩව මෙවන් පරම්පරාවක් මේ භූමිය තුලා ගලා යනු ඇත. එය ස්වභාවයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2015 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress