71 කැරැල්ල 21 කොටස
Posted on December 7th, 2010

වෛද්‍ය රුවන් එම් ජයතුංග

පියුමසේන, කන්නංගර –පියුමසේන, කන්නංගර බර්ටි රංජිත් සමඟ යාපනය හිර ගෙදර ප‍්‍රහාරයට සම්බන්ධ වූ අයෙකි. ඔහු මෙසේ පවසයි.

 ‘‘මම ව්‍යාපාරයට සම්බන්ධ වෙන කොට රැකියා විරහිත තරුණයෙක්. මට ඩ‍්‍රයිවින් පුළුවං. එස්.ඞී බණ්ඩාරනායක මහත්තයගේ ව්‍යාපාරෙ වැඩට දීලා තිබු අංක 1961 දරණ ෆොක්ස් වැගන් එක මම එලෙව්වා. වරක් සුමාන 2-3 විතර පොඩි අතුල සමඟ වාහනේ බෝම්බ පෙට්ටි ප‍්‍රවාහනය කලා.

 බර්ටි රංජිත් ඉගෙන ගත්තේ හුනුමුල්ල සෙන්ට‍්‍රල් එකේ. මම හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. බර්ටි මගේ පාසල් කාලයේ සිටම දන්න මිතුරෙක්. අපි යාපනේ හිරගේ කඩන්න ගියේ අපේ‍්‍රල් ප‍්‍රහාරයට දින 10 විතර පෙර මාර්තු මාසයේදී. කෝච්චියෙන් බර්ටි. මම, විරසිංහ හෙවත් පසුව කලපු වීරේ ලෙස නම් කල වීරේ, ධර්මසිරි ෆොන්සේකා යාපනයට ගියා. අපි නැවති හිටියේ කන්කසන්තුරේ පාරේ තිබු ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ. ඒකේ සිංහල පංති පවත්වනවා ඒ නිසා අපිට ගැටළුවක් උනේ නැහැ. මමයි වීරෙයි එහෙ තියලා බර්ටි යලි කොළඹ ගියා. යන්නට පෙර යාපනය හිරගෙදරට පහර දීම ගැන මට කරුණු හෙලි කළා.

 අපේ‍්‍රල් 3 දා මට මුත‍්‍රා අමාරුවක් හැදුනා. මට හොඳටම අසනීප වුනා. මමයි වීරෙයි අපේ‍්‍රල් 4දා ? කොළඹ ආවා. උදේ වෙන කොට අපි දෙන්නා කොළඹ. අපි දෙන්නා කෙහෙල්ඇල්ලට ගියා. එහිදි විල්සන් ෆොන්සේකා අපිට හමු උනා. අපිව දැක්ක ගමන් විල්සන් කිව්වා ඇයි කොළඹ ආවේ අද ? අපි ගහනවා කියලා. ඒ අනුව එදාට (1971 අප්‍රේල් 5* දවල් අපි මීරිගම ස්ටේෂමට ගියා යාපනය කෝච්චිය අල්ල ගන්න. අපි මීරිගමින් දවල් 2ට විතර නැග්ගේ ? 10ට විතර යාපනයට යන්න පුළුවන් උනා.

 අපි කෙළින්ම ගියේ යාපනයේ නාග විහාරය ලඟට. එතන බර්ටි ධර්මසිරි ෆොන්සේකා ඇතුළු 30-40 විතර. අපිව දැක්ක හැටියේම ධර්මසිරි ඇහුවා තොපි කොහේද යකෝ ගියේ කියලා. මං මට වෙච්ච මුත‍්‍රා අමාරුව ගැන කිව්වා. අපිට යන්න කිව්වා සෙන්ට් පෝල්ස්  පල්ලිය ලඟ කස්ටම් එකේ නිල නිවාස වලට. එහේ නිල නිවසේ හිටියා පියදාස කස්තුරිආරච්චි. එතන චීනච්චට්ටි බෝම්බ තිබුනා. මම ප‍්‍රථම වතාවට තමයි බෝම්බ දැක්කේ. මෙතෙක් කලේ බෝම්බ පෙට්ටි ප‍්‍රවාහනය කරන එක. චීනච්චට්ටි බෝම්බ අඹ ගෙඩියක් තරං ඇති. සේවා නූල අගට ගිණිකූරු 3 බැඳලා තිබුනා.

 මේ බෝම්බ දැක්ක හැටියම මට පොඩි සැකයක් ආවා මේක වැඩ කරයිද කියලා. අපිට ලැබුණු උපදෙස් තමයි ගිනිකූරු 3 සහිත සේවා නූල පත්තු කරලා ගෙඩිය විසි කරන ගමන් බිම දිගා වෙන එක. කෝටුවකුත් ගෙනිච්චා කටේ ගහ ගන්න. අපි බෝම්බ අරගෙන යළිත් නාග විහාරයට ගියා. ඉන්පසු කොටුව පිට්ටනිය පැත්තට අපි විසිරිලා යන්නට පටන් ගත්තා. කොටුව පිට්ටනියේ පාස්කු සංදර්ශනය. ඒ නිසා අපි බන්ධනාගාරයට පහර දෙන එක ප‍්‍රමාද කළා. ? 12 විතර වෙන කං හිටියත් කානිවල් එක ඉවර වෙන පාටක් නැහැ. බර්ටි තීරණය කලා පහර ආරම්භ කරන්න. බර්ටි සාමාජිකයන් දහයකට විතර කිව්වා බන්ධනාගාරයේ ගේට්ටුව ලඟට යන්න කියලා. එක්කෙනාට බෝම්බ දෙක ගානෙ දුන්නා. නේවි  එකෙන්  ආයුධ අරගෙන තව පිරිසක් එයි කියලත් කිව්වා. නමුත් ඒ පිරිස ආවේ නැහැ.

 අපි කොටුවට යන්නට පෙර එලියේ පොලිස්කාරයො 10-15 විතර හිටියා. අපි බෝම්බයක් දමලා ගැහුවම පොලිස්කාරයෝ දිව්වා. ඒ අතර වාරයේ පොලිසිය අපි දෙසට වෙඩි තිබ්බා. අපේ කෙනෙකුට වෙඩි වැදිලා වැටුනා සමහරෙක් පැනලා දිව්වා. බර්ටි කෑ ගැහුවා දුවන්න එපා. ඉදිරියටම යමු කියලා. අපි බන්ධනාගාරයේ පළවන ලී දොර අසලට ගියා. ඒක මහ තඩි ලී දොරක් අඩි 10 විතර උසයි. උළුවස්සේ පොඩි විවරයක් තියනවා. බර්ටි ඒක ඇතුලට ගෙඩියක් දැම්මා. ගෑණු කෑ ගහන්න ගත්තා. එතකොටයි අපි දන්නේ ඒක ගෑණු වාට්ටුව කියලා. බර්ටි කෑ ගහලා කිව්වා යටත් වෙන්න අපි මුළු ලංකාවම අල්ලලා තියෙන්නේ සමහර ගාඞ්ලා යටත් උනා. සමහරු සාමි සාමි කියලා පැනලා දිව්වා.

 අපි වහලට නැගලා කොටුව තාප්පයට ගොඩ උනා. ඒක විශාල තාප්පයක්. තාප්පය හරි පළල් පස් හය දෙනෙකුට එක පෙලට ඇවිදගෙන යන්න උනත් පුළුවන්. අපි තාප්පෙට නගින කොට එලියෙ හිටපු පොලිස්කාරයෝ අපිට වෙඩි තිබ්බා. එන පොට හොඳ නෑ වගේ පොලිසිය හමුදාව අපිව වට කරනවා. සමහරු බර්ටිට කිව්වා පැනලා යමු කියලා. බර්ටි කිව්වා බලමු නේවි එකේ කට්ටියක් ආයුධ අරන් එනවා. නමුත් කවුරුවත් ආවේ නැහැ.

 මේ අතර ඇට්ලස් බණ්ඩාර එහා පැත්තේ දොර ලඟ කෑගහනවා. අපිට කලින් කියලා තිබ්බේ කාර් එකක් එයි එතකොට විජේවීරව දෙන්න කියලා. ඇට්ලස් තමයි කාර් එකේ ආවේ. ඇට්ලස් දොර ලඟට ඇවිත් කෑ ගැහුවා විජේවීර සහෝදරයා ගත්තාද? අපි නෑ කිව්වා. විජේවීර ගන්නව තියා හිර ගෙදර අහලකටවත් යන්න බැහැ. එතකොට කාර් එකක් යන සද්දේ ඇහුනා. ඇට්ලස් යන්න ගියා. මේ වෙන කොට අළුයම 1ට විතර ඇති.

 ප‍්‍රධාන දොරටුවෙන් පොලිස් ජීප් එකක් ආවා. මේ අතර කයිට්ස් පාරේ වාහන නවත්තලා පොලිසිය කාර් චෙක් කරනවා. පොලිසිය හමුදාව පාරේ මුර. එළියට පැන ගන්න බැරි පාටයි. මම බර්ටිට කිව්වා තාප්පෙන් එළියට පනිමු කියලා එතකොට බර්ටි උත්තර දුන්නා පනින්න බැහැ අපට ලනුවක්වත් නැහැ. මේ වෙලාවේ මම දැක්කා කාලතුවක්කු රිංගවන කටක්. මේක විශාල ගුහාවක් වගේ. තණකොළ වැවිලා නිසා එළියට පේන්නේ නැහැ. මම මේක ඇතුලට ගියා. අපේ අනික් අය කොටුව උඩ ඒ් අයට තුවක්කු නැහැ අතේ තිබ්බේ ගෙඩි විතරයි. නේවි එකෙන් ආයුධ එනවා කියලා තිබුනත් මොනවත් ලැබුනේ නැහැ. ගහපු ගෙඩි පවා පිපුරුනේ නැහැ. පුපුරපු එවා ලොකු හානියක් කළේ නැහැ.

 මෙහෙම පැය දෙක තුනක් යන කොට එළිය වැටුනා. මම තාම කුහරයේ හැංගිලා. මට ඇහෙනවා අපේ අයව අත්අඩංගුවට අරගෙන රයිෆල් මිටවල් වලින් පහර දෙන සද්දේ. කොටුව ඇතුලට ගිය කාටවත් එළියට පැනලා යන්න බැරි උනා. මම කුහරය ඇතුලේ 7 දා හිමිදිරිය වෙනකං හැංගිලා හිටියා. මගේ මුත‍්‍රා අමාරුවත් ප‍්‍රබල වෙලා. අපේ‍්‍රල් 5 දා සිට ආහාරයක් ඇඟට වැටුනේ නැහැ. මගේ අතේ ආයුධයක්වත් නැහැ. අපේ‍්‍රල් 7දා හිමිදිරියේ මම එළියට ආවා. තාප්පය අඩි 15 විතර උසයි. තාප්පයෙන් පැනලා එළියට යනවා කියන අදහසින් මම තාප්ප ගැට්ට ලඟට බඩගෑවා. තාප්පය අවට පවා මුර. තාප්පය උඩත් සෙබළුන්.

 මම බඩගාගෙන යන කොට හමුදාවේ කෙනෙක් මාව දැකලා ්‍ය්කඑ කියලා තුවක්කුව මෑනුවා. මම අත්දෙක උස්සලා යටත් උනා. තව සෙබලෙක් දුවගෙන ඇවිත් රයිෆල් මිටෙන් මට පත බෑවා. මම ඇදගෙන වැටුණා. එතකොට මාව මුලින්ම දැක්ක සෙබලා මට පහර දෙන්න එපා කියලා කෑ ගැහුවා. මගේ ඇඳුම ගලවලා මාව පරීක්ෂා කළා. සෙබලෙක් පල්ලෙහාට පණිවිඩයක් දුන්නා. ටික වෙලාවකින් හමුදාවේ කපිතාන් කෙනෙක් ආවා. මගෙන් නම ගම විස්තර ඇහුවා. ඊට පස්සේ කිව්වා තමුසේව අපිට පොලිසියට දෙන්න වෙනවා පොලිසිය තමුසෙගේ කටු කඩයි. එත් අපිට කරන්න දෙයක් නැහැ කියල.

 මාව ගෙනිච්චා යාපනය කොටුවේ තිබූ තාවකාලික හමුදා කාර්යාලයට. මම කපිතාන්ට කිව්වා සර් මම දවස් දෙකක් කෑවේ නැහැ කියලා. මට තේ එකක් ගෙනල්ලා දුන්නා. මම පුටුවෙ වාඩි වෙලා තේ එක බොනකොට යකෝ මූට පුටුත් දීලා කියලා සමහර සෙබළු මට ගහන්න ආවා. පැය භාගයක් විතර යන කොට පොලිසියෙන් ආවා. මාව ජීප් එකට දා ගත්තේ පයින් ගහන ගමන්. පයින් පාරට මාව ජීප් එකට වීසි වුනා. මාව කෙලින්ම ගෙනිච්චේ යාපනය පොලිසියට.

 පොලිසියෙදි මගෙන් ප‍්‍රශ්න කළා. ආවේ කා එක්කද? මම කිව්වා බොරු නමක්, පෙරේරා කියන නායකයා එක්ක යාපනේ ආවා. එතකොට ඇහුවා තමා එක්ක තව කවුද ආවේ. මම මොහොතක් කල්පනා කරා. අපි යාපනය කොටුව ඇතුලට එන්න හදන කොට වෙඩි පහර වැදිලා වැටුනේ විරසිංහ බව මට හිතුනා ඒ නිසා මම වීරෙගේ නම කිව්වා.

 වීරේ ඉඳලා තියෙන්නේ කොටුව එළියේ. බොක්කුවක් යට හැංගිලා ඉඳලා උදේ කලපුවට පැනලා පීනනකොට බෝට්ටු වලින් ගිහිල්ලා වීරේව අත්අඩංගුවට අරන් තියනවා. මම හිතුවේ වීරේ මැරිලා කියලා. පොලිසිය මට කිව්වා උඹත් එක්ක ආව අය මෙතන ඉන්නවනං කියපන් කියලා. මාව ගෙනිච්චා පොලිස් කූඩුව ලඟට. එතන එක පොදියට 30 විතර හිටියා. ප‍්‍රහාරයට පෙර අත්අඩංගුවට ගත් අයත් එතන හිටියා.

 සිරිපාල අබේගුණවර්ධන යාපනය පොලිසියට ගහන්න ඇවිල්ලා හිටියේ පිලියන්දල සෙන්ට‍්‍රල් එකේ ශිෂ්‍ය පිරිසක් එක්ක. ඩැනියෙල් තමයි ඒක සංවිධානය කරලා තියෙන්නේ. බස් එක සිංහල විද්‍යාලයේ නවත්තලා හවස මේ අය පොලිසියට ගහන්න ගියේ. නමුත් ඇටෑක් එක හරි ගියේ නැහැ. මේ අය යළි සිංහල විද්‍යාලය ලඟට ඇවිල්ලා බස් එකේ කොළඹ යන්න උත්සාහ කරලා. ඊබට් සිල්වා බස් එකේ ඩ‍්‍රයිවර් පාරේ කලබලය නිසා වාහනය ගන්න බැහැ කියලා. එතකොට සිරිපාල අබේගුණවර්ධන

මම එලවනවා කියලා සුක්කානම ගත්තා. සිරිපාල හිටපු බස් රියැදුරෙක්. බස් එක පාරට දාන්නවත් ලැබුනේ නැහැ පොලිසිය මුළු බස්එකම අත්අඩංගුවට ගත්තා.

 රංගල විමලවංශ සිවුර ගලවලා වීරසිංහ නමින් ගිය කෙනෙක්. මෙයා තව පස් දෙනෙක් එක්ක ගියා කරෙයිනගර් කෑම්ප් එක ලඟට. ඔවුන්ට කියලා තිබ්බා කඳවුරේ නේවිකාරයන්ට නිදි පෙති දීලා ඒ අය ගොරව ගොරවා නිදි. කඳවුරේ ලයිට් කපලා තියෙන්නේ. කඳවුර ලඟට ගියාහම ආයුධ දෙයි කියලා. මේ අය කරෙයිනගර් කඳවුර ලඟට යනකොට කිසි වෙනසක් නැහැ. ගාඞ්ලා මුර. කඳවුරේ ලයිට් පත්තුවෙනවා. ඒ අය යළි හැරිලා එනකොට අත්අඩංගුවට පත් වෙලා.

 විරසිංහ හෙවත් කළපු වීරේ මලා කියලා මට හිතුනට වීරෙත් කූඩුවේ හිටියා. මම දිගටම කිව්වා මම ආවේ පෙරේරා එක්ක කියලා. පොලිසිය මට ගහනවා යකෝ කොයි පෙරේරද? පෙරේරලා සිල්වලා විතරද බොල කියලා. මේ අතර මට ඇහුනා කඩවත ප‍්‍රහාරයේදී මිල්ටන් මල බව. මම එතකොට කිව්වා මිල්ටන් තමයි මාව යාපනේට ගෙනාවේ කියලා.

 පොලිසියේදී අපිට හොඳටම ගැහුවා. ඒ.එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ඇවිල්ලා පහර දෙන එක නැවැත්තුවා. හවස අපිට වෙනිවැල්ගැට තම්බලා දෙන්න කියලා නියම කරා. ඊට පස්සේ අපිව දැම්මා යාපනේ හිර ගෙදර. තලගල කියලා ගාඞ් කෙනෙක් ආවා. මිනිහා තමයි විජේවීරගේ සෙල් එක මුර කළේ. තලගල මට තුවක්කුව වැනුවා. වෙඩි තියන්න වගේ. සමහරු ඇහුවා තොපි හිරගේ කඩන්න ආවා නේද බොල කියලා. යාපනේ හිර ගෙදර දවස් 5-6 විතර අපිව තියාගෙන ඉඳලා. හැමන්හිල්  වලට ගෙනිච්චා.

 හැමන්හිල්   ¥පතට යන්න කරෙයිනගර් කෑම්ප් එකට අපිව ගෙනියන කොට නේවිකාරයෝ අපිට බනිනවා. තොපි අපේ මිනිස්සු මැරුවා නේද යනාදී වශයෙන්. නේවි එකේ තිලකරත්න ගාඞ්ලට වෙඩි තියලා නාවික හමුදා කදවුරෙන් ආයුධ අරගෙන ජීප් එකේ එනකොට මගදී වෙඩි කාල මැරුණා. ඒ නිසා නාවිකයන් අපිට පෙන්නුවේ රළු මුහුණු.

 බෝට්ටුවෙන් අපිව හැමන්හිල්   සිරකඳවුරට ගෙනාවා. එම ප‍්‍රහාරයෙන් පසු මුල් වතාවට බර්ටි මුණ ගැහෙන්නේ හැමන්හිල වලදි. බර්ටි දැක්ක හැටියෙ මම ඇහුවා අපිට මොකද උනේ කියලා. බර්ටි කිව්වා අපේ ප්ලෑන් එක ක‍්‍රියාත්මක උනේ නැහැ. පණිවිඩ හරියට එහෙ මෙහෙ ගිහිල්ලා නැහැ කියලා. යාපනේ සිරගෙදර ප‍්‍රහාරයේදී සමහරු මඟ ඇරියා. සමහරු හැංගුනා.

 හැමන්හිල් වල අපි එක්ක 60 විතර හිටියා. තුවාල කාරයෝ දෙන්නෙක් විතර හිටි බව මතකයි. හැමන්හිල් වල හිටි අය තමයි දෙහිවල උපාලි, මහරගම තිස්ස ගාමිනි, භද්දිය සාදු, කොටවිල දේවසිරි හිමි, මයිකල් අමරසේකර, ඇටිලස් බණ්ඩාර, ළමාහේවා මහරගම, සිරා හෙවත් බාල්දි සිරා ඩ‍්‍රැයිවර් කොතලාවල, පේරලන්දේ රෙක්සි, මහරගම රොද්‍රිගු, පිලියන්දල සෙන්ට‍්‍රල් එකේ අනුර රත්නායක, දුනුගල ගුණරත්න, විජේවීර සහ අම්පාරේ අත්අඩංගුවට ගත් සිරිල් වඩුතන්ත‍්‍රි හෙවත් ලාල් සෝමසිරි, කැලණියේ ෂෙල්ටන්, ගම්පහ පරාක‍්‍රම, ටෙක් එකේ අබේසිරි, ටෙක් එකේ සරත් කුමාර, මොරටුවේ තිසේරා, අම්බලන්ගොඩ සැම්සන් සිරිපාල, මොරටුවේ ශ‍්‍රී ලාල්, අම්බලන්ගොඩ තිලකසිරි, පිලියන්දල ලොකුගේ, අනුරාධපුරයෙ බබානිස්, ගම්පහ එස්.ඞී. හෙවත් සෝමරත්න

කළුආරච්චි, අනුරාධපුරයේ සුසිල් ගල්ගමුව, වවුනියාවේ පියරත්න, කේ.ඒ. සිරිසේන හෙවත් යකා. කුලියාපිටියේ රංජිත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ වැඩ කළ පානදුර සිල්වා සමහර අයගේ නම් මතක නැහැ.

 අපි එක පොදියට ඩන්ජන් ඇතුලේ. සී.අයි.ඞී එක ආවා. මගෙන් කට උත්තර ගන්න. මම කිව්වේ මිල්ටන් මාව යාපනයට ගෙනාවා කියලයි. එතකොට ඇහුවා කවුද බොල මේ පෙරේරා. මම කිව්වා එයා මැරෙන්න ඇති කියලා.

 හැමන්හිල් වලට ගුවන් හමුදාවෙ රත්නපාල සමඟ තව 6 දෙනෙක් ආවා. එයාර්ෆෝස් ඩයස්, සිල්වා ඒ අතර හිටියා. අපි හිර ගෙදර අගුල් කඩලා ආහාර වර්ජනයක් කලා. උපවාසයට පෙර අපි පාන් අරගෙන වේලලා හංගලා තිබ්බා. ඒවා හොරෙන් කෑවා. හිරගෙදර උද්ඝෝෂණ නිසා බර්ටි, මම, නාරාහේන්පිට චන්දරේට, බාල්දි සිරාට, අබේසිරිට එහෙම ගහලා යාපනේ සිරගෙදරට ගෙනිච්චා. අපිව බේස්මන්ට් සෙල් වල දාලා දින 20 වහලා තිබ්බා.

 යාපනය සිර ගෙදරදි විජේවීර හා බර්ටි අතර යම් මතභේද ඇති උනා. විජේවීරව බේරගන්න අපේ කෙනෙක් වහලෙන් ගිහිල්ලා කථා කරත් විජේවීර ආවේ නෑ කියන කථාව මම පිළිගන්නේ නැහැ. මම එදා බන්ධනාගාර කොටුවෙ හිටියා. අපට හිර ගෙදර ළඟට යන්න පවා අපහසු තත්වයක් තිබුනේ. අපි විජේවීර රඳවා හිටපු ගොඩනැගිල්ලට මීටර් 20-25 ලඟට යන්න ඇති. නමුත් ? නිසා සිරකරුවන් හිටියේ ඇතුලේ. දකින්න විදිහක් නෑ. මම කොටුවෙ කුහරයට ගිහිල්ලා සැඟවෙන තෙක් මම දැක්කේ ඔය විස්තර. මමත් සැඟඋනාට පස්සේ බර්ටි තව ලඟට ගියාද දන්නේ නැහැ.

 හැමන්හිල් වලින් පසු මාව යැව්වා බෝගම්බරට මම හිටියේ ටේලර් පාටියේ. මාස 8 විතර එහෙ ඉඳලා ගෙනිච්චා පල්ලෙ කැලේ එළිමහන් සිර කඳවුරට. එහෙ බර්ටිත් හිටියා. අපි පනින්න සැලසුම් කළා. බර්ටි පැන්නා. මාව යළි බෝගම්බර ගෙනාවා. මේ කාලයේ මහිංයගනේ අළුත්පාර ගාව රස්කින් ප‍්‍රනාන්දු වොලා්නා මුදලාලිට අයිති ඉඩමක හිර කඳවුරක් ගැහුවා. මෙතන 300 විතර ගිහින් දැම්මා. මාවත් ගෙනිච්චා.

 නඩුවේදි මට අවුරුදු 2 සිර දඬුවමක් ලැබුනා දඩුවම් කාලේ මම හිටියේ බෝගම්බර හා යාපනේ හිර ගෙවල් වල. මම නිදහස් උනේ 1975 දි. කොළඹ නගර සභාවෙ වැඩ කළා දැන් විශ‍්‍රාමිකයි.

 බර්ටි දැන් ඉන්නේ ජර්මනියේ. ලංකාවට එනකොට අනිවාර්යයෙන්ම මාව බලන්න එනවා. බර්ටිගේ අවුරුදු 50 පිරිමේ උපන්දිනය වාද්දුවේ හෝටලයක තිබ්බා. ඒකට මටත් ආරාධනා කෙරුවා. පාටියේදි සේන කන්නංගරව මට මුණ ගැසුනා. සේන මටයි බර්ටිටයි කොක්ක ගහපු කෙනා. සේන කන්නංගර අපිව ව්‍යාපාරයට බඳවා ගන්න කොට මම හිටියේ රැකියාවක් නැතිව ගෙදර. බර්ටි තාත්තගේ තෙල් බිස්නස් එකට උදව් කරනවා. සේන එදා වාද්දුවේ පැවති උපන් දින උත්සවයේදි බර්ටිට කිව්වා මම උඹට කොක්ක ගැහුවෙ නැත්තං උඹ තාම තෙල් විකුණනවා කියලා. අපි ඔක්කොටම ඒකට හිනා ගියා.

 මාබෝලේ රෙක්සි

 රෙක්සි හයසින්ස් වසන්ත ප‍්‍රනාන්දු ව්‍යාපාරයේ වැඩ කරගෙන ගියේ චමින්ද නමිනි. පසු කාලයක ඔහු හැඳින්වූයේ මාබෝලේ රෙක්සි නමිනි. සිරගෙදරදි ඔහු වසන්ත ප‍්‍රනාන්දු විය. විවිධ නම් නිසා රහස් පොලිසිය ද ව්‍යාකූළත්වයට පත්ව කැරැුල්ලේදි ඔහු මිය ගිය බවට කාලයක් විශ්වාස කල බව පැවසේ. වර්තමානයේ වත්තල ප‍්‍රදේශයේ නාගරික මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කරන ඔහු දශක තුනකටත් වඩා එපිට ගිය ඉතිහාසය පවසන්නේ මේ අයුරිනි.

‘මම ඉපදුනේ 1949 වසරේ. උත්පත්තියෙන් මම කතෝලිකයෙක්. සාමාන්‍ය පෙළ මාබෝලේ සාන්ත මරියා විද්‍යාලයෙන් කරලා උසස් පෙළ හදාරන්න කරුණාරත්න බෞද්ධ මහ විද්‍යාලයට ගියා. කුඩා කාලයේ සිටම මම කඩවත මිල්ටන්ගේ යාළුවෙක්. මිල්ටන් මට වඩා වැඩිමල් නමුත් ඒක අපේ මිත‍්‍රවයට බාධාවක් උනේ නැහැ. මිල්ටන් මාව ෂන්මුගදාසන්ගේ චීන පිලේ කාර්යාලයට ගෙනිච්චේ 1963 දි. එතකොට මට වයස අවුරුදු 14යි.

 මම මුලින්ම විජේවීර දැක්කේ 1964 දි මාබෝලේ වෙල්මුල්ල වෙල් යායෙදි. එතකොට මම වයස 15ක ශිෂ්‍යයෙක්. මේ කාලේ විජේවීර හා මිල්ටන් දේශපාලන මිතුරන්. මිල්ටන් කුඩා කාලයේ සිටම දරිද්‍රිතාවය නිසා දුක් වින්ද කෙනෙක්. පියා කුඩා කාලයේදිම මැරුණා. ගෑණු සහෝදරියෝ 3 හිටියා. මිල්ටන් තමයි පවුලේ එකම පිරිමියා. ඔහුගේ නම එම්. මිල්ටන් ප‍්‍රනාන්දු. මිල්ටන්ගේ අමම්ා මිල්ටන්ට ඉතා ආදරෙයි.

මිල්ටන් නිහතමානි සාධාරණය ගැන සිතපු කෙනෙක්. ලාම්පු කුප්පිය තියාගෙන මිල්ටන් ගෙදර පොත් කියවන ආකාරය අදත් මගේ මතකයේ තියනවා. මිල්ටන්ට හොඳ දේශපාලන දැනුමක් තිබුනා. ඔහු නිතරම කිව්වේ මම සියල්ලන්ගේම ගෝලයා වෙන්න කැමතියි කියලා.

 මට සිංහල ඉගැන්නුවේ අඹන්වැල්ලේ පඥ්ඥාසේකර හාමුදුරුවෝ. මම පොලිස් අත්අඩංගුවට පත් උනා කියලා හාමුදුරුවො හරියට දුක් වෙලා තියනවා. පස්සේ කාලයක හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ නායක භික්ෂුවක් ලෙසට මහනුවරට වැඩම කලා. එහිදිත් චේගුවේරා එකට අහු වෙච්ච ළමයා කියලා මම ගැන නිතර කථා කලාලූ. 2008 දි මම හාමුදුරුවෝ බැහැ දකින්න ගියා. ඒත් හාමුදුරුවෝ වයසයි. මාව අදුරගන්න බැරි උනා.

 විජේවීර හා ලොකු අතුල අතර අර්බුධයේදි මිල්ටන් ලොකු අතුලගේ පිලට දාපු එක මට අදත් ගැටළුවක්. 1971 මුල පියතිලක මට කිව්වා පක්ෂයේ අභ්‍යන්තර ප‍්‍රතිගාමින් ඉන්නවා ලොකු අතුල, කුමානායක නම් ආදි වශයෙන් තව හය හතක්. පස්සේ කිව්වා. ඔයාගේ හිතවතා වෙච්ච මිල්ටනුත් එතෙන්ට තමයි දාන්න වෙන්නේ. විප්ලවේ ජයග‍්‍රහණයෙන් පසු මේ අය අයින් කරන්න වෙනවා.

 මේ කාලයේදි මම විද්‍යෝදය කැම්පස් එකේ සංඝාවාසයේ අංක 35 දරණ කාමරයේ නැවතිලා හිටියේ පක්ෂෙ වැඩ වලට. උසස් පෙළ හදාරපු ගමන් තමයි මම 1970 දි පූර්ණකාලිනයෙකු වන්නේ. ඉන් පස්සේ දිගටම වගේ වැඩ වලට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාවාසයේ හිටියා. මේ කාලයේ මහින්ද විජේසේකරට විශ්ව විද්‍යාලය ඇතුලේ බලයක් තිබුනා. මහින්ද තමයි අපට කාමර පහසුකම් ලබා දුන්නේ. ඒත් ව්‍යාපාරය මහින්ද විජේසේකරව උපකරණයක් හැටියට පමණක් භාවිතා කරන්න කියලා දැනුම් දීලා තිබුනා. මහින්ද ඒ බව දැන ගත්තේ මහ නඩුවේදි.

 සංඝාවාසයේ ඉන්න කොට මම මිණිපේ සෝභිතත් දැන හිටියා. මිනිපේ සෝභිතගේ කට උත්තරයේ මම ගැන සඳහන් වෙන්නේ විශ්ව විද්‍යාල ශීෂ්‍යයෙක් හැටියට. ඒත් කවදාවත් මම විශ්ව විදයාල ශිෂ්‍යයෙක් වෙලා හිටියේ නැහැ. ඒ නිසා පොලිසිය ව්‍යාකූල උනා.

 මම සංඝාරාමයේ අංක 35 කාමරයේ නැවතිලා හිටියා. ඒ කාමරේට එන්න හැකියාව තිබ්බේ මටයි නායකයන්ටයි විතරයි. මම ඒ කාමරේ බෝම්බ හදලා රහසිගතව පැක් කරලා තිබ්බා. ශිෂ්‍ය අංශයේ මම හිටපු නිසා පියතිලක පියසිරි කුලරත්න එක්ක කිට්ටුවෙන් වැඩ කෙරුවා.

 1971 මාර්තු 23 හෝ 24 වගේ දවසක මට නියම කෙරුනා යාපනය බන්ධනාගාරය කඩා රෝහණ විජේවීර බේරා ගෙන බෝට්ටුවකින් මුහුදු මාර්ගය හරහා ගේන්න පුලූවන්ද කියන එක අධ්‍යයනය කරන්න යාපනයට යන්න. මේකට නියෝගය දුන්නේ පියතිලක.

 මම මහේන්ද්‍ර කියන සාමාජිකයා එක්ක ? කෝච්චියේ මන්නාරමට ගියා. අපි බැස්සේ මඩු ස්ටේෂන් එකේ. එතකොට උදේ වෙලා. කෙලින්ම ගියා මුරුක්කන් පල්ලියේ ජයසීලන් පියතුමා මුණ ගැහෙන්න. මගේ ලඟ ලියුමක් තිබුනා ෆාදර් ලීනස් ජයතිලක දීපු. පල්ලියේදි අපිට උදේ කෑම දුන්නා ඉඳි ආප්ප හා අඹ මාළුවක්. උදේ කෑම කාලා මම මහේන්ද්‍රන් එක්ක මන්නාරම් ජැටියට ගියා. අපි ඇෙඟව්වෙ අපි විශ්ව විදයාල ශිෂ්‍යයෝ හැටියට. විශ්ව විද්‍යාල අධ්‍යයනයක් කරන්න ආපු බවයි අපි හැම තැනකදිම කිව්වේ.

 මන්නාරමේ සිට යාපනයට බෝට්ටුවේ යන්න පුළුවන්ද කියලා මාළුකාරයෙකුගෙන් ඇහුවා. තමන්ගේ බෝට්ටුවේ ගෙනියන්න රු 400ක් අපෙන් ඉල්ලූවා. ඒත් බෝට්ටුව දෙන්න පුළුවන් ඉරිදා දවස් වලට විතර බව ධීවරයා අපට කියා සිටියා. මට අවශ්‍ය කරා ප‍්‍රදේශය ගැන අධ්‍යයනය කරන්න. අපි බස් එකේ යාපනයට ගියා ඒ 33 මාර්ගය ඔස්සේ. මේ පාර බොහෝ විට වෙරළට සමාන්තරව යනවා. සමහර විට මුහුද පේන්නේ නෑ. මම මේ පාරේ තිබූ බෝක්කු පාලම් සටහන් කර ගත්තා. මගේ ගෝලයා මහේන්ද්‍ර කංකෙදිරි ගානවා කොළඹ යං කොළඹ යං කියලා. මට මහා වදයක් උනා මිනිහා එක්ක ආපු ගමන.

 අපි දවල් 2 විතර වෙන කොට යාපනයට ගියා. කෙලින්ම ගියේ යාපනය කොටුවට. යාපනය කොටුව නරඹන්නෙක් ලෙස කොටුව වටේට ඇවිද්දා. හවස් වෙලා යාපනය දුම්රිය පලට ඇවිත් ? කෝච්චියේ කොළඹ ආවා. මම විද්‍යෝදයට ඇවිත් පියතිලක මුණ ගැසුනා මහේන්ද්‍රගේ නාහෙන් ඇඬිල්ල නිසා හරියට වැඬේ කර ගන්න බැරි බව කිව්වහම මට යළිත් වරක් තනියෙන් යාපනේ යන්න නියම උනා.

 1971 මාර්තු 27 යළිත් මම මන්නාරමට ගියා. මන්නාරමේ සිට සැතපුම් 69 පයින්ම යාපනය දක්වා ගියා. ? දෙකක් පමණ පාරේ ගත කළා මතකයි. මගේ ලඟ රු 200 විතර තිබ්බා. කෑවේ කඩ වලින්. කිලාලි කලපුවෙන් එතෙර උනේ පාලං පාරුවකින් මේ දිගු ගමනේ මම සියළුම වැදගත් ස්ථාන සටහන් කර ගත්තා. යාපනේට ගිහිල්ලා කෝච්චියේ යළි කොළඹ ආවා. විද්‍යෝදයට ඇවිත් සංඝාරාමයේදි පියතිලක මුණ ගැසුනා. පියතිලක මගෙන් විස්තර අහන්නත් කලින්ම කිව්වා සහෝදරයා දැන් නා ගන්න. මම දවස් දෙක තුනක් නෑමක් නැතිව එකම ඇඳුම පිටින් හිටියේ. මට මගේ දාඩිය ගද දැනෙන්න ගත්තා. ඉක්මනට ගිහින් නා ගත්තා.

 මම මහන්සිවෙලා ගෙනාපු විස්තර පියතිලක බැළුවෙ නැහැ. මට පසුව තේරුනා මාව යාපනේ යැව්වේ මාව සංඝාරාමයෙන් දින කිහිපයක් පිට කරලා තියන්න නිසා බව. නමුත් ඒක මට ඒ කාලයේ එකවරම තේරුම් ගියේ නැහැ. නැවත වරක් මට යාපනයට යන්න වෙනවා 1971 අපේ‍්‍රල් 4. මට ? කෝච්චියේ යාපනයට යන්න කියලා පියතිලක කිව්වා. මට කිව්වේ ඉස්සරහම තියන කෝච්චි පෙට්ටියට යන්න එතන අපේ අය ඉඳිය කියලා. මම දැනගෙන හිටියා යාපනය හිර ගෙදර ප‍්‍රහාරයට තමයි අපිව යවන්නේ කියලා. නමුත් සමහරු ඒක දැන ගත්තේ යාපනයට ගිය පසුවයි.

 පියතිලකගේ උපදෙස් අනුව මම ඉස්සරහම කෝච්චි පෙට්ටියට ගියා. එතන දෙහිවල උපාලි ඇතුළු 27 විතර හිටියා. සමහරු මම අඳුනන්නේ නැති අය. යාපනයට 500ක් ගේන්න කිව්වට ගියේ 83- 90 විතර. තව කට්ටියක් ඊබට් සිල්වා බස් එකක ගියා.

 අපි යාපනයට යනකොට උදේ 4ට විතර ඇති. කෙලින්ම ගියා යාපනයේ නාග විහාරයට. දවල් වෙන කොට තවත් කණ්ඩායමක් ආවා නාග විහාරයට. මට යාපනේ ස්ටේෂමට යන්න උනා ඒ අය ගන්න. දවල් ආපු කණ්ඩායම අත බෝම්බ එවා තිබුනා. අපේ කණ්ඩායම ආවේ ආයුධ මොකුත් නැතිව. දවල් වෙලා කෝච්චියේ ආපු අය අත චීනට්ටච්චි බෝම්බ 200ක් විතර තිබුනා. මේ අය යාපනේ ගේන්න බෝම්බ – හදලා.

මම එක බෝම්බයක් පරීක්ෂා කළා. පුපුරන ද්‍රව්‍ය පිරෙන්න කිටි කිටියේ තද වෙලා නැහැ. කොලිටි එක මදි. මම බර්ටි රංජිත්ට කිව්වා මේවා පුපුරන එකක් නැහැ කියලා. බර්ටි මාව පසෙකට අරගෙන ගිහිල්ලා කිව්වා මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා යනුවෙන්.

 මම බෝම්බ නවාතැනට ගෙනියලා පුපුරන ද්‍රව්‍ය නැවත පැක් කරා සමහර බෝම්බ වල. කස්ටම් පියදාස කළුතෙල්, දියතාර හා පෙට‍්‍රල් දෙන්නං කියලා තිබ්බ නිසා පෙට‍්‍රල් බෝම්බ හදන්න අලියා බීම බෝතල් ගෙන්නුවා. විශ්ව විද්‍යාල වලින් ආපු සාමාජිකයෝ රුපියල් 500 ලෝන් එක අරගෙන ඇවිත් හිටියේ ඒ නිසා හැමෝම අත වගේ සල්ලි තිබුනා.

බීම බෝතල් 24 විතර අරගෙන පුළුවන් තරමක් බීලා ඉතිරිය කානු වලට හැළුවා. මේවා වල පෙට‍්‍රල් පුරවලා මෝලටොව් හදන්න නියම කෙරුවා. ඒත් ප‍්‍රහාරයේදි එක පෙට‍්‍රල් බෝම්බයක් වත් ලැබිලා නැහැ.

 මේ අතරේ මංජු මට කිව්වා රංගල, කොතලාවල, එස්. ඞී. සෝමරත්න කළු ආරච්චි, දෙහිවල උපාලි එක්ක කරෙයිනගර් නාවික බේස් එක අසලට යන්න එතෙන්ට නේවි එකේ තිලකරත්න වෙපන් අරගෙන එනවා. එතකොට මම උත්තර දුන්නා මට නියමිතව තියෙන්නෙ ඊ2 සෙක්ෂන් එකේ 8 මැදිරියේ ඉන්න විජේවීර සහෝදරයාව බන්ධනාගාරය දොරටුව කඩලා ගන්න. විජේවීර සහෝදරයාට  ඕනම රැුයක මාව අඳුර ගන්න පුළුවන් මම බන්ධනාගාර ඇටෑක් එකෙ ්ඉන්නම  ඕන කියලා. ඒත්

මංජු කිව්වා අපිට තිලකරත්න ගේන ආයුධ වැදගත් ඒ නිසා ඉක්මනට එතෙන්ට යන්න කියලා.

 මේ අනුව 1971 අපේ‍්‍රල් 5දා ? 9ට විතර කරෙයිනගර් නාවික කඳවුරට යන ඩබල් ඩෙකර් බස් එකක නැග්ගා. ඒත් බස් එක යන පාටක් නැහැ. ඒ පාර අපි බස් එකෙන් බැස්සා. ගත්තා ටැක්සියක්. අපි හිටපු තැන ඉඳලා කරෙයිනගර් බේස් එකට හැතැම්ම 14 විතර ඇති. අපි ටැක්සිකාරයට ඇගෙව්වා අපි නැවියන් බව. හැකි ඉක්මනින් කෑම්ප් එක ලඟට යන්න කියලා දැනුම් දුන්නා. ටැක්සි රියැදුරා වාහනය එලෙව්වේ හයියෙන්. විනාඩි 15-20 විතර අවශ්‍ය තැනට ගියා. ගාස්තුව ගෙවලා ටැක්සිය පිටත් කළා.

 එදා හඳ පායපු දවසක්. අපි තල් ගස් වලට මුවා වෙලා කෑම්ප් එක අසලට ගියා. මම  එස්. ඞී. සෝමරත්න හා කොතලාවල කෑම්ප් එකේ බැරියර් එක ආසන්නයේ අනික් අය මීටර් 3ක් විතර පසුපස. අපි තල් ගස් වලට මුවා වෙලා නිසා කවුරුත් දැක්කේ නැහැ. අපි බලාගෙන හිටියත් තිලකරත්න ආවෙ නැහැ. කඳවුරේ කිසිම වෙනසක් නැහැ. අපි හිතුවේ නිදිපෙති කෑමට දාලා නැවියන් නිදි ඇති දැන් තිලකරත්න ආයුධ අරගෙන එයි කියලා. කඳවුර හොඳට ක‍්‍රියාත්මකයි. නැවියන් මුර ආයුධ පිටින්.

 අපි ලඟ තිබ්බේ චීනට්ටච්චි බෝම්බ 6යි. එස්.ඞී. ලඟ පිහි තලයක් තිබුනා. මේ ආයුධවලින් නාවික කඳවුර යටත් කරලා ආයුධ ගන්නේ කොහොමද? තිලකරත්න අපිට කණුවක් තිබ්බා කියලා තිලකරත්නට හිතෙන් බැන බැන යාපනේ බන්ධනාගාර ප‍්‍රහාරයට සම්බන්ධ වෙන්න අපි යළිත් යාපනය පැත්තට දුවගෙන ගියා. ඒ යන කොට කාර් එකක් ආවා. අපි අත් දාලා වාහනය නැවැත්තුවා. වාහනයේ ද්‍රවිඩ මිනිහෙක් ඉන්නවා. හොර බඩු අදින වාහනයක් වගේ.

 මිනිහා අපිව දැම්මා කෝවිලක් ලඟට. දැන් වෙලාව උදේ 2.30 විතර ඇති. යාපනේ යන්න විදිහක් නැහැ. උදේ බස් එකක් ආවා අපි එකේ නැග්ගා. අපි එකට බෝම්බ එක්ක යන එක පරිස්සම් මදි නිසා අපි වෙන් වෙන්ව අතර මග බැස්සා. මම ස්ටෑන්ඞ් එක දක්වා ගියා.

 නගරය ඇවිස්සිලා පොලිසිය හමුදාව මුර. මට දිව ගිලෙන්න තරමට පිපාසේ. මම කඩයක් දෙසට ගියා වතුර බොන්න. මාව දැකපු පොලිස්කාරයෙක් දෙමළෙන් ඇහුවා හිටියේ කොහේද? මම ඒක ඇහුනේ නෑ වගේ කඬේ ඇතුලට ගියා. යළිත් මගෙන් ඇහුවා. මම සිංහලෙන් උත්තර දුන්නා. එක පාරටම මට ඩෝං ගාලා රයිෆලෙන් ගැහුවා. මම බිම ඇදගෙන වැටුනා. එතකොට වටේ හිටපු හමුදා සෙබලූන් පොලිසිය මාව වට කරා. මගේ ඇදුම් ගලවලා නිරුවත් කළා. මම ලඟ තිබ්බේ ටෝච් එකක් විතරයි. ඒක විසි කරන්න කියලා රයිෆල් අමෝරලා කෑ ගැහුවා. මම ටෝච් එක විසි කරා. මට අතින් පයින් පහර දීලා නිරුවතින් බස් ස්ටෑන්ඞ් එක වටේ ගෙනියනවා. දැන් එළිය වැටිලා මිනිස්සු ටවුන් එකේ. මිනිස්සු ගෑනු පාර දෙපසට රොක් වෙලා මාව ගෙනයන අයුරු බලනවා.

 මට ඇහෙනවා දෙමළ අම්මලා ආඬවනේ පාවන් සින්න පොඩියන් -(පවු පොඩි කොල්ලෙක්* කියලා දුක් වෙනවා. මේ සිද්ධිය මට ජීවිතය තියන තුරා අමතක වෙන්නේ නෑ. 1983 ජාතිවාදී කෝÃÃ