“බැටන් චාර්‍ජ් මෑඩ් මන්ක්ස්” – සී ඒ චන්ද්‍රප්‍රේම
Posted on July 6th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

මෙම ලිපිය ලිවීමට හේතුව අයිලන්ඩ් පත්තරේ දුවවන චන්ද්‍රප්‍රේමගේත්, 13-ඒ ප්ලස් පියා වන දයාන් ජයතිලකගේත් ලියුම් කියුම් ය. බොදු බල සේනා සංවිධානය නිසා වෙස්මුහුණු ගැලවී, පිටි පස්ස ගිනිගෙන, වියරු වැටී සිටින අය හා එය පිළිඹඳව වලිගේ පාගා ගෙන ඊර්‍ෂ්‍යාවෙන් භරිතව දඟලන අය අතරින් භයානකම හීතල හොරුන් දෙන්නා මේ දෙන්නාය. මොහිදීන් නම් කුඩා කාලයේ සිට ප්‍රේමදාස අරන් හදාගත් ඩ්‍රය්වර් හරහා ප්‍රේමදාස ජනාධිපතිට කිට්ටුවූ බාබු නම්වූ දෙමල කොටියා මෙන්, සිය පියාට මහින්ද දැක්වූ යටහත් පහත් බව හරහා දයානුත්, ගෝටාස් වෝර් ලියා චන්ද්‍රප්‍රේමත් ලිවෙලින් මහින්ද ජනාධිපතිතුමා සමඟත්, අපේ රට බේරාගත් (එරික් සොල්හයිම්ට අනුව මේ යුද්ධය දිනන්න පුළුවන් කියා කියපු එකම ඉහල නිලධාරියා ඔහුය) ගෝඨාභය සමඟත් කිට්ටු සම්බන්ධතා ගොඩනගා ගෙන ඇත. මේ දෙන්නාගේ සිංහල, විශේෂයෙන් සිංහල බෞද්ධ, විරෝධී රහස් ජාවාරම විමසා බැලීම මගේ අරමුණය.
 
    මෙහි ඉහළින් දැක්වෙන නම් ලැයිස්තුව බොදු බල සේනාවට විරුද්ධව ලියන කියන, මට ඉක්මණින්ම මගේ තකයෙන් එකතු කරගත හැකිවූ නම් ය. මීට තව නම් ඇතුලු කිරීමට මෙය කියවන ඔබලාට පුළුවන් ය. උදාහරණයක් වශයෙන් ජෙහාන් පෙරේරා, ආර් ඇම් බී සේනානායක, ගුනපාල සේනාධීර, කුමාර් රූපසිංහ වැනි අය මා මීට ඇතුලත් නොකලේ ඔවුන් කෙලින්ම බොදු බල සේනාවට හෝ ඥානසාර හිමියන්ට අපහාස කරමින් ලියූ ලිපි මා නොදුටු නිසාය. ඩී බී එස් ජෙයරාජ් ගේ හා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ මෙවැනි අය බුරුතු පිටින් සොයා ගත හැකිය. මේ අයව නොයෙක් ආකාරයට වර්‍ග කල හැකිය. ක්‍රිස්තියානී, මාක්ස්වාදී, මිය ගිය මාක්ස්වාදී, 13-ඒ හරහා දෙමල රටකට වැඩ කරන අය, ඩොලර් කාක්කන්, ඇමෙරිකාවේ ට්‍රිප් එකකට වුනත් කුලියට කෑගසන යනාදී වශයෙනි. රෝහණ වාසල හා මලින්ද සෙනෙවිරත්න වැනි අය ඔහේ ලියන්නන් වාලේ ලියනවාය. මොවුන් කවුද හා බොදු බල සේනා ගැන එක් එක් අය කිව්වේ කුමක්ද කියා පැහැදිලිව ලිවීමට “පර්‍යේෂණ” කිරීමට මට වේලාවක් නැත. ඇතැම් අය ගැන යම් ඉඟියක් පමණක් නමට ඉදිරියෙන් ලියා ඇත.

    මේ ලැයිස්තුවේ ඉන්නා හැම එක්කෙනාම කිසි ලැජ්ජාවක් හෝ බයක් නැතිව සත්‍යයට වැලි ගසමින් කරගෙන යන බොදු බල සේනාවට පහර ගැසීමේ ව්‍යාපාරය “මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ” කියා කියු ව්‍යාපාරයේම අළුත්ම මුහුණුවරක් පමණක්ම බව පැහැදිලිවම පෙනීයයි. අළුත්ගම ගැටුම වෙස්වලාගත් භාග්‍යයක් සේ මා සලකන්නේ, දැන් නියපොත්තෙන් නොකැඩුවොත් පසුව පොරොවෙන්වත් කැපිය නොහැකි ඉස්ලාම් අන්තවාදයක් රටේ ශීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව ඉන් එලිදරව් වුන නිසාය. සරත් ෆොන්සේකා පවා කියන්නේ ධර්‍ගා ටවුන් යනු මුස්ලිම් බලකොටුවක් කියාය.

හම්බන්තොට රාජපක්‍ෂ බලකොටුවක් කියන ඔහු ධර්‍ගා ටවුම මුස්ලිම් අයට භාර දී ඇත. රාජිත නමැති මොහම්ඩ්ද යන්නේ මෙය මය. මේ අනුව ප්‍රභාකරන්ටත්, විග්නේෂ්වරන්ටත් වඩා ඉදිරියට ගොස් මුළු ලංකාව පුරාම බල කොටු සැදීම ඉස්ලාම් ෂාරියා  අරමුණ ද? 

    මේ අනුව එලිදරව්වූ අළුත් කාරණා බොදු බල සේනා සංවිධානයට සිය උපාය මාර්‍ග  තියුණු කිරීමටත්, අළුත් කිරීමටත් මඟ පෙන්වන බව නිසැකය. අලිමංකඩ පරාජයෙන් පසු සිංහල උරුමය පක්‍ෂය පිහිටු වූ විට ඇතිවූ විරෝධය මෙන් දහස් වාරයක් වැඩි ඊර්‍ෂ්‍යාකාරි විරෝධයක් බොදු බල සේනාවට විරුද්ධව මතුවීම පුදුමයට කරුණක් නොවන්නේ වත්මන් ආණ්ඩුව බීරි අලියාට වීනා ගායනා කරනවා වැනි මට්ටමකට වැටුනු විට අවුරුදු දෙකක් පුරාම කල යාඥාව වෙනුවට ආණ්ඩුවේ අයෝග්‍ය හැසිරීම මහජනයාට එලිදරව් කිරීමට ඥානසාර හාමුදුරුවන් නිර්‍භීතව ක්‍රියාකල නිසාය. ගෝනි පුරා එකතුකල හැකි ඇමති නාම්බලාට හා මහළුන්ට පරයින්, බූරුවන් කීම ඔවුන්ට තුවක්කුවකින් වෙඩි තියනවාට වඩා තියුනු පහර දීමකි. මෙය බෝධි සත්ව නාගයා තමන් ගැරඬ්යෙක් කියා සිතා ගහන්නට දර පොල්ලක් ගත් ගැහනියට පෙනය පිප්පුවා වැනිය.

අනිත් හැමෝටම නායකයෙක් ඉන්නා නමුත් සිංහලයින්ට නායකයෙක් නැතැයි කීම මේ ජනාධිපතිවද, ජේ ආර්, ප්‍රේමදාස හා මිසිස් චන්ද්‍රිකා යන කසි කබල් අයගේ ගොඩටම තල්ලු කර දැමීමේ ආරම්භක පියවරය.

    බොදු බල සේනාව ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමට විශේෂ හේතුව නම් ලංකාවේ හොර දේශපාලකයින් 1948 ට පෙර සිටම සිංහල බෞද්ධයින්ට හිත හොඳ ගෑණියෙකුට සලකනසේ සලකමින් සිටින බව මහජනතාවට තේරෙන භාෂාවෙන් උදාහරණ සහිතව පෙන්වා දීමට එයට තිබූ හැකියාවය (කුඩම්මාගේ සැලකිලි යන්න නියම වශයෙන් සිදුවන දේ සඟවයි). අනාගාරික ධර්‍මපාලතුමා හා මෑතකදී ගංගොඩවිල සෝම හාමුදුරුවන් විසින් ද කියා සිටියේ මෙයම වුවත් සිහි විකල් බුද්ධ ශාසන අගමැතිත්, රාජපක්‍ෂ ජනාධිපතිතුමාත් ඉන්ටර්ෆේත් බහුබූතය හා බහු ජාතික මනස්කාරය බදාගැනීම නිසා අසරණවූ සිංහල බෞද්ධයාට ඥානසාර හිමියන් නූතන දියසේන කුමාරයෙක් වැනි විය. 2005 හා 2010 ජනාධිපති මැතිවරණ වලදී රට කැඩීමට උල්පන්දම්දුන් අය අද කැබිනට් ඇමතිවරු වේශයෙන් සිංහලයින්ට හානි කරමින් සිටී.

චන්ද්‍රප්‍රේමගේ ඉතිහාසය

    චන්ද්‍රප්‍රේමත්, දයානුත් කෙස් පැලෙන තර්‍ක ගේන්නේ ඔරුව පෙරලුනු විට මේ පැත්ත හොඳයි කියනවා වගේය. හාමුදුරුවරුන්ට බැටන් චාර්‍ජ් කලයුතු බව චන්ද්‍රප්‍රේම කිව්වත් දයාන් ඊට වඩා ශූක්‍ෂම ලෙස ක්‍රියාකරයි. ඔහු දැන් දැන් සෝම හාමුදුරුවන් ගැනත් ලියයි. දයාන්ගේ පැටිකිරිය හැමදෙනාම වාගේ දනිතත්, චන්ද්‍රප්‍රේම ගුප්ත චරිතයක් සේ මට පෙනේ.

මාක්ස්වාදී සම්භවයක් ඇති ඔහු නම් දෙකකින් පේරාදෙනියේ හා කොළඹ විශ්වවිද්‍යාලවල සිටියාය කියාද මෙ ලඟදී වාර්‍තා විය.

ඔහු මාතර හරිස්චන්ද්‍ර කොම්පැනියේ අයිතිකරුගේ පුතා බවත්, 1966 කාලයේ යූ එන් පී එකේ ලෑන්ඩ් ආමි භාරව සිටි සී  ඒ ධර්‍මපාලගේ බෑණා බවත් දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ චන්ද්‍රප්‍රේම ක්‍රිස්තියානිද කියා මා ඇසූ ප්‍රශනයක් නිසාය. බෞද්ධ පවුලක ඉපදීම බෞද්ධ බලපත්‍රයක් යැයි ක්‍රිස්තියානි දයාන් සිතන්නේ හාමුදුරුවන්ට බැටන් චාර්‍ජ් කිරීමට බෞද්ධයෙක් කිසිවිටක යෝජනා නොකරන බව නොතේරෙන නිසාය. රත්ගම එම් ජී මෙන්ඩිස් මාක්ස්වාදය අතහැර ජෙහෝවාස් විට්නස් කෙනෙක් වූවානම්, හේමා ප්‍රේමදාස හා ඇගේ දුව ක්‍රිස්තියානියට ගියා නම්, ලලිත් කොතලාවල, නෙවිල් ජයවීර බුද්ධාගම අතහැර ගියා නම් චන්ද්‍රප්‍රේමලා බුද්ධාගමේද නැද්ද යන්න ඒ ඒ කාලයට අනුව තීරණය වන කාරණයකි. උදාහරණයක් වශයෙන් තමන් මාක්ස්වාදියෙකු මිස ක්‍රිස්තියානි යෙක් නොවේ යයි කීම දයාන් විසින් මිස අන් අයට ඇති අයිතියක් නොවේ.

    කොලපාට සමාජයක් කියා පොත් ලියමින් යූ එන් පී බත්ගොට්ටෙක් ව සිටි චන්ද්‍රප්‍රේම, යූ එන් පී කාලයේ සිදුවූ පගාදූෂණ ගැන කිව්වේ  ඔවුන් රට දියුණු කරන ගමන් ඉන් කොටසක් තමන්ටද හූරා ගැනීම/කඩා ගැනීම සාධාරණය කියාය. ඔහු කිව්වේ යු එන් පී එක බාගෙන කන බවත් ශ්‍රී ලංකා කාරයෝ ඉහගෙන කෑ බවත් ය. ඒ කාලයේ ඇමෙරිකා තානාපති කාර්‍යාලයේ සුවච කීකරු බලු පැටියක් ව සිටි ඔහු ඇමෙරිකාව හැඳින්වුයේ යූ එස් රාළහාමි කියා ය. ඔහුත් මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ කියා මංගල සමරවීරලා සමග සුදු නෙළුම් අරන් ගියාද කියා මම නොදනිමි. 2005 චන්දයේදී ඔහු සිටියේ රනිල් ගොයියාට පක්‍ෂව ද කියාද මම නොදනිමි.

    කෙසේ වුවත් ගෝටාස් වෝර් ලියා ඔහු දැන් රාජපක්‍ෂ ආණ්ඩුව සමඟ යම් කිට්ටු සම්බන්ධයක් ඇති අයෙක් බවට පත්වී ඇත. ගෝටාභය රාජපක්‍ෂ මහතා ඔහුගෙන් පරිස්සම් විය යුතුය කියා මට සිතේ. මා එසේ කියන්නේ ඔහු අයිලන්ඩ් පත්තරේ ලියන සමහර දේවල් ඔහුත් නොදැනම ඔහුගේ අභ්‍යන්තරය එලියට දමන නිසාය. මේ ලඟදී ඔහු ලියූ දෙයක් නම ගෝඨාභය සිය නිල කාමරයේදී නෝර්‍වේ කාරයෙකුට ගහන්නට ගිය බවත් ඒ කාරණය ගෝටාස් වෝර් පොතේ නොදැම්මේ එය දුටු එකම ශාක්‍ෂි කරු එය ලිඛිතව තහවුරු කරන්නට අකමැතිවූ නිසා බවත් ය. දේශපාලන හොරුන්ට මෙන් නොව අවංක පුද්ගලයින්ට තරහ යෑම නිතර සිදුවන දෙයක් වුවත්, තරහ ඉස්සරහ දොරෙන් ඇතුල් වීමත් සමඟ ඥානය/බුද්ධිය පිටිපස්ස දොරෙන් පිටවී යාම පොදු දෙයකි. මේ නිසා නියම වශයෙන් ලෙන්ගතු පුද්ගලයෙක් නම් කරන්නේ තරහයෑම අගය කිරීම නොව ඉවසීමේ වටිනාකම පෙන්වා දීමය.

ජනාධිපතිව බය ගැන්වීම

    චන්ද්‍රප්‍රේමත් ඔහුගේම පිට පලුවක් බඳු දයාන් ජයතිලකත් (දෙන්නාම මක්ස්වාදී ගෝලයෝය) හීන් නූලෙන් කරගෙන
යන තවත් උපායක් නම් මහින්ද රාජපක්‍ෂ මනසට චන්ද භීතිය හා මරණ භීතිය ඇතුල් කිරීමය. බොදු බල සේනාව නිසා සිංහල චන්ද කැඩී යාමෙන් ඔහු පැරදීමට ඉඩ ඇති නිසා වහාම ක්‍රියාත්මකවී පිස්සු-මැර භික්‍ෂුව නිහඬ කල යුතු බව දැන් මේ ගෝලයින් දෙන්නාම එලිපිටම නිතරම ලියමින් සිටී. මොවුන්ගේ මේ ව්‍යාපාරය රෝසි සේනානායක කියපු ලංකා සමාජයේ ඇති බෞද්ධ පදනම ඉවත් කිරීමේ ව්‍යාපාරයේම කොටසකි. මෙය මියගිය ස්ටැන්ලි තම්බයියා ඉදිරිපත් කලේ වෙනත් ආකාරයකටය. ඔහු ඇසුවේ වයි ඩූ බුඩිස්ට්ස් කිල් කියාය. ක්‍රිස්තියානී මාක්ස්වාදියෙකුවු වික්ටර් අයිවන් ගේ රාවය මේ නඩයට එකතුවූ අලුත්ම නැට්ටුවාය. ඔහු කියන්නේ ඥානසාර හාමුදුරුවන් ගෝඨාභයගේ රූකඩයක් කියාය. 1948 ටේ සිටම කොළඹ දේශපාලක හොරු රැල සිංහල බෞද්ධයාට හිත හොඳ ගෑණියෙකුට සේ සැලකීමේ උපරිම අවස්ථාවට මුහුණ දීමට ඇතිවූ බලවේගය බොදු බල සේනාව මිස එය කිසියම් තනි ගිහියෙකුගේ අතකොළුවක් නොවන බව වික්ටර්‍ලාට නොතේරනවා නොවේ. ගෝඨාභයට වාතයක් ගියත් එය වෙඩිල්ලක් සේ පෙන්වන මේ කළු සුද්දන් මස් මාළුවත් අනුභව නොකරන ඔහුට කරන අපහාස විදේශීය බලවේගවල ඩොලර් වලට කෑදර කම නිසා කරන රට බකල් කිරීමේ ව්‍යාපාරයේම කොටසකි.  

ඉතිහාසය විකෘති කිරීම

    තමන්ට වාසි වන ආකාරයට කෙස් පැලෙන තර්‍ක ගෙන ඒම හා කාරණා විකෘති කිරීම මේ දෙන්නාම හැමවිටම කල, කරන, දෙයකි. චන්ද්‍රප්‍රේම කියන්නේ අද බෞද්ධයින් කුලප්පු වී සිටීමට හේතුව නම් ජනාධිපති හෙල උරුමය පක්‍ෂයේ නායකයින්ට සෑහෙන තරමේ අල්ලසක් නොදීම නිසා බවය. යුද්ධය අවසාන වූ පසු සිංහල බෞද්ධ බලවේග වල නායකයින්ට ඔවුන්ගේ ජාතිවාදය වැපිරවීමේ රක්‍ෂාවල් හා තැන නැතිවී ගිය බවත් මේ නිසා ඔවුන් මුස්ලිම් මුව හමකට තලන බවත් චන්ද්‍රප්‍රේම ගේ මතයය. විමල් වීරවංශගේ පක්‍ෂයටත්, හෙල උරුමයටත් රජයේ සංස්ථාවලත් වෙනත් ආකාරයේ රජයේ තනතුරුත් (තානාපතිකම් ?) දීමෙන් ඔවුන්ව නිහඬකර ඔවුන්ගේ පක්‍ෂ දියකර ඔවුන්ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බඳවා ගැනීමට චන්ද්‍රප්‍රේම යෝජනා කරයි. දයාන් ජයතිලක මෙතරම්ම මෝඩ අදහස් ඉදිරිපත් නොකලත් ඔහු නොකියා කියන්නේද බෞද්ධ අන්තවාදීන් විනාශ කලයුතුය යන්නය. නැතිනම් රාජපක්‍ෂ රෙජිමය අනතුරේ වැටෙන්නේ බෞද්ධ චන්ද නැතිවීයාමෙන් යයි අළුත්ම සිංදුවක් ඔහු දැන් ගයන්නේ අලුත්ගම සිද්ධිය යොදා ගනිමින් ය. කලින් කලට කටුස්සෙක් පාට වෙනස් කරන්නාක් මෙන් පුදුම තර්‍ක ගෙන ඒමට ඔහුට පුදුම ආකාරයේ හැකියාවක් ඇත. ඔහුගේ මොලය හා දැනුම රටේ යහපතට නොයෙදීම ඔහුගේ අවාසනාවද රටේ අවාසනාවද?

පන්සලේ-සිවුරේ බලය

    මෙම පණ්ඩිතයින් දෙන්නාටම හා වික්ටර් ගොයියාට ජාතක කතා ආශ්‍රයෙන් ගොඩ නැගුන ලංකා සමාජය ගැන වැටහීමක් නැත්තේ මොවුන් කුඩා කාලයේ සිටම ක්‍රිස්තියානි (නලින් සිල්වා කියන යුදෙව් ක්‍රිස්තියානි ලෝක සමාජ ක්‍රමයේ) බලපෑම් මත බ්‍රේන් වොස් වූ අය නිසාය. කුඩා දරුවෙක් මහණ වීමට පෙර තමන්ගේ අම්මාට හා තාත්තාට වඳියි. ඊට සවල්ප වේලාවකට පසු ඒ අම්මා හා තාත්තා සාමනේර වූ පුතාට වඳී. මෙය ලෝකයේ වෙන කිසිම සමාජයක සිදුවන්නක් නොවේ.

අම්මා රෝගාතුරව ඔත්පලව අසරණව සිටින විට සිවුරෙන් ඉවත්වී ගිහියෙක්ව අම්මා බලාගත් හාමුදුරුවරුද එමට සිටියහ. අම්මා මිය ගිය පසු නැවත මහන වෙයි. නමුත් ශාසනයට දරුවෙක් පූජා කිරීම සර්‍වතෝභද්‍ර තනි දෙවියෙක් අදහන යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් අය අතරවත්, හින්දූන් (බ්‍රහ්මයා ප්‍රමුඛ බොහෝ දෙවිවරු ඇති) අතරවත් නැති සංකල්පයකි. දුගී බව නිසා හෝ පෙර ආත්මයේ සිට කියාගෙන ආ නිසා හෝ යමෙකුට මහන වීමට සිතෙනවාද කියා ඕනෑ නම් තර්‍ක කල හැකිය.

    පොලිසිය ගිහියන්ට බැටන් චාර්‍ජ් කලත් සිවුරට එසේ නොකරන එක ගැන චන්ද්‍රප්‍රේම ප්‍රශ්න කරන්නේ මේ නිසාය. සිවුරේ සිට ගෙන වල් වැඩ කරන අය හිටියත් සිවුර පාච්චල් කිරීමට බෞද්ධයෙකුට නොහැකි මේ නිසාය. ජේ වී පී කාරයින්වූ තරුණ භික්‍ෂූන් හොර රහසේ මරා දැම්මා නිසැකය. නමුත් මේ රටේ පාලකයෙක් හාමුදුරුවන්ට බැටන් චාජ් කලොත් එය ඔහුගේ අවසානය ය.  බුද්ධරක්කිතලා-විමලා විජේවර්‍ධනලා වගේම වටරැක විජිතලාද ලංකාවේ ඇත. එකම වෙනස නම් පාදිලිවරු අයුතු ලෙස කාමුක වැඩ කරන විට ඒවා හංගන කතෝලික පල්ලි සංවිධානය මෙන් නොව වල් “හාමුදුරු” කෙනෙක් ඉන්නා පන්සල ගමේ හැමෝම දන්නා බවය. වැලිවිටියේ සරණංකර හාමුදුරුවන්ට එකැස් කණා කියා මරන්නට උඩරට දෙමළ වඩිග රජෙක් හැදුවේ උන්වහන්සේ චන්ද්‍රප්‍රේම සිතන ආකාරයේ හාමුදුරුනමක් නොවූ නිසාය. ගිහියන් දුර්‍වලවී හෝ බෙදී හෝ අසරණව ගිය විට රට හා ජාතිය රැක ගැනීමට ඉදිරිපත්වූයේ හාමුදුරුවරුය.

    ලංකාවේ සිංහල ජාතිය හා බුද්ධාගම බේරා ගත්තේ හාමුදුරුවරු මිස  චන්ද්‍රප්‍රේමලාගේ දයාන්ලාගේ සීයා ලා නොවේ. බුද්ධාගම ගැන ඔහුට වත් බංකොලොත් අයිලන්ඩ් පත්තර කාරයින්ට වත් ඇත්තේ මොන කැක්කුමක් ද? මල්වත්ත හා අස්ගිරිය මහා නායක හිමිවරු අද ඊයේ වෙන තුරුම (කාර් රේස් පිස්සන් එන තෙක්ම) මුනිවත රකිමින් සිටියේ එංගලන්තයේ රැජින මෙන් සුදු පාලකයින් ඔවුන්ව රට පාලනය සඳහා පාවිච්චි කල නිසාය. සුද්දන්ට බිලිබා ගත නොහැකිවූ එකම ආයතනය විද්‍යාලංකාරය ය. විද්‍යොදයේ නම් සහතික ප්‍රදානය කලේද සුදු ආණ්ඩුකාරයාය. රජුගේ රජවීම උදෙසා ස්ත්‍රොත්‍රපත්‍ර ලිවීම පවා මේ හාමුදුරුවරු කලේ කුමක් නිසාද? එය කපන්න බැරි අත ඉඹීමක් ද නැත්නම් බුද්ධාගමේ කියැවෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමද? ඉවසීමේ සීමාව පැන ගිය පසු හා රාජපක්‍ෂ ආණ්ඩුව මහානායක හිමිවරුන් ගැන කිසිම තැකීමක් නොකරන බව පෙනී ගිය විට බොදු බල සේනාවේ සහාය ඉල්ලීමට උන්වහන්සේලාට සිදුවිය. ආණ්ඩුව කාඩිනල්ට පෝප් ට ආවඩනවා මිස “අපේ හාමුදුරුවනේ” යන්න වේදිකා ආමන්ත්‍රණයක් පමණක් බව පෙනී ගියේය. ආණ්ඩු පෙරලීමට ඥානසාර හිමියන්ට බලයක් ඇති බව චන්ද්‍රප්‍රේමට නොතේරුණාට රාජපක්‍ෂ ආණ්ඩුවට එය තේරී ඇත. රාජිත ඉදිරි චන්දයට බයවී ඇති තරම ගැන සිතා බලන්න.

සිංහලයින්ට (බෞද්ධයින්ට හා දුප්පත් ක්‍රිස්තියානීන්ට) නිදහස ලැබුණාද?

     1948 ටේ ලංකාව ඇත්තටම නිදහස් වුනා නම් 1798 හෝ 1505 ට පෙර ලංකාවේ තිබූ බොහෝ ශිෂ්ටාචාර ලක්‍ෂණ, සාර ධර්‍ම නැවත ඉස්මතුවී ආ යුතුව තිබුණි. පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි සුද්දන් රටට නොයෙක් හානි කලත් රටේ නියම සිංහල නායකයින් සිටියා නම් රට කබා සීනියා වී යන්නේ නැත. නමුත් ලෝකයේ අනිත් යටත් විජිතවලට සිදුවූ ආකාරයටම සුද්දන් මේ රට හැර ගියේ ක්‍රිස්තියානී බහුතරයක්වූ කළු සුද්දන් රැලකට බලය මාරු කර දීය. ආණ්ඩුව සරණං ගච්චාමී කියා සරණ පාඨයක් නැතැයි ඩී එස් සේනානායක කිව්වේ මේ නිසාය. ඔහුගේ ස්වාමියා වූයේ සර් අයිවෝර් ජෙනින්ස් ය.

බංගවේවා කියමින් හැසුරුනු මාක්ස්වාදීන් දුටුගැමුණු රජතුමාට ගඩොල් මෝඩයා කිව්වේත්, පන්සලෙන් කුඩා කාලයේ ඉගෙනගත් සර් ඩී බී ජයතිලකට ඇබිත්තයා කියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී කෑ ගැසුවේත්  මේ නිසාමය. 1931 චන්දය වන විට මන්ත්‍රීන් ලෙස ආවේ ඒ ඒ පලාත් වල ප්‍රභූ වරුන් යැයි කියා ගත් සුද්දන්ගේ පස්ස ලෙවකාපු පිරිසය. ඉතාමත් ස්වල්ප දෙනෙක් මීට වෙනස් විය. සර්‍වජන චන්දබලය නිසා එතෙක් තමන්ට තිබූ තත්වය නැතිව යන බව දෙමල නායකයින්ට අවබෝධවූ අතර, බුද්ධාගම්කාරයෙක් යන ලේබලය ගසා ගතයුතු බව කුස්සියට සිංහල පාවිච්චිකල ප්‍රභූ රැලට වැටහින. මේ ප්‍රභූන් ඇමෙරිකාවේ වහල් හිමියන් ඒ කාලයේ කලා වගේම තමන්ගේ ළමාතැනීලා දැන හෝ නොදන හොර ගෑනු තබාගෙන ජොලියෙන් කලය ගෙවමින් සිටියේය. පානදුරේ සුසන්තා ද ෆොන්සේකා මා දන්නා එක උදාහරණයකි.

    1848 සිංහල බෞද්ධ සංහාරයෙන් පසු 1860 ගනන් වන විට කළු සුද්දන් බුද්ධාගමේ ආයුකාලය දශක දෙකකදී පමන අවසානවන බවට උදන් ඇනුවේය. මේ සියල්ල වෙනස්වී 1873 නේ පානදුරාවාදයෙන් පසු බෞද්ධ පුනර්‍ජීවනයක් ඇති වුයේ චන්ද්‍රප්‍රේමල දැන් ගරහන ආකාරයේම චන්ඩි හාමුදුරුවරුන් නිසාය. වලානේ සිද්ධාර්‍ථ හිමි පානදුරේ සිට රත්මලානට ආවේ සටනේ පෙරමුනට ආ යුතුවූ නිසාය. කුඩා කාලයේ ක්‍රිස්තියානිව සිටි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි 1885 කොටහේන ක්‍රිස්තියානී ප්‍රහාරයට මුහුන දුන්නේ බෞද්ධ කොඩි හා යකඩ පොලු ද සමඟය. මෑත කාලයේදී එල්ලේ ගුණවංශ හාමුදුරුවන් තුවක්කුවක් අතට ගැනීම හැර යුද පිටියේදී කල යුතුවූ හැම දේම කල බව වරක් මට කිව්වේය. මේජර්‍ලා නෑ බෑ කියද්දී භටයින් සමග සතුරාට පහරදීමට කඩා පැන්න අවස්ථා එමටවූ බව උන්වහන්සේ කිව්වේ එය රට-ජාතිය-ආගම වෙනුවෙන් කලයුතුව තුබූ සේවයක් බව පවසමින් ය.

    සුද්දන් විසින් සිංහලයින්ට, සිංහල බෞද්ධයින්ට හානිකරවන ලෙස පැනවූ බොහෝ නීති රීති වෙනස් කරන ලෙස දුසිමක් පමනවන බෞද්ධ කොමිෂන් වාර්‍තාවලින් ඉල්ලා සිටියත් අගමැතිවරු, ජනාධිපතීන්, ඇමති පෙන්දන් කිසිම ක්‍රියාමාර්‍ගයක් ගත්තේ නැත. අඩු ගනනේ උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂමේ යෝජනාවත් ක්‍රියාත්මක නොවීය. කලාතුරකින්වත් කල දේ බුද්ධාගමේ විනාශයටම හේතු විය. පාසැල් රජයට ගැනීම, පත්තර කන්තෝරු රජයට ගැනීම, විද්‍යෝදය-විද්‍යාලංකාර විනාශ කිරීම, වතු ජනසතු කිරීම ආදී සියල්ලම දේශපාලන් හොරුන් දමා කල විනාශකාරී ක්‍රියා විය.  බුද්ධාගම් ඇමති කෙනෙක් ඇති කිරීම ලොකුම ගොන් වැඩය විය. මේ නිසා පිස්සන් බුද්ධාගමේ පෝප් ලා වී ඇත.  අනිත් අතට මේ හැමදෙයක්ම සිංහලයා දෙමලාව සිංහල කිරීම පිනිස ගන්නා ලද උපක්‍රමය කියා ක්‍රිස්තියානි කොළඹ දෙමල පෙඩරල් කාරයින් කියා සිටියේය.

    සිංහල බෞද්ධයින් රැවටීමේ මේ කළු සුද්දන්ගේ ක්‍රියා පිලිවෙල දැන් එලිවී ඇත. බලෙන් අන්‍යාගම්කරණය, අලෙවි මවුලාන්ගේ ගව ඝාතන පින් කම්, රැවුල ගිනිගත් විට සුරුට්ටු පත්තු කරගන්නවා වැනි ආණ්ඩුව කොට උඩ යෑමට වගේ පේනා විට හොරෙන් ෂාරියා හලාල් ගෙන ඒම, ගෝනි බිල්ලන්සේ මුස්ලිම් කාන්තාවන් මුලු මුහුනම වසා ගැනීම, නොයෙක් කූට ක්‍රම මගින් සිංහල කාන්තාවන් ට වඳ බෙහෙත් කැවීම, කසාඳ බන්දවා ගැනීම, සෑම පුරාණ බෞද්ධ සිද්ධස්ථාන අසලම මුස්ලිම් ටකරන් පල්ලි ඇටවීම, මාල දිවයිනේ, පකිස්ථානයේ, ඇෆ්ඝනිස්ථානයේ මිනිසුන්ට ලංකාව පදිංච්වීමට ලබා දීම, මේ ආදී නොයෙක් ක්‍රියා පෙන්වා දුන්නත් රජය නිහඬව සිටීම හීතල යුද්ධයක් වී ඇත. රජය හා පගා ගන්නා පොලිසිය නිහඬව සිටින විට හාමුදුරුවරුන් ඉදිරියට ආ විට රජය නැති නීති ගැන කතා කිරීම විහිළුවක් වී ඇත. එක්කෝ නීති ක්‍රියාත්මක කල යුතුය.

නැත්නම නැති නීති අළුතින් පැනවිය යුතුය.

    බොරු කාරයින් සිවුරු දමාගෙන හැසිරීම මෙහිදී උදාහරණයක් ලෙස දැක්විය හැකිය. ඉස්ලාම් හා ක්‍රිස්තියානි දිගුකාලීන ප්ලෑන් ලෙස අවුරුදු විස්සකට පෙර හොරෙක්ව මහන කමට දම්ම්වා ගත හැකිය. අවුරුදු විස්ස්කට පසු පන්සලේ භාර කාරයා වන මේ හොරා බුද්ධාගම කබා සීනියා කරන්නෙක් විය හැකිය. වටරැක විජිත ගැන හෝ ව්ඳුරඹ සිරිවර්‍ධන හෝ පිටිදූවේ රහත් හොරා ගැන සිතා බලන විට මේ අයගේ වංචා එලිකර නිතියෙන් දඬුවම් කර සිවුර ගලවා දැම්මට බලයක් ඇති සංඝාධිකරණයක් පිහිටුවන ලෙස අවුරුදු 60 ක් තිස්සේම ඉල්ලා සිටියත් බොරු බෞද්ධ දේශපාලක හොරු නිහඬය.

චන්ද්‍රප්‍රේමලා කෑ ගසති. චන්ද්‍රප්‍රේමලා දයාන්ලා, රාජිතලා සිංහල බෞද්ධයින් කියනා මේ ප්‍රශ්න ගැන නිහඬය.    මුළු ලෝකයේම ඉස්ලාම් අන්තවාදය පැතිරීයාම හා ක්‍රිස්තියානී මූල ධර්‍ම වාදීන් පිස්සු බල්ලන්සේ හැසිරීම මේ අයට නොපෙනේ. දුර්‍වල රජයකට ලණු දීම ඔවුන්ගේ රාජකාරියය. ඔවුන් දැන් දැන් වල්පොල රාහුල, ගංගොඩවිල සෝම යන නම්ද පාවිච්චි කරමින් සිටී. ඒ අස්සෙන් ඩලස් අලහප්පෙරුමලා අරාබි සල්ලිවලට කෑදර කමේ මවුලාවරුන් පුහුණු කිරීමට අරාබි නමින් විශ්ව විද්‍යාල විවෘත කරමින් සිටී. මුස්ලිමුන් 40,000 ක් ඉන්නා නගරයකට මුස්ලිම් පල්ලි 49 ක් ම සදා ඇත්තේ අරාබි තෙල් සල්ලි වලිනි.  

  චන්ද්‍රප්‍රේමලා ගේ ප්ලෑන මිස් මිචෙල් සිසන් ගේ ප්ලෑන හා එකතුවන බවට හොඳම උදාහරණය ඥානසාර හාමුදුරුවන්ගේ වීසා එක අවලංගු කිරීමය. නරේන්ද්‍ර මෝඩිට 2005 සිට ඇමෙරිකාවට ඒම තහනම් කර තිබුණත් ඔහු චන්දය දිනපු හැටියේම ඔබාමාම ඒ තහනම ඉවත්කර ඔහුට ඇමෙරිකාවට එන්නට ආරාධනා කලේය. මගේ පුද්ගලික මතය නම් ඥානසාර හාමුදුරුවන ඇමෙරිකාවට නොපැමිනිය යුතුය කියාය. ඔහුගේ ජීවිත ආරක්‍ෂාවට තර්‍ජනයක් මේ රටේ දී ඇතිවිය හැකි නිසාය. එය සෝම හාමුදුරුවන්ට වූ දේ වැනි දෙයක් විය හැකිය. නමුත් ඇමෙරිකන් මහජනයා ඇමෙරිකන් නිලධාරීන් නොවේ.

ඔවුන් යුක්ති සහගත සාධාරණ මිනිසුන් ය. මාධ්‍ය මාෆියා මගින් ඔවුන්ගේ ඇස් බැඳ, නොමගයවන අවස්ථා එමටය.    ඒසියන් ට්‍රිබුයුන් වෙබ් අඩවියේ දයා ගමගේ විසින් ජූලි 4 දා ලියූ ලිපියක කියන්නේ ඥානසාර හාමුදුරුවන්ට විසා තහනමක් දමා ඇත්තේ ඔහු ගෝඨාභය රාජපක්‍ෂගේ ඉත්තෙක් කියා කොළඹ ඇමෙරිකන් තානාපතිවරිය තීරණය කර ඇති නිසා බවය. 1998 ජාත්‍යන්තර ආගමික නිදහස පිළිඹඳ ඇමෙරිකන් නීතියේ 604 ජී වගන්තිය අනුව අන් අයගේ ආගමික නිදහසට විරුද්ධව ක්‍රියාකරන විදේශ නිලධාරීන්ට වීසා දීම තහනම් කර ඇත. ගෝටාභය හා එකට පින්තූර ගෙන ඇති නිසා ඥානසාර හිමියන්ව ගෝටාභය හරහා රජයේ නිලධාරියෙක් කර ඇත්තේ සිසන් නෝනාය.

    මා සලකන්නේ ඇමෙරිකන් වීසා එක නැති කිරීම හාමුදුරුවන්ගේ අපලයක් ගෙවීමක් හා වෙස්වලාගත් භාග්‍යයක් ලෙසය. එසේ වුවත් සිසන් නෝනලා චන්ද්‍රප්‍රේමලා වැනි ලංකාවේ ඉත්තන් රැල අල්ලා ගෙන මේ රටට කරන හානිය ඇමෙරිකාවේ නීතිපතිටත්, කොන්ග්‍රස් එකටත් පෙන්වා දීමට මේ විසා සිද්ධිය කදිම අවස්ථාවක් යැයි මට සිතේ. ඇමෙරිකාවේ ද නොයෙක් ප්‍රශ්න ඇතත් 1978 සිට මා ඇමෙරිකාවේ ජීවත් වන්නේ මේ රටේ සමාජය සාධාරණ සමාජයක් නිසාත්, යමෙකුට යමෙක්ව රැවටිය හැක්කේ තාවකාලිකව මිස සදාකාලිකව නොවන නිසාය.

    බොදු බල සේනාවේ ව්‍යවස්ථා, නිල පත්‍රිකා, හා නොයෙක් ක්‍රියාවන් වලින් කිසිදු ආගමකට හෝ වර්‍ගයකට හානියක් සිදු කර නැත. තමන්ගේ වත්ත ශුද්ධ කර ගැනීමට යාමේදී බිලියන ගනන් වන මුස්ලිම් පිරිස් අතරේ හා ක්‍රිස්තියානීන් අතරේ මූලධර්‍ම වාදීන් අන්තවාදී ක්‍රියාවල නිරතව සිටින විට හා ඒ බව පෙන්වා දුන් විට සිංහල බෞද්ධ යැයි කියා ගන්නා පාලකයින් නිවට ලෙස හැසිරෙන විට සාමකාමීව ප්‍රතික්‍රියා කිරීම ආගමික නිදහසට බාධා කිරීමක් නොවේ. මේ බව හරි ආකාරයට පෙන්නා දීම ඇමෙරිකාවට කරන සේවයකි.

    මොහමඩ් අලි ජින්නා වරක් ගාන්ධිට කිව්වේ, “මිස්ටර් ගාන්ධි, යූ වර්‍ෂිප් කව් ඇන්ඩ් වී ඊට් කව්, සෝ හව් කැන් වී බි ෆ්රෙන්ඩ්ස්” කියාය. මේ ඉන්ටර්ෆේත් මල ඉලව්වද එවැනි දෙයකි. සර්‍ව බලධාරී දෙවියෙක් නොපිලිගන්නා, මිනිස් ජීවිතය චක්‍රාකාරයයිද එහි ආත්මයක් නැතැයිද, චතුරාර්‍ය සත්‍යය හා ආර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය අනුගමනය කරන් බුද්ධාගම ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව් ආගම් සමඟ පාස්සන්නට නොහැකිය. මෙය ජාත්‍යන්තර ප්‍රෝඩාවක් ලංකාවේ දේශපාලකයින් තමන්ට චන්ද ලබා ගැනීම පිනිස කරන උප්පරවැට්ටියක් පමණය. මෙවැනි දේ සඳහා අල්ලා ගත හැකි හාමුදුරුවරු එමටය. මහාවිහාර අභයගිරි කාලයේ සිටම එවැනි අය සිටියේය. අන් ආගම් වලට ගරු කිරීම හානි නොකිරීම ගැන බුද්ධාගමට පාර පෙන්වීමට සුද්දන් ලඟදී හදාගත් හියුමන් රයිට්ස් නීති හෝ කොම්ෂන් අවශ්‍යද?

    මේ වගේම පිස්සු අදහසක් නම් බහු ජාතික කතාවය. ලංකාව සිංහල බෞද්ධයින්ගේ රටය. ක්‍රිස්තියානී වූයේ මේ බෞද්ධයින් මය. මේ අයටවත් ඉස්ලාම් අයටවත් බෞද්ධයින්ගෙන් හානියක් නොවීය. පන්සලක සියයට තිහක් පමණ ශුද්ධ භූමිය වෙන්වී ඇත්තේ හින්දු දෙවි දේවතාවන්ටය. මේ රටේ කාටවත් වෙන් කල නිජ භූමි නැත. නියම වශයෙන් කියනවා නම් තේසවලමෙයි නීතිය හා ගෑනුන් පහක් තබා ගැනීමට ඇති ඉස්ලාම් නීතිය අහෝසි කල යුතුය. මේ රටේ ඇති සිංහල බෞද්ධ පදනම යටතේ අවුරුදු දෙදාහක කාලයක් තිස්සේ දෙමල හා පසු කාලයක පැමිනි මුස්ලිම් ජාතිකයින් ජීවත් විය. සියළුම අයිතිවාසිකම් ඇතිව ලංකාවේ ජීවත්වීමට සුළු ජනවාර්‍ගිකයින්ට බාධාවක් වී නැත. ප්‍රශ්නයක් මතු වූයේ වෙනම දෙමල රටක් ඉල්ලා ටැමිල් නාඩ් පටන්ගත් නාඩගම නිසාය. චෙල්වනායගම්ට මෙය හොඳ ජාවාරමක් විය. සිංහල කළු සුද්දන් මෙහිදී නිවට ලෙස හැසුරුනේය. බලයට කෑදරකම නිසා මොවුන් රට විනාශ කලේය. ජන සභා මගින් ගමේ ජනයාට බලය පවරා මේ රට ගොඩ ගැනීමට තිබුනු අවස්ථාව වෙනුවට දිවි නැඟුමක් අටවා, පලාත් සභා හොරුන් සමග කැලෑ පාරකට රට දක්කා ගෙන යෑම දැන් පාරාවලල්ලක් වෙමින් පවතී. මා විසින් සංහිඳියා කොමිසමට දුන් සාක්‍ෂිය සලකා බැලීමට බොදු බල සේනාවට කාලය පැමිණ ඇතැයි මම සිතමි. මී ලඟ මහ චන්දයේදී ගමින් ගමට ගොස් හොර බෞද්ධයින් පැරදවීමටත්, පක්‍ෂ දේශපාලනයෙන් මහජනයා ගලවා ගැනීමටත් ඥානසාර හාමුදුරුවන්ට බලයක් ඇති බව නිසැකය.

7 Responses to ““බැටන් චාර්‍ජ් මෑඩ් මන්ක්ස්” – සී ඒ චන්ද්‍රප්‍රේම”

  1. Ratanapala Says:

    I fully agree with all what is said above. All what ails Sri Lanka is said succinctly. It is only at Sri Lanka’s peril we can ignore what is said above. Patriots are constantly pointing out to this government how to correct the wrong ways and lead the nations. I am beginning to feel that Christians have got hold of President for good. They have started to dictate how Sri Lanka should be run.

    C A Chandraprema is a mole trying to appear as a patriot. Sinhala nation must be aware of such people. Gota’s War is a subtle attempt to get into his good books. As mentioned, the truth cannot be hidden for long – you can’t fool all the people all the time. With his comments on the Aluthgama incident and Bodu Bala Sena he exhibited his Christian tail.

  2. Lorenzo Says:

    Long live Gnanasara!
    May there be many more like him!

    If the dog is not barking at the thieves, at least the donkey should.

  3. Nanda Says:

    “අනාගාරික ධර්‍මපාලතුමා හා මෑතකදී ගංගොඩවිල සෝම හාමුදුරුවන් විසින් ද කියා සිටියේ මෙයම වුවත් සිහි විකල් බුද්ධ ශාසන අගමැතිත්, රාජපක්‍ෂ ජනාධිපතිතුමාත් ඉන්ටර්ෆේත් බහුබූතය හා බහු ජාතික මනස්කාරය බදාගැනීම නිසා අසරණවූ සිංහල බෞද්ධයාට ඥානසාර හිමියන් නූතන දියසේන කුමාරයෙක් වැනි විය. 2005 හා 2010 ජනාධිපති මැතිවරණ වලදී රට කැඩීමට උල්පන්දම්දුන් අය අද කැබිනට් ඇමතිවරු වේශයෙන් සිංහලයින්ට හානි කරමින් සිටී. ”

    හරියටම හරි. මහ එකා දැන් ඉන්නේ ගූ බයේ.

  4. callistus Says:

    නොර්වේ රජයේ ඇමෙරිකාවේ සහ කොටි ඩයස්පෝරාවේ උගුල් වලට අහුඋනු අය තමයි මෙතන කොමෙන්ට්ස් ලියන වැඩි දෙනෙක්. ඔය බොදුබලු සේනාව තමයි දවසක බුද්ධාගම වනසන්නෙ. ඉස්සෙල්ලම ඥානසාර කියන චිවරධාරියා ලොකප් කරලා හිටින්න ඹ්නෑ

  5. Senevirath Says:

    CALLISTUS– THIS NAME ITSELF SAYS WHO U ARE U ARE AN ANTI BUDDHIST. NOBODY CAN DESTROY A PHILOSOPY . SO DONT WORRY B BS IS TRYING TO SAFEGUARD BUDDHIST CULTURE U KNOW WHAT HAPPENED IN AFGHANISTAN U MIGHT LIKE IF IT HAPPENS IN SINHALE

  6. Senevirath Says:

    CALLISTUS READ — PART 1-4 KANNADUN ATHA……. ARTICLE DO U KNOW THE HISTORY OF SINHALE. PL.. LEARN

  7. Lorenzo Says:

    Callistus is a PROVEN JIHADIST. I have told it many times.

    At the same time we should be OPEN to challenges. WHY BBS is not taking on Tamil terrorists? I have NEVER seen BBS take on Tamil terrorists or Endia.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress