මහා නායක හා අනිකුත් හාමුදුරුවරුන් ගැන නහයෙන් අඬන චන්ද්‍රප්‍රේම
Posted on July 9th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

    අයිලන්ඩ් පත්තරේ අයිතිකාරයාසේ ක්‍රියාකරන සී ඒ චන්ද්‍රප්‍රේම, ලංකාවට අළුතෙන්ම පහලවූ දිවසේන කුමාරයා යයි කටපුරා කිවහැකි ඥානසාර හාමුදුරුවන් ගැන බොරු ලියමින් මඩ ගැසීමේ තවත් උත්සාහයක් ජූලි 6 දා ඔහු සන්ඩේ අයිලන්ඩ් පත්තරේට ලියූ ඥානසාර ථේර ඇන්ඩ් ද යු එන් පී (ඟ්නනසාර Tහෙරො අන්ඩ් ඨෙ UNP) යන හෑල්ලෙන් කර ඇත. එහි එය නිර්‍ණාමිකව ලියා ඇත්තේ ඔහු බව මට දැනගත හැකි වූයේ ඩී බී එස් ජෙයරාජ්ගේ වෙබ් අඩවියේ ඔහුගේ නමින් එය නැවතත් පලකර තිබුණ නිසාය. මේ වගේ දේවල් නමක් නැතිව අයිලන්ඩ් පත්තරේ දැමීම ඔවුන්ගේ පත්තර නිදහස හෝ නිවට කම හෝ විය යුතුය. කොළඹ ඉන්නා ඉංග්‍රීසි කළු සුද්දන්ට ඔහු ලියන මේ ජරා මවා පෑම් වල සත්‍ය තත්වය පෙන්වා දීමෙන් අපට ඔහුට සේවයක් කල හැකිය. හැමදෙනාම කොන්ඩේ බැඳපු චීනුන් නොවන බව ඔහුට පෙනී යා හැකි නිසාය.

    ඔහුගේ ලිපියෙන් එළිවන කාරණයක් නම් ඥානසාර හාමුදුරුවන්ට ආණ්ඩු පෙරලීමට කෙසේ වෙතත් ආණ්ඩුවට බරපතල හිසරදයක් වීමට හැකි බව දැන් ඔහුද පිලිගෙන ඇති බවය. මීට පෙර ඔහු ලිව්වේ හාමුදුරුවන්ව සමච්චලයට හා හෑල්ලුවට ලක් කරමින් ය. ඔහුට දැන් කේන්ති ගොස් ඇත්තේ මල්වත්තේ මහා නායක හාමුදුරුවන් හා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ඥානසාර හාමුදුරුවන් හා බොදු බල සේනාවට විරුද්ධව කතා නොකිරීම ගැනය. දයාන් ජයතිලක මෙන් ඔහුත් ලංකා වෙබ් අඩවිය බලා අපේ අදහස් දැනගෙන ඒවා කොපි කිරීමට තැත් කරන බවක්ද දැන් පෙනී යයි. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව සිංහල බෞද්ධයාට, මහානායක හිමිවරුන්ට තැකීමක් නොකිරීමත්, කාර්‍ඩිනල්ට සැලකීමත් ප්‍රශ්නයක් බව ඔහු දැන් කියයි. මේ බව බොදු බල සේනාවද නොයෙක් වර පෙන්වා දී ඇත. හිත හොඳ ගෑනී ගේ කතාවද දැන් ඔහුට ඒත්තු ගොස් ඇති සේය.

    හැකි උපරිමයෙන් යමෙකුට මඩ බෝල ගැසූ විට ඉන් එකක් දෙකක් හෝ වත් යාන්තමින් හෝ ඇඟේ වැදී යනු ඇත යන උපක්‍රමය අනුව යමින් චන්ද්‍රප්‍රේම කියන මඩ කතා බොහෝ ය. ඒවායින් එලි වන්නේ ඔහුගේ බලවත් මානසික විකෘතියත්, ආතතියත්, ඔහුගේ හා ඔහුගේ පත්තරේ පහත් කමත් ය. ෆෙඩ්‍රීකා ජෑන්ෂ් මාළු ඔතන පත්තර ගැන කිව්වේ මේ නිසා විය යුතුය. 1960 ගණන් වලදී පුවත් පත් කොමිෂම පත්තරකාරයින්ව ගනිකාවන්ට සමාන කලේද මේ නිසා නොවේද?

චන්ද්‍රප්‍රේම කියන දේ!

(1) 2011 දී අප්‍රසිද්ධ හාමුදුරුනමක්වූ ඥානසාර හිමියන්ට ඇමෙරිකාව අවුරුදු පහකට විසිටර්‍ස් වීසා දුන්නේ ඔහු රනිල් වික්‍රමසිංහගේ ඉත්තෙක් වූ නිසාය.

(2) චන්ද්‍රප්‍රේම ඥානසාර හිමියන් කියන කෙනෙක් ගැන දැනගත්තේ හලාල් ගැන මතුවූ ප්‍රශ්නයේදීය. ඊට පෙර මේ හාමුදුරුවන් නොවැදගත් කවුරුත් නොදන්නා පුද්ගලයෙකි. ඔහු සිතුවේ ගලබොඩ ඥානිස්සර නම් ප්‍රසිද්ධ හාමුදුරුවන් මේ හලාල් ගැන කතා කරනවා කියාය.

(3) බීමත් ව වාහනයක් එලෙව්වා කියා වරද පිලිගත් හා කොළඹ යුධ විරෝධී පෙරමුණේ මීටිමකට (කුමාර් රූපසිංහලාගේ) කඩා පැන එයට බාධාකල කෙනෙකුට ඇමෙරිකන් වීසා දීම ගුප්ත සහගත බව චන්ද්‍රප්‍රේමගේ මතයය (මේ බීමත් කතාවේ සුල මුල ඥානසාර හාමුදුරුවන් රටටම කියාදී ඇත. රට ජාතිය, ආගම වෙනුවෙන් උන්වහන්සේ කල මේ බීමත් වුනාය කියන කැපවීම ගැන මාසික සංඝ ශීල/විනය/ශික්‍ෂාපද කාරක සභාව විසින් සලකා බලා ඇත (පාටිමොක්ඛ?)). ඔහු සිතන්නේ විසා දුන්නේ හාමුදුරුවන් ඇමෙරිකාවට ප්‍රයෝජනවත් ලෙස ක්‍රියා කරනවා නම් ඇමෙරිකාව උන්වහන්සේ ගැන බලා ගන්නට සූදානම් බවට දුන් ඉඟියක් හැටියට කියාය.

    ඉංග්‍රීසි ජාතික දාර්‍ශනිකයෙක්වූ බර්‍ට්‍රන්ඩ් රසල්ට වත් විශ්ව විද්‍යාල රක්‍ෂාවක් භාරගැනීමට ඇමෙරිකාවට ඒමට වීසා දුන්නේ නැත. මේ නිසා මේ වීසා දීම ගැන යමෙකුට තනි මතයකට ඒමට නොහැකිය. 1978 දී ඇමෙරිකන් වීසා ගැනීම සඳහා මට පස් හය වතාවක් එම්බසියට යාමට සිදුවිය. ඇමෙරිකන් නිලධාරීන් සමඟ අවංකව හා කැත්තට පොල්ල වගේ සිටිය යුතුය. මා වගේ බලය, ධනය හෝ කනෙක්‍ෂන්ස් නොතිබූ අයෙකුට ඒ කාලයේ රුසියාවට හෝ ඉන්දියාවට හෝ වත් වීසා නොදෙන්නට ඉඩ තිබුණත් ඇමෙරිකාව එසේ නොවේ. 2008 මෝඩිට විසා තහනමක් දැමූ ඇමෙරිකාව 2014 දී ඔහුට ඇමෙරිකාවට එන ලෙස ආරාධනා කලේය. මේ නිසා ඥානසාර හාමුදුරුවන්ගේ වීසා කතාව වාතයක් වෙඩිල්ලක් කර ගැනීමකි.

(4) ඥානසාර හිමියන් ඇමෙරිකන් හා නොර්‍වේ සම්බන්ධතා ඇති කරගන්නට පෙර යූ එන් පී කාරයෙකි. ඒ කාලයේ ඔහු දේශපාලන ලෝකයේ හිඟන්නෙකි.

(5) හාමුදුරුවෝ 2010 දී සරත් ෆොන්සේකාට වැඩ කලේය.

(6) රනිල් වික්‍රමසිංහ හලාල් සහතිකයට විරුද්ධවුනේ ඥානසාර සම්බන්ධය නිසාය.

(7) නලිනි ව්ජේවර්‍ධන (රනිල්ගේ අම්මා) මරණාසන්නව සිටින විට පිරිත් කිව්වේ ඥානසාර හාමුදුරුවෝය. බුද්ධාගම විනාශ කරන මෙවැනි තග් මන්ක් කෙනෙක් ලවා එසේ පිරිත් කියවා ගැනීම ගැන චන්ද්‍රප්‍රේම විමතිය පල කරයි.

(8) චෝගම් දවස්වල බොදු බල සේනාව සිරි කොත ආක්‍රමණය කල විට එහි සිටි යූ එන් පී කාරයෝ හාමුදුරුවරුන්ගේ පුරුෂ ලිංග ප්‍රදේශය මිරිකුවේය (මෙවැනි දෙයක් ජාතික හෙල උරුමයේ හාමුදුරුනමකට කථානායක තේරීමෙ චන්දයේදී පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරු කලේය. මේ කතාව චන්ද්‍රප්‍රේම ලියන්නේ මන්ද?) කොබ්බෑකඩුව ආදාහනයට ප්‍රේමදාස වෙනුවෙන් කනත්තට ගිය දයාන් ජයතිලකව ජනයා නිර්‍වස්ත්‍ර කල විට වසාගත්තේ එන් එම් පෙරේරාගේ ලේකම්ගේ දුවවන තිසරනී ගුණසේකර විසින් ඇගේ සාරි පොටින් ය. චන්ද්‍රිකාගේ කාලයේ වයඹදී කාන්තාවක් නිරුවත්කර පාරේ යැව්වේය. මේවා තිරිසන් වැඩය.  (ඥානසාර හාමුදුරුවන්ට සිරිකොත ගෑනු කොන්ඩා කටුවලින්ද ඇන්නා කියා චන්ද්‍රප්‍රේම ලියයි. දයාන් ජයතිලක විසින් බෞද්ධයෙක් ලෙස හඳුන්වා දෙන්නේ මේ චන්ද්‍රප්‍රේම වය)  සිරිකොතට ගියේ එහි ඇතුලේ සිටි යූ එන් පී ප්‍රබලයෙක්ම සිංහල බෞද්ධ විරෝධී ප්‍රදර්‍ශනයක් ගැන දැනුම් දුන් නිසා බව දිලන්ත විතානගේ එලිදරව් කලේය. චන්ද්‍රප්‍රේම හා දයාන් යන දෙන්නා උග්‍ර මාක්ස්වාදීන් මිස බෞද්ධ සාර ධර්‍ම දන්නා අය නොවේ.

(9) යූ එන් පී එකට කරගන්නට බැරිවූ ආණ්ඩුවට බැටයක් දීම ඥානසාර හාමුදුරුවන්ට කල හැකිවීම ගැන මවිතවී සිටින යූ එන් පී කාරයෝ හාමුදුරුවන්ව හිරභාරයට ගත්තොත් ලංකාවේ මහා කලබගෑනියක් හටගන්නවා නිසැකයයි කතාවක් පතුරවනවා යයි චන්ද්‍රප්‍රේම කියයි.

(10) ඉස්ලාම් තලිබාන් කාරයින්ට ලංකාවේ කල හැකි දෙයක් නැත. ඔවුන් ගැන බිය වීමට අවශ්‍ය නැත. එවැනි ප්‍රශ්නයක් මතු වුනත් එය විසඳන්නේ යුද්ධ හමුදාව මිස හාමුදුරුවරුන් නොවේ යයි චන්ද්‍රප්‍රේම කියයි.

(11) ඉස්ලාම් ප්‍රශ්නයක් මතු කරන්නේ ඉස්ලාම් රටවල් ලංකාවට හතුරන් කිරීමටත්, ජාත්‍යන්තරයට ලංකාව බකල් කිරීමට ඉඩ ලබා දීමටත් ය. චන්ද්‍රප්‍රේම හා රාජිත හාමුදුරුවන්ව දෙමල ටයිගර්‍ලා සමඟ පෑස්සීමට උත්සාහ කරයි.

(12) දවල් කාලයේ කාර් හා මෝටර් සයිකල් රේස් 1970 ගනන් වලද නුවර දී සිදු විය. රේස් පටන් ගත්තේ දළදා මාළිගාව අසලින් ලු.

(13) මහා නායක හිමිවරුන් හා අනිකුත් වයෝවෘධ හිමිවරුන් බොදු බල සේනාවේ මැර ක්‍රියා නතර කරන්නේ නම් හෝ ඒවාට සහයෝගය නොදෙන්නේ නම් මහානායක හිමිවරුන්ට ලැබෙන ගෞරවය වැඩිවෙනු ඇත. මල්වත්තේ මහානායක හාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවන්ට බෞද්ධ විරෝධී මැර වැඩ කිරීමට බ්ලෑන්ක් චෙක් එකක් දුන්නා යයි චන්ද්‍රප්‍රේම කියයි.

(14) ගෝඨාභය හා බොදු බල සේනා අතර සම්බ්න්ධයක් නැත.

(15) සිංහලයින්ට නායකයෙක් ඇත. ඔහු මහින්ද රාජපක්‍ෂය.

    මේ කාරණා පහලොවෙන් වැදගැම්මක් ඇතොත් ඇත්තේ අංක 14 පමණය.  අංක 10 ගැන කියයුත්තේ යුද්ධය දිනාගත්තේ හාමුදුරුවරුන් දුන් ජීව ශක්තිය නිසා බවය. එල්ලේ ගුණවංශ හාමුදුරුවන් නම් සටන් බිමේ ම ලැගුම් ගෙන සිටියේය. යුද්ධයට විරුද්ධව රනිල්ලා, රවි කරුනානායකලා, කිරිැල්ලෙලා කියපු දේවල් ඔවුන්ගේ පක්‍ෂයට දැනට 20 අවුරුදු ශාපයක් ගෙනදී ඇත. පොලිස් සුනඛ ලොක්කා යොදවා මිලෙනියම් සිටි ප්‍රහාරක බුද්ධි ඒකකය විනාශ කිරීම රනිල්ගේ ජාති ද්‍රෝහි ක්‍රියාවක් ය. හසලක වීරයාට පන දුන්නේ මේ රටේ හාමුදුරුවරුය. 

    බොදු බල සේනාව යනු මෑතකදී සෝම හාමුදුරුවන් විසින්, ඒ වන විට චන්ද්‍රිකා, මංගල සමරවීර, රනිල් යන අය විසින් නිවටයින් බවට පත්කර සිටි සිංහල බෞද්ධයින්ට මානසික ශක්තියක් හා ආත්ම විශ්වාසයක් ලබා දීමට ජීවිතය පූජා කර කල ව්‍යායාමයේ අළුත් මුහුණය. සෝම හාමුදුරුවන්ගේ උත්සාහයේ දෑවැද්දට හිමිකාරයෙක් වුන මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්ටර්ෆේත් කාරයෙක් හා බහු ජාතික දාර්‍ශනිකයෙක් වීම නිසා සිංහල බෞද්ධයින්ට සිදුවූ ඓතිහාසික අසාධාරණ කම් ගැනවත්, මෑතකදී සිදුවන සදාචාරශීලි නොවන අන්‍යාගම්කරණය හෝ ඉස්ලාම් තලිබාන් ෂාරියාකරණය ගැනවත් ක්‍රියා කලේ නැත. රාජසිංහ රජ්ජුරුවන් මලයාලි ගුරන් නිසා පන්සල් කැඩුවා වගේ, ආර් ප්‍රේමදාස මලයාලි කට්ටඩියන් නිසා ඔල්මාද වූනා වගේ නොවීමට මේ ජනාධ්පතිතුමාට තවමත් ඉඩ ඇත. මේ ගැන අවුරුදු දෙකක්ම කාරණා ඉදිරිපත්කර, දුක්ගැනවිලි කියලාත් කිසි ප්‍රතිපලයක් නොලැබුණ නිසා ඒවා මහජනයා ඉදිරියට ගෙන යෑමට බොදු බල සේනාවට සිදුවිය. බොදු බල සේනාව කලාය කියන අපරාධය මෙය ය.

        ගොන්, දෙමල කොටියන්සේ වැනි වූ ඇමතිවරුන්ට පරයින් කීමෙන් පටන්ගත් මේ එලිදරව් කිරීම රජෙකුට බඳු ආදරයක් ලබාගෙන තිබූ ජනාධිපති කෙනෙකුට, මහ උන්දෑ ඕයි කියා කීමෙන් කෙලවර විය. යුද්ධය දිනාගත් රජා කියා ඉන් මන් මත්වී ඔහේ එලවේසමට චන්ද ලබා ගැනීමට මෙතෙක් ඇරී තිබුණු දොර දැන් වැසෙමින් පවතී. වින්ස්ටන් චර්‍චිල් හිට්ලර්‍ගෙන් රට බේරා දුන්නත් ඊලඟට ආ මැතිවරණයේදී පරාද විය. සිංහල ජනයාගේ හැසිරීම එසේ නොවේ. ප්‍රේමදාස මැරුනු විට රට පුරාම රතිඤ්ඤා පත්තු වුනේත්, ජේ ආර් මධ්‍යස්ථානය විවෘත කරන විට දුසිමක්වත් නාවේත් මහජනයා ප්‍රකෘති තත්වය ඉවෙන් මෙන් දැනගන්නා නිසාය.  ඉදිරි මහ මැතිවරණයකදී, මෙතෙක් කල් දුප්පත් සිංහල කතෝලික හා සිංහල බෞද්ධ චන්ද ලබාගෙන පාර්‍ලිමේන්තුවේදී අසිංහල ලෙස හැසුරුණ මන්ත්‍රීලාට, අබ සරණ ලබා දීමට බොදු බල සේනාව ගමින් ගමට යනවා නිසැකය. චන්ද්‍රප්‍රේමලා, දයාන්ලා බය වෙලා ඉන්නේ මේ නිසාය. ඥානසාර හිමියන් රැක ගැනීම අපේ වගකීමය. පන්සල ලොකු කරගෙන සුඛොපභොගී ජීවිතයක් ගෙවන්නට ඔහුට ඉඩ නොතුබුණාද?     
   
    බොදු බල සේනාව තමන්ගේ බෞද්ධ වත්ත සුද්ද කරගන්නට ක්‍රියා කරන්නට යද්දී, බෞද්ධයින්ට ඇති ප්‍රශ්න ගැන සාකච්චා කරන්නට අවශ්‍ය බව ඉස්ලාම් හා ක්‍රිස්තියානි කොටස් වලටත්, ආණ්ඩුවේ ඒජන්ට්ලාටත් දැනුම් දුන්නත් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණි. ඒ වෙනුවට සිදුවූයේ රැවුල ගිනිගත් ආණ්ඩුවකින් සුරුට්ටු පත්තු කර ගන්නා ඉස්ලාම් තදියම්කි.  ඩලස් අලහප්පෙරුමලා අරාබි තෙල් සල්ලි වලින් අරාබි රජෙකුගේ නම දමා හදන තලිබාන් විශ්ව විද්‍යාලයකට මුල්ගල් තැබුවේ හොර රහසේමය. ටකරන් පල්ලි ලහි ලහියේ මතු විය. ග්‍රෑන්ඩ්පාස් ස්ටෝරුව පල්ලියක් වීමේ වංචාව බුද්ධ ශාසන යැයි කියා ගන්නා අමාත්‍යාංශයෙන්ම ඇති කල ලෙඩක් විය. ආණ්ඩුව සිංහලයින්ට අසාධාරණකම් කරන නීති අයින් කිරීම හෝ අළුත් නීති පනවනවා තබා රටේ තිබෙන නීතිය වත් හරියට ක්‍රියාත්මක කලේ නැත. රාජිත සේනාරත්නගේ බලපෑම මත අළුත්ගම පොලිසිය කෙතරම් දුරට සිංහල විරෝධී ලෙස ක්‍රියා කලාද යත් සිංහලයින් පොලිසිය වටලන හා පොලිසිය බේරන්නට ආ මන්ත්‍රීන්ලා එලවන තත්වයට වැටුනි. හරියට දුමෙන් දුම නසනවා, විෂෙන් විෂ නසනවා වාගේ, උද්වේගකර, ජාති මාමක කතාවක් දීමෙන් සිංහල ජනයාගේ ආවේග මැඩ පැවැත්වීමට හා ආත්ම විශ්වාසයක් ලබා දීමට ඥානසාර හාමුදුරුවන්ට හැකි විය. ඊට කලින් බහුජාතික කතා කියමින් පොලිසිය බේරන්නට මන්ත්‍රීලා ගියවිට ඔවුන්ට මාරාවේශවී සිටි සිංහල ජනයාගෙන් ගුටි නොකා පලා යන්නට සිදු විය. උන්වහන්සේ පණ්ඩිත විභාගයට, (අසරණ භාවයට පත්වූ) මිනිස් සිත ක්‍රියාකරණ ආකාරය ගැන ඉගෙන ගෙන තිබෙන්නට ඇත.

    කම් ඇන්ඩ් එක්සැමින් නොට් කම් ඇන්ඩ් බිලීව් (Cඔමෙ අන්ඩ් එෂමිනෙ, නොට් චොමෙ අන්ඩ් බෙලිෙවෙ) කියා කියන ආගමක් හා මිනිස් ජීවිතයේ අනිත්‍යය ගැන සිතන හා මැදි පිලිවෙත අනුගමනය කරන බෞද්ධයින්ට අන්තවාදීන් විය නොහැක. බෞද්ධයින්ගේ මේ සම්බන්ධ පැටිකිරිය ඔටුවාට හිස දාගන්නට ඉඩදීම වගේ කතාවක් මිස කඩුවෙන්, අරක්කුවලින්, වංචාවෙන් මිනිසුන් පල්ලි වලට දඩයම් කර ගැනීමක් නොවේ. තුවක්කුව රැගෙන එන මිනිහෙකුට හෝ පොසොන් පෝය දවසේ අසල පන්සලකට බණක් කීමට යන අල්ලපු ගමක නිතර දැක ඇති හාමුදුරුනමකට පාර අවහිර කර හිරිහැර කිරීමට තලිබාන් කොල්ලෝ තුන් දෙනෙක් රාජිතගේ බලය උඩ පුෂ්පාට් දමනවා නම් හෝ ධම්මපදය පෙන්වීම හෝ නව ගුන වැලක් ගැනීමට යෑම නන්දා මාලිනිගේ සිංදුවේ කියන ආකාරයේ නිශ්ඵල වැඩකි.

    ඥානසාර හාමුදුරුවන් බොරු සෝබනයට වැඩ කරන කෙනෙක් නොව අධ්‍යාත්මික වශයෙන් හා සමාජ සේවය සඳහා කරන කැපවීම අතින් පරිණාමය වූ අන්දම මෙහි පහතින් දක්වන ඔහුගේ මෑත ඉතිහාස කතාවෙන් පෙනී යනු ඇත. ඔහු ප්‍රසිද්ධිය සඳහා දුව පැන ගිය අයෙක් නොවේ.  මෙම විස්තරය මට ලඟදී ලැබුනේ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ට ඉතා කිට්ටුවෙන් සිටි මා දන්නා සිංහල බෞද්ධයෙකුගෙනි. සෝම හාමුදුරුවන් රුසියාවට යෑම වැලැක්වීමටද ඒ කාලයේ ඔහු උත්සාහ කලේය. ඔහු ජාතික සංඝ සම්මේලනයේ (ජේ එස් එස්) මැදපෙරදිග කෝර්‍ඩිනේටර් වශයෙන් සේවය කලේය. මේ ඔහු කියන දේ ය.

    “….ඥානසාර හිමි නිසා නොවේ නම් ලංකාවේ උතුර-නැගෙනහිර ප්‍රභාකරන්ට අයිති වීමට තිබුණි. 2005 දී ඥානසාර හිමිත් අතුරැලියේ රතන හිමිත් ජේ එස් එස් හරහා පීටොම් වලට විරුද්ධව බලවත් ව්‍යාපාරයක් දියත් කලේය. 

    රතන හිමි වංචාකාරී අන්‍යාගම්කරණයට ප්‍රතිකර්‍මයක් කරන ලෙස චන්ද්‍රිකා ගෙන් නිතර නිතර ඉල්ලා සිටියත් ඇය අඩු තරමින් ඇයව මුන ගැසීමට අවස්ථාවක් වත් දුන්නේ නැත. මේ නිසා 2004 දී දවසක් මහ රෑ රතන හාමුදුරුවන් අපට කතාකර මේ නායකයින්ගෙන් වැඩක් නොවන බවත් මේ නිසා ජේ එස් එස් පාර්‍ලිමේන්තුවට යායුතුව ඇති බවත් කියා සිටියේය.

    මැදපෙරදිග සිටි සමහරු මෙසේ ජේ එස් එස් පාර්‍ලිමේන්තුවට යෑමේ අදහසට අකමැති වුනත් එයට ආධාර කිරීමට අපි සමහර දෙනෙක් තීරණය කලෙමු.

    මේ අතරතුරදී සෝම හාමුදුරුවන් නැතිවූ අතර උන්වහන්සේගේ දේහයට රාජ්‍ය ආදාහනයක් නිදහස් පිටියේදී දිය යුතුයයි රතන හිමියන් චන්ද්‍රිකාට දන්වා සිටියේය.

    චන්ද්‍රිකා එය ප්‍රතික්‍ෂේප කල විට උඩුවේ ධම්මාලෝක හා කොලොන්නාවේ සුමංගල යන හාමුදුරුවරු දෙන්නා චන්ද්‍රිකාට බල කර සිට්‍යේය. මෙම සිදුවීම ජේ එස් එස්/ජේ එච් යු භූමිකාවේ වැදගත් සන්ධ් ස්ථානයක් විය.

    ආදාහනයට පසුව පාර්‍ලිමේන්තුවට යෑමේ අවශ්‍යතාවය බොහෝ හාමුදුරුවරුන්ට හොඳින්ම තහවුරුවූ අතර ඒ සඳහා මූලිකත්වය ගත් රතන හාමුදුරුවෝ චම්පික රණවක සමඟ එක්වී ජාතික හෙල උරුමය නමින් දේශපාලන පක්‍ෂයක් සදා 2004 දී පාර්‍ලිමේන්තුවට ගියේය. චන්ද්‍රිකා ජේ වී පී එකත් සමග ආණ්ඩුවක් හදා ගත්තේය.

    මේ අතර කථානායක තේරීමේදී ජේ වී පී එකත් සමග ගැටුමක් මතු විය. එහිදී මැද පෙරදිග සිටි අප තීරණය කලේ ජේ එච් යූ වෙනුවට ජේ එස් එස් එකට ආධාර දීමය. මෙසේ කලේ, ඒ වන විට ජේ එච් යූ එකට අරමුදල් පිලිඹද ප්‍රශ්නයක් නොතිබුන නිසාත් මැද පෙරදිග සිට දේශපාලන ව්‍යාපාරයකට මැදිහත්වීමට අපට හැකියාවක් නොතිබුන නිසාත් ය. මේ නිසා කෘර ප්‍රභාකරන් මර්‍ධනය කිරීමට අපි අපගේ අවධානය යොමු කලෙමු.

    2004 දී ෂුනාමිය ආවිට නොයෙක් එන් ජී ඕ නඩ එය හරහා රට කැඩීමේ ව්‍යාපාරය ගෙන යන්නට ක්‍රියා කලේය. ජේ වී පී හා ජේ එච් යූ පක්‍ෂ මෙම ව්‍යාපාරයට ලොකු බාධාවක් බව මේ විදේශ නඩ වලට මේ අවස්ථාවේ දී පෙනී ගියේය.

    පීටොම් ගෙනාවේ මේ නිසාය. ඒ මගින් රට කැඩීම ඉක්මන් කරගන්නට මේ විදේශ නඩ සිතුවේය. පීටොම් ලොකු විනාශයක් වන බව පිටරට සිටින අපට ඒත්තු ගියේය. මේ අවස්ථා වේ දී අපගේ ආධාර ඇතුව ඥානසාර හාමුදුරුවන් මැදිහත්වී රට පුරාම පීටොම් විරෝධී ව්‍යාපාරයක් ගෙන යෑමට නායකත්වය දුන්නේය.

    මේ අතර තුර ලක්‍ෂ්මන් කදිරගමාර් ඝාතනය සිදුවිය. කනත්තේදී කතා කල මහින්ද රාජපක්‍ෂ කියා සිටියේ ජේ වී පී හා ජේ එච් යූ පක්‍ෂ ඔහුට සහාය දෙනවා නම් පීටොම් අවලංගු කිරීමට ඔහු පොරොන්දු වනවා කියාය.
   
    භික්‍ෂූන් වහන්සේලා 500 ක් සමග ඥානසාර හිමියන් අගමැති කාර්‍යාලයට පා ගමනින් ගොස් දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යක්ග්‍රහයක් කරන බවට ප්‍රතිඥාවක් දුන්නේ මේ අවස්ථාවේ දීය. ඥානසාර හිමියන් නිසා නොවේ නම් මේ පා ගමන සිදු නොවේ.

    මේ හැම දේම කරද්දී පක්‍ෂ දේශපාලනයට නොගෑවීමට ඥානසාර හිමියන් තීරණය කලේ අපගේ පූර්‍ණ අනුමැතිය ඇතිවය. 2005 චන්ද කාලයේ ඔහු දඹදිව වන්දනා ගමනක් ගියේ ද මේ නිසාය.

    2005 චන්දයට පසු ශ්‍රීපති සූරියaාරච්චිගේ ලඟ මිත්‍රයෙක්වූ ලෙෆ්ටිනන්ට් ආනන්ද සමග, ඥානසාර හිමියන් හා ජේ එස් එස් එක අන්‍යාගම්කරනයට විරුද්ධ ව්‍යාපාරයක් ආරම්භ කලේය. ශ්‍රීපති හා මංගල සමරවීර ආණ්ඩුවෙන් ඉවත්වුනේ මේ කාලයේය.

    මංගල සමරවීරට කිට්ටුවෙන් සිටි හැම දෙනාවම හිරභාරයට ගන්නට සී අයි ඩී එක ක්‍රියා කලේය. මේ නිසා ලෙෆ්ටිනන්ට් ආනන්දවත් ඥානසාර හාමුදුරුවන්වත් අත් අඩංගුවට ගන්නට වරෙන්තු නිකුත්විය. මේ නිසා ඔවුන් දෙන්නා මැලේසියාවට පලා ගියේය.

    මැලේසියාවෙන් ලංකාවට ආපසු මහජන වේදිකාවලට යෑමෙන් වැලකුණ ඥානසාර හමුදුරුවෝ නිහඬව දිගටම ජේ එස් එස් වැඩ කටයුතුවල නිරත විය. එසේ වුවත් යුධ විරෝධ් කොළඹ කඳවුරේ රැස්වීම් වලට නිර්‍භීතව කඩා නොපැන සිටීමට උන්වහන්සේ ගේ රුධිරය ඉඩ නොදුන්නේය. ඒ රැස්වීම් වල සිටියේ වාසුදේව, රාජිත, ඩිලාන් හා මනෝගනේෂන් වැනි අයය.

    මහින්ද රාජපක්‍ෂ, ශ්‍රීපතිට හා මංගලට කිට්ටුව සිටි අයට තර්‍ජනයක්ව සිටි කාලයේ  සරත් ෆොන්සේකාට සපෝට් කිරීම හැර වෙනත් විකල්පයක් ඥානසාර හිමියන්ට නොවීය. සරත් ෆොන්සේකාගේ නියම රංගනය එලිවූ විට ඔහු ගැන කලකිරුණු ඥානසාර හිමියන් බොදු බල සංවිධානය පිහිටුවා ගත්තේය.

    දිලන්ත විතානගේ ඥානසාර හාමුදුරුවන්ට සහාය දෙන ජාති මාමක සිංහලයෙකි.

    දැනට ලංකාවේ ඉන්නා දේශපාලකයින් හැමදෙනාටම වඩා තම මව්බිමට සේවයක් ඥානසාර හිමියන් කැපවීමකින් හා ආත්ම පරිත්‍යාගයෙන් කර ඇති බව මගේ නිගමනයයි. මා දැනට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියා වේය..” 

    ඥානසාර හිමියන්ට අපහාස කරන අය හඳට බුරන බල්ලන් වගේ නොවේ ද?

3 Responses to “මහා නායක හා අනිකුත් හාමුදුරුවරුන් ගැන නහයෙන් අඬන චන්ද්‍රප්‍රේම”

  1. callistus Says:

    ඥානසාර වගේ අසබ්‍ය වචන කතාකරන චි‍්වර ධාරි‍්න්ට විරුධ‍්දව නඞු පැවරිය යුතුයි. ඔවුන් බුදුදහම වනසන වසංගතයක්.

  2. callistus Says:

    ඥානසාර වගේ අසබ්‍ය වචන කතාකරන චි‍්වර ධාරි‍්න්ට විරුධ‍්දව නඞු පැවරිය යුතුයි. ඔවුන් බුදුදහම වනසන වසංගතයක්. මෙහි කතුවරයා බොරු බෞද‍්ධයෙක් බව පෙනෙ‍්.

  3. Nanda Says:

    ඥානසාර වගේ අසබ්‍ය වචන කතාකරන චි‍්වර ධාරි‍්න්ට විරුධ‍්දව සවුදි අරාබියේ නඞු පැවරිය යුතුයි.
    ලස්සන වචනයෙන් තෙරුවන් ගරහන මරක්කල බල්ලාට ලංකාවේ නඩු නොපැවරිය යුතුය​. – Callistus

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress