මම සිංහල බෞද්ධයෙක් වුයේ ඔබ රක ගන්නය් –3 කොටස
Posted on July 12th, 2014

 ධර්මසිරි සෙනෙවිරත්න

ගමේ ගොඩේ මිනිහා පවා  සියල්ල අනිත්‍ය බවත් වෙනස්වන  සුලු බවත් දනී අනිචේ දුක්ඛේ  කියන්නේ එනිසාය. කුඹුර හාන කොට පනුවෝ මැරෙන බව ඔහු දනී . එය ප්‍රාණඝාතයට ඇසුවේද නැද්ද යන්නත් දනී. පනුවෝ ඉබේ මැරෙති ඒත්  මොහු නගුල අසල දඟලන මඩකනය උඩින් නගුල ගෙනියන්නේ නැත. කුඹුර හාන ලෙබ්බේ නම් කනයට කෙවිටෙන් ගසා මරා  නියරේ හංගා  දවල් ගෙදර ගෙනයය්. සිංහල බෞධ්ධය ජීවිතයත්  නිවනත් අතර තවමත්  දෝලනය වන්නෙකි  කවදා හෝ  නිර්මල බෞද්ධයෙක් වන්නේත් මොහු මිස  ලෙබ්බේ ලා නම් නොවේ. දර්ශනය ගැඹුරින් තේරුම්ගත්   සියල්ල අතහැර දැන් ඈ තට  ඈ තට  ගොස් ඇත. ඔවුන්ට යන්නට  පාර  සකස් කර දුන්නේ සිංහල බෞධ්ධයා  ය. ඔවුන් නැතිව   මුස්ලිම්වරු  රට අල්ලා ගත්තානම්  නිවන් මගේ දොරවැ සී  නොයය් ද? එහෙයින්   පඬියනි   අභිධර්ම  කතා කියමින්  තනතුරුවල එල්ලී කාමභෝගී ජීවිත ගත කරමින්  අපට වැඩි බන නොකියා    යන්න අරණට….
                                     නිර්මල  බෞධ්ධ යා ට නැටුම් ගැයුම්  පවා අකැපය  . එහෙත් සිංහල බෞධ්ධයා ට මේවාත් තරමක් අවශ්ශය  නිදාගැනීමත් අවදිව සිටීමත්  දෙකම අවශ්ෂ්‍ය නිසා ඔහු  දැහැන්  ගතවිය හැකි  අමරදේව රවිශංකර්  මෙන්ම බිතෝවන්  ද  අහය්. ටිකක් විතර නටන්න ඕනා  නිසා  සරල ශාස්ත්‍රීය  ගී වන සුනිල්ගේ  සෙලෙස්තිනාත් දිවුල්ගනේගෙ  ගාලු කොටුවේ මීනච්ච්චිත් අසය්  එහෙත් කුණුහරුප බෛලා   අහන්නේ නැත… මොහු බෞද්ධ දර්ශනයෙන්  මේ ලෙස කිසියම් අනුපාතයකට සාරධර්ම යොදා තම සංස්කෘති ය හදාගෙන ඇත.
                                                                                      අපායට යන්නට ඕනෑනම්  දවසක් රජකම් කරපන්  යනුවෙන් ඔවුන් කියන්නේ  දේශපාලනය පවු කරන්නට මග පාදන බව දන්නා නිසාය. බෞද්ද දර්ශනයට අනුව නම්  මඛාදේව හා සිරිසඟබෝ ආදීන් ලෙසින් රජකමත් හැර  යා යුතුය.. එහෙත් සිංහල බෞධ්ධයා  හැකිතරම් බෝසත් සිරිත  රාජ්‍යත්වයට  එකතු කර  අඩුවෙන් පවු කරන ක්‍රමයක් හදාගත්තේය  බුදු හිමිද  දසරාජ ධර්මය  හා  චක්‍රවර්ති රාජ ධර්ම ගැන කියාදී ඇත. එසේ කලේ නිවන් මගට පිවිසෙන තුරු  යාපත් දේශපාලනයක් ගෙනයනු පිණිසය. මෙවන් රජවරු යුද්ධ කරන්නේ නැත්ද? වටරැක විජිත නම් චීවර ධාරියයා  බුද්ධ සාශ ණය පාවා දෙමින් මරක්කල තුරුලේ සතපෙනවිට  දුවන තුරු පහර දීම මාර්ග ඵල ලාභියාට අයිති නැතත් සිංහල බෞධ්ධයට අයිතිය. මෙයට කලකට පෙරම මේ චීවර ධාරියට  නිකා යෙන්  BRAHMADANDA  දඩුවම දුන්නේලු . ඉතින්  ඉන්වැඩක්  වුනේද? අන්න ඒ නිසය් සිංහල බෞධ්ධකම අව්ශ්ෂ්‍ය වන්නේ ..
මතු සම්බන්ධය් 

2 Responses to “මම සිංහල බෞද්ධයෙක් වුයේ ඔබ රක ගන්නය් –3 කොටස”

  1. Nanda Says:

    බුදුරජාණන් වහන්සේ ශාක්‍යන් ගේ පැත්තේ ගසක් යට වැඩ සිටියේ ශාක්‍යන් නසා දැමීමට එන් විඩූඩභ රජු එය්න් වැලකීමටය​. ඔබ වහන්සේ අනික් පැත්තේ ගසක වැඩ නොසිට ශාක්‍යන් ගේ පැත්තේ ගසක් යට වැඩ ඉන්නේ ඇයිදැයි විමසූ විට​, නෑදෑයින් ඉන්න පැත්තෙන් හමන සුලඟත් සැප යයි පැවසූ සේක​. මමත්වය ගැන කතා කරන මෝඩයින් මේකට කියන්නේ මොකක්ද ?

  2. Senevirath Says:

    kimbulvath pura sita ena sulangath sapay.. BUDU HIMI

    Sinhala deshayen ena sulagath apata sapay

    NANDA, KEEDENATADA MEWA AVASHYA. KIYAVANNETH SULU PIRISAK VENNATHI

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress