සත්‍ය මරා දමා මතු පරපුර මරා නොදමන්න – ඇමති චම්පික රණවක –
Posted on July 21st, 2014

මාධ්‍ය අංශය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

•    මාධ්‍ය හලාල්කරණය නවතනු
•    ජිහාඩ් ගොබෙල්ස්වාදයෙන් රට රැක නොගතහොත් අනාගතයේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලේ වලින් වන්දි ගෙවන්න සිදුවෙයි
•    බෞද්ධ භික්ෂුවගේ කැපවීම මත මේ රටේ මුස්ලිම් කාන්තාවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් ඡන්ද අයිතිය හිමිවූ බව දැන් අමතක      වෙලා

මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේ අති විශාල ජයග්‍රහණ ගණනාවක් මේ රටට ලබාදුනි. විශේෂයෙන්ම අවිහිංසාවාදී අරගලය මගින් ජනතාව තුළ ජාතිය ආගම හා ශාසනය පිළිබඳ අළුත් කැක්කුමක් ඇති කර වාද විවාද මගින්, තර්කය මගින් ප්‍රතිවාදීන් දණ ගස්සවා ඉදිරියට යන්න අපට මඟක් පෙන්වා දුන්හ. මෙරට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය හා නිදහස් ඡන්ද ක්‍රමය වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේලා කළ සේවය අනූපමේය විය. මෙරට නිදහස් සර්වජන ඡන්ද අයිතිය ලබාදීමට භික්ෂුන් වහන්සේලා ක්‍රියාකිරීම මෙරට ඉතිහාසයේ මහ පෙරළියක් කළ සිදුවීමක් විය. එහිදී සිංහල භික්ෂු වංශයේ කාර්ය භාර්ය තීරණාත්මකව වෙනස් කළ චරිතයක් ලෙස වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ හඳුන්වාදිය හැකි බව අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වල්පොල රාහුල ස්වාමීන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ(20) ධර්ම විජය පදනම් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙරටට සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වාදීමට සූදානම් වූ අවස්ථාවේ රටේ සම්ප්‍රදායික දේශපාලන පවුල්වල ජාතික නායකයන් යැයි කියන හැම දෙනෙක්ම මෙම සර්ව ජන ඡන්ද  අයිතියට එරෙහි වූ අතර ජාතික සංගමයේ සිටි සේනානායකලා රාමනාදන්ලා සියළුම දෙනා සර්වජන ඡන්ද අයිතිය අපේ ජනතාවට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, කුල මල භේදයකින් තොරව ලැඛෙනවාට විරුද්ධ වුහ. එකල මුස්ලිම් ව්‍යාපාර එකතුවී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබානොදිය යුතු යැයි විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අතර එම උත්සාහයද අපේ ස්වාමීන් වහන්සේලා මැදිහත් වී මැඩලීය.

ජාතික ව්‍යාපාරයේ තීරණාත්මක කඩඉම සකස් කළේ වල්පොල රාහුල ස්වාමීන් වහන්සේය. අද බුද්ධිමත් යැයි කියනා පිරිස්, විශේෂඥ යැයි කියනා පිරිස් ප්‍රකාශ කරන්නේ භික්ෂු ශාසනයේ පිරිහීමට මුල් වූයේ වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ භික්ෂුවට දේශපාලනය කිරීම කැප යැයි ලියූ කෘතියත්, විද්‍යාලංකාරයේ යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ වැනි භික්ෂූන් වහන්සේලා ගෙනගිය අරගලයන් නිසාය. එය අමූලික අසත්‍යයකි. ශ්‍රී ලාංකීය භික්ෂු වංශය සෑම අවස්ථාවකම රටේ ඒකීය භාවය හා රට රැකගැනීම සඳහා ධාර්මිකව ඉදිරිපත් වී තිබේ.
අපේ ඉංග්‍රීසි ජනමාධ්‍යවල, පුවත්පත්වල, වෙබ් අඩවිවල  බොහෝ දෙනෙක් අද බෞද්ධයන් කෝප ගැන්වීමට ඒ තුළින් ගැටුම් අවුළුවීමට උත්සාහ දරමින් සිටී. අද මේ රට තුළ බෞද්ධ ත්‍රස්තවාදයක් නැති බව බොහෝ දෙනෙක් දන්නා නමුත් ඇතැම් අන්තවාදී මාධ්‍යෙවිදීන් උත්සාහ දරන්නේ බෞද්ධ ත්‍රස්තවාදයක්, භික්ෂු ත්‍රස්තවාදයක් අද මේ රට තුළ ඇතිබව පවසමින් ජනතාව තුළ බියක් පැතිරවීමටයි. අළුත්ගම සිදුවූ සිදුවීම නිවැරදිව වාර්තා නොවුන නිසා, වාර්තාකරණය කරන්න ඉඩ නොදුන් නිසා සහ යටපත් කරපු නිසා අපේ මේ බෞද්ධ භික්ෂූන් වහන්සේ යක්ෂාවේෂ පිරිසක්ය යන මතය ලෝකය පුරා පතුරුවාලීමට මේ පිරිස් කටයුතු කළහ. අද ජනමාධ්‍යයත් හලාල් කරණයට ලක් වී තිබේ. මුස්ලිම්වරුන්ට පක්ෂ නොවන ජනමාධ්‍ය වර්ජනය කිරීමට අද මුස්ලිම් ජනයා පෙළඹී තිබේ. අද මේ සඳහා ශූරා, ජමියතුල්ලා උලෙයිමාන් වැනි කවුන්සිල බිහිවී තිබේ. ජිහාඩ් ගොෙබෙල්ස්වාදයෙන් රට රැක නොගතහොත් අනාගතයේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලේ වලින් වන්දි ගෙවන්න සිදුවන බව අමාත්‍යතුමා පවසයි.

අළුත්ගම වූ සත්‍ය සිදුවීම ලෝකයෙන් වසන්කොට බෞද්ධයන් ත්‍රස්තවාදී පිරිසක් යැයි මතවාදයක් ඇති කිරීමට කටයුතු කිරීම ගැන අප කණගාටු විය යුතුයි. අද ජනතාව අතර ත්‍රස්වාදයක් පිළිබඳ අනිසි බියක් ඇති කොට තිඛෙන අතර අපි බෞද්ධයෝ හැටියට මේ රටේ මුස්ලිම් ජනතාවට වගකීමෙන් ප්‍රකාශ කළ යුතුයි කිසිම බෞද්ධ සන්නද්ධ ව්‍යාපාරයක් මුස්ලිම් ජනයාට එරෙහිව නැති බව. මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ කැපවීම මත මේ රටේ මුස්ලිම් කාන්තාවන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමට, නිදහස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාවිය. ඒ සඳහා මේ රටේ කිසිම මුස්ලිම් නායකයෙක් ඉදිරිපත් නොවීය. 70% ක් මුස්ලිම්වරු ජීවත්වන එක රටකවත් ආගමික නිදහස නොමැති අතර ඒ හැම රටකම ත්‍රස්තවාදය ක්‍රියාත්මක වේ. සෑම ජාතිකයෙකුටම සාමකාමීව, සහජීවනයෙන් ජීවත්වීමට මේ රට තරම් අගනා රටක් නොමැති අතර බොරු බියවැද්දීම්වලට බය වී අන්තවාදයේ ගොදුරු බවට පත්නොවන ලෙස අප මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍ය චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

2 Responses to “සත්‍ය මරා දමා මතු පරපුර මරා නොදමන්න – ඇමති චම්පික රණවක –”

  1. Lorenzo Says:

    Jihadists are trying to kill SL in many ways.

    1. ATTACK Buddhist monks.

    2. FORCE only halal meats on UNBELIEVERS.

    3. DESTROY Buddhist shrines. Islamize them.

    4. CAPTURE Law College, Justice Ministry. Legal profession and supreme court to impose SHARIA LAW.

    5. IMPORT and distribute HEROIN to UNBELIEVERS during RAMADAN time so Muslims will not take it.

    6. BREED like ameba to over populate SL and push out UNBELIEVERS from the island.

    7. DEMONIZE BBS heroes (the best available) and whitewash HOGWASH.

    8. DISRUPT SL’s excellent relations with Israel that gave SL its jets, attack boats, military training, anti-ship missiles and anti-tank missiles.

    9. OWNING all businesses making natives without businesses.

    10. CAPTURING Colombo city. The administrative and commercial CAPITAL of the country.

    This MUST be stopped by hook or by crook.

  2. Nanda Says:

    There is 1 fact I got to know myself 100% 1st hand.
    There is at least 1 muslim merchant who imports milk and who is a very close friend of 1 very powerful Sinhala minister ( don’t know where he is a Buddhist).
    How many of such doggy connections exist ?
    Why is the PM still the PM ?
    Why is Duminda not in remand or jail ?
    Where is the justice ?
    How to run a government like this ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress