රාජිත සේනාරත්නගේ කෝටි සීයේ මාළු ලෑල්ල
Posted on August 14th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

විමල් වීරවංශ ඇමති වරයාගේ වෙබ් අඩවියට අනුව රාජිත, වාසු, ඩිලාන්, එස් බී, රාවුෆ් හා බතියුතීන් යන හය දෙනා විසින් බොදු බල සේනා බලවේගයට විරුද්ධව ක්‍රියා කිරීම සඳහා කැබිනට් උප කමිටුවක් පිහිටු වීමට යන බව එලි විය. කැබිනට් එකේ අගමැති ද ඇතුළු නොයෙක් ආකාරයේ තක තිරුවන් සිටිනා බව අපි දනිමු. නමුත් මෙසේ බොදු බල සේනාවට එරෙහිව කැබිනට් හතුරන් හය දෙනෙක් වෙනම කොටසක් වශයෙන් ක්‍රියාකිරීමට තීරණය කිරීමත් ඒ සඳහා ඉඩදී ජනාධිපති නිහඬව සිටීමත් කොසොල් රජතුමාගේ සීන දාසැය මතක් කර දේ. එවැනි ක්‍රියාවක් නැවැත්වීමට හැකියාවක් ජනාධිපතිට නැද්ද? එසේ නැත්නම් එය ජනාධිපති විසින් බළලුන් ලවා කොස් ඇට බා ගැනීමට කරන උත්සාහයක්ද? එසේත් නැත්නම් එය හැම පැත්තෙන්ම ෂේප් වී සිටීමට හැකියැයි සිතා නිශ්ශබ්දව  සිටීමක් ද?

ඇමෙරිකන් සාමාන්‍ය ජනතාවට අද්විතීය සේවයක් කල රැල්ෆ් නේඩාර් විසින් අල් ගෝර් ගැන කිව් කතාවක් මට මෙහිදී මතක් වේ. ගෝර් ජනාධිපති චන්දය ඉල්ලන විට ඔහු වඩාත්ම කැමති කෝක් වලටද පෙප්සි වලටද කියා පත්තර වාර්‍තා කරුවෙක් ඇසූ විට ඊට උත්තරයක් දීමට ගෝර් තත්පර විය, අදිමදි කලේය. හේතුව දෙකෙන් එකක් තෝරා ගත්තොත් අනිත් එක බොන අය ඔහු සමඟ අමනාපවී ඔහුට චන්දය නොදේවීය කියා සිතීමය! බොදු බල සේනාව කියන කතාවේ යම් තරමින් හෝ වත් සත්‍යයක් තිබෙන බව පිළිගැනීමට දේශපාලකයින් මැලි වන්නේ මුස්ලිම් හා ක්‍රිස්තියානි චන්ද වලට තිබෙන භය හෙවත් කෑදර කම නිසාය. රටට හෝ බුද්ධාගමට වඩා තනතුර රැක ගැනීම මොවුන්ට වැදගත් වී ඇත. ජේ ආර් කරදුන් විනාශයක තරම එසේය. ඔහුගේ හුචක්කුවට ගෑනියෙක් පිරිමියෙක් කරන්නට බැරි වුනත්, පිරිමින් නපුංසකයින් කල හැකි සේය. ඩිලාන් ගැන ඥානසාර හාමුදුරුවන් කියන මේ කතාව අනුව සිංහල බෞද්ධ චන්ද රවටා ගෙන පාර්ලිමේන්තුවට ගිය එකෙක්වත් සිංහල බෞද්ධයාට වන අසාධාරණය ගැන නිහඬ වන්නේ මේ නිසාය.

විමල් වීරවංශ ඥානසාර හාමුදුරුවන්ට නොයෙක් චෝදනා කිරීම කණගාටුවට කරුණක් වන්නේ මෙහි සඳහන් සිංහල කැබිනට් මුග්ධයින් හතර දෙනාට වඩා ඔහු වෙනස් නිසාය. ඔහු නිකරුණේ අහක යන නයි අල්ලා ගැනීම හෝ කොහොල්ලෑ බබෙක් වී සිටින්නේ ඔහුගේ භාර්‍ර්‍යාව වඳුරඹ සිරාගේ දායිකාවකව සිටින නිසාද කියා මට සිතේ. බොදු බල සේනාව හා ජාතික හෙළ උරුමය සමඟ එකතුවී ක්‍රියාකරන්නට ඔහුට මොළය පෑදේවීය කියා මා සිතන්නේ යුද්ධය දිනාගැනීමේ කාරියේදී, එල්ලේ ගුණවංශ හාමුදුරුවන් සමග ඔහු කල විශාල සේවය නිසාය. දේශපාලනය නිසා සිය අධ්‍යාපනය කඩා කප්පල් කරගත් ඔහුට විශ්ව විද්‍යාලයට ගිය එස් බී දිසානායකලාට වඩා බුද්ධියක්, ආත්ම ගෞරවයක් හා රට ගැන ආදරයක් ඇත. සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණය ගැන කතා කිරීම මුස්ලිම්, දෙමල හෝ ක්‍රිස්තියානි ජන කොටස් වලට කරණ හිරිහැරයක් නොවේ.

මෙම සටහනින් මා විමසා බලන්නේ ඉහත සඳහන් හතර දෙනා එසේ හැසිරෙන්නේ කුමක් නිසාද කියාය. මුස්ලිම් දෙන්නා එසේ හැසිරෙන්නේ ඔවුන් මුස්ලිම් නිසාය. ඔවුන්ට අරාබි සල්ලි, වහාබි තර්‍ජන ඇතත් නැතත් පවතින පාලන ක්‍රමය යටතේ ඔවුන් ඉතාමත් සමෘධිමත්‌ව සිටී. රාවුෆ් හකීම් ව දුම්මල ගසාවත් ඇමතිකමින් එලවා ගත නොහැකි මේ නිසාය. අනිත් මුස්ලිම් ගොයියාටද නොයෙක් වරප්‍රසාද ලැබේ. විල්පත්තුවෙන් කෑල්ලක් වුනත් ඔහුට දීමට සූදානම් අය සිටිති.

සිංහල හතර දෙනා ගේ භීතියට හේතු කවරේද? මොවුන් වලිගේ පාගා ගත් අය නොවේ. මොවුන්ගේ පැටිකිරිය ගැන හිතා බලන විට මොවුන්ගේ හැසිරීම පුදුමයට කරුණක් නොවේ. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ දෑවැද්දේ බලයෙන් 2005 දී යාන්තම් ජාං බේරාගත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ වලිගයේ එල්ලුන මේ අය සෝම හාමුදුරුවන් කී දෙයට ද්‍රෝහිවෙමින් 2005 ට පෙර කතාකල අතර දැන් ආණ්ඩුව ඇතුලේ සිටම තම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය ගෙන යමින් සිටී. මේ අය ලංකාවේ අවාසනාවට මතුවූ පිලිකා වැනිය. සමහර විට කරු ජයසූරිය හැරෙන විට මුළු යූ එන් පී එකම බොදු බල සේනාවට බය ඔවුන් රට බෙදන පෙඩරල් කාරයින් නිසාය. දකුණු ඉන්දියාවට පාලමක් දාන්නට රනිල් අගමැති යෝජනාවක්ද ගෙනාවේය.

1. මාක්ස්වාදී පඬරැල් වීම

රාජිත, වාසු හා ඩිලාන් මාක්ස්වාදී රොඩුය. එස් බී ත් කාලයෙන් කාලයට මාක්ස්වාදී සින්දු කාරයෙකි. වික්‍රමසිංහ යටතේ ඔහු සිංහල බෞද්ධ විරෝධී මාර්‍ග ආයතනයේ හිටපු සේවකයෙක් හැසිරෙන ආකාරයට හැසිරුනේය. බොදු බල සේනා බලවේගය අනුගමනය කරන “කම් ඇන්ඩ් එක්සැමින්” මූල ධර්‍මය ලංකාවේ බොරු මාක්ස්වාදීන්ට පුරුදු නැත. සිංහල බෞද්ධයින්ට ප්‍රශ්න ඇත, ඒවා සාකච්චා කිරීමට එන්න කියමින් අවුරුදු දෙකක්ම බොදු බල සේනාව ඉල්ලා සිටියත් දේශපාලන රැල (නිල්, කොල හා රතු) එය ශත පහකටවත් ගණන් ගත්තේ නැත.

2. ක්‍රිස්තියානී හොල්මන්

ඩිලාන් ක්‍රිස්තියානිය අතහැර බුද්ධාගමට ආවද කියා මම නොදනිමි. නමුත් කැලේ මාරුකලාට කොටියාගේ පුල්ලි මාරු වේද? රට කැඩීමේ වහෙන් හොරෝ කාඩිනල් පාර ඩිලන්ගේ ද පාර ය. මුස්ලිම් චන්ද වලට කෑ ගැසීම වුනත් කල හැකි, කල යුතු ක්‍රමයක් ඇත. ගොනා වලන් බිඳිනවා සේ බේගල් ඇදබා අමාරුවේ වැටෙන්නට අවශ්‍ය ද?

3. රට බෙදීමේ ව්‍යාපාරය

මේ හතර දෙනාම මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ කියූ අය ය. මංගල සමරවීරලා සමඟ සුදු නෙළුම් නෙලූ අය ය.  යුද්ධයෙන් නොකැඩුන රට සාමයෙන් කැඩීම මේ අයගේ ක්‍රියාවල ප්‍රතිපලය වනු ඇත. රටේ සිදුවන බලවත් සදාචාරාත්මක පරිහානිය හා මුස්ලිම් බෝකිරීම ඉදිරියේ ලංකාව දශක දෙකක් හෝ තුනක් ඇතුලත මුස්ලිම් රටක් වන බව ඔවුන්ට වැදගත් නැත.

4. බහු ජාතික පිස්සුව

බටහිර සුද්දන් ගේ අලුත්ම උපක්‍රමයක් වන බහු ජාතික රටවල් වල ජීවත් වීම මේ හතර දෙනාද කරේ දා ගෙන ඇත. එංගලන්තය, ප්‍රංශය පමණක් නොව ලංකාවේ දෙමල ජනයාට ඒමට ඈත කාලයක සිටම ඉඩදුන් නෙදර්‍ලන්තය පවා මේ බහු ජාතික නාඩගම දැන් දැන් ප්‍රතික්‍ෂේප කරමින් සිටින බව මොවුන් නොසිතයි. සිංහල බෞද්ධ රට අනාදිමත් කාලයක සිටම අන් ජාතිකයින්ට හා අන් ආගම් වලට හිරි හැර නොකල බව ඔවුන්ට අමතකය. දෙමල ජනයාට හිරිහැර කලා නම් එය කලේ ක්‍රිස්තියානි සිංහල කොළඹ කළු සුද්දන් මිස රටේ ජනතාව නොවන බව ඔවුන් අමතක කරන්නේ මාක්ස්වාදී කළු සුද්දන් ද ඊට හවුල් කාරයින් වූ නිසාය. සමතැන පිස්සුව මගින් පොන්නම්බලන්ගේ පනහට පනහ පටලවා සිංහල මිනිසුන් භය කලේ ඔවුන් ය. බංග වේවා පතුරවා කම්කරුවන්ට ද්වේෂය පටවා 1971 වන විට දේශපාලනය උඩ මිනිසුන්ගේ බෙලි කපන කොටසක් බිහිකලේ ඔවුන් ය.

5. සර්‍වාගමික පූට්ටුව

මේ හතර දෙනාම සර්‍වාගමික පූට්ටු කාරයෝය. මොවුන් ජනාධිපතිවද අමාරුවේ දමා ඇත. කූට උපක්‍රම මගින් බෞද්ධයින් හා හින්දුන් ක්‍රිස්තියානි හා ඉස්ලාම් කිරීම කරගෙන යන අස්සේ හැම ආගමක්ම කියන්නේ එකම දේය කියා ලෙබ්බේ ලා ගේ හරක් මස් සමග ඇතැම් හාමුදුරුවරු එක මේසෙට කෑම කති. බුද්ධාගම බේරා දෙන්නට ද මේ ලෙබ්බේලා හා පාදිලිලා ඉදිරිපත්වී ඇත. රාජිත නම් තමාට මොහමඩ් රාජිත කිව්වත් කමක් නැතැයි බොස්ටන් ලංකා ටී වී එකට කිව්වේය. සර්‍ව බලධාරී දෙවි කෙනෙක් ලෝකය මැවුවා කියන ආගම් හා බුද්ධාගම පෑස්සිය හැකිද? කම් ඇන්ඩ් බිලිව් සමග කම් ඇන්ඩ් එක්සැමින් ගැලපේද? බහු ජාතික විගඩම වගේම මේ ආගමික පූට්ටුවද පරණ යටත් විජිතවාදයේ අළුත් හොල්මන් ය.

6. හතර දෙනාම ඇමති රක්‍ෂාව බකල් කරගෙන තිබීම

සීනි (හකුරු) වලටත් ඇමති කෙනෙකු ඉන්නා දැන් අබුද්දස්ස කාලේ මේ ඇමතියන් හතර දෙනාට භාරදී ඇති ඇමති විෂයයන් බකල් කර ගෙන ඉන්නා අය ය. මේ නිසා මොවුන්ට ශබ්ද කිරීමට වෙනත් මාතෘකාවක් අවශ්‍යය. ඉන්ටිග්‍රේෂන් ඇමති වාසු එය කරන්නේ කසාද මගින් සේ පෙනේ. ඔහු විග්නේෂ්වරන් පවුල හා ඉන්ටිග්‍රේට් වී දැන් රට ඩිස්-ඉන්ටිග්‍රේට් කිරීමට කසාද මස්සිනාට උදව් කරන්නේ නිමල්කා ප්‍රනාන්දු  හරහා ය. මැය රැස්වීම් වලදී හාමුදුරුවරුන්ගේ සිවුර ඇදීමට තරම් නිර්භීත වාසු ගෙන් ලැබෙන හයිය නිසාය. පාසැල් වල සිංහල හා දෙමල අනිවාර්‍ය විෂයන් වශයෙන් ඉගැන්වීම මිස වෙන දෙයක් මේ ඉන්ටිග්‍රේෂන් සඳහා අවශ්‍ය නැත. වාසු ගේ දුව කරගත්තා වගේ මිනිසුන් තම තමන්ගේ ඉන්ටිග්‍රේෂන් කර ගන්නවා ඇත. වාසු කරන්නේ තිබෙන ඉන්ටිග්‍රේෂන් එකත් විනාශ කිරීමය. මයිකල් රොබට්ස් නම් තුප්පහි වෙබ් සයිට් කාරයා (බර්‍ගර් ජාතික ඔහු ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ වෙබ් අඩවියට දී ඇති නම තුප්පහියා යන නමය) මෙන් වාසු ද ජාතික ගීය දෙමලෙන් ගයන්නට කියන්නේ හරියට දෙමල ජනතාව ඒ ගැන පෙලපාලි යනවා වගේය. වාසු ලා කල යුතු දෙමල ජනතාවට කක්කුස්සි හා ලිං හාරා දීම මිස ජාතික ගීය ගායනය කර වීම නොවේ.

එස් බී යනු ගමෙන් ආ බණ්ඩා කෙනෙකි. සිංහල මාධ්‍යය නිසා විශ්ව විද්‍යාලයට යා හැකිවූ ඔහු උසස් අධ්‍යාපනය බකල් කර විශ්ව විද්‍යාල හිර ගෙවල් බවට පෙරලා ඇත. ඔහු ඉංගිරිසිය හා බටහිර ප්ලෑන් බදාගෙන දඟලන ආකාරය විශ්මය දනවයි. ලෝකයේ විශ්ව ව්ද්‍යාල 13 ක අවුරුදු 40 ක් ගත කල මට සිතෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල හිර ගෙවල් නිසා ඉන් එලියට එන්නේ ඇට්ට කුනා වුන නරුමයින් පිරිස් බවය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට නිසි සේ සලකන තුරු  ලංකාවට ගොඩ ඒමක් ඇතැයි මම නොසිතමි. ජේ වී පී කාරයින්ට විශ්ව විද්‍යාල අල්ලා ගෙන ඉන්නට හැකිවී තිබෙන්නේ ද මේ නිසාය. සල්ලි කාරයින් තම ලමයින් ඉන්ටර්නැෂනල් පාසැල් වලට යවා රට යවා ජොලියේ ඉන්නා අතර ගමේ දුප්පතාගේ ලමයි නෝට්ස් කඩපාඩම් කරමින් වැඩවර්‍ජන කරමින් සිටී. ලංකාවේ ආශ්චර්‍යයක තරම එසේය. ලංකාවට අවශ්‍ය එක අධ්‍යාපන ඇමති කෙනෙකි. මේ දැන් සිදුවන විකාර අල්ලස් තනතුරුය. මේ එක ඇමතියෙකුට වත්, උප කුලපති කෙනෙකුට වත් සිසුන් ඉදිරියේ ශාස්ත්‍රීය දේශනයක් දීමට හැකියාවක් තිබේ ද?

ඩිලාන් ගොයියාට භාර ප්‍රධානම දේ නම් ලංකාවේ තරුණ ගෑණුන් රට යවා සල්ලි ගෙන්නා ගැනීමේ ජොබ් එකය. මේ ගෑනු අරාබි ගෙවල් වල කක්කුස්සි හෝදා එවන සල්ලි වලින් ලංකාවේ මරුවෝ ලැම්බගානි එලවති. මේ ගෑනුන්ගේ පවුල් හා දරුවන් බොහෝ විටම අතරමංවී යති.  ගෙදර තබා යන පිරිමියා ඉක්මනින්ම හොර ගෑනියෙක් සොයා ගනිති. මෙම නූතන වහල් ව්‍යාපාරය නොකරම බැරි නම් එය කෙතරම් හොඳට ක්‍රමානුකූලව, නම්බුකාර වෘත්තියක් වශයෙන් කරන්නට ඉඩ සලසා දියහැකිද? ඒ වෙනුවට සිදු වන්නේ පගාවට, කාමාශාවට යටවුනු දූෂිත මගඩියක් නොවේ ද? ඥානසාර හාමුදුරුවන් ඩිලාන්ගේ රෙදි ගැලවූයේ අසාර්‍ථක වුන ඇමතියෙක් බොදු බල සේනාවට විරුද්ධව බොරු කීමා නිසාය.

රාජිත බොස්ටන් ටී වී එකේදී කයිය ගැහුවේ ඉන්දියාවේ ධීවර ඇමති ඔහුව පුද්ගලිකව දන්නා බවත්, ඔහු ලංකා-ටැමිල් නාඩ් ධීවර ප්‍රශ්නය විසඳන බවත් ය. ඉන්දියන් ධීවරයින් හොරෙන් මාළු ඇල්ලීමට ඔහුත් ජනාධිපතිත් දී ඇති විසඳුම නම් හොර ධීවරයින් හිරේට ගැනීම හා ටික දිනකට පසුව හිරෙන් මුදා හැරීමය. මේ සඳහා ඇමති කෙනෙක් ඕනෑද? පයාගල-අළුත්ගම පැත්තේ මුස්ලිම් චන්ද සඳහා පොලිසිය යොදවා මුස්ලිම් වරුන්ට වාසි ලබා දීම හැර වෙන යමක් මොහු කර තිබේ ද?

මේ අස්සේ තිලංග සුමතිපාල, මර්වීන් සිල්වා, ජානක බණ්ඩාර තෙන්නකෝන් යන අය අල්ලාගෙන රාජිත මහානායක හිමිවරුන්ට ඥානසාර හාමුදුරුවන් ගැන ආයාචනා කරයි. ඔහු හොඳටම බය වී ඉන්නේ ඊලඟ චන්දයේදී සිංහල බෞද්ධ චන්ද නැතිවීමෙන් ඔහුට වන අකරතැබ්බය ගැනය. හාමුදුරුවන්ගෙන් වන්දි කෝටි සීයක් ඉල්ලා නඩු දැමීමට යාම කරන අස්සේ අස්ගිරි මල්වතු පන්සල් යන්නේ ගොඩින් නඩුව ඉවත් කර ගන්නට මඟක් පාදා ගන්නට නොවේද? හොර දේශපාලකයින් විසින් නොකලයුතුම දෙයක් නම් උසාවියේ සාක්කි කූඩුවට නැගීමය. ඔහු කොටි වලිඟයක් අල්ලා ගෙන ඇත. දැන් රාජිත කර ඇත්තේ කුමක්ද? ඔහුගේ දේශපාලන රෙදි ගැලවී යාමට ඔහුම පාර කපා ගත්තා නොවේද? තමන් දේශපාලන ශාන්ත දාන්ත කූඩුවක් නොවන බව හොදින්ම දන්නේ රාජිත මය.

   මීලඟ මහ මැතිවරණයේදී මේ හොරුන් පැරද වීමට බොදු බල සේනා බලවේගයට හැකි වේවායි යන්න දැන් අනාථ වී සිටින සිංහල බෞද්ධයින්ගේ එක් ප්‍රාර්‌ථනාවක් බව නිසැකය.

28 Responses to “රාජිත සේනාරත්නගේ කෝටි සීයේ මාළු ලෑල්ල”

  1. NeelaMahaYoda Says:

    මහ නාහිමිවරුන් අපෙන් මැති ඇමතිවරුන් සමග හැප්පෙන්න එපා යයි බලවත්ව ඉල්ලූවා
    August 15, 2014 at 1:05 am | lanka C news
    මහ නාහිමිවරුන් අපෙන් මැති ඇමතිවරුන් සමග හැප්පෙන්න එපා යයි බලවත්ව ඉල්ලූවා

    සක‍්‍රියව සජීවීව පැය විසිහතර පුරාම ක‍්‍රියාත්මක වන වැඩිම ප‍්‍රතිපාදන වෙන්වන දක්ෂ තම විධිමත්ම අමාත්‍යංශය බුද්ධශාසන අමාත්‍යංශය විය යුතු බව බොදුබල සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

    මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද පැවසූහ.

    ‘මහානාහිමිවරුන් අපෙන් බලවත්ව ඉල්ලා සිටියා මේ මැති ඇමැතිවරුන් සමග හැප්පෙන්න යන්න එපා ඒවා සාකච්ඡ කර විසඳාගන්න කියලා. ඒ සම්බන්ධව අප මහා නාහිමිවරුන්ට වාර්තාවක් ලබා දුන්නා. අප මේ සියලූ කටයුතු කරන්නේ වෛරයකින් නොවේ. කිසිදු ඇමතිවරයෙකු කෙරේ හෝ පුද්ගලයෙක් කෙරෙහි අප වෛරයක් නැහැ. නමුත් භික්ෂූන් වහන්සේලා සංවිධානයක් පවත්වාගෙන යමින් ජාතික න්‍යාය පත‍්‍රයකට වැඩ කරන විට ඒ භික්ෂූන් වහන්සේලාට චෝදනා කරනවා. ඔවුන් ත‍්‍රස්තවාදීන් තලේබාන් නිකායවාදී හාමුදුරුවරු කියා කිසියම් අයෙක් කට කැඩුණු කතා කියනවා නම් ඒ ප‍්‍රශ්නය සාංඝිකයි. මිනිසුන් ලෙස අප කවුරු අතින් වුවත් අඩුපාඩු සිදුවෙනවා. නමුත් එය මුළු සංඝ සමාජයට බලපානවා වගේ අප අතින් හොද දෙයක් සිදුවූ විට එහි කීර්තිය මුළු සංඝ සමාජයටම බලපානවා’

  2. Nanda Says:

    “ඔහුගේ හුචක්කුවට ගෑනියෙක් පිරිමියෙක් කරන්නට බැරි වුනත්, පිරිමින් නපුංසකයින් කල හැකි සේය.” – Excellent statement !
    (JR’s tricks, although could not make a woman a man, can covert men to “ponnayas”)

    මහ එකාගේ පොන්න කැබිනට් එක යටතේ බොදු සිංහලයින් නපුංසකයින් කිරීමේ වැඩ පිලිවෙලක් දැන් ක්‍රියාත්මක වෙන බව පැහැදිලිය​.

  3. Piyadigama Says:

    Agreed with Nanda. Our dear leader has become one of the others. What happened to him lately? I don’t understand.

    If it is OK, allow me to write some වස් කවි to show people’s anger.

    රජපසු කුලේ රට කරවන බූරුවනේ
    අතපසු කලේ තොප රජකළ වීරුවනේ
    සැපපසු ලොලේ කිමිදෙන ඔබ සුවයහනේ
    ජනපසු බලේ අද හෙට තොප වනසන්නේ

  4. Christie Says:

    I am a lot concerned about these monks who are anti Islam and anti Christian, but not anti Hindu or Indian. Can some one give me alue?

  5. Lorenzo Says:

    Alcohol genocide!! The more the merrier!!

    Everything under the sun genocides Tamils!!

    “Alcohol becomes genocide weapon deployed by occupying Sinhala State
    [TamilNet, Thursday, 14 August 2014, 05:13 GMT]

    Thriving alcohol business ‘licensed’ by genocidal Sri Lanka in the occupied country of Eezham Tamils, especially after the end of the LTTE-run civil administration, is conceived as a potential ‘counterinsurgency’ and structural genocide weapon, besides sucking money of a war-torn people, commented social activists in Batticaloa district. Responding to an incident that took place in the district this week, in which a poor, female-headed family, brewing country liquor was shot by raiding Sinhala police of a State that promotes its alcohol business, the social activists were coming out with the larger dimensions of the alcohol crisis in the district.”

    Drink to peace, Tamils!

  6. Nanda Says:

    Well said Padiyagama. Let me join you in the chorus.

    පකිස්තාන් අහමදියන් තියාගනින්
    බලුකිස්තාන් ජිහාඩියන් කරේනගින්
    මොලහිස් ගොනුන් මිතුරන් කර රජෙක් වෙයන්
    තමහිස් පිදූ රන විරුවන් පාවදියන්

  7. Piyadigama Says:

    Thanks Nanda.

    Beat this if you can.

    නාමල් බැසිල් ගෝටාභය සශින්දරා
    මහින්ද යෝෂි රෝහිත සහ සහෝදරා
    නිරූපමා චමලයා සමගම වනචාරා
    රට කන පවුල අමු අමුවේ වමරාරා

    At some point we will be deleted. We can continue until then. Unfortunately this is the state of the nation today. Sad. Very sad.

    සිංහල මිනිස්සු හූල්ලනවා. දෙමල මුස්ලිම් මිනිස්සු කිසිම කැප කිරීමක් නැතිව සියලුම වාසි ගන්නවා. මෙහෙව් මෝඩ රටේ!

  8. Nanda Says:

    Sorry, I am only a Buddhist engineer, do not have talent to beat you.

    “සිංහල මිනිස්සු හූල්ලනවා. දෙමල මුස්ලිම් මිනිස්සු කිසිම කැප කිරීමක් නැතිව සියලුම වාසි ගන්නවා. මෙහෙව් මෝඩ රටේ!” summarises all.

    But I don’t like to do personal attacks, even though it is deserved. It is the actions we must condemn.

    How dare he is scared when UN shouts “STOP SENDING BACK REFUGEES”. I thought we elected a man.

  9. Samanthi Says:

    I agree with Nanda, we should not curse the Rajapakse family out of our jealousy towrds them.
    Piyadigama, if you are a true Sri Lankan can you please make an effective waskavi in the name of Navaneethan Pillay?

  10. Piyadigama Says:

    සමන්ති,

    ප්‍රශ්ණය Navaneethan Pillay නොවේ. රට්ටුන් ඡන්දෙ දුන්නේ රාජපක්ෂ පවුලට. රට බේරා ගැනීමේ වගකීම උන්ගේ අතේ. විධායක ජනපති කමත් තියාගෙන, මුළු පවුල් හිලව්වම පාර්ලිමේන්තු, අමාත්‍යාංශ අස්සේ දාගෙන මොන කෙහෙල්මලටද පිටසක්කර ගෑණුන්ට බනින්නේ?

    කොච්චර පර ජාතිකයෝ බැන්නද යුද්දේ කාලේ? ආණ්ඩුව සැලුනද? නැහැනේ. ඇයි දැන් බේගල්?

    අපි ලංකාවේ පය ගහල ඉන්න සාමාන්‍ය මිනිස්සු. හොරුන්ට ඉරිසියා කරන්න අපිට උවමනාවක් නැහැ. හැබැයි කල කල දේ පල පල දෙන කාලේ ආවහම උන්ටයි උන්ගේ හෙන්චයියලටයි ඉරිසියා උතුරයි. එතකොට අඬා හැපීගෙන එන්න එපා.

    දෙයියෝ බුදුන් ගැන හිතල දැන්වත් පව්කාර සංකර සක්කිලි නෙයිනාඩගං නවත්ත ගන්න කියන්න ලොක්කන්ට.

    සිංහල මිනිස්සු හූල්ලනවා. දෙමල මුස්ලිම් මිනිස්සු කිසිම කැප කිරීමක් නැතිව සියලුම වාසි ගන්නවා. මෙහෙව් මෝඩ රටේ!

  11. Lorenzo Says:

    Bad news for Rajitha and MR.

    BBS is going to contest the presidential election on its own UNLESS MR accepts its proposals which includes a complete stop to UNETHICAL CONVERSIONS, LIMIT NEW MOSQUES, INVESTIGATE JIHADISTS TERRORIST AND DRUG BUSINESS.

    Very good.

    Tamils and Muslims are going to vote for UriNePee more than in the past. Even MOST Christians are also going to vote for them. That is a 20% to 25% block vote. I would say 20%. UNP loyal Buddhists are about 25% (out of 70%). IF BBS can get 11% of Buddhist votes (out of 70%), MR loses.

    MR knows this. So he will come to an agreement with BBS. But BBS should be clever. NO PROMISES AFTER WINNING. Everything must be done BEFORE the election.

  12. Christie Says:

    What BBS is doing is dividing the unity among the Sinhalese and Moors of Sri Lanka. Pitting Lanka against our friendly Islamic nations. BBS hardly talks about what Indian terrorists done to us. This commotion makes Sinhalese forget about the Tamil attacks. Who ever is funding the BBS is reaping a good harvest.

  13. Lorenzo Says:

    Kithsiri,

    I too thought like you sometime back.

    BUT there is a need for BBS. It is getting popular because the govt. has NEGLECTED Buddhists. The ONLY way to beat BBS is winning back Buddhists fully once again. Then BBS becomes USELESS.

    IF NOT for BBS, JIHADISTS would be running the country from Aluthkama to Kalpiddi, Amparei to Pulmoddai and Gampola to Nawalapiddi.

    Remember JHU? In 2004 election JHU contested separately. People said they are UNP traitors trying to DIVIDE the Sinhalese. TRUE. But they were USEFUL in getting the UPFA come to the RIGHT PATH. Otherwise like the UNP the SLFP too would have followed the ceasefire, peace talks, devolution and other BS.

    JHU FIXED the UPFA and called for war which we won.

    Now JHU has become LAP DOGS. Now BBS is doing that mission.

    Sinhalese are afraid to be labelled RACISTS but Tamils and Muslims wear the RACIST label with PRIDE!! SL needs Sinhalese who are proud to be called RACISTS. Tit for tat.

  14. Nanda Says:

    Lorenzo,
    “Otherwise like the UNP the SLFP too would have followed the ceasefire, peace talks, devolution and other BS.”

    SLFP and MR DID follow the path of “ceasefire, peace talks, devolution ” until the Rajas were shaken and waken up by the bomb that almost killed Gota. FEAR of death got them to cooperate with JHU and Wimalawansa to fight it out. JHU and Ganasara did a lot of underground work even before this to strengthen the psyche of Sinhala youth, which MR could exploit fully. JHU are not LAPDOGS. They are waiting with patience and doing the right thing at the moment. They are with BBS, not SLFP and MR.

  15. NAK Says:

    From the above comments it appears that we are just about to cut the branch we are standing on.
    The only thing that keeps the imperialists from taking over our country is the unity of the Buddhists of this country that kept President Rajapakse in power.
    The Americans and the west would be laughing from both sides the day the Buddhists in this country go leaderless.
    Yes, The Sinhalese and Buddhists have problems and Ven. Gnanasara thero is right in bringing them to the fore but we must be careful as not to cut the nose to spite the face.
    Everyone must try and understand the chaos this country will fall in to the day the imperialists get their dirty hands on it.
    We have enough examples around us to make us cringe in fear.
    Firstly, wise counsel must prevail,anger and frustration can not solve anything and a solution must be found in an orderly manner to remedy the ailing situation and with all these wise people around it shouldn’t be a hard proposition.
    I feel it is time that the Mahanayakes with all the other leading monks come together to save the country from another disaster.

  16. Samanthi Says:

    Well said, NAK!
    A very sensible analysis!

  17. Lorenzo Says:

    I think the solution should be to give JITTERS TO MR and bring to him back to the RIGHT TRACK. IF he cannot be brought back, he should be DEFEATED. Because MR is doing the imperial agenda!!

    Another option is to tell MR he has NO future in SL and bring GR to politics. MR goes home and GR comes to his place after an election. Then there will be NO problem winning the election BBS or what.

    As true patriots we should be loyal to the country NOT to MR because I honestly don’t see MR being loyal to the country anymore. I’m hoping against hope he will change, soon.

  18. Indrajith Says:

    Lorenzo, I think that is what WimalW is doing; trying to bring MR back to the correct tract.
    Our unconditional support should be extended to him in this regard. I earnestly believ that WW will never betray our motherland for persoanl gains.

  19. Lorenzo Says:

    Indrajith,

    AGREE.

    WW is GR’s man. He is trying hard and we should support him.

    (WW too has his weaknesses. WW will not go against the provincial council curse because he benefits from it. But we cannot have PERFECT politicians. So WW is good enough.)

    Hope he succeeds. But so far SLFP has NOT accepted WW’s proposals. They say they have accepted some but WW says NONE has been accepted. A close source to WW told me he has been threatened “not to swell too big to his shoes”. If he does, what happened to PATALI RANAWAKA will happen to him. (Ranawaka was sacked from the ALL IMPORTANT electricity ministry and given a SMALL unimportant ministry for “being too smart”.)

    Latest INSIDE NEWS is GR is trying to come to politics from Colombo district but BR and NR are TOTALLY AGAINST. If GR is not going to come to politics he should field MANY of his men.

  20. Nanda Says:

    I doubt WW’s honesty.
    He has a Jihadist Mohamed Muzammil as the RHman, who is the president of Muslim Brotherhood Sri Lanka branch.
    This is why he is going against Ganasara Thero.

  21. Lorenzo Says:

    Nanda,

    He is not a Jihadist and is NOT the president of the MB-SL.

    That is another person. There are 3 prominent figures with that name in SL.

    WW once went against BBS and now he doesn’t. He is the best of the ROTTEN LOT along with Champika.

    For the purpose of CORRECTING MR (which is the topic WW was dragged in), he is WAY BETTER than MR to do it. IF Rajitha or DMJ or anyone tries to “correct” MR, that is not going to happen.

  22. Nanda Says:

    Lorenzo,
    Thanks for the info. It is strange and so unfortunate that we have to discuss ” how to “correct” MR”. The bugger only needs a bit more wisdom than cunningness. That is all.

  23. Samanthi Says:

    Lorenzo is correct; the spokesperson of NFF is different from the other Muslim who too has the same name. In the beginning, I too mistook him for the other. The NFF spokesperson seems to be highly integrated to Sinhala society and doesn’t show any racial indifference. He has studied in a Sinhalese school and speaks good Sinhala. He is the one who was tried to be bribed by another Muslim businessman by giving millions of rupees to work in favour of SF during the last presidential election. But the NFF spokesman didn’t accept that money and handed over the businessman and the entire bribe to the police.

  24. NAK Says:

    There is another side to the situation of MR that is not very visible. The day the simple majority in parliament is lost,the all powerful Presidency becomes a lame duck and becomes vulnerable to an impeachment.The only protection is his brother as the Speaker but that too could be lost without the majority. Yes, in such a situation he can dissolve parliament but winning it back will be a tough proposition.
    So, that makes the President a prisoner of his parliamentarians, many of whom we know are for the highest bidder any time the right offer is made. So to nullify any offer that can be made they are given a free reign to make sure they stick with the government.
    He probably thinks too much of the Haig and ICC.
    What needs be done as some one above said to bring him back on the right track and that won’t be difficult provided that he is convinced that he has the necessary support behind him.
    Thanks Samanthi for your kind words.

  25. Samanthi Says:

    You’re very welcome, NAK.
    Glad to learn that there are at least a few people like you who truly love our motherland.

  26. Christie Says:

    There is a lot of personal attacks in this article. It is highly unlikely BBS Wii be able to unite the Sinhalese and be the ruling party. What we need is unity among the Sinhalese. The writer denigrates our women who are working in the Middle East. I am sure he is aware of the fact that Sinhala students in the West do the same thing that the maids do in the middle east. Again please look at the Indians who are sucking us now and for the last two centuries. SWRD came to power on similar slogans and he was funded by Indian merchants and The Third Eye. The writer seems to be close to BBS, where do they get their funds from?

  27. Lorenzo Says:

    BBS cannot come to power. It was govt’s NEGLECT that fuels BBS.

    IF MR just addresses Buddhist concerns without giving into Tamil and Muslim demands, there would NOT be a BBS.

  28. Lorenzo Says:

    The way LTTE losers, UNP losers, TNA losers and NGO losers try to GRAB POWER to have their FAGLAND motivates ANY SL to STILL support MR no matter what!

    But this is dangerous. We have to CORRECT MR and keep the WAR LOSERS out of power.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress