එක්තරා මිනිසකුගේ සංඥා පද්ධතිය.
Posted on August 17th, 2014

චන්දුසේන පණ්ඩිතගේ විසිනි.

වසර ගනනාවක පුරා පලමුවන ලෝකයේ ජීවත් වූ ඔහු කටුනායකට ලගාවූයේ, බොහෝ කාලයකට පසුවය.,

උදෑසන මද ශීතල ගතිය ඔහුගේ මුලු සිරුරම පිනවන්නට විය. මහත් අමන්දානනයට පත් ඔහුගේ ස්පර්ශේන්ද්රියන් “ෂ්හ හරි සනීපයි” යන වදන පෙල නිකුත් කලහ. ඔහුඟේ සිතද මේ පිරිසිදු වාත දහරාව ඇලුම් කල බවක් පෙනිණි.

ගමන් මහන්සිය, නිදිබර ගතියක්. සිරුරට ආරෝපනය කලද, ඔහුගේ දෑස් ඔහුට නිදා ගැනීමට අවසරයක් දුන්නේම නැත. රට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, මේ වෙනස බලා ගන්න ඕනි ඈස, ඔහුට බල කරන්නට විය. රථය මෙන්ම රියදුරාද, නව පනක් ලද දේශයට, අනුකූලව, නිර්මිතව ඇත. රියදුරු කථාවක ආරම්භයක් අපේක්ෂාවෙන් සිටී. නමුත් මේ මහ වෙනස, ඔහුට රියදුරු හා කථාවකට ඉඩ දෙන්නේම නැත. ඇස ඉල්ලා සිටින්නේ, නිර්මිතව ඇති, අධිවේගී මාර්ගයේ හා දෙපස ඇති සෞන්දර්යේ රස විදින ලෙසයි. පලමු ලෝකයේ රටකින් පැමිණි ඔහුට, අධිවේගී මාර්ග යනු නැවුම් දෙයක් නොවුනද, තමන් කිසිදා බලාපොරොත්තු නොවුන දෙයක් තම මවුු බිමේ සිදුව ඇති බව නම දැනේ. ඇස ගැටෙන ගැටෙන තැන ඇති සුන්දරත්වය,ඇස මනා ලෙස වාර්තාකරණය කලද, තමාගේ වාතාකරණය හේතුවෙන් මේ මිනිහා හොදටම හෙම්බත්ව ඇති බව වටහා ගත්හ. “ඔහු කැමති වුනද, නොවුනද, මේ දකින්නේ සිදුව ඇති මහා වෙනසයි. ඒ නිසා මම දකින දේ, මම වාර්තා කල යුතුයි. ඒක මගේ කාර්යයයි” ඇස සත්යේ පදනම මත සිටගත්තාය. “වාර්තාකිරීම පමණක් නොව, මේ වාර්තා මනාව සුරක්ෂිතව ගබඩා කරන ලෙසද මොලයෙන් ඉල්ලා සිටියාය.

“හ්ම්! මේ අධිවේගි මාර්ගය කොහ‌ෙට වෙනකම් යනවද?” ඔහු රියදුරු තැන අපේක්ෂාවෙන් සිටි කථාව ඇරඹුවාය.

“සර්, මේක පෑලියගොඩින් ඉවරයි.”

ඔහුට සියුුම් සතුටක් හැඟිණි. “මේකද මේගොල්ලො මහ ලොකුවට වර්ණනා කරන අඩිවේගී මාර්ගය” ඔහුට සිතිණි.

“පොඩි දුරක්නේ” ඔහුගේ මුවින් පිටවිණි.

“ඔවු සර් හරිම කෙටි දුරක්, ඒ වුනාට ලොකු වැඩක් කරන, කෙටි හයිවේ එකක්” රියදුරු මහතාගේ පිලිතුර විය.

රියදුරුගේ පිලිතුර, ඔහුගේ නොසතුටට හේතු විය. “බක පණ්ඩිතයෙක්” ඔහුට සිතුණි.

“මේකට කීයක විතර වියදම් යන්න ඇද්ද?”

“ඒක නම් දන්නෙ නැහැ සර්”

“කිලෝ මීටරයකට රුපියල් බිලියන 1.8ක මුදලක් වියදම් කරල තියෙනවා,ඇත්තටම, මහා අපරාධයක්. මේ රටට මේ වගේ ලොකු වැඩ කරන්න, ආදායම් තියෙන රටක් නෙමෙයි. මේ ආණඩුව කරන්නේ, මුලු අනාගත පරපුරම ණය කරල හයිවේස් ගහනවා, මේව කණ්ඩද අයිසේ?” ඔහු තුලවූ සගවා ගත යුතු යමක්, කඩා පැනනේ ඔහුගේ පාලනයේ දුර්වලතාවය හේතුවෙණි.

“සර් ඉන්න රටේ හයිවේස් නැද්ද?”

“එහෙ තියෙන්නෙ මෙහාට වඩා විශාල හයිවේස්.” ඔහුට ඒ රටවල්වල සැරිසරන ජීවියකු බව සිතුන විටත් මහා සතුටක්ද හැගිණ.

” සර් පොඩඩක් හිතල බලන්න ඉස්සර මේ ගමනට පැයකුත් විනාඩි 15ක් විතර යනවා. දැන් විනාඩි 15කින් ගමන ඉවරයි. මේ පාරෙ දවසකට යන්නෙ, 40,000ක් කියල නිකමට හිතන්න. ඒ කියන්නෙ සර් දවසකට මිනිස් පැය 40,000ක් උපයනවා. ඕක තව විදියකට කියනව නම් දවසකට, වැඩ කරන දින 5000ක් මේ හයිවේ එක උත්පාදනය කරනවා. ඒ දිනක ආදායම වූ රුපියල් මිලියන 4ක ආදායමට අමතරව තවත් රුපියල් මිලියන 4ක් ජනතාවට බෙදල දෙනව වගේ වැඩක් නේද  සර්.”

“දවසක ආදායම රුපියල් මිලියන 4ක්!” රියදුරු මහතා කිව් කථාවේ, ඔහු කැමතිම වගන්තිය යලි යලිත් සිතන්නට විය.

“අපේ ආණ්ඩුවක් පිහිටුව ගෙන මේ හයිවේ කෑල්ල ලබා ගත්තත් ඇතිනේ ” ඔහුට සිතිණ.

“මේ ආණ්ඩුවෙ ලොක්කො මේ වැඩෙන්, බිලියන ගනනාවක් හමබකරගෙන ඉවරයි. ඒක මේ රටේ ඉන්න මෝඩයින්ට තේරෙන්නෙ නැහැ.” ඔහුගේ හිතේ ඇති වෙෙරය මුවින් එලියට ගලා එනන විය.

” ඉස්සරට වඩා දැන් කොච්චර ලස්සනද? ඇස තව තවත් දෘෂ්ය රසය විදින ගමන්ම “මේව ඉතින් කටට පේන්නෙ නැහැනේ, ඔහේ කියවනවා, තේරුමක් නැතිව ” යයි සිතුවාය.

ඇසට කට කංකරචලයක් සේ හැගුණි. ඇස තමන් දකින හැම දෙයක්ම නිවරදිව වාර්තා කලද,, මුවින් පිටට ගලා එන්නේ, ඇසින් දකින සංවර්ධනයට එරෙහි ව වචන මාලාවන්ය. “මොලය ඇයි හරියට වැඩ කරල මම වාර්තා කරන දේ එලිදක්වන්නේ නැත්තේ? මේ මිනිහා වැඩ කරන්නේ මෙහෙම නම්, මෙයාට ඇස් වල සේවය වැඩක් නැහැනේ” ඇසට සිතිණි.

“ඔයා කීවනේ මේකෙන් දවසකට රජයට රුපියල් මිලියන 4ක ආදායමට අමතරව ජනතාවට, මිලියන 4ක පමණ වටිනා කාලයක උරුම  වෙනවා කියල. හොදයි කියන්න බලන්න, ඔබට උරුම වෙන ඒ කාලයෙන් ඔබ මොනවද කරන්නේ කියල?” ඔහු නැවතත්  රියදුරු මහතා සමග කථාව ඇරඹුවාය.

“සර්, ඇතතටම මේ වගේ ව්යාපෘතියක් හරියට මී වදයක් වගේ, මේ ව්යාපෘතිය, පටන් ගන්න වෙලාවෙ ඉදලම රටට ලබා දෙන්නෙ ප්රතිලාබ. මේකෙන් සර් කීව වගේ මැති ඇමතිවරුනුත් විශාල ලාභයක ලබනවා, මේ කොන්ත්රාත්තුව ගන්න සමාගමත්, විශාල ලාභයක් ලබනවා, මේකට භාණඩ සපයන සමාගම් වලටත් විශාල මුදල් කන්දරාවක් ලැබෙනවා, මේ යටතේ උප කොන්තරාත් කරුවන් රාශියක් බිහි වෙනවා, ඒ අයත් ඉතා හොදට මුදල් හම්බ කරනවා. මේකෙ ඉන්ජිනේරු මහතඒමයාගේ ඉදල කම්කරුවා වෙනකම් විශාල පිරිසක් සේවය කලා, ඒ හැමෝම මේ වැඩේ හින්ද හොදට ජීවත් වුණා. ඒ විතරක නෙමෙයි සර් හොරකම හැම තැනම තියෙනවා. ඔය පාර දෙපැත්තෙ මිනිස්සුත් හම්බ කලා. දැන් වැඩේ ඉවරයි. අපිට කාලය ලබාදීල තියෙනවා.අපිට පුලුවන් මේ ලබාදීල තියෙන කාලය, විනාශ කරන්නත්, ඒ වගේම ඒ කාලය මුදල් බවට පත් කරල අපේ පවුලේ දියුණුවට යොදවන්නත් පුලුවන්. මම ඉස්සර මේ වගේ හයර් එකකට, යන්න එන්න ගත්තම පැය තුනක් යනවමයි. දැන් මම පැය දෙකහමාරකට හයර් දෙකක් යනවා. ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌මේක නිසා මගේ අදායම නම් වැඩි වෙලා. හැබයි මම තව කාව හරි අල්ලගෙන මේ වැඩේ විවේචනය කර කර, මේකෙන් ගහපු මිනිස්සු ගැන කිය කිය හිටියට කාටත් වැඩක් නැහැ. සර්, දැන් අපි ලැබිල තියෙන එකෙන් පල ප්රයෝජයක් ගමු”

මේ අවස්ථාවේදී කණ තමන්ගේ කාර්යය නිසි ආකාරයට ඉටු කලාය. හොද වැඩේ මේ මිනිහට මම හැම දෙයක්ම හොදට පෙන්නලත් ඇත්ත දැක්කෙ නැහැ. ඇසට සිතිණ. දැන ටිකක් මහන්සියි ඇස් දෙක පියා ගන්න ඕනි. අස් පහාටු ඇසේ අණ පිලි පැදීමත් සමගම, මහා අදුරක් සමග වටපිටාවේ සුන්දරත්වය, මේ පුද්ගලයාට ලබාදීම තාවකාලිකව නැවතිණි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress