අතිගරු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ඇමරිකානු සංචාරය.
Posted on August 27th, 2014

Chandrasena Pandithage

මේ වනවිට අතිගරු මහින්ද රාජපක්ෂ මහතා, ඇමරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් ඇති බවට පුවත් පලව ඇත. මේ සංචාරය දෙස මෙරට ජනතාව විවිධ කෝණ තුලින් බලා තම තමන්ගේ මත පල කරමින් සිටී. ජනතාවගෙන් යම් කණ්ඩායමක් එතුමාගේ සංචාරයට හේතුව, බරපතල අසනීප තත්වයක් හේතු වෙන බව පල කරන අතර, තවත් කණ්ඩායමක්, මෙය එතුමාගේ පෞද්ගලික සංචාරයක් බව ප්රකාශ කරයි. කුමන තත්වයක් යටතේ හෝ මෙය, නිල මටථටමේ රාජ්ය සංචාරයක් නොවෙන බව පැහැදිලිය. මෙය නිල මටටමේ රාජ්ය සංචාරයක් නොවෙන බැවින්, ඊට පසුව ඇත්තේ නොනිල මට්ටමේ රාජ්ය සංචාරයක්ද එසේ නොවේ නම් ඒ මහතාගේ පෞදගලිකවූ සංචාරයක්ද යන දෙකරුයි. මේ කරුුණු දෙකෙන් මොන කරුණක් සදහා හෝ ඔහු පිටත්ව ගොස් ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදයටයි

මෙරට ජන මනස තුල ඇති බලවත්ම කරුණක් වනනේ, අතිගරු ජනාධිපති මහිනද රාජපකෂ මහතාගේ අංක එකේ සතුරු රාජ්ය ඇමරිකා එක්සත් ජනපදය බවය. ඇමරිකා එක්සත් ජනපදය දකුණු ආසියාව පාලනය කිරීම උදෙසා දසක ගනනාවක් පුරා උපක්කරමිකව ගොඩනැංවූ කොටි ත්රස්තවාදය විනාශ කල අතිගරු මහින්ද රාජපක්ෂ මහතාව කුමන පදනමකින හෝ විනාශ කිරීමට ඇමරිකා එකසත් ජනපදය පරමුඛ බටහිර බලවේග වෙර දරණ බව මෙරට ජනතාව මනාව හදුනාගෙන සිටි කරුණකි. මේ කරුණ දේශපාලනයේදී, වේදිකාවක් වේදිකාවක් ගානේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ස්ථාපිත කරමින් තමාව මේ බටහිර ජාතීන් විදුලි පුටුවේ හිදුවා මරා දැමීමේ අදිටනින්ම වැඩකරන බව පල කරන ලද වාර ගනනද  ඉතා විශාල සංඛ්යාවකි. මේ ඉතා මෑතකදී පොදුරද මඩුලු ක්රීඩා උලෙල සදහා බ්රිතාන්යට යාම ප්රතික්ෂාප කලේද, තම සංචාරය සදහා එම රජයට නිසි ආරකෂාව සැලසිය නොහැකිය යන හේතුව මත බව, මාධය තුලින් ප්රකාශ විණි. එසේ නම් මේ ඇමරිකා සංචාරයේදී, එතුමාට ආරක්ෂාව සපයන්නේ කවුද යන පැනයද මෙරට ජනතාව ඉදිරියේ පැන නැගී ඇති තවත් එක් කරුණකි

එතුමා සමග අත්වැල් බැදගෙන සිටින මෙරට ජනතාව, මේ ලෝකය සමබන්ධව ඉතා හොදට දනී. ඇමරිකා එක්සත් ජනපදය සමග ඇත්වැල් බැදගෙන ඉරාණයට වසර ගනනාවක් පහරදුන් ඉරාක ජනාධිපතිතුාවූ සදාම් හුසේන්ව අල්ලා බල්ලෙක්සේ එල්ලා මරා දමන ලද්දේ ඇමරිකා එක්සත් ජනපදය බව මෙරට ජනතාව දනී. තවද,ලිබියානු ජන නායක ගඩාෆිට බල්ලෙකුට සේ පහරදී මරා දමන ලද්දේද ඇමරිකාව බව මෙරට ජනතාව දනී. එපමණක්ද නොව යුගෝස්ලෝවියාවේ හිටපු ජනාධිපති වරයකු වූ මේලෂොවිච් මහතාව පරීක්ෂණයක් සදහා ජාතයනත්රණ අධිකරණයට ඉදිරිපත කර, හිර ගෙය තුලදීම මරා දමා, පසුව ඔහුව නිදොෂ්කර නිදහස කරනු ලැබූවේද ඇමරිකාව බව දනී. ඇමරිකාවට යම් රාජ්ය නායකයකු මරා දැමීමට ඇවැසි නම් කුමන ලෝක ධර්මතාවයකට එරෙහිව හෝ සිටගෙන ඒ අරමුණ ඉටුකරගන්නා බව දන්නා මෙරට ජනතාව, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ, මේ ඇමරිකානු සංචාරය දෙස බලා විටින්නේ විශ්මිතවය.

හිටපු පලස්තීන ජනාධිපති, යසර් අරපත් මහතා, අසනීපයකට පරතිකාර ගැනීම සදහා,ප්රංශයට පිටව යන මොහොතේ, මේ රටේ ජනතාව,මේ යසර අරපත මහතා පිටව යන්නේ මහුගේ අවසාන ගමන බව දැන සිටියහ. ඒ යසර් අරපත් මහතාව සුුවකර දෙන ලෙස ඔහුගේ මරණයම අපේක්ෂා කල සතුරු රාජ්යකට භාරදීම කුමන තර්කයකටවත් නොගැල පෙන්නක් වූ බැවිණි.මහින්ද රාජපක්ෂ මහතාද මේ පිටව ගොස් ඇත්තේ වෙෙද්ය ප්රතිකාර සදහා නම, මේ කරුණද  ඒ සිද්ධිදාමයට සමානවූ කරුංක් බව මෙරට ජනතාවට සිතේ. එසේ නොවීමට නම්, විශේෂිත හේතුවක් තිබිය යුතු බව මෙරට ජනතාව සිතයි. මෙරට ජනතාව, තවමත් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අවස්ථාවක සිදුවූ මේ සංචාරය, මහජන මානස තලය මහා භූමිකම්පාවකට අසුවූ නගරයක තත්වයට පත්කර ඇත.

මේ සිදුවන්නේ කුමක්ද?යන්න මෙරට ජනතාව විවිධ කෝණ වලින් දකී. මේ තමනගේ දේශය ආරක්ෂා කල ජනාධිපතිවරයාය යන්න, මෙරට ජනතාව හා ජනාධිපතිවරයා අතර ඇති ඥාතිත්වයයි.  නමුත් මේ රටේ ජනතාවගේ ජනාධඊපතිවරයා, ඔහුගේ දරුවන්ගේ, පියාය. එතුමාගේ බිරිදගේ දයාබර ස්වාමි පුරුෂයාය. සිය සහෝදර පරපුුරේ, අයෙකුට, මල්ලීය තවත් අයෙකුට, අයියාය. මේ ඥාතිතවය, ජනතාව හා බද්ධව තිබෙන ඥාතිත්වයට එහා ගිය දෙයක් බවද මෙරට ජනතාව දන්නා අතර, ඒ පෞද්ගලික ලෝකයේ කටයුත්තක් සදහා ගිය ගමනක්ද යන පැනයද ජන මනස තුල ඇත. කුමන කටයුත්තක් සදහා හෝ එතුමා පිවිස  ඇත්තේ යක්ෂයාගේ අඩවියට බව ජනතාව දනී.

මේ වන විට ඇමරිකාව ජාතයන්තර තලයේ හා ජාතික තලයේ අර්බූද ගනනාවකට මුහුණ දෙන රාජ්යයක් බවට පත්ව ඇත.එදා චේ ගුවේරා සහෝදරයා ලෝක ප්රජාවගෙන් ඉල්ලා සිටි, එකම කරැණ වූ, ඇමරඊකාවට එරෙහිව, එක වියථනාමයක් නොව වියට්නාම ගනනාවක් බිහි කරව් යන්න අද සිදුව ඇත. ඉරාකයේ, සිරියාවේ, ඇෆගනිස්ථානයේ, පලස්තීනයේ, ලිබියාවේ, යුක්රේනය අද ජාත්යන්තර තලයේ ඇමරිකාව ගිලී යෑමට නිර්මිතව ඇති මඩ ගොහොරුව බවට පත්ව ඇත. මේ මඩ ගොහොරුව දිනපතා ලොවපුරා පුලුල් වෙමින් ඇමරිකා එක්සත් ජනපදය නම්වූ අධිරද මහල්ලාට කිසිත් කර ගත නොහැකි තත්වයකට පත්ව ඇත. ඉතාම විශේෂිත යුධ භූමිය න‌ිර්මාණය වූයේ මෑත බාගයේදී යුක්රේනයේය. මෙය ලෝක බලවතුන් දෙදෙනා මුහුණට ම ුහුණ ලා ගැටෙන යුධ බිමක නිර්මාණය කර, ඇමරිකාවට මේ වනවිට මහා පරාජයන් රාශියක් උරුම කරදී ඇත. මේ යුද්ධය අවි ගැටෙන රණ බිමකට වඩා බුද්ධිය ගැටෙන රණ බිමක් බවට පත්ව, රුසියාවේ බුද්ධි බලකාය ඉදිරියේ මහා පරාජයන් රාශියක් ලබමින් සිටී. මුලු යුරෝපා සංගමයම ඇමරිකානු, බුද්ධි උපක්රම හමුවේ,පරාජිතව අසරණ වී ඇමරිකාවෙන් ආධාර ඉල්ලා සිටී.එය දී ගත නොහැකි ඇමරිකාව අද දිනෙන් දින මානස තලයේ තම මිතුරන්ගෙන් වියෝවීම අරඹා ඇත. මේ සිද්ධි මාලාව අතරතුර,ඇමරිකාවේ බහුතරයක් මුදල් මත යැපෙමින්, ඇමරිකානු හිතවාදීව, කටයුතු කල එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ප්රජාවගේ ගැරහීමට ලක්ව ඇත. වරතමාන ලෝකයේ බලවත් රටවල් ඩොලරය භාවිතා කිරීම අත් හැරීම ඇමරිකා ලැබූ විශාලම පරාජයක් වන අතර, එයට කිසිදු විකල්පයක් නැතිව බලා සිටින තත්වයකට ඇමරිකාව පත්ව සිටී. මේ අතරතුර, ලෝකයේ බලවත්ම රටවල් පහක් එක්ව, ලෝක බැංකුවට වඩා බලවත් බැංකුවක් ස්ථාපනය කිරීමටද පියවර ගෙන ඇති අතර, එය මේ වනවිට, මුලු ලොවෙහිම අවදානය එම බැංකුව වෙත ගොනුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත. BRICS නම්වූ මේ බැංකුව නව ලෝක රටාවක පදනම වන අතර, එය සෘජුවම ඇමරිකාවට එරෙහිව දියත් කල ත වත යුද්ධයක් බවට පත්ව ඇත. සියලු සිදුවීම් අතරේ, තමන් දශක ගනනාවක් පුරා, ගොඩ නැංවූ මහා ව්යාපෘතියක් ඉන්දීය මහා මැතිවරණය සමග විනාශයට පත් විය. ඉන්දියාව පාලනය ඇමරිකන හිතවාදී සුදු කාන්තාවගන් එය ඉන්දීය ජනතාව විසින් මුදා ගැනීමත් සමග දකුණු ආසියාවේ මහා වෙනසක් නිර්මාය විණි. මේ වෙනසත් සමග දකුණු ආසියානු කලාපයේ, ඇමරිකානු බලය අතරමංව සිටින මොහොතක, මෙරට ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය සිදුවීම සුවිශේෂීය. මුලු මහත් ජාත්යන්තරයේ සුවිශේෂීම යුගයේ, අතරමංව සිටින, ඇමරිකා එක්සත් ජනපදයට ගොස් අතරමං නොවී, යලි මේ දිවයිනට පැමිණෙන්නේ කෙසේදැයි යන පැනය මෙරට ජන හදවත තුල මුල් බැස ගත් පැනයක් ඇත. සෑම මිනිසෙකම දිනෙන් දින වෙනස වන බව දන්නා මෙරට ජන මනස, එදා කොටි ත්රස්තවාදයෙන් මේ රටත් ජනතාවත් මුදාගත් ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිසරණ සර ලැබේවා!යි ප්රාර්තනා කරයි

10 Responses to “අතිගරු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ඇමරිකානු සංචාරය.”

  1. Lorenzo Says:

    AGREE with GD. A very good analysis. HARDCORE MR bootylickers will NOT read this. They think the north, south, east and west will vote for MR for bringing peace, development, reconciliation, etc. Fools. The north is DAMN against MR for these very same reasons!

    At the next presidential election the LEAD UNP will gain over MR or BR will be:

    Jaffna and Vanni – 300,000 votes lead.
    Batticaloa and Trincomalee – 150,000 votes lead
    Amparei – 50,000 votes lead
    Nuwara Eliya – 100,000 votes lead
    Colombo city – 100,000 votes lead

    So MR or BR will have to bridge 700,000 votes lead from other areas. An IMPOSSIBLE TASK IF MR continues to APPEASE Tamils and Muslims. ONLY Sinhala voters can give MR or BR the required lead. IF MR wants to WIN the next presidential election, CUT money to north and CHENNEL them to SINHALA areas.

    Sinhalese must demand MR SCRAP 13 amendment NOW. This is the time to do it. MR will have to give ANYTHING to Sinhalese now or else LOSE the election.

    There is another way for MR. Bring back the “LTTE”. Threaten Tamil voters in the north and the east AGAINST voting. A claymore explosion a day before the election kills 20+ voters and NO ONE in the north will vote. Then the army quickly moves and kills “LTTE” terrorists who happened to be clandestine TNA operatives.

    Either of these methods must be used for MR to win the election. Otherwise MR will be history. I want MR to WIN the next election by appeasing Sinhalese.

  2. Nanda Says:

    He is visiting his brother at private level. There are no charges for him to send to දංගෙඩිය, they can’t do that.

  3. AnuD Says:

    Among good things how many bad things are some rajapakses doing ? Unbelievable.

    It is like your own parents destroying you.

  4. AnuD Says:

    One election issue should be retroactive legislation to prosecute corrupt politicians.

  5. Christie Says:

    US did help us to wipe out the Indian terrorists, trained, armed, financed, manger and branded Tamil Tigers. True friends have agreements and disagreements. Just because BJP is in power it does not they will actually change their policy towards us. BJP has been in power earlier.

  6. Marco Says:

    Christie,
    With all due respect, having read many of your comments vis a vis sheer hatred towards anything “Indian” (justified or otherwise) have you checked your DNA? Where do you think your forefathers came from? (that’s assuming you are Sri Lankan) unless of course you believe that you were dropped on the shores of the isle of Sri Lanka by white swans

  7. Lorenzo Says:

    Micro,

    There is NO Endian DNA. All humans have the SAME DNA. So stop worshiping Endia. It is not Endian DNA people hate, it is Endian INTERFERENCE in SL.

    Ask Michael Roberts and he will teach you!

  8. Nanda Says:

    AnuD,
    Only way to STOP the corruption of Politikkos is to send 1 or 2 to දංගෙඩිය.

  9. aloy Says:

    There was a very good solution for corruption in far away Ghana in 80s. It was given by one Flight Lt. Jerry Rawlings, a lowly airforce officer. He sent all the corrupted politicians and officials to heaven. After that the politicians of that country were very well behaved. They improved so much so that when their next president died the whole nation mourned the death for two weeks.
    Perhaps if nothing happens our fellows will not be chickenhearted; if not they will end up in Hague.

  10. Christie Says:

    Ever heard of Balangoda man? Ever heard of Ravana or Kuweni? So there were people living in the island before the white swans dropped me or others. Time for us to be free ourselves from Indian brain washing.
    By the way corruption is also part of the Indian dowry.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress