ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය හා බොදු බල සේනාව
Posted on September 3rd, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

  බොදු බල සේනාවේ අදහස් හා මා 99.9% ක් ම එකඟවන බව ලියූ විට එක් පාඨකයෙකුට දැන ගැනීමට ඕනෑ වූයේ මා එකඟ නොවන 0.1% කුමක් ද යන්නය. ඔහු සියේට කීයක් එකඟ වනවාද කියා දන්වා මේ ප්‍රශ්නය මගෙන් ඇසුවා නම් මට උත්තරයක් දීමට ඉඩ තිබුණි. ඒ නිසා ඔහු මෙවැනි ප්‍රශ්නයක් ඔහුගේ පෙම්වතිය ගැන ඇගෙන් ඇසුවා නම් වඩා හොඳය කියා මට සිතේ. බොදු බල සේනාව සෑම තරා තිරමේ ම සිංහල බෞද්ධ විරෝධී මිනිසුන්ට වධයක් (ඉරිටේටින් නොට් හෙඩේක්) වී තිබීම සතුටට කරුණකි. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට මැදිහත් වීමට බොදු බල සේනාව ගත් තීරණය ඉතාමත් කාලෝචිතය කියා මම සිතන්නේ මේ නිසාය. එය බාලා තම්පෝගේ මරණය සිදුවූ අවස්ථාවේදීම එලිදරව් කිරීම, ක්‍රියාවට නැගීම, මගේ තරුණ කාලයේදී බාලා තම්පෝ හා ට්‍රේඩ් යූනියන් ගැන හොඳින් දැනගැනීමට ලැබුනු කෙනෙක් වශයෙන් සිතන විට, ලංකාවේ දෛවෝපගත ඉරණමේ කොටසක් කියා මට සිතේ.

    අද ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණයක් (එවිල් ට්‍රෑන්ගල්) රජ කරයි. වංචනික, නූගත්, මෝඩ දේශපාලකයා එකෙකි. මෙවැනි දේශපාලකයින්ගේ පිටි පස්ස ඉඹිමින් තමන්ට ඕනෑ දේ කරගනිමින් කූට ලෙස වැජඹෙන නිලධාරියා අනිකාය. එන් ජී ඕ ඩොලර් කාක්කන් පිරිස ත්‍රිකෝණයේ තුන්වන පැත්තය. ගොන් ඇමතියන්ට, පරයින්, නපුංසකයින් කියමින් වාග් වෙඩි තබමින් ඉතා සරල අන්දමට දේශපාලන හොරය එලි කිරීම දැනටමත් බොදු බල සේනාව මගින් කර ඇත. මේ හොර පිරිස (නිල්-රතු-කොල යනාදී) 1948 ටෙන් පසුව සිංහල බෞද්ධයින්ට සලකා ඇත්තේ හරියට ලංකාවේ ඇතැම් පිරිමි හිත හොඳ ගෑණුන්ට සලකන ආකාරයට බව, ගංගොඩවිල සෝම හාමුදුරුවන් මෙන් ශාන්ත දාන්තව බණ කියමින් නොව, හොඳට ලුණු ඇඹුල් ඇතිව ප්‍රසිද්ධ වේදිකාවේ පෙන්වා දීමට ඥානසාර හාමුදුරුවන්ට හැකි විය. නායකයෙක් නැතිව අතරමං වී ඉන්නා සිංහල බෞද්ධයාට එය කණේ මී පැනි දැම්මා වගේ විය. සිංහල බෞද්ධයින්ගේ මේ අවදිවීම ඉදිරියේ මුළු රටේම නොයෙක් මාදිලියේ කළු සුද්දන් කෙතරම් කුලප්පු වූවාද යත්, හාමුදුරුවරු දේශපාලනයට නොා යුතුයැයි මොර දුන් පිරිස් මාදුළුවාවේ සෝභිත හිමියන්ව කරේ තබා ගෙන රට වටේ ගෙනියන්නට පවා සුදානම් විය. එය හරියට කලින් 2010 දී එස් බී දිසානායක, ජෙනරාල් ව කරේ තබා ගෙන රට වටේ
ගෙන යන්නට සුදානම් වූවා වගේය.

    දුෂ්ට ත්‍රිකෝණයේ එන් ජී ඕ කාරයින් ගැන ප්‍රමාද වී හෝ ගෝඨාභය රාජ්පක්‍ෂ ක්‍රියා කරමින් සිටී. මෙය ලේසි පාසු වැඩක් නොවන්නේ එන් ජී ඕ කාරයින් කරන්නේ හොඳට පඩි ලැබෙන රක්‍ෂාවල් නිසාය. ඩොලර් බලය මගින් දේශපාලකයින් හා නිලධාරීන් බා ගැනීම කජු කනවා වගේ ලේසි වැඩකි. පිටරට සාවාරියකට, ලමයෙකු පිටරට යවා ගැනීමට ඉඩක් දෙනවා නම් මේ දෙගොල්ලම ඕනෑම පාවා දීමක් කරන්නට සූදානම් ය. කිරි පැකට් එකකට ආගම මාරු කරන අයත් මේ දෙගොල්ලත් අතර වෙනසක් නැත.

    දුෂ්ට ත්‍රිකෝණයේ නිලධාරී පැත්ත මිට වඩා සංකීර්‍ණය. දේශපාලකයින්ගේ මැදිහත් වීම නිසා පියුන්ගේ සිට අග්‍ර විනිශ්චයකරු දක්වාම සුදුස්සාට සුදුසු තැන නොලැබෙන තත්වයකට 1948 ටේ සිටම රට පෙරලී ඇත. 1956 න් පසු රාජ්‍ය සංස්ථා ඇති කලේ ලොකු බලාපොරොත්තු ඇතිව වුවත් දේශපාලකයින් ඒවා විනාශ කලේ ඒවා පන්දමුන්ට, නුසුදුස්සන්ට රක්‍ෂා සපයන ආයතන බවට පෙරලා ය. මේ නිසා අද ඇත්තේ පුදුම අන්දමේ අච්චාරු වූ ක්‍රමයකි. පගා වක් දී හෝ යාලු කමක්,  නෑකමක් නැත්නම් ආණ්ඩුවේ කාර්‍යර්‍යාලයකින් වැඩක් කරගත නොහැකි ය.

ඇමතිලාට කල නොහැකි වැඩ නිලධාරියාට පගාවක් දී කර ගත හැකිය. මෙසේ විනාශවූ ක්‍රමයකින් රට ගලවා ගැනීම විධායක ජනාධිපති ධූරය නැති කිරීම වගේ දෙයකින් කල නොහැකිය. මේ සඳහා මුලු රටේම ආකල්පමය වෙනසක් විප්ලවීය වෙනසක් සිදු කල යුතු ය.

     නුසුදුසු පුද්ගලයින්ට ආණ්ඩුවේ රක්‍ෂා දීමෙන් දේශපාලකයින් රටට කරණ හානිය කියා නිමකල නොහැකිය. මෙම වසංගතය ඉක්මණින් කඩිමුඩියේ අතුගා දැමිය නොහැකිය. නමුත් මෙයට එක්තරා විසඳුමක් බොදු බල සේනාව ඉදිරිපත් කරයි. එය නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට මැදිහත් වීමය. තමන්ට රස්සාව ලැබුනේ සුදුසු කම නිසා නොව පක්‍ෂ දේශපාලන සම්බන්ධයක් නිසා මේ අය වෘත්තීය සමිති වලට බැඳෙන්නේ පක්‍ෂ දේශපාලන ය අනුවය. ලංකාවේ අද ඇත්තේ දේශපාලන පක්‍ෂ වලට බැල මෙහෙවර කරන ට්‍රේඩ් යූනියන් ය. මේ ට්‍රේඩ් යූනියන් වල බලය අල්ලා ගෙන ඉන්නා දේශපාලන පක්‍ෂ වලට අයත් නායකයින් රටට ඉතාමත් අසාධාරණ වන ලෙස ක්‍රියා කරයි. දේශපාලකයින් මෙන් මේ නායකයින් ද තමන්ගේ වාසියට මිස රට ගැන හෝ තම සාමාජිකයින්ගේ යහපත ගැන හිතා ක්‍රියා කරණ අය නොවේ. මේ නිසා මොවුන්ගේ බලය බිඳීමේ ප්‍රථම පියවර වන්නේ රට ගැන හිතන, අහිංසක හා යුක්ති ගරුක රාජ්‍ය සේවයකයින් ගෙන් සමන්විත වන ට්‍රේඩ් යූනියන් සැදවීමය. මේ මගින් මුලදී පන්දමෙන්, පගාවෙන් රක්‍ෂාවට ආවත් කලක් ගිය පසු ඒ ගැන අමතක කර යුක්ති සහගත සේවකයෙක් වීමට එක් එක් පුද්ගලයාට අවස්ථාවක් ලැබේ.

    වෙනත් හැම අමාත්‍යංශයක් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය ද ලෙඩ ගොඩකි. නුසුදුසු අය දමා ගෙන ඉතාමත් අකාර්‍යක්‍ෂම සේවයක් නොව කරුමයක් මහජනයාට ලැබී ඇත. මනුසත් දෙරණ වැනි ස්වේච්චා බෙහෙත් කඳවුරු වලට මහජනයා ඇදී එන්නේ නොමිලේ දෙනවායයි කියන සෞඛ්‍ය සේවය පණ අදින සේවයක් ව  ඇති නිසාය. ඇමති වරයා කොට උඩ ගොස් ය. දොස්තරලා ගේ සිට ඉස්පිරිතාල බිම හෝදන සේවකයා දක්වා හැම සේවක කොටසක් ම තම තමන්ට ඕනෑ විධියට වැඩට යයි, වැඩ අතපසු කරයි, කාලය මරයි, කලින් ගෙදර යයි. දොස්තරලා ලෙඩ්ඩුන්ට අඩුවෙන්ම සලකා පුද්ගලික ක්ලිනික් දමා ගෙන කෝටි ගනන් උපයා ගනිමින් සිටී. මේ ආණ්ඩුව තරම් හොඳ කාලයක් මේ දොස්තරලාට උදාවී නැත.

    රක්‍ෂාවල් නැතිව දශලක්‍ෂ ගනන් සිටියදී, ලෙඩුන් ව තවත් අමාරුවේ වැටෙන ආකාරයේ වැඩ වර්‍ජන කිරීම බෞද්ධ විරෝධී ක්‍රියාවකි. ආණ්ඩුවේ රක්‍ෂාවක් කරන කෙනෙක් දවසේ පැය අටෙන් පැය කීයක් වැඩ කරනවාද? සාධාරණ ඉල්ලීම් දිනාගත හැකි බෞද්ධ ක්‍රම තිබේ. එය මධ්‍යම ප්‍රතිපදාව යටතේ කල හැකිය. උදාහරණයක් වශයෙන් “අකුරට වැඩ කිරීම” ඉතාමත් සාර්‍ථක වෘත්තීය සමිති ක්‍රියා මාර්‍ගයකි. එය හීන් සැරය පෙන්වීමකි. මෙවැනි බෞද්ධ ආකල්පයක් දැන් තිබෙන ට්‍රේඩ් යූනියන් වලට නැත. ඊට හේතුව ට්‍රේඩ් යූනියන්ස්, මාක්ස්වාදී, බෞද්ධ විරෝධී පිරිස් රජ කල සෙල්ලමක් වීමය. හරියට ලංකාවේ විදේශ අමාත්‍යංශය වගේ ය. එය සිංහල බෞද්ධ විරෝධී ආයතන වලින් නොම්මර එකේ තැන ගනී.

    බාලා තම්පෝ අවංක මිනිහෙක් වීමට පුළුවන. නමුත් ඔහුත්, ඩොරික් ද සූස වගේ අයත් සිංහල බෞද්ධ විරෝධීන් විය. දෙමල සේවකයින්ට සිංහල ඉගෙන ගැනීමට රජයෙන් පඩි සහිත නිවාඩු ලබා දුන්නත් බාලා ලා ඒ වාට සහයෝගයක් දුන්නේ නැත. මේ දෙමල ජනයා නෝර්වේ ගොස් ඉස්පිරිතාලවල කුණු එකතු කරන ගමන් නෝර්වේ භාෂාව ඉතා ඉක්මණින් ඉගෙන ගනී. බාලා ට බංග වේවා දේශපාලනයෙන් ගැලවීමට බැරි විය. මැයි දින පෙල පාලි කියන්නේ යූනියන් ප්ලේස් එකේ කොම්පැනි වීදුරු වලට ගල් ගැසීමය. අන්තිමේදී සිදුවූයේ හවසට කොළඹ සාප්පු වලට ගල් ගසා රෑට ගමට යන බස් වලට ගමේ මිනිසුන් ගල් ගැසීමට පුරුදු වීමය. මෙම බංග වේවා දේශපාලනය ජේ වී පී එක 1971 හා 1988 දී බෙලි කපන ව්‍යාපාරයක් කල අතර, ට්‍රේඩ් යූනියන් මෙම බෙලි කැපීම ආණ්ඩුවේ ආයතන වල යන්තම් හෝ පවතින පරිපාලනය බකල් කිරීමට යොදවා ගනී. අද විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයින් ජේ වී පී ට්‍රේඩ් යූනියන් සාමාජිකයින් වගේ ය.

    ලෝකයට වෘත්තීය සමිති ව්‍යාපාරය ගොඩ නගා දීමට පුරෝගාමීව ක්‍රියා කලේ ක්ලැරන්ස් ඩැරෝ වැනි ඇමෙරිකානු ජාතිකයින් ය. ඔහු උසාවි වලට ගොස් අළුත් නීතී විවරණ සදා දුන්නේය. කාර්ල් මාක්ස් ලන්ඩන් නුවර බඩ ගින්නේ සිටියේ ය. ඔහුගේ නෝනාට දරුවන්ට කන්න බොන්න දීමට සල්ලි තිබුනේ නැත. ලංකාවේ සම සමාජ කාරයින් කලේ කුමක්ද? මගේ සැමියා නොමරා මැරුවේ එන් එම් කියා මිසිස් බී අඬමින් 1960 දී කියා සිටියා මතකද? එන් ජී ඕ කාරයින් ද හවුල්ව ට්‍රේඩ් යූනියන්ස් දේශපාලන පක්‍ෂ වැඩ වලට යොදා ගන්නට දැන් බලවත් ප්‍රවනතාවයක් තිබේ.

    වාමාශිංක දේශපාලකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති වලට මුහුන දීමට යූ එන් පී එක ට්‍රේඩ් යූනියන් ඇති කලේ ය. පක්‍ෂ දේශපාලනය රටට ශාපයක් ව ඇති පරිදිම මේ ට්‍රේඩ් යූනියන් බිස්නස් එකද අද රටට ශාපයකි. පවතින රජයේ අකාර්‍යක්‍ෂම භාවය ට විසඳුම වැඩ වර්‍ජන නොවේ. අද පවතින හොර දූෂණ අපරාධ ආදියේදී රජයේ සේවකයින් ගේ ද අති විශාල කොටසක් හවුල් ය. මේ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයට මැදිහත් වීමට බොදු බල සේනාව ගත් තීරණය රටේ යහපත පතන, පක්‍ෂ දේශපාලනය හෙලා දකින හැමගේ සතුටට හේතුවක් බව නිසැකය. වෛද්‍ය අශංයෙන් ආරම්භ කර, අධ්‍යාපන අංශය, සරසවි සිසුන් අතර යනාදී වශයෙන් බෞද්ධ ට්‍රේඩ් යූනියන්ස් ලැව් ගින්නක් සේ පැතිර  යනවා නිසැකය.

7 Responses to “ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය හා බොදු බල සේනාව”

  1. Nanda Says:

    “1956 න් පසු රාජ්‍ය සංස්ථා ඇති කලේ ලොකු බලාපොරොත්තු ඇතිව වුවත් දේශපාලකයින් ඒවා විනාශ කලේ ඒවා පන්දමුන්ට, නුසුදුස්සන්ට රක්‍ෂා සපයන ආයතන බවට පෙරලා ය. ”

    -මෙයට හොඳම උදාහරණය නම් උපුල් ජයසූරිය නමැති ජාති ද‍රෝහියා ය​. His bugger, who failed all 4 subjects of A/L was appointed Chairman of tractor Corporation , just because he passed Low College at a young age with zero experience, based on political favortism. This kind of low conduct of a supposed to be an educated leader like Lalith Athulathmudali have gradually eroded all our values.
    Now , even MR is scared of this Upul’s mouth.

    “අන්තිමේදී සිදුවූයේ හවසට කොළඹ සාප්පු වලට ගල් ගසා රෑට ගමට යන බස් වලට ගමේ මිනිසුන් ගල් ගැසීමට පුරුදු වීමය.” – absolutely true. බාලා තම්පෝ is a tiger supporter in his heart, like most Tamils.

  2. Nanda Says:

    Extremely good write up, down to earth , truth.
    I will later explain what I don’t like of Bodu bala Sena, as a Buddhist.

  3. Nanda Says:

    බොදු බල සේනා කරන්නේ ආණ්ඩුව කලයුතු, එහෙත් නොකරන දේවල් මහජනයාට පෙන්වාදීමයි. මෙය සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි. බොදු සිංහල ජනයාට වන අසාධාරණ සම්භන්ධයෙන් කතා කිරීමට ඉන්නේ මේ පිරිස පමණි.
    ජනාධිපති යුධ්ධය නිම කොට රටට විශාල කලබව කිසිවෙකුටවත් නෑකිය නොහැක​. එහෙත් දෙමල ජනයාටත් මූස්ලින් හොරුන්ටත් ඔහුගේ වැඩි අවධානයත් වැඩි සේවයත් වුන බැවින්, එමගින් ලොකු අසාධාරනයක් වී ඇත​.
    එහෙත් හාමුදුරු කෙනෙකු සුඛෝපභෝගී වාහනයක යමින් , අයිපෑඩ් පාවිච්චි කරමින්, පරුෂ වචනයෙන් බනිමින් කටයුතු කිරීමෙන් බුදු දහමට කිසිම සේවයක් නොවේ.

    මෙසේ කටයුතු කරණ විට හාමුදුරුවෝ සි‍වුර ගලවා සිටිය යුතුය​.
    මගේ 1- 99.9% = මෙයයි.

    අපේ බුදු හැදුමට මෙසේ වන විනාසයට “මාහින්දා” වග කිවයුත්තේ මේ නිසයි.
    මහින්ද හාමුදුරුවන් ගෙනා බුදුදහම මාහින්ද රජතුමා විනාශ කිරීම​ මහා ශාපයකි.

  4. Nanda Says:

    Maahinda is not responsible for the creation of Evil Triangle.

    Instead of trying his best to destroy it, he nurtured it, made use of it for his benefit. He has a bigger responsibility than any other president to put Sri Lanka in the right path ( except JR who had a bigger mandate) because 26600 youth sacrificed lives to protect the country , under his leadership. 99.9% of these youth are Sinhalas.

  5. Lorenzo Says:

    Jihad terrorist threatens cricketer Dilshan with “fire”! This is DISGUSTING. The terrorists must be told to LEAVE SL ASAP. No wonder Pakistan is in hell everyday.

    “Religious comments by Pakistan opener Ahmed Shehzad to Sri Lanka player Tillakaratne Dilshan after a recent one-day game are being investigated by the Pakistan Cricket Board.

    While the players were walking back to the dressing room in Dambulla Sri Lanka, on August 30, Shehzad, 22, was caught on camera telling the explosive Lankan batsman, “If you are a non-Muslim and you turn Muslim, no matter whatever you do in your life, straight to heaven.”

    While Dilshan’s reply was not audible, Shehzad went on to say, “Then be ready for the fire.”

    Shehzad, who made his Test debut this year, was summoned to PCB headquarters in Lahore on Wednesday and asked about his comments, board general manager (media) Agha Akbar told the Associated Press.

    “Ahmed has informed the PCB that it was his personal chat with Dilshan, and there was nothing more to it,” Akbar said. “What we understand is that no Sri Lanka Cricket official or our own manager lodged any complaint.”

    However, Akbar said the PCB was still investigating the matter.”

    – indiatimes

  6. Samanthi Says:

    “Now , even MR is scared of this Upul’s mouth.”

    This bastard’s foul mouth is so loud because he recently got a lavish kick back from the egg faced ambassador!

  7. AnuD Says:

    If we become true buddhists we become DODO birds.

    So, understand the reality.

    One reason why buddhism vanished from Greater India. Because they were true buddhists.

    Because of the circumstances buddhists have to act like non-buddhists.

    SO, accept BBS is doing a good job. We need an expanded BBS. It should send it’s roots every where in the system.

    Buddha also had asked us to live the moment. Buddha did not try to stop wars every time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress