රට ගැන නොසිතන ව්‍යවස්ථා පැලැස්තර කාරයෝ
Posted on September 8th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

    යායුතු පාර හොඳට පෙනෙද්දී කැලෑවේ යන කෙනෙකුගේ ගනයට අතුරැලියේ රතන හාමුදුරුවන් ද ඇද වැටිය යුතුද? 1978 න් පසු ජේ ආර් හා ප්‍රේමදාස එකතුව ලංකාවට ඇටවූ මර උගුල් තුනක් නම් බහු භූත ව්‍යවස්තාව, විකාර චන්ද ක්‍රමය හා 13-ඒ කියන රට බෙදීමේ ඉනිමඟ යන තුන ය. රනිල් වික්‍රමසිංහ කල 2002 මහා ලෝක පාවාදීම 2009 දී හසලක වීරයා විසින් ඉවත් කර දෙන ලදී. එල්ලේ ගුණවංශ, ගලගොඩ අත්තේ ඥානසාර මෙන්ම රතන හාමුදුරුවන් ද “මේ යුද්ධය නම් කවදාවත්ම දිනන්න බෑ” කියා සුදු නෙළුම් ගෙන ගිය අයට විරුද්ධව ක්‍රියා කර මහින්ද රාජපක්‍ෂ ඉඅනාධිපති ගේ පිට කොන්ද ශක්තිමත් කලේය.

    කාටත් අමතකව විශ්‍රාම යාමට දින නියමිතව සිටි සරත් ෆොන්සේකාව කරලියට ගෙන යුද්ධය කිරීමට ගෝඨාභය ට හැකි වුවත් දේශපාලක හොරුන් ඉදිරියේ ඔහු අද අසරණ වී සිටී. බහු භූත එක හා 13-ඒ එක ඉවත් කල නොහැක්කේ වෙන කිසිම සුදුසුකමක් නැතිව ජේ ආර් මාමාගෙ බෑණා නිසාම දේශපාලනයට ආ රනිල් වික්‍රමසිංහද ඇතුළු සියලුම නිල් රතු කොල පක්‍ෂ දේශපාලන හොර රැල නිසා ය. මොවුන්ට තමන්ගේ හොද්ද බොර කර ගන්නට කදිම ගෝල්ඩ් මයින් එකක් පලාත් සභා නමැති ජාතික විනාශය මගින් ලැබී ඇත. 13-ඒ නැති කිරීමට වඩාම අකමැති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ඔහුගේ යූ එන් පී කාරයින්ගෙන් පිරුණු කැබිනට් විහිළුව හා පලාත් සභා හොරු රැළ දය. පළාත් සභා චන්ද සෙල්ලම ඔහුට ඇලඩින්ගේ පාණක් වැනිසේ ය.

    මේ බොරු බෞද්ධ දේශපාලකයින් ලංකාවේ සිංහල බෞද්ධ ජනයාට සලකා ඇත්තේ, සළකන්නේ, හරියට ලංකාවේ පිරිමි හිත හොඳ ගෑණුන්ට සලකන ආකාරයට වගේ බව බොදු බල සේනාව විසින් පෙන්වා දීමත් සමග සෑම දේශපාලන හොරෙක්ම බලවත් අගාධයකට වැටී සිටී. සර්වෝදයට නෝර්වේ රටෙන් කෝටි ප්‍රකෝට ආධාර මුදල් දැනටත් ලැබේ. බොදු බල සේනාවට ශතයක් වත් නෝර්වේ රටෙන් නොලැබේ. එහෙත් ඥානසාර හිමියන් විනාශ කිරීමට කෙතරම් විශාල පිරිසක් ක්‍රියා කරමින් ඉන්නවාද? සෝම හාමුදුරුවන්ට කල දේ උන්වහන්සේටත් කරන්න ඇත්නම් කියා හිතන අය කෙතරම් ඇද්ද? සර්වෝදය ගැන කතා නොකරන්නේත්, බොදු බල සේනාව හපා කන්නට වලිකන්නේත් කුමක් නිසාද? තමන් විසින් එකඟවන සීමා යටතේ යම් ව්‍යාපාර කර ගෙන යෑමට මේ හොරු විරුද්ධ නැත. නමුත් තමන්ගේ ගේම් එක එලිවන, බඩ ගෝස්තරයට ගැහෙන, නිර්‍වස්ත්‍ර කිරීම් කරන අයට මේ සෙල්ලම් පිටියේ ඉඩක් නැත. එස් බී දිසානායක, ඩිලාන්. රාජිත, වාසු, මර්වින් සිල්වා වගේ අය ගැන සිතා බලන්න.
       
    ජේ ආර් විසින් කල ගොන් කම් අතර, අන්තිමේ පිටිපස්ස බිම ඇනී, රොනල්ඩ් රීගන් ගෙන් ද සවුත්තුවී, රේස් කාර එලවන්නෙකු වූ රජීව් ගාන්ධිට දන ගැසීම ඔහු කල ඥානවන්ත ක්‍රියාවකි. එසේ නොවන්නට රජිව් ලංකාවේ දෙමල රටක් සදා එය තහවුරු කර දී යනවා ය. ජේ ආර් රජීව් ට හා ඩික්‍ෂිට් ට දුන් තව ලනුවක් නම් 13-ඒ එක අනිත් පලාත් හතටද පැටවීමය. මෙම දහන් ගැටය ඩික්‍ෂිට් ට තේරුනේ නැත. උතුරේ හා නැගෙනහිර දෙමල ප්‍රදේශයක් තිබෙනවාය යන කතාවට අනුව රජිව් ට ඕනෑ වුයේ 13-ඒ උතුරට හා නැගෙනහිරට පමණක් සීමා කිරීමටය. නමුත් ජේ ආර් කලේ ඒ ප්ලෑනට විශාල ජරමරයක් ඇට වීමය. එය හරියට රෑ හනිමූන් කාමරයේ කලින් පෙම්වතිය හා අළුත් මනමාලි යන දෙන්නාම ඉන්නවා වගේ ය. මෙසේ රජිව් ගේ දෙමල රට ප්ලෑන අච්චාරුවක් විය. ඒ අවස්ථාවේ හැටියට මරණ බයින් සිටි ජේ ආර් (අවශ්‍ය වුනොත් පැන යාමට ඉන්දියන් නැවක් කොළඹට ගෙන්වා ගැනීමත්, යුද හමුදා කැරැල්ලක් ඒ ය යන බය නිසා ඉන්දීය හමුදා ගෙන්වා ගැනීමත්) මෙසේ ක්‍රියා කිරීම නිසා රටට නැවත හුස්ම ගැනීමට ඉඩක් ලැබුණි. ඔහු මොන විනාශයක් රටට කලත් මෙය අමතක කල නොහැකිය.

    මේ වගේම ජේ ආර් ගේ විධායක ජනාධිපති සෙල්ලම, 2006-2009 කාලය වනවිට ලංකාවට අත්වුන වෙස්වලාගත් භාග්‍යයක් විය. එහි බලතල නිසා නොවේ නම් ගෝඨාභයගේ යුද සටන අතරමග බකල් වීමට ඉඩ තිබුණි. විමල් වීරවංශට පින් සිදුවන්නට ජේ වී පී එක පාර්ලිමේන්තු අයවැය දිනවා නොදුන්නා නම් ප්‍රහාකරන් අදටත් ජීවත් වන වාය. නමුත් මේ තනතුරට පත්වූ හැම එක්කෙනාම (ඩී බී විජේතුංග හැර) මානසික විකෘතියකට, ඔල්මාද ගතියකට පත්වෙන බව පෙනේ. මේ නිසා එහි ඒකාධිපති අංග වලට ප්‍රතිකර්‍ම යෙදිය යුතු මුත්, දැන් ලංකාවේ ඇති උභතෝකෝටික අර්බුද ඉදිරියේ මෙවැනි තරතුරක් තිබීම ඉතාමත් අවශ්‍යව ඇත. වැරැද්ද තනතුරේ නොව එයට පත්‌වන පුද්ගලයා ය.

    මේ සියළු කාරණා ගැන නොසලකා නොයෙක් ආකාරයේ පැලැස්තර දමන්නට යෝජනා කිරීම පිස්සු වැඩකි. 17 වන සංශොධනය යනු පිස්සු පාර්ලිමේන්තුවක පිස්සු වැඩකි. ඒ අනුව ජනාධිපති ගේ තටු කැපීමටය කියා ස්වාධීන කොමිටු පත් කෙරේ. නමුත් මේ කොමිටි පත් කරන්නේ, මනා සුදුසු කම් ඇති පුද්ගලයින්ව, දේශපාලන පක්‍ෂවලට සම්බන්ධයක් නැති සංවිධාන හරහා/විසින් නොව දේශපාලන පක්‍ෂ විසින් ය. මේ දේශපාලකයින් රට ගැන හිතා නියම සුදුස්සන් පත් කරයිද? ඒ කාලයේ සෙනේට් සභාවට පත් වීම් කල හැටි මතකද? රත්නපුරේ අතුරු මැතිවරනයෙන් දිනූ පුද්ගලයා පාර්ලිමේන්තුවට දිව්‍ර‌ැම් දීමට යාමට පෙර පැරදුනු සීතා මොලමුරේ සෙනේට් එකේ අසුන් ගත්තේය. මේ වගේම මෑතකදී ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහට සිටි හොඳම සුදුස්සා වූයේ 1971 ත්‍රස්තවාදියෙකුවූ, විවෘත‌වම අම රට බෙදීමට ලියන/ක්‍රියාකල ජයදේව උයන්ගොඩ බව අමතකද?

    මාදුළුවාවේ සෝභිත හිමියන්, විමල් වීරවංශ, ජාතික හෙළ උරුමය, දිනේෂ් ගුනවර්‍ධන, රනිල්, ජේ වී පී, සරත් ෆොන්සේකා, සරත් සිල්වා හා දැන් අළුතින්ම රතන හාමුදුරුවෝ ත් (දැනට සංශොධන කාණ්ඩ නමයක්) මේ ආකාරයේ පැලැස්තර ගේන්නේ තිබෙන ක්‍රමය රැක ගැනීම ට තම යටි හිතේ ඇති ආශාව නිසා නොවේද? එය ඔවුන් ගේ සුඛොපභොගී පැවැත්මට ඉඩ ලබා දෙන නිසාය. නමුත් සිදු විය යුත්තේ එය නොවේ. තිබෙන ක්‍රමය, කළු සුද්දන්ගේ ක්‍රමය, දැන්වත් සම්පූර්‍ණයෙන්ම වෙනස් කල යුතුය. එය කරන තෙක් කල හැකි වෙනත් ක්‍රියා කීපයක්ම ඇත. “හරක්” පාර්ලිමේන්තු මන්ත්‍රීන් කරන චන්ද ක්‍රමය වෙනස් කිරීම ප්‍රථම පියවරය. 13-ඒ අහෝසි කිරීම දෙවන පියවරය. ඉන් පසු ජනාධිපති ධූරයේ අත්තනෝමතික බලතල කපා දැමීම කල යුතු ඥානවන්තයින් සිටින පාර්ලිමේන්තුවක් මගින් ය. මේවා කලොත් කඩදාසි ලිපේ දැම්මා වගේ කලබලයෙන් දුවන්නට අවශ්‍ය නැත.
අධිකරණය ස්වාධීන කල හැකි, ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු කාරයින් පත් කිරීමේ බලය ජනාධිපතිගෙන් ඉවත් කිරීමෙනි. 17 වන සංශොධනය යටතේ එන කොමිටි වලින් මෙය කල නොහැකිය. දේශපාලන පන්දමට රජයේ රක්‍ෂා දෙන තාක් රාජ්‍ය සේවය අපක්‍ෂපාත හෝ කාර්‍යක්‍ෂම කල නොහැක.  මැතිවරණ අපක්‍ෂපාත කල හැකි චන්ද කාලයේදී පොලිසිය මැතිවරණ කොමසාරිස්ට වගකිවයුතු කිරීමෙන් ය. චන්ද දූෂණ ගැන කියා නොකල විට මැතිවරණ කොමසාරිස්ට නඩු දැමීමට මහජනයාට බලය දෙන තෙක් ඔහු ෂේප් වීමේ න්‍යාය අනුගමනය කිරීම ස්වභාවිකය.

    අද රටේ ඇති ලොකුම ප්‍රශ්නයක් නම් 13-ඒ උවදුරය. 13-ඒ වෙනුවට ජන සභා මගින් ජනතාවට බලය පවරනවා නම් ඒ මගින් අද රටේ ඇති නොයෙක් අර්බුද, ව්‍යසන වලට විසඳුමක් ලබා දීමට පුළුවන. උදාහරණයක් වශයෙන් 13-ඒ අහෝසි කිරීම නිසා තුන්වන ආර්‍ය සත්‍යයේ මෙන් ශූන්‍ය/හිස්/හිඩැස්/ස්වභාවයක් (වැකූම්/එම්ප්ටි) හටගනී. “දුක නැති කිරීම” යන්න ඒ සත්‍යය ය (දුක-දුකට හේතුව-දුක නැතිකිරීම- දුක නැතිකිරීමේ මග). 13-ඒ නැති කිරීම යනු 13-ඒ නැති කල හැකි දෙයක් ය යන්නය. නමුත් එය නැති කල පසු නිකන් බලා සිටිය නොහැකිය. ඒ වෙනුවට වෙන යමක් සිදුවිය යුතුය, සිදු කල යුතුය. ඒ මග නම් දිවි නැගුම මග නොව ජන සභා මගය. සම්මුති දේශපාලන ක්‍රමයක් බිහි කිරීම කල යුත්තේ ඒ නිසාය. ගමට බලය පැවරීම යන සංකල්පය වැදගත් වන්නේ මේ නිසාය. ජන සභා ඩිරෙක්ටර් ජෙනරාල් කෙනෙක් ද පත් කර ජන සභා ගැන බැසිල් රාජපක්‍ෂ මහතා කරපු කලබගෑනිය මෙහිදී මතකයට ඒ. පක්‍ෂ දේශපාලනය නමැති පොළඟා තමන්ගේ යට ඇඳුම් අස්සේ හංඟා ගෙන බොරුවට එයට බැනීම මේ දේශපාලකයින්ගේ හොර හැසිරීමය. ජන සභා ඇති කලොත් මේ අය කොට උඩ යන්නේ ය. ඉන්දියාවේ පංචයාත් ක්‍රමය අනුව පස් දෙනෙක් එකඟතාවයකට ආ තැන දෙවියෝ වැඩ සිටිති.

    අද ලංකාවේ ඇති බලු පක්‍ෂ දේශපාලනය නැති කර, සුදුසු අයට සුදුසු තැන ලැබෙන ක්‍රමයක් සාදා, දූෂණ, පගා, වංචා, අපරාධ ඉවත් කිරීමට ක්‍රම යොදා, බුද්ධාගම විනාශ කිරීමට එන බලවේග වලට තිත තබා ගත හැකි ආකාරයේ අළුත්, මහජනයා විසින් යෝජනා කරන ව්‍යවස්ථාවක් තදියමකින් තොරව සදා ගැනීමට මිස, ප්ලාස්ටර් ලංකාවට අවශ්‍ය නැත. 1948 දී ලංකාව නිදහස ලැබුවා නම් 1505 ට පෙර තිබූ සිංහල බෞද්ධ සමාජයේ සාර ධර්‍ම (ජාතක කතා වලින් හැඩගැසුනු සමාජ ආර්ථික රටාවන්) යලි ස්ථාපිත විය යුතුය. නමුත් සිදුවූයේ ක්‍රිස්තියානි ක්‍රමයම තව තවත් තහවුරු කිරීම නොවේ ද? සිංහල බෞද්ධයින්ට සිදුකල ඓතිහාසික හිරිහැර හා වෙනස්කම් ඉවත් කිරීම සෙසු සුළු ජන කොටස් වලට කරන අසාධාරණයක්, ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක් නොවේ. දැන් ඩේවිඩ් කැමරන් අළුතින්ම කියන්නේ 1957 දී ගුණපාල මලලසේකර මහතා කිව්වාට වඩා (සිංහල බෞද්ධ 70% ට නිසි තැන දිය යුතුය) වෙනස් දෙයකි. එංගලන්තයේ ඉංග්‍රීසි ශිෂ්ටාචාරය අනිත් අය විසින් පිළිපැදිය යුතුය කියාය.

    13-ඒ නැති කිරීම නිසා දෙමල ජාතික ජනයාට ඔවුන්ගේ පොදු ප්‍රාර්‌ථනා (ඇස්පිරේෂන්ස්) ලබා ගැනීමට ඉඩක් නැති වේය යන චෝදනාවට ව්‍යවස්ථා පැලැස්තර කාරයින්  නිහඬ ඔවුන් 13-ඒ වලට, ඒ කියන්නේ 13-ඒ ප්ලස් වලට එකඟ වන නිසාද? (13-ඒ ප්ලස් උතුරේ පලාත් සභාව ඉල්ලන මස් රාත්තලය). මේ ගැන පැලැස්තර ගේන් නම දෙනාම නිහඬ ඇයි?  මෙය දෙමල ජනයාගේ ප්‍රශ්නයක් නොව දෙමල ජනයා රවටන ඊනියා දෙමල නායකයින්ගේ ප්‍රශ්නයකි.  අඩු තරමින් රතන හාමුදුරුවන්ට වත් මේ ගැන කෙලින් කතා කල හැකි විය යුතුව තිබුනේය. මේ නිසා ගමට බලය පැවරීම යන අදහස භාෂා-ජාති බෙදුමකින් තොරව සිදු කල යුතුය.

    සාමාන්‍ය දෙමල ජනයාට මෙම නායකයින් පොලිස් හා ඉඩම් බලය ඉල්ලීම සටන් පාඨයක් නොවුවත්, දෙමල, මුස්ලිම් හා සිංහල ජනතාවට ගම් මට්ටමින් බලය පැවරීම හරහා මිසක් වෙනම දෙමල රටක් සඳහා වන ව්‍යාපාරය නසාලූ නොහැකි බව අමතක කරන්නට රටේ නොයෙක් දේශපාලකයින් සිතීම විහිළුවකි.  මෙය ප්‍රෙග්නන්සි එකක් හංගන්න පුළුවන් කියා සිතනවා වගේ ය. සංහිදියා කොමිසම කියා සිටියේත් ගමට බලය පවරන ලෙසය. නැගෙනහිර නවෝදය හා උතුරු වසන්තය නියම වශයෙන් එන්නේ ඒ ප්‍රදේශවල මිනිසුන්ට තමන්ගේ එදිනෙදා කටයුතු ගැන තීරණ ගැනීමට බලයක් තිබෙන බව හේත්තු යාමෙන් පමණය. 1948 දී සිංහල බෞද්ධයින්ට නියම වශයෙන් නිදහසක් නොලැබුණ අයුරු, 2009 දී ප්‍රභාකරන් ගෙන් දෙමල ජනයා මුදා ගැනීම නියම මුදා ගැනීමක් නොවන්නේත්, ටී එන් ඒ බෙදුම් වාදීන්ට ආණ්ඩුවට විරුද්ධව චන්ද ගත හැකි වූයේත් පාරවල්, පාලම් හා ලයිට් කනු වලින් අවුරුදු 50 කට වඩා පරණ බෙදුම් වාදය ජය ගත හැකි යැයි ඇමතිවරු කීපදෙනෙක් සිතීමය.

    රටේ පසැල් වල සිංහල හා දෙමල ඉගැන්වීමෙනුත්, ග්‍රාම සේවක වසම්වල මායිම් හා සියළුම පරිපාලන හා චන්ද කොඨ්ටාස මායිම් පරිසරයට එකඟවන පරිදි බෙදා
නියම කීරීමෙන් ය. මෙම බෙදීම් ලැන්ගුවේජ් බ්ලයින්ඩ් ඒකක විය යුතුය. අතීත ලංකාවේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්වය මෙම පරිසර සංකල්පය ක්‍රියාවට නැගීමක් විය. කැනඩාව, ඇමෙරිකාව වැනි විශාල රටවල පාලන ඒකක බොහෝ විට මෙසේ බෙදා ඇත. කුඩා රටක් වන නිව්සීලන්තයේ නීතිය අනුව සියළුම ප්‍රාදේශිය සභා පරිපාලන ඒකක පරිසරයට (ගංඟා නිම්න අනුව) අනුකූල වන අන්දමට බෙදිය යුතුය. ලංකාවේ ගංඟා නිම්න 103 ක් ඇති නිසා ග්‍රාම සේවක වසම් මේ අනුව බෙදිය හැකිය.  මෙසේ ඇති කරගත් නව ග්‍රාම සේවක වසම් වල ජනයාට තමන්ගේ එදි නෙදා පාලන කටයුතු ගෙන යාමට බලය පැවරිය යුතුය. එහි පාලනය පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරා ගන්නා දස දෙනෙකුගෙන් යුත් ජන සභා කොමිටියකට පැවරිය යුතු ය. මූලික අධ්‍යාපනය, පාරවල්, සනීපා රක්‍ෂාව, පරිසර දූෂණය, කෘෂිකර්‍මය යනාදී කටයුතු මෙම ජන සභා වලට පැවරිය හැකි දේවල් ය. මේ මගින් දැනට මහජනයාට විඳින්නට සිදුවන හිරි හැර දුක් ගැහැට සියේට 70 ක් පමණම නැති කර ගත හැකි වේ.

    මේ ජන සභා අදහස අළුත් දෙයක් නොවේ. බොහෝ අය මේ ගැන කතා කර ඇත. සර්වෝදය මේ ගැන බොහෝ කාලයක සිට කතා කලේය. මෙහිදී බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් ගැමි දිරිය නම් වැඩ සටහන යටතේ ඉතාමත් සාර්‍ථකව, මහජනයා විසින් තීරණ ගන්නා ක්‍රමයක් ලංකාවේ සමහර ප්‍රදේශ වල ක්‍රියාත්මක වූ බවය. දේශපාලකයින්ට මෙය වහකඳුරු වැනි සේ වූයේ ඔවුන්ට තීරණ ගැනීමේ ලා ඇඟිලි ගැසීමට ඉඩක් නැතිවීම නිසාය. මේ නිසා බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගැමි දිරිය බකල් කර දමා දිවි නැඟුමක් ආරම්භ කලේය. සංහිඳියා කොමිසමේ කී පරිදි ගමට බලය පැවරීමක් වෙනුවට තවත් යෝධ ආණ්ඩුවේ දෙපාර්‍තමේන්තුවක් ඔහු ඇති කලේය. වික්‍රමබාහුව විශ්වාස කල නොහැකි වුවත් දිවි නැගුම ව්‍යාපාරය නාස්තියක් වී ඇති අන්දම ඔහු ලඟදී පෙන්වා දුන්නේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ය.

    13-ඒ නැති කර ජන සභා සංකල්පය ලංකාව පුරාම, පරිසර නිර්‍ණායක (මතුපිට ජලය, භූගත ජලය) මත මායිම් ලකුණු කල ග්‍රාම සේවක වසම් (ජන සභා) අනුව ක්‍රියාවේ යෙදෙව්වා නම්, දෙමල ජනයා ට (දෙමල ජනයා රවටන රට බෙදන්නට හදන බොරු දෙමල නායකයින් නොව) ඉන් බලවත් සැනසීමක් ලැබීමට ඉඩ තිබිණ. දැන් ආණ්ඩුව උතුරු පලාතේ ටී එන් ඒ එකේ රට කැඩීමේ ව්‍යාපාරය නිසා අමාරුවේ වැටී සිටින්නේ කාපට් පාරවල් දැමීම මඟින් දෙමල ජනයාව සතුටු කල හැකි වේය කියා සිතා ක්‍රියා කිරීම නිසාය. ආණ්ඩුව විසින් හිඟන්නාගේ තුවාලයක් කරගෙන ඇති ව්දේශ යුද අපරාධ විමර්‍ශන භීතිය මෙසේ ජන සභා ක්‍රියාවට නැගුවා නම් මතු නොවේ. දෙමල මිනිසුන්ට තමන්ගේ ගම් වල වැඩ කටයුතු කරගෙන යන්නට ඉඩ දී තිබේ නම් ඇමෙරිකාවට හෝ බෑන් කි මූන්ට හෝ පිල්ලේ ට කල හැකි දෙයක් නැත.

    දෙමල ජනයාට බලයක් ලැබීම (සිංහල, මුස්ලිම් ජනයා ගැන ද එසේමය) හැර මෙම ජන සභා ක්‍රමය නිසා ටැමිල් නාඩු සමග එක්වී රට බෙදාවිය යන භීතිය සිංහල ජනයාගේ සිත් වලින් ඉවත් කිරීමට උපකාර වේ. ජාතිය අනුව මායිම් කල  උතුරු හෝ නැගෙනහිර හෝ ඔළුවෙල් ප්‍රදේශයක් වෙනුවට සියළු ජන කොටස් වලට ග්‍රාම සේවක මට්ටමෙන් පුද්ගලික හා පොදු අභිලාශයන් ඉටු කර ගැනීමට ඉඩ දීම සිංහල ජාතියට ටැමිල් නාඩුවෙන් එන තර්‍ජනය වලක්වා ලීමට මාර්‍ගයක් වේ. නොයෙක් සංවර්‍ධන ව්‍යපෘති සඳහා ග්‍රාම සේවා වසම් වලට එක් වීමට සිදු වුවත් එය ලංකාවේ දෙමල බෙදුම් වාදීන්ට ලෝකයේ ප්‍රභාකරන්ගේ හොර සල්ලි පාවිච්චි කරමින් ක්‍රියා කරනා දෙමල බෙදුම් වාදීන් හා ටැමිල් නාඩු බෙදුම් වාදීන් හා සමඟ එකතු වීමට ඇති අවකාශය කඩා දමයි.

    ආප්පය රුපියල් 200 ටත් විස්කි බෝතලය ලක්‍ෂ නමයටත් විකුණන රටක්, ජනතාවගේ මූලික අවශ්‍යතා ඉදිරියේ අතරමං සිටී. ඩෙංගු, කිඩ්නි ඩිසීස්, පසැල්, ගමනාගමනය, කුණු කසල ඉවත් කිරීම වැනි දේ වත් හරි කාරයට කරගත නොහැකිව සිටින්නේ පටු, පුද්ගලික උවමනා උඩ රටට බොරු කිරීමට සියළුම පක්‍ෂ දේශපාලකයින් ක්‍රියා කරමින් සිටින නිසාය. මෙම පැලැස්තර කාරයින් හරි පාරට එන්නේ නැත්නම් රටට අවශ්‍ය නායකයෙක් බිහි කර ගැනීමේ කාර්‍යය බොදු බල සේනාවේ අවධානයට යොමු වනු නිසැකය.

6 Responses to “රට ගැන නොසිතන ව්‍යවස්ථා පැලැස්තර කාරයෝ”

  1. AnuD Says:

    Why foreign companies come to Sri lanka and start businesses from the scratch and they become successful and not only that, they threaten the existing way of life too. for example, I heard, that multinational-north american brewer is in Sri lanka is buying paddy for beer brewing. that has threatend many things including toddy tapping.

    Why Sri lankan businesses can not do the same thing. We can understand why govt corporations can not do that as the dumb family members and henchmen of the politicians are running those institutions.

    I think the cheevaradhari Athuraliye rathana had hopes of contesting the presidential elections one day or hopes of becoming a politician.

  2. AnuD Says:

    Chandrasiri:

    A minister has a big budget means big contracts and big percentages of commis.

  3. AnuD Says:

    If the country is to succeed, the President, the parliament, the Supreme court system should be three pillars that the country depends on and each should be strong and accountable to the other.

  4. Nanda Says:

    “මොවුන්ට තමන්ගේ හොද්ද බොර කර ගන්නට කදිම ගෝල්ඩ් මයින් එකක් පලාත් සභා නමැති ජාතික විනාශය මගින් ලැබී ඇත. ”

    What a statement ! All patriots must repeat this 1000 times daily basis for the foolish public of Sri Lanaka to be elevated to basic simple knowledge level.

    Destroy this “GOLD MINE” which is the TOILET USEAGE METHOD of India. It smells. It destroys our everything starting from moral fear and moral shame (හිරි , ඔත්තප්ප​).

    “ඔහු මොන විනාශයක් රටට කලත් මෙය අමතක කල නොහැකිය. ” – true. If MR is given 10 marks JR deserves 100 on brains and tactics.

    AnuD,

    “I think the cheevaradhari Athuraliye rathana had hopes of contesting the presidential elections one day or hopes of becoming a politician.” – Don’t burn your mouth. He is not this type. He is not merely a cheevaradhari , he is one of the monks who injected courage to MR.

    එල්ලේ ගුණවංශ, ගලගොඩ අත්තේ ඥානසාර මෙන්ම රතන හාමුදුරුවන් ද “මේ යුද්ධය නම් කවදාවත්ම දිනන්න බෑ” කියා සුදු නෙළුම් ගෙන ගිය අයට විරුද්ධව ක්‍රියා කර මහින්ද රාජපක්‍ෂ ඉඅනාධිපති ගේ පිට කොන්ද ශක්තිමත් කලේය.

  5. Dilrook Says:

    Teaching Tamil to Sinhala students is a waste of time and money. It can dilute Sri Lanka’s uniqueness as well. What happens in other countries of similar demographic difference is the minority learning the majority’s language.

    Demarcating boundaries based on river valley boundaries is also a destructive concept. What needs is to strengthen the local governance bodies and going back to the first-past-the-post election system where every electorate has a responsible MP.

    Bodu Bala Sena has no electoral capabilities yet. Relying on it to make political change is unwise.

  6. Nanda Says:

    I too agree with Dilrook that both suggestions “Teaching Tamil to Sinhala students ” is destructive and “Demarcating boundaries based on river valley boundaries ” is unnecessary.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress