දඩයක්කාරයා සහ ධවල හස්ථියා
Posted on September 21st, 2014

වෛද්‍ය රුවන් එම් ජයතුංග​

 වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ ප්රිලාපය දඩයක්කාරයාගේ කනටද වැටුනු නමුත් ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක් මුල්ලක් නෑර කරක් ගසා තිබේ. අලින් සිටින ගල්තලායාය , බෙරලියවැව ආදී පෙදෙස් ඔහු හොඳින් දනියි. වනයේ සිටින අලි ඇතුන් පවා ඔහු දන්නේය. අලි රංචුවේ නායකයා සද්ධන්ත ගෝමර ඇතෙකි. කන් කබරයා තනිව වනයේ සැරිසරන්නෙකි. සමහරක් විට ඔහුට තුන්පත් රෑන් හමුවි තිබේ. එහෙත් ධවල ඇතෙකු මේ හිමයේ සිටිනවා කීම සිතා ගැනීමටවත් අපහසුය.

 වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ  කටකතාව මුලින්ම ගම්මානයේ පැතුරුනේ බෙරලියවැවට දිය නෑමට ගිය ඉතිරියක මගිනි. සාමාන්යවයෙන් ගම්මු දිය නෑවේ සහ බීමට වතුර ගත්තේ ගම්මානයට නොදුරු කොලොන් වැවෙනි. කිඹුලගෙන් පවා ගහන බෙරලියවැවට දිය නෑමට යාමට ගම්මු බිය ගත්තෝය. එහෙත් බෙරලියවැවේ වතුර සිහිල් මෙන්ම පිරිසුදුය. එම නිසා ඉඳහිට ගම්මු කාන්ඩ ගැසී බෙරලියවැවට දිය නෑමට ගියහ. එහෙත් ඔවුන් කිඹුලන් පිලිබඳව නිතරම සුපරික්ෂාුකාරී වූහ. දඩයක්කාරයා නම් සතියකට දෙකකට වරක් රාත්රිෙයට බෙරලියවැවට  යයි. ඔහු වැව අසල කුඹුක් ගසකට නැග වැවට දිය බීමට එන ගෝනෙකුට, මුවෙකු හෝ වල් ඌරෙකු එළාගනියි.

 ධවල හස්ථියා පිලිබඳ ප්රෙලාපය පමණක් නොව ඉතිරිය බෙරලියවැවට දිය නෑමට ගිය හේතුවද ගම්මුන් ගේ කතාබහට ලක්වූහ. මේ තරුණ ගම්බද ගැහැණිය විවාහකය. පුරුෂයා යාබද ගමක තළ හේනක් කෙටීමට ගිය අවස්ථාවක් බලා ඇය සොර සැමියා මුණ ගැසීම සඳහා දවස් භාගයක් පමණ  පයින් මහ කැළය හරහා බෙරලියවැවට ගියාය. ඇය පිටත් වූයේ හිරු පෑයීමටත් පෙර අළුයම් කාලයේය. ගෙදර සදාගත් අග්ගලා මල්ලක් අතැතිව  සොර සැමියා සොයා ගිය ඇය දහවල් කාලයේදී   බෙරලිය වැවට ලඟා වූවාය. ඇය එනතෙක් පෙම්වතා බෙරලිය වැව මහා නුගය අසල අලසව වැතිර සිටියේය.

 එදින උෂ්නාධික දිනයකි. ඔවුන් දෙදෙනා සතුටින් දිය නෑහ. අණතුරුව අග්ගලා මල්ල ලිහා දිවා ආහාරය ගත්හ. පෙම්වතා ඇයට පළතුරු පැසක් ගෙනවිත් තිබුණි. පැසේ දිව පිනා යන රසැති පළතුරු තිබිණි. දිවා ආහාරයෙන් පසු දෙදෙනා මහා නුගය යට තණකොල බිස්සේ වැතිරී ලෝකාස්වාද රතියේ යෙදුනහ. ඉර අවරට ගියද ඔවුන් ගේ ආශාවන් ඌන නොවුයේය. ඔවුන් පැය ගනනාවක් එකිනෙකා සමග තදින් වෙලී දෛහික ආශාවන් සංතර්පණය කර ගැනීමේ වෑයමක යෙදුනහ.

 පෙම්වතුන් දෙදෙනාගේ කායික මානසික ඒකාග්රසතාව කැඩී ගියේ නොසිතූ ලෙසිනි. මහා කුංචනාදයක් සමග පොලව හෙල්ලී යන බවක් ඔවුනට දැනුනි. නිරුවතින් බිම වැතිරී සිටි මිනිසා හා ගැහැණිය අසලින් මහා වෘක්ෂෙයක් මෙන් උසැති සද්ධන්ත ධවල ඇතෙකු ගමන් කලේය. සඳ එළියට හස්ථියාගේ සුදු පැහැති නිකලැල් චර්මයද විශාල රන් පැහැති දළ දෙකද හොඳින් දැක ගැනීමට හැකි විය.

 ධවල ඇතා දැකීමෙන් දෙදෙනා බිය ගත් හ. මිනිසා එක් පසකට දිවූ අතර නිරුවත් ගැහැණිය තවත් පසකට දිව ගියාය. මේ නයින් දෙදෙනා මහා වනයේ අතරමං වූහ. බොහෝ වේලාවක් වනයේ ඒ මේ අත දිව යමින් පෙම්වතාගේ නම කියමින් කෑ ගැසූ ඇය මධ්යංම රාත්රිවය වෙත්ම බියෙන් තැති ගත්තාය. අවසානයේදී පෙම්වතා ගැන අමතක කල ගැහැණිය යළි ගම්මානයට යාම සඳහා අසීරුවෙන් පාර සොයා ගත්තාය.

 ඇය ගමට එන විට පසුදින දහවල්වී තිබුණි. ගම්මානය පෙනෙන තෙක් මානයට පැමිණි ඇය මහ හඞින් හූවක් තියා විසඥ වූවාය.අසල හේනක සිටි පිරිසක් ඇයගේ හූව අසා තැතිගත් විලසින් දිව ආහ. අතපය සීරී හරිහැටි සිහියක් නොමැතිව නිරුවතින් සිටි ගැහැනියව ගමේ යකැදුරා ලඟට වත්තම් කරගෙන යන ලදි.  වරු දෙකකට පසු ඇයට සිහිය එන ලදින් ඉතිරිය පෙම්වතා ගැන කරුණු සඟවා ධවල ඇතා පිලිබඳව කතාව ගම්මුන්ට කීවාය.

 ධවල ඇතා පිලිබඳ පුවත් ඇසූ ගම්මු මුලින් විස්මයටත් පසුව කුතුහලයටත් පත් වූහ. ගමේ හැඩි දැඩි තරුණයන් පිරිසක් පසුදින ධවල ඇතා සොයනු වස් බෙරලියවැවට ගියහ. පුරා දින තුනක් පුරා මහ වනය පීරා සොයා බැලුවද ධවල ඇතෙකුගේ සෙවනැල්ලක්වත් පවා දැකීමට ඔවුන් අපොහොසත් වූහ. මේ නිසා අධෛර්යර වූ කණ්ඩායමේ කොටසක් මේ පුවත ගැහැණිය විසින් කියූ බොරුවක් බවට තර්ක කලහ. සමහරෙක් ගැහැණිය දැක ඇත්තේ මහසෝන් පිල්ලියක් බව කීහ. අවසානයේදී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව ඔවුන් අසාර්ථක වූ කර්තව්යන අත් හැර දමා යළි ගම්මානය කරා ආහ.

 සති කීපයක් ගත විය. ගම්මුන්ට ධවල ඇතා පිලිබඳ ප්රේලාපය අමතක වූහ. ගැහැණිය සොර සැමියා නොමැති වීමේ සාංකාව සඟවා යළි පැමිණි සැමියා පිළිගෙන ඔහුට උවටැන් කළාය. එහෙත් සොර සැමියා මෙන්ම ධවල හස්ථියා පිලිබඳ මතකය ඇයට අමතක කරනු නොහැකි විය.

පෝයවල් දෙකක් ගත විය. දිනක් ගැමියෙක් මීයක් කෙටීම සඳහා බෙරලියවැව ආසන්නයට ගියේය. ඔහු මාර ගසකට නැග මීය කොටන විට පොලව හෙල්ලී ගියේය. මාර ගසද කුණාටුවකට අසු වූ තණපතක් මෙන් දෙපසට වැනෙන්නට විය. ගැමියා මාර ගස තදින් බදාගත් නමුත් මී පැණි පුරවා ඉණට ගැටගසා තිබූ ලබු කැටය බිමට වැටුනි. බිමට වැටුණු ලබු කැටය දෙස බැලූ ගැමියා ගේ නෙත් අදහා ගත නොහැකි විය. මාර ගස යටින් පර්වතයක් සේ උසැති ධවල ඇතෙක් ගමන් කරමින් සිටියේය. විශ්මයටත් බියටත් පත් වූ ගැමියා මාර ගසේ ඉහලටම බඩ ගෑවේය. 

 සවස් වන තෙක් මාරගසේ අත්තක් උඩ ඉඳි ගැමියා හොඳින් වටපිට බලා ගසින් බැස්සේය. ඉක්බිති ලබු කැටයද අමතක කොට ගම්මනයට දිව ගියේය. ඔහුගේ බස් ඇසූ ගම්මු යලිත් වරක් විස්මයටත් ආකූලතාවටත් පත් වූහ. එදිනම කණ්ඩායමක් හුළු අතු පන්දම් බැඳගෙන ධවල ඇතා සොයා වනගත වූහ. පුරා දෙදිනක් ඔවුන් වනයේ කරක් ගැසූ නමුත් ධවල ඇතා පිලිබඳව හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකිව හිස් අතින් යළි පැමිනියහ.

 ධවල ඇතා පිලිබඳව කතිකාව ලැව් ගින්නක් සේ පැතිරෙද්දී ගමේ විදානේ දඩයක්කාරයා  සොයා පැමිණියේය. විදානේ  ධවල ඇතා ගැන බොහෝ දේවල් කියූ නමුත් දඩයක්කාරයා ඒවාට කන් දුන්නේ උදාසීන බවකිනි.   ධවල ඇතෙකු වන සාවියේ නොමැති බව දඩයක්කාරයා පුන පුනා විදානේට කී නමුදු ඉන් පලක් නොවීය. කෙසේ හෝ ධවල ඇතා අල්ලා ගතහොත් උගේ දළ හොඳ මිළකට විකිනිය හැකි බව විදානේ දඩයක්කාරයාට කීවේය. එහෙත් දඩයක්කාරයා කිසිවක් කීවේ නැත.

 දඩයක්කාරයාගේ උදාසීන බවින් කෝපයට පත් වූ විදානේ මිනිසුන් පස් දෙනෙකුට පයිණ්ඩ යවා ඔවුන් ගෙන්වාගෙන ධවල ඇතා අල්ලා ගැනීමට මද්දක් ගැසීමට සූදානම් විය. ඔවුන් ඉතා ශක්තිමත් කඹ යොදා මද්දක් සකස් කලහ. අණතුරුව මද්ද බෙරලියවැව අසල අලිමංකඩ අටවා තෙදිනක් සැඟවී බලා සිටියහ. නමුත් ඔවුන් දුටු ධවල ඇතෙක් නම් නැත. එහෙත් පරාජය භාර ගැනීමට අකමැතිවූ විදානේ තවත් රැයක් පිරිස රඳවා ගත්තේය. අවසානයේදී මද්දත් රැගෙන ඔවුන් හිස් අතින් ගම්මානයට පැමිනියහ.

 ධවල ඇතා පිලිබඳ කතාව දඩයක්කාරයා කිසිසේත්ම විස්වාස නොකලේය. දඩයක්කාරයාගෙන් වසන් වී ධවල ඇතෙකුට වනයේ සිටිය නොහැක. ඒ නිසා ගම්මානයේ පැතිර යන කථා බහ දඩයක්කාරයා   මායිම් නොකලේය.

 දිනක් සඳ ඇති රැයක බෙරලියවැවට පැමිනි වල් ඌරෙකු දඩයක්කාරයාගේ තුවක්කුවට ගොදුරු විය. හොඳින් බෙහෙත් කොටා තිබූ වෙඩිල්ල සැහැසි වල් ඌරා විනාඩි කීපයකින් නිසල කලේය. වල් ඌරා මිය ගිය බව සහතික කරගත් දඩයක්කාරයා වල් ඌරා මස් කිරීමට ලෑස්ති විය. මුලින්ම හුළු අත්තකින්  වල් ඌරා ගේ මවිල් පුලුස්සා දැමූ දඩයක්කරු මුවැති පිහියකින් සතාගේ උදර කුහරය විවෘත කොට අතුණුබහන් බඩවැල් ඉවත් කලේය. ඉක්බිති මස් තීරු තීරු කපා ගසක එල්ලීය. වල් ඌරා ගේ එක් ගාතයක් ගිණිමැලයේ ලා පළහා ගත්තේය. 

බඩගින්න බොහෝ සෙයින් තිබූ නිසා දඩයක්කාරයා ගින්නෙන් පළහන ලද වල් ඌරු මස් අනුභව කලේය. ආහාරයෙන් පසු ලබු කැටයෙන් දිය පානය කල දඩයක්කාරයා නිසලව තණ බිස්සේ වැතිර සිටියේය. විඩාව නිසා ඔහුදේ දෑස් පියවිනි.

 පොළව හෙල්ලී යන සෙයක් දැනුන නිසා දඩයක්කාරයා එකවරම ඇස් ඇරීය. ඔහු දුටුවේ උසැති ධවල ඇතෙකි. ඉතා තේජමාන්විතව ගමන් ගත් හස්ථියා ගාම්භීර ස්වරයකින් කුංචනාද කලේය. දඩයක්කාරයාගේ අත සෙමින් තුවක්කුව කරා ගියේය. එසැනින්ම තුවක්කුවට වෙඩිල්ලක් කෙටීමට අමතක වූ බව ඔහුට වැටහිනි. තුවක්කුවේ වෙඩිල්ලක් තිබ්බේ නම් දැන් කදිම ඉලක්කයකි. ඇතුගේ සුවිසල් කන් පෙත්ත යටින් තිබෙන මාරක නිලයට වෙඩි පහරක් යැවීමට හැකි වූයේ නම් උගේ සුවිසල් දළ දෙක  දඩයක්කරුවාගේය. තම අතපසු වීම ගැන සිතින් දෝශාරෝපණය කළ දඩයක්කරු වහ වහා තුවක්කුවට වෙඩිල්ලක් කෙටීය. ඒ අතරවාරයේ ධවල හස්ථියා වේවැල් පඳුරු අතරින් නොපෙනී ගියේය.

 වෙඩිල්ල කොටා ගත් දඩයක්කරු ඇතා හඹා ගියේය. හොඳින් සඳ පායා තිබීම නිසා බෝහෝ දුර දැකීමට හැකිවූ එම රාත්රිටයේ ධවල ඇතා පෙනෙන්නට නොසිටීම අරුමයකි. ඔහු අළුයම තෙක් ධවල ඇතා සෙව්වේය. ගෝමර ඇතා ,  කන් කබරයා , හොඞ කෙටියා, ගම් පාළුවා යනාදී හස්ථීන් රැසක් දුටු නමුදු ධවල ඇතා  දකින්නට නොසිටියේය. ධවල ඇතා   පොළව විසින් ගිල ගත්තාක් මෙන් විය.

 අවසානයේදී ධවල ඇතා සෙවීම අත් හැර දැමූ දඩයක්කරු ගම්මානය කරා ගියේය. ඔහුට පෙරදා රාත්රි්යේ කළ දඩයමද අමතක විය. එය දිවියෙක් විසින් භුක්ති විඳින ලදි. 

ගම්මානයට ගිය දඩයම්කරු කෙලින්ම ගියේ විදානේගේ පැළටය. විදානේ මහත් අභිරුචියෙන්  දඩයම්කරුට සවන් දුන්නේය. ධවල ඇතා පිලිබඳ පුවත තව දුරටත් හිතළුවක් නොවේ. එය සත්යරකි.

 පසුදින දඩයක්කරු , විදානේ සහ ගම්මුන් සත් දෙනෙකු සතියකට අවශ්යි කළමනා ගෙන වන වැදුනි. ධවල හස්ථියාගේ දළ රැගෙන මිස හිස් අතින් නොයෙමි යැයි ඔවුන් ගිවිස ගත්හ.

ඔවුන් කණ්ඩායම් කීපයකට බෙදී සැඟවී සිටියහ. එක් කන්ඩායමක්  බෙරලියවැව ඉස්මත්තේද තවත් කන්ඩායමක්  වේවැල් ගාල අසලද තව කන්ඩායමක්  වැව් පිට්ටනිය අසල යනාදී වශයෙන් රැඳී සූදානම්ව සිටියහ. මුවන් , ගෝනුන් , ඌරන්, ඔවුන් ගේ දෙනෙත් ඉදිරියෙන් ගියද කිසිවෙකු තුවක්කුවක් පත්තු කලේ නැත. ඔවුන් ගේ අපේක්ෂාේව වූයේ ධවල හස්ථියාය.

 රැයවල් තුනක් ගත විය. ධවල ඇතාගේ හෝඩුවාවක්වත් නොමැත. නමුත් පිරිස පසුබට නොවූහ. ඔවුන් මාරුවෙන් මාරුවට රැකවල් දා ධවල ඇතා එනතෙක් බලා සිටියහ.  එක් දිනක් රාත්රිඳයේ වේවැල් ගාල පොඩි කරන ශබ්දයක් ඇසුනි . දඩයක්කරුවා තුවක්කුව ගෙන වේවැල් ගාල දෙසට දිව ගියේය. පිරිසද ඔහු පසුපස දිවූහ. ඔවුන් දුටුවේ හොඞ කෙටියා නම් අලියාය.

 සත් වන දිනය වන විට විදානේ සහ දඩයක්කරුවා හැරුණු කොට අනෙක් ගැමියන් ආපසු ගමට යා යුතු බව කීහ. එහෙත් විදානේ තව තෙදිනක් ඔවුන්ව රඳවා ගත්තේය. එහෙත් එම තෙදින අවසන් වන විට පිරිසෙන් හතර දෙනෙක් විදානේගේ නෝක්කඩු මධ්ය යේ ගමට ගියෝය. ඉතිරි තිදෙනා පසුදින උදයේ අතුරුදහන්වී සිටි අතර ඔවුන් තම බඩු බාහිරාදියද අත් හැර දමා පළා ගොස් තිබුණි.

 අවසානයේදී ඉතිරි වූයේ දඩයක්කරුවා සහ විදානේ පමණි. වනගත ජීවිතය නොපුරුදු විදානේ කෙරෙන් දිස් වූයේ විඩාබර පෙනුමකි. එහෙත් ඔහුගේ උනන්දුවේ අඩුවක් නම් නොවීය.

ඔවුන් තවත් සතියක් ධවල ඇතා සොයමින් වනයේ කරක් ගැසූහ. එහෙත් ඔවුන් ගේ වෑයම නිරර්ථක විය. බලාපොරොත්තු සුන් වූ විදානේ ගසක් මුල අළසව වැතිර සිටියේය. ඔහුට කැලෑ උණ සෑදී තිබේ. විදානේ වරින් වර වෙව්ලුවේය. ඔහු දෙදිනකින් ආහාරයක් ගත්තේ නැත. අවසන් වරට ආහාරයට ගත් පුළුස්සන ලද අල ගෙඩියෙන් කොටහක් ඔහු වමනය කලේය. දඩයක්කරුවා  විදානේ රැගෙන ගම්මානයට යාමට තැත් කලද විදානේ එයට එක හෙලා විරුද්ධ විය. කෙසේ හෝ තව දින කීපයක් රැඳී ධවල ඇතා සොයාගත යුතුයි විදානේ තර්ක කලේ දඩයක්කරුවා නිහඞ කරවමිනි.

 එදින රාත්රිමයේ විදානේට තවත් අසාධ්ය් විය. ඔහු ගිණිමැලය අසල වැතිරී සිටියේය. උණ රෝගය නිසා විදානේගේ ශරීරය ගැස්සුනි. ඔහුට උසුලා ගත නොහැකි දිය තිබහක් වරින් වර දැනුනු හෙයින් ලබු කැට වල තිබූ වතුර අහවර වන තෙක් පානය කලේය. ඔහුට තවත් දිය අවශ්යේ විය. දිය අහවර වීම නිසා දඩයක්කරුවා හිස් ලබු කැට ගෙන වැවට ගියේය. ඒ සමගම ශීත සුලං සමග පොද වැස්සක් ආරම්භ විය  ශීත නිසා විදානේ ගිණිමැලයට තවත් කිට්ටු වූයේය. 

දිය ගෙන ඒමට වැවට ගිය දඩයක්කරුවා තවමත් නොමැත. ගිණිමැලය නිවී යාමට ආසන්න නිසා එයට දර කොටයක් දැමිය යුතුය. එහෙත් දර කොටය එසවීමට පමණක් නොව නැගිටීමට පවා විදානේට ශරීර ශක්තියක් දැන් නැත. ඔහු අසරණව නිවී යාමට ආසන්න ගිණිමැලය දෙස බලා සිටියේය.

 තමා වැතිරී සිටින තණ බිස්ස දෙදරුම් කන බව විදානේට හැඟී ගියේය. ඔහු අසීරුවෙන් ඇස් ඇරියේය. විදානේට තම දෙනෙත් අදහා  ගත නොහැකි විය. ඔහුගේ දෙපා අසලින් ධවල හස්ථිරාජයා ගමන් කරමින් සිටියේය. උගේ රන් පැහැති දෙදළ දිලිසුනේය.  

 විදානේ තුවක්කුව අතට ගැනීමට තැත් කල නමුත් ශරීර ශක්තියෙන් දුර්වලව ගිය ඔහුට එය කළ නොහැකි කාර්යේක් විය. විදානේ මුලු වැර යොදා දඩයක්කාරයාට කෑ ගෑසූ නමුත් ඔහුගේ උගුරින් පිට වූයේ දුබල හඞකි. ඔහුට කළ හැකි වූයේ තමන් ගේ දෑස් ඉදිරියෙන් තේජාන්විතව ගමන් කරන ධවල ඇතා දෙස  බලා සිටීම පමණි.

 දඩයක්කාරයා දිය රැගෙන එන විට විදානේ අසිහියෙන් පොළව පහුරුගාමින් සිටියේය. වහාම විදානේව කරට ගත් දඩයක්කාරයා ගම්මානය කරා යාම ඇරඹීය. විදානේ දුබල අත් වලින් දඩයක්කරුගේ උරපතු වලට පහර දෙමින් ධවල ඇතා පසුපස හඹා යා යුතු බව නොකඩවා කීවේය. එහෙත් දඩයක්කරුවා විදානේගේ කීම ගනනකටවත් ගත්තේ නැත.

 ඒ අඳුරු රාත්රිමයේ ගල් මුල් වල හැපෙමින් විදානේව කරගසාගත් දඩයක්කරුවාට ගම්මානයට ඒමට බොහෝ වේලා ගත විය. වැස්ස නිසා ඔවුන් තෙත බරිත වූහ. වෙහෙස නිසා දඩයක්කරුවාගේ ගමන සෙමෙන් සිදු වූවද ඔහු විදානේව කරින් බිම තිබ්බේ නැත. ඒ අතර විදානේ හුස්ම ගත්තේ ඉතා සෙමෙනි. ඔහුගේ දැඟලීම ක්රදමක් ක්රාමයෙන් අඩුවී ගියේය.

අළුයමට ආසන්න වෙත්ම දඩයක්කරුවාට ගම්මානයට ලඟා වීමට හැකි විය. ගම්මානයට පය ගැසූ පැයේදීම එකවරම ගැස්මකට ලක් වූ විදානේ ගේ සිරුර නිසල විය. දඩයක්කරුවා දිගටම ගමන් කලේය. ඔහුට විදානේගේ සිරුරේ උණුසුම අඩුවී යනවා දැණුනි. එහෙත් ඔහු විදානේගේ සිරුර බිම තැබුවේ නැත. විදානේගේ සීතල සිරුර කර තබාගත් දඩයක්කරුවා ගමේ වෙදරාලගේ පැල් කොටය වෙත ගියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress