ඩෙන්ගු සහ වකුගඩු රෝග මඩංගු කිරීම අසාර්ථක ඇයි? අපේ වැරදි විශ්වාස නිසා ද?
Posted on September 22nd, 2014

චන්ද්‍ර ධර්මවර්ධන විසිනි

උතුරු-මැද පලාතේ දැනට පැතිරී ඇති වකු ගඩු රෝගය ගැන කිසි ඉඟයක්වත් 1975 කාලයේ දී තුබුනේ නැත. ප්‍රසිද්ධ වකුගඩු විශේෂඥ්යෙකු වූ රාමචන්ද්‍රන් මහතා 1995 දී පමන මෙය අලුත් මාදිලියක ගුප්ත-හේතුක චිරාපත් වකුගඩු රෝගයක් (ක්රොනික් කිඩ්නි ඩිසීස් ඔෆ් අන්නෝන් ඊටියොලොජි ) බව නිරීක්ෂනය කිරීමට අවශ්‍ය සාධක එකතු කොට වෛද්‍ය සඟරාවක ලිපි පල කලේය. මෙදා වන විට රෝගය කොතරම් පැතිරී ඇත් දැ යි නම්, රජරට සැම පවුලකම වාගේ වකු ගඩු රෝගී නෑයෙක් ඇත.

මෙම ගු-හේ-චි වකුගඩු රෝගය (CKDU) ලංකාවේ වියලි කලාපයේ ග්‍රාමීය ජනයාට ඇති වු ම්හා අපලයකි. තවත් මාරුනික ඩෙන්ගු මදුරු අපලයක් ලංකාවේ නාගරික සහ තදාසන්න ප්‍රදේශ වලට එල්ල වී ඇත. කෘමි නාශක බෙහෙත් මීදුම් වලින්, ගෙවල් ,පිලිකනු, වතු මිදුල්, නිරන්තරයෙන් පුරවමින්, කානු වලට බෙහෙත් විදිමින් මදුරුවා යටත් කිරීමට විශාල ප්‍රයත්නයක යොදවා ඇත. මදුරුවාට බීජ දැමීමට හැකි උලුකැටයක්, මැටි පානක්, හෝ මල් කැලඹක් පවා අස්කොට සුද්දෙන් වතු-මිදුල් තබා ගැනීමට අවශ්‍ය වී ඇත. එසේ නොකරන අයට ලොකු දඩ කෑමට ද සිදු වී ඇති හෙයින්, පගා-ගන්නා නිල්ධාරීන්ට අවස්ථා ඇති වෙනවා පමනක් නොව්, මේ ප්‍රයත්නයට විරුධව මහජනයා නැගී සිටීමට ද තුඩු දෙයි. ප්‍රයත්නය විසාල උවද, ඩෙන්ගු රෝගය දිනෙන් දිනම ප්‍රගුන වෙයි. දැන් රෝගයට යටවී ම්ලගිය නෑදෑයෙක් කාටත් ඇත .

මෙම් ක්‍රමයට ඩෙන්ගු මදුරුවාව මඩින්නට නම් නිරන්තරයෙන්ම, සැමදාම ගෙවල් වටා, මිදුල් වටා, නගරවල ද, තදාසන්න පෙදෙස් වලද, සෞඛ්‍ය නිලධාරීන් සහ ශ්‍රම දාන හමුදාවන් නියත් කල යුතුය. කෘමිනාශක බෙහෙත් මීදුම් විකාශනය කල යුතුය. වතුර රැඳෙන අසු මුලු සොයමින්, විනාශ කරමින් මහා කල බැගෑනියක් කලයුතුය. ඩෙන්ගු රෝගයේ බිහිසුනු කම නිසා, මෙම කෘමිනාශක බෙහෙත් පරිසරයට දැමීමෙන් කුමන ප්‍රතිපල පසුව ඇතිවේද යි ඇසීමට පවා අපි පසුබට වෙමු. එහෙත්, අන්තිමේදී මදුරුවා ජයගනී.

මෙම වසන්ගත දෙක මැඩීම දුර්වල වී ඇත්තේ අපේ චින්තනය ඇමෙරිකන් ගැති පරිසර-අන්තවාදීන් එක අතකට අදින අතර, පාලන-තොර වෙලඳ පොලක් ඉල්ලන ධන වාදීන් අනික් අතට ඇදීම නිසාය.
මෙම බිහිසුනු වසංගත දෙකට ම , සරල, වැඩි වියදම් නොයන, සහතික ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි පිලියම් තිබෙන බව මෙම ලිපිකරුවාගේ මතයයි. ඒ පිලියම් ඉතා කෙටියෙන් පහත දක්වමු.

ඩෙන්ගු රෝගය සහතික ලෙස මර්දනය කිරීම

දැනට ඩෙන්ගු මදුරුවා විනාශ කිරීමට නොයෙක් කෘමිනාශක ද්‍රව් යොදවනු ලැබේ. වරුසාවක් ආ විට බෙහෙත් සියල්ල හෝදා යනවා පමනක් නොව්, මදුරුවාට බීජ දැමීමට අවශ්‍ය ජලස්ථාන ද ඇතිකරයි!එහෙයින් මදුරුවාගෙන් එලෙස ජයගැනීමට නොහැකිය. තවද, ගෙවල් හිමියෝ ඩිඅල්ඩ්‍රින්, ඩීට්, ඇලෙත්‍රින්, මැලතියන් ආදී බෙහෙත් ගෙවල් තුල විදියි. කෘමි-නාශක කොයිල් කාමර වල පත්තු කරයි. එහෙත්, මේ සියල්ලට ම වඩා බලසම්පන්න, නුමුත් මිනිසාට ඌන විශතාවක් ඇති, පෙරත් ලංකාවේ පාවිච්චි කොට ඉතා හොඳ ප්‍රතිපල දුන් බෙහෙතක් තිබේ. එහි නම කුමක් ද යත්, ඩී. ඇස්. සේනානායක මහතා කාලයේදී මැලෙරියාව ජයගැනීමට පාවිච්චි කල ඩීඩීටී (DDT) ය!

ඩීඩීටී පුදුමාකාර කෘමිනාශක ද්‍රව්‍යයක් උවද, රේචල් කාසන් නැමැති ප්‍රසිද්ධ් ලේඛකයාගේ “සයිලන්ට් ස්ප්‍රිං” (නිහඬ් වසන්තය ) නැමති පොත නිසා සාවද්‍ය ලෙස මහජන විරොධයට ඩීඩීටී යට විය. රේචල් කාසන් ගේ පෝතේ වැදගත් සත්‍ය කරුනු බොහෝවක් ද තුබුනු හෙයින් ඩීඩීටී වලට එල්ල කල සැක පහර මහජන මතයෙහි එහෙම ම පිලි ගනුනි. ඩීඩීටී වල නැති විශ තාවක් අතිෂයෝක්තියෙන් ලියා දැක්වූ කාසන්ගේ පොත ඉතා ජනප්‍රිය විය. සෑම කෘෂි-පොහොරක්ම, කෘමි-නාෂකයක්ම, වල්-පැලෑටි වඳකාරකයක්ම ඉන් පසු මහජන සැකයට යොමු විය. එම මහජන සැකයෙන් ඵල ගැනීමට තැත් කරන පරිසර-අන්තගාමී දෙශපාලන බලවේගද එවිට ඇති විය.

අමෙරිකන් පරිසර ආරක්ෂන ආයතනය (එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන් ඒජන්සි, EPA ) අවුරුදු දෙකක පරීක්ෂනයක් අනුව 1972 දී ඩීඩීටී පාවිච්චියේ වරදක් නැතැයි නියෝග කලේය. එහෙත් ඉතාම කපටි ඇමෙරිකන් ජනාධිපති තරංග කාරයෙකු වූ රිචඩ් නික්සන් ඊපීඒ වාර්තාව නොසලකා, පරිසර-අන්තගාමීන්ගේ චන්දය ගැනීමේ අභිලාශයෙන්, ඩීඩීටී පාවිච්චිය තහනම් කලේය.

එවිට, ඇමෙරිකන් රජයේ තහනම නිසා ඩීඩීටී කිසිම හේතුවකට හෝ පාවිච්චි කරන ඕනෑම් රජයකට ඇමෙරිකන් ආධාර සහ ඇමෙරිකන් වෙලඳ සම්බන්ධ නැති වෙන තර්ජනය ද ඇතිවිය. බටහිර රටවලට ගැති එන්-ජී-ඕ කාර්යෝ ඩීඩීටී විරෝධි පිල්වෙත් ඇරඹිය. නොයෙක් මදුරු රෝග වලින් පෙලෙන ඇප්‍රිකන් මහාද්වීපයේ දුක්පත් රටවලට මදුරුවන් මාට්ටු කෙරීමට බලවත් අවියක් නැතිවිය. මදුරුවන් නිසා ගිලන් වූ ජනකායක් ඇති රටවලින්, තඹ, යකඩ වනි ලෝහ හාරගෙන පිට රට යවන බටහිර කොම්පැනි වලට මෙම පිලිවෙත සතුටක් විය.

දුක්පත් රටවල ජනගහනය අඩුකර, ඔවුන් බටහිරට පැමිනීමේ අසහනයද මෙසේ අඩු කල හැකි බව නියෝ-කොන් කාරයෝ පැවසූහ. ඩීඩීටී වෙනුවට මදුරු-දැල් කිහිපයක් ආධාර නාමයෙන් බෙදා දෙමින් බටහිර කොම්පැනි දුක්පත් රටවල් සූරා කන්නට යෙදුනි.

නමුත් ඉන්දියාව, රුසියාව සහ චීනය ඇමෙරිකන් ඩීඩීටී තහනම නොසැලකුවේ ඔවුන්ම ඩීඩීටී හදාගෙන මදුරු ප්‍රහාරයට පාවිච්චි කල හෙයිනි. විද්යාඥයෝ, ඩීඩීටී කෘෂිකර්මය සංදහා පාවිච්චි නොකල යුතු මුත්, ගෘහාශ්‍ර මදුරු මර්දකයක් ලෙස පාවිච්චි කිරීම් සුදුසු බව අනුමත කලෝය. එහෙයින් අන්තිමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්-එච්-ඕ, WHO) 2006 දී ඩීඩීටී මදුරු මර්දනය සංදහා ගෘහ ආශ්‍රිත පාවිච්චියට අවසර දෙන ලදී. ඒ පිලිබ්ඳව http://www.whoint/mediacentre/news/releases/2006/pr50/en/
නැමැති වෙබ් අඩවියට යන්න.

එහෙයින් ලංකාවේ ඩෙන්ගු රෝගය මැඩවීම පහසුය. කල යුත්තේ අවුරුද්දකට දෙසැරයක් ගෙවල් තුල සහ ඉස්තොප්පුවේ පමනක් ඩීඩීටී ඉතාම අල්ප ප්‍රමානයක් යෙදවීම පමනක්ය. බෙහෙත් මීදුම් කිරීමේදී, මීදුම් බින්දු දහස් ලක්ෂයකට ඩීඩීටී බින්දු තුනක් දැමීම ප්‍රමාන වත් වෙයි. රජරට මැලෙරියාව නැතිකෙරූ ආකාරයෙන්ම, මහ ජනයා ඌනම විශමතාවක් විඳගෙන ඩෙන්ගු රෝගය ද සහතිකයෙන්ම, සුලු මුදලකින්, සහ සුලු ප්‍රයත්නයකින් නැතිකල හැකිය.

ගුප්ත-හේතුක චිරාපත් වකුගඩු රෝගය මර්දනය කල හැකි ආකාරය.

කැඩ්මියම් (Cd), ආසෙනික් (As), ලෙඩ් (ඊයම්, Pb) වැනි ලෝහ-කාරික ද්‍රව්‍යයන්ගේ ලවනයන් වකුගඩු රෝගයට හේතුවන බව විද්‍යාඥයන් පිලිගත් කරුනක් හෙයින්, රජරටේ පහල වී ඇති ගු-හේ-ච වකුගඩු රෝගය එම ලෝහ-ලවන අප ද්‍රව්‍ය ඇති ජලය පාවිච්චියෙන්, හෝ එම අප ද්‍රව්‍ය ඇති ආහාර ගැනීමෙන් ඇති වූවක් යැයි සිතිය හැක. මෙම අපද්‍රව්‍ය රජරට පොලවට එන්නේ ගොවියා යොදවන රට-පොහොර වලින් යයි ද, රටපොහොර වල ආසෙනික් විශය ඇති බව ද ප්‍රකාස කරමින් බලසම්පන්න පරිසර-අන්තවාදීන් අතලොස්සක් රට-පොහොර සම්පූර්න්යෙන්ම තහනම් කිරීමට ව්‍යාපාරයක් දියත් කර ඇත.

ඔවුන්ගේ ප්‍රචාරය අනුව, ලංකා සහල් සහ නොයෙකුත් ඵලද්‍රව්‍ය වල ආසෙනික් ඇති හෙයින්, ඔවුන් රටපොහොර නොමැතිව වගාකොට විකුනන “පැරනි වර්ගවල සහල පමනක් ආහාරයට ගත් යුතු යැයි” ද කියති. එල්-ටී-ටී-ඊ කාරයෝත් මෙම ප්‍රචාරය ලංක බඩු මිල-නොගනීමේ පිටරට ව්‍යාපාරයකට යොදාගෙන ඇත.

එහෙත්, ඩබ්ලිව්-එච්-ඕ (WHO) සහ ලංකා ජාතික විද්‍යා පදනමේ (NSF) අනුග්‍රහයෙන් අවුරුදු දෙකක් තුල කරන ලද පරීක්ෂන වලින් ඔප්පු වූයේ රජරට ජලයෙහි ආසෙනික්, ඊයම්, කැඩ්මියම් ලවන අපදර්ව නැති බවය. එවන්නක් තිබේ නම් ජල කොටස් බිලියනයක (1000,000,000) ආසෙනික් ඇත්තේ කොටස් 5කට වඩ ඌන ප්‍රමානයකින් බවය. එවනි අපද්‍රව්‍ය ප්‍රමානයන් සෑම පසකම, සෑම ජලයක්ම ඇත. වකුගඩු රෝගය ගැන ඩබ්ලිව්-එච්-ඕ වාර්තාව සහ අනිකුත් ව්ද්‍යා ලිපි http://dh-web.org/place.names/posts/#ckdu නැමති වෙබ් අඩ්වියෙන් ලබා ගත හැක.

ඩබ්ලිව්-එච්-ඕ වාර්තාවේ විශ්ලේෂනය තහවුරු කරන වෙනත් ස්වාධීන පර්යේෂන වාර්තා ඇත. පෙරාදෙනියේ වෛද්‍ය-ආචාර්‍ය නානායක්කාර මහතා ඇතුල ජපන් විශ්වයිද්‍යාලයක පර්යේෂකයන් සමුලුවක් විසින් පල කල වාර්තාවක් අනුව රජරට ජලයේ අපද්‍රව්‍ය 18 ක් ගැන සෙවූ මුත් එයින් එකක් වත් සැලකිය යුතු ප්‍රමානයකට නොතුබුනි.

රජරට ජලයෙහි ආසෙනික් අපද්‍රව්‍යයක් වශයෙන් නොමැති බව හෙලි වුව විට, පරිසර-අන්තගාමියෝ එහෙනම් මෙම රෝගය ඇතිවෙන්නේ ග්ලයිෆොසේට් නැමති වල්පැල-නාෂකය නිසායි අලුත් තර්කයක් ඉදිරි පත් කරමින් ග්ලයිෆොසේට් පාවිච්චිය තහනම් කල යුතු යයි ව්‍යාපාරයක් පටන්ගති. නමුත් ග්ලයිෆොසේට් හො ඩීඩීටී හෝ එවනි කීටනාෂක ද්‍රව්‍ය ද රජරට ජලයෙහි නොමති බව ඩ්බ්ලිව්-එච්-ඕ පරීක්ෂන වාර්තාවේ සඳහන් වී තිබුනු බව ඔවුන්ට අමතක වූවාද? අපරධයක් සිදු වූ තැන නොසිටි අයෙකුට හෝ ද්‍රව්‍යයකට අපරාදකරුවා ලෙස චෝදනා කරන්නට තරම් ජයසුමන මහතා සිහි-අමන වූද?

ඉතින් කීට-නාෂක ද්‍රව්‍ය වල හෝ රට-පොහොර වල ගුප්ත-හේතුක-චිරාපත් වකුගඩු රෝගය ඇතිකරන අපද්‍රව්‍ය හෝ ක්‍රියාකාරීත්වයක් නොමැති බව රසායනික විශ්ලේෂන වලින් දක්වයි නම්, එම වකු ගඩු රෝගය මඩින්න මොන පියවර ගත යුතු ද?

පසු ගිය අවුරුදු දෙක තුලදී, ලාංකික විද්‍යාඥයන් කිහිප දෙනෙකු ගේ සහයෝගය ඇතිව අපි ගුහේචි-වකුගඩු රෝගය පිල්බඳව පරීක්ෂා කලෙමු. අපගේ තීරනය වූයේ මෙසේය.
(i) පාලනයෙන්-තොර වෙලඳ පොලේ චින්තනය අනුව 1977 දී රට පොහොර වර්ග කිසි පාලනයක් නොමැතිව විකිනීට ඉඩ දුනි. එතෙක් තුබූ පොහොර උචිත ප්‍රමානයට පමනක් විකිනීම වෙනුවට ගොවියන්ට කැමති ප්‍රමානයක් මිල දී ගැනීමට ඉඩ ලැබුනි. තව ද, පොහොර සඳහා රජයෙන් මුදල් සහනාධාරයක් ද දෙන්නට පටන් ගති. එහෙයින් පොහොර වෑඩි වෑඩියෙන් විකුනා මුදල් ගැරීමට අවස්ථාවන් විවුර්ත විය.
(ii) එහෙයින් ගොවියෝ උචිත ප්‍රමානය වෙනුවට සමහරවිට දහ ගුනයක් වැඩියෙන් පොහොර යෙදූහ. නමුත්, වැඩියෙන් දමන පොහොර වර්ෂාවට සේදී යනවා මිස පසේ රැඳෙන්නේ නැත.
(iii) ඒ කාලයේදීම මහවැලි ව්‍යාපාරය වැනි වාරි මාර්ග ඇති වූ හෙයින්, උඩරට එලවලු කාරයන් සහ සමහර වතුකාර්යන් දමන පොහොර අධිප්‍රමානය මහවැලි වැනි වාරි මාර්ගයන් දිගේ ගොස් රජරට වැව වලටත්, එහි ලිං වලටත් පැමිනේ. මේ අන්දමින් පොහොර වල ඇති ෆොස්ෆේටෙ, අමෝනියම්, වනි ලවන අයන වර්ග රජරට භූමිජලස්තරය ට පැමිනේ.
(iv)රජරට භූමිජලස්තරයේ මේ අන්දමින් අධික වශයෙන් ෆොස්ෆේට් වැනි අයන වර්ග ඇති බව රසායනික විශ්ලෙෂන වලින් ඔප්පු වේ. මෙසේ ජලයේ ඇතිවන අධි ලවනතාව හෙවත් අධි අයනතාව ගුහේච වකුගඩු රෝගයට හේතුව බව අපේ මතයයි.
(v) අධි-අයනතාව වකුගඩු රෝගය ඇතිකරන්නේ වකුගඩුවේ ඇති ප්‍රෝටීන් පටල විකෘති කිරීමෙනි. මෙම ප්‍රොටීන් විකෘතනය ට ” හොෆ්මයිස්ටෙර් ඉෆෙක්ට්” (හොෆ්මයිස්ටෙර් ක්‍රියාඵලය ) යන නම බයෝ-රසායනයෙහි යොදනු ලබේ. ඒ අනුව, සැලකිය යුතු කලක් තිස්සේ, වැඩිපොහොර සෝදාවෙන් අධි-අයනික වූ ජලය පානය කිරීමෙන් ගුහේච වකුගඩු රෝගය ඇතිවේ. රජරට භූමි ජලස්තරයේ ඇති ෆ්ලොරයිඩ් අයන ද බල සම්පන්න හොෆ්මයිස්ටර් කාරකයෙකි. මේ ගැන වඩා තොරතුරු විද්‍යා ලිපියෙන්ම බලගන්න. http://dh-web.org/place.names/posts/#ckduEG&H1.pdf

එහෙයින්, ගුහේචි වකුගඩු රෝගය මැඩවීමට අවශ්‍ය වන්නේ පොහොර වර්ග වල අධික පාවිච්චි ය පාලනය කිරීමය. ලෙඩෙකුට තමන්ට හිතෙන තරම් බෙහෙත් පෙති ගන්නට ඉඩ නැත. වෛද්‍යවර්යා දෙන සටහන අනුව පමනක් ෆාමසියෙන් බෙහෙත් දෙනු ලබේ. එසේම, ගොවියාට දෙන රට පොහොර සහ කීට නාෂක නිකුත් කල යුත්තේ ඔහුගේ ඉඩමේ පස සහ ජලස්තරය අනුව කෘශිකර්ම දෙපාර්තමෙන්තුවෙන් ලබාගත් බලපත්‍රයක් අනුව විය යුතු ය. නියම ප්‍රමානයට පොහොර දැම්ම විට, ඒ පොහොර පොලවේ රඳා සිටී. පොහොර සේදී වාරි මර්ග මගීන් රජරටට ප්‍රාප්ත වී වකුගඩු රෝගය ඇති කිරීමක් නොවනු ඇත. තවද, පොහොර සහ කීට නාෂකයන්ගේ වෙලඳාම පාලනය
කල විට පොහොර ආදිය නාස්ති නොවෙන නිසා රජයට සෑහෙන මුදලක් ඉතිරි වෙනු ඇත. එවිට, වරුසා මෝසං කිහිපයක් ගෙවුන විට රජරටේ මෙතෙක් එකතුවී ඇති ෆොස්ෆේට් ආදී ලවන
වර්ග සෝදා යනු ඇත. පසෙහි ඇති ක්ශුද්‍ර ජීවීන් ද නැවත ඇති වනු ඇත. එවිට රජරට ට එල්ල වී
ඇති වකු ගඩු තර්ජනය ද වහා නැති වනු ඇත.

මධ්‍යම ප්‍රතිපදාව.

ඉහත කී කරුනු වලින් පැහදිලි වන්නේ පරිසර අන්තගාමීන්ගේ චින්තනය අනුව පොහොර සහ කීට නාෂක තහනම් කිරීමේ අන්තය ද , කැමති තරම් පොහොර සහ කීට නාෂක පාලන-රහිත වෙලඳපොලෙහි තිබිය යුතු යැයි කියන වානිජීය තරඟකාරී අන්තය ද දුරත් කොට මැද පිල්වෙතක් ගත යුතු බවය.

මෙම අන්ත දෙකම මේ රටට බෝ වී තිබෙන්නේ බටහිර ඇතිවෙන චින්තන සහ අන්තර් ජාලයෙහි පලවෙන ඕනෑම මිත්‍යාවක් අන්ධ බුද්ධියෙන් පිලිගන්න පෙලක් ඉන්නා නිසාය. ඒ වෙනුවට, ලංකාවට උචිත බුද්ධි පූර්න මැද පිල්වෙතක් ගනිමු.

එවිට රටට එල්ල වී ඇති ඩෙන්ගු සහ ගුහේච වකු ගඩු රෝග ය පමනක් නොව, නොයෙක් වර්ගයේ මදුරුවන් සහ කෘමීන්ගෙන් ඇතිවන රෝග ද, කෘෂි-ද්‍රව්‍ය අධික ලෙස පාවිච්චි කිරීමෙන් ඇතිවන නොයෙක් මාදිලීයේ රෝග ද නොබෝ කලකින් නැතිවනු ඇත.

3 Responses to “ඩෙන්ගු සහ වකුගඩු රෝග මඩංගු කිරීම අසාර්ථක ඇයි? අපේ වැරදි විශ්වාස නිසා ද?”

  1. Nanda Says:

    “ඒ කාලයේදීම මහවැලි ව්‍යාපාරය වැනි වාරි මාර්ග ඇති වූ හෙයින්, උඩරට එලවලු කාරයන් සහ සමහර වතුකාර්යන් දමන පොහොර අධිප්‍රමානය මහවැලි වැනි වාරි මාර්ගයන් දිගේ ගොස් රජරට වැව වලටත්, එහි ලිං වලටත් පැමිනේ. මේ අන්දමින් පොහොර වල ඇති ෆොස්ෆේටෙ, අමෝනියම්, වනි ලවන අයන වර්ග රජරට භූමිජලස්තරය ට පැමිනේ. ”

    – A big lie. How many reported cases were in the areas of Eppawela, Galneewa, Thmbuththegama, Nochchiyagama areas ? Cases are common further north where Mahaweli water never came.

  2. Nanda Says:

    තමන් ගේ වාසියට බොරු නොකියා සිටීමද මධ්‍යම පටිපදාවට අයත්‍ය​. මහවැලි ජලය ගලෙන්බිඳුනුවැව​, පදවිය​, මැදවච්චියට ගියාද ?

    “http://whosrilanka.healthrepository.org/bitstream/123456789/392/1/CKDu%20Prevalence%20-%20Anuradhapura.jpg”

  3. Dr.K Says:

    It’s a proven fact that DDT does not deteriorate by nature but it tends to bio-accumulate and store in food chain resulting ill health on human beings.

    Dengue is a illness that has been designed by the nature but it spreads with the help of humans. If the humans cease their help breeding the vector mosquitoes the disease disappears. Chemicals can be used to a certain extent but the major part of the task still remains in human’s hands. Their unity, necessity and equality are the governing factors in this task.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress