ඩී ඩී ටී, පරිසර දූෂනය සහ රෝග මර්දනය .
Posted on September 27th, 2014

චන්ද් ධර්මවර්ධන විසිනි.

මේ නොබෝ දාඩෙන්ගු සහ වකුගඩු රෝග මඩංගු කිරීම අසාර්ථක ඇයි?

අපේ වැරදි විශ්වාස නිසා ?නැමැති හිස්තලයක් යටතේ ම විසින් සපයූ ලිපියකට පිලිවදන ලියූ කිහිප දෙනෙක් විය. එම පිල්වදන් වලට එහිම පිලිතුරු දෙනවා වෙනුවට අලුත් ලිපියක් සැපයීම උචිත යැයි සිතුවේ ඊට අදාල පින්තූරයක්ද සැපයීමේ අදහසිනි. තවද, එම ප්‍රතිවාදකයන් කියූ කරුනු වල සැලකිය යුතු අංශ්යක ඇත්තා පමනක් නොව, බොහෝ දුරට පොදු ජන මතයත කිට්ටු ඇති හෙයින්, එහි මිශ්‍ර වී ඇති දුර්මත කොටස එලි කිරීම් ද ඉතා වැදගත්ය.

මගේ ලිපියෙන් මම මූලික කරුනු දෙකක් ඉදිරි පත් කලෙමි.

( ) ඩෙන්ගු රොගය මර්දනය කිරීමට දැනට පාවිච්චි කරන ක්‍රියාදුර්වල එහෙත් විෂ සහිත ද්‍රව්‍ය වෙනුවට ප්‍රත්‍යක්ෂ වශයෙන් පල දෙන, ඌන විෂමය ඩී ඩී ටී ගෘහාන්තරික ලෙස පාවිච්චි කල යුත් බවද, පරිසරයේ නිරායාසයෙන් එකතුවන වතුර පින්ඩ සහ ජල බින්දු පවා අස්කරමින් මදුරුවාට පමනක් නොව පරිසරයට ද විසාල අසහනයක් කරමින් දැනට ගෙනයන ව්‍යාපාරය අසාර්ථක බව පිලිගනීම.

() රජරට පැතිරෙන ගුහේචවකුගඩු රෝගය (CKDU) මූලික හේතුව නිසිපරමානයට නොව, අධික ලෙස ලවන පොහොර පාවිච්චි කිරීම බවද, එම අදිපොහොර කොටස වර්ෂාව නිසා වාරිමාර්ග මගීන් රජරටට ප්‍රවීන වී, බීමට ගන්න ජලයේ ලවනතාව (අයනතාව ) උග්‍ර කිරීම බවද මම දැක්කුවෙමි. තවද, රජරට ජලයෙහි ෆොස්පේට් වැනි ලවන අධික ලෙස ඇති බවද අපේ විද්‍යා ලිපියකින් දැක්විය. එහෙයින්, වකුගඩු රෝගය මැඩීමට අවශ්‍ය වන්නේ අධික ලෙස ලවන පොහොර පාවිච්චිය සහ ලවන පොහොර වලට දෙන සහනාධාරය කපා හරීමය.

 ආචාර්ය කේ මෙසේ ලියයි

Dr.K:

It’s a proven fact that DDT does not deteriorate by nature but it tends to bio-accumulate and store in food chain resulting ill health on human beings. Dengue is a illness that has been designed by the nature but it spreads with the help of humans. If the humans cease their help breeding the vector mosquitoes the disease disappears. Chemicals can be used to a certain extent but the major part of the task still remains in human’s hands….

එනම්, “ඩී ඩී ටී ස්වභවිකව දිරන්නේ නැති බවත්, ආහාර සංමාලයේ එකතුවන බවත් ඔප්පු වී ඇති කරුනකි. ඩෙන්ගු යනු ස්වභවයෙන් ඇතිකරන ලද, එහෙත් මිනිසා විසින් බෝ කරන රෝගයකි. රස ද්‍රව්ය එක් ප්‍රමානයකට පාවිච්චි කල හැකි මුත් ක්‍රියාව මින්සා අතේ ම රැංදෙයි….”

 ඩී ඩී ටී යම් කලක් ගිය විට දිරන මුත් , ගෙවල ඇති සෑම ප්ලාස්ටික් බඩුවක්ම ස්වභාවයෙන් දිරන්නේ නැත. ප්ලාස්ටික් නිසා මුලු බාහිර ලෝකයම පමනක නොව කුරුල්ලන්ගේ බඩවල් පවා දුෂ්‍ය වී ඇති ආකාරය මේ සමග දක්වා ඇති පින්තූරයෙන් එලි වෙයි. නුමුත් ව්‍යාජ ලෙසපරිසර මාමකයන්ලෙස වෙස්මුහුනු දක්වන සමහරු ප්ලාස්ටික් වතුර බෝතල්, බෑග්, ‘ගාඩ්න්පුටු මේස පාවිච්චි කරති. එහෙත් අවුරුද්දකට දෙසැරයක් ඩී ඩී ටී බිංදු තුනක් ජල බින්දු දහස් ලක්ෂයක සමග ඌන කොට ගෘහය තුල පමනක් ඩී ඩී ටී පාවිච්චියට විරුද්ධ වෙයි! ඩී ඩී ටී ස්වභාවයේ ඉන්නේ ඌන වශයෙන් දින 22ක් හෝ වැඩි ව්ෂයෙන් අවුරුදු 25 ක් පමන බව ද සලකා, අනිත් කෘමි නාශකයනට වඩා මිනිසාට ඌන විශතාවක ඇති බවද සලකා, ලෝක සෞඛ් සංවිධානය  (WHO, ඩබ්ලිව්එච්) 2006 දී  ඩීඩීටී මදුරු මර්දනය සංදහා ගෘහ ආශ්රිත පාවිච්චියට අවසර දෙන ලදී. WHO-වාර්තාව අනුව අනිත් රස ද්‍රව්‍ය වලට වඩා ඩී ඩී ටී පාවිච්චිය සුදුසු බව පැහැදිලිව දක්වා ඇත. ගෘහය තුල පමනක් පාවිච්චි කරන හෙයින් මීමැස්සන් වැනි අපට අවශ්‍ය කෘමීන්ට අවදානයක් නොවේ. නුමුත්, දැනට ලංකාවේ නගර සහ තදාසන්න පෙදෙස් වල ගෙවල් වලට බාහිරව මදුරුනාශක බෙහෙත් මීදුමක් ලෙස පාවිච්චි කරන හෙයින් අනෙක්, අපට අවශ්‍ය කෘමීන්ට ද පහර වදී. ආචාර්ය කේරස ද්‍රව්ය එක් ප්‍රමානයකට පාවිච්චි කල හැකි මුත් ක්‍රියාව මින්සා අතේ ම රැංදෙයි.” කියන මුත්, මෙම රස ද්‍රව්‍යය ඩී ඩී ටී බව තවම හඳුරාගෙන නැත. තවද, ඩෙන්ගු රෝගය පතුරුවන්නේ මිනිසාය යන මතය සාවද්‍ය ය. දැනට පාවිච්චි කරන උගර් විෂ ධරී, එහෙත් මදුරුවන්ට එතරම් ප්‍රබල නැති බෙහෙත් වෙනුවට ඩී ඩී ටී යොදන්න යෝ ජනා කලේ එය පරසරයටත් මනුෂයාටත් හොඳම, ඩෙන්ගු රෝගය නිසැකවම් නසන පිලියම හෙයින්ය.

 උතුරුමැද පලාතේ දැනට පැතිරී ඇති වකු ගඩු රෝගය ගැන නන්ද මහතා චෝදන මුඛයෙන් මෙසේ ලියයි.

A big lie. How many reported cases were in the areas of Eppawela, Galneewa, Thmbuththegama, Nochchiyagama areas ? Cases are common further north where Mahaweli water never came.”

එනම්:

මහා බොරුවකි. එප්පවෙල, ගල්නෙව, තම්බුත්තෙගම, නොච්චියගම (නිකගම )ප්‍රෙදේස වල රෝග වාර්තා කීයක් තුබුනාද? මහවැලි වතුර නොයන ඊට උතුරෙහිත් රෝග වාර්තා ප්‍රචලිතය.”

තව දුරටත් ඔහු එය පුන පුනා කියයි.

තමන් ගේ වාසියට බොරු නොකියා සිටීමද මධ්‍යම පටිපදාවට අයත්‍ය​. මහවැලි ජලය ගලෙන්බිඳුනුවැව​, පදවිය​, මැදවච්චියට ගියාද ?”

 නන්ද මහතා අපගේ විද්‍යා ලිපිය කියෙව්වා නම් මෙම ප්‍රශ්න වලට උත්තර තමම්ම ලබාගන්නවා ඇත. මෙහිදී කෙටි උත්තරයක් දීම්ට අපි පදවිය පෙදෙස ගනිමු. මහවැලි ජලය කෙලින්ම පදවියට කොහොමටවත් නොලැබේ. එහෙත් එම ජලයෙහි අධිඅයනතාවක් ඇති බව විද්වතුන් දනී. තවද, පදවිය වැවෙහි ජලයෙහි ඇති පෙංද, ජපන් ජබර වැනි ජල ශාකයන් බැලූ විට ජලයෙහි ෆොස්ෆේට් ලවනය අධික විය යුතු බව රසායනික විශ්ලේශන නොමැතිව ම කිය හැකිය. එහෙයින්, අඩිඅයනතාවක් ඇති ජලයක් පදවිය සහ එවැනි පෙදෙස් වලද ඇති බැව පැහැදිලි විය යුතුය.

 පදවිය වැවෙහි පෙඳ සහ ජපන් ජබර වැනි ජල ශාක සරුව වැවී තිබීමෙන් අපට තවත් නිගමනයක් ගත හැක. එනම්, ග්ලයිෆොසේට් වැනි ශාක නාසක ද්‍රව්‍යයක් පොඩ්ඩක් වත් එ ම ජලයෙහි තිබිය නොහැක. ඉතින්, ග්ලයිෆොසේට් නැත්නම් , ඇයි ඒය තහනම් කර වකුගඩු රෝගය නැතිකරන්න පුලුවන් යයි කියන්නෙ?

 නැති දෙය තවත් තහනම් කරන්නේ මොන වැඩකටද? ලෙඩේට කොට්ටෙ මාරු කිරීම වැනි ප්‍රෝඩවක නොවේද?

 රජරට වතුරෙහි ආසෙනික් වැනි අපද්‍රව්‍ය ඇතැයිද, ඒවා එන්නේ රටින් ගෙන්වන ලවන පොහොර වලින් යයි ද ප්‍රකාශ කරන සාවද්‍ය මතයක් බදා ගෙන, ලවන පොහොර සම්පූර්නයෙන් තහනම් කීරීමට තැත කරන අන්ත ගාමියෝ ඇත.

 එවනි අපද්‍රව්‍ය ජලයේ නොමති බව WHO ඇතුලු නොයෙක් අය දැන් ඔප්පු කොට ඇත.

 ඉතින් නැති ආසෙනික් ඇතැයි ව්‍යාජව පෙන්නමින් පොහොර තනම් කොට වකුගඩු රෝගය මඩින්නේ කොහොමද?

 නන්ද මහත වකුගඩු රෝගයෙහි හේතුව කුමක් යයි සලකනවාදැයි නොකියා ඇත. නන්ද මහතා සහ ඔහුගේ අනුගාමිකයෝ දැන් වත්, කුමක් හිස් සංකල්ප මත පමනක් රැංදී ඇති මහා ප්‍රෝඩාවක ද, කුමක් ශාක්ෂිමූලික, යථාතත්ව ගරුක ක්‍රියා මර්ගයක ද යයි තොරා ගනු ඇතැයි බලා පොරොත්තු වෙමි.

2 Responses to “ඩී ඩී ටී, පරිසර දූෂනය සහ රෝග මර්දනය .”

  1. Nanda Says:

    Thank you for the responds. Please don’t take these as personal attacks, my aim is not to raise awareness to public.
    But unfortunately more lies this time.

    “උතුරු-මැද පලාතේ දැනට පැතිරී ඇති වකු ගඩු රෝගය ගැන නන්ද මහතා චෝදන මුඛයෙන් මෙසේ ලියයි.” – I did not comment about “උතුරු-මැද පලාතේ දැනට පැතිරී ඇති වකු ගඩු රෝගය “. I did comment about the lie that in your research team speculated that it is possible for Mahaweli water to carry these poisons to people. I proved that the areas affected did not receive Mahaveli water. You have accepted that it was a wrong speculation your “team” made. I respect that.

    Now to the present moment.
    “පදවිය වැවෙහි පෙඳ සහ ජපන් ජබර වැනි ජල ශාක සරුව වැවී තිබීමෙන් අපට තවත් නිගමනයක් ගත හැක. එනම්, ග්ලයිෆොසේට් වැනි ශාක නාසක ද්‍රව්‍යයක් පොඩ්ඩක් වත් එ ම ජලයෙහි තිබිය නොහැක.”

    There is a certain amount of poisons required to get rid of plants. If you want to know how much, please read the label on the bottle. No one poured 20000 litters of Roundup to Padaviya weva. please do not try to fool the public. They are more intelligent than you.

    But a very minute small concentration may be enough to cause long term deceases like cancer, kidney problems and death. Proper research have been supressed by , bribing, threatening and even killing by multi nationals, that is a fact if you research.

    “එවනි අපද්‍රව්‍ය ජලයේ නොමති බව WHO ඇතුලු නොයෙක් අය දැන් ඔප්පු කොට ඇත.”

    Are we to believe WHO like Buddha, Dhamma and Sangha ? Public now know who the WHO is, you may not know. You have to grow up.

    නන්ද මහත වකුගඩු රෝගයෙහි හේතුව කුමක් යයි සලකනවාදැයි නොකියා ඇත. – True. I don’t know because this is not my field of education and training. Even in my field I am aware of wrong theories being published openly. But I have a general knowledge.

    Any way my advice to you remains. Please do not go to සතර අපාය​ by fooling public and distracting from the core reasons on this important issue concerning lives of poor people. Jesus will not indemnify you, in case you are a Christian.

  2. Nanda Says:

    Chandra,
    The era of trusting WHO, UN, World Bank, IMF is gone long time ago.
    People used to trust Dinamina, Silumina, Dialy News too.

    WHO seems to be your bible.
    Even Christians do not trust the bible now.

    You must work based on self reliance. Trust your Lankan brain. Don’t make stupid statements like Padaviya Weva Japan Jabara.

    Why is the poison cans or bottles ask you to wear protective gloves and masks when handling, if they are not poison ?
    It even goes through your skin or lungs to enter the system isn’t it ?
    Did you research whether our people wear gloves and masks (PPE) ?
    Rather than obeying WHO do your OWN research and do not accuse other researchers like Dr. Jayasumana.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress