රෙද්ද ගැලවුණ ජයලලිතා “අම්මා” 
Posted on September 29th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

ජයලලිතා ටැමිල්නාඩ් මහ ඇමති වශයෙන් 1991 දී තෝරා පත් වුන විට ඇය පඩියක් වෙනුවට ගත්තේ මාසෙකට එක රුපියලක් පමණය. ඇයට දැන් බොහෝ පිරිමි වඳියි. එය එසේ මෙසේ වැඳිල්ලක් නොව හතර ගාතෙන් වැටී බිම දිගාවී කරන වැඳිල්ලකි. මාසෙකට ගන්නේ රුපියලක් පමණක් නම් එසේ දේව අඟනක් සේ නොසලකා කොහොමද? ඇයට දැන් කියන්නේ “අම්මා” කියාය. කරුනානිධි තාත්තා නම් ජයලලිතා අම්මා නොවන්නේ කෙසේද?

    මේ මුළු ටැමිල්නඩ් එකම හොර ගුහාවකි. මේ ගොන් මහ ඇමතිලා එහි ඉන්නා මෝඩ දෙමල ජනයා රවටා ගෙන ගනියන්නේ පුදුම විධියේ මගඩියකි. මේකටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? නිවැරදි නම පගාතන්ත්‍රවාදය නොවේද? ඒසියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ ජයලලිතා හිරේ යාමේ කතාව දුටු විට එය සිංහලෙන් ලියා විග්‍රහ කිරීම ලංකා වාසීන්ට ප්‍රයෝජනවත් වේය කියා සිතෙන්නේ ජයලලිතා වගේ හිරේට යායුතු වන්නේ, ඉදිරියේදී ලංකාවේද මෙවැනි හිරේ යාම් රොතු පිටින්ම සිදුවිය යුතුව තිබෙන නිසාය.

     මීලඟ චන්දයේදී මෙම කාරණය ඉස්මතුකර පෙන්නාදීම බොදු බල සේනාවේ කාර්යයක් විය යුතුය. අල්ලස් කොමිසම ගැන පවා ජනතාව ගේ විශ්වාසයක් නැති නිසා මහජන කොමිසමකට නිර්‌ණාමිකව පෙත්සම් එවීමට ඉඩ සලසා දිය යුතුය. යම් අයෙක් හෝ ඔහුගේ/ඇගේ ලඟ ඥාතීන් අයථා ලෙස ධනය රැස්කරගෙන සිටිනවා කියා සැක කරන ඕනෑම කෙනෙකුට මෙසේ විස්තර ලියා එවීමට ඉඩ දිය යුතුය. එම පෙත්සම් ගැන ලිඛිතව උත්තර දීමට කොම්සමෙන් අදාල පුද්ගලයින්ට දැන්විය යුතුය. දැන් ලංකාවේ උදාවී ඇති තත්‌‌වය අනුව මෙවැනි ක්‍රමයකින් මිස රටට ගොඩ ඒමක් නැත. හොර අවි ආයුධ පොලිසියට/යුද හමුදාවට භාරදීම සම්බන්ධයෙන්ද මෙවැනි දැඩි පියවරක් ගැනීම අවශ්‍යය.

    ජයලලිතාගේ හොරකමේ ඉතිහාසය මෙහි පහතින් දක්වා ඇත. මෙය සුබ්‍රමනියම් ස්වාමි ගේ නියම මහජන සේවයක් නිසා ලෝකයට එලිදරව්වූ හොර හැසිරීමකි. සෝනියා ඝාන්ධිට ඉන්දියාවේ අගමැති වීමට නොහැකි වුනේද සෝනියා ඉතාලි පුරවැසියෙක් බව දන්වා සුබ්‍රමනියම් ස්වාමි ඉන්දියා ජනාධිපතිට කරුණු ඉදිරිපත් කිරීමෙනි. මෙවැනි හොරුන් බොහෝ විට කරණ දෙයක් නම් පඩි නොගෙන සේවය කරනවා වැනි සෙප්පඩවිජ්ජා පෙන්වීමය. කෝටි 3 ක්, අවුරුදු පහකින් කෝටි 67 ක් වුනේ එසේය.

ජයලලිතා නමැති හෙර රැජින  (ලංකාවේ චෞර රැජින?)

1. 1991 ජූනි 24-1996 මැයි 12 – ජයලලිතා මුල් වතාවට ටැමිල්නාඩ් මහ ඇමති ධූරයට චන්දයෙන් පත්වී සිටි කාලය 
(ගත් පඩිය මාසෙට රුපියලයි! ලෝකෙට ප්‍රකාශෙ, ගෙදරට මරගාතේ!)

2. 1996 ජූනි 14- සුබ්‍රමනියම් ස්වාමි ජයලලිතාගේ හොරකම් ගැන පැමිණිලි කිරීම
(1991 ට පෙර කෝටි 3 ක් පමණක් තිබුණු ඇයට 1996 අග වන විට කෝටි 66.7 ක වත්කමක් ආවේ කෙසේද?)

3. 1996 මැයි 13-2001 මැයි13 – ජයලලිතා චන්දයෙන් පැරදී කරුනානිධි මහ ඇමති ධූරයට

4. 1996 දෙසැම්බර් 7 – ජයලලිතාව හිරභාරයට ගැනීම

5. 1997 – ජයලලිතාට ඉහත අංක 2 හොරකම් ගැන නඩුවක් දැමීම

6. 1997 ඔක්තෝබර් 1 – නඩුව ගැන ජයලලිතාගේ විරෝධය උසාවිය විසින් නිෂ්ප්‍රභා කිරීම
 (2000 අගෝස්තු වන විට 250 දෙනෙක් ශාක්‍ෂි දී තව 10 ක් ශාක්‍ෂි දීමට සිටියහ)

7. 2000 ඔක්තෝබර් – හොරකම් කිරීමේ වෙන නඩුවකට ජයලලිතා වැරදිකාරිය වීම

8. 2001 මැයි 14- ජයලලිතා නැවත මහ ඇමති ධූරයට චන්දයෙන් තේරී පත්වීම

9. 2001 සැප්තැම්බර් 21 – සුප්‍රීම් උසාවිය ජයලලිතාගේ මහ ඇමතිකම අහෝසි කිරීම

10.  2002 පෙබරවාරි  – ජයලලිතා නැවත මහ ඇමති ධූරයට ඒම
(ඉහත සඳහන් අංක 7 උසාවි තීන්දුව ඉවත දැමීම නිසා)

11. 2002 මර්තු 2- 2006 මැයි 12- ජයලලිතා චන්දයෙන් මහ ඇමති ධූරයට තේරීම
(2003 නොවැම්බර් 18 දා, 1997 ඇයට විරුද්ධව පැවරූ නඩුව, ටැමිල්නාඩ් වලින් කර්‌නාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයට මාරු කරණ ලදී)

12. 2006 මැයි 13- 2011 මැයි 15- කරුනානිධි මහ ඇමති ධූරයට චන්දයෙන් තේරීම

13. 2011 මැයි 16 – ජයලලිතා මහ ඇමති ධූරයට චන්දයෙන් තේරීම
(2011- ජයලලිතා උසාවියේ ප්‍රශ්න 1,339 කට උත්තර දීම)
(2013 දෙසැම්බර් 12 – ජයලලිතාට හොර බඩු ඉදිරිපත් කරන ලෙස උසාවිය නියෝග කිරීම)

14. 2014 සැප්තැම්බර් 27 දින, 1997 නඩුවට වැරදිකාරියවී ජයලලිතා හිර ගෙට යෑම

මෙම ජයලලිතාගේ කතාවෙන් පිළිඹිඹුවන අනිත් කතා

1. නඩුවට අවුරුදු 16 ක් ම ගියත් අවසානයේ ගැලවීමට නොහැකි විය.
2. හෙරෙක් බව දැන් දැනත් මෝඩ ජනයා නැවත නැවතත් චන්දය දුන්නේය.
3. ජයලලිතා හිරේ දාගන්න කරුනානිධිලාගේ ආශාව
4. ලංකාවේ කොල-නිල් පක්‍ෂ දෙක මෙන් ටැමිල්නාඩ් ද පක්‍ෂ දෙකකට හිරවී ඇත. දෙගොල්ලොම හොරුය.
5. ජයලලිතා සමඟ නෑ දෑ චැක් ගෝලයින්ද හිරේට ගියේය.
6. ජයලලිතා සුබ්‍රමනියම් ස්වාමිට ව්‍ර‌ැධව අපහාස නඩු හතරක්ම නොබෝදා දැම්මේ හරියට ඇය මදර් තෙරේෂා කෙනෙක් වගේය කියා පෙන්නන්නට ය. (ස්වාමි කල “අපහාසය” ලංකාවට මාළු අල්ලන්නට එන හොර බෝට්ටු වල අයිතිකරුවන් ජයලලිතාගේ යාළු හොර කෝටිපතියන්ගේ බව කීමය).
7. ජයලලිතා ලංකාව පතුරු ගහන්නේ ඒ මඟින් ඇගේ හොරකම් වසා ගැනීමට ය. ඇය සමස්ත දෙමල දුගී ජනතාවගේ ගැලවුම් කාරිය කියා පෙන්නීමට ය.
8. ඉන්දියාවේ වෙන මොන තරම් දුර්‍වලකම් තිබුණත් ඉන්දියාවේ උසාවි ක්‍රමය තවමත් නිදහස් ස්වාධීන සංස්ථාවකි.
9. ඉමෙල්ඩා මාකෝස්ට නැවකට සපත්තු තිබුණත් ඇය ඒ ගැන බොරු කලේ නැත. නමුත් මේ ජයලලිතා අම්මණ්ඩි මසෙකට රුපියලක පඩියක් පමණක් ගන්න ගමන් එකතු කරගෙන ඇති සාරි ප්‍රමාණය 10,500 කි.
10. ජයලලිතා පිටරට බැංකුවල සල්ලි දැම්මාද?
11. ජයලලිතා හිරේ ගියාට කණගාටුවේ 16 දෙනෙක් සිය දිවි නසා ගත්තාලු/හෘදයාභාධ හැදුනාලු. ලංකාවේ එහෙයියන් කී දෙනෙක් මෙසේ කරා විද? ජේ ආර් මළාට පසු ජේ ආර් සෙන්ටර් එක අරින වේලේ එයට ආවේ කී දෙනාද? එය හරියට මදින්නාගේ බලියට ආ සේනාව, මදින්නා මළවිට අතුරුදහන් වුනා වගේ විය.

4 Responses to “රෙද්ද ගැලවුණ ජයලලිතා “අම්මා” ”

  1. Nanda Says:

    මේවා මාහින්දා ලාටත් හොඳ පාඩම්. මී ලඟ මැතිවරණයෙන් සිංහල ජනයා අමතක කොට සෞදි කාරයින්ට රත විකුනා පස්ස පැත්ත බේරා ගැනී මේ පරමාර්තය අතහැර දැමුවේ නැත්නම්.

  2. Nanda Says:

    Sajin Vass slapped Chris Nonis, the best diplomat we have.

    “මේ මුළු ටැමිල්නඩ් එකම හොර ගුහාවකි. “- not only Tamil Nadu , Sinhala Nadu will also become a thieves cave soon, as long as we hang on to the “gratitude of defeating LTTE”.

  3. Christie Says:

    Defeating the Indian terrorist arm. Our economic position makes it for us to send our women to work in the middle east, it has nothing to do with corruption. Our main problem is not corruption, it is the Indians dominated economy.

  4. Marco Says:

    “Our economic position makes it for us to send our women to work in the middle east…”
    Seriously?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress