කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (1)
Posted on October 5th, 2014

C. Wijeyawickrema

හැඳින්වීම

බමුණු කුලය බිඳවැටීම

    1956 දී ලංකාවේ සිදුවූ නිහඬ මහජන විප්ලවය (දේශපාලන බලය වෙනස් පිරිසකට මාරුවීම) මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ඒ වකවානුවේදී හැඳින්වූයේ ලංකාවේ එතෙක් පැවති “බමුණු කුලයේ” බිඳවැටීමය කියාය. නමුත් ඇත්ත වශයෙන් බලන විට සිදුවූයේ බලාපොරොත්තු නොවූ ආකාරයේ හදිසි කෙනෙහිල්ලකට ලක්වූ ලංකාවේ කළු සුද්දන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව නැගිටී සිටීමය. ඒ සමගම බමුණු කුලය යන වචන හෝ කළු සුද්දන් යන කියමන එදිනෙදා ව්‍යවහාරයෙන්‌ද ඉවතට තල්ලුවී ගියේය.

    2014 සැප්තැම්බර් 28 දා කොළඹදී පැවැත්වූ බොදු බල සේනා මහා සංඝ සමුළුවේදී කිරම විමලජෝති හාමුදුරුවන් කළුසුද්දන් ලංකාවට කරන විනාශය ගැන සඳහන් කලා පමණක් නොව කහ සිවුරු පොරවා ගත් කළුසුද්දන් ද සිටිය හැකි වගක් ද ප්‍රකාශ කර සිටියේය. ඉන් පසුව උන්වහන්සේ සහභාගී වූ ටී එන් එල්- ටී වී සාකච්චාවකදී උන්වහන්සේ කල ඉල්ලීමක් නම් සිංහලයා කවුද, කළු සුද්දා කවුද, යන කාරණා තේරුම් බේරුම් කර දෙන කෘතියක අවශ්‍යතාවයය.

    මෙම මාතෘකාව ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ නිබන්‌ධන කීපයක් ලිවිය හැකි ආකාරයේ මාතෘකාවකි. සමහර විට කළු සුද්දන් පිළිඹඳව ඉංග්‍රීසි පුවත් පතක මෑතකදී ලිවූ ප්‍රථම පුද්ගලයා වශයෙන් මගේ හිතේ මේ සම්බන්‌ධව ඇති අදහස් ලංකා වෙබ් වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කිරීමට මා සිතුවේ විමලජෝති හාමුදුරුවන්ගේ ඉහතින් සඳහන් කල යෝජනාව නිසාය.

    මෙහිදී මගේ මතකයට එන කරුණක් නම් 1956 මැතිවරණය කාලයේ බෙදූ මාර
යුද්ධය නම් චිත්‍ර පෝස්ටරය ය. එම පෝස්ටරයට අනුව පංච මහා බලවේගය විසින් ලංකාවේ සිංහලයින් හා බුද්ධාගම, සුසී මොහමඩ් සමඟ අලියා පිට නැගුණ සර් ජෝන් හා, ඔලිවර් ගුණතිලක, ජේ ආර්, බුලන්කුලම යනාදී මාර සේනාවකින් බේරා ගැනීමට තැත් කරයි, ඇමෙරිකන් තානාපතිද මාර සේනාව පිටුපස සිටී. මේ මාර සේනාව කළු සුද්දන් ද?

    මගේ ළමා කාලයේදී අල්ලපු නගරාසන්නයේ සිටි රොබට්ස් මහතා ගැනද මට සිහිවේ. මා ඔහු දැක ඇත්තේ කිරි කොකා මෙන් සුදු සූට් එකක් ඇඳගෙන ඔහුගේ මුනුපුරන් සමඟ ඔහුගේ ගේ ඉදිරිපස තණ බිමේ ක්‍රිකට් ගසමින් සිටීමය. ඔහු පානදුරේ සෙන්ට් ජෝන්ස් විද්‍යාලයේ ප්‍රින්සිපල් විය. ඒ කාලය වනවිට අතීතයේදී මෙන් අසල රටවල රජකුමාර වරු ආදීන් එයට නාවත් එය ඉංග්‍රීසි කතා කරන සල්ලි කාරයින්ගේ පිරිමි පාසැලක් විය. කළු සුද්දන් කියා භාවිතයක් ආවේ සුද්දන් නිසාය. 1505 සිට ලංකාවට සුද්දන් ඇවිත් රටේ මුහුදුබඬ ප්‍රදේශ අල්ලාගෙන 1815 දී මුළු රටම ඩැහැ ගත්තේය.

    කළු සුද්දෙක් කියන්නේ කාටද කියා විස්තර කිරීම පහසු කාරණයක් නොවන්නේ කළුසුදුකරණය එක්තරා ක්‍රියාවලියක්, ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වන නිසාය (බ්ලැක් වයිට්ස් ආ නොට්, දේ බිකම්). මෙක්සිකෝව වැනි රටවල කළුසුද්දන්ට කියන්නේ කොකනට් කියාය. එයට හේතුව පොල් ගෙඩිය පිටින් දුඹුරුපාට වුනත් ඇතුලත සුදු පාට නිසාය. ඇමෙරිකාවේ සුදු මිනිසුන් පස්සේ යන, ඔවුන්ට කත් අදින කළු මිනිසුන්ට කියන්නේ ඕරියෝ කියාය. ඕරියෝ නම් විස්කෝතුවේ පිට බෑ දෙක කළුපාට වුනත් ඒ දෙක මැද ඇත්තේ සුදුපාට පැණිරස ක්‍රීම් ආලේපයක් නිසාය.

    පරසුද්දා කියනවා වගේ කළුසුද්දා කියන ආමන්ත්‍රණය නිග්‍රහයක්, අපහාසයක් ලෙස බොහෝ අය සිතයි. හොඳින් හිතා බලන විට ඒ ගැන එසේ සිතන්නේ, තරහක් එන්නේ ඒ අදාල පුද්ගලයා තමන් ඇත්තවශයෙන්ම තමන් ඒ බව නොදැනම හෝ කළු සුද්දෙක්/සුද්දියක් නිසා නොවිය හැකිද? උදාහරණයක් වශයෙන් යමෙක් මට කළු සුද්දෙක් කියා කිව්වාට, නෙළුම් කොලයේ වතුර නොරඳනවා මෙන් එය මට දැනෙන්නේ නැත. කලා වැව, තිසා වැව හෝ ජේතවනාරාමය දකිනා විට, මුලින්ම ඒවා ඉදිරියේ සිටිනා විට ඇඟ කිළිපොලා ගොස් රෝම කූප (මයිල්) කෙලින් නොවෙනවා නම් ඒ පුද්ගලයා කළුසුද්දෙක් වියයුතුය කියා මට සිතේ. ආර් ප්‍රේමදාස කාට හෝ ලොකු තනතුරක් දීමට පෙර “ඔබ කවදා හෝ ගමක කමතකට ගොඩවෙලා තියෙනවාද?” අසා ටෙස්ට් කරාය කියා කටකතාවක් තිබුණේ ඔහු ඒ මඟින් කළුසුද්දන් හඳුනාගත් නිසාද?

    පුදුමයට කාරණය නම් කළුසුද්දා යන වචනය ප්‍රථම වරට භාවිතා කලේ ලෝකයට කළුසුද්දන් පන්තිය දායාදකරදුන් (හඳුවාදුන්) තෝමස් මැකෝලි සාමි විසින්ම වීමය. ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස්කිරීම සම්බන්‌ධයෙන් 1835 දී ඔහු යෝජනා කලේ බාහිර පෙනුමෙන් ඉන්දියානු වුනත් හැසිරීමෙන් හා සිතුවිලිවලින් ඉංග්‍රීසිවන “දුඹුරුපාට බ්‍රිතාන්‍යයින්” කොටසක් බිහිකල යුතු බවය. අද ලෝකයේ, පරණ යටත් විජිතවල, දක්නට ලැබෙන අභාග්‍යසම්පන්න තත්‌වය මැකෝලි ඇතිකල මේ පන්තියේ ක්‍රියාවල ප්‍රතිපලයකි. සුද්දන් රටවල් අතහැර ගියේ මේ කළුසුද්දන් ගැන ඇති විශ්වාසය නිසාය. කළුසුද්දන් හරහා රටවල් සූරා කෑම දුර සිට කරගෙන යා හැකි නිසාය.

    යටත් විජිතයක පාලනය (බෙල්ජියන්) සුද්දන් විසින් අකමැත්තෙන් පවරා දුන් කළුසුද්දෙක් නොවූ ලෝකයේ එකම කළු නායකයා පැට්‍රිස් ලුමුම්බා ය. ඒත් ඔහුට (කොංගෝ) රට පාලනයට ඉඩ ලැබුණේ 1960 ජූනි සිට සැප්තැම්බර් දක්වා පමණය. 1961 ජනවාරි මාසය වනවිට හිරකාරයෙක්ව් සිටි ඔහුව මරා දමන ලදී. ඔහුව පමණක් නොව එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ගුවන්‌යානයද සැකසහිත ලෙස අතුරුදහන් විය. නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිමාවක් ඔහු ජීවත්‌ව සිටියදීම ලන්ඩන්වල ඉදිකලේ අවසානයේ ඔහුද සුද්දන්ට ආවඩන කෙනෙක් (කළුසුද්දෙක්) වූ නිසාද?

    මැකෝලි සාමි ඇතිකල අධ්‍යාපන ක්‍රමය ආණ්ඩුවේ ලිපිකරුවන් ඇතිකරණ ක්‍රමයක් යයි නේරු විසින් නම් කලේය. එම ක්‍රමය ඉතාමත් ශූක්‍ෂම ලෙස යටත් විජිතවල වැසියන් තුල හීනමානය ජනිත කලේය. මෙය 1920 සි ගණන් වලදී තේරුම් ගත් කෙනෙක් නම් අනාගාරික ධර්‍මපාල තුමාය. සුද්දන් විසින් කළුසුද්දන් පිරිසක් බෝකර යනු ඇතැයි ඔහු කිව්වේ මේ නිසාය. ඔහු දුන් එක් ව්සඳුමක් වූයේ පඹයකු සදා, සුදු හුනු ගා, ගේ ඉදිරිපිට තබා උදේ හවස පර සුද්දා, පරසුද්දා කියමින් ඊට පයින් ගසන ලෙසය. අසරණවූ ගිහියන් කලේ දියසේන කුමාරයෙක් එනවා යයි බලාගෙන සිටීමය. මේ අතරතුර සිදුවූ තවත් දෙයක් නම් වලානේ සිද්ධාර්‍ථ හාමුදුරුවන් පානදුරේ සිට රත්මලානට ගොස් 1841 දී පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කිරීමය. මෙම පිරිවෙනේ ශිෂ්‍යයින් විද්‍යාලංකාර හා විද්‍යොදය පිරිවෙන් දෙක ආරම්භ කලේ ය. මෙය මැකෝලි සාමිගේ 1835 කළුසුද්දන් නිපදවීමේ උපක්‍රමයට භික්‍ෂූ අධ්‍යාපන ක්‍රමයක් මගින් දුන් ප්‍රතිුත්තරයක් වැනි ය. ඒ ලංකාවේ කළුසුද්දන්ට විරුද්ධ අරගලයේ නායකත්‌වය දැරුවේ මේ පිරිවෙන් දෙකේ හාමුදුරුවරු නිසාය.

මීලඟ කොටස – පෝප් ලෝකය සුද්දන්ට දෙකට බෙදා දීම හා හේති විප්ලවය

4 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (1)”

  1. Christie Says:

    ‘Kalu Sudhdhas” of the British Empire are the Indian colonial parasites. We got plenty of them in all the tropical British-Indian Empire. The writer is stuck with the Indian brain washing like most of us used to be. Let us look at things as they are. BBS and Gnagnasaram explains it all when it comes to BBS and 1956. SWRD was the best example of Kalusudhdha in Ceylon who was financed by the Kalu Susdhdhas of Indian Union. I know no body will agree with me.

  2. Christie Says:

    ‘Kalu Sudhdhas” of the British Empire are the Indian colonial parasites. We got plenty of them in all the tropical British-Indian Empire. The writer is stuck with the Indian brain washing like most of us used to be. Let us look at things as they are. BBS and Gnagnasaram explains it all when it comes to BBS and 1956. SWRD was the best example of Kalusudhdha in Ceylon who was financed by the Kalu Susdhdhas of Indian Union. I know no body will agree with me. By the way Indian imperialists and colonial parasites unveiled a golden statue of Mahathma Gandhi the worlds most celebrated Indian colonial parasite. India has the largest population of Kalu Sudhdhas in the world with the largest circulation of English news papers.

  3. AnuD Says:

    Kalu suddhas every where in the country lanka.

  4. Nanda Says:

    International schools breed Kalu Suddas. All the media is run by kalu Suddas. Even the harline non kalu suddha need to adapt to condition crated by Maha Kalu Suddha.
    Chamikas will be no use if they keep supporting Maha Kalu Suddha.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress