වර්ෂ 2010 ජූනි මාසේ 17 වෙනිදා අප විසින් ලියා Lankaweb අඩවියේ පලකරන ලද ලිපිය වර්තමානයට වඩාත් ගැලෙපෙන බැවින් එය යලි මෙහි පල කරමු. ඒ මෙසේය. ප්‍රජාතන්ත්‍රවාදයට කොන්දේසියක්
Posted on October 5th, 2014

චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි.

අප කැමති වුවද, අකමැති වුවද, ව්යාවස්ථානුකූලව මෙරට පවතින්නේ, ප්රජාතන්ත්රවාදී, සමාජවාදී ජනරජයකි. මෙම ආණ්ඩුක්රම ව්යාවස්ථාව මෙරට තුල ස්ථාපිත කරන ලද්දේ, උග් බටහිර ඒජන්තයකු වූ ජේ. ආර් ජයවර්ධන මහතා විසිනි. 1977දී මහතාට විශේෂිත ජනවරමක් ලැබෙන තෙක්ම, මෙරට ව්යාවස්ථාව රාජ් පාලකයාට පාලනය කල යුතු වාර ගනන සම්බන්ධව ප්රජාතන්ත්රවාදයට කොන්දේසි පැනවූයේ නැත. ඔවුනගේ අර්ථ විග්රහයනට අනුව ප්රජාතනත්රවාදය යනු මහජනතාවගේ අවශ්යතාවයට අනුව පාලනය කිරීම වන අතර, මහජන අවශ්යතාවයට කොන්දේසි පැනවීම ප්රජාතන්ත්රවාදය නොවේ යනු ඔවුන් දැරුව මතය විය. මිනිසුන්ට අවශ් පාලකයා තේරීම, ඔහුව තමනට ඇවැසි කාලයක් පාලන තන්ත්රය තුල රදවා ගැනීම හා ජනතාවට අවශ් වූ විට ඔහුව බලයෙන් පහකිරීම යන සියළු ගුණාංග මේ ප්රජාතන්ත්රවාදය තුල අන්තර්ගතව ඇතැයි ඔවුන් වදාලහ.

1977 බලයට පත් ජේ. ආර් ජයවර්ධන මහතා උපත ලැබුවේ 1906 සැප්තැම්බර් මස 17 වෙනිදා වූ අතර, ඔහුගේ අතට මෙරට පාලන බලය හිමිවන විට වයස අවුරුදු 71ක් විය. අනුව ගනනය කල මහතා, තමන්ට තවත් මෙරට පාලනය කල හැකි උපරිමය අවුරුදු 12ක් වශයෙන් අවබෝධ කරගෙන, 1984දී තමන් විශ්රාම යාමේ අරමුණ පෙරදැරි කරගෙන එතෙක් මෙරට තිබූ ප්රජාතන්ත්රවාදයට කොන්දේසියක් පනවන ලදී. ඔහුගේ වයසට සාපේක්ෂව ගනනය කොට මෙරට ව්යාවස්ථාවට ඇතුලත් කරන ලද ජනාධිපති ධූරය දැරිය යුතු වාර ගනන මෙරට දේශපාලන ක්ෂේත්රයේ විශාල අර්බූද නිර්මාණය කරන්නක් විය. එදා ඔහු බලයට පත්වූ විට ඔහුගේ වයස නිර්ණායකය වශයෙන් ගෙන ඉදිරිපත් කල ජනාධිපතිවරයකුට සදහා ඉදිරිපත්විය හැකි වාර ගනන වැලදගෙන, එය ප්රජාතන්ත්රවාදයයි සිතමින්, කියමින්, රගදක්වමින් සමාජය පුරා ගෙන යන බහුරූ කෝලම අප තරයේ ප්රතික්ෂේප කරමු. ජනතාවට එපාවී එලවා දමන තෙක්ම, එම ජනාධිපතිවරයාට මෙරට ජනාධිපතිවරණ සදහා ඉදිරිපත්වීමේ වරමත්, ජනාධිපති වශයෙන් සිටීමේ වරමත් හිමි විය යුතුය යන සිද්ධාන්තය,බෞද්ධයින් වශයෙනුත්, මාක්ස්වාදී දෘෂ්ඨිය මනාව හදුනන්නන් වශයෙනුත් තරයේ ප්රකාශ කරමු.

ධනේශ්වර ලෝකයේ ආසියාතිකව සිංගප්පූරුව හා මැලේසියාව සම්බන්ධව තරම් කථා කල රාජ් පද්ධතියක් හමු නොවේ. ජපානය වැනි විශ්මිතව අළු මතින් ගොඩනැංවුන රාජ්යයක් සම්බන්ධව කථා කරනවාටත් වඩා මේ රාජ්යයන්ගේ දියුණුව සම්බන්ධව පුළුල් ලෙස අප රට තුලද කථිකාවන් ඇතිවිය.
සිංගප්පූරුවේ බලය 1959දී ලබාගත් අගමැති ලී ක්වාන් මහතා අඛණ්ඩව 1990 දක්වාම පාලන බලය උසුලන ලදී. එපමණක්ද නොව එම කාලය තුලදී, සිංගප්පූරුව කාගේත් අවධානයට ලක්වුන රාජ්යයක් බවට පත්කිරීමට හැකියාවක්ද ඔහු තුල ගැබ්ව තිබිණ. ඔහුගේ පාලන කාලය අවුරුදු 31 වීම වැදගත් සංසිද්ධියකි.

මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහතා බලයට පත්වූයේ 1981 වර්ෂයේ වූ අතර, මහතාද අඛණ්ඩව 2003 වර්ෂය දක්වාම එරට අග්රාමාත්යවරයා වූ අතර, එම කාල පරිච්ඡෙදය තුලදී, බටහිර අධිරාජ්යවාදීන් ඉදිරියේ අභීතව සිටගනිමින්, මැලේසියාව ආසියාවේ දිදුලන තරුවක් බවට පත් කරණ ලදී. එතුමා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙනතුරු වසර 22ක්ම එරට රාජ් පාලකයාව කටයුතු කලේය.

ඉහත අප සදහන් කලේ ධනේශ්වර ප්රජාතන්ත්රවාදය යටතේ ආකර්ෂණීය ප්රගතියක් පෙන්නුම් කල ආසියානු කලාපයේ අප ඉතා හොදින් හදුනන රාජ්යයන් දෙකක් සම්බන්ධවයි.

සමාජවාදී කලාපයේ රාජ්යයන් කටයුතු කර ඇත්තේ කෙසේද? අප මදක් සොයා බලමු. ප්රථම සමාජවාදී රාජ්යයේ ප්රතම නායකයා වූ ව්ලැඩිමීර් ලෙනින් 1917 සිට 1924 දක්වා රට පාලනය කල අතර ඔහු බලවත් අසනීප තත්වය හේතුවෙන් පාලනයෙන් ඉවක් විය. ඉන් පසු බලයට පැමිණි ජෝසප් ස්ටාලින් අඛණ්ඩව 1953 දක්වාම පාලනය ගෙන ගිය අතර පාලන කාලය අවුරුදු 29 විය. වන විට සෝවියට් දේශය ලෝකයේ ප්රබලම රාජ්යයක් බවට පත්ව තිබිණ. දෙවන මහා ලෝක යුද්ධයටද මුහුණ දී, ලෝකය පැසිස්ට් වාදයෙන්ද ගලවා ගැනීමට මහගු කාර්ය භාරයක්ද ඉටුකිරීමෙන් අනතුරුවය.

චීන සමාජවාදී ජනරජයේ නිර්මාතෘ වරයකු වන මාවෝ සේතුං සහෝදරයා 1949 සිට ඔහුගේ මරණය දක්වාම එනම් 1976 දක්වාම එරට ජනාධිපති විය. ඔහුගේ පාලන කාලය අවුරුදු 27ක් විය. වර්තමාන චීනයේ ප්රගතියට මූලික අඩිතාලම වැටුනේද මේ පරිච්ඡේදයේදීය. අද චීනය යනු ලෝකයේ ඇති බලවත්ම රාජ්යයකි. තවද එම රාජ්යයේ අගමැතිතුමා වූ චූ එන් ලායි මහතාගේ පාලනයද දීර්ඝ වූ පාලනයක් විය.

මී ලගට අප කථා කල යුත්තේ අධිරාජ්යවාදීන් සමග දීර්ඝ අරගලයක් කල වීරෝධාර වියට්නාම් රාජ් නායකත්වය සම්බන්ධවයි. මෙහිදි වියට්නාම් ජනරජයේ ජනාධිපති බවට පත්වූ හෝචිමිං සහෝදරයා වර්ෂ 1945 සිටම අඛණ්ඩව1969 දක්වාම එරට රාජ් නායකයා විය. පාලන කාලය අවුරුදු 24ක් විය.

සමාජවාදී රාජ්යය පද්ධතිය පිලිබදව සාකච්ඡා කරන විට තවත් වැදගත් රාජ්යයක් වන්නේ උතුරු කොරියානු ජනරජයයි. මෙහි අරගලය හා රාජ් නායකත්වය පියපුතු හා මුණුඹුරු පරම්පරාවක් විසින් මෙහෙයවා ගෙන ගිය, අප ගෞරවයෙන් සිහිපත් කරන රාජ්යයකි. මෙහි රාජ් නායකුව සිටි කිම් ඉල් සුං සහෝදරයා වර්ෂ 1948 සිට 1994 දක්වාම රාජ් නායකයා වශයෙන් කටයුතු කලහ. පාලන කාලය අවුරුදු 46ක් විය.

මීලගට අප කථා කරන්නේ මුළු ලෝකයේම අවධානය යොමු කරගත් රාජ් පාලකයකු වූ කියුබාවේ ජනාධිපති ෆිඩෙල් කස්ත්රෝ සහෝදරයා සම්බන්ධවය. 1959 බලයට පත් ඔහු වර්ෂ 2008 දක්වාම එරට ජනාධිපතිවරයා විය. ඔහුගේ පාලන කාලය අවුරුදු 49ක් විය.

1972 ව්යාවස්ථාව අනුව සමාජවාදී ප්රජාතන්ත්රවාදී ජනරජයක් වූ ශ්රී ලංකාව, 1978 ව්යාවස්ථාව අනුව ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයක් විය. මේ දෙකම තුල නාමිකව ඇත්තේ සමාජවාදි සංකල්පය හා ප්රජාතන්ත්රවාදී සංකල්පයේ සම්මිශ්රිත රාජ්යයක ව්යුහය බව හැගේ. මේ අනුව, ප්රජාතන්ත්රවාදී දේශපාලන තලයේ හෝ සමාජවාදී දේශපාලන තලයේ පාලන රටාව තුල පාලකයාට සිය රාජ්යයේ කටයුතු ගෙන යාමේදී බාධා කරන කිසිදු කොන්දේසියක් එම රාජ්යයන්ගේ ව්යාවස්ථාවන් තුල අන්තර්ගත නොවන බව අවබෝධ කරගත හැක. එම නිසා ප්රජාතන්ත්රවාදයට කොන්දේසි පනවා ඇති ව්යාවස්ථාවෙන් ප්රජාතන්ත්රවාදය නිදහස් කිරීමට ශ්රී ලාංකීය ජනතාවට කාලය එළඹ ඇත.

2010 ජූනි මස 15 වෙනිදා දෙරණ රූපවාහිනී නාලිකාවෙන් මෙහෙය වන වාද පිටිය නම් වූ වැඩ සටහනේදී, ජනතා විමුක්ති පෙරමුණෙන් යයි කියා පැමිණි කථිකයා අපූරු කථා පොජ්ජක් ගෙනහැර පාන ලදී. ඔහුගේ තර්කයට අනුව, ඇමරිකාවේ හා ප්රංශයේ ජනාධිපති වරු, දෙවරකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම, මේ ලෝකයේ දක්නට ඇති විශාලම ප්රජාතනත්රවාදී ක්රියාවලිය සේ හුවා දක්වන ලදී. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරුන් දුටු අධිරාජ්යවාදී ඇමරිකාව හා ප්රංශය; මෙදා ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්රජාතන්ත්රවාදී ඇමරිකා එක්සත් ජනපදය හා ප්රංශය බවට බවුතීස්ම කර ඇත. අනුව ඇමරිකාව අසබඩ ඇති කියුබාවට ඔවුන් ප්රදානය කරන සහතිකය කුමක්දැයි මේ ලිපිය කියවන ඔබතුමන්ලාට අවබෝධ කර ගැනීමට පහසු වනු ඇත. අවුරුදු 49ක් එක එල්ලයේ කියුබානු රාජ්යයේ පාලනය දැරූ ෆිදෙල් කස්ත්රෝ සහෝදරයාගේ පාලනය සම්බන්ධව ඔවුන් කරන ප්රකාශය කුමක්දැයි ඔවුන්ගේ කටින්ම ජනතාවට ප්රකාශ කරන්නේ කුමක්දැයි දැන ගැනීමට අප ජනතා විමුක්ති පෙරමුණේ රූපවාහිනී කථිකයින්ට දෙසවන් යොමු කරගෙන සිටින්නෙමු.

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ පිලිගන්නා ප්රජාතන්ත්රවාදී ප්රංශය, එදා වියට්නාමයයේ හා කොරියාවේ ගම්මාන පිටින් පුලුස්සමින් ඉන්දු චීන ප්රාද්ශයේ ඝාතන රැල්ල ගෙන ගියේ ඔබලා ඔය කියන ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමේ කටයුත්ත ඉටු කිරීමට බව ප්රංශය දිනවල දෙසා වදාලහ. කොමියුනිස්ට් බිල්ලාගෙන් ඉන්දු චීනය බේරා ගනිමු යන පාඨය මුලට දමා ගෙන සටන් කල ප්රංශය, ජාත්යන්තර විප්ලව වාදීන්ගේ හාස්යයට හා උපහාසයට ලක්වූ රාජ්යයකි. ප්රංශයේ ප්රජාතන්ත්රවාදය අගය කරන විට සමගම සිද්ධවන කාර්යය වන්නේ ප්රජාතන්ත්රවාදය හරහා සිදු කරන බොහෝමයක් දේ ඉහලින් අගය කිරීමයි. ප්රජාතන්ත්රවාදයට වියට්නාම් ජනතාව ඩියන් බියන් පූ හිදී දුන් අමතක නොවන ඓතිහාසික පාඩම ජනතා විමුක්තිපෙරමූණහි වර්තමානයට හිමිකරදීමට අතීත ජනතා විමුක්ති පෙරමුණෙහි ක්රියාකාරීන් අත්වැල් බැදගෙන පෙරමුණ ගතයුතු යුගයක් මෙරට තුල බිහිවී ඇත.

ඇමෙරිකාවේ පුජාතන්තුවාදය ගැන කෙළ පෙර පෙරා, කථා කරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මල්ලිලා මේ කියා පාන්නේ වියට්නාමයේ හෝචිමින් සහෝදරයා අවුරුදු 24ක් අඛණ්ඩව එරට රාජ් පාලකයාව සිටීම වැරදි බවය. එම වැරදි සහගත පාලනයක් ගෙනගිය වියට්නාමයට පහරදී මිලියන 4කට ආසන්නව කරන ලද ඝාතන නිවැරදි බවය.

උතුරු කොරියාවේ කිම් ඉල් ජොං පාලනය වැරදි බවය, එයට පහරදීමට ඔවුනගේ ඇමරිකාව සූදානම් වීම නිවැරදි බවය.

කියුබාවේ වර්ෂ 50ක් දීර්ඝ වූ කස්ත්රෝපාලනය වැරදි බවය.එම පාලනයට එරෙහිව සම්බාධක දමාගෙන කටයුතු කරන, ඔවුනගේ ප්රජාතන්ත්රවාදී ඇමරිකාව අනුගමනය කරන ක්රියාදාමය නිවැරදි බවය.

එපමණක්ද නොවේ, මේ මල්ලිලා ඇමරිකාව මේ ලෝකයේ ඇති ප්රජාතන්ත්රවාදී රාජ්යයක් බව ප්රකාශ කිරීම හරහා, ඉරාකයේ පැවති සදාම් හුසේන්ගේ පාලනය බිද වැට්ටවීම නිවැරදි බව ප්රකාශ කරන අතරම, මේ වනවිට ලක්ෂ 8 ඉරාක ජන ඝාතනයද සාධාරණිය කරයි. අබුසයා සිර කදවුරේ සිදුවූ සියළුම ඝාතනයන්ද සිදුකරන ලද්දේ ඉරාකය තුල ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට බැවින්, එම ඝාතනයන්ද සාධාරණ බව හගවයි. එපමණක්ද නොව 1988-1989 වකවානුවේදී යම් හෙයකින්, රෝහණ විජේවීරයන්, ගමනායකයන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ මෙරට බලය ලබා ගත්තේ නම්, රුසියාවේ ජෝෂප් ස්ටැලින් සහෝදරයා මෙන්මද, චීනයේ මාවෝ සේතුං සහෝදරයා මෙන්මද, උතුරු කොරියාවේ කිම් ඉල් සුං සහෝදරයා මෙන්මද, වියට්නාමයේ හෝචිමින් සහෝදරයා මෙන්මද, කියුබාවේ ෆිදෙල් කස්ත්රෝ සහෝදරයා මෙන්මද, මෙරට දිගු කාලීනව පාලනයක් ගෙන යාමට ඉඩතිබූ බැවින් බටලන්ද වදකාගාරය මෙහෙයවූ විජේවීර සහෝදරයා ඇතුළු මෙරට දේශප්රේමීන් ඝාතනය කල ඇමරිකන් හිතවාදී රනිල්ලා.කර ඇත්තේද ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ මෙහෙයවුමකි. එපමනක්ද නොව එදා 1988-1989 වකවානුවේදී රජයේ ඉදිරිපෙල සටන් මෙහෙය වන්නෙකු වූ සරත් ෆොන්සේකා මහතාද එදා ජනතා විමුක්ති පෙරමුණු සොහොයුරන්ට එරෙහිව සටන් කර එය විනාශ දැමීමද කර ඇත්තේද ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීම උදෙසාමය. එපමණක්ද නොව, ජනතා විමුක්ති පෙරමුණේ සියළුම නායකයින් ඝාතකාගාර බලට දක්කා, එක නායකයකු පමණක් දිවි ගලවා ගෙන ප්රජාතන්ත්රවාදී මහා බ්රිතාන්යයට පලා යන්නේද, මෙරට ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමටය. එපමණක්ද නොව එම පලාගිය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ විට නැවත මේ බිමට එන්නේද,සමාජවාදය කරා ගමන් කරන ජනතා විමුක්ති පෙරමුණ, ප්රජාතන්ත්රවාදය කරා මෙහෙය වීමටය, මේ වනවිට එය ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය බවට සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වය යටතේ ඇමරිකානු හා ප්රංශ ප්රජාතන්ත්රවාදය සොයා දුවන ගල් කෝච්චියක් වී ඇත. අපි සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිමු.

මේ රට සුදු අධිරාජ්යවාදීන්ට යටත්ව, ජාතික නිදහස් සටන අරාජිකව පැවති අවධියක, මේ රටට ජාතික නායකයකුගේ අවශ්යතාවය කියා පෑ කුන්කුණාවේ පොඩි හාමුදුරුවෝ එදා කිවූ

අනේ කුහුඹුන්නේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැහැ ඉන්නේ
නිසායෙනි අප තැවෙන්නේ

රජෙක් ලැබුනෝතින්
කැවුම් කිරිබත් කන්නන්
පෙරහැර කරන්නන්
සාදුකාරෙන් ගිගුම් දෙන්නම්

යන කවි වලින් ප්රකාශ කල ජාතික අවශ්යතාවය වසර එකසිය ගනනකට පසු, අදුරු යුගය, සහේලීගේ,
ආයුබෝවේවා! මහරජාණෙනිගීතයත් සමග නිමාවට පත්විය.

අපි කැවුම් කිරිබත් කෑවෙමු. පෙරහැර කෙරුවෙමු. සාදු කරයෙන් අහස් තලය පුරා හඩ පැතුරුවෙමු. සහේලී, මහා ආත්මාභිමානයකින්, “ආයුබෝවේවා! මහරජාණෙනියයි මුදාහල නාදය අහස් ගග සිසාරා විශ්වය පුරා ගමන් කරමින් සිටී. ඇය ආයුබෝවේවා යයි හඩගා කීවේ මහා රජාණන්ටය. රාජකීය භාවයට ජනතාව නැවත නැවතත් බලය පවරා ඇත. අපත් පෙල ගැසීආයුබෝවේවා! මහරජාණෙනියයි අශිර්වාද කරමු. අපි ඔහුගෙන් මෙරට තුල කිසිදා නොතිබූ ආකාරයේ සර්ව සාධාරණ රාජ්යයක් බලා පොරොත්තු වෙමු. සර්ව සාධාරණ රාජ්යයක් ගොඩනැංවීමේදී, ප්රභාකරන්ලා මෙන්ම, හා සමාන වූ සියලුම පිල්ලි විනාශ කලයුතු බව අප හඩගා කියමු. එය ඓතිහාසිකව ජෝෂප් ස්ටාලින් සහෝදරයා එදා රුසියාව තුල සිදුකල ආකාරයටමද, චීනයේ එදා සිදුකල ආකාරයටම එය සිදුවිය යුතුය. හරහා මේ රට කියුබාව මෙන්වූ, උතුරු කොරියාව මෙන්වූ චීනය මෙන්වූ හා මැලේසියාව මෙන්වූ රාජ්යයක් බවට ශ්රී ලංකාව පත්කල හැක. සදහා ජනතාව පෙලගැස්ස විය හැකි යාන්ත්රණයක් ගොඩනංවන මෙන් අප ශ්රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. එවිට මෙරට සිටින සියළුම දේශප්රේමීන්ට ඉදිරියටවිත් මේ රට සැබෑ ලෙසම ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ මෙහෙවුමට දායක විය හැකිය. නව සැබෑ ජාතික නායකයකු මෙරටට බිහිවෙනතුරු වර්තමාන ජනාධිපතිතුමාට ආයුබෝවේවා!

චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි.

2 Responses to “වර්ෂ 2010 ජූනි මාසේ 17 වෙනිදා අප විසින් ලියා Lankaweb අඩවියේ පලකරන ලද ලිපිය වර්තමානයට වඩාත් ගැලෙපෙන බැවින් එය යලි මෙහි පල කරමු. ඒ මෙසේය. ප්‍රජාතන්ත්‍රවාදයට කොන්දේසියක්”

  1. AnuD Says:

    I don’t think either the Executive presidency or the number of times that a president govern are issues unless the president is a true leader and he is doing something good.

    See what is happening. Understand what is going behind mega projects. Who is getting rich. See how the political stability is achieved. that is just offering so many minister portfolios to every one who jumps the side.

    See, the country is governed. So many thugs, criminals, drug lords who are earning money to contest the next election.

    Now, finally he is preparing to show the middle finger to Buddhists by brining Pope here, By investing in a Catholic University. that is not secondary to sending all the women to get pregnant in the middle east or brining all the tourists to gambling and male and child prostitution in Sri lanka.

  2. Nanda Says:

    This naked king must go now, before doing more damage. ‘නව සැබෑ ජාතික නායකයකු මෙරටට බිහිවෙනතුරු .. ‘ there are so many leaders like this one.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress