සුබ්‍රමනියම් ස්වාමි දෙවියනි, ලංකාවටත් වඩිණු මැනව!
Posted on October 11th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

ජයලලිතාගේ ප්‍රාර්‌ථනාව

    ජයලලිතාව හොරකම් වලට හිරේ දැම්මාට 62 ක් දෙනා ජීවිත නසා ගෙන හෝ හෘදයාභාධ සැදී මළේය. ලක්‍ෂ ගණන් මෝඩ දෙමල ජනයා ටැමිල්නාඩ් වල සිටීම පුදුම වීමට කරුණක් නොවේ. පුදුම වීමට කරුණ නම් ලංකාවේ ඉපදුනා නම් කොච්චර හොඳදැයි දැන්වත් ජයලලිතාට වැටහී නැතිවීමය. තවත් හංගාගත් ධනය තිබේ නම් ඒ ටික සමඟ ලංකාවට එන්නට වුවද පුළුවන් නැද්ද? සුබ්‍රමනියම් ස්වාමි ජයලලිතා හොර අම්මණ්ඩිව හිරේට යැවුවා පමණක් නොව සෝනියා ගාන්ධ් හා ඇගේ පුතාවත් හිරේ දාන්නට පියවර ගනිමින් සිටී. මෝඩ දෙමල ජනයා ලවා උසාවි වලට බලපෑම් කරන්නට ජයලලිතාගේ චැක් ගෝල අළුත් මහ ඇමතියාව නිහඬ කිරීමටද සුබ්‍රමනියම් ස්වාමිට හැකි විය. ඉන්දියන් ව්‍යවස්ථාවේ 246 යටතේ මහ ඇමතියාට අනතුරු ඇඟවීමක් යවන ලෙස හෝ නැත්නම් 256 යටතේ ටැමිල්නාඩ් ආණ්ඩුව තහනම් කර, එය මධ්‍යම රජයේ පාලනය යටතට ගන්නා ලෙස සුබ්‍රමනියම් ස්වාමි යෝජනා කල සැණෙන්ම ටැමිල්නාඩ් වල ජයලලිතා පිස්සුව වාෂ්පවී ගියේය.

    මෙම සුබ්‍රමනියම් ස්වාමි නමැති දෙවියාට, කතරගම හෝ දැඩිමුණ්ඩ දෙවියන්ට හෝ කාලිම්මාට හෝ මෙන් ලංකාවටත් වඩින ලෙස අඩු තරමින් පොල් ගහන්න වත් කෙනෙක් ලංකාවේ නැද්ද? රටින් පිට සිට මා එසේ සිතන්නේ මගේ මෝඩකම නිසාම බව ස්වාමිත්, අනිත් දෙවිවරුත්, හූනියම් දෙවියොත්, ලංකාවේ මහජනයාත් දන්නවා ද විය හැකිය. ඊට හේතුව ලංකාවේ වෙන සෙල්ලම් වලට දෙවිවරුන් පවා බයේ දුවන නිසා විය යුතුය. මේ විකාර අදහස් මගේ සිතට ආවේ ලංකාවේ හාල් මැස්සන් හා මෝරුන් ගැන ජේ වී පී එකේ අනුර කුමාරගේ කතාවක් යූ ටියුබ් එකේ ඊයේ දැක්කාට පසුවය. මීට කලකට පෙරද මා එවැන්නක් දැක්කත් ඒ ජයලලිතා හිරේ යන්නට පෙරය.

    අනුර කුමාර දිසානායක කියන කතාව මෙසේය. මහින්‌දානන්‌ද අළුත්ගමගේ බිරිඳගෙන් දික්කසාදවීමට කඩුවෙල උසාවියේ නඩුවක් දැම්මේය. ඔහු තමාගේ බෙල්ල දෙපාරක්ම කඩා ඇති නිසා දැනටමත් වෙනම ජීවත්‌වන ඇය ඊට එකගවිය. නමුත් ඇය වන්දියක් (ලක්‍ෂ පන්‌දාහක්) හා මාසිකව නඩත්තුවට ලක්‍ෂ පනහ බැගින් ද ඉල්ලා සිටියේය. තමා දැනටමත් මසෙකට ලක්‍ෂ 12 ක් දෙන බව ඔහු කීවේය. මෙතරම් මුදලක් දෙන්නේ කොහොමදැයි නඩුකාරයා ඇසූවිට විවාහක බිරිඳ සැමියාගේ සියළු වත්කම් පිළිඹඳව විස්තර එලිදරව් කලේය. පුරුෂයාගේ සමහර ලිංගික රහස් පවා ස්ත්‍රිය එලිකරන්නේ දික්කසාද නඩු පාරට වැටුන විටය.                                                         
    1988ටේ දී මන්ත්‍රී වීමට පෙර මහින්‌දානන්‌ද ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් වශයෙන් මසකට රුපියල් 1,250ක පඩියකුත්, කසාද බැන්ඳ ස්ත්‍රිය කුලියාපිටියේ සිංගර් කොම්පැනියේ මසකට රුපියල් 250ක පඩියකුත් ගත්තේය. ඔහු අඩුතරමින් ඕ ලෙවල් වත් පාස් වී නැත! නුවර හා කොළඹ පුරාම ඔහුගේ දේපල ඇත. කටුනායක ගුවන් තොටුපලේ ඩියුටි ෆ්රී කඩ ද ඇත. මැලිබන් මුදලාලි ඉස්කෝලෙකට ගියේවත් නැත. නමුත් ඔහු ධනවත් වූයේ අතිශය වශයෙන් දුක් ගැහැට විඳිමින් ය.

    මෙහිදී මතුවන ප්‍රශ්නයක් නම් මේ මහින්‌දානන්‌ද මේ ආකාරයට එකතු කරගත් දේපල නීත්‍යානුකූලව, සාධාරණ ලෙස එකතු කර ගත්තාද ඒවා ඔහුගේ ටැක්ස් කොලවල ලියා ඇද්ද යන්නය. එසේ ලිව්වා නම් එවැනි ධනය ගැන විමසීමක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කලාද යන්නත් මෙහිදී වැදගත් ය. අල්ලස් හා දූෂණ කොමිසමට මෙවැනි කේස් එකක් යොමු කිරීම නිලධාරීන්ගේ වගකීමක් නොවේ ද?

    අල්ලස් කොමසාරිසුත් පගා ගත්තාය කියා අසුවන එකම රට ලංකාව විය හැකිය. වික්‍රමනායක නම් අල්ලස් කොමසාරිස් කෙනෙක් එසේ වැරදිකරු වූ අතීත අවසථාවක් මෙහිදී මට මතක් වේ. බාලපටබැඳි නම වත්මන් කොමසාරිස්ට විරුද්ධව ජේ වී පී එකෙන් බරපතල චෝදනාවක් එල්ලවී ඇතත් හැමෝම ෂේප් වීමට හදන බව පෙනේ. මෙවැනි පසුබිමක් යටතේ මහජනයා හා මුළු රටම අසරණවී ඇති බව පෙනේ. මෙවැනි හොරුන් නිසා තමන්ට රටවැසියන් වශයෙන් හානියක් වී ඇතැයි කියා මනව හිමිකම් කවුන්සිලයට හෝ ඉන්දියාවේ දී මෙන් සුප්‍රිම් කෝට් එකට පෙත්සමක් යැවීමට ඉඩක් තිබේද?

කරවල කුමාරයා

    අනුර කුමාරගේ ඉහත කතාවේදී මෝරුන් ගැන කියන විට මට මතක් වූයේ යූ එන් පී කාරයින් ඒ කාලයේ ටී බී ඉලංගරත්න මහතාට කරවල කුමාරයා යයි නමක් පටබැඳීමය. සතොස ඇතිකරපු කාලයේ ඒ මඟින් කරෝල රටට ගෙන්වීමට අදාලව ඔහු බලපත්‍ර දීමට පගා ගත්තාය යන ප්‍රචාරයය. 1970 ගණන්වල සිට ආ මේ කතාව බොරුවක් බව මට ඒත්තුගියේ 2012 වසරේ මා ලංකාවට ගිය විට ඉලංගරත්න මහතාගේ ජීවිතය ගැන ඉතාමත් ලඟින් දැන සිටි 75ස් හැවිරිදි කෙනෙකු ගෙනි. පගා මරුවෙක් නොව ඉතා ධාර්මික ලෙස ජීවත්වී දුප්පත් මිනිසෙකු ලෙස ඉලංගරත්න මහතා මිය ගියේය. සමහර විට එතුමාගේ ගෝලයින් එතුමාටත් හොරෙන් පගා ගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ කාලයේ පගා ගැනීම් ගැන උග්‍ර යූ එන් පී කාන්තාවක් මට කිව්වේ රනිල් හොඳයි, ඔහු වටේ ඉන්නා අය පගා ගන්නවා ඇති කියාය.

    අනුර කුමාර බැසිල් රාජපක්‍ෂ මෝරෙක් ලෙස ඉඟිකලේ දැන් සීනී ඇමතිව ඉන්නා ලක්‍ෂ්‌මන් සෙනෙවිරත්න විසින් බැසිල් මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අවස්ථාවේ මිස්ටර් ෆව් පර්සන්ට් යන ප්ලැකාඩ් එකක් පාර්ලිමේන්තුව ඇතුලේම ඔසවා ගෙන සිටි බව පවසමිනි. බැසිල් පගා කාරයෙක්ද, කොමිස් කාරයෙක්ද යන්න කරවල කුමාරයා වගේ කතාවක් වීමටද පුළුවන් වන්නේ එදා පෝස්ටර් ඉස්සු මිනිහා අද සීනි ඇමතිවී සිටින නිසාය.

    සාධාරණ, යුක්තිගරුක සමාජයක සිදුවිය යුතු දෙයක් නම් යම් ඉතා පැහැදිලි නීති කඩකිරීමක් සිදුවී ඇත්දැයි කරුණු එලියට ආ විට ඒ ගැන රාජ්‍ය ආයතනයක් විසින් ස්වාධීන පරීක්‍ෂණයක් කිරීමය. මෙම මහින්‌දානන්‌ද කතාව මෙන්ම මේ දැන් එලිවෙන සජින් වාස් ගුණ්වර්‍ධන නාටකයද හොඳ උදාහරණ දෙකකි. ඕ ලෙවල් වත් පාස් නැති සජින් ජී එල් පීරිස් පඹයෙක් කර විදේශ ප්‍රතිපත්තිය ගෙන යෑම වෙනම කතාවකි. ඔහු විසින් සල්ලි, දේපල, කොමිස් පැත්තෙන් කර ඇති දැන් එලිවෙමින් පවතින වික්‍රම ක්‍රියා පරීක්‍ෂණයකට ලක්විය යුතුය. චෞර රැජින පොතේ චන්ද්‍රිකාගේ හොර කෙතරම් ලියා තිබෙනවාද? රට කොච්චර විහිළු රටක් වී ඇද්ද කිව්වොත් දූෂණ වල විරුද්ධව දැන් කතා කරන ලීඩර් චන්ද්‍රිකා ය!

කිසා ගෝතමී ටෙස්ට් එක

    අනිත් පැත්තෙන් බලනවිට මේ රට සූරා කන කොල හා නිල් පක්‍ෂ දෙක කරගෙන යන්නේ ලොකුම ප්‍රෝඩාවක් නොවේද? හොරෙක් නොවන දේශපාලකයින් කීදෙනෙක් ලංකාවේ ඉන්නවාද? චන්ද්‍රිකාගේ හොර වාසුදේව නානායක්කාර පෙන්වා දුන්නත් එයින් වැරදි කරුවෙක් වූ පී බී ජයසුන්දර අද ලංකාවේ නිලනොලත් රජෙක් වගේය. තවත් වංචා සැකකාරයෙක් වූ රවි කරුණානායක නිදැල්ලේ හැසිරේ. රනිල් ගේ කාලයේ සුනේත්‍රා බණ්ඩාරනායකගේ බැංකු සේප්පුව අරින්නට රනිල් ඉඩ දුන්නේ නැත. චන්ද්‍රිකාගේ හොර අක්කාගේ බැංකු සේප්පුවේ සඟවා ඇතැයි සැකයක් විය.

    නෙවිල් ජයවීර සර් ජෝන් කිව්වාය කියා ලිව්වේ සිංහල මරික්කාර් තැපැල් ඇමති උප තැපැල් තනතුරු දීමට, ඒ සඳහා ඉල්ලුම් කල ස්ත්‍රීන් හා නිදාගත් බවය. මේ පගා වැඩ මිනිසා ගේ ලේවල කොටසකි. 1860 ගනන් වල ඇමෙරිකන් සිවිල් යුද්ධ කාලයේ කෙතරම් හොරකම් හමුදාවට සම්බන්ධව සිදුවූවාද යත් පසු කලක ලංකාවට ආ කර්නල් ඕල්කොට් ව ඒ සඳහා විමසීමට ලින්කන් ජනාධිපති විසින් පත් කරන ලදී. විස්ල්බ්ලෝවර්ස් ලෝ කියා රජයේ හෝ අනිත් ආයතනවල සිදුවන දූෂණ ගැන ඔත්තු දීමේ නීතියක් ඇමෙරිකාවේ අද තිබෙන්නේ ඕල්කොට් කල නිර්දේශ මත ඒ කාලයේ පැනවූ නීතිය නිසාය. පාකියසෝති සරවනමුත්තුගේ සෙන්ටර් ෆෝ පොලිසි ඕල්ටර්නේටිව්ස් යන එන් ජී ඕ එක කර ඇති වංචා ගැන ලිපියක් 2014 ඔක්තෝබර් 10 කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පලවිය. ඩබල් බිලින්, ට්‍රෙබල් බිලින් (එකම දේට කීප වරක්ම බිල් යැවීම) රජා කියා පාකියසෝතිව නම් කල හැකි තරම් ය.

    ලංකාවේ දුෂ්ට පාලකයින් අක්කර් දහස් ගණනක් රජයට (එම නීතිය ගෙනාවේත් ඇගේ රජය ය) දුන් මිසිස් බී අක්කර හතරක් වංචා කලා කියා ඇයට දඬුවම් කලේය. සර් ඔලිවර් නම් විනිමය වංචාකල හොරාට ජේ ආර් සමාව දුන්නේය. මෙසේ දේශපාලකයින් හොරකම් කිරීම හැමදාමවගේ තිබුණත් දැන් එය ව්සංගතයක් සේ පැතිරී ඇත. ඉතා දුගී මවකට පවා ලමයාව කබල් පාසැලට දාගන්නට වුනත් පගාවක් (රුපියල් 20,000-50,000) දීමට සිදුවූ සිද්ධි මම දනිමි. මේකද නිදහස් අධ්‍යාපනය ය කියන කයිවාරුව? නොමිලේ සෞඛ්‍ය සේවය ලු. නමුත් බේත ලියා දුන් විට ගන්නට පාර්‍මසියට දෙන්න ජනයාට සල්ලි නැත. පුද්ගලික රෝහල වල ඉන්නේ මුස්ලිම් ලෙඩ්ඩු ය. මනුෂත් දෙරණ පෝලිම් දික්වේ.

    පොලිස්කාරයා ගන්නා පගා හා වෙනත් සුළු දූෂණ මෙසේ ඉහලින් සිදුවන දූෂණ හා ඒ දූෂණ ගැන රටේ පාලකයින් හා බලධාරීන් නිහඬව සිටීමේ ප්‍රතිපලය. නිල් කොල පක්‍ෂ කාරයින් මේවා විසඳන්නේ නැත. ජේ වී පී එකට දෑකැත්ත හා මිටිය බදාගෙන ඉන්නා තාක් වාසුදේව ට තිබෙනවාට වඩා බලයක් ලැබෙන්නේ නැත.

    මේ නිසා දැන් රටේ විශාල බලවේගයක් වී සිටිනා බොදු බල සේනාව රටේ නම සිංහලේ කියා වෙනස් කරන්නට යනවා වගේම හෝ ඊට වඩා අවධානයක් මේ රටේ ජනයාට යුක්තිය, බඩගින්න, ලෙඩරෝග, ලම්‍යින්ට පාසැල්, ගමනා ගමනය, කුණු කසල, ගංවතුර, නාය යෑම්, පරිසර දූෂණය යන කාරණා ගැනද යොමු කල යුතුය. මහජනයා විසින් නම කන්නද, කොඩිය කන්නද කියා අසන තැනකට බොදු බල සේනාව ද වැටීමට ඉඩ ඇත. රටේ මහජනයාට මේ නිල්-කොල කාරයින්ගෙන් වෙන විනාශය ප්‍රචාරක ආයුධයක් කර නොගත්තොත් නිල්, කොල හා රතු අයත් බොදු බල සේනාවට විරුද්ධව යොදාගන්නේ ජේ ආර් ඒ කාලයේ ඇසුවා වගේ “ඉතිහාසය කන්න පුළුවන් ද?” කියන කතාවය.

13 Responses to “සුබ්‍රමනියම් ස්වාමි දෙවියනි, ලංකාවටත් වඩිණු මැනව!”

  1. NeelaMahaYoda Says:

    මහින්දානන්ඩගෙ ගෑහිලි මොනවද රාජපෞලෙ ගෑහිලිනෙ නියම.යන්නෙ කෙලිම්ම පිටරට බෑන්කුවලට.හොයන්ඩම බෑ.
    https://www.youtube.com/watch?v=8rV93WihibE
    මහින්දානන්ද ඇමතිගේ දේපළ වලට අනුව බිරිද, දික්කසාදයේදී ලක්ෂ 5000ක වන්දියක් හා මාසෙකට ලක්ෂ 50ක් නඩත්තු ඉල්ලයි. මෙය සාධාරණීයකරණය කිරීමට ඇය කඩුවෙල උසාවියට මහින්දානන්දගේ වත්කම් හා ආදායම් ඉදිරිපත් කර ඇත. තමා දැනටත් බිරිදට මසකට ලක්ෂ 12ක් දෙනබව ඇමති මහින්දානන්ද විනිසුරුට පවසයි. මේ රටේ කරන දූෂණ වංචා වලට අනුව මහින්දානන්ද කියන්නේ හාල්මැස්සෙකුටලු. සම්පූර්ණ කතාවම අහන්නකෝ.
    https://www.youtube.com/watch?v=-cZnO8PX0o4
    VP Latest Anura kumara vs Namal rajapaksha 2014
    https://www.youtube.com/watch?v=sSFom5Sp4_U
    Katuka sathya – කටුක සත්‍ය ( anura kumara dissanayake )
    https://www.youtube.com/watch?v=8cqFLXnB1l8
    ….ආණ්ඩුව හෙල්ලූ අනුරගේ අලුත්ම කතාව….Anura Dissanayake parliament Speech 2014 06 17

  2. Nanda Says:

    There is no need to comment in Sinhala just because one Gon Raj. It is beneficial to let people know in English as well ( there are few patriotic Tamils too).

    Unlike TM Elangaratne story, Anura’s claim is taken from court system and is 100% true.
    We don’t have to care about his JVP leadership to talk about Daylight Robbery of politicians.

    How can a Sir Lankan woman is paid $10,000 per month maintenance by a junior government minister ?
    This is the questions that people like Ananda USA , Charles Perera ( if they too are not paid ) should ask them selves , before committing 100% unconditionally ( as the imply by their statements).

    In my view time has come for a good man or woman to take over form these great sinners who using the innocence of Sinhala people to completely destroy Sinhale for ever. These buggers are the worst in out whole history.

  3. callistus Says:

    මට නම් පේන්නෙ මෙතන මංගල උන්නැහෙගෙ කට්ටිය අරක්ගන කියලයි.

  4. Lorenzo Says:

    என்பது உண்மைதான்.

    அனைத்து மங்கள !

  5. Nanda Says:

    ඇත්තමයි. අපේ රටට අවමංගල​.
    However, there is no Sutta called Avamangala sutta. But there is Parabhava Sutta. It is good to revisit these Suttas.

    This is direct from Buddha. Not my ideas. See for yourself how many of these are applicable to the concerned.

    1. The wicked are dear to him, with the virtuous he finds no delight, he prefers
    the creed of the wicked – this is a cause of one‟s downfall.

    2 Being fond of sleep, fond of company, indolent, lazy and irritable – this is a
    cause of one’s downfall.

    3. Though being well-to-do, not to support father and mother who are old and
    past their youth – this is a cause of one’s downfall.

    4. To deceive by falsehood a brahman or ascetic or any other mendicant – this is
    a cause of one’s downfall.

    5. To have much wealth and ample gold and food, but to enjoy one’s luxuries
    alone – this is a cause of one’s downfall.

    6. To be proud of birth, of wealth or clan, and to despise one’s own kinsmen –
    this is a cause of one’s downfall.

    7. To be a rake, a drunkard, a gambler and to squander all one earns – this is a
    cause of one’s downfall.

    8. Not to be contented with one’s own wife, and to be seen with harlots and the
    wives of others – this is a cause of one’s downfall.

    9. Being past one’s youth, to take a young wife and to be unable to sleep for
    jealousy of her – this is a cause of one’s downfall.

    10. To place in authority a woman given to drink and squandering, or a man of a
    like behaviour – this is a cause of one’s downfall.

    11. To be of noble birth, with vast ambition and of slender means, and to crave
    for rulership – this is a cause of one’s downfall.

  6. Ananda-USA Says:

    Callistus,

    You are correct; AvaMangala’s cohorts have invaded LankWeb in force!

    These Presidental Election Gundus will INCREASE IN INTENSITY as Sri Lanka’s Presidential Election draws near.

    But, the result will be same as before: the majority of the people of Sri Lanka will not be FOOLED, and President Mahinda Rajapaksa will be RE-ELECTED by a LANDSLIDE!

    What a waste of human effort all this slinging of mud at the President and the UPFA!

  7. Nanda Says:

    Maa-hinda may still win in a thin margin but he will have to the support of some Rata-hinda gentlemen with certain conditions attached. He will not be allowed to do more damage to Sinhale since then.
    Reduction of his margin has become imperative, otherwise he will become another RUinil or even worse.

  8. Lorenzo Says:

    A proposal has been made in the Northern provincial council by Member M.K. Shivagilingam to evacuate the army from the North and they say with them all buddha statues too would be sent out of the North.

    This proposal has been seconded at a meeting in the Northern provincial council.

    This is bloody racist and violates article 9 of the constitution. Govt. should immediately dissolve this racist anti-Buddhist apartheid NPC.

    Buddhism is not about statues but they are a part of the Buddhist culture. IF Buddha statues go from the north, clay penises, vaginas and other worship objects of Hindus may also leave the south as worshiping them in the 21st century is uncivilized to say the least.

  9. NeelaMahaYoda Says:

    See the latest News; Hela Urumaya says they will not support MR in the forthcoming presidential elections. MR will definitely not be able to get the majority votes if Hela Urumaya and BBS go against him.

  10. Raj Says:

    Ananda – Usa,
    Well well well, now you see who pose as Sinhala patriots here are. This man/woman is now posting in Tamil, and the other one understands it. These are LTTEers or at best traitors in Mangala’s patcha balakaya.

  11. Lorenzo Says:

    Raj,

    I stand for a SINHELA BUDDHIST UNITARY SL.

    Therefore, I cannot possibly be a LTTEer or a traitor. My Tamil is rusty now and yes I cannot read through long Sinhala articles.

    I’m sorry if an unruly group of EPDP cadres harassed you 6 years ago. It is CONDEMNED and I think it does not reflect the orders from the top.

  12. Lorenzo Says:

    “MR will definitely not be able to get the majority votes if Hela Urumaya and BBS go against him.”

    AGREE.

    JHU should demand a STOP to animal sacrifice, mosque breeding, unethical conversions and corruption.

    BBS should slowly take up the corruption issue as well. It is popular as a radical group OUTSIDE the political system. So it can do it.

  13. Nanda Says:

    Finally MR distributing deeds to Sinhalese in the North ? – Well done Sir, we are with you.

    Oct 11, Colombo: Sri Lankan President Mahinda Rajapaksa will present land deeds to 20,000 people in the war-ravaged Northern Province.
    The ceremonial presentation will take place under the patronage of the President on Sunday at the Kilinochchi Central College grounds.
    The people of the North who lost their lands due to the terrorist activities will be given their lands again under a programme to implement the recommendations made by the Lessons Learnt and Reconciliation Commission (LLRC), the government said.
    According to a communiqué from the Chief Minister of Northern Province AC. V. Wigneswaran, 3,886 persons in Kilinochchi district will receive land deeds from the President. Another 3,642 persons from Mullaitivu district, 7,202 from Mannar, 4,228 from Vavuniya and 1,001 from Jaffna will also receive land deeds

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress