කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (5)
Posted on October 16th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

බෞද්ධ-හින්දු මිත්‍රත්‌වය

(මෙම රචනා මාලාවේ දැනට ලියමින් පවතින අංක 3 හා 4 ප්‍රමාද කිරීමට සිදුවූයේ කළුසුද්දන්ගේ හැසිරීම පිලිඹඳව ඉතාමත් කාලෝචිත උදාහරණ කීපයක්ම පසුගිය දිනවල එලිදරව්වීම නිසා ඒ ගැන මගේ අදහස් දැක්වීම සුදුසු යයි මට සිතුන නිසාය)
 
    ලංකාවේ පන්සල් වතු වල වන්‌දනීය (පූජණීය) බිමෙන් (සේක්‍රඩ් ස්පේස්) සියේට 20-30 අතර ප්‍රමාණයක් වෙන්වී ඇත්තේ හින්දු දෙවි දේවතා වන්ටය. බුද්ධාගමේ ඇති නම්‍යතාවය (ෆ්ලෙක්සිබිලිටි) හා සාධාරණත්‌වය (රීසනබල්නස්) නිසා එය පැතිරුණු ප්‍රදේශ වල සිරිත් විරිත්, ඇදහිලි ආදිය හා එහි වන්‌දනා මාන විධි වල මිශ්‍ර වීම් සිදුවිය. පව් කල අයට දෙවියන් ඉදිරියට ගොස් ඔහු අදහා ක්‍ෂමාව ලබා ගෙන මෝක්‍ෂයට යා හැකියයි කියන ආගම් මෙන් නොව චතුරාර්ය සත්‍යය හා ආර්ය අශ්ටාංගික මාර්‍ගය මත පදනම්වූ, මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරණ බෞද්ධ සමාජයකට මෙවැනි සහජීවනයක් (ඇකොමොඩේෂන්) ස්වභාවිකය. පොලොන්නරු යුගය වන විට සඳකඬපහනින් ගවයා ඉවත්කලේ මේ අන්නෝන්‍ය අවභොධය/සැලකීම/ හා ගරුකිරීම නිසාය (යාපනේ ක්‍රිස්තියානි පල්ලිවල පහත් කුලවල ජනයා එහි බිම හෝ බංකුවල ඉඳගන්නා අතර පල්ලි භූමියේ හින්දු දේව රූපයකට ඉඩක් නැත). එසේ නම් සිංහල බෞද්ධයින් හා දෙමල හින්දූන් අතර වෛරයක්, අසමඟියක්, 1920 ගණන්වල සිට ගොඩ නැඟුනේ කෙසේද?

    බොදු බල සේනාවේ කිරම විමලජෝති හාමුදුරුවන් මෙය විග්‍රහ කලේ සිංහල හා දෙමල (ක්‍රිස්තියානි) කළුසුද්දන් විසින් එය කල බවය. මෙම ක්‍රියාවලිය දැන්වත් තේරුම ගෙන, එය මෙතෙක් කරගෙන ආ වයසක, වංක, දේශපාලන පවුල් පන්තිය ඉවත් කර දැමීමට බෞද්ධ හා හින්දු ජනයා එකතු කිරීමට වැඩ පිලිවෙලක් අනුගමනය කිරීමට ප්‍රථම පියවර වශයෙන් හින්දු සම්මේලනය හා එක්ව 2014 ඔක්තෝබර් 22 දා සිට මාසයක් හින්දු-බෞද්ධ මිත්‍රත්‌ව මාසය සේ නම් කර කටයුතු ආරම්භ කිරීමට තීරණය කරන ලදී. මීට පෙර 1930ස් 40ස් ගණන් වලදී කළුකොඳයාවේ පඥාශේඛර මහනාහිමියන් ද ග්‍රාම සවර්‍ධනය හා අපරාධ මර්‍ධනය නමින් මෙවැනි ව්‍යාපාරයක්, තරුණ සහකාර පොලිස් අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වා මහතා, අක්බාර් නඩුකාරතුමා හා දෙමල ජනයා ද සමඟ ආරම්භ කලත් කොළඹ කළුසුද්දන් එය කඩාකප්පල් කර දැම්මේය. කළුසුද්දන් අල්ලාගෙන සිටි වෘත්තීය සමිති ව්‍යාපාරයට ද, බාලා තම්පෝ ගේ අභාවයත් සමඟම, හරියට කලින් සැලසුම් කලා වගේ, බොදු බල සේනාව ඇතුළු විය. විශ්ව විද්‍යාල වලට ද ලගදීම එය යනු නිසැකය. බොදු බල සේනාව කළුසුද්දන්ගේ වෛරයට හා ඊර්ෂ්‍යාවට ලක්වීම පුදුමයක්ද?

ක්‍රිස්තියානීන්ගේ ඊලම් ප්‍රෝඩාව

    මෙම බෞද්ධ-හින්දු මිත්‍රත්‌වය කාලෝචිත, දෛවෝපගත, හා ඓතිහාසික සන්ධිස්ථානයක් වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විසින් ඊලම් නමැති හිඟන්නාගේ තුවාලය නැවතත් ඔහුගේ ප්‍රොයෝජනයට යොදා ගන්නට හදන බව පෙනී යාම ය. බෞද්ධ-කතෝලික පල්ලිය අතර අළුතෙන් ලියලමින් පැවතුන ගැටුම, 1948 වන විට සිංහල-දෙමල භාෂා ගැටුමක් බවට පෙරලා බෞද්ධ-හින්දු සහජීවනයද පළුදු කිරීමට දෙමල ක්‍රිස්තියානී අතලොස්සකට හැකි විය. ලංකාවේ සිංහල බෞද්ධයින් විනාශ (ක්‍රිස්තියානි) කිරීමට 1505 සිට ක්‍රිස්තියානි සුද්දන් විසින් කරගෙන ගිය ව්‍යාපාරය, 1948ටේ සිට ක්‍රිස්තියානි කළුසුද්දන් විසින් සිය රාජකාරිය ලෙස භාර ගන්නා ලදී. 1962 කුමණ්ත්‍රනය එය එලියට මතුවූ එක් අවස්ථාවක් පමණය (ඇන්ග්ලිකන් ෆිලික්ස් ඩයස් එරෙහිව කතෝලික ජංගල් දිසානායක). මෙහි ශූක්‍ෂම කම තේරෙන්නේ කොළඹ ඉස්තරම්ම ආරක්‍ෂක තැනක දැන් තිබෙන වටිකන් තානාපති කාර්‍ය්‍යාලයෙන් නොවේ. 1948 සිට ලංකාවේ අගමැති, ජනාධිපති වූ හැමදෙනෙකුගේම (දහනායක, විජේතුංග හැර) ආසන්න පවුලේ හෝ ගෙදර හෝ නිදන කාමරයේ ක්‍රිස්තියානීන් සිට්‍යේ ය. ප්‍රේමදාස එසේ නොවුවත් දැන් ඔහුගේ වැන්ඳඹුව හා දුව ක්‍රිස්තියානිවී සිටී යයි කතාවක් පවතී.

    ලංකාවේ පෙඩරල් ඊලම් පක්‍ෂය ටැමිල්නාඩ් ක්‍රිස්තියානි ආගමික කොටස් එහි වෙනම රටක් සඳහා හින්දු බ්‍රාහ්මණ විරෝධී ව්‍යාපාරයක් ගෙන ගිය අයගේ ම ශඛාවක් විය. චෙල්වනායගම් ගේ සිට පෙඩරල් කාරයින් සියළු දෙනාම වාගේ ක්‍රිස්තියානී දෙමල අය විය. කතෝලික පල්ලිය ප්‍රමුඛ පල්ලි මුල සිටම පෙඩරල් ඉත්තන් වූයේ මේ නිසාය. අදවන විට කාඩිනල් එහි නැවත උපන් චෙල්වනායගම් වැනිය. මේ නිසා මේ සියළු කොටස් කළුසුද්දන් (ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කර, බටහිරට ගැති සංකර රටක් බවට එය පෙරලා ගැනීමට ක්‍රියා කරණ) යයි නම් කල හැකිය. මාක්ස්වාදයෙන් හා ක්‍රිස්තියානීකරණයෙන් සිදුවන්නේ මිනිසුන් බැටළු පැටියන් කිරීමය. ඉහලින් පොලිට් බියුරෝ එකෙන් හෝ ගමේ පල්ලියෙන්/කාඩිනල්ගෙන්/පෝප්ගෙන් එන ආඥා අකුරටම පිලිපැදීමය. කම් ඇන්ඩ් බිලිව් මිස කම් ඇන්ඩ් එක්සැමින් නොවේ. ලංකාවේ දැන් මේ අතරට ඉස්ලාම් ශාරියාව පාත්වී ඇත. ක්‍රිස්තියානි පල්ලිය අතරමංවී ඇත.
   
ධර්‍මපාල දොන් ජුවන් වීම-1551-97

    ලංකාවේ එකම කතෝලික රජු වූයේ කෝට්ටේ ධර්‍මපාලය. ඉන් පසුව පෘතුගීසි අගමැතිට, 1505 සිට අවුරුදු 500ක් යෑම සැමරීමට ලංකාවට එන ලෙස ආරාධනා කලේ රනිල් වික්‍රමසිංහය. ඊටත් වඩා ඉදිරියට යමින් පෝප්ට ලංකාවට එන ලෙස 2014 දී වටිකන් ගොස් අරාධනා කලේ, සිංහල බෞද්ධ චන්දය නිසා ජනාධිපතිවූ මහින්ද රාජපක්‍ෂය. වටිකන් අභිලාශය ආසියාවම හැකි ඉක්මණින් ක්‍රිස්තියානිකර ගැනීම නිසා, බෞද්ධ ජනාධිපති කෙනෙක් මේ කල දෙය බුදුහාමුදුරුවන් වත් අනුමත කරාවි යැයි මට සැකය. 1900 ට පසු කාලයේ කතෝලික පූජකවරු ඈත ගම් වල ප්‍රදේශා වල ක්‍රිස්තියානි අස්වැන්නක් (හාර්‍වස්ටින්/හන්ටින්) සොයා යන විට ඔවුන්ට නවාතැන් දුන්නා පමනක් නොව රෑට කෑම උයා දුන්නේද ගමේ පන්සල්වල හාමුදුරුවරුන් ය.

    ලෝකයේ කිසිම රටක මෙවැනි උදාහරණයක් මා අසා නැත. සර්‌වාගමික පූට්ටුවකට හා බහු-ජාතික සමයමකට අසුවී සිටින ජනාධිපති බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවන් මතක් කරදුන් ආකාරයට මහසෙන් රජු හෝ නැත්නම් මලයාලි ගුරුන්ට අසුවූ දෙවන රාජසිංහ රජු ගේ මානසික මට්ටමට වැටී ඇත්දැයි මිනිසුන් සැක කරයි. තමන් දෙන අවවාද ගණන් ගන්නේ නැතැයි මහානායක හිමිවරු ලතවන්නේත්, කාඩිනල්ගේ සඟවුන හස්තයක් ගැන භීතියක් ඇත්තේත් ජනාධිපති විසින් කරණ හා නොකරණ දේ නිසාය. දෙමල නිජ භූමියට කාඩිනල් කැමති රට කැඩීමෙන් බෞද්ධයින්ට වන අකරතැබ්බය නිසාය. කුරගල හා දෙවනගල ටැම්පිට විහාරයේ පුරා විද්‍යා කැණීම් ජනාධිපති විසින් නවත්වා තිබීම මාසයක් ඇතුලත ඉවත් කරන ලෙස සිංහල රාවය පෙත්සමක් යවා තිබීම මෙහිදී වැදගත් ය. සර්‍වාගමික හා බහු ජාතික පිස්සන් කළුසුද්දන් වර්‍ගයකි.

    රනිල් වික්‍රමසිංහ මේ අස්සේ හාමුදුරුවන් කීපදෙනෙක් සමග පින්තූර ගනිමින් සිටී. 1815 දී සිංහලේ රජුව සිටි වඩිග, දෙමල, බෞද්ධ, හින්දු කෲර ශ්‍රී වික්‍රම රාජසිංහව අල්ලාගත් අවස්ථාවේ එතැන, ජේ ආර් ගේත්, බණ්ඩාරනායකගේත් ක්‍රිස්තියානී මී මුත්තන් දෙන්නාම, සුද්දන්ගේ උදව්වට ගොස් සිටියේය. රනිල් ගේ ඩැඩී ක්‍රිස්තියානි මාක්ස්වාදියෙක් විය. ඩැඩීගේ අයියාවූ ක්‍රිස්තියානි පූජක වරයා චෙල්වනායගම් ගේ අවමඟුලේ දී කියා සිටියේ ඔහු දෙමල මෝසස් කියා ය. රනිල්ගේ කැබිනට් එකේ සියළුම බලවත් තනතුරු දුන්නේ ක්‍රිස්තියානීන්ටය. ජෝන් අමරතුංග පොලිස් ස්ථාන මිනි පල්ලි වගේ කලේය. ක්‍රිස්තියානි පූජකයින් පොලිසියේ පුටුවල ඉඳගෙන ගමේ හමුදුරුවරුන්ව ඔවුන් ඉදිරියට ගෙන්නා හිටගෙන ඉන්නට සැලැස්සුවේය. මිලේනියම් සිටි රහස් කොටි මර්‌ධන ඒකකය පොලිස් බල්ලන් භාර ඒකකයක් විසින් කඩා පැන එලිකිරීමෙන් රනිල් කලේ ජාති ද්‍රෝහී ක්‍රියාවකි. රනිල්ගේ පක්‍ෂයේ භාණ්ඩාගාරික ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් මූලධර්‍මවාදී අයථා පල්ලි 400ක් පමණ බාරව ඉන්නා එරින් වික්‍රමරත්න ය. ඊට අමතරව ඔහු රනිල් පත් කල ලැයිස්තු මන්ත්‍රී කෙනෙකි. මේ නිසා රනිල් පස්සේ යන හාමුදුරුවරු පල්ලි හෝ මුස්ලිම් නිකායේ අය හෝ සිහි විකලවූ අය හෝ විය යුතුය.

යාල්දේවී රත්තරන් පීලි උඩ යෑම

    යාල් දේවී නැවත යාම හොඳ දෙයකි. මෙය අළුතින්ම පාරක් හැදීමක් නොව සුද්දන් දාපු පාර නැවත ගොඩ නැගීමය. නමුත් දුම්‍රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීව සිටි, ඊට අදාල අමාත්‍යංශයේ ලේකම්ව සිටි හා මහින්ද චින්තනය ලිවීමට ද හවුල්වූ පුද්ගලයෙකුවූ, නියම සිංහලයෙක් වශයෙන් මා හොඳින් අඳුරණ ලලිතසිරි ගුණරුවන් මේ ලඟදී කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පෙන්වා දුන් අයුරු ඉන්දියන් රජයේ ණයෙන් ඉන්දියාව විසින් කර ඇති මේ පීලි දැමිල්ල ලංකාවේ ඉංජිනේරුවන් විසින් ඉන් තුනෙන් එකක හෝ භාගයක වියදමින් ඉදිකරන්නට සූදානම්ව සිට ඇත. සුපිරි පාරවල යන මිනිසුන් ඒ ගැන හිත හිතා යන ප්‍රශ්නය ගැන බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවන් කී කතාව, “මුන් මේවායින් කොතරම් පගා හා කොමිස් ගහන්නට ඇද්ද?”, මට මෙහිදී සිහිවේ.

සිංහල බෞද්ධයා ඊලමට උකස් කිරීම

    ටි. එන්. ඒ. එක හා දෙමල ඩයස්පොරාව ඊලම අතහරිනවා නම් තමා විධායක ජනාධිපතිධූරය අතහරිනවා නැත්නම් එම ක්‍රමය අහෝසි කරණවා යයි රාජපක්‍ෂ මහතා කල ප්‍රකාශය මීට පෙර ක්‍රිස්තියානි කළුසුදු පාලකයින් කලා වගේ සිංහලයා (බෞද්ධයින් හා දුප්පත් කතෝලිකයින්) උකස් කර චන්දය දිනාගන්නට කරණ උපක්‍රමයක් පමණය. ඊට හේතුව විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් නැතත් ඊලම් නවතින්නේ නැති වීමය. අළුත් ඊලම සටන බෝම්බවලින් කරන සටනක් නොව, පෑනෙන් හා පොතෙන් කරන සටනකි. මේ සටනේදී යලිත් හසලක වීරයින්ට හෝ සටන් බිමේ සිටි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් වගේ අයට තැනක් නැත. යුද්ධයෙන් දිනා ගන්නට බැරිවූ ඊලාම් සාමයෙන් ලබාගන්නට පාර කපා දුන්නේ ද රාජපක්‍ෂ ජනාධිපතිමය. “නොබෙදුන එක්සත් රට තුල [ඒකීය රට තුල නොව] උපරිම බලය බෙදීම ක්‍රමය යටතේ සහයෝගය දෙනවා” යනුවෙන් ගිරවෙක් මෙන් ක්‍රිස්තියානී ඒබ්‍රහම් සුමන්තිරන් කඩපාඩමෙන් කියන්නේ එය රට කඩන මන්ත්‍රය ජීවම් කරනවා වගේ නිසාය. “හව් ඩූ යු යුනයිට් බයි ඩිවයිඩින්” යන ප්‍රශ්නය “එක්සත්,” “ඒකීය” යන වචන දෙකේ වෙනසය.

    තිස් අවුරුදු යුද්ධයකට පසුව, පරාදයට පත්වූ මිනිසුන්ගේ සිත් දිනාගැනීම පාරවල් හා පාලම් හා ලයිට් දැමීමෙන් පමණක් නොව ඒ මිනිසුන්ගේ ජීවිතය, ශුභසාධනය හා යහජීවනය ශක්තිමත් කිරීමෙන් කල යුතු දෙයකි. එසේ කිරීමට අවුරුදු දහයක් වත් අවශ්‍යය. දෙමල ජනයා චන්දයක් ඉල්ලුවේ නැත. චන්දය ඉල්ලුවේ ටී එන් ඒ අතලොස්ස, වාසුදේව, බැන්කි මූන්, කාඩිනල්, රොබට් බ්ලෙක්, මන්මෝහන්සිං වැනි අයය. නමුත් සෝවාන් වූ දෙමල මිනිසෙක් හැරෙන විට වෙන ඕනෑම දෙමල කෙනෙක් තමන්ට වෙනම රටක් ලබා ගත හැකියැයි කවුරුන් හෝ කී විට ඊට විරුධව චන්දය දෙන්නේ නැත. ගිනිපුක් ගාය හැදුනා මෙන් කලින් චන්දයක් තිබීම රටේ දිවි නසා ගැනීමක් වන්නේ මේ නිසාය. අත්තනෝමතික ලෙස එම තීරණය ගැනීමෙන් ගෝටාභය හා සරත් ෆොන්සේකා කල පරිත්‍යාග දැන් උඩුකුරුවී ගොසින් ය. විග්නේශ්වරන් වැනි පිස්සු විකාරයක් වෙනුවට ඊලගට එන පිස්සු විකාරය 1960, 1970 කාලයේ මෙන් සත්‍යග්‍රහ ආදිය 2015 දී අරඹන්නේ රට බෙදීමේ ව්‍යාපාරයට හවුල් විදේශ බලවේග වල උදව්වද
ඇතිවය. රතුපස්වල වගේ සිද්ධියක් ඇතිවූ විට විධායක ජනාධිපති හිටියත් නැතත් වැඩක් නැත. මේ නිසා දැන් සිදුවන්නේ කකුළුවා දිය සැලියේ සිටීමක් පමණය. මීට කලින් ප්‍රේමදාස, මිසිස් චන්ද්‍රිකා, රනිල් වෙස්සන්තර වෙන්නට ගොස් සිරි සංඝබෝ වී කෙලවර විය.

ඊලම වළලා දැමීම හා ඊලම මරා දැමීම

    2010 මැයි 19දා ප්‍රභාකරන්ව මරා දැමීමත් සමඟ ඊලමද මරා දැමීම කලයුතුව තිබුණි. එය කිරීමට තාමත් ඉඩ ඇත. ලංකාව බෙදීම ඉන්දියාව කැබලි කිරීමේ ලෝක ක්‍රිස්තියානි ව්‍යාපාරය හා සම්බන්ධය. මහින්ද රාජපක්‍ෂ නම් පුද්ගලයාට හෝ ජනාධිපති ධූරයට හෝ මේ ව්‍යාපාරය නැවැත්වීමට නොහැකිය. එය නැවැත්විය හැක්කේ ලංකාව ඇතුලත දෙමල බෙදුම් වාදයට හිස එසවීමට ඇති ඉඩකඩ/අවස්ථා නැති කිරීමෙනි. එවැනි ව්‍යාපාරයක් ගෙන යාමට ඊලම් ටී එන් ඒ අතලොස්සට ඔක්සිජන් ලබා නොදී මෙනි. භාෂා වශයෙන් හෝ මුස්ලිම් වශයෙන් හෝ භූමි ඒකක ගැන සිතීමට ඇති ඉඩකඩ ඉවත් කල යුතුය. දෙමල ලමයි සිංහල හා සිංහල ලමයි දෙමල කතා කරන්නට දැනගත් විට ඊලම් බොරුව ඔවුන්ට එලිවේ. මේ නිසා සිංහල හා දෙමල භාෂා තුන්වන ශ්‍රේණියේ සිට සියළුම පාසැල්වලම අනිවාර්ය විෂය දෙකක් කල යුතුය. සිංහල භාෂාවට ලෝකයේ වෙන රටක් නැති නිසා එය සියේට 70ක් වන ලංකාවේ රාජ්‍ය භාෂාව කල යුතුය.

    13 වන සංශොධනයේ මූලාශ්‍රය වන රජිව්, ජේ ආර් ලවා අත්සන් කරවා ගත් ගිවිසුමේ ලංකාවේ උතුර හා නැඟෙනහිර පලාත් දෙමල නිජ බිම් ලෙස පිලිගෙන ඇති නිසා එම සංශොධනය අහෝසි කල යුතුය. මිට අමතරව, ලංකාව පලාත් නමයකට බෙදා ඇත්තේ සුද්දන් විසින් ඔවුන්ගේ වාසියට නිසා එම බෙදීම අහොසිකර, රටේ භූගෝල විද්‍යාවට හා පරිසර විද්‍යාවට (ඉකොලොජි) අනුකූලවන පරිදි රට ගංඟා නිම්න හතකට බෙදිය යුතුය. මේ නිම්න හත නම් යාල්පානම්, රජරට, දඹදෙණි, කැළණි, රෝහණ, මහවැලි හා දීඝවාපී ය. පලාත් සභා නමැති ක්‍රමය සුදු අලියෙක් පමණක් නොව වනචර ක්‍රමයකි. මේ ක්‍රමය ලංකාව වගේ කුඩා දූපතකට නුසුදුසු බලු ක්‍රමයකි. එය ලෝකයේ ලොකුම කැබිනට් එක තියෙනවා වගේම සෙප්පඩවිජ්ජාවකි. හරියට කියනවා නම් ගහපු පදයකුත් නැත, බෙරේ පළුවකුත් නැත වගේය.

වෙස්වලාගත් භාග්‍යය
   
    ජේ ආර් විසින් කල මෝඩ වැඩ බොහෝ වුවත් 1987දී රජිව්-ඩික්‍ෂිට් කොලයට අත්සන් කිරීම නිසා රට දෙකට නොකැඩී බේරුණේය. ඒ අවස්ථාවේ 13-ඒ අවශ්‍ය වුවත් එය මර උගුලක් බව පෙනී ගිය වහාම එය ඉවත් කල යුතුව තිබිණ. ජේ ආර් ගේ විධායක ජනාධිපති ක්‍රමයද මෙවැනි දෙයකි. එය නිසා ප්‍රභාකරන් නැතිකිරීමට හැකි විය. නැත්නම් මන්ත්‍රීන් පගා ගෙන එය බකල් කරන්නට ඉඩ තිබුණි. දැන් පවතින බලු චන්ද ක්‍රම ඉදිරියේ එය නැති කර අගමැති ක්‍රමයකට යෑම රටට අහිතකර බව මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට නොවැටහීම ප්‍රහේලිකාවකි. ගොන් මන්ත්‍රීලා කාව අගමැති කරයිද? චන්දය දීමට කෙතරම් මුදලක් ඉල්ලාවිද? මේ නිසා කලයුතුව ඇත්තේ කඩි මුඩියේ එම තනතුර නැති කිරීම නොව එහි ඇති කැත තටු කපා දැමීමය. එසේ කර රටට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මහජන මූලිකත්වයෙන් හිමින් සැරේ සාදා ගැනීමය.
   
සිවුරට බයවීම

    ලංකාවේ දේශපාලකයින් විසින් කරගෙන ගිය සිංහල බෞධයා ට හා දුප්පත් කතෝලික සිංහලයා ට හිත හොඳ ගෑණුන්ට සේ සැලකීමේ ක්‍රියාවලිය, ප්‍රසිද්ධ වේදිකාව ඉදිරියට ආවේ බොදු බල සේනාවේ ක්‍රියා කලාපය නිසාය. මේ නිසා ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයේ විශාල පෙරලියක් ඇති විය. ලංකාවේ අද සිදුවන ජරමර ගැන හිතන විට, ලංකාව කොට උඩ යමින් සිටින හැටි පෙනෙන විට, හැමදේම බකල් වෙමින් පවතින විට ඒවාට විසඳුමක් දී රට ගලවා ගැනීමට හැකි සිවුරු තුනක් මතුවී පෙනේ. ගලබොඩ අත්තේ ඥානසාර, අතුරැලියේ රතන හා මාදුළුවාවේ සෝභිත මෙම හාමුදුරුවරුන් තිදෙනාය.

    නෝත් ආණ්ඩුකාරයා සිවුරට බයවිය. බ්‍රවුන්‍රිග් සිවුරට බයවිය. ජපනා බෝම්බ දමන කාලයේ ලංකාවේ ආඥාදායකයාවු ලේටන් නම් සුද්දා හාමුදුරුවරුන් එකතුකර සිවුරු ඉවත්කර හිරකර තැබීමට අවශ්‍ය වේයයි හිතුවේ හාමුදුරුවරු ජපනාට උදව් කරාවිය කියා බයවීය. මේ සුද්දන්ට වඩා දැන් කාලයේ, අද, සිවුරට බයවී ඉන්නේ ලංකාවේ තානාපති සුද්දන්/සුද්දියන් හා කළුසුද්දන් රැලය. නිල්. කොල, රතු මෝඩ හා කට්ට දේශපාලකයින් හා එන් ජී ඕ නඩය. සමහරු (දිවයින පත්තරේ චන්ද්‍රප්‍රේම වැනි) සිවුරට ගල් ගසන්නැයි නොකියා කියයි. සමහරු සිවුර බළල් හස්තයක් කරගන්නට බලයි. ඇමරිකන් තානාපති සිසන් නෝනා, කුමාර් ඩේවිඩ්, මාක්ස්වාදී ජයම්පති වික්‍රමරත්න, ක්‍රිස්තියානි ජේ සී වැලිමුණ මේ කොටසට අයත් ය. මා කැනඩාවේ ඉගෙන ගන්නා කාලයේ ප්‍රභාකරන්ගේ මල්ලීය කියා ගත් කෙනෙක් මා සමඟ සිටියේය. ඔහු කිව්වේ යාපනයේ ඔවුන්ට තිබුණ ලොකුම උවදුර කහ සිවුරය කියාය. වෙසක් නිවාඩු දිනය යාපනේට වැඩක් නැති බවය. ඔහු කැනඩාවේදී ඉරිදාට පල්ලියට ගියේ ඔහු යාළු වීමට කැමැත්තෙන් සිටි ක්‍රිස්තියානි ගෑණු ළමයා නිසාද, නැත්නම් මාළු අල්ලන කුලයට අයත්වූ ඔවුන් හින්දූන් නොව ක්‍රස්තියානීන් වූ නිසාද කියා මම නොදනිමි.

    මේ නිසා මාදුළුවාවේ සෝභිත, අතුරැලියේ රතන යන හාමුදුරුවරුන් කල යුතු යූ එන් පී එකත්, රාජපක්‍ෂ රජයත් යන දෙකම අමතක කර තුන්වන බලවේගයක් ගොඩ නැඟීමය. මෙම බලවේගය බොදු බල සේනාව විසින් ගොඩනගන ලද බලවේගය ය. ඒ සඳහා එකතු කරගත යුතු කොටස් නම්, පරණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය (මිසිස් චන්ද්‍රිකාට පෙර තිබූ), කරු ජයසූරිය යූ එන් පී කොටස, ජාතික හෙල උරුමය, මහජන එක්සත් පෙරමුණ (දිනේෂ් ඇතිව හෝ නැතිව), විමල් වීරවංශ පක්‍ෂය, හින්දු ජන කොටස්, එනවා නම් සරත් ෆොන්සේකා, හා එනවා නම් ජේ වී පී එකද යන කොටස් ය. මෙවැනි බලවේගයක් 1956 වගේම ශක්තිමත් වනු නිසැකය. රණවිරු බලවේගය ඊට ලැබෙනු නිසැකය. අනාගත, එවැනි ආණ්ඩුවකට ගෝඨාභය රාජපක්‍ෂටද ආරාධනා කරන බව චන්ද රැස්වීම් වලදී ප්‍රකාශ කල යුතුය.

ඉතිහාසය අනුභව කල හැකිද?

    බොදු බල සේනාව මහ සඟ සමුළුවේදී ඉදිරිපත් කල යෝජනා සියල්ලම වාගේ සාධාරණ ය. සිංහලේ කියා නැවත රටේ නමට යෑම, 1815 කොඩිය ජාතික කොඩිය කිරීමේ සිට සමහර දේ ඉතා පහසුවෙන් ක්‍රියාවට නැගිය හැකි දේය. නමුත් අද ලංකාවේ තිබෙන්නේ ඉතා බරපතල සමාජ, ආර්ථික, සදාචාරමය ප්‍රශ්න වැලකි. මිනිසුන්ගේ මේ එදිනෙදා ජීවත්වීමේ ප්‍රශ්න වලට මුල් තැන නොදී මහජන සහයෝගය ලබා ගැනීම අසීරු වන්නේ නිල් කොල හා රතු පක්‍ෂ සිංහලේ කන්නද. කොඩිය කන්නද කියා වැසියන් නොමඟ යවන නිසාය.

    මේ නිසා ලංකාවේ මහජනයාට ගම් මට්ටමින් සෑහෙන බල ප්‍රමාණයක් පවරා දීම ඉතාමත් වැදගත් ය. 13 ඒ නැති කර, ප්‍රාදේශීය සභා ක්‍රමය නැති කර, චන්ද ක්‍රමය වෙනස් කරන අතර ඒ හිඩැස වැසීමට ග්‍රාම සේවා කොට්‌ඨාශ මට්ටමින් ජන සභා පිහිටු විය යුතුය. මේ ඒකකවල මායිම් පරිසරයට එකඟවන ආකාරයට නැවත බෙදා ඒවා ඉහතින් සඳහන් කල ගංඟා නිම්න හතට අනුබද්ධ කල යුතුය.

    මුළු රටේම අති විශාල වෙනසක් කලයුතුව ඇති අතර එයට මේ නිල් කොල රතු කළුසුද්දන් කැමත්තෙන් ඉඩක් දෙන්නේ නැත. උදාහරණයක් වශයෙන් දැන් බොහෝ සෙයින් පිරිහී ඇති ගුරු සේවය හෝ රජයේ කන්තෝරු සේවය, පුද්ගලික අංශයේ පාසැල් හෝ කාර්‍ය්‍යාලමෙන් කාර්යක්‍ෂම කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී චන්ද ක්‍රමය යටතේ කල හැකිද? තමන් ගැන තම පවුල, නෑදෑයින් ගැන නොව රට ගැන හිතන නායකයෙක් සිංග්ප්පූරුවේ හෝ මැලේසියාවේ හෝ දකුණු කොරියාවේ මෙන් ලංකාවේ ද බිහිකර ගත හැකිද? මිනිසුන් ලඟ තිබෙන තුවක්කු කැමැත්තෙන් රජයට භාර දේවිද? ලංකාවේ දැන් ඇත්තේ අන්තෝ ජටා බහි ජටා ප්‍රහේළිකාවකි.  එසේ නැත්නම් පසේනදී කොසොල් රජතුමා දුටු සීන් දාසැය වගේ අර්බුදයක් ය. මේ සඳහා මේ නිල්-කොල නායකයින් කොටස් දෙකම පරාද කල යුතුය. කිරම විමලජෝති හාමුදුරුවන් කියන පරිදි අළුත් තරුණ උගත්, බුද්ධිමත්, අවංක, රටට ආදරේ ඇති පිරිසක් ගොඩ නැඟිය යුතුය.

2 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (5)”

  1. Nanda Says:

    “ඊටත් වඩා ඉදිරියට යමින් පෝප්ට ලංකාවට එන ලෙස 2014 දී වටිකන් ගොස් අරාධනා කලේ, සිංහල බෞද්ධ චන්දය නිසා ජනාධිපතිවූ මහින්ද රාජපක්‍ෂය. වටිකන් අභිලාශය ආසියාවම හැකි ඉක්මණින් ක්‍රිස්තියානිකර ගැනීම නිසා, බෞද්ධ ජනාධිපති කෙනෙක් මේ කල දෙය බුදුහාමුදුරුවන් වත් අනුමත කරාවි යැයි මට සැකය.”

    This a truly shameful act by a FOOL. I suspect WOMAN POWER than anything else here.
    There is no need to do this. He broke the hearts of Buddhist by doing this.
    Furthermore he took along a thug.

    Another myth is that Buddhism encourages leaders to go and participate in religious rituals of all religions. Even Chandrasiri should read and get this cleared. Buddha never approves people engaging in IGNORANCE ( Avijja). There is one incident where a Buddha told someone not to stop providing food to Nigantas just because he newly came to Buddhism ( because of compassion to Niganthas).
    But Buddhsm encourages all Buddhist to engage ONLY in Nobel 8 fold path not go and worship in Hindu kovils and churches. Presient is doing it because he does not understand Buddhism and not a 100% Buddhist by heart.

  2. Nanda Says:

    බුදුහාමුදුරුවන් තියා දේවදත්තවත් මේ ගොන් වවැඩේ අනුමත කරන්නේ නැත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress