ජනවර්‍ගයක් ඝාතනය කිරීම ජනවර්‍ගයක් ඝාතනයක් කිරීමක් නොවන්නේ කෙසේද? When is genocide not genocide?
Posted on October 23rd, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

ටී එන් ඒ කාරයින් ජෙනොසයිඩ් යන වචනය අල්ලාගෙන කරණ විකාරය ගැන ශෙනාලි වඩුගේ පෙන්වා දෙන කරුණු කියවූ පසු මා විසින් 2009 මැයි 18 දා අයිලන්ඩ් පත්තරයට ලියූ ලිපියක් (වෙන් ඊස් ජෙනොසයිඩ් නොට් ජෙනොසයිඩ්) සිංහලට පෙරලීමට මට සිතුණි.  මේ ජෙනොසයිඩ් බම්බුව හරියට එළු පැටියා කරේ තියා ගෙන යන මිනිහාට, “මොකද රාල තමුසෙ ඔය කොටළුවෙක්ව කරේ තියාගෙන යන්නේ” කියා හතර තැනක රැඳී සිට හතර පාරක් ඇසූ හොරු හතර දෙනාගේ ප්ලෑන වගේය. නිතර නිතර කියන විට බොරුවක් වුනත් ඇත්ත වේ. නොබෙල් තෑග්ග දිනූ අය පවා මේ ටැමිල් ජෙනොසයිඩ් බොරුව ගිලගෙන ඇත. ටී එන් ඒ බොරුකාරයින්ගේ සිංහල ආක්‍රමණ (කොලොනයිශේෂන්) කතාවට විශ්‍රාමලත් භූගෝල විද්‍යා මහාචාර්ය ජී එච් පීරිස් මහතා විසින් විස්තරාත්මක පර්යේෂණයකට පසුව අනගි වාර්තාවක් (පිලිතුරක්) දුන්නේය. එම පර්යේෂණය මුද්‍රණය කර  ලොවට බෙදා හැරීම ලංකා විදේශ අමාත්‍යංශයේ වගකීමය.

මේ ජෙනොසයිඩ් කතාව එක්තරා එන් ජී ඕ කාරියක් ඇමෙරිකන් කොන්ග්‍රස් මීටිමකදී කල විට එක් අපක්‍ෂපාත කොන්ග්‍රස් නියෝජිතයෙක් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය. “හිට්ලර්ගේ කැබිනට් එකේ යුදෙව්වන් හිටියා නම්, හිට්ලර්ගේ ආණ්ඩුවේ අග්‍ර විනිශ්‍යකරු යුදෙව්වෙක් නම්, නීති දෙපාර්තමේන්තුවේ ලොක්කා (නීතිපති) යුදෙව්වෙක් නම්, පොලිසියේ ලොක්කා යුදෙව්වෙක් නම්, උප පොලිස්පතිලා හතර දෙනාමත් යුදෙව්වන් නම් හිටලර් ජෙනොසයිඩ් කලා කියා කියන්න පුළුවන්ද?” ලංකාවේ 1983 ජූලි වල දෙමල නිල බලය එසේ විය. කොටි ත්‍රස්තවාදීන්ට කඩේ ගිය එන් ජී ඕ සමයමට කට උත්තරයක්වත් නැති විය. මහින්‌ද රාජපක්‍ෂ කලයුතු පැති මාරු කරන ජී එල් පීරිස්, හැපිචෝල් සජින් වාස් වෙනුවට එස් එල් ගුණසේකර, ජී එච් පීරිස්, ෂෙනාලි වඩුගේ, ඩග්ලස් වික්‍රමරත්න වැනි අයගේ සේවය ලබා ගැනීමට දැන්වත් සලකා බැලිය යුතුය. ඔහු ලංකර ගෙන ඉන්නේ කළුසුද්දන් රැලක් නොවේද?
==========
සිංහල පරිවර්තනය (මුල් ඉංග්‍රීසි ලිපිය පලවූයේ 2009 මැයි 18 දාය. මැයි 19 දා ප්‍රභාකරන් විනාශ විය)
“The question is” said Alice, “whether you can make words mean different things”

“The question is,” said Humpty Dumpty, “which is to be master—that’s all.”

නමක් නැති අපරාධ

1941 අගෝස්තු මාසයේ බී බී සී හරහා කථාවක් දෙමින් වින්ස්ටන් චර්චිල් [චර්චිල් යුදෙව් ජාතිකයෙක් බව මා දැනගත්තේ ඊයේ ය] කියා සිටියේ යුරෝපයේ දිස්ත්‍රික්ක මුළුමණින්ම සමූලඝාතනය කරමින් නාසි හමුදා ඉදිරියට යන බවය. “අ ප්‍රොබ්ලම් ෆොරොම් හෙල්: ඇමෙරිකා ඇන්ඩ් ද ඒජ් ඔෆ් ජෙනොසයිඩ්” යන සමන්තා පවර් විසින් ලියන ලද පොතේ (2003) උපුටා දක්වා ඇති ආකාරයට, ඔහු ගර්‍ජනා කලේ “අප ඉදිරියේ දැන් නමක් නැති අපරාධයක් ඇතය කියාය”  තමන්ගේ සියළුම ඥාතීන් නාසි යුද්ධයේදී නැතිව ගිය රැපායල් ලෙම්කින් නම් පෝලන්ත යුදෙව් ජාතික ජාත්‍යන්තර නීතිවේදියා මේ අපරාධයට නමක් සෙවීමට තීරණය කර, අවසානයේදී එයට ජෙනොසයිඩ් (ජන වර්‍ගයක් විනාශ කිරීම) යන නම දුන්නේය. ඔහු විසින් කල භාරධූර කාර්යයට වෙන්නට යනදේ කුමක්ද කියා ලෙම්කින් බලාපොරොත්තු නොවන්නට ඇත. සුදු දේශපාලකයින් හා දූෂිත එන් ජී ඕ තැරැව් කාරයින් තමන්ගේ ආත්මාර්‍ථකාමී අරමුණු සඳහා මෑතකදී, මෙම වචනය කැත අන්දමට පාවිච්චි කලේය. පුද්ගලික මිනිසුන් පවා මේ සෙල්ලමට සහභාගී විය.  උදාහරණයක් වශයෙන්, බ්‍ර‌ෑස් ෆෙයින් නම් ඇමෙරිකන් නීතීඥයා මේ ජෙනොසයිඩ් යන වචනය නිතරම පවිච්චි කරයි. එයට හේතුව, ජෙනෝසයිඩ් වලට විරුද්ධ දෙමල ජනයා නම් වෙබ් අඩවියේ අයිතිකරුවන් විසින් ඔහුට මසකට ඩොලර් 30,000 ක් බැගින් ගෙවනවායයි කියන නිසාය. අරුන්දතී රෝයි ට තිබෙන බය නම් ලංකාවේ යුද මුක්ත කලාපය තුල ජෙනොසයිඩ් සිදුවේය යන්නය. ඇයට පුවත් වාර්තා කාරියක් වශයෙන් ඇගේ වීරයා වූ ප්‍රභාකරන් කෙරෙහි පුදුම ආශාවක් හටගෙන තිබුණේය (අයිලන්ඩ් පත්තරය, 2009-4-28, කලන සේනාරත්නගේ ලිපිය බලන්න)

සුදු දේශපාලන බළල්ලු

සමන්තා පවර්, ඇගේ ඉතාමත් ජනප්‍රිය පොතේ, කාම්බෝජය, රුවන්ඩා, ස්‍රෙබ්‍රනිකා හා කොසොවෝ යන ජෙනෝසයිඩ් සිද්ධි සඳහන් කරයි. එහෙත් බටහිර සුදු දේශපාලකයින් මෙම ජෙනෝසයිඩ් සිද්ධි ගැන කතාකිරීමෙන් හෝ ක්‍රියාකිරීමෙන් වැලකීමට නොයෙක් හේතු දුන්නේය.

මෙම සුදු දේශපාලකයින් තමන්ගේ රටවල්තුල ප්‍රභාකරන්ගේ  ත්‍රස්තවාදී සංවිධානය තහනම් කලත්, එයට නිදහසේ මුදල් එකතු කිරීමටත්, කිලිනොච්චි වලට ආයුධ යැවීමටත් ඉඩ දුන්නේය. ලන්ඩන්, පැරිස් හා ටොරොන්ටෝ වල චන්ද වලදී දෙමල චන්ද වැදගත් නිසා මේ දේශපාලකයින්ට එසේ ඉඩදීම හැර වෙන කල හැකි දෙයක් නොවීය. ප්‍රභාකරන්ලා ජෙනෝසයිඩ් කාරයින් බව ඔවුන් දැන සිටියත්, ඒ බවක් තමන් නොදන්නා ලෙසට ඔවුන් ක්‍රියා කලේය.

ප්‍රභාකරන්ගේ ජෙනොසයිඩ් ව්‍යාපාරය

හුදෙක් යමෙකුගේ උපත හා ජීවත්වීම නිසාවෙන් මිනිසකු විනාශ කිරීමේ හෝ මිනිසෙකුට හානි කිරීමේ අදහස ජෙනෝසයිඩ් ය. ජාතිය (රේස්) හෝ ආගම හෝ ඒ දෙකම හානිය කරන්නා හා හානියට ලක්වන්නා වෙන් කරන නිසා මෙම තේරුම සැඟවී පවතී. ඊට අමතරව කලින් සිද්ධි වලදී වීශාල ජන සංඛ්‍යාවන් ඊට භාජනය විය.

අදහස (ඉන්ටෙන්ෂන්)

1.    මුස්ලිම් මිනිසුන්ට යාපනයෙන් පිටවී යාමට පැය දෙකක් පමණක් දී ඔවුන් ඉවත්කිරීමෙන් ප්‍රභාකරන් මුස්ලිම් වර්‍ගයාගෙන් යාපනය ශුද්ධ කිරීමට අදහස් කර එය ක්‍රියාවට නැඟුවේය. ජන සංඛ්‍යාව ලක්‍ෂයකි. සිංහල ජනයා සම්බන්දයෙන් මෙසේ දැනුම්දීමක් අවශ්‍ය නොවූයේ, ඔවුන් යාපනයේ සිටියා නම් ඔවුන්ව ප්‍රභාකරන් විසින් මැරූ නිසාය.  මුස්ලිම් හා සිංහල ජනයාට හානි කලේ ඔවුන් දෙමල නොවූ නිසාය. මීට වෙනස් අප දන්නා එකම උදාහරණය නම් කිලිනොච්චියේ අවුරුදු 25 ක් ජීවත්වූ බෞද්ධ භික්‍ෂුවය.

ප්‍රභාකරන් විසින් අරන්තලාවේ, ශ්‍රී මහා බොධියේ, මුස්ලිම් පල්ලිවල හා අනිත් ස්ථානවල කල මිනිස් ඝාතන යුද්ධ හමුදාවට කල පහරදීම් නොව සිවිල් වැසියන් මරා දැමීම් ය. මේවා ඉඳහිට සිදුවූ හුදකලා ඝාතන නොව ඔහුගේ 33 අවුරුදු “පාලන” කාලය පුරාම පැතිරී ගිය රටාවකි.

2.     පවර් ගේ කාම්බෝජය පිළිඹඳ අධ්‍යයනයෙන් පෙනී ගියේ මිනිසෙක් උපතට පසුව ලබාගත් වෙනස්කම් වලටද ජෙනොසයිඩ් රීතිය බලපාන බවය. ක්මර් රූග් හා පොල් පොට් කාරයින් ඝාතනය කලේ ඔවුන්ගේම ජාතියේ හා ආගමේ අයවමය. ඔවුන්ව මැරුවේ ඔවුන්ගේ උපතින් පසු අධ්‍යාපනයක් ලබා ගත් ඔවුන් කොමියුනිස්ට් වාදයට එකඟ නොවූ නිසාත්, බටහිර සිරිත් විරිත් වලට කැමතිවූ නිසාත්, වඩා හිතකර සුඛොපභොගී නාගරික ප්‍රදේශ වල ජීවත්වීමත් යනාදී කරුණු නිසාය. මේ අනුව පෙනී යන්නේ නීලන් තිරුචෙල්වම්, ලක්‍ෂ්මන් කදිරගමාර්, ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ හා අමිර්තලිංගම් ව මැරූ විට ප්‍රභාකරන් ජෙනෝසයිඩ් කාරයෙක් වෙන්නේ, සංඛාව වශයෙන් සුළු වුවත් තමන්ගේම ආගමේ හෝ වර්‍ගයේ අයව මැරීමද ජෙනෝසයිඩ් වන නිසාය.

3.    තමාගේ වාසිය සඳහා දෙමල ජනයා මිනිස් ආරක්‍ෂක වළල්ලක් සේ ගෙන යාම ඔවුන් විනාශ කිරීමේ අදහසින් ප්‍රභාකරන් විසින් කල දෙයකි. මේ නිසා ජෙනොසයිඩ් යන නම අඩු තරමින් පසු ගිය මාස තුන සඳහා වත් ප්‍රභාකරන්ගේ මේ ක්‍රියාවටද යෙදිය යුතුය. මෙම මිනිස් ආරක්‍ෂක වළල්ලේ (හියුමන් ෂීල්ඩ්) වැඩේ ප්‍රභාකරන් විසින් තම ආත්මාරක්‍ෂාව සඳහා කල දෙයක් කියා යම් විධියකින් සුදු දේශපාලකයින්, තමන්ගේ රටවල නීති සිද්ධාන්ත අනුව තීරණය කලත්, එම වළල්ලෙන් පැන ඒමට තැත්කල අයට වෙඩි තැබීම නිසැකවම ජෙනෝසයිඩ් අපරාධයක් විය යුතුය. දෙවරක්ම මෙසේ පැන යාමට තැත්කල මිනිසුන් 300 ක් පමණ වෙඩි තබා මැරූ බව දයා මාස්ටර් එලි කලේය. 2002 සටන් විරාම ගිවිසුම මඟින් ප්‍රදානය කරන ලද ප්‍රදේශය තුල ඇති මෙවැනි පොකුරු මළමිනී වලවල් යටත්වූ ත්‍රස්තවාදීන්ගේ උදව්වෙන් සොයා ගැනීමටද ඉඩ ඇත.

One Response to “ජනවර්‍ගයක් ඝාතනය කිරීම ජනවර්‍ගයක් ඝාතනයක් කිරීමක් නොවන්නේ කෙසේද? When is genocide not genocide?”

  1. Christie Says:

    The story of Gopal (low caste) taking his goat to the market during an Indian famine and how few Brahmins managed to hoodwink Gopal and get away with Gopal’s goat and Gopal’s blessings. This is exactly what India, Indians, Indian colonial parasites did since Indian Union was made by the British. About thirty four years ago I told this story to a World Council Church priest in a Western country to try and change his course of supporting Indian terrorist outfit trained, managed, financed and branded Tamil Tigers by India.
    I am trying to do the same with my postings that LTTE is an Indian outfit and Parabakaran is just a puppet of India. But most of us are told the same story that LTTE is only a Tamil thing.

    This article is doing the same thing.

    1. Sinhalese expulsion and turning them to Sakkiliyas 0r Chandals stated with the arrival of Tamils and other Indians in 1792. Last lot of Sinhalese were expelled in 1958 and Sirimavo hid it under her Saree (pants)
    2. JVP did the same thing kill their own and get killed; by the way JVP was mainly funded by Indian interests.
    3.The Tamil human shield was Tamils who planned to go to the West no matter who won the war claiming that they are being killed. But this failed as the war ended within a few days and most of their boats were destroyed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress