පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම
Posted on November 5th, 2014

වෛද් රුවන් එම්. ජයතුංග විසින් රචිත “Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience” ග්‍රන්ථය

වෛද් රුවන් එම්. ජයතුංග විසින් රචිත “Shell Shock to Palali Syndrome- PTSD Sri Lankan Experience” ග්‍රන්ථය පශ්චාත් යුද මානසිකත්ව සංකූලතා පිළිබඳ විමසුමක් පමණක් නොව වර්තමාන ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදකාරී තත්වය පිලිබඳ විග්‍රහ කෙරෙන කෘතියක් ද වෙයි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඇදීගිය ජනවාර්ගික අර්බුදයත්, දිවයිනේ දකුණු පළාත්වල පැන නැගුනු අර්බුද දෙකකටත්, ඉන් අනතුරුව 2004 වර්ෂයේදී ඇතිවූ මහා ආසියානු සුනාමි ව්‍යසනයටත් මුහුණ දුන් ශ්‍රී ලංකාව අද ඒ සියල්ලෙන් ලද ආඝාතමය තත්වයෙන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටී. පශ්චාත් යුද මානසිකත්ව කළමනාකරණ සංකල්පයේ ආරම්භය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පාඨකයා තුළ මවන මේ ග්‍රන්ථය, ඒ පිලිබඳ හේතුභූතවූ ඓතිහාසික සිද්ධි සමුදාය මෙන්ම එකී තත්වය කළමනාකරණය කිරීම සඳහා යොදවාගන්නා ක්‍රමවේදයන් සහ සාක්‍ෂි පදනම් කරගනිමින් පවත්වාගෙන යන ප්‍රතිකර්ම විකල්පයන් පිළිබඳව ද කරුණු පැහැදිළි කරයි. 

තම කෘතියේ අන්තර්ගතය පිළිබඳව සවිඥානික තීරණයන්ට එළඹෙන කතුවරයා 2009 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජන වාර්ගික අර්බුදය නිමාවට පත්වුවද එහි විඳවීම් තවමත් අවසන් නැතිබව පෙන්වා දෙයි. ඊලාම් යුද්ධය පිළිබඳව තවමත් ශ්‍රී ලාංකික සමාජය තුළ දෝංකාර දෙන සිදුවීම් වලින් මේ බව සනාථ වෙයි. පසුගිය වසර කීපය තුළ, මිනීමැරුම්, සියදිවි නසාගැනීම්, ස්ත්‍රී දූෂණ, සහ බාලාපචාර ක්‍රියා බෙහෙවින් වර්ධනයවී තිබේ. ඊලාම් යුද්ධයෙන් පසුව, ශ්‍රී ලාංකීය සමාජය තුළ, තනිවීම, අවිශ්වාසය, අවතැන්වූ හෝ අසරණ, අවිනිශ්චිත, බවට පත් සංස්කෘතික කණ්ඩායම් පවතින බවට සංජානනීය සාධක පිළිබිඹු වෙයි. (Uri Bergmann, Ph.D. Past-President – EMDR International Association

Shell Shock to Palali Syndrome ග්‍රන්ථය පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ඉවාන් උල්රිච් ප්‍රකාශ කරන්නේ, මෙම ග්‍රන්ථය තමන්ගේ මහත් ඇගයීමට ලක්වන්නේ, මේ තුළින්, යුද්ධයෙන් හානියට පත් සමාජයක, විවිධ තත්වානුරූපී සහ කණගාටුදායක අවස්ථා සංසිද්ධීන් හා අත්දැකීම්, සංක්ෂිප්ත කොට ඉදිරිපත් කිරීමේ ව්‍යායාමය නිසා බවයි. එමෙන්ම මෙම ග්‍රන්ථය තමාට අනුස්මරණීය කෘතියකට උදාහරණයක් ලෙස පෙනීයන්නේ, මහා විනාශයකට මුහුණදුන් මිනිසුන් පිරිසකගේ අපරිමිත කායික මානසික වේදනා සමුදායක් අද පවතින සහ අනාගතයේ බිහිවන සමාජයටද ප්‍රතිවිපාක කොට දෙන ආකාරය පැහැදිලිව පෙන්වාදී ඇති නිසා බවද ඔහු ප්‍රකාශ කරයි.

වින්දිතයන් පිලිබඳ මෙම සවිතරාත්මක ආඛ්‍යානය තුලින්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානසික සෞඛ්‍යය නගාසිටුවීම සඳහා අතිවිශාල ප්‍රමුඛත්වයක් ලැබියයුතු බව පැහැදිලි වෙයි. පැරණි යුගොස්ලෝවියාව වැනි රටවල්ද ඇතුළුව මේ හා සමාන අත්දැකීම් ඇති වෙනත් රටවල තත්වය පිළිබඳව සංසන්දනාත්මකව කරුණු සලකා බැලීමේදී සෑම රටකම පාහේ ජනතාව වින්දිතයන් බවට පත්ව ඇත්තේ පොදු මානුෂීය ගැටළු නිසා බව පෙනීයයි. මේ නයින් සලකා බලන කල, සංස්කෘතික ගති ලක්ෂණ පිළිබඳව සැලකීමකින් තොරව, අනෙකුත් මානව වර්ගයා පිළිබඳව සෑහීමකට පත්විය හැකිය. මෙම වින්දිතයන් සඳහා සැළසුම් කෙරෙන්නාවූ හා සංවිධානය කෙරෙන්නාවූ, විවිධාකාර ආධාර වැඩපිළිවෙල වලදී, සියල්ලටම වඩා වැදගත් වන්නේ, මේ ජනතාව විඳින්නාවූ මානසික ආඝාත ස්වභාවය පිළිබඳව අපගේ අත්දැකීම් හා වෘත්තීය මට්ටම් මගින් සහනශීලී බවක් උදාකරදීමයි.

Shell Shock to Palali Syndrome කෘතිය ඉතා ප්‍රබල ලෙස පෙන්වාදෙන කරුණක් වන්නේ මිනිසා විසින් නිර්මිත ක්‍රියා හෝ ස්වභාවික ව්‍යසන මත පසුගිය දශක කීපය තුළ ශ්‍රී ලංකාව වින්දිත භාවයේ උපරිමයට ළඟාවූ බවයි. සමාජය මත පතිතවී ඇති දිගු සෙවනැලි වලින් කියන පණිවිඩය වන්නේ ආඝාත තත්වයන් පිලිබඳ අත්දැකීම් හඳුනාගෙන නොපමාව ප්‍රතිකර්ම දියයුතු බවත්, කාලය සියළු මානසික තුවාල සුවකරන ඔසුවක් නොවන බවත්ය. වෛද්‍ය රුවන් ජයතුංග සමග සහ සම්බන්ධ කණ්ඩායම තමන් විසින් සංජානනය කරන ලද නවමු ප්‍රත්‍යක්‍ෂ ඥානනය මගින් අපේ අවධානය යොමු කරවන්නේ ආඝාත තත්වයට පත් මහජනතාව පිලිබඳ සුබසාධනයේදී ඔවුන් එදිරිවාදී ක්‍රියාකාරකම් තුලින් තවදුරටත් ඇතිවියහැකි සෑම ආකාරයකම අහිමිවීම් වලින් වලක්වා සංහිඳියාව කෙරෙහි යොමු කලයුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress