සක්දෙව් රජ අභියස ඇති මහින්ද පැනය 1 පියවර
Posted on November 9th, 2014

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

සක්දෙව් රජ: ඔබ මනු ලොවින් පැමිණි අයෙක්; කරුණාකර ඔබගේ පැනය මට යොමු කරන්න!

ලක් වැසියා 1 : දීර්ඝායුෂ වේවා! සක්දෙව් මහා රජතුමණි, මම ශ්රී ලාංකීය  පුරවැසියෙක්මි. සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් උන්වහන්සේගේ, පිරිනිවන් මංගල්‍ය දා, ශ්රී ලංකාද්වීපයේ ආරක්ෂාව සම්බන්ධව සියලු වගකීම් ඔබ වහන්සේ වෙත පැවරූ පුවත දැඩිව විශ්වාස කරන පරපුරේ නියෝජිතවරයෙක් වෙමි. මා මෙහි පැමිණියේ වර්තමානයේදී්‍; ලාංකීය ජන මනස තුලට කාවද්දා ඇති ගැටලුකාරී මතයක් සම්බන්ධව ඔබවහන්සේගෙන් නිසි පිළිතුරක් ලබාගැනීමේ අපේක්ෂාවෙණි.

 දෙව්දුණි, මේ වන විට වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව මේ රට වෙලාගෙන තිබූ අසුර බලමුලු විනාශ කොට යන්තම් වසර පහක් ගතවූවා පමණි. අපට ඵතුමාව තවදුරටත් ජනාධිපති ධූරයේ තබාගෙන රටටත් ජාතියටත් නිසි ආරක්ෂාව හා රැකවරණය ස්ථාපිත කර ගැනීමේ අවශ්‍යයතාවය දැඩිව දැනේ, නමුත් මේ වනවිට සියලුම අසුර බල සේනාවෝ ඒක රාශිවී, රටේ ස්ථාපිත ව්‍යවස්ථාවට අනුව එතුමාට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වරම් නැති බවට මතයක් ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධව ඔබවහන්සේගේ අදහස පහදා දෙන්න!

සක්දෙව් රජ: දරුව, පලමුව පැවසීමට ඇත්තේ, අප නිරන්තරයෙන්ම; ඔබ රට සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවෙන බවයි; අප දැන් ඔබ විසින් ඉදිරිපත් කරන ලද ප්රශ්නය දෙස බලමු.

 ඔබ මෙහිදී පවසා සිටින්නේ රටේ ස්ථාපිත ව්‍යවස්ථාවට අනුව එතුමාට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වරම් නැති බවයි මෙය සැබෑවක් වීමට නම් රටේ ඔය කියන ව්‍යවස්ථාව බලවත්ව මුලු රට පුරාම ස්ථාපිතව; බලාත්මකව තිබිය යුතුය. ඔය කියන ආණ්ඩුක්රම ව්‍යවස්ථාව 2009 මැයි මස 18 වෙනිදාට පෙර කිසිදාක රට පුරාම ස්ථාපිතව බලාත්මක වූවක් නොවේ. අසුර බල සේනාවෝ ඔය ව්‍යවස්ථාව සමග සෙල්ලම් කල යුගයක් රට තුල පැහැදිලිවම තිබුණි. එදා ආණ්ඩුක්රම ව්‍යවස්ථාව සමග සෙල්ලම් කල අයම තමයි අද එය මහා පූජණීය වස්තුවක් බවට මත පලකරන්නෙ; නමුත් මෙතන ඇති වැදගත්ම සිදුවීම වන්නේ එය පූජාසනය මත හිදවන ලද්දේ මහින්ද රාජපක්ෂ රජය බවත්, ඒ දිනය 2009 මැයි මස 18 වෙනිදා බවත් යන්නයි.

 2009 මැයි මස 18 වෙනිදායින් පසුව, මේ ආණ්ඩුක්රම ව්‍යවස්ථාව රට පුරා ස්ථාපිතව බලාත්මක වූ බැවින්; ඒ ආණ්ඩුක්රම ව්‍යවස්ථාව මත පිහිටා රටේ දේශපාලන යාන්ත්රණය දෙස බලන්නේ නම් වත්මන් ජනාධිපතිතුමා ආණ්ඩුක්රම ව්‍යවස්ථාව රට පුරාම ස්ථාපිතව බලාත්මකව පවතින තත්වයක් යටතේ මුහුණ දුන් පලමු ජනාධිපතිවරණය වන්නේ 2010දී පවත්වන ලද ජනාධිපතිවරණයයි. ඒ අනුව එතුමාට  2010 ජනාධිපතිවරණයට අමතරව තවත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිය.
කපුටු බෝ ගසක් හා පූජණීයත්වයට පත් බෝ සමිදුන්ගේ වෙනස ඔබට වැටහිය යුතුයි; එමෙන්ම නිගරුකරණයට ලක්ව කුණු කූඩයක තිබූ ආණ්ඩුක්රම ව්‍යවස්ථාව හා සිංහාසනාරූඩව ගරුත්වයට භාජනයවූ ආණ්ඩුක්රම ව්‍යවස්ථාව යනු දෙකක් මිස එකක් නොවේ;
මෙතන වැදගත්වන්නේ රටයි; බේරාගත යුත්තේ රට හා ජනතාව මිස අන් කිසිදු දෙයක් නොවේ; පැහැදිලිවම ඔය ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අනුවම එතුමාට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අතර 18 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංසෝධනයට අනුව ඉන් එහාට වුවද තරග වැදිය හැකිය; මෙය ඉතා පැහැදිලි කිසිවෙකුට ඉවතලිය නොහැකි පදනමයි;

ලක් වැසියා 1; සාදු! සාදු!  සාදු! විසදුම ඉතා විශිෂ්ඨයි ස්වාමිණි!  ………………..

 

2 Responses to “සක්දෙව් රජ අභියස ඇති මහින්ද පැනය 1 පියවර”

  1. Senevirath Says:

    ජනපතිගේ අධික බලතල නිසා ඇමති වරු පඹයෝ වී ඇත බලතල අඩු කර ඕනෑම වාරයක් හිටියට කමක් නැත. දැන් ඇමතිට ස්ථිර ලේකම් වත් පාලනය කර ගත නොහැක.

  2. AnuD Says:

    If Senevirathne is correct, the powers of the president is the problem. He has micro management and he can not and he should not do that. Simply he has become de facto dictator.

    SO, change that.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress