ජනාධිපති මැතිවරණය හා බොදු බල සේනාව
Posted on November 10th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

    බොදු බල සේනා වෙබ් අඩවිය මඟින් දැනට කර ගෙන යන සමීක්‍ෂණයට අනුව සියේට 75 ක් පමණම කියා සිටින්නේ දැනට තිබෙන ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකටම සහයෝගය නොදී අළුත් තුන්වන පුද්ගලයෙක් සඳහා බොදු බල සේනාව සහයෝගය දිය යුතු බවය. නිල්, කොල හා රතු යන කොටස් තුනම බොරු කාරයින් බව අවබෝධවූ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් බොදු බල සේනාව වටා එක් රැස්වී තිබෙන බව ඉතාමත් පැහැඳිලිය. තුන්වන බලවේගයක් වශයෙන් පෙනී සිටීමෙන් හා ඉදිරි චන්දයේදී රාජපක්‍ෂ මහතාට හෝ ඔහුට විරුද්ධව එන පොදු අපේක්‍ෂකයාට හෝ සහයෝගය නොදීමෙන් මෙම දේශපාලන පක්‍ෂ  කරගෙන යන බොරුව රටට එළිදරව් කිරීමේ අවස්ථාවක් බොදු බල සේනාවට ලැබේ.

    ඒ වෙනුවට, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සුදුසු අපේක්‍ෂකයින් පිරිසක් තෝරා ගැනීමත්, තෝරාගත් ගමේ පන්සල් මට්ටමින් මිනිසුන් දැනුවත් කිරීමත් බොදු බල සේනාවේ ප්‍රමුඛත්වය ලැබිය යුතුයයි මට සිතේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 10 ක් වත් ඉන්නවා නම් එය විශාල ඉදිරි පියවරක් වන්නේය.

    අතුරැලියේ රතන හාමුදුරුවන් හා මාදුළුවාවේ සොභිත හාමුදුරුවන් විසින් දැනට කරගෙන යන කටයුතු නිසා බොදු බල සේනාවත් මේ රටේ සිංහල බෞද්ධ චන්දදායකයාත් බලවත් අපහසුතාවයකට වැටී ඇතැයි කියා මම සිතමි.  මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කියන්නේ නිල් පාට ගාගත් යූ එන් පී කාරයින්ගෙන් පිරුණු ආණ්ඩුවකි. ඔවුනුත් රනිල් වික්‍රමසිංහ හා කොල පාට යූ එන් පී එකත් අතර විශාල වෙනසක් නැත. වෙනස බොරුවට චන්ද දායකයින් රැවටීම සඳහා කරණ එකිනෙකාට බැන ගැනීම පමණය.

    ජේ ආර් ගේ බහුභූත ව්‍යවස්ථාව හා චන්ද ක්‍රමය වෙනස් කල යුතු බව හැමදෙනාම එකඟවන කරුණකි. නමුත් විධායක ජනාධිපතිවරු හා ජනාධිපතිවරිය ඔල්මාදයෙන් හා පිස්සුවෙන් හැසිරීමට විසඳුම එම තනතුර අහෝසි කිරීම නොවේ. දැනට පවතින චන්ද ක්‍රමය අනුව පාර්ලිමේන්තුවට යන්නේ හොරුන්, නූගතුන් හා ගොබ්බයින් ය. මේ නිසා විධායක ජනාධිපති තනතුර අහෝසි කර, එවැනි පිරිසකට විධායක අගමැති කෙනෙක් තේරීමට භාරදීම මෝඩ ක්‍රියාවකි. දැනට රටේ හා ලෝකයේ පවතින දේශපාලන වාතාවරණය යටතේ මෙවැනි ක්‍රියාවක ප්‍රතිපලය වන්නේ ලංකාව දෙකට කැඩීමට ඉතා පහසුවන ආකාරයේ අස්ථාවර, කැලඹිලි කාරී කාලයක් උදාවීමය. එම ධූරය අහෝසි කරණවා වෙනුවට එති ඇතැම් තටූ කපා දැමිය හැකිය. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැක දීමට හා ජනාධිපති නීතියට වඩා ඉහලින් තැබීම ඉවත් කිරීමට ක්‍රියා කල හැකිය. එසේ කර හෙමින් සැරේ අළුත් මහජන ව්‍යවස්ථාවක් සාදා ගත හැකිය.

    රතන හා සෝභිත හාමුදුරුවරුන් දෙන්නා පිටිපසින් සිටින හස්ත මොනවාද යන ප්‍රශ්ණය මතු වන්නේ දැන් ඒ දෙන්නා එක්ව ක්‍රියා කරන නිසාත්, ඇමෙරිකන් තානාපතිනිය පිරිකර රැගෙන නාග විහාරයට ගිය නිසාත්, මාක්ස්වාදීන් හා ක්‍රිස්තියානී කොටස් සෝභිත හාමුදුරුවන් පිටිපස සිටින නිසාත් ය. තිස් අවුරුදු යුද්ධයක් අවසාන වුනත් 13-ඒ යටතේ පෑනේ යුද්ධයක් රාජපක්‍ෂ මහතා විසින් බිහිකර දී ඇත. විග්නේෂ්වරන් කියන්නේ ඉන්දියාවේ බලකිරීම නිසා උතුරු පලාත් සභා චන්දය පැවැත්වූ බවය. මෙය ඇත්තනම් රාජපක්‍ෂ ජනාධිපති විසින් හසලක වීරයාව පාවා දී ඇත. උතුරු වසන්තය හා නැඟෙනහිර නවෝදය ගැන විග්නේෂ්වරන් කියන්නේ පාරවල් සැදුවේ යුද්ධ හමුදා වාහන සඳහාත්, යටත් කරගත් යාපනය බැලීමට එන දකුණේ සිංහල ජනයාට යාම ඒම සඳහාත් කියාය! චෙන්නායි රැස්වීමකදී නොවැම්බර් 9 දා ඔහු කියා සිටියේ දකුණේ ආණ්ඩුව ඒකාධිපති බවත්, අධිකරණය ආණ්ඩුවට යටව ගොස් ඇති බවත් ය. 2015 ජනවාරියේ සිට සත්‍යග්‍රහ ආරම්භ කරණ බවද ඔවුන් ලංකා ආණ්ඩුවට දන්වා ඇත.

    මෙවැනි පසුබිමක් යටතේ 13-ඒ අහෝසි කිරීම ගැන මේ හාමුදුරුවරුන් දෙන්නාත්, ජාතික හෙළ උරුමයත් නිහඬව සිටීම විශ්මය ජනකය. 13-ඒ එක ජේ ආර් ගේ බහුභූත එකටත් වඩා රටට විනාශයකි. එක පැත්තකින් එය රට දෙකට කඩා ගැනීමේ ඉණිමඟකි. අනිත් පැත්තෙන් දකුණේ එය බලුම බලු සුදු අලියෙකි. මේ නිසා 13-ඒ අහෝසි කිරීමට ක්‍රියා නොකරණ පක්‍ෂ ලංකාවේ සිංහල බෞද්ධයා විනාශ කරණ පක්‍ෂ වේ. මේ ගැන ඍජුවම කතා කරන්නේ බොදු බල සේනාව පමණය. 13-ඒ අහෝසිකිරීමට ඇති ලොකුම බාධකය ඉන්දියාවවත්, ටී එන් ඒ එකවත් නොව පුදුම ආකාරයට ඉන් ජීවත් වන පක්‍ෂ දේශපාලකයින් හා ඔවුන්ගේ ඥාතීන් ය. එය ඔවුන්ගේ පවුල් වල මොන්ටිසෝරි එකක් වැනිය.

    උතුරු පලාත් සභා චන්දය වෙනුවට ආණ්ඩුව කල යුතුව තිබුණේ සංහිඳියා කොමිසමෙන් ද කියා සිටි අයුරු ගම් මට්ටමින් මුළු රටේම ජනයාට යම් යම් බලතල පවරා දීමය.    උතුරු පලාත් සභාව සඟවුණු බෝම්බයක් වැනිය. රතුපස්වල දී හෝ කටුණායකදී කල පරිදි වෙඩි තබා 2015 දී එහි ඇතිවන්නට යන සත්‍යග්‍රහ නවත් වන්නට
ආණ්ඩුවට නොහැකිය. එවැනි ගැටුමක් ඇතිවූ විට ඉන්දියාව හා ඇමෙරිකාව එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා ලංකාව දෙකට කැඩීමේ මුල් පියවර ගන්නවා ඇත. දැනට ආණ්ඩුව ඉන්නේ කකුළුවා දිය සැළියේ ඉන්නවා වගේය.

    ජන සභා අධ්‍යක්‍ෂක ජෙනරාල් තනතුරක් පවා ඇතිකර  ජන සභා පිහිටුවීමට ගත් තීරණය කුමක් නිසා යට ගැහුවාද, ඒ වෙනුවට යෝධ දිවි නැඟුමක් ගෙනාවේ කුමක් නිසාද යන ප්‍රශ්ණ බොදු බල සේනාව විසින් මහජන රැස්වීම් හරහා ඇසිය යුතුය. මෙවැනි යෝධ ව්‍යාපාර වලින් ගොඩ ගත් කිසිම රටක් ලෝකයේ නැත. ගමේ ජනයාට ගමේ ප්‍රශ්ණ විසඳාගන්නට ඉඩ දෙනවා මිස කොස් පැල, එළවළු ඇට බෙදා දීමෙන් මහජනයා දිරි ගැන්විය නොහැකිය.  ඩඩ්ලි සේනානායක මහතා 1970 පැරදුණේ වගා සංග්‍රාමය ගැන ආ බොරු තොරතුරු නෙවිල් ජයවීර විසින් ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය කිරීම නිසාය. පුදුමය වන්නේ ගැමි දිරිය නමින් ජන සභා සංකල්පයට සමාන වැඩ සටහනක් ඉතා සාර්‍ථකව ක්‍රියාවේ යෙදෙමින් තිබුණ නමුත් එය හදිසියේම කඩා කප්පල් කර දැමිමේ කුමක් නිසාද යන්න ය. ගැමි දිරිය දේශපාලකයාගේ ඇඟිලි ගැසීමෙන් තොරව ක්‍රියාත්මකවූ  ව්‍යාපාරයක් විය.

    මේ නිසා පක්‍ෂ දේශපාලනය නිසා විනාශවූ ලංකාව බේරා ගැනීම සඳහා, ආරම්භක වශයෙන් ලංකාවේ තුන්වන බලවේගයක් ගොඩනඟා ගැනීම බොදු බල සේනාව ක්‍රියා කරාවිය කියා විශේෂයෙන් එයට සහයෝගය දෙන සිංහල බෞද්ධයින්, දුප්පත් සිංහල කතෝලිකයින්
බලා පොරොත්තුවෙන් සිටී. මේ තාක් එය ගත් තීරණ ඉතාමත් ඥානවත් තීරණ විය. රතන හා සෝභිත හාමුදුරුවරුන් දෙන්නා ඉදිරියට ආවේ හොොෙසේ නැත්නම් යම් අදෘශ්‍යමාන බලවේගවිසින්  ඔවුන් දෙන්නාව ඉදිරියට තල්ලුකලේ, බොදු බල සේනාව විසින් රටේ ඇති කල විශාල විපර්යාෂය නිසාය. කහ සිවුරට ඇති බලය ඔවුන්ට පෙන්නුවේ ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන් විසින් ය. මෙම බලය දෙකට තුනට බෙදීමට බලා ඉන්නා පිරිස් අපමණය. සෝම හාමුදුරුවන්ගේ සේවයට නියම උරුමකරු ඥානසාර හාමුදුරුවන් හා කිරම විමලජෝති හාමදුරුවන් බිහිකල බොදු බල සේනාවය.

8 Responses to “ජනාධිපති මැතිවරණය හා බොදු බල සේනාව”

  1. callistus Says:

    ඔය එන්නෙ එලියට. ඔය ගන්දස්සාරලා තමයි බුදු සසුන විනාශ කරන්නෙ.සෝම වහන්සෙගෙ නම් සමහර හොඳ දේවල් තිබුන ඉස්කෝලෙ යන කාලෙත්. නමුත් එයත් ඒහැටි හාමුදුරු කෙනෙක් නෙවෙයි. ඔය සිවුරු කාරයො කරන්නෙ ජාති වාදී ආගම් වාදී තුච්ච ප්‍රචාර කරන එකයි. ඹවුන් හැඳිගෑවිලාම යෑ යුතුයි. එයාගෙ කටින්ම කියන දේවල් ඔය තියෙන්නෙ යූටියුබ් එකේ. ‘ සිංහල බෞද්ධයින්, දුප්පත් සිංහල කතෝලිකයින්
    බලා පොරොත්තුවෙන් සිටී.’ මෙයා කොහොමද දන්නෙ ඒක. කී දෙනෙක් ගෙන් අහල බැලුවද.

  2. Lorenzo Says:

    This is about BBS.

    BBS is NOT serious about anything. They are COWARDS now. Suddenly they went underground. Why? Did the govt. tell them to go quiet?

    IF BBS is serious FIELD their own candidate and DEMAND MR to do the following. If he does, WITHDRAW the candidacy and support MR. If he doesn’t, CONTEST AGAINST him.

    1. STOP ALL construction of new mosques, churches, kovils, temples.
    2. DEPORT ALL foreign religious preachers.
    3. BAN the use of loudspeakers for religious purposes.
    4. BAN killing cows and animal sacrifice.
    5. SCRAP Vesawalami law, Shitaria law and 13 amendment.

  3. Dr.K Says:

    Lorenzo has made a good suggestion. I would like to add another condition on to the list. Make legislation independent of politics and president is answerable to a panel of Supreme Court judges that consists of a number of heads appointed in proportionate to the percentage of citizen’s religious representation in the country.

  4. Leela Says:

    මේ යන විධියට ගියොත් තව අවුරුදු 50කින් සිංහල ඡාතිය සුළු ඡාතියක් වන බව සෝම හාමුදුරුවන් කීවේය. සෝම හාමුදුරුවන් එසේ කීවේ කට කහනවාට නොවෙයි. මුසල්මනයන්ගේ බෝකිරීමේ වේගයත් සිංහලයන්ගේ වඳ වීමේ වේගයත් ඔහු පැහැදිලිව දුටු නිසාය. වසර ගනනක් නගරයේ සහ ගම්දන්ව් වල අැවිදගිය ඔහු දුටු එම සත්‍ය පැහැදිලිව වටහාගත් නිසාය. අවශ්‍ය නම් එ් බව ඔප්පු කිරීමට 2012 සංඛයා ලේඛණවලින් කරුණු කාරනා ඉදිරිපත් කල හැක.

    ක්‍රිස්තියානිකාරයෝ සෝම හාමුදුරුවන් ගැන කුමක් කීවත් ඔහු ටීවී එකේ කල සාකච්චා නිසා සිංහල බෞද්ධයාට තමන් ගැන අාත්ම ශක්තියක් සහ විශ්වාසයක් අැතිවිය. බහුබූත කතා කියමින් රට කෑ දෝන කතිරිනා ගැනත්, බොරු සාමයක් ගෙන අැවිත් පෘතුගීසි කාරයන්ට බාල් නටන්නට අාරාධනා කල දොන් ජුවන් අගමැති ගැනත් බහුතර සිංහල බෞද්ධයා කලකිරී සිටියේය. සෝම හාමුදුරුවන්ගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් එජාපය අතහැරියේය. එනිසාම 2004රේදී පැවැත්වූ මහ චන්දයෙන් එජාපය පැරදුනේය. හාමුදුරුවරු දහයකට හෙල උරුමයෙන් පාර්ලිමේන්තුවට යන්නට අවස්ථාව උදාවිය.

    පොරොන්දුවූ ධර්ම රාජ්‍ය සෑදිමට අපොහොසත් උවත් හෙල උරුමයේ හාමුදුරුවරු රටට පැහැදිලි වෙනසක් ගෙන අා බව කිවයුතුය. හෙල උරුමය නොවන්නට මහින්ද රාඡපක්‍ෂ ජනාධිපති වන්නේ නැත. මහින්ද රාඡපක්‍ෂ ජනාධිපති නොවන්නට යුද්ධය ඉවරවන්නේ නැත. මහින්ද රාඡපක්‍ෂ ජනාධිපති නොවන්නට දැන් තිබෙන සාමය රටට ලැබෙන්නේත් නැත. ඉතින් රට බෙදීමට දඟලන හූල් ලාට හෙල උරුම හෙල කරුමය ලෙස පෙනීම පුදුමයක් නොවේ.

    ඥානසාර හාමුදුරුවන්ගේ බොදු බල සේනාව විශාල බල වේගයක් බව පැහැදිලිය. නමුත් නමුත් සෝම හාමුදුරුවන්ගේ අනුගාමිකයන් කොපමන ප්‍රමාණයක් බොදු බල සේනාව විසින් ග්‍රහනය කරගෙන අැත්දැයි කියන්නට තවම බැරිය. ලොරෙන්සෝට කිවහැක්කේ බොදු බල සේනාවේ ඉල්ලීම් වියයුත්තේ කල හැකි සහ උපක්‍රමශීලි නොවුනහොත් රටට පමණක් නොව ඔවුන්ටද අනාගතයක් නැති බව ඔවුන් දන්නාසේ බවය.

    කැලිස්ටස් කියන “ඒහැටි හාමුදුරුවරු” කවුදැයි සහ “ඔය සිවුරු කාරයො කරන්නෙ ජාති වාදී ආගම් වාදී තුච්ච ප්‍රචාර” යනුවෙන් කියන්නේ කුමකටදැයි පැහැදිලි චෝදනාවක් කරන්නේ නම් ‘ජාති වාදී ආගම් වාදී තුච්ච ප්‍රචාර’ අැත්තේ කුරාණයේ සහ බයිබලයේ බව පදයෙන් පදයට පෙන්වාදීමටත් පාදිලියන් කල මිනීමැරුම් සහ සිංහලයන්ට කල අකටයුතුකම් ගැන ලිපි ලේඛන අනුසාරයෙන් පැහැදිලි විස්තරයක් කරන්නට මා සූදානම්ය.

  5. Senevirath Says:

    කැලිස්ටස් කි යන්න ඔබේ ආගම කුමක්ද. මම නම් බෞද්ධ. ප්රුතුගීසිකාරයාගේ ඉඳල මේ දක්වා තමුසෙලා කරපු දේවල් ලැයිස්තු ගත කරලා දෙන්න ඕනෙද . සිවුරු කාරයෝ කියන්නේ පාදඩ පාදිලියෝ වාගේ අනුන් මරා ගත්තු උන්ට නොවෙය් හතුරන්ටත් ඉන්න ඉඩ දීපුඅ ය . දැන් කෑ ගහන්නේ අප එදා කන්න දීපුඋන් දැන් අපිව කන කොටය් වේදනාවටය් . ගොනා උනාට තප්පුලන්න එපා . අන්‍යාගම් කාරයෝ ඔහොම තමය් බය් බලයේ ඇති මිනී මැරුම් විස්තරේ හරි ගඳය්

  6. Lorenzo Says:

    “Make legislation independent of politics and president is answerable to a panel of Supreme Court judges that consists of a number of heads appointed in proportionate to the percentage of citizen’s religious representation in the country.”

    AGREE.

    We discussed this sometime back here.

    At the moment Buddhist SC judges are a MINORITY in a country 70% are Buddhists. The parliament is representative, the president is representative, why not the SC?

    Our AG-SC had people like Siva Pathupathy aka LTTE Siva and TNA Viggie. This trend has to change.

  7. Lorenzo Says:

    Hon. Chief Justice Mohan Peiris, PC – C
    Hon. Justice Saleem Marsoof, PC – M
    Hon. Justice K. Sripavan – H
    Hon. Justice Chandra Ekanayake – B
    Hon. Justice Priyasath Dep, PC – C
    Hon. Justice Eva Wansundera, PC – C
    Hon. Justice Rohini Marasinghe – B
    Hon. Justice Buwaneka Aluwihare, PC – B
    Hon. Justice Sisira J de Abrew – C
    Hon. Justice Sarath de Abrew – C
    Hon. Justice Priyantha Jayawardena, PC – B

    Only 4/11 = 35% are Buddhist.
    5/11 = 45% are Christians.

    BTW SC has given the judgment to MR. Will be publicized tomorrow.

  8. callistus Says:

    සෙනවිරත් මහත්තයෝ කැලිස්ටස් කියන්නෙ මගේ උප්පැන්න සහතිකේ තියන නම නෙවෙයි. මගේ පිය පරම්පරා ගනනාවක්ම සිංහල රජකාලෙ දක්වාම හොඳ සිංහල බොදු ගොවි පවුල්. මවගේ පවුලුත් එහෙමයි. ගම ඔය මාදුලාවට හැතැම්ම තුනයි. මම නියම ගති ඇති ස්වාමීන්වහන්සේලාට ඉතා ගරු කරමි. උඩුවේ ධම්මානන්ද හාමුදුරුවන්ට මම පුද්ගලිකවම කිව්වා දේසපාලනේට ගිය දවසෙන් පස්සෙ උන්වහන්සෙට මට හාමුදුරු කෙනෙක් හැටියට සලකන්න බැරි බව. නමුත් උන්වහන්සේ දැන් හරි මගට බැහැලා තියෙනවා.උන්වහන්සේ මගෙ හොඳ මිත්‍රයෙක්. සිවුරක් දාගත්ත පමනිම්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නෙ නෑ. තව විස්තර අවශ්‍ය නම් කියන්න.බුද්ධාගම හරිහැටි දන්නවා නම් අනිත් ආගම් අදහන අයට බය වෙන්න දෙයක් නෑ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress