සාම – ඇගයීමේ ඉත්තෝ සහ නොම උගත් පාඩම්
Posted on November 20th, 2014

Mahinda Weerasinghe (Sinhalese Translation of report )‘PAWNS OF PEACE-EVALUATION’ AND, LESSONS UNLEARNT !

UD  – නෝර්වීජියානු විදේශ කාර්යාලය
SLMM – ශ‍්‍රී ලංකා විපරම් මෙහෙය
GOSL – ශ‍්‍රී ලංකා රජය
ශ‍්‍රී ලංකාවේ සාම පහසුකම් සැලසුම්කරු ලෙස 2002 – 2009 අතර කාලයේ ර`ග පෑ නෝර්වේ රට. ශ‍්‍රී ලංකාවේ ‘උගත් පාඩම්’ වාර්තාව ඉදිරිපත් කිරිමටත් පෙර උපක‍්‍රමික ලෙස වැට පැන්නේය. එසේ කලේ සිය ව්‍යසනකාරී භූමිකාව සම්බන්ධයෙන් ව්‍යාකූල බවත් ඇතිකිරීමේ හා සාවද්‍ය තොරතුරු ම`ගින් රැුවටීමේ අදහසිනි. ‘සාම ඇගයීමේ ඉත්තෝ’ යන මාතෘකාවෙන් හැ`දින් වූ මෙම වාර්තාව, හීන බුද්ධික නෝර්වීජියානුන්කිහිපදෙනෙකු හැර වෙන කිසිවෙකු නොම`ග හැරීමට සමත් නොවීය. ‘ඉත්තන් ……..’ පිළිබ`ද අපූරු දේ නම්, බොහෝ නෝර්වීජියානුන් එවැන්නක් තිබු බව වත් නොදැන සිටීමයි. ජනප‍්‍රිය මාධ්‍ය ම`ගින් මේ පිළිබ`ද කිසිවක් නොකීම ද, කැපී පෙනෙන අසාමාන්‍ය කරුණකි.

ත‍්‍රස්තවාදීන් හා සුහද වු ශ‍්‍රී ලංකා විපරම් මෙහෙය ඉහළ තත්වයෙන් ක‍්‍රියාත්මක වූ අවදියෙහි, යාපනේ දෙමළ ජාතිකයෙකුට වාතයක් ගියත් එය නෝර්වේ ජනමාධ්‍ය වල වාර්තා කල බැව් අපට මතකය. එසේ නම් මෙම වාර්තාව කිසිම අන්තර්ගතයක් නොමැති, නො එසේ නම්, සාමාන්‍ය නෝර්වීජියානුවෙකුගේ කුතුහලය ඇබිත්තකුදු දිනාගත නොහැකි වූවක් යැයි අපි උපකල්පනය පළ යු.ු වේ ද? එසේ නම්, එය ඉදිරිපත් කළේ හුදු ලාංකිකයන්ගේ ම පරිභෝජනය ස`දහා පමණක් ද? වෙනත් වචනයෙන් කිවහොත්, නෝර්වීජියානු විදේශ කාර්යාලය, නෝර්වීජියානුන්ගේ නාමයෙන්, ඔවුන්ගේ ක්‍රෝනර් මුදල් බිලියන ගණනින් වැය කොට ලැබූ ජයග‍්‍රහණයන් පිළිබ`ද ව එරට වැසියා දැනුවත් නොකලේ මන් ද?

අතීතයෙහි නීති උල්ලංඝනයන්, ඝාතන, යුධ අපරාධ, සිංහලයන් විසින් දෙමළ ජනයාට වෙනස්කම් කිරීම ආදි දෑ නෝර්වේ ජන මාධ්‍ය ම`ගින් ප‍්‍රබල ලෙස ඉදිරිපත් කරන ලදි. එහෙත් දැන්, එම බෞද්ධ, ‘අධිමානයේ පෙළෙන ජාතිය’ විසින් සාර්ථකව මුදුන්පමුණුවා ගත් මෙහෙය පිළිබ`දව පූර්ණ වාරණයක් ක‍්‍රියාත්මක වනු පෙනේ.

කතෝලික එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමෙන් පසුව බෝම්බ පිපිරීම්, ඝාාතන හා ගැටුම් වලින් තොරව, ආර්ථික සෞභාග්‍යය ස`දහා ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමන පිළිබ`ද තොරතුරු නෝර්වේ ජනමාධ්‍ය තුළින් ඕනෑකමින් ම උපුටා දමා ඇත. එය කී නොකි සියළු දෙනාටම පේ‍්‍රහේලිකාවක් විය. ඇත්තවම UD ය මේ කැස කවන්නේ අළුත් අඩව්වක් අල්ලන්නට ද?

නෝර්වේ ජනමාධ්‍ය මෙසේ පූර්ණ වාරණයක නිරත වූව ද, ”ඉත්තන්…..” වාර්තාව පිළිබ`ද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිප‍්‍රහාර ක්ෂණික විය.

‘ම`ග හරින ලද පාඩම් ’ ගැන විශ්ලේෂණ, මැන බැලීම්, විභේදන හා විවේචන ශ‍්‍රී ලංකා ජනමාධ්‍යන්හි උතුරා ගියේ ය.

‘ටොම් මාමා’ ගේ ක‍්‍රියා කලාපය ගණනකට නොගෙන සැලකූ විට, ‘ඉත්තන්……’ වාර්තාව ගැන කිසිම ධනාත්මක දෙයක් ප‍්‍රකාශ නොව්ණි. UD ය තවත් කුණු තුවාලයක් හාරා ගත්තා සේ විය. ඇත්ත වශයෙන් ම, මොවුන්ගේ පක්ෂග්‍රොසි බව හා ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැනි අවැඩ ඉස්මතු කරමින් එල්ල කළ චෝදනාවන්ගෙන් හා ප‍්‍රති චෝදනාවන් ගෙන් ද ශ‍්‍රි ලංකා මාධ්‍ය ජාලය පිරි ගියේ ය.

ඇත්තෙන්ම, ශ‍්‍රී ලංකාවේ ජන මාධ්‍ය දැන් අවශ්‍යතම ප‍්‍රශ්නය එල්ල කළ හා- ශ‍්‍රී ලංකාවේ දී නෝර්වේ ගෙන ගිය සත්‍ය න්‍යාය ලත‍්‍රය කුමක් වී ද? රට සැපයුණු පිළිකුරු බොහෝ දෙනෙකුගේ නොම`ග යවන තත්වයේ පැවතුණි. විස්තර විචාරකයා උනන්දු වූයේ ‘ක්‍රෝනර් මිලියනයක්’ වටිනා පැනයට තර්කානුකූල ප‍්‍රතිචාරයක් ලබා ගැනීමට ය!

මෙම හෙතිහාසික අවස්ථාවේ මෙම ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීම අනුචිත විය. එනමුත් මෙම ‘මූලික‘ ප‍්‍රහේලිකාව ලාංකිකයන්ගේ පිටුපස ඉව කරන සෙවණැල්ලක් පසුපස හඹා යාමක් වැන්න. එවකට, (1998 – 2002 දක්වා* ඔස්ලෝහි සේවය කල ඉන්දියනු නියෝජිතයා වූත්, පසුව ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ලෙස හා ඊටත් පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ස්ථීර නියෝජිතයා වුත්, නිරූපම් සෙන්, ඔස්ලෝහි දී මේ මූලික ප‍්‍රශ්නය මා වෙත එල්ල කල බැව් මට සිහිපත් වේ. මා ඊට දුන් ප‍්‍රතිචාරයෙන් ඔහු සෑහීමකට පත් නොවීය. එසේ වූයේ එටකට මම ද අ`දුරේ අතපත ගාමින් සිටි හෙයිනි.

නෝර්වේ, මෙවැනි චෝදනා කොටින්ම නොසලකා හැරියහ. මේ පහසුකම් සලසන්නෝ ’ඔවුන්ගේ ‘ ක්‍රෝනර්’ වල මහා බලය දැන සිටියහ. එමෙන් ම, එවැනි ප‍්‍රශ්න වැළලීමට පමණක් නොව, ප‍්‍රශ්න අසන්නා වළලා දැමීමට උවත් ඔවුනට බාහු බලය ඇති බව ඔවුහු දත්හ!

තව ද, සාමාන්‍ය නෝර්වීජියානුවන් ගේ සිත්වල එවැනි ප‍්‍රශ්න ගැන සැකයක් ඇති නොවු තාක්, ඔවුහු ඒ ගැන කරදර නොවුහ.

මෑතක දී ම ලාංකිකයන් හා නෝර්විජියානුවන් දෙගොල්ලෝම විසින් මේ වැදගත් ප‍්‍රශ්නය අසනු නියත ය. ඊට පිළිතුරක් සෙවීමට ද උත්සුක වනු ඇත. වෙනත් දිළි`දු ජාතින් වෙනුවෙන් ද මේ ගැන පැහැදිලි කිරීමත් අවශ්‍ය වේ. එවිට ශී‍්‍ර ලංකාව වි`දි කටුක වේදනාව නැවත ඇතිවීම ඔවුනට ම`ග හරවා ගත හැකි වනවා ඇත.
‘සාමය ඇගයීමේ ඉත්තන්’ පිළිබ`දව තිබු වැදගත් ප‍්‍රතිචාර කිහිපයක් පළමුව අපි සලකා බලමු. මේවායේ සම්පුර්ණ ලිපි අන්තර්ජාලයෙන් ලබා ගත හැක.

නොම උගත් පාඩම්
2011 නොවැම්බර් 13 වන දින ‘අයිලන්ඞ්’ පුවත් පතෙහි කතු වැකියෙන් උපුටා ගැණින.
වෙනත් කරුණු ද ඇතුලත් ව, කතුවැකිය අපට දන්වන්නේ මෙම වාර්තාව, ‘ශ‍්‍රී ලංකාවේ අසාර්ථක වූ සාම ක‍්‍රියාවලිය පිළිබ`දව දැනට ද අප දන්නා තොරතුරු හුදෙක් ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම හා වැමෑරීම සිදුකරන බවයි. ඒ අතරම, ‘එම අසාර්ථකත්වයට තුඩු දුන් මූලික හේතු ව්‍යාකූල කොට සන් කරන බවයි.’

නෝර්වේ තනිව ම නොවේ
2011 නොවැම්බර් 15 වන දින ප.ව 6.20
නලින් ද සිල්වා විසිනි.

මහාචාර්ය නලින් ද සිල්වා මෙසේ කියයි.

”……….. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ ”සාම ක‍්‍රියාවලිය” ට සම්බන්ධ විමට නෝර්වේ තීරණය කලේ මන් ද? යනු ක්‍රෝනර් මිලියනයේ ප‍්‍රශ්නයයි.

x එහෙත් නලින් ද සිල්වා සිය වැදගත් පැණයට පිළිතුරක් සොයා ගැනීමට වෑයම් නොකළේ ය.

අපගේ හෘද සාක්ෂිය විය යුත්තේ නොර්වීජියානු සල්ලි මළුද? නැතහොත්, එල්.ටී.ටී.ඊ යේ ඝාතන වලට නෝර්වේ වගකිව යුත්තා කළ යුතු ද?
රංජිත් සොයිසා 2011 නොවැම්බර් 16 – ලංකා වෙබ් අඩවිය සැබවින්ම, රංජිත් සාම ක‍්‍රියාවලිය සම`ග සමීපව සම්බන්ධ වූවෙකි., ඔහුගේ අවසන් තර්කයන් උචිතය. ‘ එල්.ටි.ටී.ඊ ඝාතන යාන්ත‍්‍රණය සවිමත් කිරීම පිළිබ`දව, නෝර්වේ වගකිව යුත්තා කළ යුතු ය. නෝර්වේ මාතෘකා කිහිපයක් පිළිබ`දව යන්තමින් මතු පිටින් බලා, තම ප‍්‍රතිරූපය රැුකගෙන, අත සෝදාගෙන බේරෙන්නට වෑයම් කිරිමට පෙර, සියළු කරුණු කාරණා හො`දින් පිරික්සා, කිසිවක් අත නොහැර වාර්තාගත කිරීම ශ‍්‍රී ලංකා රජයේ හා ජනතාවගේ යුතුකමය. නෝර්වේ විසින් ර`ග පෑ සත්‍ය භූමිකාව අප ඉතිහාස පොත්වල එක් පරිච්ෙඡ්දයක් විය යුත්තේ, සියතින් දිවි තොර කර ගැනිමක් බ`දු වූ සාම උගුලකට (ශ‍්‍රී ලංකා ජාතිය කිසි දිනක* බලෙන් තල්ලූ කිරීමට ඉඩ නොතබන්නට ය.

මේ ලියවිල්ල ‘අත් පිට’ සාක්ෂි ඉදිරිපත් කරන, මනාව හේතු දක්වන්නකි.

උගත් පාඩම් පිළිබ`ද නෝර්වීජියානු වාර්තාව
කනා කණ වැල ඇල්ලීමක්
කුමාර් රූපසිංහ. 2011 නොවැම්බර් 19 දින, ප.ව 6.20
නෝර්වීජියානු සාම කර්මාන්තයෙන් නහුතයටම මුදල් ලැබු නිසා මොහු ද පිළිතුරු ගොන්නක් සම`ග සිටී. ඔහු දැන් පිල් මාරු කොට ඇත. පිල් මාරු කිරීමට ඔහු හේතු ද දක්වයි. එහෙත්, ඔහු කවරෙක් දැයි කවුරුත් දන්නා හෙයින්, ඔහු සපයන තොරතුරු ද එකිනෙකට නොගැලපෙන්නා සේ පෙනේ. දැන් ඔහු ආපසු කොළඹට පැමිණ, යුධ – විරෝධි පෙරමුනෙහි නම ‘ප‍්‍රයත්න ’යනුවෙන් වෙනස් කොට, එල්.ටි.ටී.ඊ.ය විවේචනයට ලක් කරමින් සිටි.

මගේ සිත තුල වද දෙන සුපැහැදිලි ප‍්‍රශ්නය නම් ඃ
ඇත්තෙන්ම කුමාර් පිල් මාරු කර තිබේ ද? නැතිනම් ඔහු, සතුරු පිලට යැවු තෑගි අශ්වයකු වැනි, දිනුම් පිලට රිංගා ගැනිමට ක‍්‍රාමෝපායිකව යොදවන ලද්දෙක් ද?

කෙසේ වෙතත්, කුමාර් රූපසිංහ අන්තිමේ දි පියවි සිහියට පත්විම ගැන මම සතුටු වෙමි.
මා 1985 – 1989 අතර කාලයේ ශ‍්‍රී ලංකා සංගමයෙහි සභාපති ධූරය දරන වකවානුවෙ හි දි ඔහු මට හමු විය. ඔස්ලෝහි, ඔහු විසින් පවත්වන ලද ‘සමුළු’ වල ආරාධිතයෙක් වීමී. මට පසුව සරත් ඒකනායක සභාපති තනතුරට පත් විය. ඔහු මේ ප‍්‍රචාරක සටනට එරෙහිව කිසිවක් නොකළේ ය.

කුමාර්, PR10 හෙවත් සාම පර්යේෂණ ආයතනයේ මුවාවට සිටි පුද්ගලයා විය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්න හා ප‍්‍රතිපත්ති වර්ධනයන් පිළිබ`දව, සියළු දේ දැන සිටි ආයතනය ඡුඍ 10. ඇත්තෙන්ම නෝර්වේ රටට අවශ්‍ය වූයේ දෙමළ ජාතීන්ට කෙරෙන අසාධාරණයන් හුවා දැක්වීම ස`දහා ඉදිරියෙන් සිටින්නකු වන සිංහල ‘ටොම් මාමා ’ කෙනෙකි.

මා ඔස්ලෝහි ගත කල කාලය තුලදි, ‘එල්.ටී.ටී.ඊ බෝයිස්’ ලා කුමාර් කොයි තරම් උසස් මහත්මයකු දැයි මා සම`ග කියනු මට මතකය.

ඒ කාලය, මම තනි වු කාලයක් සේ දැනුනේ, මම තනි ව හඬක් නැගුවෙකු, නැත, ඔස්ලෝහි සිට නැගූ එකම හඬ වු නිසා ය.

එල්.ටී.ටි.ඊ. ත‍්‍රස්තයන්ගේ හද බිමෙහිම, මම දීර්ඝ කාලීන සටනකට සූදානම් වෙමින්, ඉතා පරිස්සමින්, බුරුලෙන් පා තැබුවෙමි.

නෝර්වීජයානු වාර්තාව ඃ ඉත්තෙක් ද? ඉස්සෙක් ද?
ගෝමින් දයාසිරි විසිනි. 2011 නොවැ. 21 දින ‘ ද අයිලන්ඞ් ’ පුවත් පතින් උපුටා ගැණිනි.

ගෝමින් අප යොමු කරන්නේ ම`ග හැරිය නොහැකි කරුණක් වෙතය.

වාර්තාවේ විනිසුරුකරු මෙන්ම ජූරිය ද නෝර්වේ ම වන හෙයින්, ඔහුන් විසින් කරන ලද වඩා සංවේ දී වැරදි ගැන ස`දහන් නොකරමින්, වෙනත් දිශාවන් වෙත දෝෂාරෝපණ යොමු කරයි.
ඔහු ද, ‘ක්‍රෝනර් මිලියන ප‍්‍රශ්නය‘ ට පිළිතුරු දිමට අසමත් වෙයි.

අසාර්ථක වූ සාම ක‍්‍රියාවලිය ඃ නේටෝ සහ නෝර්වීජියානු යුද භූමිකාව හෙලි වේ
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු – 2011 නොවැ. 21 දින ‘ ද අයිලන්ඞ් ’ පුවත් පතෙහි අනුග‍්‍රහයෙනි.

ශමින්ද්‍ර, ගෝඨාභය උපුටා දක්වන්නේ මෙසේ ය.

‘එල්.ටී.ටී.ඊ’ ය යුද්ධයට සූදානම් වන බවට වූ අපගේ තක්සේරුව, විදේශීය බුද්ධි සේවා වලින් තහවුරු කරද්දීත්, සාම ක‍්‍රියාවලියටමුල් වි කටයුතු කල අය, ශීඝ‍්‍රයෙන් පිරිහෙමින් පැවතුණු තත්වය නුදුටු න්‍යායෙන් සිටිය හ.’

වැදගත් තොරතුරකි. එහෙත්, තවමත් ගැඹුරට නිදා බැස නොමැත.

නෝර්වේ අසාර්ථක වූ වෑයම
බන්දුල ද සිල්වා – 2011 නොවැ. 21 වැනි දා ‘ ලංකා වෙබ්’

බන්දුල ඉතා වැදගත් කරුණකට හරියටම යොමු කරන නමුත් ඔහු නැගූ ප‍්‍රශ්නයට පිළිතුරක් සපයන්නේ නැත. ශ‍්‍රී ලංකාව පිළිබ`ද ප‍්‍රශ්නයේ දි පිටස්තර පාක්ෂිකයන් කිසිවක් හවුල් වනවාට ඉන්දියාව කොහෙත් ම කැමති නැති බැව් නෝර්වේ සහ සොල්හයිම් හො`දින් දැන සිටිය හ.

එහෙත් නෝර්ටිජියානු ප‍්‍රයත්න ආරම්භ වූ විට ඉන්දියාව දැඩි නිහඬතාවයක් රැුක්කේ ය.මේ නිහඬතාවයෙන් අදහස් කරන දෑ නෝර්වේ/සෝල්හයිම් හරියාකාරවම හැ`දිනගත්හ. ඒ නිසා, ඉන්දියාවට දැඩි ප‍්‍රතිවිපාක ඇතිවිය හැකි වු ඔහුන්ට ආසන්නවම පැවති ගැටළුවකට මැදිහත් විම පිළිබ`දව, ඉන්දියානු සංවේදිතාව කුමන ආකාරයක වේ දැයි අවබෝධ කර ගත් ඔවුහු වහා නවදිල්ලියට ගියේ ඔහුන්ගේ භූමිකාව පැහැදිලි කිරිමටය. ඉන් පසුව සිදු වන දෑ පැහැදිලි කිරිමට ද බොහෝ වාර ගණනක් ඔවුහු එහි ගියහ. එහෙත්, නෝර්වේ මේ අස්ථාවර කිරීමේ බහා ක‍්‍රීඩාවේ යෙදී සිටිය දි, ඉන්දියාවේ සිතැ`ගි ක‍්‍රියා කළ ආකාරය ගැඹුරින් සිතන ඉතිහාසඥයෙකුට පහසුවෙන් ග‍්‍රහණය කල හැකිය. ඇත්තෙන් ම, එම අවස්ථාවේ අපේ ‘ලොකු අයියා‘ සිටියේ සුක්කානම හෝ හබලක් හෝ නැතිව මහ මුහුදේ අතරමං වීලාය.

මෙහි දී ම`ග හැරිය නොහැකි කරුණු වූයේ ඃ
x ශ‍්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ද සැබවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවා දි රටක් විය.
x ඉන්දියාව මේ ත‍්‍රස්තවාදී යක්ෂයා මැවීමට සහහාය වි, අහිංසක ලාංකිකයන් මත ඌ මුදා හැරියේ ය.
x ඉන්පසු 1987 දි ඔවුහු මේ රුදුරු යක්ෂයාට ආධාර කිරීමට පැමිණිය හ. ඔවුන් මවාලූ මේ යක්ෂයා, මස් බුදින, මහා හිනමානයක් ඇති, අතිශයින් ජාතිවාදී එකෙක් බව බියෙන් තැති ගනිමින් අවබෝධ කර ගත්තෝය.

ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති වූ හෙයින්, ඔවුන්ම හැදු වැඩු යක්ෂයාට විරුද්ධව යන්නට පියවර තැබු හ. මේ කි‍්‍රයාවලිය මුළු ඉන්දියාවම ග‍්‍රහණයට ගත්තේ ය. ඉන්දියාව මෙරටින් ඉවතට තල්ලූ කල පසු, කතෝලික ප‍්‍රභාකරන් පුරසාරම් දෙඩුවේ, විශාලත්වයෙන් ලෝකයේ පස්වන තැන ගත් යුද යන්ත‍්‍රණය ඔවුන් විසින් පරාජය කරන ලද බවයි. ඇත්ත වශයෙන්ම මෙය ඉන්දීය ඉතිහාසයේ ඉතා අවමානශීලී අත්දැකීමක් විය.

පළමුව ඔවුනට තමිල්නාඩුවේ සංවේදනා සැලකිල්ලට ගැනීමට සිදු විය. ඇත්තටම, මෙම ත‍්‍රස්ත පැකේජය තමිල්නාඩුවට විකුණුවේ ‘නිදහස් අරගලයක් ’ ලෙසට ය. නෝර්වේ ද ඉන්දියාව අනුගමනය කල ප‍්‍රතිපත්තියම අනුගමනය කලේ ය. සිය ස්ථාවරය වෙනස් කිරීමට හේතුව, තමිල්නාඩුවේ ජනතාවට පැහැදිලි කිරීමට ඉන්දියාවට සිදු විය.ඒ සිදුවීම හරියටම, හබලක් නැතිව, වර්චස් ගංගාවක උඩු ගං බලා යාත‍්‍රා කරනවා වැනි ය.

එසේ ශ‍්‍රී ලංකාවේ දී තමන් කර ගත් අකරතැබ්බයන්ට සාධාරණ හේතූන් ඉදිරිපත් කිරීමට නොහැකිව අනා ගත් ඉන්දියාව, අන්දමන්ද වූ අමනයෙකු සේ දිස් විය. ඒ අතර නෝර්වේ කතෝලික ඊලාමයක් පිහිටුවීමට සමත් වූයේ නම්, ඉන්දියාව මුළු ලෝකයේම හාස්‍යයට ලක් වනවා පමණක් නොව, ඔවුන් පසුපස ලූහු බ`දින දැරුණු සතුරෙකු ද ඇති කරගන්නට තිබුණි.

එ පමණක් ද නොව, ශ‍්‍රී ලංකාවේ ‘ටොම් මාමලා’ වන රනිල් සහ චන්ද්‍රිකාට, නොබෙල් සාම ත්‍යාගය බදා ගැනීමට ලොබින් දෑත් දිගු කරගෙන, පාලන බලය අත්කරගෙන තිබුණි. මේ නිසා නෝර්වේ කොහොමටත් දිනන තත්වයක පැවතුණි. කොටින් කියතොත් ඉන්දියාව සාධාරණීකරණය කළ නොහැකි තත්වයට පත් වුණි.

නැවත වරක් ගොනාට අත්දා ගැනීමට සූදානම් ද?

මහින්ද වීරසිංහ ඃ 1999 අපේ‍්‍රල් 18 දින ‘ සන්ඬේ අයිලන්ඞ් ’ පුවත්පත.

‘නැවතත් වාරයක් ගොනාට අත්දා ගැනීමට සූදානම් ද? Are you ready to be taken for another ride ? ?* නම් වූ මගේ ලිපිය පල වු 1999 අපේ‍්‍රල් 18 දින ‘ සන්ඬේ අයිලන්ඞ් ’ පුවත් පත වෙත මගේ මතකය අවදි වෙයි. මම මේ ලිපිය රැුගෙන තුන් මසක් ම, සෑම ප‍්‍රධාන පුවත්පත් කාර්යාලයකටම ගියෙමි. අවසානයේ දී ‘සන්ඬේ අයිලන්ඞ්’ කතුවරයා වු මැණික් ද සිල්වා හා සම්බන්ධ වූ පසු, දේශානුරාගීත්වයෙන් බි`දක් තවමත් ඉතිරිව තිබු මොහු. එම පුවත් පතෙහි මේ ලිපිය පල කළේ ය. ඇත්තෙන් ම, මේ වන විට මගේ අවසාන අවබෝධය තිබුනේ අතේ දුරින් ය.

මේ වාර්තාව ¥රදර්ශී ලෙස කියවී, නම් නෝර්වේ විසින් ගෙන ගිය දොලොස් වසරක ( 1997 – 2009 * ‘සාම’ ප‍්‍රයත්නය මුළු මනින්ම අක‍්‍රීය කිරීමට අවස්ථාව තිබුණි.එහෙත් එම ඉතිහාස ගත අවස්ථාව වන විට ලාංකිකයන්ට මේ ගැන කියන්නට වෑයම් කිරිම ‘ බීරි අලියන්ට වීණා වැයීම’ වැනි විය. ඔවුන් කොතරම් තද නින්දක පසු වූවා ද කිවහොත් ඔවුන් කිසිම අන්දමකින් අවදි කිරීමට හැකි නොවී ය.

ඉහත දැක් වූ කතුවරු වාර්තාගත ඉතිහාසය මත ඔවුන්ගේ තක්සේරුව පාදක කොට ගෙන සත්‍ය විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. එහෙත් ශී‍්‍ර ලංකාවේ දී නෝර්වේ අනුගමනය කල අමුතුම භූමිකාව ග‍්‍රහණය කිරීමට නම්, ඔවුන් මීට වඩා බොහෝ ගැඹුරට කි`දා බැසිය යුතු වේ.

තෙපර බාන්නේ නැතිව, මා දැන් මෙහි දී ප‍්‍රකාශ කරන කරුණ නම් ඃ
ශ‍්‍රී ලංකාවේ සාම පහසුකම් සැලසුම් කරු ලෙස ක‍්‍රිය කිරීමටත් පෙර සිටම, නෝර්වේ ශ‍්‍රී ලංකාවෙහි ත‍්‍රස්ත ක‍්‍රියාවලියට උල්පන්දම් දෙමින් ඒ ස`දහා මූල්‍ය පහසුකම් සැලසු බවයි. මෙහි දී ඇසිය යුතු නියම පැනය නම් ඃ මෙම පහසුකම් සැලසීමේ ක‍්‍රියාවලිය හා සම්බන්ධ වූ රජයක් තුළ වූ තවත් රජයක් තිබූනේ ද යන්නයි. ඇත්තටම මට පෙනී ගියේ, ඊටත් වඩා බැ?රුම් තත්වයක් මෙහි පැවති බවය.

ඉතා ඈත පිහිටි ශ‍්‍රී ලංකාවේ සිය නාමයෙන් ලබා ගත් ජයග‍්‍රහණයන් පිළිබ`දව නොර්වේහි පොදු ජනයා කිසිවක් දැන සිටියේ නැත. ඒ නිසා, ”පාරිශුද්ධ වූ” රණකාමීන් අතලොස්සක් විසින් කළ ක‍්‍රියවන් නිසා, මුළු නෝර්වේජීයානු ජාතියටම චෝදනා කිරීම වරදකි.

නෝර්වේ විදේශ කාර්යාලය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කළ මහා සැලසුම පිළිබ`දව ෆෝල්ක් රෝවික් හැර වෙන කිසිවෙක් කිසි දා ක ප‍්‍රශ්නයක් නැ`ගුවේ නැත. එහෙත් ඔහුට ඒ මැදිහත් වීම වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදු විය.
මෙම වාර්තාවේ අරමුණ වන්නේ, නෝර්වේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලපෑම් යථා තත්වයේ පවතිද්දී ම ඊට යටින් රිංගා ගොස් මේ තරම් සියුම් ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කලේ කෙසේ දැයි තහවුරු කිරීමය. ඔවුන් එය ක‍්‍රියාත්මක කලේ කෙසේ ද? ඒ මන්ද? කුමන යටි අදහසක් තබාගෙන එසේ කලා ද? යන මේ කරුණු බොහෝ දෙනාට ග‍්‍රහණය කළ නොහැකි ය.

මේවා පිළිබ`ද සාධ්‍ය පිළිතුරක් සොයා ගැනීමට නම්, අපට කරුණු ගණනාවක් ම ගැන සලකා බැලීමට සිදු වේ.

නෝර්වේජීයානුන්ගේ සංස්කෘතික හා මානසික මූලයන් තෝරාගත් අවස්ථාවද, නොසැලකිලිමත් නෝර්වේජීයානු කතෘවරුන්ගේ ස්වභාවය ද, යන මේ කරුණු, ආරක්ෂිත නිළධාරී තනතුරු පදවි දරන නූල් සූත්තර කරුවන්ගේ රහසිගත ක‍්‍රියාකලාපයන් එකිනෙක හා ගලපා බැලිය යුතු ය.

මේ ක‍්‍රියාවලිය සියළුම නෝර්වේජීයානුන් ගේ එක`ගත්වයෙන් සමගාමී ව ක‍්‍රියාවට නංවන බැව් අවශේෂ ලෝකයාට ඒත්තු ගන්වන අයුරින් වසන් කොට ක‍්‍රියාත්මක කරන ලදී. මේ සියල්ල සැලසුම් කොට සිතියම් ගත කළ මහා මොළකරු වූයේ දෙමළ කතෝලික ක‍්‍රියාකාරී කණ්ඩායම යි.

1990 වන විට, මා සතු වූ සීමිත සම්පත් භාවිතා කරමින්, මා සැක කළ කරුණු ලාංකිකයන්ට හා නෝර්වේජීයානුන්ට සැපයීමට මම වෑයම් කලේමි. සත්තකින්ම, හැම පැත්තෙන් මට අවහිරතා ඇති කරන ලදී. නෝර්වේජීයානු විදේශ කාර්යාල සැපයු මුදලින් තර වූ කතෝලික බලවේගය විසින් මාගේ ව්‍යායාමයන් නිරන්ථක කෙරුණි. ශ‍්‍රී ලංකා මාධ්‍ය ඔවුගේ අයෝමය ග‍්‍රහණයට නතු වී තිබුණි. එ බැවින් ම, මා විසින් යැවු කිසිවක් පළ කිරීමට ඔවුනට අවසරයක් නොමැති විය. ඇත්තටම නෝර්වේ රට ඇතුළත ද බොහෝ කතෘවරුන් ක‍්‍රියා කලේ බලවත් වූ විදේශ කාර්යාලයේ අධීක්ෂණය යටතේ ය. ඒ වෙනුවෙන් ඔවුනට යහමින් මුදලින් සංග‍්‍රහ කරන්නට ඇතුවාට නිසැකය. මෙහි දී කුමාර් රූපසිංහ ගෙන් හා කරුණාගෙන් ලැබුණු තොරතුරු මගේ සොයාගැනීම් තහවුරු කරනු ඇත.

නෝර්වේජීයානු කතෘවරු කෙතරම් ‘ස්වාධීන’ චින්තනයක් ඇත්තන් ද යන වග රෝවික් පලහිලව්වෙන් පෙනේ. අසරණ වූ නරියකු පිටුපස ලූහුබ`දින දඩ බලූ රැුලක් මෙන් ඔවූහු ඔහුගේ උගුරු දණ්ඩ හපා කන්නට පිනූහ. විමර්ශන මාධ්‍යය කලාවේ මූලික ප‍්‍රතිපත්ති බි`ද හෙලමින් ඔවුහු සියළු දෙනා ෆෝල්ක් රෝවික් ගැන එකම දින (2007 අපේ‍්‍රල් 20 වෙනි දා * එකම කතාන්දරය පළ කළ හ.

නෝර්වේහි සාමාන්‍ය වාතාවරණය තුල නම් මෙය කොහෙත්ම කළ නොහැකි කාර්යයක් විය. ඔවුහු එය ක‍්‍රියාත්මක කළේ මන් ද? සහ කෙසේ ද? යන කරුණු මගේ සොයා ගැනීම් තව දුරටත් තහවුරු කරයි.

රෝවික් ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට අදහස් කළ දේශනයේ අන්තර් ගත කරුණු එළිදරව් වී නෝස්ක් මාධ්‍ය තුලට ැඅතුලක් වූයේ නම්, ඒවා වළලා දැමීමට ඔවුනට විශාල ප‍්‍රයත්නයක් දැරීමට සිදු වන්නට තිබුණි. නෝර්වේ විදේශ කාර්යාලය විසින් දීර්ඝ කාලයක් තිස්සේ ම මේ කර්තෘවරුන්ට ජාත්‍යානුරාගය හා දේශානුරාගය පිළිබ`ද හැ`ගීම් බෙහෙවින් පොවා තිබුණි.එමෙන්ම, රෝවික් දේශානුරාගී විරෝධි වික්ෂිප්ත මනසක් ඇති ත‍්‍රස්තවාදියෙකු හා මිනීමරුවකුු ලෙස හංවඩු ගසා තිබුණු අතර, මේ කර්තෘවරු එම කරුණු කිසි දා විමර්ෂණයට ලක් නොකළ හ.

මේ කර්තාවරුන්ට සුපැහැදිලි ප‍්‍රශ්නය අසන්නට තිබුණි ඃ- ෆෝල්ක් මිනී මරුවකු නිසා ඔහු සතු තොරතුරු නෝර්වේ රාජ්‍යයෙහි අභිරුචියට පටහැනි වේ යැයි ඔවුන් කනස්සල්ලට පත් වූයේ නම්, යාපනයේ සමූහ ඝාතකයෙකුට අනුබල දුන්නේ කුමන සාධාරණත්වයකින් ද? ඇරත්, ඉන්දියාවේ අගමැති වරයෙකුගේ මිනී මරුවාට ද?

එහෙත්, කිව යුතු ම කරුණ නම්, මේ නෝර්වීජියානු කර්තෘවරු, විදේශ කාර්යාලයේ අවසාන ප‍්‍රහාරය කුමක් දැයි කිසි සේත් දැන නොසිටි බවයි. ඇත්තටම. කතෝලික පිරිස, ඉදිරියේ සිදුවීමට තිබුණු තවමත් සිදු නොවුණු කිසියම් සිද්ධියක් බලාපොරොත්තුවෙන් බලා සිටියහ. ඒ, 1983 සිදු වු සිද්ධීන්ය. එය ඔවුනට සිතූ පැතූ දේ දෙන ‘මැජික්’ යෂ්ටියක් සේ විය. එදා සිට. යාපනේ කතෝලික දෙමළුන් ‘එය’ ඔවුන්ගේ සියළු භීතිකාවන්ට පදනම් ලෙස භාවිතා කළහ. එහෙත්, ‘අසූචි ගොඩක් විසි කළොත්, ඉන් ටිකක් කොහේ හෝ ඇලෙනු ඇත’ යන කියමන ඇත්තක්මය!

නෝර්වේ වැනි ජාතියක්, ඔවුන් සම`ග කිසිම සම්බන්ධයක් නැති රටක මෙතරම් සුවිශේෂ ලෙස මැදිහත් වූයේ මන් දැයි තේරුම් ගැනීමට කුතුහලයක් ඇති ඕනෑම කෙනෙක් උනන්දු වනු ඇත. මේ දෙරට එකිනෙක හා නො සැසෙ`ද්. ඔවුන් අතර හෙතිහාසික සබැ`දියාවක් නොතිබුණි.

එහෙයින්, නෝර්වීජියානුන්, ලංකාවේ ‘සාම පහසුකම් සලසන්නා’ වීමට පිම්මක් පැන්නේ කෙසේ ද?

නෝර්වේ ලංකාවේ කටයුතු වලට මැදිහත් වීම ගැන ඇති ඕනෑම කතන්දරයක් ආරම්භ විය යුත්තේ ආර්න් එෆ් ජෝටොෆටි ගෙනි. ඔහු 1967 දි ලංකාවට ගොඩ බැස. යාපනයේ දි ඔහුගේ සී-නෝර් (CEY – NOR) මාළු ව්‍යාපෘතිය ආරම්භ කලේ ය. 1970 ගණන් අවසාන වන විට ඔහු හ`දුන්වන ලද්දේ ‘යාපනයේ රජතුමා’ ලෙසය. මුල දී ආර්න් (්රබැ* ගේ අභිමතාර්ථ හා න්‍යාය පත‍්‍රය කුමක් දැයි හරි හැටි පැහැදිලි නූන ද, 80 ගණන් වල මුල් කාලය වන විට ඔහු මුළු ක‍්‍රියාවලියම සවිමත් කළ බව නම් සත්‍යයකි.

70 දශකයේ පසු භාගයේ දී, යාපනයේ දෙමල කතෝලිකයන්ට හා එල් ටී ටී ඊ සාමාජිකයන්ට නෝර්වේ රටට පැමිණීමට පහසුකම් සැලසු ආර්න් රටේ දේශපාලන ප‍්‍රභූ පිරිසට ඔවුන් හ`දුන්වා දුන්නේ ය. මේ අන්දමින් දෙමළ ජාතී වාදීහු විවිධ දේශපාලන ධාරාවන්ට රිංගා ගත් හ. අන්ත වාදී වමේ සිට අන්තවාදී දකුණට ද, අතර මැද වූ මාධ්‍යට පක්ෂ වලට ද ඔවුහු රිංගූ හ. ඒ ම`ගින් ඔවුන්ගේ ‘අසරණ අපි ‘ නම් ඇ`ඩි කතාව, නෝර්වීජියානු මාධ්‍ය තුල රැුව් පිලි රැුව් දෙන තේමා ගීතය ලෙස පැල කළ හ.

මේ මුළු දර්ශන තලයම හරි හැටි වටහා ගැනීමට නම්, ඉතිහාසයෙහි මෙම අවස්ථාව වන විට නෝර්වීජියානුන් ගේ මානසික සැකැස්ම අපි ගැඹුරින් අවබෝධ කර ඉගත යුතුය. ඔවුන්ගේ චින්තන රටාව සම්පූර්ණයෙන් ම හ`දුනාගත් යාපනයේ කතෝලික දෙමළු, එයින් නහුතයටම පල ප‍්‍රයෝජන ගත් හ.

නෝර්වීජියානුන් ගේ ‘අපි සුදනෝ ‘මානසිකයෙන් ප‍්‍රයෝජන ගත් ඔවුුන්, ‘කුමක් කියම් ද?’ ‘ මොන වෙලාවේ කියම් ද?’ ‘කෙසේ කියම් ද?’ කියා හො`දින් දැන සටියහ. යුරෝපිය මට්ටමින් මැන බැලූව ද, නෝර්ක්ස් ජනයා ගුප්තය. ඔවුන්ගේ සමාජයේ විසීමෙන් ම මම ඔවුන් හො`දින් හ`දුනමි.

ඔවුගේ සමාජයෙහි සාධාරණත්වය හා සමානාත්මතාවය යන අදහස් ඔවුන් තුළට කා වැදි ඇත්තේ රන් කිරි කට ගෑ අවදියේ පටන්ය. පුද්ගලයෙකුගේ සමානාත්මතාවය හා නිර්භේද්‍ර්‍යතාවය ඔවුහු ඉතා අගේ කළ හ. පුද්ගලාභිවෘද්ධිය යන මතවාදය ගොඩ නැ`ගුනේ සමාජයේ ඉහළ නගින්නන් පිළිබ`දව මොවුහු තදින් සැක කළ නිසාත්, පිළිගත් සමාජ ධූරාවලීන් ප‍්‍රතික්ෂේප කළ නිසාත්. බවට තර්කයක් පැන නැගී ඇත.

නගරය හා දේශය මෙන් ම ස්ත‍්‍රී පුරුෂභාවය හෝ පංතිය හෝ කුමක් සම්බන්ධයෙන් වුවද, සමානාත්මතාවය ධනාත්මක අගයක් ලබා දි ඇති බව දේශපාලන අලංකාරෝත්තියකි. කිසිම දේශපාලඥයෙකු තමා අසාමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින බව කිසි ලෙසකින් හෝ නොකියනු ඇත. ජාන්ටේගේ න්‍යාය (Law of Jante) විවිධ ආකාරයෙන් ප‍්‍රකාශ කරන්නේ ‘තමා තමන් ගැනම උසස් කොට නොසිතිය යුතු ය’ යනුටවෙනි. වෙනත් අන්දමකින් කියතහොත්, ප‍්‍රතිභාවයෙහි හා සුවිශේෂිබවෙහි අගය අඩු කර ගන්නා වූ සමානාත්මතාවය පිළිබ`ද මතවාදයක් මෙයින් ප‍්‍රකාශිතය.

70 ගණන් වන විට මෙවැනි ආකල්ප වලින් හැඩ ගැසුණු නෝර්වීජියානු සමාජය ‘පංති රහිත සමාජයක්’ විය. ආගම, ජාතිය, කුලය, පංතිය හෝ තරාතිරම ගැන කිසිවෙක් නොතැකූ හ. පිටස්තරයන්ට ඔවුන් අනුගමනය කිරීමට කිසිදු බලපෑමක් නොවි ය. නෝර්වීජියානුන්ට අවශ්‍ය වූයේ ජීවිතය විනෝදයෙන් ගත කිරීමට ය.

‘ජීවත් වෙමු, අනුන්ට ජීවත් වන්නට ඉඩදෙමු’ යනු ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය විය. ඇත්තෙන්ම මෙම කාලය තුලදි පල්ලියේ බලය හීන වෙමින් තිබුණු අතර. ඒ සමුගම ඔවුන්ගේ ‘අපි සුදනෝ’ ආකල්පයද එම ඉරණමට ලක්වුණි. ශ‍්‍රී ලංකාවේ සිදුවන දෑ හෝ මේ පොළෝ තලයේ වෙනත් තැනක සිදුවන දෑ හෝ ගැන තුට්ටුවකට හැ`ගීමක් ඔවුන් තුළ නොවී ය.

ඉතින් ඇත්තටම නෝර්වීජියානුන් කොයි වගේ ද? ඔවුන් වෙනත් ජනයාගෙන් වෙනස් වූයේ කෙසේ ද? මූලික වශයෙන්, ජාතිකානුරාගය හා ජාතිකත්වය, ජාතිකානුරාගීන් විසින් මනඃකල්පිත ව මවා ගත් සංස්කෘතික නිර්මිතයන් ය.ඓතිහාසික වශයෙන් බාහිර බලපෑම් වලින් ආරක්ෂා වීමට මේවා ආධාර විය.

ඉතිහාසයට අනුව, නෝර්වේ, අ`දුරු ආක්ටික් ජලයෙන් නැ`ගුණු, පාළු පාෂාණ ප‍්‍රපාතයන්ගෙන් සැ`දුණු රටක් විය. එහි විසුවෝ, ඔවුන්ගේ රළු සතුරු පරිසරයෙන් ආයාසයෙන් ජීවිකාව ගොඩ නගා ගත් සුළු ජන කොටසක් වූ තරබාරු ගොවි ප‍්‍රජාවකින් හා රළු ධීවරයින්ගෙන් ද සමන්විත විය.

සරල බසින් රටක් විස්තර කරන්නට විදේශිකයෙකුට පහසු නොවේ. නෝර්වීජියානුන්ට ද එය එසේම ය. 19 වන සියවසේ නෝර්වීජියානු ජාතිකානුරාගය පැන නැගීමත් සම`ග නෝර්වීජියානු ජාතික චරිත ස්වභාවය පිළිබ`ද සාකාච්ඡුා ජන ජීවිතයෙහි උණුසුම් මාතෘකාවක් බවට පත් වූ අතර. ඉන් සැම විටම බලවත් ආවේගයක් පැන නැ`ගුණි. නෝර්වේ රට ෆියෝඩ සහ රළු ගල් සහිත භූමියකින් සැදුණු විශාල වූ දිගටි වූත් බිම් තීරුවකි.

හිරු පායා ඇති දිනෙක මෙම බිම් පෙත දෙස ආසන්නව බැලූවේ දර්ශනීය ලෙස පෙනේ.

එහෙත් ඔබ මධ්‍ය කාලීන යුගයෙ හි නෝර්වේ හි විසුවේ යැයි සිතන අ`දුරු ශීත දිගු රැුයවල් සහිත, හුදකලා ක`දුකර බිම් ඇති, නිමක් නොමැති ව ඇදී යන දිවා කාලයෙන් යුතු මේ රට ගැන සිතන්න. ශ‍්‍රී ලාංකිකයකුට නම් මෙය ආකාර්ශනිය නො අනුමානය. විදුලි බල ජාලයක් නොමැති, නල ජල පහසුකම් නැති, ගම් හා නගර සම්බන්ධ කරන මංමාවතින් තොර වූ රටක් දැන් සිතින් මවා ගන්න. එය හිමෙන් පුරවා, එහි උෂ්ණත්වය සෘණ 50 ට පහළ දමන්න. මෙහි විසිමට නම් ඇස්කිමෝවරුන් මෙන් හැ`ද පැළ`දගත්, ඔබ මොබ යාමට හිම සපත්තු භාවිතා කරන පිනුම් කාරයකු විය යුතුය. හැම කෙනෙක්ම අනෙකාගේ වගතුග කිට්ටුවෙන් දන්නා මෙවැනි කුඩා ප‍්‍රජා ඒකකයන් හි විසීම තැති ගන්නා සුළු විය හැක.

ඔබ සිංහලයෙකුට පුරුදු පරිදි සුළුදිය පහකොට සෝදා පිරිසිදු විමට හෝ දැන් සේදීමට හෝ ස්නානය කිරිමට හෝ අවශ්‍ය වුවා යැයි මොහොතකට සිතන්න. ජලය අයිස් කැට මෙන් සීතලය. එය අල්ලන පමාවට මිදෙයි. ඒ නිසා සේදීම අමතක කරන්න. නෝර්වීජියානුන් ට දරා ගන්නට සිදු වූ, දුෂ්කර වූ යථා තත්වය මෙයයි. ඔවුන්ගේ ජාතික චරිත ස්වභාවය හැඩ ගැසුණේ ද මෙවැනි දුෂ්කරතාවන් වලිනි.

(Next part will appear in a week time)

*

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress