රජුන් තැනීම හා දොරකඩ මාරාව
Posted on November 21st, 2014

ආචාර්ය චන්දන ජයලත්

ඕනෑම බිබික්කමක් වෙනුවෙන් තම වටිනා ඡුන්දය දීමට පෙළඹෙන ජනතාවක් සිටිති. අපි කැපුවත් කොළ පාට නැත්නම් නිල් පාට යැයි උජාරුවෙන් සිටින තවත් පිරිසකි. බහුමතවාදී ලාංකීය ඡුන්ද පදනමක් තූල වැනි වැනී සිට අවසන් මොහොතේ යන දිශාව බලා ඡුන්දය දෙන රැුල්ලකුත් නැතුවා නොවේ. තව පිරිසක් ඡුන්දය කටු ගා එති. තවත් අය ඡුන්දය දීමෙන් වැළකී සිටිති. මේ දෙකෙන්ම සිදුවන්නේ තමාට ඇති වටිනාම ඡුන්ද බලය නිරපරාදේ නාස්ති කර ගැනීමයි. ඔවුන්ට අමතක වී ඇති කාරණය නම් තම කුස්සියේ ලූණු පොල් කට්ටේත් දේශපාලනය ගැබ් වී ඇති බවයි. තම කන බොන අඳින පළදින හා ජීවත් විය යුතු ආකාරය තීරණය කරන්නා තමා නොව දේශපාලනඥයා බවයි. ඉන් කිසිසේත් ගැලවීමට නොහැකි බවයි.

බොහෝ දෙනෙකුට නම් කොයි ඡුන්දෙත් එක වගේය. ළඟ ළඟ එන ඡුන්ද කෙරුවාව නිසා හැම එකක්ම එක වගේ පෙනෙයි. එකම කාරණය වෙනුවෙන් පරස්පර විරෝධී අදහස් මතු කරද්දී ජනතාවට සිදුව ඇත්තේ තමාට දැනෙන පරිදි තීන්දු ගැනීමටය. ජනතාවට අවශ්‍ය වන්නේ කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගෙන යහතින් ජීවත්වීමයි. මින් පෙනී යන්නේ බොහොමයක් ප‍්‍රශ්න සම්බන්ධයෙන් තිබෙන අඩු සංවේදීතාවයයි. වෙනස් වීමට ඇති ප‍්‍රතිරෝධයයි. දේශපාලන විඥානයෙහි ඇති ප‍්‍රාථමිකබවයි. ඉදිරියේ එන අකල් මැතිවරණය හමුවේ සංවර්ධනය, යහපාලනය හා ජිනීවා අර්බුදය යනාදී සියල්ලම පැටලූම් සහගතය. එහෙත් ජනතාවට තීරණයක් ගැනීමට සිදුව ඇත. ජනතාව තීරණ ගත යුත්තේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් කථිකාවතක් අවශ්‍ය යුගයක අපි පසුවන්නෙමු.

පළමුවෙන්ම, ජනතාව තීරණයක් ගත යුතුව ඇත්තේ අද ගැන නොව හෙට ගැනයි. සැබවින්ම තව වසර දෙකකින් පසුව රට පාලනය භාර ගන්නා ජනාධිපතිවරයා කවුරු විය යුතුද යන්නයි. මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුනත් එතුමා තව වසර දෙකක්ම රටේ නායකත්වය උසුලන බව මුලින්ම දත යුතුය. එනිසා ඡුන්දදායකයා පළමුවෙන්ම කළ යුත්තේ තම ”ඔර්ලෝසුව” ඉදිරියට කරකවා ගැනීමයි. එ් වන විට රට හමුවේ පවතින සමාජාර්ථික හා දේශපාලන වාතාවරණය ගැන කල් තබා පුරෝකතනයක යෙදීමයි. එය පාන් ගෙඩියක පෙති කපනවා මෙන් වෙන වෙනම වෙන් කළ හැකි තත්ත්වයක් නොවේ. සියල්ල එකම ප‍්‍රවාහයක ගමන් ගන්නා සාධක ගොන්නකි. එහි ව්‍යාකූලබව විසින් ඡුන්දදායකයා අතරමං කරද්දී නිවැරදි තීන්දුවක් ලැබෙතැයි අපේක්‍ෂා කිරීම උගහටය.

එනිසා ඡුන්දදායකයාට පහසුවෙන්ම කළ හැකි වන්නේ ඒ ඒ පාර්ශවයන් කියන කරන දේ පිළිබඳව නිහඩව බුද්ධිමත්ව ස්වයං විවේචනයක යෙදීමයි. ඡුන්ද සටනට බඳුන් වන කරුණු එකිනෙකට පෙළ ගස්වා කිරා මැන බැලීමයි. ඒ සඳහා සූදානම් වීමයි. යම් තර්කනයක් ගොඩ නගා ගැනීමයි. මෙහිදී තමාගේ මනසේ කාලයක් මුළුල්ලේ පැල පදියම් වී ඇති දේශපාලන වටපිටාව හා බැඳුණු චින්තනය තීරණයක් ගැනීමට බාධා පමුණුවයි. ස්වාධීන තීරණයක් ගැනීමට උදව් නොකරයි. චින්තනය ඔප මට්ටම් වන්නේ තමා හොඳ සවන් දෙන්නෙක් වුවහොත් පමණි. එ් සඳහා ඉවසීමද අවශ්‍යය.

මේ දිනවල කතා බහට ලක්වන මාතෘකා තූනක් මම දකිමි. කොටි හිතවාදී දමිළ ඩයස් පෝරාවේ බටහිර කි‍්‍රයාකාරකම් හා ජිනීවා මානව හිමිකම් අර්බුදය හමුවේ රජයක් හැටියට ගත් පියවර ඉන් පළමු වැන්නයි. දෙමළ කොටි හිතවාදීන්ට සුරතල් කළ හැකි වැනෙන නායකයකු පත්කර ගැනීම හරහා 13වන ව්‍යවස්ථා සංශෝධනයට වඩා එහා ගිය තත්ත්වයක් තුළ තම අවසාන ඉලක්කය වූ දමිළ ඊළමට පාර කපා ගැනීමට සියලූ දේශීය හා විදේශීීය බලවේග පොළඹවා ගැනීම මොවුන්ගේ එකම අපේක්‍ෂාව වන හෙයින් පවතින රජය රැුක ගැනීම හා මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් බලයට පත්කළ යුතූ බවට රජයේ පාර්ශවයෙන් තර්කයක් ගෙන එයි. 2009 මැයි මාසයෙන් ඇරඹි අළුත් කාල පරිච්ෙඡ්දය නව දිශාවකට යොමු කිරීමට මග පැ¥ හොදම අවස්ථාව අතපසු කර ඇති බවත් කළ යුතූව තිබූයේ රාජ්‍ය තාන්ති‍්‍රකවූ උපක‍්‍රමික වැඩපිලිවෙලක් තුළින් ජාත්‍යන්තරය දිනා ගැනීම විනා යුධ ජයග‍්‍රහණ ගැන නිතර දෙවේලෙ මැතිරීම නොවන බවත් විපක්‍ෂයේ මතයයි. එසේ නම් ජනතාව විසින් කළ යුත්තේ රටක් හැටියට ඊලම් මතවාදය ජාත්‍යන්තරය තුළ පරාජය කිරීම පිළිබඳව විචාරාත්මකව විමසා බැලීමයි. ඊට රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් ගත් ආයාසය කෙබඳුද යන්න කිරා මැන බැලීමයි.

දෙවන කාරණාව නම් යහපාලනය පිළිබඳව පවතින දැඩි කනස්සල්ලයි. රටේ සංවර්ධන ව්‍යාපෘති ආශි‍්‍රත කරුණු කාරණා ගණනාවක් එහි ඇත. යහපාලනය තුළ මූල්‍ය විනය හා වැඩ විනය ඇතුළත්ය. මෙහිලා විනිවිදභාවය පිළිබඳ ගැටඵව හැමෝම කතා කරති. ජාතික ආර්ථිකය තුළ ජනිත වන ආයෝජන අවස්ථා සුළු පිරිසක් අතට පත්වීම, සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන කෙරෙහි පවතින අවිස්වසනීයත්වය, මහජන මත විමසුමකට ලක් නොකිරීම යනාදී බොහොමයක් චෝදනා යහපාලනයට අදාලවය. මේ දිනවල අමාත්‍යාංශ මට්ටමින් පුවත්පත් දැන්වීම් පලකිරීම තුළම යහපාලනය බිඳ වැටී ඇත. සරොම් උස්්සා ගෙන බලහත්කාරකම් පෙන්වන කප්පං ගන්නා චන්ඩි ඇමතිවරු වීරයින් වී ඇත. නීතිය අතට ගැනීම මහජන නියෝජිතයෙකුට කළ නොහැක. පවතින රජය ඉමහත් අපකීර්තියට පත් කරන මෙවන් ඇමතිවරුන්ගේ කි‍්‍රයා කලාපය ගණන් නොගෙන සිටීම පිටුපස ඇති හස්තය කුමක්ද යන්න ජනතාව තේරුම් ගත යුතුය. බලය සඳහා ඕනෑම අසූචි ගොඩක් රස ව්‍යංජනයක් කරගන්නා දෙකේ කොලේ දේශපාලනයට තිත තැබිය යුත්තේ ඡුන්ද දායකයින්මයි. එහෙත් ඒ ඒ පාර්ශවයන් ඒ සඳහා වන සූදානම ගැනද පිරික්සා බැලිය යුතූය. යහපාලනයක් සඳහා රාජ්‍ය ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශය, ටෙන්ඩර් පටිපාටිය, රාජ්‍ය විගණනය, ආයතන සංග‍්‍රහය, බඳවා ගැනීමේ පටිපාටිය, කළමනාකරණ චක‍්‍රලේඛ යනාදියෙන් සමන්විත මෙවලම් රාශියක් ඇත. ඉන් බැහැරව අත්තනෝමතික ලෙස මහජන මුදල් ¥ෂණයට ලක්ව ඇති බවට දෝෂාරෝපනය එල්ල වූයේ කළෙක පටන්ය. කෝප්් කමිටුවේ සභාපතිත්වය හෙඹවූ රජයේම ඇමතිවරු පවා ඒ බැව් සනාථ කර ඇත. ¥ෂණය වංචාව අක‍්‍රමිකතා හා අකාර්යක්‍ෂමතාවයෙන් ඔද්දල් වූ පාඩු ලබන ආයතන අතර ශී‍්‍ර ලංකා ගුවන් සේවය, කි‍්‍රකට් ආයතනය, දුම්රිය සේවය හා ලොතරැුයි මණ්ඩලය වැනි ආයතන ගණනාවක් පැවතීම ලැජ්ජාවට කරුණකි. ඊට සමාව දිය හැකි ද යන්න ජනතාව තීරණය කළ යුතූය.

වෙනත් රටක නම් රූපවාහිනිය හරහා සියලූ අපේක්‍ෂකයින් එකම වේදීකාවක සිට තෙවන පාර්ශවයකගේ (බොහෝ විට ප‍්‍රකට මාධ්‍යකරුවෙකුගේ* මෙහෙයවීමෙන් යම් ආකෘතියක් තුළ ප‍්‍රමුඛතාවකට අනුව පෙළගස්වා ගත් කරුණු කාරණා ඉතා සියුම් විමසුමකට භාජනය කරයි. ජාතික, සමාජාර්ථික මෙන්ම ගෝලීය දේශපාලන හා සංස්කෘතික අර්බුද හමුවේ එ් එ් අපේක්‍ෂකයින්ගේ ප‍්‍රතිපත්ති, ස්ථාවරයන් හා විකල්ප යනාදිය පිළිබඳව කරුණු දැක්වීමට ඉන් අවස්ථාව ලැබේ. මෙහිදී කාටත් පැන යාමට නොහැකිය. කතා කළ යුත්තේ අහන ප‍්‍රශ්නයට සෘජුව හා සාපේක්‍ෂවය. එය විවෘත විවාද මණ්ඩපයකි. ලංකාවේ මෙන් කුලියට කහින බත් බැලයන් එහි නැත. මඩකරියන්ද නැත. එහෙත් ශී‍්‍ර ලංකාව තුළ සිදුවන්නේ කුමක්ද? සියලූ රාජ්‍ය බලය යොදවා (වාහන, රජයේ සේවකයින්, දන්සල්, හා මෙකී නොකී හැමෙකක්ම* සමග එක් පාර්ශවයක් තරගෙට බැසීමයි.

විධායක ජනාධිපති ක‍්‍රමය හා මැතිවරණ ක‍්‍රමය තුන්වෙනුව මාතෘකාවක් වන්නේ එ් අනුවයිි. විධායක ක‍්‍රමයක් තුළ තමනට වඩාත් වාසිදායක පරිසරයක් තුළ තරග පැවැත්වීමට ව්‍යවස්ථාවෙන්ම ඉඩ කඩ සළසා ඇත. සුදුසු තණතිල්ල, කාලය, සුළගේ වේගය, ආලෝකය, තෙතමනය යනාදී පස් මහ බැඵම් බලා තරගය පවත්වන දිනය තීරණය කිරීමේ හැකියාව තරග වදින එක් අපේක්‍ෂකයකු අතට පත්වී ඇත. ඒ අනුව ප‍්‍රකාශයට පත්කිරීමේ තීන්දුව ගන්නේ දැනට පිටියේ ඉන්නා තරඟකරුය. තමන්ගේ නඩුව තමාම අසා ගන්නා තත්ත්වයක් මින් ඉස්මතූ වෙයි. තවද පා‍්‍රදේශීය සභා, නගර සභා හා පාර්ලිමේන්තුව ඇතුළුව ගොඩ නැගෙන රාජ්‍ය බලය හා ආශි‍්‍රත සියලූ සම්පත් හා ශක්තීන් අවශ්‍ය පරිදි යෙදවීමට එක් අපේක්‍ෂකයෙකුට හිමිවීම දක්නට ලැබේ. මේ සියල්ල පරයන ජනතා බලයක් ඇති කරගැනීම හරියට වේරම්බවාතය පසාරු කරගෙන යාමකට සමානය. විධායක ජනපති ක‍්‍රමයේ හා පවතින මැතිවරණ ක‍්‍රමයේ අසීලාචාරකම මෙනයින් පැහැදිලි වෙයි. නිදහස හා ස්වාධීන බව ගිලිහී ගොස් මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය ඇතිවන්නේ ඒ නිසාය.

ගෝමීන් දයාසිරි මහතා විසින් මෑතකදී ලංකාදීප පුවත්පතට විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් තම අදහස් පලකරමින් කියා සිටියේ ලෝකයේ බලවත්ම ත‍්‍රස්තවාදී කණ්ඩායම පරාජය කිරීමට හැකිවූයේ විධායක බලතල හිමි තනි පුද්ගලයෙකගේ නායකත්වයෙන් බවයි. එය එක හෙළා පිළිගැනීමට මගේ සිත කිසිසේත් නොපෙළබයි. එහෙත් ඔහුගේ දෙවන තර්කය තුළ යම් සාධනීය තත්ත්වයක් තිබේ යැයි මට සිතේ. දකුණේ බෙදීම් සහිත දේ්ශපාලන වටපිටාවකදී උතුරේ ඒක පාර්්ශවිකත්වයට යටත්ව සිටීමට දකුණට සිටිමේ අවදානමක් පාර්ලිමේන්තු ක‍්‍රමය හරහා ඇතිවිය හැකි බවයිි. මෙවැනි අවදානම් තත්ත්වයකට යළි මේ රට තල්ලූ කිරීමට කාටවත් වුවමනාවක් ඇතැයි මම නොසිතමි. අවශ්‍ය වන්්නේ මේ සියලූ තත්ත්වයන් සැළකිල්ලට භාජනය කිරීමෙන් පාර්ලිමේන්තුවට වගකියන විධායක බලතල අවශ්‍ය ප‍්‍රමාණයෙන් පාර්ලිමේන්තුවට ලබා දීමෙන් පවතින පාර්ලිමේන්තු ක‍්‍රමයකට යාමයි. කෙසේ වෙතත්, හුදෙක් විධායක බලය ගැනම කතා කිරීම නිශ්ඵලය. සමස්ත ප‍්‍රතිපලය වෙනස් කිරීමට එය හේතුවක් නොවනු ඇත.

අතීතය සමග සාපේක්‍ෂව සැසදීමේදි ප‍්‍රවේශම් විය යුතු කරුණු බොහොමයකි. රට පාවා දීමත් ජාත්‍යන්තරය සමග රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් ගනුදෙණු කිරීම එකක් නොව දෙකක්ය. එ් එ් වකවානුවල හිටපු නායකයින් විටින් විට ගත් තීන්දු තීරණ සැසඳිය යුත්තේ එ් එ් තත්ත්වයන් යටතේය. පැවති බල සංයුතියට අනුකූලවය. කොටින්ම යුධ ජයග‍්‍රහණය නමැති කාරණය පිටුපස ගෝලීය දේශපාලන වාතාවරණය අපිට වාසිදායක විදියට බලපෑ බව අමතක නොකළ යුතුය. තිරයේ පිටු පස සිට ඊට දර දිය සැපයූ බොහෝ දෙනකි. සෘණාත්මක මානසිකත්වය වෙනස් කරමින් ඡුවිපෙද ඊට ජවයක් සැපයූ ආකාරය අමතක නොකළ යුතුය. එම ”කුණු” ඉතිහාසය නැවත නැවතත් අවුස්සමින් බලයේ සිටීමට වඩා කළ යුත්තේ අනාගතයේ හොඳ යහපාලනයක් ඇති කරගන්නේ කෙසේද යන්න සළකා බැලීමයි. එ් සඳහා රටට හිතැති සියලූ බලවේග සමග එකට ගමනක් යාමයි.

යුද්ධය දිනූ යුතුකමේ මනාපය නැවතත් ඉල්ලා සිටීම දක්නට ඇත. යුද්ධයට දේශපාලන වශයෙන් දුන් නායකත්වය අභියෝගාත්මක නොවන ඓතිහාසික කාරණාවකි. එ්ත් යුධ ජයග‍්‍රහණය සඳහා දේශපාලන නායකත්වය මෙන්ම යුධ නායකත්වය, ගෝලීය පරිසරය හා වාසනා චක‍්‍රයද කැරකුණ බව දත යුතුය. ඊට සමස්ත මහජනතාවගෙන් ලැබුණ දායකත්වයද කිවමනාය. යමෙකු දේශපාලන සාධකය පමණක්ම සළකා බලන්නේ නම් මෙතනින් ඔබ්බට මෙම ලිපිය කියවීමෙන් පළක් නැත.

රාජ්‍ය නායකයෙකුට තිබිය යුතූ පෞරුෂය නමැති කාරණාවටද ලොකු අගයක් තැබිය යුුතූය. එහි එක් ලක්‍ෂණයක් වන්නේ අවශ්‍ය තැන්හි නොබියව තීන්දු තීරණ ගැනීමට නොපසුබට වීමයි. ඉන් අදහස් කළේ හිතුවක්කාර ලෙස තීන්දු ගැනීම නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ සිට තීන්දු ගැනීමයි. පාර්ලිමේන්තු මත විමසීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම, ජන මතය විමසීම මෙන්ම විකල්ප අදහස්වලට ගරු කිරීම යනාදිය ඉන් අදහස් කෙරේ. නෛතික වටපිටාවකින් බැහැරව විධායක බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කළා ද යන්න විමසීම මෙහිලා වැදගත් වෙයි. කවුරු මෙනවා කීවත් රටේ ආරක්‍ෂාවට මුල් තැන දිය යුතුය. ඒ වෙනුවෙන් එ් ඒ අපේක්‍ෂකයින් ගන්නා පියවර කුමක්ද යන්න පැහැදිලි විය යුතුය. ජාතීන් හා ආගම් අතර සංහිදියාවට යන ගමනේදී තිබිය යුතු නම්‍යශීලිබව වැදගත්ය. නම්‍යශීලිබව යනු යම් පාර්ශවයකට අවශ්‍ය පරිදි හමුදා එ්කක ස්ථාන ගත කිරීමට යාම නොවේ. රාජ්‍ය ආරක්‍ෂාව නමැති කාරණය සංහිදියාව සමග පටලවා ගත යුතු නැත.

දේශීය වශයෙන් යහපාලනය ඇති කර ජීවන වියදම අඩු කිරීම යන කාරණය සම්බන්ධයෙන් ඉතා කෙටි කලක් තුලදී ඇගට දැනෙන වැඩ පිළිවෙලක් දියත් කර ප‍්‍රතිඵල ගත යුතුව තිබේ. විදේශීය වශයෙන්ද තානාපති යාන්ත‍්‍රනය නැවත තක්සේරුවකට ලක්කර දක්‍ෂ නිලධාරීන් නිසි තැන පිහිටුවා රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් උපාය මාර්ගික වැඩපිළිවෙලකට යා යුතුව තිබේ. එසේ නොවුනහොත් රටට විශාල බලපෑමක් එල්ලවීම නොවැළැක්විය හැකිය. බලයට එන කාට වුවද මෙම ප‍්‍රශ්න දෙකට මුහුණ දීමට සිදුවනු ඇත.

3 Responses to “රජුන් තැනීම හා දොරකඩ මාරාව”

  1. Leela Says:

    “මහින්ද රාජපක්‍ෂ මහතා පැරදුනත් එතුමා තව වසර දෙකක්ම රටේ නායකත්වය උසුලන බව මුලින්ම දත යුතුය.” ඉතාම වැරදි අදහසක්. අපේ ඡනාධිපති ක්‍රමය පැවැත්වෙන්නේ අැමරිකාවේ ක්‍රමයට නොවේ. ඔබ කියා අැති පරිදිම තමාට වාසිදායක අවස්තාවක නමුත් වසර 4කට පසු ඡනාධිපතිවරයාට අවශ්‍ය වෙලාවක වාසිදායක පරිසරයක් තුළ ඡනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ JRJගේ සන්ශෝධන 16න් එකක් අනුවයි. නීති විශාරදයන් අපට කියා අැති පරිදි ඡනාධිපති චන්දය දිනූ අපේක්‍ෂකයා මැකෝ විසින් ප්‍රකාෂකල පසු ඔිනෑම මොහොතක ඔහුට ඡනාධිපති ලෙස දිවුරුම් දිය හැක. එම මොහොතේ සිට ඔහු රටේ ඡනාධිපතිය. වසර දෙකක් බලාසිටීමට අවශ්‍ය නැත. පෝප්ව පිලිගන්නේ අළුත් ඡනාධිපතියයි අගමැති දීමූ අද පාර්ලිමේන්තුවේදී කීවේ එනිසයි.

  2. Leela Says:

    ආචාර්ය චන්දන ජයලත්
    ඔබ හරි. මා ඉහත කිවූ දේ වැරදි බව අද දුටුවා.

    2. Article 31 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka (hereinafter referred to as the ” Constitution “) is hereby amended as follows by the repeal of paragraph (4) of that Article and the substitution of the following paragraph therefor : –
    “(4) Where a poll for the election of a President is taken, the term of office of the person elected as President at such election shall commence on the expiration of the term of office of the President in office:

  3. Christie Says:

    The king makers of Ceylon are the Tamil block vote since 1951.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress