ආරම්භක ජනාධිපතිවරණ සටන 1.
Posted on November 23rd, 2014

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි..

මෙය ලංකා ඉතියාසයේ සුවිශේෂී සිදුවීමකි. එදා සී. පී සිල්වා ආමාත්යතුමා නියෝජනය කලේද මේ මෛත්රිපාල සිරිසේන මහතා නියෝජනය කල දිස්තුරික්යම වීම විශේෂයකි.ප්රගතිශීලී රජයන්ට පිටිපස්සෙන් සිට පිහියෙන් ඇනීම වශයෙන් නම් කරන ලද මේ ක්රියාවලිය එදා එසේ නම් කරන ලද්දේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය විසිනි. ඉතිහාසය සමාජයේ සිදුවීම් විටෙක සරදමකට ලක් කරයි. මෙයද එවැනි එක් අවස්ථාවකි. එදා අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මහත් වේදනාවෙන් ප්රකාශ කල සී. පී. සිල්වා පිටිපස්සෙන් සිට මට පිහියෙන් ඇන්නා යයි කියන විට තමාගේ දෙවැනි දියණිය යම් දිනකදී මේ කාර්යම අනාගත රාජ් නායකයකු විනාශ කිරීම සදහා පාවිච්චි කරන බවක් නොසිතන්නට ඇත.ඇය සී. පී. සිල්වා අංකල්ගෙන් උගත් පාඩම 2014 නොවැම්බර් මස 20 වනදා යලි නාට්යනුසාරයෙන් රග දැක්වූවාය. මෙදා පිහියෙන් ඇනීමේ කොන්ත්රාත්තුව බාර දෙන ලද්දේ මෛත්රීපාල සිරිසේන මහතාටය. දේශපාලන කුලී කාරයෙක් බවට සිය ජීවිතයේදී සිදුකල පලමු භූමිකාව සදයා ඔහු පොදු අපේක්ෂක තනතුරෙන් පිදුම් ලදහ.

දැන් මෙහි සිදුවන්නේ පොදු අපේක්ෂක ධූරයෙන් පිදුම් ලද මෛත්රීපාල සිරිසේන මහතාගේ පලමු මාධ්යය සාකච්චාවයි.මේ මාධ් සාකච්චාව දෙස නිකම් ඔහේ බලන් නොසිට සෑම සිදුවීමක් දෙසම බුද්ධිය මෙහෙයවා බලන විට දිස්වෙන දේ කුමන්දැයි බලන්න. අපි සවන්දෙමු.

https://www.youtube.com/watch?v=aaAVpkGLitU

මෙහිදී කථාව අරඹන මෛත්රීපාල සිරසේන මහතා පලමුව අවසර ගන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන අනුශාෂිකාව ලෙස හදුන්වමින් චන්ද්රිකා කුමාරතුංග මහත්මියගෙනි. එතුමා ලගින්ම වාඩිවී සිටින්නේද හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියයි. එසේ අවසර ගත් මහතා සිය කථාව සිදු කරමින්; ධම්ම පදයේ අප්පමාද වග්ගො හි පලමු ගාථාවද යමක වග්ගොහි පස්වෙනි ගාථාවද සඤඤායනා කරමින් සිය කථාව පණ ගන්වයි. මොනවද මේ ගාථා දෙක; ඒවා තුල අන්තර්ගතව ඇත්තේ කුමක්ද?

අප්පමාදො වග්ගො හි 1 වෙනි ගාථාව
අප්පමාදො අමතපදං
පමාදො මච්චුනො පදං
අප්පමත්තා මිය්යන්ති
යෙ පමත්තා යථා මතා

(පමා නොවීම නිවනට මාර්ගයයි. පමාවීම මරණයට මාර්ගයයි. පමා නොවුන අය කිසිදා නොමැරෙණ අතර; පමාවුන අය මලවුන් සේ සිටී.)

යමක වග්ගො හි 5 වෙනි ගාථාව.
හි වෙරෙන වෙරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන සම්මන්ති
එස ධම්මො සනන්තතො

(වෛරයෙන් වෛරය කිසි කලෙකත් නොසංසිදෙත්. අවෛරයෙන්ම වෛරය සංසිදෙත්. මෙය පෞරාතනික ධර්මතාවයයි.)

මෛත්රීපාල සිරිසේන මහතාගේ කථාවේ ආරම්භය මේ ආකාරයෙන් ධම්ම පද ගාථා දෙකකින් ආරම්භ වූයේ කෙසේද? මේ ධම්ම පද ගාථා දෙකම තෝරා දුන්නේ කවුරුද? කුමණ බලවේගයද? මේ ගාථා දෙක තුල මහා බලයක් ගැබ්ව ඇත. මහා සත්යයක් එලි දක්වන මේ ප්රභල ගාථා දෙකහි ඉලක්කය කුමක්ද? මෙතන ඇත්තේ ඉතා වැදගත් ප්රශ්න කන්දරාවකි.

අප ජීවත් වෙන්නේ ආගම ධර්මය විශ්වාස කරන සමාජයකය. ජෝතිෂ්යය විද්යාවද ඉහලින්ම විශ්වාස කරන සමාජයකය. ජෝතිෂ්යයට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉතා බලගතුව සිටින අවස්ථාවකි මෙය. ලග්නයේ සිටින උච්චවූ ගුරු ග්රහයා එතුමාට මහා බලයක් සපයන බව ජෝතිෂ්යය වේදීන්ගේ මතයයි. එවන් පදනමක් යටතේ; ගුරු ග්රහයාගේ බලය ලැබෙන මොහොතක ගුරු ග්රහයාගේ ලග්නයක් වූ මීන ලග්නය පවතින අවස්ථාවකදීම මෛත්රීපාල සිරිසේන මහතා කථාව ආරම්භ කල බව ජෝතිෂ්යය මතයයි. එවන් පදනමකින් සිය කථාව ආරම්භකර;පැවසූ ධම්ම පද ගාථා දෙක දෙස යලි බලන්න.

(පමා නොවීම නිවනට මාර්ගයයි. පමාවීම මරණයට මාර්ගයයි. පමා නොවුන අය කිසිදා නොමැරෙණ අතර; පමාවුන අය මලවුන් සේ සිටී.)

පමා වුණේ කවුද? පමා නොවුණේ කවුද? කුමක් කිරීම සදහාද?

ඇය පමාවූවාය හැම දෙයකටම පමාවූ ඇය යුද්ධය නිම කිරීමේ කාර්යේදීද පමා වූවාය. හේතුවෙන් ඇය අද මල තැනැත්තියක බවට පත්ව සිටී.

ඔහු අප්රමාදව හැම කටයුත්තකටම අත තැසුවාය. ඉටුකලාය. යුද්ධය නිම කිරීමේ කාර්යය වහ වහ ඉටුකලාය. ඔහු අමරණීයය.

මෙසේ පැවසුවේ; ජනාධිපති දෙපලක් අතර මැදිවූ මෛත්රිපාල සිරිසේන නම්වූ චරිතයයි.. හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග හා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතරය.

සිය අනුශාසිකාව වූ චන්ද්රිකා කුමාරතුංග මහත්මිය එතුමාගේ දකුණු පසින් හිදවාගෙන ඔහු ඉතා පැහැදිලිව කියා සිටින විට ඔහු මේ තමන් කථාකරන්නේ තමන්ගේ ප්රධාන අනුශාසිකාව වූ චන්ද්රිකා කුමාරතුංග මහත්මියට එරෙහිව බව ඔහු දැන නොසිටියහ. මහින්ද රාජපක්ෂ මහතාට අගය කරමින් බවද දැන නොසිටියහ. නමුත් ධර්මය විසින් ධර්මය රකින්නාව ආරක්ෂා කරන විට සිදුවීම් පෙල ගස්වන්නේ අපූරු ආකාරයකටය. එහි ඵලයයි මේ.

එසේ කියා නොනැවතුන මෛත්රීපාල සිරිසේන මහතා චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කරගෙන මෙසේද පැවසූහ.

(වෛරයෙන් වෛරය කිසි කලෙකත් නොසංසිදෙත්. අවෛරයෙන්ම වෛරය සංසිදෙත්. මෙය පෞරාතනික ධර්මතාවයයි.)

මෙය පවසන විටද ඔහු මෙය පවසන්නේ තම ප්රධාන අනුශාසක වරිය ඉලක්ක කරගෙන බව දැන නොසිටියහ.
(ඉතිරි කොටස ඉදිරියට)

 

 

One Response to “ආරම්භක ජනාධිපතිවරණ සටන 1.”

  1. Christie Says:

    Bandaranayakes are the Indian puppets in the island nation; except for Sirimavo during a short period.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress