රජීව විජේසිංහ හා බොදු බල සේනාව
Posted on November 26th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

අවංක මෝඩයින්

    ආණ්ඩුවෙන් ඉවත්වූ රජීව විජේසිංහ මහතා අවංක මිනිසෙකි. ක්‍රිස්තියානි පවුලකින් එන ඔහු ක්‍රිස්තියානි-මාක්ස්වාදී දයාන් ජයතිලක මෙන්ම පෙඩරල්, 13-ඒ කාරයෙක් නිසා මා ඔහුවද සලකන්නේ කළුසුද්දෙක් ලෙසය. මේ දෙන්නාටම ඥානසාර හාමුදුරුවන්ගේ වචනවලින් කියනවා නම් අබ සරණංයි. යමෙක් හරිාකාරයට තොරතුරු නොදැන වලිගේ පාගා ගෙන දඟලනවා නම් ඔහු මෝඩයෙකි. මේ අනුව රජිව මෝඩයෙක් කියා මා සිතන්නේ බොදු බල සේනාව සම්බන්‌ධයෙන් ඔහු දරණ වැරදි අදහස් නිසාය.

    ඔහු විසින් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය හරහා රාජපක්‍ෂ ජනාධිපති ගැන අපට සපයන තොරතුරු ඉතාමත් වටනේය. මෙයට අදාල අළුත්ම ලිපිය එම අඩවියේ නොවැම්බර් 25 දා පලවිය. මීට පෙර ඔහු බැසිල් ගැන අප නොදන්නා කාරණා එලිදරව් කලේය. මේ අළුත්ම ලිපියේ මාතෘකාව “ජනාධිපතිධූරය අනතුරේ: කතෝලිකයින් තරහකරවීම (බිඳවීම)” යනුයි.

    ජනාධිපතිවරයාට හොඳ (දේශපාලන?) ඉවක් ඇතැයි රජීව කියයි. ඒ නිසා රජීවට මෙන්ම මහින්දටද බොදු බල සේනාව ගැන නියමාකාරයේ වැටහීමක් ඇතැයි රජීව සිතයි. රජීව වාර්‌තා කරන ආකාරයට මහින්ද රාජපක්‍ෂ ගේ මේ අදහස් මොනවාද?

1.  අළුත්ගම සිද්ධිය ආණ්ඩුව අපකීර්තියක් ගෙන ඒමට බොදු බල සේනාව කල කුමණ්ත්‍රනයකි.
2. බොදු බල සේනාවට නෝර්වීජියන් හා ඇමෙරිකන් මුදල් ආධාර ලැබේ.
3. තමාගෙන් මුස්ලිමුන් බිවීමට බොදු බල සේනාව දැඩි ලෙස ක්‍රියාකරමින් සිටී.

    මහින්දගේ ඉව ගැන රජීව තර්‍ක කරන්නේ මෙසේය. ඔහුගේ ඉහත සඳහන් අදහස් තුන සත්‍ය යයි තමාට නොසිතෙන බව කියන රජීව, එසේ නමුත් එම චෝදනාවලට යම් තරමක පදනමක් ඇතැයි සලකයි. රජීව කියන්නේ බොදු බල සේනාව බිහිවීමට පෙර තිබූ පිරිස් එකතුවට නෝර්වීජියන් ආධාර ලැබුනත් එය කොළඹ එම තානාපති නිලධාරීන් සද්භාවයෙන් කල දෙයක් බවය. එහෙත් එරික් සොල්හැම් ගේ මිත්‍ර නොර්වීජියන් ජාතික ආර්න් ෆිජටොෆ් විශ්වාස කල නොහැකි කෙනෙක් බවත් ඔහු බොදු බල සේනාවේ හෝ එසේ නැත්නම් එහි නිලධාරී දිලන්ත ව්තානගේ ගේ ගොඩ් ෆාදර් ව සිටි බවත් ය. බුරුමයේ මෙන් ලංකාවේ ද තමන් කරන දේ ගැන ෆිජටොෆ් ශූක්‍ෂම ලෙස දැන සිටින්නට ඇත.

    ඇමෙරිකන් ආණ්ඩුව රටවල ඇති කරණා අවුල් වියවුල් ගැන මහින්දගේ අදහසට රජීව ද එකඟවන සේ පෙනේ. එසේ වෙතත් බොදු බල සේනාව හරහා ආ බටහිර (බලවේගවල) කුමණ්ත්‍රනයකට ගෝඨාභය අසුවූවාය යන මහින්දගේ නිගමනයට රජීව එකඟ නොවේ.  ගෝඨාභය බොදු බල සේනා රැස්වීමකට (ගාල්ලේ) යාම වරදක් යයි තමා මහින්දට පෙන්වා දුන් විට මහින්ද ඒ අවස්ථාවේ ඊට එකඟවූවා සේ පෙනුනත්, රජීව පෙන්වා බොදු බල සේනාව කල ප්‍රකාශය ගැන වැඩිදුර සොයා බැලීමට හෝ එම රැස්වීමට ගොඨාභයටද ආරාධනය කිරීමට යෝජනාකල විදේශික ආධාර කරුවා කවුදැයි සොයා ගැනීමට හෝ මහින්ද ක්‍රියා කලේ නැතැයි රජීව සිතයි.

    ඒ වෙනුවට මහින්ද කලේ තමාත් කතෝලිකයිනුත් අතර ගැටුමක් ඇතිකිරීම මෙම බටහිර කුමණ්ත්‍රනයේ ඊලඟ පියවර යයි කීමය. මෙය නම් පෝප්ගේ ලංකා ගමන කඩාකප්පල් කිරීමය. එහෙත් රජීව කියන්නේ මෙහිදී ප්‍රධාන නළුවා වූයේ සජින් වාස් ගුණව‌ර්‌ධන බවය. කතෝලික ක්‍රිස් නෝනිස් පෘතුගීසීකාරයෙක්ද ඔහු කාර්ඩිනල්ට සිය දුක්ගැනවිල්ල කිව්වාද යන කතා අපට මෙහිදී වැදගත් නැත,

    අපට වැදගත් බොදු බල සේනාව ගැන මහින්ද හා රජීව දරණ අදහස් ය. අතීතයේ නොර්වේ රට සමඟ හෝ ත්‍රස්තවාදීන් සමඟ හෝ සම්බන්‌ධතාවක් තිබීම නිසා අනාගතයේදී බොදු බල සේනාවක් වීමට නැවත මේ ආත්මයේ නම්
ඉඩක් නැතැයි රජීව සිතන්නේ ඔහු ක්‍රිස්තියානිකරයෙක් නිසාය. බෞද්ධ හදවත් එසේ නොවේ. බොදු බල සේනාවට ශතයක් වත් කිසිම රාජ්‍ය හෝ පුද්ගල සවිධානයකින් නොලැබෙන බව බොදු බල සේනාව කියා සිටියේ ඒ බව ඔප්පු කලොත් එය විසුරුවා හරින බවද සඳහන් කරමින් ය. රාජිත, ඩිලාන්, එස් බී වැනි කබල් දේශපාලක හොරුන්ගේ කතා ගනයට රජීව වැටීම කණගාටුවට කරුණකි.

    රජීවට වැරදුන තවත් කරුණක් නම් ගාල්ලේ රැස්වීම බොදු බල සේනා රැස්වීමක් නොවන බවය. එහිදී සිදුවූ එකම දෙය නම් ඥානසාර හාමුදුරුවන් හා ගෝඨාභය යන දෙන්නාම එහිදී එක ලඟින් සිටීම පමණය. විදේශිකයෙකු විසින් පූජා කරණ ලද බෞද්ධ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට නොයෑමට ගෝඨාභයට හේතුවක් නැත.

    දයාන්ලාටත්, රජීවලාටත් පිටපොට පෑදීමට හේතුව බොදු බල සේනාව කියන්නේ කුමක්ද, එය ආරම්භවීමට හේතුව කුමක්ද, බුද්ධාගමේ කියනා මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද යනාදිය නොදැනීමය. ෂේක්ස්පියර්, කාල්මාක්ස් ගැන පොත් කියෙව්වාට, උම්මග්ග ජාතකය, ගිරා සංදේශය යන නම්වත් අසා නැති කළුසුද්දන් නිසාය.

    1948 ටේ සිටම ලංකාවේ දේශපාලක හොරු කර ඇත්තේ සිංහල බෞද්ධයාට (හා දුප්පත් කතෝලිකයාට) හරියට පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකණ ආකාරයට ය. මේ බව සෝම හාමුදුරුවන් බණ මඩුවලින් පෙන්වා දුන්නේය. උන්වහන්සේව අපවත් කලේය. දැන් අවුරුදු දෙකකට පෙර සිට ඥානසාර හාමුදුරුවන් මේ බව ශුද්ධ සිංහලෙන් මහජනයාට වේදිකාවේ සිට එලිකලේය. නැතිවූ සිංහල බෞද්ධ අයිතිය ලබා ගැනීමට කථා කිරීම සුළු ජාතිකයින්ගේ අයිතීන් නැති කිරීමක් නොවේ. ක්‍රිස්තියානීන්ට මෙන් නොව බෞද්ධයින්ට කියා ඇත්තේ “කම් ඇන්ඩ් එක්සැමින් කියා මිස කම් ඇන්ඩ් බිලීව්” කියා නොවේ. බොදු බල සේනාව විසින් දෙමල, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ජනයාට කරන ලද එකම හිරිහැරයක් පෙන්වා දෙන ලෙස මම රජීවට අභියෝග කරමි.

9 Responses to “රජීව විජේසිංහ හා බොදු බල සේනාව”

  1. Christie Says:

    All these are hell bent on dividing the Sinhala people.

  2. Leela Says:

    කලින් කොටියෙක් සහ දැන් කොටි කොටිකෑල්ලක් වන සහ BTF බ්‍රටිෂ් ටැමිල් ෆෝරම් වල කතාකාරයා වන සුරේන් සුරේන්දිරන් අල් ඡසීරා චැනලයට කීවේ දෙමළුන් එක් ලක්‍ෂ හතලිසි දහසක් මැරවූ රාජපක්‍ෂ කෙසේ හෝ පැරදිය යුතු බවයි. එම අවස්ථාවේ සුරේන්දිරන්ගේ නොයෙක් පච කතා රජීව විසින් බැහැරකලා වුවත් එතන වැදගත්වූයේ රඡීව කියූ “රාඡපක්‍ෂ පැරදිය යුත්තේ ශ්‍රි ලංකා හමුදාවන්ට අයහපත් තත්වයක් අැති නොවීම පිනිසය” යන වචනයි. රාඡපක්‍ෂ පැරදිය යුත්තේ ඔහුව ජාතියන්තර අධිකරණයට ගෙනයාම වැලැවීමට බව නම් රජීව කීවේ නැත. ‘රාජපක්‍ෂ පැරදු පසුදාම ඔහුව ජාතියන්තර අධිකරණයට ගෙන යන බව’ සුරේන්දිරන් දිගින් දිගටම පුනපුනා පැහැදිලිව කීවේය. BTFවල නොනිමි මෙහෙවරත් එයයි. රජීව සහ සුරේන්දිරන් රාඡපක්‍ෂ පැරදවියයුතුබවට කාරනා දෙකක් කීවත් දෙදනාම එක් අරමුණකට ගොනු වී අැත. එ් රාඡපක්‍ෂ පැරදවීමයි. එනිසා රඡීවට අවශ්‍ය වන්නේ රාඡපක්‍ෂ පරදවා ඔහුව ඡාතියන්තර අධිකරණට ගෙනයාමටය යන්න අපේ නිගමනයයි.

    රජීව විජේසිංහ මහතා නියම බ්‍රටිෂ් මාදිලියේ ලිබරල් කාරයෙක් නම් සහ අවංක මිනිසෙක් නම් විපක්‍ෂයට යූමට පෙර ඔහු දරා සිටින මංත්‍රිධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. රජීව කලේ ගුනේ නැති දුෂ්ඨ ක්‍රියාවකි. මා එසේ කියන්නේ ඔහු වන්දයෙන් පත්වූ මංත්‍රිවරයෙක් නොව රාඡපක්‍ෂගේ පිහිටෙන් පත්කල මංත්‍රි කෙනෙක් නිසාය. රාජිත මොහම්මඩ් ඉල්ලා අස්නොවීම ගැන මගේ විරෝධතාවයක් නැත්තේ ඔහු වන්දයෙන් පත්වූ මංත්‍රිවරයෙක් නිසාය. කළු සුද්දෙක් වුවත් ක්‍රිස් නෝනිස් නම් අවංක මිනිසෙක් කරන වැඩක් කලේය.

    රජිවලා රාජපක්‍ෂ රජයට සම්බන්ධ වූයේ සහ යුද්ධය දිනවීමට සහයවූයේ දිනන පැත්තට එක්වී ඔවුන්ගේ අභිප්‍රායන් බලගැන්වීමට මිස සිංහල බෞද්ධයාට හිමිතැන ලබාදීමට නොවන බව අප වටහා ගතයුතුය.

  3. Independent Says:

    Yesterday one USA Patriot claimed “Which decent person would want to visit the BBS site and be tarred by the same black brush?” – this sounds like the chief “කළුසුද්දෙක් ” literally.

    But let us be honest. I think this is why people like Rajeev have wrong impression on BBS. Because it is not fashionable to listen to them. People do not like to see a Thero shouting like that. I myself felt that way, until I listened to him and did some research.

  4. Independent Says:

    Chandrasiri,
    You seems to know a lot on BBS.
    විදේශිකයෙකු විසින් පූජා කරණ ලද බෞද්ධ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට නොයෑමට ගෝඨාභයට හේතුවක් නැත.

    What is this institution ? Who is the donor ? Why this Thero appear to be a rich man with a decent vehicle and a driver + I-pads etc. Is he doing a job or a business man ?

    Appreciate if you could enlightened me.

  5. NAK Says:

    Maithree is on to his retirement package, a big one at that,so was Fonseka. US state department and embassy staff here are taking the stupid US tax payer for ride.
    Up to now big talking Anura kumara has not explained how the US$500 000 in brand new bill found in Fonseka’s daughters Mother in law’s(Danuna’s mother) safe came to be or or who paid the Ramada hotel for one whole wing for one month occupied for the election campaign. At the time, he, like the big mouth he is, promised to explain everything but since have forgotten all about it.

  6. NAK Says:

    Ranil and Chandrika won’t be climbing trees for nothing! Who else are in the pot, who knows, who cares!

  7. cwije Says:

    Independent,

    I knew about the Galle meeting and donation from Youtube. There were lot of video clips on it. Even the name of the foreign donor was given.

    You can do a Google search to find out. This is why Rajiva is irresponsible in his report and discussion with MahindaR.

    I heard the car was donated by a person living in Sri Lanka. BBS survives with individual donations.

    Please note that I am not a member of BBS. I support it because I agree with 90% of what it does.

    Anybody willing to abolish 13-A is my friend.

  8. Ruwan Abeygunawardana Says:

    I don’t understand how Prof.Rajeewa Wijesinghe became a Kalusudda. His father was a government servent, he was born in rural area in Matara district, then he came to Matara and attended leading Buddhist school Rahula College which is my Alma mater , then Sam has moved to Ananda College ,another leading Buddhist school. I think Prof Rajeewa is acting like kalu sudda. With his educatio he has vast amount of oppotunities to serve the country. Though I live in Canada, never become a kalu sudda which is a joke and my blood is boiling for my motherland. This is a political assassination for lot of people including Rajiwa Wijesinghe.

  9. Lorenzo Says:

    RA,

    I think he studied at St Thomas’. A posh school.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress