අලි වලිගෙ එල්ලී දෙව්ලොව යන ගමරාල
Posted on December 3rd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

 මෙහිදී ගමරාල යන වචනය මා යොදා ගන්නේ  කිසිවෙකුට අපහාසයකට නොවේ . ගම රාල යනු ගම ප්‍රධානියාය . ක්‍රිස්තු පූර්වයේ සිටම ”ගමික ” නම් ප්‍රධානියෝ සිටියහ.ගාමිණී  යනු සමාන වචනයකි . පැරණි ගම්  සභා ක්‍රමයේ  දී ගමරාලට හෙවත් ගමික ට වැදගත් තැනක් තිබුනේය.

ගමරාල මෝඩයෙක් කර  කතා ලිව්වේ  බටහිරින් මෙරටට ඕල්කොට් ලා සමග පැමිණි ඇ නී බෙසන්ට්  ලා ය  බුදුදහම දියුනුකර ලීමටයය් කියා පැමිණි ඔවුහු”” පරමවිඥාන”’ හා ” බුද්ධ ඇදහිල්ල ” ආදිය මගින් ‘ දහම” හින්දු”’ පරම බ්‍රහ්මන්”    මුසු  ” ඇදහිලි  ආගමක්”  කළහ. . මොවුහු අධ්‍යාපනය මගින්  බෞද්ධ පාසල් වලද  ගමට හිනාවෙන පිරිසක් බෝ කළහ.

මහදැ නමුත් තා  සහ ගොලපිරිස  ගේ කතා හැදුවේ ගම්සභා සහ වරිගසභා ආදී  ආයතන වල ජනතා කටයුතු සොයා බැ ලු විනිශ්චය දුන්  ගමේ  දැනුමැ ති යන් පාච්චල් කිරීමටය.  

අමුඩ ගසා ගොවිතැන් කල  සරම්  ඇ න්ද ගැමියා  හාස්‍යයට ලක් කර කලිසම් ඇ න්ද  බටහිර අනුකරණය කරන්නා  ඔසවාතැබීම නිසා  කුඩා කාලයේ සිටම සිංහල බෞධ්ධයා පුරුදුවුයේ  අපේ ගම්  ප්‍රධානීන්පාච්චලයට ලක් කිරීමටය.   සිරිසේනට  ගමරාලා ගොය්යා  ආදී  ලෙස  පාච්චල් කරන්නන් ද   මේ ඕල්කොට් බෞද්ධයන් ය. කිසිදාක අපි අපේ ළමයින්ට   බෙසන්ට් ලා ලියු  ගමරාල ට හිනා වෙන කතා නුගන්විය යුතුය. එය අපි අපිටම හිනා වීමකි
පැරණි කතාවක් ඇසුරෙන්  ලිව්වත් මම මේ ටික කිව්වේ  රනිල් චන්ද්‍රික වැනියවුන්ට වඩා  සිරිසේන හොඳ නිසාය. මම සිරිසේන  ට අකමැති ඔහු ජාතියේම  සතුරන් වන රනිල් හා චන්ද්‍රිකා  සමග නිසා මිස ඔහු ගමරාල කෙනෙක් නිසා නොවේ .

අලිවලිගේ එල්ලී දෙව්ලොව යන්නට උත්සාහ ගත එදා ගමරාල  බිම වැටී චප්ප චුරුප්පන් වුනේය. මේ ගමරාලට එ සේ නොවේවාඔහු දෙව්ලොව යන්නේ නම් ඔහුටත් අපටත් හොඳය.  එහෙත් බාලයන් ඇසුරෙන් වන්නේ පරිහානියක් මිස දෙව්ලොවයාමක් නොවේ 

හාමුදුරුවරු දෙන්නෙක් දෙපස සිටිනවා මෙන්ම  ජාතිද්‍රෝහීන් දෙන්නෙකුත් දෙපස තබා ගෙන  දැ ලිපිහි  යෙන්  කිරිකන්නට හදන  සිරිසේන මහතාණනි   මොලේ ඇත්නම්  දිනුවොත් දිනු වහාම  ඔබ කල යුත්තේ ඔබ බිල්ලට දී   අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට වලිකන සතු රන්  පිටු දැක  සිංහල බෞධ්ධයා විසින් ගොඩනගා සංවර්ධනය  වසර 2500 කට වැඩි කාලයක්  රැකගත් මේ රට  තව වසර 2500ක් වත් රැකෙන සේ 13අ   සහ පළාත් සභා අහෝසි කර  රටේ උරුමක්කාරයින්ගේ අයිතිවාසිකම් රකදීමය්

නැත හොත්  ”’ගමරාල අවීචි මහා නරකාදියට  ගිය හැටි ” නමින්  තවත් කතාවක් සිංහලයන් විසින් ලියනු ඇත.  මහින්ද  විසින් ඉටු නොකළ  මෙම අත්‍යවශ්‍ය කාර්යය වන  13අ අහෝසිකිරීමට ඔබ ප්‍රතිඥා දී නැත.

හෙළ උරුමයවත් එය ඔබෙන් ඉල්ලා නැත, දින 100 තුල  මේ සඳහා ජනමත විචාරණයක් පවත්වා  ජනමතය අනුව එය අහෝසිකළ විට චන්ද්‍රිකාත් රනිලුත්  නිකම්ම විසිවී යනු ඇත.  මහින්දට වඩා වීරයෙක් වීමට නම් ඔබ එය කල යුතුමය.

  මහින්ද පරදා රනිල් චන්ද්‍රිකා බලයට පත් කර  ඔබ දත නියවා ගෙන හිටියොත් ඒ මහා පාප කර්මයෙන්ම ඔබ  අපා ගත වෙනු නියතය,.  මේ දේ කලොත්  අපට වීරයන් දෙදෙනෙක්  ලැබේ එවිට සතුරා හා සැතිරිය බල රහිත වේ . මුදල් වංචා දූෂණ  ගසා කෑම්  පසුව  නිවැරදි කර ගත හැක. .

රට රැකුනොත්  කවදා හෝ දියසේන පහල වෙනු ඇත. අපට අවශ්‍ය රට මිස පුද්ගලයන් නොවේ . මහින්ද හෝ ඔබ සුදනන් නොවේ  එහෙත්  රනිල් හා චන්ද්‍රිකා මෙන් දුදනන් ද නොවේ    

4 Responses to “අලි වලිගෙ එල්ලී දෙව්ලොව යන ගමරාල”

  1. Christie Says:

    Dear all its the Indian colonial parasites and India that made the Gamaralas the Dalits of Ceylon. The Parasites destroyed the villages and its people physically and psychologically.

  2. Independent Says:

    දම්සිරි මහත්තයො,
    ඔබතුමා ජාතිආලයෙන් ඇත්ත පවසා ඇත​. ඉතා අගනේය​. මොකා දින්නත්, 13අ ඉවත්කරන එකා නියම සිංහලයාය​. නියම බූධ්ධාගමික යාය​. හොඳම දේ නම් මේ විකාර සුද්දාගේ කොන්ස්ටිටූශම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමය​.

    ජනාධිපතිතුමා මෙච්චර බලයකින් බොහෝකාලයක් පාලනය කරලත් මේවා නොකළ එක රටේම කරුමයයි. ඔහු කවදාවත් එය නොකරන බව මටනමේත්තුගොස් ඇත​.
    දෙදෙනාටම තුන්සරණේ බලෙන් නුවණ පහල වී තන්ණහා ව තුනීවේවායි අපි එකහිතින්ම පතමු.

  3. AnuD Says:

    In order to open the eyes of people how much has to haapen.

    Why most refuse to accept what Mahinda Rajapakse is doing and what he has done ?

    How many years and how many incidences are needed to accept the reality.

    Is this what we call Sinhalaaya modaya, Kevun kanna yodaya.

    should be a similar reason.

    Forget every thing happened until 2009. Because that was the war time. Until 2014, with all the power in the world, still if he did not do … what else we can expect ?

    The important thing is whether the voters are explained these things.

  4. Christie Says:

    Dear Independent; The current constitution and 13th Amendment re the work of India.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress