අපූරු පොදු අපේක්ෂකයා
Posted on December 8th, 2014

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු බිහිව ඇත. එතුමා බිහි වුණා නොව බලවත් සැත්කමක් කරවා ගෙන බිහිකර ගත් අපේක්ෂකයෙකි. සැත්කම සිදු කරණ ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියයි. බිහි කරගත් අපේක්ෂකයා මෛත්රීපාල සිරිසේන මහතායි.

මෛත්රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වය සදහා අභිෂෙක කරනු ලැබුවේ කවුරුන්ද? කුමක් සදහාද? මේ අවස්ථාවේදී මේ ප්රශ්න දෙක සම්බන්ධව සාකච්ඡා නොකර සිදු කරන දේශපාලනය; සැබෑ ලෙසම හරසුන් දේශපාලනයකි.

මේ පොදු අපේක්ෂකයා කාගේ පොදු අපේක්ෂකයාද? මෙරට ජනතාවට පෙන්වන්න උත්සහ දරන්නේ; එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය, ද්රවිඩ සන්ධානය ආදී සකල විධ දේශපාලන පක්ෂ එකතුව බිහි කරගත් පොදු අපේක්ෂකයකු ලෙසය. නමුත් සැබෑ තත්වය එය නොවේ.

මේ නිර්මාණිත පොදු අපේක්ෂකයාට සැබෑ ලෙසම එක්සත් ජාතික පක්ෂය හා  ජනතා විමුක්ති පෙරමුණ, සම්පූර්ණයෙන්ම විරුද්ධය.නමුත් මේ දෙපක්ෂයට; හෙළ උරුමය, හා ද්රවිඩ සන්ධානය පමණක් සතුටින් වැලදගන්නාවූ නව නිර්මිතය වැලද ගැනීමට බල කොට ඇත.

ප්රබල ටොනේඩෝවක් මෙන් බලවත්වූ මේ බලපෑම හමුවේ අසරණ වූ එක්සත් ජාතික පක්ෂ නායකත්වය; එදා රජිව් ගාන්ධිගේ බලපෑමට යටත්ව යුද්ධයේ සියලු කටයුතු ඉන්දියාවට පවරාදී; පලාත් සභාද මේ රටට හදුන්වාදීමට ගිවිසුම් අත්සන් කලා මෙන්ම හා 2002දී ප්රභාකරන්ගේ පාලනයට නතු කිරීමට රටින් 1/3ක්ද මුහුදු සීමාවන්ගෙන් 2/3ක්ද දීමට ගිවිසුම් අත්සන් කලා මෙන්ම වූ තත්වයක් තුල මෛත්රීපාල සිරිසේන නමුවූ පොදු අපේක්ෂක චරිතය හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

ගුවනේ පාවී ආ මේ විශේෂ චරිතයට; ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය තමන් ඉදිරියේ දණ ගස්වා; එම පක්ෂය කාලාන්තරයක් මුලුල්ලේ සිදුකල සියලු සැලසුම් ඉවතලා මේ අවබෝධතා ගිවිසුමට අත්සන් ගැනීමට හැකිවීම; මේ රටතුල පවතින දේශපාලන සංස්කෟතියේ ඇති බලවත් වරදක් බව මනාව පෙන්නුම් කරන්නකි. මේ බලවේගය එක්සත් ජාතික පක්ෂය තුලට කා වැදී සිදුකලේ කුමක්ද? එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමයි. මේ බලවේගයට එක්සත් ජාතික පක්ෂයට සිදුවන විනාශය සම්බන්ධව ගැටලුවක් නැත. වැදගත් වන්නේ ඔවුනගේ යෝජිත සැලසුම ක්රියාවට නැංවීමයි.

මේ බලවේගයේ මේ ක්රියාදාමය සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂයට බලවත් හානිකර තත්වයන් ගොඩනංවා ඇත.මේ හානිකර තත්වයන් හේතුවෙන් අද එක්සත් ජාතික පක්ෂය ජනතාවගේන් වියෝවුන පක්ෂයක තත්වයට පත්ව ඇත.එමෙන්ම පක්ෂ අභ්‍යන්තරය තුලද වියවුල් ගනනාවක් මතු කර ඇත. එක් බටහිර රටක් සජිත් නායකත්වය සදහා මෙහෙය වනවිට තවත් බටහිර රටක් රනිල්ව නායකත්වය සදහා මෙහෙය වීම තුලින් පක්ෂයේ එකමුතු භාවය විනාශ කොට දුර්වල තත්වයේ ඇති පක්ෂය ඔවුනට ඇවසි පරිදි මෙහෙයවයි.

එදා සිටම ජනාධිපති අපේක්ෂකත්වය සදහා මේ පක්ෂය තුල විශාල බල අරගලයක් විය. ඒ රනිල් හා සජිත් අතරය. මේ අවස්ථාවේදී ඒ දෙදෙනාම නිහඩ කොට මෛත්රීපාල සිරිසේන මහතාට සහයදීම සදහා ඔවුන්ව මෙහෙය වන්නේද මේ විදේශීය බලවේගයන්ගේ සංරචකයයි. මේ තත්වය කුමන දේශපාලන පක්ෂයක නියෝජිතයින්ට වුවද සතුටු විය යුතු කාරණාවක් නම් නොවේ. රටක් පාලනය කිරීම සදහා ඇති ජනතාවගේ දේශපාලන පක්ෂයක් අදිසි බලවේගයක් විසින් මේ ආකාරයෙන් හසුරවන්නේ නම් ඒ ජනතාවගේ පරමාධිපත්‍ය සම්බන්ධයෙන් කරන කථා මහා විහිලුවක් බවට පත්වේ.

සැබෑ ලෙසම මේ අවස්ථාවේදී සෟජුවම පොදු අපේක්ෂක චරිතය විසින් මහා පරිපීඩනයකට බාජනය කරවන පුද්ගලයන් වන්නේ; රනිල් වික්රමසිංහ මහතා සහ සජිත් ප්රේමදාස මහතාය. රටක ජනාධිපතිධූරය අපේක්ෂාවෙන් සිය දේශපාලනය මෙහෙයවන මේ චරිත දෙක; අද නිර්මාණිත පොදු අපේක්ෂක චරිතය ඉදිරියේ නිවටයින් බවට පත්කොට ඇත. මේ අවස්ථාවේදී; රනිල් වික්රමසිංහ මහතාට හා සජිත් ප්රේමදාස මහතාට තමන් අපේක්ෂා කල දේට එරෙහි වූ කාර්යයක යෙදීමට සිදුව ඇත. කොටින්ම මේ නායක පෙල දේශපාලන කුලීකාරයන්ගේ තත්වයට මේ බලවේග විසින් පත්කර ඇත. එවැනි තත්වයකට පත්ව සිටින ඔවුන්ට කිසිදා එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට හැකියාවක් උදාවන්නේ නැත. තම පක්ෂය ආරක්ෂා කර ගත නොහැකි මේ නායක දෙපලට ජනතාව කිසිදා මේ රට ආරක්ෂා කිරීමේ වගකීම පවරන්නේ නැත. මේ බව මේ නායක දෙපල මනාව අවබෝධ කර ගත යුතුය.එම අවබොධය විසින් මේ නායකයින් දෙපල එක්සත්ව තම පක්ෂය මේ බලවේගයන් ගෙන් ආරක්ෂා කිරීමේ පලමු පියවර ගත යුතුය. එය කල හැකි වන්නේ කෙසේද?

පලමුව තමන් මේ රටේ කොටසක් බව අවබොධ කර ගත යුතුය. තමන්ගේ වගකීම මේ රට සුරකීම මිස විදේශීය නියෝජිතයින්ගේ මුදල් ඉදිරියේ තම ආත්ම අභිමානය විනාශ කර ගැනීම නොවන බවද වටහා ගත යුතුය. අපේ ආදරණීය මුතුන් මිත්තෙකු වූ මොනරවිල කැප්පෙටිපොල දිසාවේ අනුව යමින්; පර සුද්දනි  තොප විසින් අපට ප්රතිපාදන සපයමින් උරුම කරන නිවට බාවය අපට තරම් නොවේ; තොප තොපේ ප්රතිපාදන තොපම තබා ගනිල්ලා. අපට රැක ගැනීමට අපේම වූ දේශපාලන පක්ෂයක් හා රටක් උරුමව තිබේ. ඒ උදාර පරමාර්ථය ඇතිව අප කටයුතු කිරීමට තීරණය කලෙමු. එබැවින් නුඹලාට පරාජය කිරීමට ඇවැසි පුද්ගලයාගේ ජයග්රහණය උදෙසා කටයුතු කිරීමට අප තීරණය ක‍ළෙමු. යයි පවසා වර්තමාන ජනාධිපතිතුමාගේ ජයග්රහණය වෙනුවෙන් පෙරමුණ ගන්න. එවිට ඔබලා අනාගත ශ්රී ලංකාවේ ජනාධිපති ධූරය සදහා සුදුස්සන් බවට මෙරට ජනතාව තීරණය කරනු ඇත.

ඒ සමගම විදේශීය බලවේගයන්ගේ අපූරුතම නව නිර්මාණයක්වූ මේ අපූරු පොදු අපේක්ෂක භූමිකාවද නිමාවට පත්වෙනු ඇත.

 

2 Responses to “අපූරු පොදු අපේක්ෂකයා”

  1. Ananda-USA Says:

    Briefly, I gather from the Letter of Resignation of Tissa Attanayake from the UNP, that he resigned because:

    1. The Malik-Ravi-Mangala group gutted his position, and his ability to function, as UNP General Secretary,

    2. The Common Candidate is not a UNP Party leader committed to UNP’s political agenda and acceptable to rank-and-file party members,

    3. The 3 Conditions in the Agreement to back Maithripala Sirisena as the Common Candidate negotiated by the Malik-Ravi-Mangala group, to wit

    3.1 Upon Maithripala Sirisena being elected as Executive President, he would within 24 hours appoint Ranil Wickramasinghe as the Prime Minister and transfer the Executive Powers of the Presidency to the Prime Minister and his Cabinet of Ministers.

    3.2 Maithripala Sirisena would be accepted and named as the Common Candidate upon bringing with him 20-25 UPFA members, defecting the Common Opposition.

    3.3 Maithripala Sirisena would revise the Constitution completely, and abolish the Executve Presidency within 100 days.

    have already been violated in that Maithripala Sirisena did not bring 20-25 defectors, and, therefore, should not have been named the Common Candidate.

    4. After winning the Executive Presidency, Maitripala Sirisena and the JHU ship-jumpers INTEND to create a new political party of THEIR OWN, outside the UNP, viloating UNP expectations and creating another split within the Common Opposition, and not giving the UNP the benefit of the defectors from the SLFP!

    This letter CLEARLY DEMONSTRATES to me THREE THINGS:

    1. The EXTENT of the MONUMENTAL TREACHERY committed by the Maithripala Sirisena in agreeing in SECRET to GUT the Constitution of the Nation and hand over the nation to its AVOWED enemies that he had fought against as an SLFP party member for 47-years!

    Does this STUPID Common Candidate DESERVE our TRUST?

    2. The EXTENT of the INTERNECINE FACTIONAL INFIGHTING, CORROSIVE ROT & DECAY within the UNP itself. This does not begin to touch the issue of MINORITY INTERESTS with the UNP that TIME & AGAIN PREVENTS the UNP from adequately PROTECTING & DEFENDING the Nation.

    Does this FRACTURED United National Party DESERVE our TRUST?

    3. The Common Opposition is “Common” in name only, its FRACTURING into MORE opposing camps within itself, is ALREADY UNDERWAY!

    What an UNHOLY Alliance and Three-Ring-Circus of Untrustworthy Bunglers!

  2. Christie Says:

    Come on friends Indian Imperialists have been involved with Ceylon politics even before Mahatma Gngdhi came to the island invited by Indian colonial parasites from Jaffna. Go for a walk in Fort and Pettah and see who is running the country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress