මහී හොඳය්  කිව්වත් වැරදිය්  … මතී හොඳය් … කිව්වත් වැරදිය්
Posted on December 9th, 2014

 ධර්මසිරි සෙනෙවිරත්න

13 ට විරුධ්ධවී එය අහෝසිකරමිය්  සඵත කර  බලය ගෙන තුනෙන් දෙකම සඟවාගෙන  හෙළ බොදුනුවන් ගේ අපේක්ෂා   සිඳ බිඳ දැමීම නිසා  තමන්ගේ රටේම අසරන වූ සිංහලයන්ට මහින්ද කෙරෙහි කලකිරීමක් ඇත. ප්‍රභා මැ රු සැනින් ම උනුඋනුවේ එය ද කරනු අතය්  සිංහලයෝ බලා පොරෝත්තුවුහ.  එහෙත් මහින්ද මග හැරියේය.  ඉදිරියේදී කරන බවටවත්  පොරොන්දුවක් නැත. 

රට රැකෙන හෙළ බොදු අයිතිය රැකෙන  ප්‍රධානම දේ  නොකර    ”’යටිතලේ ”’  පමණක්  දියුනුකිරීමෙන්  සිදුවන්නේ  අපේ  රට ත්    ”’බටහිර   ඉන්දීය  කොදෙව්වක් ””” වීම පමණය. එය බට හිරටත් ඉන්දියාවත් හොඳය . අපේ ඇඟට අගුනය.

  ථෙරවාදී බුදුදහම  අනුව හැඩගැසුණ සිංහල බෞද්ධ ජනතාවට  මේ රට හැර වෙන රටක් නැත,. ඔවුන්ට අවශ්ෂ්‍ය තම න්ගේ සදාචාරයට අනුව ජීවත් වීමටය. උන්ගේ සදාචාරය  අපට අනවශ්ශ්‍යය.  අහස සිබින මැ දුරු වලින් හෝ අධිවේගී මාර්ග වලින්  පමණක් සෑහීමට පත් වීමට නම් මහින්ද වන්නෙක් අවශ්ෂ්‍ය නැත. එසේනම් එසන්දහා   අපේ සියලු දේ නැතිකල    රනිල්  වඩා හොඳය.

සිංහල වීම ගැන ලජ්ජා වෙන පුතෙක් හැදු චන්ද්‍රිකා ද හොඳය.  හැම පරයාම ලං කරගෙන  බලය රැකගෙන සිටිමින්ම  අප වෙනුවෙන්  ඒ බලය යොදවා 13අ සහ පළාත් සභාද අහෝසිකලා නම්  අද ඔබට දෙවියොත් වඳිනු ඇත. 

ඉන්පසු මොකා රජ වුනත් රට බේ රිලාය. එහෙම වුනා නම් වෙන එකෙක් රජ වෙන්නෙත් නැත.  මැරෙන තුරුත් රජ ඔබමය.  එහෙත් පවට පින්දෙන්නට අපට නොහැකිය.  බෞද්ධ අපට පව් හෝදන්නත් බැරිය.  කල අකුසල්  යටපත් වෙනසේ  කුසල් දම් වඩා  වීරියෙන්  යුතුව  පාරමීදම් පිරීම කලයුත්තේ ඔබමය.  තවත් කල් ඇත.  ප්‍රමාද නැත.
මතී හොඳය කියන්න  බැරි  චන්ද්‍රිකා සහ රනිල් සමග එකතුවී ඇති නිසා ය. මෙතෙක් අපේරට පාවා දීමේ  සියලු කාර්යයන් කල  ප්‍රධානම දෙදෙනා  මේ දෙන්නා වූ කොට  එහෙව්  අ  ය සමග එකතුවෙන්නේ  මෝඩයෙක් හෝ ද්‍රෝහියෙක් පමණය. රනිල් අගමැති කරන්නට  මතී එන්නේ කාගේ  කොන්ත්රාත්තුවටද.””  කැචය්   කැචය්   ඇ ම්ඩෝ ”””””  ඉස්සරහින්  එන්න බැරි   ඇ ම්ඩා  පස්ස දොරෙන්   රින්ගවන්න මතීට ඇති උවමනාව මොකක්ද .

මතී ඇවිත් කෙලින්ම කිව්වා නම්  මහී නොකළ 13අ අහෝසිකර  පළාත් සභා විසුරුවා හැර මම රට බේරාගන්නවා කියල  අන්න සලකා බලන්න වටින කතාවක් . මාදුළුවාවේ සෝභිත හිමියන්ටත්  හෙළ උරුමයටත්  මතීටත්  චන්ද්‍රිකාගේ තවලමට  එකතුවෙන්න සිදුවීම  දය්වයේ සරදමක්.ඔය  තවලම් යන්නේ අවලමේය  ඉතින් අවලම් ගමන් යන මතී  ඔබ හොඳය කියන්නත් බැරිය.
                         එනිසා නංගියේ මල්ලියේ පවසමි  කෝකත් එකය්  කියා .( හැබය් ඉතින් මහී නව චින්තනයක් එක්ක  නව මුහුණු  වරකින්  එන්න යනවලු  බලමු තව මාසයක් තියනව නේ .  මතීට නම් චන්ද්‍රිකාගෙන් බේරන්න ලබෙන්නේ නැ ති පාටය් .)       

One Response to “මහී හොඳය්  කිව්වත් වැරදිය්  … මතී හොඳය් … කිව්වත් වැරදිය්”

  1. Independent Says:

    “හැම පරයාම ලං කරගෙන බලය රැකගෙන සිටිමින්ම අප වෙනුවෙන් ඒ බලය යොදවා 13අ සහ පළාත් සභාද අහෝසිකලා නම් අද ඔබට දෙවියොත් වඳිනු ඇත. ඉන්පසු මොකා රජ වුනත් රට බේ රිලාය. ”

    ධර්මසිරි.
    දැන් 13අ ත් වඩා භයානක කැසිනෝ, කුඩු රජ වෙලාය​. බුධ් ධාගම පැත්තක තබා දෙවියන් වඳින්නට ඉඳියාවට යන රජෙකි ඇත්තේ අපට​. ​ මේ රජු බුධ්ධාගම ට කලේ කුමක් ද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress