මෛත්‍රී ගියේ විදේශීය කුමන්ත්‍රණයක ඉත්තෙක්‌ වෙලා -Minister SB Disanaye disclosed Chandrika’s Rs 2 billion political graft.
Posted on December 14th, 2014

Courtesy Divaina

Minister SB. Dissanayake, is always a disputed figure in the political arena. This time, he was interviewed by the “island” and was speaking about the allegations against the government on bribery , corruption, and lack of good governance. The questions and the answers are given in Sinhala.

අමාත්‍ය එස්‌.බී. දිසානායක අප දේශපාලන කරලියේ කවදත් විවාදිත චරිතයකි. ඔහු මෙවර “දිවයින” සමග එක්‌ වූයේ රජයට එරෙහිව පවතින අල්ලස්‌ දුෂණ, වංචා යහ පාලනය නොමැති කම ආදී චෝදනා ගැන කතා කරමිනි. එහි දී අප ඇසු ප්‍රශ්න හා ඊට ඔහු දුන් පිළිතුරු මෙම සංවාදයට ඇතුළත්ය.

ප්‍රශ්නය – අද මේ රටේ දේශපාලනඥයෝ අන් කවරදාකටත් වඩා යහපාලනය නොමැතිකම, අල්ලස, දූෂණය, අක්‍රමිකතා, වංචා වැනි මාතෘකා ගැන කතා කරන්න පටන් අරන්. මේවා අහනකොට ඔබට මොනවද හිතෙන්නේ…..

පිළිතුර – අද නොවෙයි……. එදත් ඕවා කිව්වා. හැමෝටම කිව්වා. හැම කාලෙම කිව්වා. කාටද නොකිව්වේ කියන්නකෝ. ඩඩ්ලිට, ඩීඑස්‌ට. බණ්‌ඩාරනායකට සිරිමාවොට ඡේආර්ට, විඡේතුංගට….. මේ හැම එක්‌කෙනකුටම ඔය චෝදනා තිබුණානේ. වෙන එකක්‌ තියා අනගාරික ධර්මපාලතුමාටත් හොරා හොරා හොරා හෝමෝ සෙක්‍ෂුවල්කාරයා කියල චෝදනා කළා ලංකාවෙන් යන කල්ම. ඔය ස්‌විස්‌ බැංකුවල සල්ලි දාන කතාව ඉස්‌සර වෙලාම කිව්වේ ටී. බී. ඉලංගරත්නට. ඩී. බී. විඡේතුංගලයි ගෙදර බැරල්වලට සල්ලි වක්‌කරනවයි කියල කිව්වා. කෙහෙල්වත්තේ සුචරිතයෙන් ලලිත්ලට ගාමිණීලට ගහපු හැටි මතකද….. නැව් ගිල්ලා, වරාය ගිල්ලා කිව්වා. මහවැලිය ගිල්ලා කිව්වා. මම ඕවා ගැන දන්නේa 1931 ඉඳලා… ඒක නිසා මට ඕවා අලුත් දේවල් නෙවෙයි. හුඟක්‌ම තියෙන්නේ පුහු චෝදනා. එදා තිබුණ සංවර්ධන කටයුතුවලට ඔය වගේ චෝදනා තිබුණා. අද එසේ නොවෙයි…. රටේ ඇත්ත සංවර්ධනයක්‌ වෙන නිසා චෝදනාත් වැඩියි. එදා එක වරායයි. අද රට පුරා වරායවල් 7 යි. එදා එක ගුවන්තොටුපළයි. අද රට පුරා ගුවන්තොටුපොළවල් 10 යි. අධිවේගී මාර්ග හැදෙනකොට, පාරවල් කාපට්‌ වෙනකොට, ගංගා ෙද්‍රdaනි 103 පුරාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට රට පුරා සංචාරක හෝටල් 403 ක්‌ හැදෙනකොට සංවර්ධන කටයුතු වෙනකොට ඔහොම චෝදනා විසි තිස්‌ ගණනකින් වැඩිවෙලා එනවා. මහා දැවැන්ත සංවර්ධනයක්‌ වෙනකොට ඔය චෝදනා ටිකක්‌ එනවා….. ඒක වළක්‌වන්න බෑ. ඔබ මොකක්‌ද යහපාලනයක්‌ ගැනත් ඇහුවා නේද?

ප්‍රශ්නය- මම කිව්වේ යහ පාලනය නොමැතිකම ගැනත් කතා වෙනවා කියලයි.

පිළිතුර – ඔව්. ඔව්. කතා වෙන්න ඕන. මොකද ඕවා කියන රනිල්ලා යහපාලනය කරපු හැටි අපට මතකයිනේ. මතකනේ ගෝනවල සුනිල්, ඉස්‌කෝලේ යන දරුවව දොස්‌තර කෙනෙක්‌ගෙන් උදුරගෙන ගිහින් දූෂණය කරලා අවුරුදු 7 කට හිරේ ගිය ගෝනවල සුනිල් ජනාධිපති සමාව දීල බේරගෙන සමස්‌ත ලංකා සාමවිනිසුරුකමකුත් දීල තමන්ගේ කාර් එකේ එක්‌ක ගෙන ගිහින් තමයි රනිල් යහපාලනය කළේ. ප්‍රේමදාස යහපාලනය කළේ සොත්ති උපාලිව ඔඩොක්‌කුවේ තියාගෙන. එතකොට චන්ද්‍රිකා. එයාට හිටියානේ බැද්දෙගානේ සංජීව කියල චණ්‌ඩියෙක්‌. අපි දන්නවානේ මේවා. මමත් එතකොට ඔය පක්‍ෂයේ මහලේකම්නේ.. ඔය හැම එක්‌කෙනෙක්‌ම යහපාලනය කළ හැටි මට මතකයි…… ඒ අතින් බලනකොට මහින්ද රාජපක්‍ෂ මොනවද කළේ. මොනවද කරල තියෙන්නේ. හොර ඡන්ද දැම්ම ද එක ඡන්දයක්‌. ඡන්ද පෙට්‌ටි ගිනි තියලා තියෙනවද. ඡන්ද පෙට්‌ටි පුරවල තියෙනවද…… අපරාධ කරල තියෙනවද. භීෂණයක්‌ ඇති කරල තියෙනවද…….. එහෙව් එකේ මොකක්‌ද මේ යහපාලනයක්‌ නෑ කියන එකේ තේරුම. අනිත් අය විධායක බලයට යටවෙලා කරපු භීෂණ, දූෂණ අක්‍රමිකතා මහින්ද රාජපක්‍ෂ කරලා නෑ…….

ප්‍රශ්නය – විධායක ජනාධිපති ක්‍රමය ගැනත් අද බොහෝ දෙනා කතා කරනවානේ. සමහරු කියනවා මේක හොඳට නරකට දෙකටම භාවිත කළ හැකි කඩවර අවතාරයක්‌ වගේ දෙයක්‌ කියලා. ඔබ මොනවද ඒ ගැන කියන්නේ.

පිළිතුර – හරියට හරි….. කඩවර අවතාරය වගේ තමයි. විධායක බලතලවලට මුවාවෙලා තමයි ඡේ. ආර්. එදා පාර්ලිමේන්තුවට නොකියා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. ඉන්දීය හමුදාව ගෙන්වා ගත්තේ. ජනමත විචාරණයක්‌ තිsයලා කොබ්බෑකඩුවගේ ඡන්දයත් හොරෙන් දාගත්තේ ඔය විධායක බලය නිසා තමයි. ප්‍රේමදාස ජනාධිපතිගේ කාලේ කොල්ලෝ මරල පාරවල් දිගේ ටයර් සෑයවල පිච්චුවෙත් විධායක බලයට මුවාවෙලා තමයි. එතකොට චන්ද්‍රිකා වයඹ ඡන්දේදී කරපු අක්‍රමිකතා කළේත් ඒ බලයට මුවාවෙලානේ.

ආ… තව එකක්‌ කියන්න ඕන අපිට සල්ලි හම්බ වුණා ජපානෙන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට. මම ඒ කාලේ නියෝජ්‍ය මුදල් ඇමැති. මට මතකයි අපි ටෙන්ඩර් පටිපාටියක්‌ ගෙනල්ලා හොඳට හොයලා බලලා චීන සමාගමකට දෙන්න කැබිනට්‌ එක තීරණය කළා. නමුත් චන්ද්‍රිකා මැතිනිය වෙනත් කැබිනට්‌ පේපර් එකක්‌ ගෙනල්ලා අපිට පෙන්න පෙන්න කිව්වා. කට්‌ටියක්‌ මේ අධිවේගී මාර්ගයෙන් ගානක්‌ ගහගන්නයි හදන්නේ. අපි ඒක නතර කරමු. මෙන්න තියෙනවා කොරියානු සමාගමක්‌ (නමත් කිව්වා) අපි ඒකට දෙමු.

ඒක හොඳයි. ගණන් සාධාරණයි කියලා. නමුත් ඒ කැබිනට්‌ පේපර් එක අපි කාටවත් බෙදුවේ නෑ. තනි මතයට කොරියානු සමාගමට ටෙන්ඩර් එක දුන්නා. එතකොට ඒ සමාගමත් කොරියාවේ බ්ලැක්‌ ලිස්‌ට්‌ වෙලා. ඒත් ටෙන්ඩර් එක දුන්නා. අන්තිමේ පාරත් නෑ. ගත්ත සල්ලිත් නෑ. නමුත් තාමත් අපි රටක්‌ හැටියට ජපානයට ණය ගෙවනවා. ඔය යෝජනාව රොනී කියලා මිනිහෙක්‌ තමයි ගෙනාවේ. පස්‌සේ මිනිහා හැමතැනම බැණ බැණ හිටියා බිලියන් 2 ක්‌ අරන් මිලියන් 2 යි එයාට දුන්නනේ කියලා.

ඔන්න ඔහොමයි. ඒ ගොල්ලෝ විධායක ජනාධිපති බලය අතට අරන් වැඩ කළේ. නමුත් අපේ ජනාධිපතිතුමා ඕවා කළේ නෑ. එතුමා කළේ කවුරුත් කරන්න බෑ කියල අත්a ඇරල දාපු යුද්ධය දිනල පෙන්නපු එක. මේ රට හදපු එක. රට සංවර්ධනය කරපු එක. Rණ වෙලා ගිය ආර්ථිකය ධන අගයකට ගෙනාපු එක. ජනාධිපතිතුමා ජනාධිපති බලය පාවිච්චි කළේ හොඳ පැත්තට. අනිත් අය එහි බලය නරකට යොදා ගත්තා තමයි. නමුත් ජනාධිපතිතුමාට ඒ චෝදනා කරන්න බෑ.

ප්‍රශ්නය – ඔබ පෞද්ගලිකව විධායක ජනාධිපති ක්‍රමයට පක්‍ෂ ද…….

පිළිතුර – ඔව්. බලන්න ඒ බලය යොදාගෙන මේ ගමෙන් ආපු මිනිහා, ගැමියා, ගැමියාගේ පුතා මේ රටට කරපු වෙනස. රටට අරන් දීපු ජයග්‍රහණ. මම කියන්නේ තව බලය දෙන්න කියලා. මම මේකට පක්‍ෂයි.

ප්‍රශ්නය – හරි ඔබ පක්‍ෂයි කියමු. නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රටට ගෙනාපු මහින්ද චින්තනය තුළත් මහින්ද චින්තන ඉදිරි දැක්‌ම තුළත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනා කරල තියෙනවා. නමුත් රජය ගෙනාපු 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළ තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය රකින යෝජනා. මෙන්න මේ පරස්‌පරය ගැන මොනවද ඔබට හිතෙන්නේ……….

පිළිතුර – ඔය අහෝසි කිරීම් එහෙම ආවට ගියාට කරන්න බෑ. ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ එපාය. ඒක කරන්න ලේසි නෑ. 1972 ජනරජ ව්‍යවස්‌ථාව ගෙනාවේ 72 දී වුණාට ඒක කරන්න මේ රටේ ඔය කොල්වින්ලා, ලෙස්‌ලි ගුණවර්ධනලා, කමල් කරුණානායකලා, ඔස්‌මන්ඩ් ජයරත්නලා වගේ අය සාකච්ඡා කරලා වැඩ කරන්න පටන් ගත්තේ 1967 ඉඳලා. ඡේ. ආර්. ගෙනාපු 78 ව්‍යවස්‌ථාවත් එක පාර එදා හැදුවේ නැහැ. ඒක කළේත් 75 විතර ඉඳලා.

ඒකට නම් සංශෝධන 18 ක්‌ ආවා. 72 එකට එකක්‌වත් ආවේ නෑ. 78 හදපු ව්‍යවස්‌ථාව වෙනස්‌ කරලා ජනාධිපති ක්‍රමය වෙනස්‌ කරන්න මොනතරම් කයිවාරු ගැහුවත් තාම බැරි වුණානේ. අද වන විට අවුරුදු 36 යි. මේක වෙනස්‌ කරන්න කයිවාරු ගැහුවාට ඕකට පාර්ලිමේන්තුවේදී ඉස්‌සරවෙලාම විරුද්ධ වෙන්නේ ඔය ඉන්න එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු. ඒ මොකද මම කියන්නම්. ඔය එජාපයේ ඉන්න එක්‌කෙනෙක්‌ වත් ඉන්නවාද ආසනයක්‌ දිනාගෙන ආපු මන්ත්‍රීවරු. ඔක්‌කොම ඉතින් ආසන භාරදීලා ආපු මන්ත්‍රීවරු. වෙන ක්‍රමයකට ගිය ගමන් එයාලට එයාලගේ ආසන නැති වෙනවා. මොකද ජනාධිපති ක්‍රමයයි මැතිවරණ ක්‍රමයයි එකට ගැට ගැහිලනේ තියෙන්නේ. මැතිවරණ ක්‍රමය කේවල ක්‍රමයට ම නොගිහින් මිශ්‍ර ක්‍රමයකට ගියත් ඔය ඉන්න හුඟක්‌ අයට ආසන නැති වෙනවා.

අනිත් පැත්ත බලන්නකෝ… මේක වෙනස්‌ කරන්න අලුතෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගේන්න ජනාධිපතිතුමා හැදුවා නියම පිළිවෙළට තේරීම් කාරක සභාවක්‌. පාර්ලිමේන්තුවෙන් ඒක හදන්න ඕන. කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් එන්න එපාය. කෝ…. ඒක හදාගන්න ඔය. කියන කවුරුත් උදව් කළා ද, මගහැරියා මිසක්‌ කතා කරන්නවත් ආවේ නැහැනේ. අද බොරුවට කයිවාරු ගහනවා. එදා කෙටුම්පතක්‌වත් දුන්නේ නෑ. වගකීමෙන් පලා ගියා.

දැන් මේ 18 වැනි සංශෝධනයෙන් අපි කළේ ප්‍රායෝගික කාරණයක්‌. අපේ ජනාධිපතිතුමාට තව වරක්‌ ජනාධිපතිවරණයට තරග කරන්න අවස්‌ථාව සලසල දීපු ඒක. එයා මේ වෙලාවෙ රටට අවශ්‍යයි. එයා නොසිටින්න ඇමරිකාවේ, මහා බ්‍රිතාන්‍යයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම්වලට මේ රට යට වෙනවා. බලන්න.. ඡේ. ආර්. ට පරිප්පු ටිකක්‌ උඩින් දාපු ගමන් ඡේආර් ලා බය වුණානේ. ලලිත්ලා බය වුණානේ. ඇඳන් යට රිංග ගත්තානේ. මහින්ද රාජපක්‍ෂ නිකමටවත් බය වුණාද…. නෑ…….

ඇමරිකාව ප්‍රමුඛ බලවත් රටවල් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා දිගින් දිගටම අපට ගහගෙන ආවා. මෝඩිගේ පැමිණීමත් එක්‌ක ඒක ටිකක්‌ අංශබාගේ හැඳුන තත්ත්වයකට පත් වුණා. ඊට පස්‌සේ මොකද කළේ. උන් කළේ යුරෝපයේ කොටි තහනම ඉවත් කරන එක… ඊළඟ ප්ලෑන් එක තමයි පක්‍ෂය ඇතුළේ බේදයක්‌ හදලා රාජපක්‍ෂලා එළවන්න මෙහෙයුම ක්‍රියාත්මක කරපු එක. ඔන්න ඔය කුමන්ත්‍රණය පරදවන්න ඕන නිසා තමයි අපි ජනාධිපතිතුමාගේ බලය ශක්‌තිමත් කරන්න ඉක්‌මන් ඡන්දෙකට යන්න පුළුවන් වෙන්න 18 වන සංශෝධනය ලබාදීල ඔහුට නැවත අවස්‌ථාවක්‌ සලසලා දීල තියෙන්නේ.

ප්‍රශ්නය – ඔබ කියන්නේ ජනාධිපතිවරණය අවුරුදු 2 ක්‌ ඉදිරියට යන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය වටහා ගත් නිසා කියලද…?

පිළිතුර – ඔව්. පැහැදිලිවම ඕක අද ඊයේ පටන් ගත්ත දෙයක්‌ නොවෙයි. එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්‌ඩායම එවන්න මේ රටේ අභ්‍යන්තර කරුණුවලට ඇඟිලි ගහන්න ඉඩ නොදෙන ශක්‌තිමත් නායකයෙක්‌ අපට ඕන. ඔය විදියට පරීක්‍ෂණ කණ්‌ඩායම් යවල තමයි ඉරාකෙට විරුද්ධ මෙහෙයුම ඇමරිකාව පටන් ගත්තේ. ඉවර වුණේa සදාම් හුසේන් මරලා. ඉරාකය කොච්චර පොහොසත් රටක්‌ද… සුන්දර රටක්‌ද…….. අද මල සොහොනක්‌නේ. ලිබියාවේත් එහෙම නේ. නමුත් මෝදි ඒමත් එක්‌ක ඒක ටිකක්‌ අමාරු පැත්තකට හැරුණා. ඊළඟට තමයි බටහිර තානාපති කාර්යාල අපේ මැති ඇමැතිවරුන්ට කතා කරල සල්ලි ගස්‌ හොල්ලන්න පටන් ගත්තේ. චන්ද්‍රිකාලා වැඩේට බැහැලා. අපේ මන්ත්‍රීවරු සමග කතා කරන්නේ එහෙමයි. අපේ හැට හැත්තෑවකට කතා කරල තියෙනවා. මේක සෙල්ලමක්‌ නොවෙයි.

ප්‍රශ්නය – මට පේන විදියට ඔබතුමාටත් කතා කරලා වගෙයි.

පිළිතුර – මට නෑ. නෑ. නෑ. ඔව් හෝ නෑ මම නැහැ ඒ ගැන කමේන්ට්‌ස්‌. මං වැඩක්‌ නෑ. අපේ ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට කතා කළා. තානාපතිවරු මගින් බෝතල් අරගෙන ගෙවල්වලට ගිහිල්ලම කතා කළා. අපි දන්නවනේ වුණ හැටි.. මට ඇහුණා රාජිත කියනවා. බුද්ධි අංශය එයාලා යන විත්තිය දැනන් හිටියේ නැහැ කියලා. නෑ. ජනාධිපතිතුමා දැනගත්තා. එතුමා කතා කළා. මටත් කතා කරන්න කිව්වා. මෛත්‍රිගේ වෙනස ගැන දැනගෙන එයත් එක්‌කත් පුද්ගලිකව කතා කලා. ඔය කට්‌ටියගේ වෙනස්‌කම් කලින්ම දැක්‌කා. අපි කළේ ඒකට ඉක්‌මන් ඡන්දයකට ගිය එක.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඔය කුමන්ත්‍රණය තුළ කලක සිට හිටියා කියලනේ ඔබ කියන්නේ. නමුත් ඉතිහාසය බලන විට සී. පී. ද සිල්වාගේ කාලේ ඉඳලම ශ්‍රී ලනිප මහලේකම්වරු ඔබත් ඇතුළුව විපක්‍ෂයට ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඉතා අතීතයේ ඉඳලම ලේකම්වරු ගන්න කුමන්ත්‍රණයක්‌ තිබුණා කියන එක ද……..

පිළිතුර – නෑ……. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විතරක්‌ නෙවෙයි. අනිත් පක්‍ෂවලිනුත් කතා බහ කරලා අරගෙන තියෙනවානේ. ඕක තමයි තත්ත්වය. අපේ රටේත් ඒ පක්‍ෂයෙන් මේ පක්‍ෂයට, මේ පක්‍ෂයෙන් අර පක්‍ෂට ලේකම්වරු නායකයෝ මන්ත්‍රීවරු අරන් තියෙනවා. ශ්‍රීලනිප ය ගැන ගත්තාම අතීතයේ ඉඳල ලේකම්වරු පක්‍ෂයෙන් ගිහින් තියෙනවා තමයි. නමුත් ඒ එක තැනකවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ තිබුණේ නැහැ. මම ගියේ වෙන මොකක්‌වත් නිසා නොවෙයි. අර චන්ද්‍රිකත් එක්‌ක බැරි නිසයි. ලෝකයේ කිසිම ආර්ථික අර්බුදයක්‌ නැති වෙලාවක ලෝකයේ කිසිම රටක සෘණ ආර්ථිකයක්‌ නොතිබුණ වෙලාවක එයා ලංකාවේ ආර්ථිකය සෘණ 1.4 ට බැස්‌සුවා. (ලිවීමට සුදුසු නැති වචන කිහිපයක්‌ කියයි). මුදල් ඇමැතිකම තියාගෙන මහ විනාශයක්‌ කළා. මම කිව්වා ඔය මුදල් ඇමැතිකම මංගලටවත් දෙන්න කියලා. කළේ නැහැ. හරිම අකාර්යක්‍ෂමයි. කම්මැලියි. මම එළියට ගියා. පාර්ලිමේන්තුවට ගිහින් මම යන්නේ ඇයි කියලා විනාඩි 45 ක්‌ පාර්ලිමේන්තුවේ කතා කළා. ඔය මෛත්‍රිපාලලා වගේ හැංගිලා හිටියේ නෑ මම.

ඉතිහාසයෙත් කඩන් ගියා තමයි.. ඒකට හේතුව චන්ද්‍රිකා. නමුත් අද මෛත්‍රී කඩාගෙන ගියේ විදේශීය කුමන්ත්‍රණයක ඉත්තෙක්‌ වෙලා.

ප්‍රශ්නය – ඔබ කිව්වා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට ජපානයෙන් ගත් ණය මුදල අතුරුදන් කියලා. කොපමණ මුදලක්‌ ද ඒක.

පිළිතුර – මට මුදල මතක නෑ. ඕක ඔය පාර හදන්න දෙන මුළු මුදලම නොවෙයි. ඊට කලින් මූලික කටයුතු ටික ඉවර කරන්න දීපු මුදල. ලොකු ගාණක්‌ ඒක. ඒක තමයි කොරියන් සමාගමට ටෙන්ඩරය ලබා දෙන්න ඉවහල් වුණේ.

ප්‍රශ්නය – මුදල අතුරුදන් වුණේ කොහොමද…….

පිළිතුර – මම දන්නේ නැහැ. මම කියන්නේ මේකයි. මුදලක්‌ නම් ටෙන්ඩරයට දුන්නා. කිසිම දෙයක්‌ වුණේ නැහැ. නමුත් අපි දැන් ණය ගෙවනවා. ඔය රොනී සල්ලි බෑග් උස්‌සන් එක එක දිහා ගියා කියල ආරංචියි. බිලියන 2 ක්‌ කෑෂ්වලින් එයාට ලැබුණලු. ඒක ගිහින් දුන්නලු අදාළ තැනට. ඉන් මිලියන 2 ක්‌ විතරයි එයාට දුන්නේ කියලා කිරිඅම්මලාට, අත්තලට බැණ බැණ ඇවිද්දලු කියලයි ආරංචි. කවුරුත් ඒ දවස්‌වල ඕක දන්නවා.

ප්‍රශ්නය – හරි. අපි දැන් තව පැත්තකට හැරෙමු. කතා කරමු අපි අපේ කතා නායකයා ගැන. මෛත්‍රිපාල සිරිසේන ගැන. ජනාධිපති මහින්දට තරග කරන්න හොඳ ප්‍රතිමල්ලවයෙක්‌ හමුවෙලා තියෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

පිළිතුර – නැහැ. මොන පිස්‌සුද. ඔබ මතක්‌ කළ නිසා මම මේ ටිකත් කියන්න ඕන. එයා ඔය මහලේකම් කමට ආවේ මම නැති නිසයි. මාත් එක්‌ක තරගෙට එයා ඉල්ලුවා ඡන්දෙ මහලේකම්කමට. ඒ වෙලාවේ අපේ ජනාධිපතිතුමාත් උදව් කළේ මට නොවෙයි එයාට. ඡන්දෙ දුන්නෙත් එයාට. නමුත් මට පරාදයි. අවුරුදු 3 ක්‌ මම ලේකම් වෙලා හිටියා. අපි 94 දී ආණ්‌ඩුව පිහිටුවලා කැබිනට්‌ මණ්‌ඩලය පිහිටුවන කොට කැබිනට්‌ එක සම්බන්ධයෙන් නමක්‌වත් නොකියවුණ කෙනෙක්‌ තමයි ඔය මෛත්‍රිපාල. ජනාධිපති මහින්ද තමයි මම ගියාට පස්‌සේ මෛත්‍රිට ලේකම් කම අරගෙන දෙන්නත් මූලිකයා වුණේ. එහෙම කරපු කෙනාට තමයි මෛත්‍රි ඔහොම කළේ. එයත් එක්‌ක ගිය අය බලන්න. කිසිම ජනපදනමක්‌ නැති මිනිස්‌සු. ඡන්දයක්‌ ඉල්ලා ආසනයක්‌ දිනන්න බැරි මිනිස්‌සු. කිසි ජන පදනමක්‌ නෑ.

ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිsතුමාටත් කිසිම ජනපදනමක්‌ නැහැ කියලද?

පිළිතුර – මම එහෙම කිව්වේ නෑනේ. එයාට තියෙනවා. ඡේ. වී. පී. එක සන්ධානයෙන් ඡන්දේ ඉල්ලපු වෙලාවේ හැම දිස්‌ත්‍රික්‌කයකම ශ්‍රී ලංකා එකේ නායකයා අභිබවලා ඡේවීපී මන්ත්‍රීවරු මනාපවලින් දිස්‌ත්‍රික්‌කයෙන් පළමු තැන ගත්තා. හැබැයි පොලොන්නරුවේ පළවැනියා මෛත්‍රිපාල. එයාට ජන පදනමක්‌ තියෙනවා. පොළොනනරුවේ… නමුත් වැඩක්‌ නෑ….

ප්‍රශ්නය – ඇයි වැඩක්‌ නෑ කියල කියන්නේ. මෛත්‍රිපාල සිරිසේන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා විදියට තරගයට එන්නේ මේ රටේ බලවත් බලවේග ගණනාවක්‌ එකතු කරගෙන. සුළු කොට තකන්න පුළුවන්.

පිළිතුර – බලවේග තිබුණට එකමුතුවක්‌ නෑ. ගිය පාර සරත් ෆොන්සේකා ඡන්දෙට ආපු වෙලාවේ විපක්‍ෂයේ පක්‍ෂ ඔහුට එක සිතින් සහයෝගය දුන්නා. නමුත් මේ පාර බලන්න. මෛත්‍රිපාල කියනවා රනිල් අගමැති කරනවා කියලා, රතන හාමුදුරුවෝ කියනවා එජාපයට තියෙන්නේ මන්ත්‍රි ධුර 40 යි. රනිල් කොහොමද අගමැති කරන්නේ කියලා. තිස්‌ස කියනවා පැය 48 න් විධායක අගමැති කරන්න ඕන කියලා. මංගල කියනවා එහෙම කොහොමද කරන්නේ කියලා. සෝභිත හිමි කියනවා මෛත්‍රිපාල මැතිතුමනි යන්න නම් එපා මේ වැඩ ටික ඉවර වනතුරු ඔබතුමා ඉන්න කියලා…..

ඉතින් කොහොමද මේ කට්‌ටිය දිනලා ගමනක්‌ යන්නේ…… චන්ද්‍රිකාගේ න්‍යාය පත්‍රය අරන් බලන්නකෝ. එයාට පළමුවැනි අවුරුදු 6 මදිනේ…..

ප්‍රශ්නය – මෛත්‍රිපාල මැතිතුමා විපක්‍ෂයට යන විටත් විපක්‍ෂය වටා වෙනත් කණ්‌ඩායම් වලින් මන්ත්‍රීවරු, දේශපාලනඥයෝ එක්‌වනවිටත් තිබෙන බලවත්ම චෝදනාව තමයි බටහිර රටවල් ලොකු කුමන්ත්‍රණයක නිරත වෙමින් මහජන නියෝජිතයන් මුදලට ගන්නා බව. මේ චෝදනාව මේ විදියටම එදා ආණ්‌ඩුවෙන් කඩාගෙන යනවිට එස්‌. බී. දිසානායක ඇතුළු පිරිසටත් තිබුණා නේද…

පිළිතුර – නෑ. නෑ. නෑ. නෑ. එහෙම චෝදනාවක්‌ අපිට තිබුණේ නැහැ. එදා කිසිම කෙනෙක්‌ කුමන්ත්‍රණ චෝදනා එල්ල කළේ නෑ. ඒක මම කියන්න ඕන. සල්ලි ගත්තාය කියන චෝදනාව නම් තිබුණා. නමුත් මේ ගොල්ලන්ට තිබෙනවා විදේශීය කුමන්ත්‍රණයක චෝදනාව….. ඒක චෝදනාවක්‌ නෙමෙයි. ඒක තමයි ඇත්ත. බටහිර තානාපති කාර්යාල කුමන්ත්‍රණ චෝදනාව අපට නැහැ.

මම එදා එළියට ගිහින් වාද විවාදවලට ගියානේ. ඔය මෛත්‍රිලා වගේ හැංගිලා හිටියේ නැහැනේ. මම ගියා. කතා කළා. විවාද කළා.. අපි විදේශ කුමන්ත්‍රණකාරයෝ නොවෙයි.

සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර

13 Responses to “මෛත්‍රී ගියේ විදේශීය කුමන්ත්‍රණයක ඉත්තෙක්‌ වෙලා -Minister SB Disanaye disclosed Chandrika’s Rs 2 billion political graft.”

  1. AnuD Says:

    Any one that criticize or contest against Mahinda Rajapakse is a Traitor and is part of a foreign agenda to destabilize Sri Lanka and to take Rajapakses to hague to prosecute under an agreement that Sri lanka never signed.

  2. Nalliah Thayabharan Says:

    Bandit Queen CBK kept millions of cash under the name of her sister in a locker at the Suduwella branch of HNB. CBK betrayed everybody who had trusted her including her own husband, her best friends and her own party. Bandit Queen CBK got money, houses in foreign countries as bribe from secret deals including Airlanka, Shell Gas, Channel 9 etc. Why the Parliament did not impeach Bandit Queen CBK?

  3. AnuD Says:

    Even Oliver Gunathilake had to go because he stole from the public.

    He is the first English speaking but the governor with a sinhala like name after the independence.

    So, it is no point of asking who began stealing from the govt or from the public.

    The important thing is to stop it.

  4. Daya Says:

    I’m afraid that my computer refuses to display the Sinhala in this blog in any intelligible way, although it does put some Sinhala things on. My Android phone does display everything that is in Sinhala.

    Never mind. It is now getting accepted, owing to constant iteration, that Chandrika was corrupt; but there usually is something good in all human beings, and Chandrika did stand for certain positives, just as Mahind R. does.

    However, I have heard what S.B. Dissanayake said about stripping this 70 year old woman naked. That was a disgusting speech, and I have to search with microscope to find something good in this Minister of Higher Education.

  5. Marco Says:

    Daya
    I agree with you.
    a vile statement totally unbecoming of a Minister of the Govt.
    Is he trying to isolate the votes of the fairer sex?

  6. . Says:

    Daya

    Looks like you have got an old operating system in your computer. You have to get Unicode fonts installed on your computer to read most of the web based publications. All new versions of operating systems have Unicode fonts as default. That is why your Android displays correctly.

  7. Susantha Wijesinghe Says:

    ANUD !! You say ” Sir Oliver Goonatilleke had to go because he stole from the public ” Definitely not, and he did not have to go. He did not steal from the Public. Who gives you all this information ? I know him very well, and he is a close friend of my Father. Iam saying this, is because we know him very, very, personally. He has not stolen Public Money. That is a canard. My father was a regular visitor to his house ‘Evaldon’. I have heard my LATE Father, a CCS, speak very highly of him. He was a person who could move mountains. The last that my Father met him, was at Hon: Mahinda Samarasinghe’s mothers house, at Bullers road, for lunch with his British Wife. That is where Hon. Mahinda lives now. He is of the same caliber as Dudley, gentleman to the core. Please drop the idea that he stole from the Public. HE NEVER DID.

  8. Independent Says:

    I believe what Susantha’s father trusted. Early politicians are not corrupt like current ones.
    Gradually it increased. Even up to 2010, I don’t think there was corruption by the scale of it is now. Now it has increased 10 fold.
    I am not sure why these learned people dare to even comment on a speech made by the man in the photo !

  9. Susantha Wijesinghe Says:

    INDEPENDENT !! Sir Oliver Goonatilleke was the Auditor General Of Sri Lanka during my College days. He was one who exposed a lot of Corruption in the Government Departments. My father was his closest most Senior Officer. On Saturdays, my father used to take me to his Office at Union Place in our Bola Morris Eight.. That is where I met Mr. Oliver Goonatilleke. It was later that the Queen assigned him the Title of “SIR” and he became Sir Oliver. The Auditor Generals Office was between Union Chemists and Car Mart on the same side. I do not know what is there now. It was a vast place where you can drive in.

  10. Lorenzo Says:

    Today the AUDITOR GENERAL and the ATTORNEY GENERAL are appointed by the president.

    That should NOT be the case. They should be totally independent.

  11. Susantha Wijesinghe Says:

    I KNOW THAT THE PRESENT ATTORNEY GENERAL WILL NEVER STOOP TO REFLECT TRAVESTY OF JUSTICE. HE NEVER WILL. HE IS THE SON OF THE LATE SUPREME COURT JUDGE, S.R. WIJAYATILLEKE, AND HIS MOTHERS BROTHER WAS RAJA WANASUNDERE< ALSO A SUPREME COURT JUDGE. THEY ARE BEAUTIFUL GENTLEMEN OF REPUTE, INTEGRITY AND HONESTY ABOVE PAR.

  12. Indrajith Says:

    After a long time, SB has opened his mouth. I agree with most his arguments. Well said Mr. Minister!!!

  13. Indrajith Says:

    When I was at at Japura, SB was a senior student and we listened to SB’s speeches very enthusiatically. He was always, always spoke to the point and spoke the truth and only the truth. So, I believe almost all what he says is correct.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress