නව වැනිදාට ගුවන් තොටුපොළ වහන්න හිතන චණ්ඩියා කවුද?
Posted on December 15th, 2014

එදාටත් ජනාධිපති මම තමයි

* සමහරු නම් පැනල යන්න ගුවන් ප්‍රවේශ පත්‍ර අරගෙන තිබෙනවා. ඒ අයට යන්න මගෙන් බාධාවක් නෑ

* මොන ‍බාධක අභියෝග ආවත් මවුබිම හැරදමා මම යන්නේ නෑ

* රටට ජනතාවට ආදරය කරන නායකයන් ඉවත් කිරීම බටහිර ලෝකයට අවශ්‍ය දෙයක්

බද්දේගම-ඇල්පිටිය ජනහමුවලදී ජනපති කියයි

කුමන බාධක, අභියෝග පැමිණිය ද දිවි හිමියෙන් උපන් මාතෘභූමිය හැර නොයන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටිය දී පමණක් නොව ඇමැති, අගමැති, විපක්ෂ නායක මෙන්ම ජනාධිපතිවරයා වශයෙන් ද කටයුතු කළ තමා ජීවත් වූයේ මේ භූමියේ බව පවසන ඒ මහතා ඉදිරියටත් ජීවත් වන්නේ මේ භූමියේම බව ද ප්‍රකාශ කරයි.

අද ඇතැමුන් විදේශ ගතවීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා එළඹෙන 8 දා වනවිට ගුවන් තොටුපල වසා දමන බවට ප්‍රකාශයක් කර තිබෙන බවද එළඹෙන 9 දායින් පසුව ද මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නේ තමා බවද සඳහන් කරයි.

ගුවන් තොටුපල වසන්නේ නම් එය කළ යුත්තේ තමා බවද හෙතෙම පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල, බද්දේගම සහ ඇල්පිටිය ප්‍රදේශයන්හි දී දී ඊයේ (15) පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෛත්‍රී පාලනයක් ගැන කතාකරන ඇතැමුන් අද වෛරය, ක්‍රෝධය වපුරවන බවත් තමාට මෙන්ම තම දරුවන්ට ද විවිධ ප්‍රකාශ කරමින් අපහාස සිදුකරන බවත්ය.

රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් තමාගේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා පොදු විපක්ෂයට තම ක්‍රියාදාමය නැවතිය නොහැකි බවද පැවසීය. විවිධ අපහාස සිදුකරන පිරිස් තමා විසින් හෙලිකොප්ටර් තුනක් උපන්දිනයට ලබාදුන් බවට ප්‍රකාශ කරන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මෙවැනි අසත්‍ය ප්‍රකාශ වේදිකාවල දී ප්‍රකාශ කරන බවද කුඩා කාලයේ දී වයින් කළහැකි හෙලිකොප්ටර් මිලදී ගෙන තිබෙන බවද සිහිපත් කළේය.

පන්සිල් පද හදිසියේ වැරදිය හැකියැයි කී ඒ මහතා මෙය මහ සඟරුවනට නිඟාවක් බවද මෙවැනි අවස්ථාවන් හිදී විනය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු බවද සඳහන් කළේය. රටට, ජනතාවට සේවය කරන තමා වැනි නායකයන් කෙසේ හෝ ඉවත්කිරීම හෝ ඝාතනය කිරීම බටහිර ලෝකයට අවශ්‍ය වී තිබෙන බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා එය අද වනවිට මැදපෙරදිග ක්‍රියාත්මක වන බවද පෙන්වා දුන්නේය.

රටට ආදරය කරන, වැඩ කරන, ජනතාව ආදරය කරන නායකයන් කෙසේ හෝ ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව පැවසූ ඒ මහතා ඒ නිසාම අපිව හේග් නුවරට ගෙනයාමට ඔවුන් උත්සාහ කරන බවද ඊට අමතරව මෙරට කුමන්ත්‍රණකාරීන් කොමිෂන් සකස්කරන බවද කීවේය. මේ අතර ඒ මහතා සඳහන් කළේ දේශපාලඥයන් එහා මෙහා පනින බවට දේශපාලන වශයෙන් කටකතා පැතිර යන බවත් තවදුරටත් කිසිවෙකු ආණ්ඩුව හැර නොයන බවත්ය.

එළඹෙන 2020 වනවිට ආරක්ෂිත රටක්ථ විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ අරමුණ වී තිබෙන බවද පෙන්වාදුන් ජනාධිපතිවරයා මේ වනවිට කිසිවෙකුටත් යටත් නොවී ජීවත්වීමට මාර්ගය සකසා තිබෙන බවද අපේ දරු පරපුරට යහපත් රටක් තිබෙනවා යැයි බලපොරොත්තු තැබිය හැකි බවද සඳහන් කළේය.

දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි, ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ, නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ, ජේ.ආර්.පී සූරියප්පෙරුම, නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන, දකුණු පළාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

2 Responses to “නව වැනිදාට ගුවන් තොටුපොළ වහන්න හිතන චණ්ඩියා කවුද?”

  1. Indrajith Says:

    During the last presidential elections too they brought various corruption charges against Rajapakse bros. Specially against GR. At that time they fabricated great lies to say that all big tourist hotels and all big private hospitals were owned by GR. Later GR explained that he doesn’t even have a house of his own in Colombo.

    Can one believe that MR bought three helicopters for the use of his three sons? The owners of these lies must answer the following questions if they want to convince us of these lies.

    1. From which country and company these aircrafts were bought?
    2. When did they bring them down to Sri Lanka?
    3. Who piloted them? and
    4. Where are they parked?

  2. S.A Says:

    කුරිරු යුද්ධයෙන් රට ගලවා ගැනීමට නායකත්වය දුන් මිනිසාට බොරු චෝදනා නගමින් චරිතඝාතනයේ යෙදෙන තමාගේම සිහින ලොවකසිටින ගුණමකුවන් ගැන අනුකම්පා කිරීම හැර වෙන කලහැකි දෙයක් නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress