“ජනතා විමුක්ති පෙරමුණ“ මහින්ද රාජපක්ෂ මහතා සමගයි.
Posted on December 22nd, 2014

චන්ද්රසේන පණ්ඩිතගේ විසිනි

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව සමාජ සමීක්ෂණය නොනිල පදනමකින් රටපුරා විවිධ තලයන්හි සාකච්චා වෙමින් පවතී.මේ සාකච්චා වලදී, සැබෑ ලෙසම කථා කරනුයේ, දේශපාලන පොර පිටියේ අපට දිස්වෙන දේශපාලන පක්ෂ නාම පුවරු සම්බන්ධව මිස, සැබෑ දේශපාලන බල වේගයන් සම්බන්ධව නොවේ. ජයගත්තේ මෙන්න මේ නාම පුවරුව සහිත කණ්ඩායමයි, යනුවෙන් ඡන්ද ප්රතිඵල ප්රකාශයට පත්කෙරේ. දේශපාලන පක්ෂ යනු කුලී පදනමක් මත එක එකාට කුලියට දෙන වාහන මෙන් වූ මෙවලම් විශේෂිතයක් බවට පත්ව ඇති බව වටහා ගත් විට, සිදුව ඇති දේ සම්බන්ධව අවබෝධ කර ගැනීම වඩාත් පහසුවේ.. 

  පසුගිය මැතිවරණයන් සම්බන්ධව සමාජය තුල, ජනතා විමුක්ති පෙරමුණ, අන්ත පරාජයක් ලබා ඇතැයි, විවිධ තලවල දේශපාලන සංවාද තුලදී ප්රකාශවේ. මේ ප්රකාශන තුල ඇති යථාර්ථය කුමක්දැයි අප නිවැරදිව වටහා ගත යුතුය. ඇත්තටම මේවන විට, ජනතා විමුක්ති පෙරමුණ නම් වූ දේශපාලන පුවරුවට මුවාවී කටයුතු කරන්නේ‍ කවුද? පැරදී ඇත්තේ ඒ බලවේගය මිස ජනතා විමුක්ති පෙරමුණ නොවන බව අවබෝධ කර ගැනීමේ වාසිය උරුම වන්නේ, අවබෝධ කරගන්නාට මිස ජනතා විමුක්ති පෙරමුණට නම් වූ නාම පුවරුවට මුවාවී සිටින අධිරාජ්‍යවාදී සෙවනැලි වලට නොවේ.

සැබවින්ම 1964දී මෙරට උපත ලද ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන පක්ෂයක් නොවේ, දේශපාලන බලවේගයකි. එදා මේ දේශපාලන බලවේගයේ, නිර්මිතය, අපේක්ෂා කලේ කුමක්ද ? තම දේශපාලන ගමන ගමන් කලේ කුමන අාකාරයටද? යන්න අවබෝධ නොකරගෙන, වර්තමානයේ, ජනතා විමුක්ති පෙරමුණ අන්ත පරාජයක් ලබා ඇතැයි හඩගෑම නොකල යුතුය. මේ දේශපාලන බලවේගය එදා වෙනමම දේශපාලන දහරාවක් සේ කටයුතු කරන්නට අාරම්භ කලේ, සෑම සියලු දේශපාලන පක්ෂ තුලම මේ බලවේගයේ කාර්යයන් උපරිම සීමාව දක්වා නිමවා ඇති බව පසක් වීමෙන් පසුවය. එදා ඒ අාරම්භවූ දේශපාලන දහරාව, 1970 සමගි පෙරමුණේ, ජයග්රහනය උදෙසා කටයුතු කලාය.  මේ බලවේගයේ අපේක්ෂාව වූයේ, අධිරාජ්යවාදයට එරෙහිව සටන් වැදීමයි. එහි මූලික සටන් පාඨය වූයේ, “අධිරාජ්යවාදයට විනාශය ජනතාවට විමුක්තිය” යන්නයි. මේ සටන් පාඨය නොලිය වුන ගමක් නගරයක් ගල් කුලක් මෙරට නැති තරම්ය. එම සටන් පාඨයේ බලවත් කම නිසාම, බටහිර අධිරාජ්යවාදීන් විසින් මතුවූ සැනයෙන්ම, විනාශකර දැමීමට අඩිතාලම දමන ලදී. 1971 අරගලය එහි පලයකි.

 1978 සිට 1989 දක්වාවූ ජනතා විමුක්ති පෙරමුණේ එම සටන් පාඨය මතු නොකලද, එම සටන් පාඨයේ අාශ්වාදය සෑම සියලු සාමාජිකයකු තුලටම කාවැද්දී තිබිණ. 1994 පසුවද මේ සටන් පාඨයේ අාශ්වාදය විවිධ තලවල හැසිරෙමින් 2005දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීමේ කාර්යය සිදු කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීම, ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ලද විශිෂ්ඨතම ජයග්රාහණය විය. අධිරාජ්යවාදී සතුරා ලද බලවත්ම පරාජයද මෙය විය. තමන් සියලු කටයුතු සිදුකර ලබාගත් ජයග්රහනයේ පලය බුක්ති විදීමට ඉඩ ලබා නොදීමට, සතුරාගේ බලවත්කමට හැකියාවක් ලැබුණද, එම පක්ෂය මෙහෙවූ ගාමක බලවේගය, තමන් ලද ජයග්රහණය අත් නොහැර, මහින්ද රාජපක්ෂ මහතා සමග බද්ධව තම අරමුණවූ  “අධිරාජ්යවාදයට විනාශය ජනතාවට විමුක්තිය” යන සටන් පාඨයට අනුව කටයුතු කලහ. 

පසුව පක්ෂ නායකත්වය තම පක්ෂය නාමය, බටහිර අධිරාජ්යවාදීන්ට බද්දට දුන්දා සිට එම පක්ෂ නාම පුවරුව පට්ට ගසනා ලද්දේ බටහිර අධිරාජ්යවාදීන් විසිනි. විටෙක බටහිරුන්  විසින් කුලියට ගන්නා ලද, සියලුම පක්ෂ එකතු කර, මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මේ පක්ෂය නාම පුවරුව සැබෑ ජනතා විමුක්ති පෙරමුණ ලෙස පෙන්වම්න් සටන් මෙහෙයවන අාකාරය දෙස එම පක්ෂයේ ගාමක බලවේගය බලා සිටියේ හාශ්‍ය ජනක ලෙසය.

 එදා  ඒ බෝඩ් එක සුද්දාට අයත්වූ අතර. එහි සැබෑ අන්තර්ගතය වූ ජාතික විමුක්ති බලවේගය මහින්ද රාජමක්ෂ මහතා සමග බද්ධ විය.

 මේ පදනමේ සිට බලන විට, අද මහින්ද රාජපකෂ මහතා තරම් අධිරාජ්ය විරෝධී හඩක් නගන ජන නායකයකු මෙරට නැති තරම්ය. අද ලෝකයේ හැම සමුලුවකම පාහේ “අධිරාජ්යවාදයට විනාශය ජනතාවට විමුක්තිය” යන සටන් පාඨයම වෙනත් අාකාරයකින් හඩ නගන මේ අවස්ථාවේදීම, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය ජයග්රාහණ වීමම ජනතා විමුක්ති පෙරමුණේ විශිෂ්ඨ ජයග්රහණයකි.

ඒ සැබෑ බලවේගය මේ මහා තීරණාත්මක අවස්ථාවේදීද 1971 සිට අඛන්ඩව අධිරාජ්‍ය විරෝධී හඩ නගමින් මියගිය විරු සගයන් සමග අත්වැල් බැදගෙන මහින්ද රාජපක්ෂ නම්වූ අධිරාජ්‍ය විරෝධී පතාක යෝධයා සමග එක පෙලට සිටගෙන සිටින බව අප අවධාරණය කරමු.

2015 ජනවාරි මස 8 වෙනිදා පවත්වනු ලබන ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන්ම සිදුවනුයේ;

අධිරාජ්‍යවාදයට විනාශය — ජනතාවට විමුක්තිය යන ඒ සටන් පාඨය යලිත් වරක් බල ගැන්වීමයි.

One Response to ““ජනතා විමුක්ති පෙරමුණ“ මහින්ද රාජපක්ෂ මහතා සමගයි.”

  1. Christie Says:

    JVP is a Socialist mob that was funded by North Koreans & the Third Eye. Indians are ones who brought Socialism to the island.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress