Ranil complains to police over fraudulent document – Tissa Says if the signature is forged let the police investigate but Ranil should deny the content
Posted on December 23rd, 2014

Hot News

United National Party (UNP) National Leader Ranil Wickremesinghe said he had complained to the Police Chief today with regard to a fraudulent document on which his signature and that of common opposition candidate Maithripala Sirisena had been forged.

In his complaint he said that this misleading document had been issued to the state media.

Meanwhile UNP former Secretary General Tissa Attanayake says that if Ranil thinks that his signature is forged the police should investigate it. Tissa further challenged that while pending the police investigation Ranil should deny the content.

 

9 Responses to “Ranil complains to police over fraudulent document – Tissa Says if the signature is forged let the police investigate but Ranil should deny the content”

  1. Raj Says:

    Ranil was hooted at in a meeting in Ingiriya and he was moved away safely by police. A lot more will come. Rivira reports that Daham Sirisena’s girl friend’s father was in possession of foreign currency worth Rs 157 million. Has to be LTTE money.

  2. Samanthi Says:

    The Following is a very good analysis by Manoj Abedeera. Thank you Mano for enlighting us on this important subject!

    ජයග්‍රහණය ආපසු හැරෙයිද?

    “ආණ්‌ඩුව තාමත් කතා කරන්නේ යුද ජයග්‍රහණය ගැන නේ” මෛත්‍රී පිලේ අය එහෙම චෝදනා කරයි. ඇත්තටම ආණ්‌ඩුව තවම කතා කරන්නේ යුද ජයග්‍රහණය ගැන විතරද?

    ඒ පමණක්‌ නොව ආණ්‌ඩුව විසින් මේ වන විට සිරිසේන පිල හා කොටි අතර කතාවක්‌ ද හෙළිකර තිබේ. මෙසේ හෙළි වන විට විපක්‍ෂය පැත්තෙන් කියන්නේ, ‘ඔන්න ආයිමත් කොටි කතා කියන්න පටන් අරගෙන’ කියලාය.

    යුද ජයග්‍රහණය ගැන ආණ්‌ඩුව කියන එක කොහොමටත් නතර කරන්නට බැරි දෙයකි. නිදහසින් පසු ලබාගත් දැවැන්ත ජයග්‍රහණය එහි අයිතිකරුවන් නොකියා සිටින්නේ නැත.

    රටේ ඉතිහාසයේ තීරණාත්මක ජයග්‍රහණයක්‌ ලබාගෙන සිටින පිරිස ඒ ගැන සිය අයිතිවාසිකම කියා පෑම කිසිදු නරකක්‌ නැත. යුද ජයග්‍රහණය ගැන කතා කරන විට රිදෙන ප්‍රධාන පිරිස නම්, එයින් පරාජය ලැබූ අයය. එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාව හා ඔවුන්ට මෙරටදී සේවය කරන පිරිසට එසේ රිදීමක්‌ වනවා ඇත.

    ඒ අතරම යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්නට විපක්‍ෂයේ අය ද ඉදිරිපත් වී සිටියි. චන්ද්‍රිකා කියා ඇත්තේ යුද ජයග්‍රහණයේ 75% ක්‌ තමන් ලබාගත් බවය. මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය කියන්නේ යුද ජයග්‍රහණය ලබන මොහොතේ වැඩ බලන ආරක්‍ෂක ඇමැති තනතුර දරන ලද්දේ තමන් බවය. මෙවැනි විහිළු ක්‍රියාවන් තුළින් යුද ජයග්‍රහණයට සේවය නොකළ අය පවා ලකුණු දාගන්නට හදනවා නම්, ඇත්තටම එහි උරුමක්‌කරුවන් එහි ලකුණු දමාගැනීම වරදක්‌ද?

    තවමත් යුද ජයග්‍රහණය ඉදිරියට ගෙනයැම වෙනුවෙන් පෙනී සිටින්නේ මහින්ද රාජපක්‍ෂ පිල පමණයි. අනිත් පාර්ශ්වය එකතු වී තිබෙන්නේ යුද ජයග්‍රහණය ආපස්‌සට හරවන අභිප්‍රාය සමඟය.

    තිස්‌ස අත්තනායක විසින් හෙළි කරන ලද, එජාප නායක රනිල් සහ මෛත්‍රීපාල විසින් අත්සන් කරන ලද ගිවිසුම මගින් පෙන්නුම් කරන්නේ යුද ජයග්‍රහණය ආපස්‌සට හැරවීමේ වුවමනාවක්‌ සිරිසේන පාර්ශ්වයට ඇති බවය.

    උතුරු පළාතේ ස්‌ථානගත කර සිටින හමුදා භටයන් ගණන 50% කින් අඩු කිරීම එහි තිබෙන එක්‌ වගන්තියකි. එයින් ඉටුකිරීමට සැරසෙන්නේ දෙමළ වර්ගවාදයට නැවත වරක්‌ උතුරේ නැගී සිටීමට අවස්‌ථාව හිමිකර දීමය. 2009 මැයි 18 වැනිදායින් පසුව ප්‍රධාන අවස්‌ථා තුනකදී එල්. ටී. ටී. ඊ. ය නැවත වරක්‌ නැගී සිටින්නට උත්සාහ කළේය. ශක්‌තිමත් බුද්ධි අංශ යාන්ත්‍රණය හා හමුදාවන් විසින් නිරන්තරයෙන් කරන සෝදිසි කිරීම් නිසා ඒ සියල්ලම උපන් ගෙයිදීම ව්‍යවර්ථ කර දමන්නට හැකියාව ලැබිණි. උතුරු පළාතේ තිබෙන වනාන්තර ඇතුළු සැකකටයුතු ස්‌ථාන රාශියක්‌ දෛනිකව හමුදා පරීක්‍ෂාවට ලක්‌වේ. උතුරේ හමුදාව 50% කට අඩු කළහොත් එයින් සිදුවන්නේ තම අභිප්‍රාය සාධනය කරගැනීම සඳහා දෙමළ වර්ගවාදයට අවස්‌ථාව ලැබීමය.

    මීට අමතරව

    * සියලුම අධි ආරක්‍ෂක කලාප ඉවත් කර එම ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමටද

    * දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවන අයුරින් දහතුන්වැනි සංශෝධනය ඉක්‌මවා ගිය බලය බෙදීමක්‌ සිදුකිරීමටද,

    * එක්‌සත් ජාතීන්ගේ මානව හිsමිකම් මණ්‌ඩලය විසින් යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද

    * යුද්ධය අවසන් වී ඇති හෙයින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වැය කරන මුදල 40% කින් කපාහැර එම අරමුදල් උතුරු හා නැගෙනහිර පළාත්හි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමටද මෙම එකඟතාවය මගින් සපථ කරගෙන තිබිණි.

    එජාප නායක හා මෛත්‍රීපාල අතර ඇතිකරගෙන තිබෙන මෙම ගිවිසුම රනිල් වික්‍රමසිංහගේ සාම්ප්‍රදායික දැක්‌ම අනුව ලියෑවුණු දෙයකි. රනිල් – ප්‍රභාකරන් ගිවිසුම මගින් වෙනම රාජ්‍ය තත්ත්වයක්‌ ප්‍රභාකරන්ට දෙන්නට තරම් නිර්ලෝභී තත්ත්වයක රනිල් සිටියේය. ඊට අමතරව ප්‍රභාකරන්ට උතුරේ පාලනය දස වසරකට දෙන්නට සූදානම් වූ චන්ද්‍රිකා සිටින්නේ ද මෛත්‍රීපාල සමඟය. ඒ සියල්ල අතරේ මෙම ගිවිසුමේ තවත් සැඟවුණු විශේෂත්වයක්‌ තිබෙන බව පෙනේ.

    උතුරේ දෙමළ ඡන්ද මල්ල තමන්ට දිනාගැනීම මෛත්‍රීපාලගේ අවශ්‍යතාවයය. මේ සඳහා දෙමළ සන්ධානය සමඟ සෘජු ලෙස එකඟතාවයක්‌ ඇතිකරගන්න ගියහොත් එය සාමාන්‍ය සමාජයට කාන්දු වුවහොත් සිංහල ඡන්ද තමන්ට නොලැබෙන බව සිරිසේන පාර්ශ්වය දන්නේය. මේ සඳහා පිළියමක්‌ ලෙස දෙමළ සන්ධානයේ යෝජනා ද ඇතුළත් වන පරිදි එජාප නායක සමඟ මෛත්‍රීපාල ගිවිසුමක්‌ අත්සන් කර තිබෙන බව ඉහත එකඟතා දකින විට පැහැදිලි වෙයි. එම එකඟතා දෙමළ සන්ධානයේ ඡන්ද මල්ල සඳහා ප්‍රමාණවත් වේ.

    මේ හානිකර එකඟතා, ලබාගත් ජයග්‍රහණය ආපස්‌සට කරකවන බව අතිශයින්ම පැහැදිලිය. දහතුන්වැනි සංශෝධනය මගින් සිදුවී ඇත්තේ ද වෙනම රාජ්‍ය තත්ත්වයක්‌ උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතිවීම සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබීමය. ඒ තුළ හිඳිමින්ම වර්ධරාජා පෙරුමාල් විසින් ඊළමක්‌ ප්‍රකාශයට පත්කළත් එය එක්‌ මොහොතකින් අවලංගු කළ හැකි වූයේ විධායක ජනාධිපති බලතල ප්‍රේමදාස විසින් යෙදීම නිසාය.

    විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම මගින් 13 වැනි සංශෝධනයේ පාලන බලය සපුරා අහෝසි වීම අනිවාර්යය. එවැනි තත්ත්වයක්‌ තුළ දැනට තිබෙන දහතුනෙන්ම ඊළමක්‌ කරා පහසුවෙන් යා හැකිය. එකඟතාවයේ තිබෙන අනිකුත් කාරණා අනුව දෙමළ වර්ගවාදය සඳහා එය ඉතා පහසු කටයුත්තක්‌ වනු ඇත. විශේෂයෙන්ම දැනට තිබෙනවාටත් වඩා දහතුන බලවත් කිරීමත් සමඟ එහෙම් පිටින්ම ඊළමක්‌ එමගින් ලබාගත හැකි වනු ඇත.

    උතුරු පළාත් සභාවේ සිටින්නේ, ඊළංකෙයි තමිල් අරසුකච්චි බලය පිහිටුවාගෙනය. ඒ තුළ සිරිසේන – රනිල් එකඟතා ක්‍රියාත්මක වුවහොත් යුද ජයග්‍රහණය ඉතා පහසුවෙන් ආපසු හැරවෙනු ඇත.

    එපමණක්‌ නොව සිරිසේන විසින් එජාපය සමඟ අත්සන් කළ ගිවිසුමේදී, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ලබා දී ඇති නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ. තමන්ගේ ප්‍රකාශයෙන් ඔහු කියා සිටින්නේ, ජාත්‍යන්තර නොව දේශීය වශයෙන් යුද අපරාධ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකළ යුතු බවය. මේ සියල්ල මගින් සනසාලන්නට තනන්නේ, දෙමළ වර්ගවාදයය. 13 සවිමත් කිරීම ඇතුළු කාරණා මගින් යුද ජයග්‍රහණය ආපසු හරවන අතරේම ඒ සඳහා දායකත්වය ලබාදුන් රණවිරුවන් ජාත්‍යන්තරයේදී හෝ ජාතික වශයෙන් දංගෙඩියට යෑවීමට කටයුතු යෙදීම මගින් යුද ජයග්‍රහණය ලබාදුන් පිරිසගෙන් පළි ගැනීමට ද ‘මෛත්‍රී පාලනය’ බලාපොරොත්තු වන බව පෙනේ.

    මෛත්‍රීපාල – රනිල් එකඟතාවයක්‌ පිළිබඳව තිස්‌ස අත්තනායක විසින් ඉදිරිපත් කරන පත්‍රිකාව, මෛත්‍රී පිල විසින් මේ වන විට ප්‍රතික්‍ෂේප කර තිබේ. ඒ නිසා, ඒ මතම මෛත්‍රීපාලගේ තීරණය මේ යෑයි කිව නොහැකිය. එසේ වුවත් යුද ජයග්‍රහණය පිළිබඳව ජාත්‍යන්තරයෙන් හා ඊළාම්වාදීන්ගෙන් නැගෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ගේ මතය, මෛත්‍රීපාල විසින් ද හින්දු පුවත්පතට පවසා තිබේ.

    ඒ අනුව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ නොව මෙරටදී ඒ ගැන පරීක්‍ෂණයක්‌ සිදු කළ යුතු බව මෛත්‍රීපාලගේ අදහසය.

    මේ උත්සාහ දරන්නේ ජාත්‍යන්තරයට බැරි දේ මේ රටේදීම කර දෙන්නටද?

    යුද අපරාධ සම්බන්ධයෙන් මෛත්‍රීපාලගේ පිළිතුර “එහෙම දෙයක්‌ ශ්‍රී ලංකාවේ සිදුවුණේ නැහැ” යන්න නම්, එය කෙතරම් අනර්ඝ පිළිතුරක්‌ වන්නට තිබුණාද?

    එසේ නොවන පිsළිතුරක්‌ හෙවත් යුද අපරාධ පරීක්‍ෂණ මෙරටදී සිදුකරන්නට යනවා නම්, තිස්‌ස ඉදිරිපත් කළ පත්‍රිකාව බොරු බව මෛත්‍රීපාල – රනිල් දෙදෙනාම කිව්වද, අවසානයේ වනු ඇත්තේ කොලයේ තිබෙන දේමය.

    එක්‌ අතකින් දෙමළ, මුස්‌ලිම් අන්තවාදී පක්‍ෂ සියල්ලම සිරිසේන පාර්ශ්වය සමඟ එකතු වී සිටියි. අනික්‌ අතින් රනිල් හා චන්ද්‍රිකා යන දෙමළ වර්ගවාදයට ඊළමක්‌ ලබාදීම සඳහා එදා සිටම ඇඟෙන් උදව් කළ දෙදෙනාය. මේ පිරිස මෛත්‍රීපාලගේ දැත්, දෙපැත්තෙන් අල්ලාගෙන ඔහුq ලවා රට ගෙනයන්නට හදන දිශාව පැහැදිලිය.

    එපමණක්‌ නොව මෛත්‍රීපාල වුවද සිටින්නේ එතැනය. ව්‍යසනය වුවද ඊළම සඳහා පාරක්‌ කර දෙන්නට එදා ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා පසුබට නොවීය. භෞතික ව්‍යවසනයකින් ගැස්‌සී තිබෙන රට, සුනාමි සහන මණ්‌ඩල යාන්ත්‍රණය හරහා ඊළමට පාර කර දෙන්නට චන්ද්‍රිකා උත්සාහ කළේය. මෙයට එරෙහිව හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත නාහිමියෝa ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක්‌ කළෝය. ඒ මොහොතේ ඕමල්පේ හිමියන් බැහැදකින්නට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණියේය. ජවිපෙ චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවෙන් ඉවත් වූයේ ද සුනාමි සහන මණ්‌ඩලය නිසාය. මුළු රටේම ජාතික බලවේග සුනාමි සහන මණ්‌ඩලය පිහිටුවීමට එරෙහිව දැවැන්ත වැඩ කොටසක්‌ ඉටුකරමින් තිබිණි. එයට පක්‍ෂව සිටියේ ඊළාම්වාදී පිරිස්‌ පමණය. මේ මොහොතේ මෛත්‍රීපාල විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ආණ්‌ඩුවට වඩා සුනාමි සහන මණ්‌ඩලය ලබාදීම වටිනා බවය. ඊළම ලබාදීම ද ඔහුට එවැන්නක්‌ බව ඒ නිසා පහසුවෙන්ම තේරුම් ගත හැක. දෙපැත්තෙන් අත් අල්ලාගෙන යන පිරිස පමණක්‌ නොව සිරිසේන සිටින්නේ ද ඒ අදහසේය. මේ නිසා සිරිසේනගේ වුවමනාව මත ලබාගත් යුද ජයග්‍රහණය, පරාජිතයාගේ අවශ්‍යතාවය මත ඊළම දක්‌වා පරිවර්තනය වීම වැළැක්‌විය නොහැකි බව පැහැදිලිය. මෙවැනි තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුව පමණක්‌ නොව යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභ ලබන ජනතාව කිහිපවිටක්‌ම කල්පනා කළ යුතුව තිබේ.

    ආණ්‌ඩුව යුද ජයග්‍රහණය ගැන කතා කරනවා සේම සිරිසේන පාර්ශ්වය කටයුතු කරන්නේ ඊළමට පාර කපා දෙන්නටය. 2005 සිට සිදුවුණේ මෙයය. රට ගැන ආණ්‌ඩු පාර්ශ්වයෙන් කතා කරන විට අනිත් පිරිස කතා කළේ ඊළම ගැනය. යුද්ධ කරන කාලයේදී එය රටටම පැහැදිලිව පෙනුණි. තවමත් විපක්‍ෂය එය අතහැර තබා නැත. යුද්ධයට අමතරව සංවර්ධනය, ආර්ථිකය ගැන ආණ්‌ඩුව කතා කරන අතරේ යුද ජයග්‍රහණය ආණ්‌ඩුවේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ එය රටේ අනෙකුත් ජයග්‍රහණවල පදනම වන්නා සේම, විරුද්ධ පාර්ශ්ව ආපසු හරවන්න සැරසෙන්නේ ද එය නිසාය.

    මනෝඡ් අබයදීර”

    I just want to add one relevant fact which most of us have already forgotten.

    Not only Ranil and Chandrika who tried their best to offer EElam on a platter to Velu but also another very key player of the EElam project, Rajitha Senaratne also in the My3 camp and is trying his best to do what Velu couldn’t do through the gun barrel. Remember what he said when he was in Ranil’s cabinet in early 2000.

    He said, ” Because of these so called security Zones, an ordinary man in Jaffna can’t go out even to buy a cup of plain tea”. The motive of this statement was to promote the idea of removing High Security Zones from the Jaffna military theatre. If we Sri Lankan’s knowingly or unknowingly fall into this trap again, no god can protect our mother Lanka!

  3. Vimutti Says:

    Need to polygraph (lie detector test) both Ranil and Maithripala on the content of this agreement. If they fail the polygraph, they both should be arrested on treason charges.

  4. Marco Says:

    Vimutti
    I agree- why not have polygraph all four of them, Ranil, Maithri, Tissa & Mahinda.
    Would’nt that be a fair way to access it?

  5. Hiranthe Says:

    It is surprising to see Mano’s honest evaluation has been published as it is. Divaina is playing a cautious game I can see. Their Editorial is more inclined towards My3 and the clan. They don’t publish Nalin’s column anymore. Looks like things are changing after Seevalie Rathwaththa gone. Divaina played a key role in the past during Ealam war… Are they with Chandrika and Bandit Queen now?

  6. Senevirath Says:

    hiranthe itoo is worried about divaina nalins dakma was the best in sunday divaina. I wrote to divaina asking them why . is it anura solsmans the new editor responsible or the divaina policy . we have lost a ”’paththara rajek””

  7. Samanthi Says:

    Hiranthe and Senevi, thank you for reminding about Nalin’s famous article Dakma in Iridha Divaina. Yes, it was my favourite too. If Divaina wants to keep their readership, they have to bring that column back.

    However, I still believe that Uapli Newspapaers is doing a very patriotic role as in the past which is obvious from the above article of Mano’s excellent analysis. Moreover, I saw a few recent articles by Prof. Nalin De Silva in Eglish in the Island newspapers. As I remeber, one of them is tittled “The Good Governance is a Trojan Horse”, a must read article!

  8. Lorenzo Says:

    Now the other camp will also come up with some FAKE document with MR’s signature.

  9. SenaD Says:

    Samanthi, “The Good Governance is a Trojan Horse” is reproduced and available here itself.

    http://www.lankaweb.com/news/items/2014/12/16/good-governance-is-a-trojan-horse/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress