ස්වභාවයේ රිද්මය.
Posted on December 27th, 2014
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
ස්වභාවය සම්බන්ධව සාකච්ඡා කිරිම බොහෝ තලයන් හිදී සිදුකරන සාමාන්‍යය කාර්යයකි. සැබැ ලෙසම ප්‍රාථමික වශයෙන් ස්වභාවය හඳුනා ගැනීමට යා යුතු සුදුසුම තැන වන්නේ මිනිස් පාලනයෙන් බැහැරව පවතින පාරිසරික රටාවකටය. උත්තර ධ්‍රැවය, ඇන්ටාක්ටිකාව, වැසිවනානතරය, හෝ ඝන වනානතරය මේ සඳහා සුදුසුම ස්ථානයන්ය. මිනිසුන් රහිත ආක්ටික් කලාපයේ සම්පූර්ණ පාලනය දරන්නේ ස්වභාවයයි.
ස්වභාවය සෑම ජීවියකුම නිර්මාණය කරන්නේ පැහැදිලි අරමුණක් සහිතවය. ස්වභාවයට නිශ්චිත ඉලක්කයක් ඇති අතර, එම ඉලක්කය අරමුණු කරගෙන,ඊට අවශ්‍යකරන ජීවින් නිර්මාණය කිරීම ස්වභාවය අඛණ්ඩය ඉටුකරන ප්‍රධාන කාර්යයි. නිර්මාණිත ජීවියාට මේ භූමිය වෙනුවෙන් කලයුතු මහා කාර්යභාරයක් ස්වභාවය විසින් පවරන අතරම ඒ සම්බන්ධව අධීක්ෂණය කිරීමේ වගකීමද ස්වභාවය මත රදවා ගෙන තිබේ. එම ජීවියා පියවි ඇහැට නොපෙනෙන ඇමීබාවා, යුග්ලිනාගේ සිට ලෝකයේ වාසය කරන විශාලම සත්වයා වන නිල් තල්මසා දක්වා පැතිරී පවතී. ඊට අමතරව, බැක්ටීරියාවන්, වයිරස් හා දිලීරයන් වශයෙන්ද ජීවි කණ්ඩායම් ස්වභාවය විසින් මේ පෘතුවියට හඳුන්වාදී තිබේ.
ස්වාභාවය විසින් නිර්මාණිත විශේෂිතම ජීවී පරපුර වන්නේ ශාක ප්රජාවයි. ශාක ප්‍රජාව තුල වන සුවිශේෂී නිර්මාණිත ස්වභාවයම අපට ගෙනහැර දක්වන්නේ ස්වභාවයේ ඇති ප්‍රභාෂ්වරයයි. ශාක ප්‍රජාවට ස්වභාවය විසින් උරුම කර ඇති කාර්යභාරය, ඉටුකිරීමේ හැකියාව විසින් ස්වභාවයේ අපේක්ෂිත ඉලක්කයට ගමන් කිරීමේ ප්‍රවේගය තීරණය කරන බැවින් මිහි මත ඇති අන්කිසිඳු ජීවි පරපුරකට වඩා වටිනා කමක් මෙම ශාක ප්‍රජාවට උරුමව පවතී. ශාක ප්‍රජාව උපතේ පටන්ම උත්තර නිර්මිතීය ක්‍රියාවලීන්ගෙන් යුතු සමාජ ක්‍රමයකට උරුමකම් දක්වන අතර මුළු පාතුවියේ සියළුම ගණුදෙනු කාරයාගේ තත්වය හා කළමණාකාරිත්වය රදා පවතින්නේ ශාක ප්‍රජාව මතය. මේ පෘතුවිය මත තිබිය යුතු ශාක ඝනත්වය තීරණය කරන ස්වභාවය, එම ශාක ඝනත්වය විසින් මේ පෘතුවියට උරුම කරන සම්පත් ප්‍රමාණය මත, මේ පාතුවියේ වාසය කල යුතු ජීවී පරම් පරාවන්ගේ ඝනත්වය තීරණය කරයි.
පෘතුවිය නිබඳව හිරු හා අනිකුත් ග්‍රහයින් හා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන අතර ගතවෙන සෑම තප්පරයක් තුලදීම පෘතුවියට මහා ධනස්කන්ධයක් මෙම සම්බන්ධතාවයන් හේතුවෙන් උරුම වේ. හිරු එලිය මේ මහා භූමියට නිතිපතා කඩා හැලෙන මහා ධනස්කන්ධයකි. මෙම ධනස් කන්ධය හා එහි ස්වභාවය නිසි ලෙස අවබෝධකරගෙන එය මහා කළමණාකරණයකට භාජනය කරමින් මෙම පාතුවියේ වාසයකරණ සියළුම ජීවින්ගේ පැවත්මට අදාල වෙන ආකාරයට සුදුසු කටයුතු මෙහෙයවන යාන්ත්‍රණය භාරව ඇත්තේ ශාක ප්‍රජාවට බැවින්, හිරු සමග අවධිවන ශාක ප්‍රජාව හිරුගේ බැසයෑම සමගම තම දෛනික කාර්ය නිම කරයි. මේ හරහා දෛනිකව ශාක ප්‍රජාව නිශ්පාදනය කරණ ආහාර ප්‍රමාණය මිලියන ටොන් ගනනක්වන අතර, ඊට අමතරව ඔක්සිජන් ප්‍රමාණය ඝන ලීටර මිලියන ගනනකි. මෙම මහා ක්‍රියාවලිය හුවමාරු පදනම යටතේ සිඳුකරණ කාර්යභාරයක් වන අතර, මෙම කාර්යභාරය හේතුවෙන් සියළුම ජීවින්ගේ ආහාර, වාතය, ජලය,බෙහෙත් වර්ග, දැව වර්ග, ගල් අගුරු හා බොරතෙල් වැනි සෑම වර්ගයක්ම නිශ්පාදනයේ බර ශාක ප්‍රජාව දරාගෙන සිටී.
අතිබහුතරයක් ජීවින්ගේ පැවත්මට අදාලවන ඹක්සිජන් වායුව නිපදවීමට ශාක ප්‍රජාවට ස්වයංව කල හැකි අතර, ජල සංරක්සණ ක්‍රියාවලිය ඉටුකිරීමටද ඊට ආවේනික වූ යාන්ත්‍රණයක් උරුමය. නමුත් තමන් නිපදවන ආහාර වලින් විශාල ප්‍රමාණයක් සමහරක් සත්වයින්ගේ, පක්ෂීන්ගේ හා මිනිසුන්ගේ පරිභෝජනයට සුදුසු ආකාරයට පරිවර්තනය කිරීමේ කාර්යාවලිය සඳහා ශාක-කෘමී සමූහ යාන්ත්‍රණයක් ස්වභාවය හඳුන්වාදී ඇති අතර, එම ක්‍රියාවලියේ ප්‍රතිථලයක් වශයෙන් අති විශාල ආහාර දාමයක් මෙම සමූහ ක්‍රියාවලිය මෙලොවට උරුම කර ඇත. වී මෙනේරි තල කරහන් වශයෙන් හඳුන්වන ධාන්‍යයන් හා අඹ දිවුල් බෙලි දොඩම් කොස් දෙල් පොල් වශයෙන් හඳුන්වන ථලයන්ද මෙලොවට උරුම වන්නේ එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙනි.
රටක ධනවත් බාවය මනින ස්වභාවයේ නිර්ණායකය වන්නේ, එම රට මත පතිත වෙන හිරු රැස් ප්‍රමාණය හා එම හිරු රැස් තුල ඇති බලශක්තිය උපරිම ලෙස කලමණාකරනයකට භාජනය කර ජීවි ප්‍රජාවගේ පරිභෝජනය සඳහා සකස් කල හැකි ශාක ප්‍රජාව හා ඊට දායක වන කෘමි පරපුරයි. ස්වභාවය හඬගා ඉල්ලා සිටින පණිවුඩය වන්නේද, සකල දේශවාසී ජීවීණි ස්වභාවය හා අත්වැල් බැද ගනිල්ලා, ගහ කොළ රැක ගනිල්ලා, කෘමී පරපුර රැක ගනිල්ලා යන්නයි. අපට පොහොසත් රාජ්‍යයක් බිහිකලහැක්කේ එම පණිවුඩයට අනුව කටයුතු කිරීමෙන් පමණි.
ලෝකයේ අන් කිසිඳු රටකට වඩා විශේෂිතවූ පාලන රටාවක් අප මාතෘ භූමිය තුල අනාදිමත් කාලයක පටන් ගලා ආහ. ඒ ස්වභාවය හා බද්ධව, ස්වභාවය අපෙන් ඉල්ලා සිටින දේ ඉටුකරමින්, ඒ හේතුවෙන් ස්වභාවය අපට ලබා දෙන දේ බුක්ති විදිමින් ගත කරන ලද ජීවන රටාවයි. ස්වභාවය අපට ලබාදෙන ලද ජල සම්පත විශේෂිත ක්‍රම මගින් සුරැකි ජාතියක් වීමු. මුළු රට පුරාම දිවගිය වැව් හා බැඳුන වාරිමාර්ග පරිපථය අප මුළු මහත් ලෝකයේ සිටි ස්වභාවය හා බැදී වැඩකල බලමුළුව බව ලොවට ගෙනහැරපායි. අපගේ වැඩවසම් රාජ්‍යය ක්‍රමය ලොව තිබූ කිසිඳු වැඩවසම් රාජ්‍ය ක්‍රමයකට වඩා ජනතා හිතවාදී වූයේද, එම රාජ්‍ය ක්‍රමය තුලවූ ජනතා හිතවාදී දේ සැබෑ ලෙසම ජනතාවට උරුම කරවන ස්වභාවය හා බැඳුන ව්‍යාවස්ථාවක් මේ රටට උරුමව තිබීමයි. එහි පලවෙනි වගන්තිය වන්නේ.
පානාති පාතා වේරමණී සික්ඛා පදං සමාධි යාමී යන්නයි.
අපි සියළු සතුන්ට ආදරය කල ජාතියක් වීමු. ඒ අනුව අපි කෘමීන් ආරක්ෂා කළෙමු. කෘමී හමුදාව ඔවුනට ස්වභාවය උරුම කල කාර්යභාරය වූ පරාගන කාර්යාවලිය මැනවින් ක්‍රමවත්ව ඉටු තලහ. එහි ඵලය වූයේ අපට බත බුලතින් පමනක් නොව පැණියෙන්ද ඉතිරුන දේශයක්ද උරුමව තිබීමයි. අප ස්වාභාවය හඳුනා ගනිමු. ඒ හා බඳෙමු. සියලූම ජීවී ප්‍රජාවන්ට උරුම දේශයක් ගොඩනංවමු.
ස්වභාවයේ රිද්මයයි ඒ!
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
December 27th, 2014 at 5:31 am
Vරාජ්ජය විචාල – රාජ්ජය කරවූ මිස රජ නොකළ අපේ ක්‍රමය වැඩවසම් යනුවෙන් හැදින්වුයේ මේ ගැන නොදත් ඉන්ග්රීසින්ය.අපේ වැව පන්සල එකට එකතුවී අප විසින් ම හදා ගැනීම යුරෝපයේ තිබු වහල් ක්‍රමය නොවේ වසරකට දින 5-6 ක් පමණි මෙහි වැඩකලේ රාජ්ජය විචාල – රාජ්ජය කරවූ මිස රජ නොකළ අපේ ක්‍රමය වැඩවසම් යනුවෙන් හැදින්වුයේ මේ ගැන නොදත් ඉන්ග්රීසින්ය.අපේ වැව පන්සල එකට එකතුවී අප විසින් ම හදා ගැනීම යුරෝපයේ තිබු වහල් ක්‍රමය නොවේ වසරකට දින 5-6 ක් පමණි මෙහි වැඩකලේ v
December 27th, 2014 at 7:04 am
සෙනවි, මම ඔබේ මතය හා එකග වෙමි. මෙය ලිවීමේදී පවා මෙය මා පාවිච්චි කරන වැරදි වචනයක් නේදැයි මමම ප්‍රශ්න කර ගත්තෙමි. නමුත් මාක්ස්වාදී සමාජ විග්රහයේදී බාවිත කල ඒ වචනයම මමද මෙහි යෙදුවෙමි ඒ සම්බන්ධව මම සමාව අයදිමි. ඔබට ස්තුථියි.
December 27th, 2014 at 10:11 am
චන්ද්‍ර
අප නොමග යැවු එක ක්‍රමයක් නම් මාක්ස් වාදයය් ඒ අනුව ”කෙරුමන් ‘ වූ අපි අපේ සියලුම දේ හෙලා දැක්කෙමු මම වැඩ කල බැංකුවේ වයසක පියන් කෙනෙකුගෙන් — පසුව කැෂියර් — අලියා මෙන් මෙසේ ඇසුවෙමි ”’මාස්ටර් කියවල තියනවද මාක්ස් ධර්මය’..’ උත්තරය මෙසේය ” අනේ නැහැ හැබය් බුද්ධ ධර්මය නම් කියවල තියනවා’ එදා මට හරියට ලජ්ජා හිතුන මම නැවත හිතන්න පෙලබුනා තරුණ කාලේ වැඩිදෙනෙක් යන්නේ අයාලේ මේ මිෂනාරි අධ්‍යාපනය එකට හේතුවය් ප්‍රේමදාස උඩගම ගේ කාලයේ මෙන් ” අපේ උරුමය ”’ විෂය නැවත හැමටම අනිවාර්ය කලයුතුය් මහින්දට එවැනි චේතනාවක් නැත්නම් ඔහු ඒ චින්තනයට හරවා ගත යුතුය් අපි දෙන්නා එකිනෙකාගෙන් ඉගෙන ගෙන හැකිතරමින් ඒ කාරිය ඉටු කරමු ලස්සන ලිපි ලිවීම ගැන ස්තුතිය්
December 27th, 2014 at 11:44 pm
සෙනවි,
පලමුව ඔබේ කෙටි සටහනට හා ඇගයීමට ස්තුථිය. ඒ සමගම ඔබ ඉදිරිපත් කර ඇති සංවිධානාත්මකව කටයුතු කරමු. යන යෝජනාවට. මමද ඉතා කැමත්තෙමි. අප ඔබ යෝජනා කල කාර්යය ඉටුකල යුතු අවධියක සිටින බැවින් ඒ සම්බන්ධව පුලුල්ව සිතා බලමු. ඔබට ස්තුථියි.
December 28th, 2014 at 11:07 am
Salutations to Chandrasena and Seneviratne for your wisdom and knowledge of the world’s most unique Hela Culture, economy and governance based on harmony with nature.