සැබෑ සිංහළයන් එකා මෙන් නැගී සිටිය යුතු මොහොතක් එලඹ ඇත
Posted on January 1st, 2015

 ආචාර්ය  එච් එම්. කොඩිසිo

රාවුෆ් හකීම් මහතා සිය කණ්ඩායමත් සමග එකවරම රජයෙන් ඉවත් නොවී දිගු කලක් කේවල් කර ඇත්තේ ලොකු කුට්ටියක් කඩාගන්නට  බවත් එය වත්මන් ජනාදිපති ගෙන් නොලැබීම නිසා ඔවුනුත් පොදු අපේක්සකයා හා එක්වි ඇත. ඔවුන් වත්මන් ජනාධිපතිගෙ  පාලන ප්‍රතිපත්ති රටට අහිතකර නිසා විරුද්ධ වූවානම් එළියට බැසියයුතුව තිබුණේ හෙළ උරුමය ඇතුළු අනිත් විරුද්ධ කණ්ඩායම් සමග  සමගාමිවය.

 එහෙන් මෙහෙන් එකතුවෙන ඕනෑම මහින්ද විරෝදීයෙකුට තම පසුම්බියෙන් යමක් දීමට ඇති මේ පොදු අපේක්සකගේ සැබෑ ස්වරූපය මොකක්ද? ඔහු සමග අත්වැල් බැදගත් අය සැබෑ දෙසප්රෙමින්ද?

 මේ තත්වය තේරුම් ගැනීමට දේසපාලන විද්යාඥයෙකුට කෙසේනමුත් පක්ෂයකට ගැතිකම් නොකර මද්‍යස්තව සිටින අයෙකුටනම් අගක් මුලක් තේරුම් ගත නොහැකිව ගල්ටික් වනු ඇත.

 කිසිදු දේසපාලන බලවතෙකු හා පවුත්ගලික නෑකම් හෝ ඇදුනුම්කම් නැතිව වසර 30ක් පමණ රජයේ සේවයේ නියුතුව සිට දැනට විදේශයක  කාලය ගතකරන මේ ලියුම්කරු අද ශ්‍රී ලංකාව තුළ සිදුවන දේසපාලන අරගලය දෙස බලන අයුරු සැකවින් විග්‍රහ කරන්නේ තවමත් ශ්‍රී ලංකාව තුල සිටින දේසපාලන පක්ෂයක් බදා නොගෙන මද්‍යස්තව කල්පනාකරන සිය මිත්රයන් සමග සාකච්චාවකට මුලපිරීම සදහාය.

 1980 දසකයෙ පොලොන්නරුව  මාදුරුඔය මහවැලි සංවර්දන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී එහි ප්‍රදාන බාදකයක්ව තිබු මෙලේරියව මර්දනය කිරීමේ කර්තව්‍යයේ මා යෙදී සිටි යුගයේ වෙලිකන්ද , මනම්පිටිය, හා සෝමාවතිය ආදී මායිම් ගම්මානවල දුප්පත් ජනතාව LTTE  ත්‍රස්තවාදී පිඩාවට ලක්වී ඔවුන් සිය දුදරුවන් සමග කුරිරු මරණයට ලක්වී සිටි අයුරු අපි දුටුවෙමු.

LTTE  මර්දන  අදිආරක්සන හමුදා මෙහෙයුම්  හමුවේ එම ප්‍රදේශයේ රජයේ නිලදාරීන් වසයෙන් අපි කොතෙක්ක්නම් දුස්කරතාවයන්ට මුහුණ දුන්නේද ? මනම්පිටිය පාලම පසුකර එහා මෙහා යන සැම වාරයක් පාසා වාහනය දුරින් නවතා ඇතැම්විටක අත්දෙක පවා  ඔසවා හමුදා මුරකුටිය පසුකර ගියේ අහිතකින් නොව එත් අපහසුවෙන්,  රජයේ සේවය වෙනුවනි. 

ත්රස්ත ප්‍රහාරවලට ගොදුරු වීම හා ආරක්ෂක මුර බටයන්ගේ දැඩි පරික්සාවන්ට හා ඔවුන්ගේ රළු වාග් සංග්රහයන්ට ලක්වීම වැනි අනේකවිදි අවහිරතාවලට  සියලු ලංකා වාසීන් පත්වී සිටි අතර ඒවායේ  නිමක් කෙළවරක් හෝ අවසානයක් නොතිබිණි..

80 ව දසකය අවසාන කොටසේ LTTE  තර්ජණ එලෙසම තිබියදී JVP දියත්කල  අමානුෂික අරගලය සහ එහි අදිනවද රජයේ නිලදාරීන් ලෙස  අපි අත්දුටුවෙමු. ක්රමයෙන් JVP  ව්යසනය සමනය කළහැකි උවද  කලින්කලට බලයට පත්වූ රාජ්ය නායකයන්ගේ දුර්වලකම් හා ඔවුන්ගේ අසාර්ථක ක්‍රමවේධ  හමුවේ LTTE තර්ජනය ක්රමයෙන් රට පුරාම පැතිරී  ගියේය. මෙහිදී, රටක් ජාතියක් වෙනුවෙන්  හැගිමක් නොමැතිව තමාගේ පවුත්ගලික සුකවිහරණය හා  මුදල් කෑදරකම සංසිදුවා ගැනීම පමණක් සලකා ත්රස්තවාදීන්ට උදව් කරමින් මුදල් ඉපැයූ ජඩ  සිංහලයන් ගේ උදව්ව නිසාම  මෙම ත්රස්ත උවදුර රට පුරා ඔඩු ගියේය. මෙය කොතෙග්ද යත් පංසල ,පල්ලිය , පාසැල, හන්දිය , බස් නැවැතුම් පොළ මෙකී නොකී අසවල් තැන බෝම්බ බියක් නැතැයි කිව නොහැකි තැනකට රට පත්වූයේය. පාසැල් දරුවාගේ පටන් ගෙයින් බැහැර ගමන් බිමන් යෙදුන සියලුම දෙනා ආපසු ගෙදර එනතුරු දවස ගතකලේ මර බයේය.

එදා බලයට පත් රාජ්‍ය නායකයන් LTTE උවදුර පරාජය කිරීමේ අවශ්‍ය තාවය හොඳහැටි තේරුම් ගෙන තිබුනද LTTE ත්‍රස්තයන්ට  කිරිපොවා හදා වඩා ලංකාවට එවූ ඉන්දියාවට බයේ එහෙ මෙහෙ අත -පත ගාමින් කල්මරමින් ජනතාව මරබයේ නැගු විලාප හඩ හමුවේ අත පය බැද දැමු මිනිසුන් මෙන් කිසිත් කරකියාගත නොහැකිව බලා සිටියෝය .

ත්රස්තයන්ට  එරිහිව යුද්දයක් ආරම්බ කලද රජිවු ගාන්දි අහසින් පරිප්පු දමනවිට එදා දේසපාලන ඉදිරිපිලේ පතාකයෙක් ලෙස මා සිතාසිටි දිවංගත JR ජයවර්දන මැතිතුමා කිසිත් කරකියගතනොහැකිව රජිවුට අවනත වුයේ තම රට වෙනුවෙන් දිවි පිදීමට හා හිරබත් කන්න වුවද නොපසුබට තරුණයන් අපේරටේ සිටිනාවය යන අවබෝදයක් නැතිවය. එවැනි එක් තරුණයෙක් එදා ශ්‍රී ලංකා මාතෘ බුමියට පැමිණි රජිවුට තම අතේ තිබු හිස් තුවක්කුවෙන් පාරක් එල්ල කළේය.

කෙසේනමුත් රටේ ජනතාවගේ බාග්යකට මෙන් JR ජයවර්දන තමාගේ පැසුණු දේසපාලන බුද්ධිය මෙහයවා තමා අත්සන්කළ ගිවුසුමේ අවදානම පරයා තම බලය රදවා ගැනිමටත් සිංහල චන්ද දායකයන්ගේ සහ චන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වී එන නියෝජිතයන්ගේ අස්ථාවර හා දෙබිඩි ගතිපැවතුම් හමුවේ  සිංහලයාගේ නායකත්වය ඍජුව තබාගැනීම සඳහාත් විදායක ජනාදිපති ක්රමය ස්ථාපිත කළේය. (අද හෙලයන්ගේ උරුමය ආරක්සකරනවා  යැයි  කියන හෙල -උරුමයවත්  සෝබිත හමුදුරුවෝවත් මෙය හරිහැටි තේරුම්නොගෙන විදායක ජනාදිපති ක්රමය නැතිකිරීමට කටයුතුකිරිම සැබෑ සිංහලයන්ගේ අවාසනාවකි – එම යෝජනාව පරාජය කලයුතුය. අපි කලයුත්තේ ජනතා හද ගැස්ම හඳුනන සුදුස්සෙකු එම තනුතුරට පත්කර  සිංහල නායකත්වය ආරක්සා කිරීමය.

විදායක බලතල තිබියදී උවද R  ප්රේමදාස මැතිතුමා  LTTE  බෝම්බයකින් ජිවිතක්සයට පත්විය. CBK  මැතිණිය LTTE ය සුරතල් කරමින් බළල් රැගුමක් දියත් කර හෙමින්සිරුවේ කොටියා මෙල්ල කිරීමට  ගත් උත්සාහ කෙලවර වුයේ කොටියා අගේ ඇසක් ගලවා ගැනිමෙන්ය.

 වසර 30 කට ආසන්න කාලයක් මුළු රටම යුදපිටියක් බවට පත්වී ජනතාව හෙම්බත්වී අසරණව  සිටි මොහොතක බලයට පත් වත්මන් ජනාදිපති, මහින්ද රාජපක්ස මැතිතුමා  කලේ කුමක්ද ?

ඔහු කළේ ඉන්දියාව ඇතුළු මුළු මහත් ලෝකයේ දැවන්තයන්ගේ සෙවණ හා සහාය ලබමින් බලසම්පන්නව සිටි කොටින් සමග ඔවුන්ම දියත් කල සටනට අබිතව මුහුණදීමය. කොටින් පෝසනය කොට අරක්සාකළ ඉන්දියාව  ශ්රී ලංකා රජයට තහංචි පනවනවිට ඔහු පෙර නායකයන් සේ කරබා නොසිට ඉන්දියාවට අබියෝගකලහැකි හා දැනටමත් අබියෝගකරණ රටවල් යොදාගෙන ඉන්දියාවේ බල බිඳීමට කටයුතු කළේය. එංගලන්තයෙන් ආ මිලිබැන්ලට,  නොර්වෙන් ආ සොල්හයිම්ලට ඔවුන්ගේ කූට සැළසුම් හකුලාගෙන ආපසු සියරටවල් බලා  යවන්නට ඔහු එඩිතර විය . ඒ ඔහු දෙසප්‍රෙමි අබිත සිංහලයෙකු නිසාය.

 එදා මහින්ද රාජපක්ස දේශීය හා විදේශිය වශයෙන් යුද්දය කරද්දී ඔය යුද්දය කවදාවත් දිනන්න බැරිබවත්, පාමංකඩ ඉඳගෙන බොරුවට අලිමන්කඩට අත්කරගත් බවට කයිවාරු ගහන බවත් කී උදවිය අද මොකද කියන්නේ?. ඔවුන් දැන් කියන්නේ යුද්දය ඒ අය බාගයකටත් වැඩිය දිනවපු බවයි. මේ අය හිතන් ඉන්නේ චන්දදායකයන් කියන්නේ මිහරක් ජාතියක් කියලයි . මම දන්නවා මහේ මිත්රයන් ඔය කතාවලට සිනාසෙන්න තමන්ගේ කටවල් මහන්සි නොකරන බව.

යුද්දයෙන් පස්සෙ මුළු රටේම ගරාවැටී  තිබූ මාර්ග පද්දතිය පුනරුත්තාපනය කිරීම, එදා යුද මානසිකත්ත්වයකින් පෝසනය කොට යාන්ත්රිය කර සිටි  තරුණ යුද සෙබළුන් අද විවිද කර්තව්යන් හරහා යලිත් සාමාන්‍ය ජන ජීවිතයට හා ජනසමාජයට හුරුකරවීම හා යුද්දය නිසා අවතැන් වූ ජනතාව යලිත් ස්ථානගතකිරීම යුද්දයටත්  වඩා අපහසු කර්යයෝය. මහින්ද රාජපක්ස ඒ සියල්ල ඉටුකර ඇත.

එදා යුද්දය දිනන්න බැහැයි කියා කොටියා වීරයා කොට කතාකළ නිවට සිංහලයන් අද පස්චාත් යුද්ද ප්‍රතිසංස්කරණ කටයුතු චෝදනා මුක්තව හෙලා දකින්නෝය. ඔවුන්  කියන්නේ මහින්දට ලේසියෙන් සල්ලි හොරකන් කරගන්න උපායක් ලෙස  පාරවල් හදනවලු, හමුදා බටයො කාණු සුද්ද කරන්න හා වහල් වැඩවල යොදවනවලු

මේ විදියට ඇට නැති දිව හැරෙන පැත්තට කියවෙන කතා සැබෑ කොට පතුරුවන මිනිස්සු සිටින රටක  නායකයෙකුට  හතරවටින්ම  කකුලෙන් ඇද බෙල්ල පාගා දැමීමට මාන බලන මිනිස්සු  හමුවේ තමා ළගින් හයියට සිටියහැකි සහෝදරයන් කිහිපදෙනෙක් සිටීම කොයිතරම් බාග්යයක් වීද? එදා  යුද්දය යුහුසුළුව ඇවිලෙද්දී  සිය විස්වාසනීය සහෝදරයන් පිරිසක් තමා  වටා නොහිටින්නට  අද මහින්ද රාජපක්ස යුද්දය දිනු ඍජු නායකයෙක්  වසයෙන් සිටිනවා වෙනුවට ජිවතුන් අතර සිටින්නේද වත් සිතන්නට තරම් ඉඩක් නැති තැනට  තල්ලු කරන්නට ඔහුගේ විරුද්ද බලවේග ක්රියාත්මක වීමට ඉඩ තිබුණි. මිට කදිම උදාහරණය ලෙස දිවංගත ආර් . ප්‍රේමදාස මහතාට සිදුවූ විපත ගත හැකිය.

ඒනිසාම,  අද වත්මන් ජනදිපතිට සහෝදර සංයෝගය වෙනුවෙන් එල්ලවී ඇති චෝදනාව ඔහුගේ කකුලෙන් ඇදිමට මානබලමින් සිට වවිඩාවට පත් වුවන්  විසින් කරන්නක් බව පැහැදිලිය .

ආණ්ඩු පක්ෂය විසින් මුදල් ගසාකන බවට විපක්ෂය විසින් කරන චෝදනා ශ්රී ලංකා දේශපාලන වේදිකාවේ පොදු ගුණාංගයකි.  උදාහරණයක් ලෙස ගතහොත් UNP ය කඩිනම් මහවැලි ව්යාපෘතිය කරද්දී එහි ඇමතිවරු ඔස්ට්‍රලියාවේ ඇපල් වතු ගත් බවට SLFP යත් වත්මන් රජය පාරවල් හදද්දී එහි බලදාරින් මුදල් ගසාකන බවට UNP යත් චෝදනා කිරීම් ගත හැකිය.මේ චෝදනාවල සත්ය අසත්යතාව කොතෙග්ද යන්න ජනතාව සොයාබලා නැත. චෝදනා කරන අය ඔප්පුකර පෙන්වා දීද නැත . ජනතාවට දැනෙන්නේ ඔවුන්ට පල දැරීමට මහවැලි ජලය පමණට ලැබීමත් සිය ගමන් සගමන් කලට වේලාවට කෙරෙන්නට සක්තිමත් මාර්ග පද්දතිය ඉදිවිමත් පමණය. සොරකම , වංචාව  හා දුෂණය සිදුවන්නේ දෙපැත්තේම සහයෝගයෙන් බව මන්ත්‍රීවරු පැති මාරුකරන වේගයෙන් පෙනී යන්නේය. එය එක් පක්ෂයකට පමණක් එල්ල කිරීම අසදාරණය.

 මෙවන් තත්ත්වයක් හමුවේ මෛත්රිපාල සිරිසේන මහත්මා සමග අත්වැල්බන්දගත් UNP,  JVP , JHU , TNA , CBK ,DNA,  MCP , NGOs  ආදී නන්වැදෑරුම් කණ්ඩායම් සහ ගරුතර මාදොලුවවේ සෝබිත හිමි ඇතුළු තවත්  විවිද චරිත  පිරිසක් එක්වී දේසපාලන වේදිකාවේ හඬගා කියන කතාව කුමක්ද?.

 ඇතැම් පුද්ගලයන් හදිසියේ නින්දෙන් අවදිවුවන් දොඩවන්නාසේ දහසකුත් දේ දෙනබවට පොරොන්දු දෙන්නේය. ඒ දෙනවයි කියන දේවල් කෙසේනමුත්   අඩුම තරමින් එයින් කොටසක් හෝ ලැබේනම් අපි ඔවුන්ට චන්දය දියයුතුය . නමුත් ප්රශ්නයකට ඇත්තේ රටේ අනෙකුත් තත්ත්වයන් එලෙසම තිබියදී විදායක ජනාදිපතිකම අහෝසිකිරීමෙන් පමණක් මේසා මුදල් කන්දරාවක් ඔවුන්ට ලැබෙන්නේ කෙසේද? 

ඔවුන් පොරොන්දුවෙන දේවල් දෙන බවට දෙන සහතිකය කුමක්ද ? අඩුම වසයෙන් වැඩේ නොකලොත් ඔවුන්ගේ දේපොළ රාජසන්තකයට දෙනබවට පොරොන්දු වියයුතුය, ඔවුන් තවමත් රටේ ජනතාව හඳුනන්නේ නැත. ඔවුන් සිතාසිටින්නේ ජනතාව තවමත් තවලම් අදින හරකුන් ලෙසය.

නොකෙරෙන පොරොන්දු වට්ටෝරුවක් ඉදිරිපත්කරණ මොවුන් මෙතෙක් කල් වත්මන් ජනාදිපති හා එක්ව කටයුතු කල M .සිරිසේන මහතාත් කවදත් රටවෙනුවෙන් කතාකරණ ස්වාමින්වහන්සේලා කිහිප නමකුත්  මුලාකොට ඔවුන්ට මුවාවී කරන  වෑයම  අනෙකක් නොව රටේ සැබෑ සිංහලයන්ගේ සෘජු නායකත්වය විනාස කොට සිංහලයන් නන්නත්තාර කිරීමය.  මේ නිසාම සැබෑ සිංහලයන් පක්සබේදයකින් තොරව එකාමෙන් නැගීසිට පොදු සතුරා පරාජය කළ යුතුව ඇත .

One Response to “සැබෑ සිංහළයන් එකා මෙන් නැගී සිටිය යුතු මොහොතක් එලඹ ඇත”

  1. Christie Says:

    It is a pity we do not look at the cause but the effects and talk about solutions. We are not the only people in this plight. Native Fijians, Malays, Zulus, all locals that lived before the arrival of Indians are in the same situation. I am sure with my comments and who have read my comments will understand. First we have to understand the cause and look at the events and their cause. The cause is Indian colonialism and imperialism. The so called British Empire is in fact a British-Indian Empire in the tropical dominions of the British. As imperialists British were the absentee landlords and Indians were the colonists and imperialists.
    Indian imperialists installed SWRD Bandaranayake now Chandrika his daughter.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress