ජනාධිපතිවරණ රැුල්ල, අපේක්‍ෂකයින් සහ ජනතා තීන්දුව
Posted on January 5th, 2015

මහාචාර්ය කේ. කරුණාතිලක, කැළණිය විශ්වවිද්‍යාලය

මෙවර ජනාධිපතිවරණය මෙතෙක් පැවති ජනාධිපතිවරණයන්ට වඩා වෙනස් ස්වරූපයක් ගැනීමට වැදගත් වී ඇති එක් හේතුවක් වන්නේ එ් සඳහා ලැබුණු කාල සීමාවන්ය. එය බැලූ බැල්මට හදිසි ජනාධිපතිවරණයක් යැයි කීම නිවැරදිය. මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා සති පහක පමණ කාලයක් ලැබීම ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම වාසි සහ අවාසි ඇති කරයි. ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂට (මින් ඉදිරියට මහින්ද* වාසියක් වන්නේ ප‍්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයන්ට සංවිධානය වීමට ඇති කාලය කෙටි වීමයි. විශේෂයෙන් ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනට (මින් ඉදිරියට මෛත‍්‍රී* මෙය අවාසි සහගත තත්ත්වයකි. එහෙත් ඔහුට පක්‍ෂව ඇති වූ රැුල්ලට සාපේක්‍ෂව බලනවිට එය මහින්දට අවාසියක් වන්නේ යම් සමාජ ප‍්‍රවණතාවයක ඇති අවධි දෙස බලනවිට එය මුල් අවධිවල දී ඉලක්කගත පුද්ගලයාට (මෛත‍්‍රීට* බොහෝවිට වාසි සහගතවන නිසාය.

අනෙක් අතට බලනවිට ජනතාවට මෙවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍යකරණය නැතහොත් යථාවබෝධයකට පත්වීමට ප‍්‍රමාණවත් කාලයක් නොමැති බැවින් ඔවුන් ගන්නා තීරණ යථාර්ථයන්ට පටහැනි වූ සහ යම් පසුතැවීමට හේතුවන තීරණයක් විය හැකිය. එබැවින් මෙම කෙටි කාලයක් තුළ මැතිවරණය පැවැත්වීම ජනතාවට නිවැරදි තීරණ ගැනීමට ඇති ඉකඩ අසුරාලන බැවින් එය ඔවුන්ට ද සිදුවන අසාධාරණයකි. විශේෂයෙන්ම ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී ජනතාව අපේක්‍ෂා නොකළ අපේක්‍ෂකයෙකු වීම මෙන්ම ඔහු සන්ධානගත වූ රනිල්, චන්ද්‍රිකා, රාජිත, මංගල, චම්පික, අතුරලියේ රතන හිමි, සහ මාදුළුවාවේ සෝභිත හිමි ආදීන් පිළබඳව තමන්ට ඇති ගැටලූ විසඳා ගැනීමට තරම් කාලයක් නොලැබීම ද ප‍්‍රශ්නයකි. මන්ද යත්, මෙකී දේශපාලන නායකයින් සමජාතීය වූ පුද්ගලයන් නොවීමත් එකිනෙකා අතර ඇති නොගැළපීම් සමානකම්වලට වඩා ප‍්‍රබලවන බැවින් ඔවුන් සම්බන්ධයෙන් ජනතාවට ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට ප‍්‍රමාණවත් කාලයක් අවශ්‍යය. එසේ නොවේ නම් ඔවුන් පිළිබඳව ජනතාව බලනුයේ සැකයෙනි.

මෙම ජනාධිපතිවරණයේ දී ජනතාව අතරින් තරුණ කණ්ඩායම් බොහොමයක් ‘වෙනසක්’ අපේක්‍ෂාවෙන් කටයුතු කරනු පෙනෙයි. එහෙත් එ් වෙනස කෙබදු වෙනසක් ද? එය ඇතිකරනුයේ කෙසේ ද? ඊට ඇති නෛතික සහ සමාජී ඉඩකඩ කෙබදු ද? එම වෙනස ගෙන එ්මට ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රි වටා සිටින කේන්ද්‍රීය පුද්ගලයින්ගේ ඇති පරස්පරතාවයන්, මතවාදී නොගැළපීම් සහ දේශපාලන ක‍්‍රමවේදයන්ගේ ඇති වෙනස්කම් කෙසේ බලපාන්නේ ද? එසේම එම වෙනස්කම් මත අපේක්‍ෂා කරන වෙනස යථාර්ථයක් බවට පත්කරගත හැකිදැයි යන්න පිළිබඳව පුමාණවත් තරම් අවබෝධයකින් සිටින බවක් නොපෙනෙයි. සත්‍ය තත්ත්වය ද එයයි. එතරම් විෂම වූ කණ්ඩායමක් සමග බලය ලබා ගැනීමට ක‍්‍රියා කළ ද බලය ලබා ගැනීමට හැකි වුවහොත් ක‍්‍රියාත්මක වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ඔවුන්ට ද අවබෝධයක් ඇති බවක් නොපෙනෙයි. එයට හේතු වන්නේ එකිනෙකා මැතිවරණ වේදිකාවන්හි දී දිනෙන් දින සිදු කරන්නා වූ ප‍්‍රතිවිරුද්ධ කරුණු පදනම් කරගනිමින්ය.

මෙම ‘වෙනසක්’ අවශ්‍ය යැයි පවසන්නේ පහළ මධ්‍යම පන්තියට සහ ඉහළ මධ්‍යම පන්තියට අයත් වූ රාජ්‍ය සේවයේ සහ වෘත්තීය කණ්ඩායම්වලට අයත්වන පුද්ගලයන් සමූ හයකි. මෙකී සමාජ පන්තිවල සුළුතරයක් මෙවැනි අදහස් දැරූව ද එවැනි පන්තිවල බහුතරයකගේ අදහස කුමක්දැයි විමසා බලනවිට ඔවුන් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක (එ.ජා.ප. සහ ශ‍්‍රී.ල.නි.ප.* නියෝජනය කරයි. අතලොස්සක් ජ.වි.පෙ සමග ද සිටින බව පැහැදිලිය. එ් අනුව මෙම ජනාධිපතිවරණ ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර ඇති සටනක් බවට පත්ව ඇති අතර එ.ජා.ප සමාජිකයන් අතර යම් උනන්දුවක් මේ වනවිට දැකගත හැකිය. මැතිවරණ රාශියක් පරාද වී හෙම්බත් වී සිටින එ.ජා.ප සාමාජිකයන් මෙවර ජනාධිපතිවරණයෙන් ‘ජයග‍්‍රහණ අපේක්‍ෂාවක්’ ඇතිව කටයුතු කිරීම එක්තරා අහිංස සිතුවිල්ලකි. එය යථාර්ථයක් වේ දැයි කීමට තරම් සාක්‍ෂි තවමත් දැකිය නොහැකිය.

පොදුවේ බලනවිට ජයග‍්‍රහණයක දී පියවරු රාශියක් සිටිය හැකි මුත් පරාජයක දී කිසිවෙකු සිටිය නොහැකිය. යම් හෙයකින් ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී ජයග‍්‍රහණය කරන්නේ නම් මෙකී කණ්ඩායම් සහ පුද්ගලයන් එහි තම කොටස වෙන්කර ගැනීමට උපරිම ශක්තිය යොදවනු ඇත. එය කෙබදු විය හැකිදැයි කල්තියා කිව නොහැකිය. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ ආඬි හත්දෙනාගේ කැඳ හැලිය පිළිබඳවයි. එසේ නොවන්නට වග බලා ගන්නට නම් ජයග‍්‍රහණය කළ මෛත‍්‍රීට තම විධායක බලය පාවිච්චි කිරීමට සිදුවනු ඇත. ඇතැම්විට එ් එ් පක්‍ෂ සමග අත්සන් කර ඇති ගිවිසුම් සහ පොරොන්දු එකිනෙකට නොගැළපෙනවිට තත්ත්වය තව තවත් බරපතල වනු ඇත. විශේෂයෙන් හෙළ උරුමය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ මුස්ලිම් පක්‍ෂ සමග ඇති පරස්පරතා හමුවේ කුමන වේශයක් ගනු ලබන්නේ ද යන්න සිතා ගන්නට බැරිය.

ඕනෑම සමාජයක යම් සමාජ ප‍්‍රවණතාවයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඇති වූ විට එහි මුල් අවධිය ඉතා වේගවත් සේම එහි ඍජු ප‍්‍රගතියක් දැකිය හැකිය. එහි දෙවන අවධිය තරමක ප‍්‍රගතියක් දක්වන නමුත් මුල් අවධියේ තරම් වර්ධනයක් පිළිඹිබු නොකරයි. මෙම ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සේවකයින් තම තැපැල් ඡුන්ද පාවිච්චි කරනු ලැබූයේ මුල් අවධියේ උච්චතම අවස්ථාවේ දී ය. එබැවින් ඔවුන් හැසිරී ඇත්තේ සමාජ ප‍්‍රවණතාවයේ (වෙනසක් පිළිබඳ හැ`ගීම* උන්මත්තක නැතහොත් අධිකතර ලෝලීත්වයක් ඇති අවස්ථාවක දී බැවින් ඔවුන් යථාවබෝධයකින් කටයුතු කර ඇතැයි සිතිය නොහැකිය. තෙවන අවධිය සමාජ ප‍්‍රවණතාවයට බද්ධවූවක් තරමක් විමර්ශනශීලී සහ තාර්කිකව බලන අවධියක් බැවින් ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී සහ ඔහු වටා සිටින පිරිස පිළිබඳව ඔවුන්ගේ ඕනෑ එපාකම්, ඔවුන් නියේජනය කරනු ලබන සමාජ පන්තීන් සහ ඔවුන්ගේ අතීත සංසිද්ධීන් දෙස විපරමින් බලනු ඇත. එසේම ජනාධිපති අපේක්‍ෂක මහින්ද සමග ෂංසන්දනාත්මකව බලනු ඇත. එවිට ඉහතින් සඳහන් කළ අයුරින් එකිනෙකා අතර ඇති පරස්පරතාවයන්, නොගැළපීම්, දුර්වලතා ආදී විෂම තත්ත්වයන් යම් ප‍්‍රමාණයකට හෝ අවබෝධ කරගනු ඇත. එවිට සමාජ ප‍්‍රවණතාවයේ වේගය තරමක් දුර්වල වේ. විශේෂයෙන් මෙම අවධියේ දී ඇතිවන ප‍්‍රතිවිරෝධතා මත තම පොදු අරමුණ (වෙනසක් අපේක්‍ෂා කිරීම* අර්බුදයකට යා හැකිය. මන්ද යත්, එතරම් ප‍්‍රබල වූ ප‍්‍රති විරෝධතා මෙම පුද්ගලයින් සහ කණ්ඩායම් අතර ඇතිවිය හැකි පසුබිමක් පවතින බැවිනි. මෙහි සිව්වන අවධිය එකිනෙකා විවිධ අන්තවලට ගොනු කරන්නා වූ අවධියකි. එසේම අතැමුන් දැඩි විවේචනවලට පැටලෙන අතර තවත් පිරිසක් සුපුරුදු ලෙස නිහඬව බලා සිටිනු ඇත. ඔවුන් අපේක්‍ෂා කරන අරමුණට ළ`ගා වීමට නොහැකි වේ යැයි තේරුම් ගත්විට සමාජ ප‍්‍රවණතාවය ක‍්‍රමයෙන් අවසන්වනු ඇත. එසේම එය ඉතාම ඉක්මනින් අවසන් වනු ඇත.

ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී සහ ඔහු පිටුපස හෝ ඉදිරිපස සිටින නායකයින් බොහෝදෙනෙකු ඔහුට වඩා ඉදිරියෙන් සිටින, සමාජයේ ඉහළ පන්තීන් නියෝජනය කරන්නන්ය. ඔවුන් හැදුනු වැඩුනු පරිසරය සහ ඔවුන්ගේ සිතුවිලි, හැ`ගීම් සහ ක‍්‍රියාකාරීත්වයන් වැඩිපුරම යොමු වී ඇත්තේ තම පන්තිය ආරක්‍ෂා කරගැනීමටය. ඔවුන් බහුතරයක් ඉංග‍්‍රීසි කතා කරන බටහිර පන්නයට අනුව හැසිරෙන අයය. ඔවුන්ට මැදි වූ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල අතරමැදි පන්තියක් (සුළු ධනේෂ්වර* නියෝජනය කරන අතර වෙනසක් බලාපොරොත්තුවන පිරිස ඉහළ හෝ පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරයි. එ් අනුව මෙම විවිධ කොටස් අතර ඇත්තේ අසමානතාවයන්ය, පරස්පරත්වයන්ය. එවිට ‘පොදු අපේක්‍ෂාවක්’ කරා ගමන් කරන්නේ කෙසේද? යන්න ගැටලූවක් වේ.

ජනාධිපති අපේක්‍ෂක මහින්ද වලව්වකින් පැවත එන ධනේෂ්වර පන්තිය නියෝජනය කරන්නා වූ පුද්ගලයෙකු ලෙස ද, පාලක පන්තිය නියෝජනය කරන්නෙකු ලෙස ද, ස්ථර ගතකළ හැකිය. ඔහුගේ ප‍්‍රතිවිරුද්ධ අපේක්‍ෂක මෛත‍්‍රී ඊට වෙනස් සමාජ පන්තියක් සහ බලයක් ඇත්තෙකි. එබැවින් ඔහුට කටයුතු කරන්නට සිදුව ඇත්තේ නිරන්තරව ඉහළ ධනේෂ්වරයින් සමගය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ විපක්‍ෂ නායක රනිල් සමග බලනවිට ඔවුන් එදා සිටම ධනේෂ්වර පන්තිය නියෝජනය කරයි. එහෙත් මහින්ද ජනාධිපති වීමට පෙර සුළු ධනේෂ්වර පන්තිය නියෝජනය කළේය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා, ජනාධිපති අපේක්‍ෂක මහින්ද සමග නොපෑහෙන එක් ප‍්‍රධාන කරුණක් වන්නේ මෙයයි. සමාජ පන්තිවල ස්වභාවය තේරුම් ගැනීම පොදු ජනතාවට අදාළ වන්නේ බලයට පත්වන ඉහළ පන්තිවල නායකයින් පොදු ජනතාව කොතෙක්දුරට නියෝජනය කරන්නේ දැයි පොදු ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහාය. මෙම නායකයින්ගේ දරුවන් පවා නියෝජනය කරන්නේ සාමාන්‍ය ජනතාව නොවේ. බණ්ඩාරනායක පවුලෙන් බිහි වූ සියලූදෙනා ද එසේය. පහළම ස්ථරයකින් ඉහළට චලනය වූ නායකයින් මෙන්ම ඔවුන්ගේ දරුවන් ද හැසිරෙන්නේ බලයෙන් මත් වූවන් ලෙසය. හොඳම උදාහරණය වන්නේ මර්වින් සිල්වා ඇමතිවරයා සහ ඔහුගේ පුත් මාලක සිල්වාය. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීගේ පුතෙකු ද මඩකලපුවේ ද මෙසේ හැසිරුණු අවස්ථාවක් මීට අවුරුදු දෙකකට උඩ දී වාර්තා විය. එස්. බී. දිසානායක ඇමතිවරයාගේ පුතා ද උදාහරණයකි. මේ සමාජ පන්තිය සහ බලය වැදගත්වන ආකාරයයි. එබැවින් වෙනසක් බලාපොරොත්තුවන ආකාරයට මෙකී සමාජ පන්ති නියෝජනය කරන්නා වූ දේශපාලන නායකයින්ගෙන් තම සමාජ පන්තිවල අවශ්‍යතාවයන් එ් ආකාරයට ඉටු කරගත හැකියැයි සිතිය නොහැකිය. ඉතිහාසයෙන් ඉටු නොවුනු දේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීගෙන් ද බලාපොරොත්තුවිය නොහැකිය. ඔහු මෙන්ම ඔහුගේ පරම්පරාවන් මේ වනවිට ධනේෂ්වර නිෂ්පාදන සම්බන්ධතා ජාලයට එක් වී හමාරය.

එසේනම් සාමාන්‍ය ජනතාවට යමක් බලාපොරොත්තු විය හැක්කේ කාගෙන්ද? මෙහි දී හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය හා සන්සන්දනය කළ හැකිය. ඔහු මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප‍්‍රශ්න විසඳීම සඳහා වැඩසටහන් කීපයක් ක‍්‍රියාවට නගන ලදී. නිවාස වැඩපිළිවෙල, මාර්ග සංවර්ධනය, ජන සවිය, ආදිය මේ අතර ප‍්‍රධාන වේ. ඔහුගෙන් පසුව රටේ සෑම ජන කොටසකම වැදගත්වන සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කළේ ජනාධිපති අපේක්‍ෂක මහින්දය. ඔහුට අද ඇති චෝදනා මෙන් එදා ජනාධිපති පේ‍්‍රමදාසට ද චෝදනා පැවතිණි. ඔහු මිය ගියවිට ඇතැම් අශීලාචාර මිනිසුන් රතිඤ්ඤා පත්තු කළේය. එහෙත් ඔහුගේ වටිනාකම බොහෝදෙනාට වැටහෙන්නේට පටන් ගත්තේ පසුවය. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීගේ මැතිවරණ ප‍්‍රකාශය දුර්වල ප‍්‍රකාශ සමූහයක් පමණි. එහි අතාර්තික මෙන්ම ඡුන්ද ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ම ලබාදෙන පොරොන්දු රැුසකි. රට සුභසාධන ප‍්‍රතිපත්ති මත පරාධීන ආර්ථිකයකට ගෙනයනු ලබන වැඩපිළිවෙලක් එහි අන්තර්ගතය. ‘වෙනසක්’ අපේක්‍ෂා කරන අයට ලබා දෙන්නේ මෙවැනි සමාජ ආර්ථික තත්ත්වයක්දැයි විමසා බැලිය යුතුය. ඔහු ජනාධිපතිකම වෙනස් කර එය අවුරුදු හතරට වරක් මැතිවරණයකින් තෝරා ගැනීමට යෝජනා කරයි. ඇමරිකාවේ මෙන් ශ‍්‍රී ලංකාවේ ද ජනාධිපති තෝරා ගැනීමේ කාලය අවම කළවිට අපට සෑම වසරකම මැතිවරණයකට මුහුණදීමට සිදුවන බව පෙනෙයි. ප‍්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණය ආදී මැතිවරණ සංස්කෘතියක් ගොඩනැගීම ඔහුගේ අරමුණවන බව පෙනෙයි. මේවා හුදෙක් ප‍්‍රායෝගික නොවන යෝජනාවන්ය. ජනතාවට අවශ්‍ය වන්නේ මැතිවරණ පැවැත්වීම ඉක්මන් කිරීම නොවේ. මැතිවරණ ක‍්‍රමයේ ඇති දුර්වලතා හඳුනා ගනිමින් මනාප ක‍්‍රමය අතුළු මූලික ගැටලූ විසඳා ගැනීමයි.

මේ සියල්ල අතර දේශපාලනඥයින් අතර ඔවුන්ගේ සියලූ කටයුතු සාධාරණීකරණය කරමින් ඊට සහයෝගය දෙමින් තමන් ද රැුකෙන අයුරින් කටයුතු කරන නිලධාරීවාදය ගැන ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී කිසිදු සඳහනක් නොමැති වීම පුදුමයට කරුණකි. ඔහු අවසන්වරට සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති නිලධාරීවාදය තරම් තත්ත්වයක් වෙනත් කිසිදු අමාත්‍යාංශයක නොමැත. එබැවින් ඔහු සෞඛ්‍ය අමා්‍යාංශය තුළ නිලධාරීවාදයට කොතරම් කොටු වී සිටියේ ද යන්න හොඳින් වැටහේ. එ් අනුව ඔහු තම මැතිවරණ ප‍්‍රකාශය තුළ රාජ්‍ය යාන්ත‍්‍රණයේ සැබෑ ගැටලූව ආමත‍්‍රණය නොකිරීමෙන් ඔහුගේ මැතිවරණ ප‍්‍රකාශනයේ ඇති ප‍්‍රායෝගිකත්වය හොඳින් වැටහේ. එහෙත් ඔහු එකී අමිහිරි අත්දැකීම් සමුදාය ජනාධිපති මහින්දගේ ගිනුමට බැරකරමින් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට කටයුතු කරමින සිටියි. මෙය සදාචාර සම්පන්න ක‍්‍රියාවක්දැයි විමසා බැලිය යුතු අතරමඑ ක් අතෙකින් එය ඔහුගේ වෛරී දේශපාලනය පිළිඹිබු කරන්නා වූ කැඩපතක් වැනිය. ඔහුගේ මැතිවරණ ප‍්‍රකාශය ජනාධිපති අපේක්‍ෂක මහින්දගේ මැතිවරණ ප‍්‍රකාශය සමග බලනවිට විශාල පරතරයක් පවතී. එවිට පොදු අපේක්‍ෂක ලෙස සිදු කරන්නට යන ‘වෙනස’ කුමක්දැයි ගැටලූවක් පවතී.

පොදු අපේක්‍ෂක කරපිටින් ගොස් රනිල් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අගමැතිකම විධායක බලතල සහිතව ඔහුට පවරා දීමට තරම් ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී කරුණාසහගත සහ පරිත්‍යාගශීලී නම් මෙතරම් අභියෝගාත්මක කාර්යයකට ඔහු ඉදිරිපත් වූයේ ඇයි දැයි ප‍්‍රශ්නයක් මතු වේ. රනිල් දුර්වල නායකයෙකු බව රටම දනී. එවැන්නෙකුට විධායක අගමැතිකම ලබා දීමෙන් රටට අත්වන ඉරණම කුමක් විය හැකිද? මෙම තත්ත්වය තීරණය වන්නේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රී සහ රනිල් අතර ඇති ගිවිසුම අනුවය. එහෙත් විධායක බලතල යටතේ මෛත‍්‍රිට උපාය මාර්ගිකව මෙකී ගිවිසුම්වලින් ම`ගහැරිය හැකි පසුබිමක් ඇත. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීගේ මැතිවරණ ප‍්‍රකාශය එතරම් පැහැදිලි නොවන්නක් බැවින් ඕනෑම අවස්ථාවක ඕනෑම කාර්යයක් අනුව වෙනස් අර්ථකථනයක් දිය හැකිය. එවිට එ.ජා.ප පාක්‍ෂිකයින්ට සිදු වන්නේ කුමක්ද? අතරමංවීම පමණි. මෙකී එක`ගතා හෝ ගිවිසුම් ජනතාවට දැනගැනීමට අවශ්‍ය නොවන්නේ ද? එ.ජා.ප සාමාජිකයින්ට එ් සඳහා අයිතියක් නොමැතිද? ටී.එන්.එ්. සහ මුස්ලිම් පක්‍ෂ අතර ඇති එක`ගතා පැහැදිළිව දැනගත යුතු නොවන්නේ ද? යහපාලනය ගැන කථා කිරීමේ දී විනිවිදභාවය අත්‍යවශ්‍ය සාධකයකි. එබැවින් පොදු අපේක්‍ෂක මෛත‍්‍රී සමග සිටින සියලූ නායකයින් අතර ඇති එක`ගතා සහ ගිවිසුම්වල විනිවිදභාවය අවබෝධ කරගත යුතුය. දෙවරක් ජනාධිපති වූ චන්ද්‍රිකා මෙහි ප‍්‍රධාන භූමිකාව ර`ග දක්වන්නේ හුදෙක් මහින්ද විරෝදයට ද නැතිනම් බලය පිළිබඳ යටි අරමුණ මත ද ? එසේනම් අගමැති වන්නේ රනිල් ද නැතිනම් චන්ද්‍රිකා ද? පොදු අපේක්‍ෂකගේ පාලනයක් යටතේ සරත් ෆොන්සේකා මහතාට හිමිවන්නේ කුමන තත්ත්වයක් ද? පාර්ලිමේන්තුව ද? ආරක්‍ෂක ලේකම් තනතුර ද?

ජනාධිපති අපේක්‍ෂක මහින්ද තම ධූර කාලයේ දී මහින්ද චින්තනය යටතේ රටේ සංවර්ධන ක‍්‍රියාවලිය මෙහෙය වූ බව අපි දනිමු. මෙවර ‘මහින්ද චින්තනය: ලොව දිනන මඟ’ යටතේ ද රටේ සංවර්ධනය පිළිබඳ සවිස්තරාත්මක වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇත. එහි දී ව්‍යවස්ථා වෙනස් කිරීමක් මෙන්ම මැතිවරණ ක‍්‍රමයේ ඇති දුර්වලතා ම`ග හැරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත. දැනටමත් ප‍්‍රාදේශිය සභා සහ නගර සභා මැතිවරණවල දී මනාප සහ කේවල ක‍්‍රම දෙකෙහි සම්මිශ‍්‍රණයක් යෝජනා සම්මත කරගෙන හමාරය. එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබේ. එවැනි ක‍්‍රමයක් පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණවලට ද අවශ්‍ය වේ. එවිට මෙම මැතිවරණ ක‍්‍රමයේ ඇති දුර්වලතා අවම කරගත හැකි වේ.

එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව නොවැම්බර් මස මැද සිදු කරන ලද ජනමත විමසුමකට අනුව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රතිඵලවලින් තහවුරු වූයේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තෙවන වරටත් තර`ග කිරීම පිළිබඳ ජනතාවගෙන් බහුතරයක් (82%* අකමැත්තක් නොමැති බවයි. එසේම ඔහු සියලූ දේශපාලනඥයින් අතර වඩාත් ජනප‍්‍රියම නායකයා වූ අතරම ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් කෑගල්ල ජනතාව තෝරාගත් ඊළ`ග නායකයා වූයේ එවකට පක්‍ෂයේ මහ ලේකම් වූ මෛත‍්‍රීපාල සිරිසේනය. එමෙන්ම ජනාධිපති මහින්දට එම අවධියේ 62%ක ප‍්‍රතිශතයක් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පැවති බව තහවුරු විය. එයට වැදගත්ව තිබුණේ දිස්ත‍්‍රික්කයේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම සහ ග‍්‍රාම නිලධාරී වසමකම මාර්ග, ණිවාස, පානීය ජලය, විදුලිය, අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සියල්ල ඉටුව තිබීමයි. එ් අනුව ගැමියන් ඔහුට දැක්වූයේ ඉතා හැ`ගුම්බර ආදරයක් සහ දයාවක්ය. නවතම තත්ත්වය හමුවේ ඔහුට ඇති ජනප‍්‍රියත්වයේ විශාල වෙනසක් සිදුව ඇතැයි අනුමත කළ නොහැකිය. එවන් තත්ත්වයක් යටතේ සිංහල, බෞද්ධ ප‍්‍රජාවක් වෙසෙන බොහෝ දිස්ත‍්‍රික්කවල ඔහුට තවමත් ජනප‍්‍රියත්වයක් පවතින බව පෙනෙයි.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රී යෝජනා කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදු කිරීමට නම් ව්‍යවස්ථාදායක සභාවක් පත් කිරීම අවශ්‍ය වේ. මෙවැනි තත්ත්වයක් පිළිබඳ හොඳම උදාහරණය වන්නේ නේපාලයයි. නේපාලයේ ද, රාජාණ්ඩු ක‍්‍රමය වෙනස් කිරීමට මාවෝවාදීන් විශාල සටනක් ගෙනගිය අතර එහි නායක පුෂ්පා කමල් ඩාල් නොහොත් ප‍්‍රචණ්ඩාගේ මෙහෙය වීමෙන් වසර 2008 දී ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන ලදී. එහි අරමුණ වූයේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීමයි. එයට සෑම දේශපාලන පක්‍ෂයකම නියෝජනයක් සහිතව නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් සකස් කර ගැනීමට කටයුතු කරන ලද නමුත් වර්තමානය දක්වා ද එවැනි පොදු එක`ගතාවයක් සහිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත නොහැකිය විය. මෙම අරමුණ අවුරුදු දෙකක් ඇතුළත ඉටුකර ගනීමට සැළසුම් කළ ද දේශපාලනයේ සැබෑ තත්ත්වය පිළිඹිබු කරමින් රට අර්බුදයෙන් අර්බුදයට පත් වූ අතර විරුද්ධ පක්‍ෂයක්, සැබෑ කැබිනට් මණ්ඩලයක් සහ සැළැස්මක් ඇතිව සංවර්ධනය කරා ළ`ගාවීමක් සිදු නොවීය. එම`ගින් නේපාලය අවුරුදු ගණනාවක් ආපස්සට ගිය අතර ව්‍යස්ථාදායක අර්බුදයකට ගමන් කළේය. පොදු අපේක්‍ෂක හවුල උත්සාහ කරන්නේ ද ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය බිඳ දමමින් මෙවන් අස්ථාවර තත්ත්වයකට විධායක සහ ව්‍යස්ථාදායකය ගෙන එ්ම ද යන්න සාධාරණ සැකයක් උපදී. එවැනි අරාජික තත්ත්වයකට රට පත්වුවහොත් එය රටේ කිසිම සංවර්ධනයක් අපේක්‍ෂා කළ හැකි තත්ත්වයක් නොවේ. මෙය හුදෙක් ජනාධිපති අපේක්‍සක මෛත‍්‍රීගේ උවමනාවක්ම නොවන බව පෙනෙයි. එසේම මෙහි පිටුපස කුමන හෝ අදිසි බලවේගයක් ඇතැයි නිගමනය කිරීමට මේ වනවිට බොහෝ සාක්‍ෂි ලැබී තිබේ. ‘වෙනස’ පිළිබඳ අපේක්‍ෂාව ඇති පිරිස ‘මෛත‍්‍රී පාලනය’ නමැති කබාය පොරවාගෙන සිටින බැවින් ඔවුන්ට මෙය එකවර ජීර්ණයකර ගැනීමට නොහැකි බැවින් ඔවුන් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීබවට, ජාතිකත්වයට සහ නිදහසට හානියක් සිදු කිරීමට බොහෝදුරට ඉඩ ඇත. විශේෂයෙන් තරුණ පිරිස් මෑත සමාජ ඉතිහාසය පිළිබඳව (අවම වශයෙන් 1970න් පසුව* දළ අවබෝධයක් හෝ වේ නම් ‘වෙනසක්’ බලාපොරොත්තුවෙන් රට අර්බුදයට යොමු කිරීම වෙනුවට පවතින තත්ත්වය යටතේ විකල්පයන් වෙත යොමුවනු ඇත. දකුණු ආසියාවේ රටවල්හි විවිධ සමාජ අවශ්‍යතා සඳහා නිරතවන විට එම රටවල හිතවතුන් පවසන්නේ අපට අවශ්‍ය වන්නේ ‘‘නුඹගේ රටේ මෙන් නායකයෙකු (මහින්ද රාජපක්‍ෂ*’’ යැයි අනන්තවත් පවසා තිබේ. එයින් තහවුරු වන්නේ ජාතිය න`ගාසිටුවීමට ජනාධිපති අපේක්‍ෂක මහින්ද තරම් නායකයෙකු තවත් නොවන්නේය. ලෝකයේ ඕනෑම කලාපයක ස්ථාවර ජාතියක් සහ රාජ්‍යයක් පවතින්නේ නම් එය ආදීපත්‍යවාදී රාජ්‍යයන්ට ගැටලූවකි. එ් අනුව ශ‍්‍රී ලංකාවේ මෙම තත්ත්වය වෙනස්කරලීමට ඔවුන් කුමන හෝ කණ්ඩායමක් උපක‍්‍රමශීලීව යොදාගනු ඇත. අද ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින්නේ එවැන්නකි. එය අවබෝධකර ගනිමින් කටයුතු කිරීමට තවදුරටත් කාලය තිබේ.

එ් අනුව ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය අපේක්‍ෂා කරන ඕනෑම පුරවැසියෙකුට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය නම් එය දින 100 වැඩසටහන් ලෙස නොව ක‍්‍රමවත් වැඩපිළිවෙලක් ලෙස මෙතෙක් ප‍්‍රාදේශිය පාලනයේ සිදු වූ ආකාරයට ක‍්‍රමිකව සිදුකර ගැනීමට උත්සාහ කළ යුතුය. එය පෙඩරල් ක‍්‍රමයක් විශ්වාස කරන රාජිත, චන්ද්‍රිකා වැනි මහජන පක්‍ෂයේ අය මෙන්ම ටී.එන්.එ් සහ මුස්ලිම් දේශපාලන පක්‍ෂවල අවශ්‍යතාවයන්ට අනුව සිදු කරන්නට යාම ඉතා භයානක ප‍්‍රතිඵල අත්කරදිය හැකිවනු ඇත. එය හොඳින් අවබෝධ කර ගනිමින් කටයුතු කිරීම සහ තම ඡුන්දය රටේ උන්නතියට යොදා ගැනීම සියලූ පුරවැසියන්ගේ වගකීම වේ.

2 Responses to “ජනාධිපතිවරණ රැුල්ල, අපේක්‍ෂකයින් සහ ජනතා තීන්දුව”

  1. Christie Says:

    India did it in 1951 behind our back by funding SWRD. Repeated it in 2005 by supporting Mahinda but Mahinda did not become a puppet of India. Then Sarath Fonseka and now Chandrika with her coolie Sirisena.

  2. Christie Says:

    The simple explanation is Indian colonialism and imperialism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress