බොදු බල සේනාව හා මෛත්‍රීපාලනය (1)
Posted on January 10th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොදු පෙරමුණට එකතුවූ සියළුම දෙනාමවාගේ බොදු බල සේනාවට විරුද්ධවූ අයය. එකම මීට වෙනස් කොටස වූයේ ජාතික හෙළ උරුමය (රතන හිමියන් හා චම්පික රණවක) ය. බොදු බල සේනාව හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්චාවක් ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂව කතා කිරීමට තීරණය කිරීමට පෙර පැවැත්‌විණ. මෙම හමුවේදී දෙපාර්‍ශවය මොනවා කතාකලාදැයි රට නොදනියි.

ඉන් පසුව බොදු බල සේනාව මහින්දට පක්‍ෂව කතාකලේ මහින්දගේ ඉල්ලීමක් නොමැතිවය.  මේ දෙපක්‍ෂය අතර යම් සාකච්චාවක් තිබුනාද, නැද්ද කියා අපි නොදනිමු. ඔවුන්ගේ තීරණයට හේතුව වශයෙන් බොදු බල සේනාව කියා සිටියේ මෛත්‍රීපාල පිලේ ඉන්නේ අතීතයේ ඒකීය රජ්‍යය බෙදීමට තැත්කල අයත්, මුස්ලිම් අන්තවාදී කොටසුත් නිසා යුද්ධය දිනා රට බේරාගත් මහින්දව රැකගත යුතුය යන්නය. ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිලද පක්‍ෂය අතහැර මහින්ද ලඟට ගියේ මේ හේතුවම කියමින් ය.

බොදු බල සේනාවේ නායකයින් කියා සිටියේ තමන්ගේ අනුගාමිකයින් බොහෝ දෙනෙක් එය අනුමත නොකලත්, තමන්ගේ පුද්ගලික වාසිය නොව රට ගැන සිතා, විදේශ හා දේශීය බෙදුම්වාදී බලවේගවලට විරුද්ධව මහින්දව බේරා ගැනීමට තමන් තීරණය කල බවය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා, චන්ද්‍රිකාගේ හා රනිල්ගේ අතකොළුවක් වියහැකිබව ඔවුන් කියා සිටියේය. මොවුන්ගේ මේ නිවැරදි හෝ වැරදි ක්‍රියාව ස්වේච්චාවෙන් හුදෙක් රටගැනම සිතා ගත් තීරණයක්ද යන්න ප්‍රශ්නයක් වන්නේ කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ලිපි මගින් රජීව විජේසිංහ මහතා එලිකල කරුණු නිසාය.

රජීව කියන අන්දමට මහින්ද ඔහුට කියා ඇත්තේ බොදු බල සේනාව ඇමෙරිකන්-නෝර්විජියන් හස්තයක් බවය. දෙවන ලිපියක ඔහු කියන්නේ ගෝඨාභය හා බොදු බල සේනාව අතර යම් සම්බන්‌ධයක් තිබෙනබව ලලිත් වීරතුංග වරක් ඔහුට පැවසූ බවය. චන්දයට පසුව කලම්බු ටෙලිග්‍රාෆ් එකට ලියූ දයාන් ජයතිලක කියන්නේ මහින්ද, අළුත්ගම සිද්ධිය සම්බන්‌‌ධයෙන් ඥානසාර හිමියන් හිරභාරයට ගන්නා ලෙස පිටරට සිට නියෝගයක් දුන් බව රාජිත සේනාරත්න ඔහුට කිව් බවත්, එහෙත් ඔහු ලංකාවට ආ විට ආරක්‍ෂක තොරතුරු නිසා (ගෝඨාභය?) එය නොකල බවත් ය.

මෙම දෙන්නාම ක්‍රිස්තියානි, කොළඹ කළු සුදු පන්තියට අයත් අයය. දයාන් උග්‍ර අවස්ථාවාදී මාක්ස්වාදියෙකි. දෙන්නාම උග්‍ර බොදු බල සේනා විරෝධීන් ය. එහෙත් විශේෂයෙන්ම රජීව අවංක පුද්ගලයෙකි.  මෙවැනි පසුබිමක් යටතේ බොදු බල සේනා නායකයින් ගත් තීරණය දැන දැනම කල දිවිනසාගැනීමක්ද කියා මට සැකය. සිංහල බෞද්ධයාට අබ සරණද? යන මීට කලින් ලිපියකද පෙන්වා දුන් පරිදි රටකැඩීමේ හා බොදු බල සේනා විරෝධී කොටස් අවුරුදු පහක්-දහයක්ම සිටියේ මහින්ද සමගය. බොදු බල සේනාව සටන් කලේද මහින්ද මේ කොටස් වල විශේෂයෙන් මුස්ලිම් අන්තවාදීන් හා ක්‍රිස්තියානි මූලධර්‍මවාදීන් ගේ පැත්තගෙන බීරි අලියෙක්සේ හැසුරුණු නිසාය. මේ නිසා ඒ කොටස් අනිත් පැත්තට ගිය හැටියේම මහින්ද සුදනෙක් වන්නේත්, මෛත්‍රීපාල බෙදුම්වාදීයෙක් වෙන්නේත් කෙසේද යන ප්‍රශ්නය මතුවේ.

විශේෂයෙන්ම මහින්දගේ ක්‍රියාකලාපය ගැන වඩා හොඳින් දන්නා හෙළ උරුමය ගත් තීරණය නොසලකාහැර, පසුව චම්පිකව හා රතන හාමුදුරුවන්ව ව්වේචනය කිරීම පුදුමයට කාරණයකි. ඔවුන්ට කල යුතුව තිබුණේ එක්කෝ නිහඬව සිටීම නැත්නම් හෙළ උරුමය මෙන් මෛත්‍රීපාලට සහාය දීමය. ඔවුන්ගේ ක්‍රියාව නිසා සිංහල බෞද්ධ චන්දබලය දෙකට කැඩුනේය. ඔවුන් ස්වේච්චාවෙන්ම මහින්දට පක්‍ෂව කතාකිරීම නිසා කෙතරම් මුස්ලිම් චන්ද මහින්දට අහිමිවුනාදැයි අපි නොදනිමු. යම් සිංහල බෞද්ධ චන්ද බොදු බල සේනාව නිසා මහින්දට ගිය බව නිසැකය.

රනිල් චන්ද්‍රිකා මංගල සමරවීර වැනි පුද්ගලයින්ගේ ක්‍රියා අසරණව අනාථව සිටි සිංහල බෞද්ධයාට පණ දුන්නේ ගංගොඩවිල සෝම හාමුදුවන් ය. උන්වහන්සේගේ ඝාතනයට පසුව යලි අසරණවූ සිංහල බෞද්ධයා 2005 දී මහින්දට බලය ලබාදුන්නේය.  ඔහුද චන්ද්‍රිකාලා-රනිල්ලා මෙන්ම පීටොම් කාරයෙක්ව සිටි බව හෙමින්ම යට ගියේ, එය අහෝසි කරන්නට ඔහු පසුව පොරොන්‌දුවුන නිසාය. එහෙත් 2010 සිට ඔහු සර්‍වාගමික හා බහු ජාතික පද ගසන්නට විය. මෙවැනි පසු බිමක් යටතේ සිංහල බෞද්ධයාට නායකත්‌වය දීමට හෙළ උරුමයට නොහැකිවිය. ඔවුන් ඇතුලේ සිට නොකඩවාම සිංහල බෞද්ධ අයිතීන් සඳහා උත්සාහකල බවත් අන්තිමේදී ප්‍රසිද්ධියේ සටනට තීරණය කල බවත් ඔවුන් කියා සිටියේ ය.

දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමා යටතේ ඇතිකරණ සභාග ආණ්ඩුවේ හෙළ උරුමය තනිවේද, චන්ද්‍රිකාලා, රනිල්ලා පරණ ප්ලෑන් නැවත ඉස්මතුකරයිද යන ප්‍රශ්න අප විසින් එලිපිට සාකච්චාකල යුතුය. මීට හේතුව මහින්දව ගෙදර යැවීමට හැමදෙනාම එකතුවුනත්, එසේ එකතුවූ අයගේ සිත් තුල නොයෙක් බලාපොරොත්තු තිබෙනා බව නිසැක නිසාය. මෙවැනි පසුබිමක් යටතේ හෙළ උරුමය හා බොදු බල සේනාව එක පෙරමුණකට පැමිණිය යුතුය. 13 සංශොධනය අහෝසි කිරීම හා ඒ වෙනුවට ගම් මට්ටමින් ජන සභා සංකල්පය ක්‍රියාත්මක කිරීම, ලංකාවේ දෙමල ජනයාට තිබෙනවායයි කියන බරපතල අර්බුදයට විසඳුම බව ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් සාධක සහිතව පෙන්වාදීමටත්, ඒ ගැන රටවැසියාව ප්‍රසිද්ධ වේදිකා මගින් දැනුවත් කිරීමත්. සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැගීමේ අරමුණ වියයුතුය.

ලංකාවේ අගනුවර ක්‍රමාණුකූල දස අවුරුදු සැලැස්මක් යටතේ රජරටට ගෙනයෑම (අනුරාධපුරය-වවුනියාව-ත්‍රිකුණාමලය-පොළොන්නරුව යන නගර හතර ඇතුලත ස්ථානයකට) මෙහිදී සලකා බැලිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සැදූ බණ්ඩාරණායක මහතාද එවැනි අදහසක් දැරූබව අප 1960 ගණන් වල පාසැල්වලදී අසා ඇති නිසා නොවේ.  ලංකාව, ඉන්දියාවට හා චීනයට මුහුණ හරවා ගත යුතු නිසාය. රජරට වකුගඩූ රෝගයට එක විසඳුමක් නම් පාර්ලිමේන්තුව හා ඇමති කාර්‍ය්‍යාල රජරටට ගෙන යෑමය! මෙම මාතෘකාව යටතේ වෙනම ලිපියක් ලිවීමට මම සිතා සිටිමි.
ජාතික හෙළ උරුමය හා බොදු බල සේනාව ජාතිවාදී බලවේග නොව ජාතිකවාදී බලවේග බව කැබිනට් මණ්ඩලයට පෙන්වාදීමට, තර්‍ක කිරීමට අවස්ථාව දැන් උදාවී ඇත. සිංහල බෞද්ධ ජනතාවට අවුරුදු 500 කට වඩා කාලයක් තිස්සේ සිදුවුන අසාධාරණකම්, නීතිමය හිරිහැර ඉවත්කරනසේ ඉල්ලීම සෙසු ජන කොටස්වලට කරන අසාධාරණයක් නොවන බව කැබිනට් මට්ටමෙන් සාකච්චාකිරීමට කාලය උදාවී ඇත.

මහින්ද විසින් කල පරිදි නොයෙක් කොමිෂන්, කොමිටු දමා ප්‍රශ්න කල් දැමීම මෛත්‍රීපාලනයක් යටතේ සිදු නොවිය යුතුය. ලංකාවේ ප්‍රශ්න කොළඹ කළු සුද්දන් (බොහෝසෙයින්ම ක්‍රිස්තියානී හා මාක්ස්වාදී)  විසින් ඇතිකල ප්‍රශ්න මිස, සිංහල බෞද්ධයා විසින් ඇතිකල ප්‍රශ්න නොවන බවට රනිල් හා චන්ද්‍රිකා සමග සංවාදයක් ඇතිකරගැනීමට හෙළ උරුමය හා බොදු බල සේනාව සිතට ගතයුතුවන්නේ මෛත්‍රීපාලනයක් යටතේ සිංහල, දෙමල, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානී කොටස්වලට පක්‍ෂ දේශපාලනය නමැති සර්‍ප විෂෙන් තොරව ක්‍රියාකිරීමට මේ ලැබුණ අවස්ථාව ඉතා දුර්ලභ ගනයේ පහනක් නිසාය. අන්ධකාරයෙන් එලියට ඒමට, අවුරුදු දෙකකට කලින් ඉවත්‌වී රටට මේ අවසථාව ලබා දීමට මහින්ද රාජපක්‍ෂ මහතාට සිතුනේ මේ දිවයින ආරක්‍ෂාකරන සැඟවුන බලයක් නිසා නොවේද කියා මට සිතේ.
 
චන්ද්‍රසිරි විජයවික්‍රම

8 Responses to “බොදු බල සේනාව හා මෛත්‍රීපාලනය (1)”

  1. Nanda Says:

    “මෙවැනි පසුබිමක් යටතේ හෙළ උරුමය හා බොදු බල සේනාව එක පෙරමුණකට පැමිණිය යුතුය.” – Cwije

    Dear Chandrasiri,

    Did you see the latest clip from JHU. They say BBS was created by Gota to stop continuous nagging by JHU within the government. By creating it “Buddhist Terrorism”, as the west call them, was unveiled causing JHU uneasy about their nationalistic policies.

    Anyway, please give up this BBS. This monk Ganasara is a disgrace to Buddhism. By valuing his action your reputation will be destroyed.

  2. Nanda Says:

    Cwije,
    If you are a Buddhist , you very well know that everything starts with Vinaya ( seela) for the monks. Such monks cannot be considered as Sangha. Please be sensitive to real Buddhists who value those Vinaya rules. Buddha said them to follow Seela, Samadhi and Panna and see what this man in a robe doing. People say so many bad things on him.
    If you study suttas Buddha really gave a good concern to reputation in the society.

  3. Christie Says:

    It was SWRD Bandaranayake a man who was wearing a cross when he was shot by a monk who brought Monks in to popular politics and used them to attack one of the greatest sons of Sri Lanka Sir John Kotalawala a man who devoted himself and his wealth for the benefit of the non-Indians of the island. Bodu Balu Sena is an organistion who divided the Sinhalese based on the religion. Shame on them.

  4. Christie Says:

    There were plans to make Anuradhapura the Capital a long time ago when DSS and Sir John and SWRD etc build the Anuradhapura New Town.

  5. hela puwath Says:

    BBS came in to being as a result of the government’s ill-treatment of Sinhela Buddhists, and JHU’s inaction and seeming indifference to the plight of Buddhists who sent them to parliament. This all happened after JHU decided to join the government.

    Buddhists started to feel let down by JHU, who initially promised to sit in the opposition but to support the government selectively, based on merits of the subject matter. Remember, initially, they actually did that? Then JHU suddenly joined the government, and then came the issues of luxury cars and luxury residences. Thereafter JHU disappeared from view, unseen and unheard from.

    Then, while the government, the opposition and NGOs were taking care of Tamil and Muslim aspirations and grievances, not a word came out from parliament or JHU about the grievances of Buddhist. It was the Sinhela Buddhist who sent the government and the JHU to parliament. It was the Sinhela Buddhist who was historically disenfranchised.

    It is that frustration that gave birth to BBS and other Balavegayas.

    BBS must continue the struggle with or without the JHU, on behalf of the Sinhela Buddhists.

  6. Independent Says:

    hela puwath,
    What you say is correct. This is what ordinary people thought. But why blame JHU inaction ? Why not blkame the BIG WIG SINHEL BUDDHIST called Mahinda for that.

    This is what is set up by Rajapaksas. They wanted to kill JHU together with their causes. This is why I said Gota set up BBS to kill both Buddhism and JHU.

  7. ranjit Says:

    Real Hela Urumaya is now with Gamampila not with those two Buddhist traitors who jumped to join with coup plotters. We will join with BODU BALA or any Bala to fight the Imperialists and Diaspora backed new Govt. We will never sleep until we stop the Tamil & Muslim terrorism in our land.

    How can 49 parties agree to one issue collectively without any opposition to it when you have two terrorist groups with them one is TNA and the other one is Muslim Congress. We are not stupid to believe these gang.We have seen them working in the past for twelve or more years. Champaka cannot do what he likes when Chora Regena is there in front as the witch. No more place for Buddhist in this mixed Govt. All the LEADING Buddhist monks were there for Mahinda not for MY3 that is because he did an immense work for Buddhism in this country. Because of BBS Muslim fanatics were stopped in many occasions when they were trying to run amok in different times. We love the country not the votes as Mahinda said. We don’t give in to terrorism in any form. We have to save it from breaking in to pieces.Please join hands to protect our Sinhala land.

  8. Dr.K Says:

    “ජාතික හෙළ උරුමය හා බොදු බල සේනාව ජාතිවාදී බලවේග නොව ජාතිකවාදී බලවේග බව කැබිනට් මණ්ඩලයට පෙන්වාදීමට, තර්‍ක කිරීමට අවස්ථාව දැන් උදාවී ඇත. සිංහල බෞද්ධ ජනතාවට අවුරුදු 500 කට වඩා කාලයක් තිස්සේ සිදුවුන අසාධාරණකම්, නීතිමය හිරිහැර ඉවත්කරනසේ ඉල්ලීම සෙසු ජන කොටස්වලට කරන අසාධාරණයක් නොවන බව කැබිනට් මට්ටමෙන් සාකච්චාකිරීමට කාලය උදාවී ඇත. ”

    ශ්‍රී ලංකාව තුළ ජතිකවාදිව කටයුතු කිරීම යනු සිංහළ ,දෙමළ මුස්ලිම් හා අනෙකුත් ජතීන් ඇතොත් ඒ සියලුමදෙනා අන්තර්ගතව ශ්‍රී ලාංකිකයන් වසේනෙන් සලක කටයුතුකිරිමය . රටක් වසයෙන් දියුණු වීමටනම් ප්‍රතිපත්ති හා සැලසුම් සිදුවිය යුත්තේ එසේවීම ගැන කිසිදු තර්කයක් නැත. නමුත් ශ්‍රී ලංකාව තුල සිදුව ඇත්තේ එවැනි සමවාදී සිතුවිලි හා අදහස් ඇති සුළු පිරිසක් මේ සියලුම ජාතින් නියෝජනය වෙමින් සිටියද අන්තවාදී අදහස් හා ප්‍රතිපත්ති දරමින් ඔවුන් ගේ ජාතියට අසාදාරණයක් වුවයි කියාපාමින් නැගීසිටින දෙමල හා මුස්ලිම් කණ්ඩායම් මුණි දම් හිස මුදුන් කොට කටයුතු කරන සිංහල බෞද බහුතරය ලෝක ප්‍රජාව හමුවේ නරුමයන් ලෙස හංවඩු ගැසීමය.

    මේ අසදාරණය හමුවේ පාලකයන් නිහඩවිම තුලින් මුස්ලිම් හා දෙමල කණ්ඩායම් උඩපනිමින් සිංහළබෞදයින් පාගා දැමන්නේය. මෙය මෙල්ලකිරීම ජාතිකවාදී සිංහල කණ්ඩායමකට හැකිවේනම් JHU එය කළ යුතුව තිබිණි. එය එසේ නොවන පසුබිම තුළ අන්තවාදී සිංහළ බෞද කණ්ඩායමක අවශ්‍ය තාව තදින්ම කැපිපෙනේනේය. මේ මොහොතේදී එදා දිඹුලාගල හාමුදුරුවන්ගේ සිංහළබෞදයින් වෙනුවෙන් නැගු හඬ සිහියට නැගේ .

    දෙමළ හා මුස්ලිම් අන්තවාදීන් මහා ජාතිය පාගා අතුගා දැමීමට දරන උත්සාහයට එරෙහිව බොදුබල සේනා කණ්ඩායම අන්තවාදී සිංහල බෞද කණ්ඩායමක් ලෙස කටයුතුකිරිම සාදරණය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress