ටැමිල් ට්‍රේටර්ස්ලා හා මෛත්‍රීපාලනය (2)
Posted on January 11th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

දකුණේ සිංහල දේශපාලකයින්  සමග එක්ව වැඩකරන දෙමල ජාතිකයින්, දෙමල ද්‍රෝහීන් කියා හංවඩු ගැසීම 1930ස් ගණන්වල සිටම ක්‍රිස්තියානි දෙමල බෙදුම්වාදීන් අතලොස්සකගේ පහත් දේශපාලන උපක්‍රමයක් විය. ජේන් රසල් නම් ඇමෙරිකන් නෝනා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ගැන ඇයකල ආචාර්ය උපාධි පර්යේෂණ පොතෙන් මේ පිළිඹද උදාහරණ කිහිපයක්ම ගත හැකිය. මට ඒ අයගේ නම් දැන් මතකයට නොේ.  එක නමක් නම් ජී ජී පොන්නම්බලම් ය. මහාවංශයට හා සිංහල ජාතියට අවමන් කල පොන්නම්බලම් නිසා 1930 ස් ගණන්වල ගම්පොල සිංහල-දෙමල ගැටුමක්ද ඇතිවිය.  එහෙත් ඔහුටද දෙමල නායකයින් කියා ගන්නා කොටසක් විසින් ටැමිල් ට්‍රේටර් ලේබලය ගැසුවේය. මේ කාලයේ ඔහු දෙමල ජනයාට සිමෙන්ති, රසායන හා කඩදාසි කම්හල් ලබාදුන්නේ ලංකාවේ කර්‍මාන්ත ඇමතිවශයෙන් ය. ජේන්ගේ පොතේ තිබෙන තවත් කරුණක් නම් පහල කුලවල ජනයා ජීවත්‌වන ප්‍රදේශවලට ආණ්ඩුවෙන් කෝස්වේස් දැමීමට ඉහල කුලවල නායකයින් විරුද්ධවූ බවය.

ටැමිල් ට්‍රේටර් කෙනෙක් ලෙස කරුණා අම්මන්ව නම්කලේ කොළඹ වසන මනෝ ගනේෂන් විසින් ය. යාපනයේ නගරාධිපතිවූ දොරෙයියප්පා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්‌ධ වීමේ පාපය නිසා ට්‍රේටර් ලේබලයට ලක්‌වුවත් ඔහු දෙමල ජනතාව අතර ජනප්‍රියවූ පුද්ගලයෙකි. ප්‍රභාකරන් ඒමත් සමග එතෙක් දේශපාලකයින් විසින් කරගෙන ගිය සිවිල් ලේබල් ගැසීම මරණ දඩුවමෙන් කෙලවර විය. එම් තිරුචෙල්වම් ඩඩිලිගේ රජයට 1965 දී එකතුවූයේ පෙඩරල් පක්‍ෂය හරහා නිසා ඔහුට ට්‍රේටර් නම යෙදුනේ නැත. දෙමල ත්‍රස්තවාදීන් විසින් ඔහුගේ පුත් නීලන් තිරුචෙල්වම් මරාදැම්මේ න්‍යායාත්මක ගැටුමක් නිසා යයි සිතෙන්නේ ඔහු ප්‍රභාකරන් සමග එකට වැඩකල නිසාය. මේ කාරණය කුමාර් පොන්නම්බලම්ටද අදාලවේ.

නොයෙක් ආකාරයේ දෙමල නිලධාරීන් මෙසේ “ද්‍රෝහීන්” ලෙස මියගියේ ඔවුන් තම රාජකාරිය අපක්‍ෂපාත ලෙස කරන්නට යෑම හෝ රජයට විරුද්ධව ඔත්තුකරුවන්වීමට කැමති නොවූ නිසාය. ඩග්ලස් දේවානන්දට හා කේ පී ට ද්‍රෝහීන් කියා දෙමල දේශපාලකයින් ලියන හෝ කියන අවස්ථා මම දැක නැත. 1971 හෝ 1988 ජේ වී පී කලබලවලදී ඔවුන් “ද්‍රෝහීන්” ලෙස ඝාතනය කලේ යමෙකුගේ “උපත් ජාතිය” අනුව නොවේ. එහෙත් සිවිල් සිංහල දේශපාලකයින් අතරද මේ ද්‍රෝහියා කතාව තිබුනත් එය නිල් කොල පක්‍ෂ දෙක එකිනෙකාට එල්ලකරගත් තාවකාලික චන්ද ගුණ්ඩුවක් පමනක් විය. මේ නිසා සිංහල ට්‍රේටර්ස්ලා ගැනද වෙනම ලිපියකින් පසුව සොයාබැලිය හැකිය.

මෙසේ දෙමල ට්‍රේටර්ස්ලා නම්කිරීමට අමතරව දෙමල බෙදුම්වාදී දේශපාලකයින් 1930ස් ගණන් වල සිටම යොදාගත් තවත් උපක්‍රමයක් නම් ලංකාණ්ඩුව කරන හැමදේටම සිංහලීකරණය යන ලේබලය ඇලවීමය. 1931 දී සර්‍වජන චන්ද බලය දීම, වියලි කලාපයේ ගොවි ජනපද ඇතිකිරීම, නිදහස් අධ්‍යාපන ක්‍රමය, ත්‍රිකුණාමළයෙන් බ්‍රිතාන්‍ය කඳවුරු ඉවත් කිරීම, පාසැල් රජයට ගැනීම, වතු ජනසතු කිරීම යන මේ හැම අවස්ථාවකදීම ඔවුන් දැක්කේ සිංහල ආක්‍රමණයක් ය. 1960 කාලයේ සිරිමා රජය විසින් මිරිස් රතුළුණු ආදිය ආනයනය කිරීම තහනම් කල විට ඒ ගැන ඔවුන් විරුද්ධ නොවූයේ ඉන් බලාසිටියදීම වාගේ යාපනේ ගොවියාට යහපතක් වූ නිසා විය යුතුය.

වියලි කලාපයේ ගොවි ජනපද දෙමල ටෙක්නිකල්-වාරිමාර්‍ග නිලධාරීන්ට රක්‍ෂා සපයන උල්පතක් වැනි විය. ඒවා අසාර්‍ථකවීමට මේ නිලධාරීන්ගේ සිංහල නොදැනීම හා කැපවීමක් නැතිවීම හේතුවූවා නිසැකය. යාපනේ පුරා බැසිල් විසින් කාපට් පාරවල් දැමූ විට විග්නේෂ්වරන් ඒ ගැන කිව්වේ ඒවා විදේශ ආධාර බවත් ඒවා දැම්මේ දකුණේ අයට තමන්ට අල්ලාදුන් යාපනයේ සංචාරය කිරීමට ඒමට හා හමුදා වාහනවලට යාම-ඊම පහසුකිරීමටත් කියාය. දකුණේ අය එන්නේ නාගදීපය වන්දනාවේ බවත්, ඒ නිසා යාපනේ ගෙවල් කාමර කුලියට දී යාපනේ ජනයාට සල්ලි ලැබෙන බවත් විග්නේෂ්වරන් අමතක කලේය.

මේ කාරණා මෙහිදී සඳහන් කලේ මෛත්‍රීපාලනයක් යටතේ උදාවීමට ඉඩ ඇති සිංහල-දෙමල සහජීවනයට තර්‍ජන දෙකක් පෙනෙන නිසාය. එකක් එන්නේ ටී එන් ඒ බහුතරයක් ජාතික කැබිනට් එකකට එකතුවීමට විරුද්ධව ක්‍රියාකරන යාපනේ හා රටින් පිට සිටින ඊලම්කාරයින් ගෙන් ය. ටැමිල්නෙට් වෙබ් අඩවිය සර්‍ප ගුහාවකි. අනික නම් නැතිවූ බලය නැවත ලබාගැනීම සඳහා සියුම් ලෙස සිංහල ජනයාට විෂ පොවන සිංහල දේශපාලකයින් ය. විමල් වීරවංශ හා හිටපු ජනාධිපතිවරයාද පැරදුන වහාම, කෙටි විවේකයක්වත් නොගෙන වැඩට බැසීම රටේත් ඔවුන්ගේත් අවාසනාවය.

මෙම චන්දයේදී ගැටුම්, මරාගැනීම් අවමවීමට හේතුව මෙවර නිල්-කොල පක්‍ෂ දෙකේ සෑහෙන එකතුවක් ගම් මට්ටමින් ඇතිවීමය. සාමන්‍යයෙන් මෙසේ ඇනකොටා ගන්නේ නිල්-රතු හෝ කොල-රතු නොව නිල්-කොල දෙගොල්ලය. පක්‍ෂ දේශපාලනය ලංකාවට කල විනාශය වනාහි ලංකාවේ සිංහල මිනිසුන්ට කල විනාශයය. ඩී එස් සේනානායක හා අගමැති බණ්ඩාරනායක යන දෙන්නාගේ දේශපාලන දර්‍ශන මිශ්‍රකරන්නට මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරන යෝජනාව, එවැනි සංකල්පයක් ඉදිරිපත්‌වූ ප්‍රථම අවස්ථාව පමනක් නොව ඒ අනුව ඉදිරියේ මේ රටේ පක්‍ෂ දේශපාලන ක්‍රමයේ විප්ලවකාරී වෙනසක් ඇතිවීමට හොඳටම ඉඩ ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා පරාදය පිලිගෙන නිහඬ නොවී කරන ඝොෂාව නිසා එය ඔහුටම පාරාවලල්ලක්‌වී නියම පිරිසිදු නිල හා කොල එකතුවීම දේශපාලන ඉණමක් විය හැකිය.

නිල් කොටසක් හා කොල එකතුවීම නිසා දෙමල හා මුස්ලිම් පක්‍ෂවලට ස්වේච්චාවෙන්ම පොදු පෙරමුණට සහයෝගය දීමට සිදුවිය. මීට පෙර මෙන් රහස් ගිවිසුමක්වත් අවශ්‍ය නොවීය. මෙය සඳහන් කරන්නේ සම්ච්චලයට නොව මේ චන්දය නිසා රටට ලබාගන්නට හැකි වෙස්වලාගත් භාග්‍යයක් නිසාය.  මෙය කිසිසේත් අංගුලිමාල දමනයක් නොවේ.  අනිත් අතට මේ නිසා රටේ ඒකීය භාවයට හෝ රට කැඩීමේ ලෝක දෙමල ව්‍යාපාරයට තවත් ඉණිමං පුරුකක් ලබාදීමක්ද අදහස් නොකෙරේ. මේ මගින් කියන්නේ 2001 දී ජාතික හෙළ උරුමය ආනන්දසංගාරීට මන්ත්‍රී ධූරයක් පූජාකලාවගේ, ටී එන් ඒ දෙමල නායකයින්ටද, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ කෙනෙක් හෝ ලක්‍ෂ්මන් කදිරගමාර් කෙනෙක් වී ලංකාවේ ජාතික දේශපාලනයට එක්‌වීමට ඉඩ ඇතිබවය. ඒ කාලයේ නෙවිල් ජයවීර ලිව්වාවගේ ටැමිල් ඔබාමා කෙනෙක් ලංකාවෙත් මතුවිය හැකි බවය.  එය උඩරට වඩිග රජවරු දළදාව වැන්ඳා වගේය. මුල සිටම වැඩිපුරම දෙමල පක්‍ෂය හින්දු නොව ක්‍රිස්තියානි බලයට යටවී තිබුණ නිසා මෙවැනි බද්ධවීමකට නොයෙක් ස්වයංබාධා පැනවී තිබුනේය.

සිංහලයින්ගේ (බෞද්ධයින් හා දුප්පත් කතෝලිකයින්) විශ්වාසය දිනාගත්තොත්, 1920 ගණන්වල සිටම දෙමල දේශපාලකයින්ට ඇතිව තිබූ ප්‍රශ්නය වූ රටේ පාලන බලය සුද්දන්ගෙන් සිංහලයින්ට (ක්‍රිස්තියානි) මාරුවී තමන්ව කොන්වෙනවා යන හීනමානය හා බිය 2015 න් පසුව සිට නැති කරගත හැකිබව නිසැකය. මෙය දෙමල ජනතාවගේ ප්‍රශ්නයක් නොව දෙමල නායකයින්ගේ ප්‍රශ්නයක් බව, ඕනෑම තැනකදී සිංහල-දෙමල සාමාන්‍ය මිනිසුන් මුණගැසුනුවිට පෙනීයයි.  සිංහල ඇමතිලා දෙමල ගම්වලට ගියවිට ඔවුන් කුමාර් පොන්නම්බලම් කියා සිටි ටැමිල් ඇස්පිරේෂන්ස් ගැන කතා කරන්නේ නැත. ඔවුන්ට ඕනෑ සමාන අවස්ථා ඇතිව නිදහසේ සාමයෙන් ජීවත්‌වීමය. කොටින්ම කියනවා නම් සන්සෝනි කොමිෂමෙන් කිව් අන්දමට දෙමල නායකයින් විසින් “සෙපරේටිසම්” යන සර්‍පයා සරමෙන් ඉවත් කර දැමීමය.

ටැමිල්නාඩයේ කලබලත්, යූ එන් ඕ ධජයක් සහිත ලෝකයේ දෙමල රටක් සදාගැනීමට (යුදෙව් ජාතිකයින් කලා මෙන්) ලෝක දෙමල ව්‍යාපාරය කරගෙනයන ක්‍රියා නිසාත්, 13 වන සංශොධනය ලංකාවේ ඓතිහාසික දෙමල ජනාවාසයක් මත පදනම්ව ඇති නිසාත්, අළුත් කැබිනට් මණ්ඩලය “මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ” කියූ අයගෙන් පිරී ඇති නිසාත්, කොටින්ම කියනවානම් මෛත්‍රීපාල මහතා වටා කළුසුද්දන් රැසක්ම සිටින නිසා ඔහුට සිදුවී තිබෙන්නේ දැලිපිහියෙන් දීකිරි කන්නටය. දෙමල ජනයාගේ යහපත උදෙසා කැපවූ බව පෙන්වන ගමන්ම රට බෙදීමට පාර කපන කිසිම දෙයකට ඉඩ නැතිබව පැහැදිලිව ප්‍රකාශ කිරීමෙන් තමන්ගේ මුළු කැබිනට් මණ්ඩලයටම සංඥාවක්දීම මෛත්‍රීපාල මහතාගේ වගකීමය. මෙවිට සිංහල ඇමතිලාට සුදු නෙළුම් ව්‍යාපාර ගෙනයාමටත්, දෙමල ඇමතිලාට දෙබිඩි ප්‍රතිපත්තියක් ගෙනයාමටත්, මුස්ලිම් ඇමතිලාට හලාල්-හරාම් වැඩ කිරීමටත් ඉඩක් නොලැබේ.

මෙහිදී වඩාත්ම සුදුසු ක්‍රියාමාර්‍ගය වන්නේ තිබෙනවායයි කියන “ජාතීන්ගේ” ප්‍රශ්නවලට අතගැසීමට පෙර ඊට කලින් හැම රටවැසියාම මුහුණදී සිටින දරිද්‍රතාවය, කුසගින්න, තරුණ අසහනය, අපරාධ, දූෂණ, පගා සමාජය, සදාචාරය ගොඩ නැගීම යනාදි ප්‍රශ්න වලට හා ඒවාට හේතුවී ඇති පරිපාලන ක්‍රමයේ, නීතියේ වෙනස් කිරීම් වහාම ආරම්භ කිරීමය. මෙතිදී දින සීයේ කාල සටහන හිරගෙයක් කරගතයුතු නැත්තේ අවංකභාවයෙන් හා විවෘතව ක්‍රියාකරනවා නම රටේ ජනයා එය තේරුම් ගන්නා නිසාය. (ඔහුට ඇමතිකමක් ලැබුනොත්) ඒබ්‍රහම් සුමන්තිරන් මහතාට කතාවෙන් නොව ක්‍රියාවෙන් දෙමල ඝාන්ධි කෙනෙක් වීමට අවස්ථාවක් ලැබේ.

6 Responses to “ටැමිල් ට්‍රේටර්ස්ලා හා මෛත්‍රීපාලනය (2)”

  1. Nanda Says:

    Makes sense. Thank you Chandrasiri. We missed you during elections, instead we saw all “kade yana” writings from prominent fools.
    A very good writing all must read.

  2. Leela Says:

    පා.ච. රණවක පුන පුනා කියන්නේ හොරාකාපු එවුන් අල්ලන්න කොමිෂන් දමන බවයි. හොරු අැල්ලීම කල යුතුම දෙයකි. නමුත් හොරුන් අැල්ලීම සහ වෙනත් ක්‍රියාවල මුවාවෙන් තමන් බලයට පත්වීම සඳහා දුන් පොරොන්දු ඉටු කිරීම නම් කල් දැමිය නොහැක. එනිසා චම්පික මං ගල වැන්නන් බයිල කිය කිය තමන්ගෙ දුෂ්ඨකම් ගොරහැඩිකම් පෙන්නන්නෙ නැතිව වහාම තමන්ට අවශ්‍ය පරිදි 25 මදි නම් 50ක් හෝ (ජිහාඩිස්ලා සහ ඉල්ලාමිස්ට්ලා සහ රතු සහෝදරයො අැතුලුව) අැමතිවරු පත්කරගෙන ‘නහී වේරාණි ……’ කියල අපට බන කියපු විදිහට කොරනව කිව්ව My3 ‘යහපාලනය’ අනුව ජනතාවට දුන් පොරොන්දු ඉටුකල යුතුය. අද මහජනයාගේ අවශ්‍යතාවය එයයි.

    පරාජය වූ රාජපක්‍ෂලාට සහ විමල්ලාට නිවාඩු අවශ්‍යද නැද්ද යන්න සහ ඔවුන් වැඩ පටන් ගන්නෙ කවදාද යන්න පශ්වාත් මැතිවරණ රටේ ඔවුන්ට අැති මහජන සහයෝගය අනුව එ් අය විසින් තීරණය කරාවි. එය මැතිවරණය ජය ගත් අයගේ කාරියක් නොවේ. ජයගත් පාර්ෂවය කල යුත්තේ ජනතාවට දුන්න පොරොන්දු පෝලිම ඉටු කිරීමයි.

    පොරොන්දු ඉටු කිරීමට මංත්‍රිල අවශ්‍ය බව My3 සහ ඔහුට සහය දුන් කන්ඩායම පොරොන්දු පත්‍රය හදන විට දැන සිටිය යුතුය. එය මතක් උනේ දැන්නම් සහ My3ලාට අවශ්‍ය නම් අර අල්ලනවයි කියපු හොරුන්ට සුදුහුනු ගාල හරි පිරිසිදු කරගෙන අවශ්‍ය තරම් මංත්‍රිලා කොටාගැනීම චන්ද දිනාගත් අයගේ වැඩකි. නමුත් ජනතාවට දුන්න පොරොන්දු පෝලිම ඉටු කිරීම නම් කල් නොදැමිය යුතුය. බයිල කිය කිය ජනතාව චූන් කර බොරු උත්තර හදන්න නම් එපා! අපේ ගෙවල් වලට චන්ද කාලෙ බෙදාපු පොරොන්දු පත්‍රවල තියන විදිහට වහාම දින 100 වැඩ සටහන පටන් ගත යුතුයි. දෙනවයි කියපු ලිස්ට් එකේ තියන සහන සියල්ල දිය යුතුයි. ජවිපෙ කිව්වෙ එ් ගොල්ලො වැඩ පටන් ගන්නෙ 8 වනදායින් පස්සෙ කියලයි. දැන් පෙරටුගාමියොත් අැවිල්ලයි ඉන්නෙ. උන් දෙගොල්ලො වැඩි කල් ඉවසන එකක් නැහැ. එනිසා අපි කියන්නෙ මේ රට අවුල් ජාලයක් කරන්න එපා කියලයි.

  3. Christie Says:

    Hi loved ones look at who voted whom And the number of votes. Champika should tell the world who did he meet when he was in Australia when be was there last. My Indian mina in Australia says he cannot work out where Champika stayed an who he did see.

  4. Christie Says:

    Ha ha hi hi ho ho, a Tamil Gandhi in the island nation. It is illegal to have intercourse with under age boys or girls in the island nation. Mohandas may have done it when he visited the island in 1927 at the invitation of Tamil Marxists who preached the Sinhala Socialists like Shanmugadasan preaching Maithree. Jai Hind

  5. Indrajith Says:

    A Mahadhenamuththa who thinks he/she is the wisest person on earth, calls all others fools. Ha ha hi hi ho ho!

  6. Christie Says:

    Tamil-speaking voters decided new SL President, says JVP
    [TamilNet, Saturday, 10 January 2015, 14:19 GMT]
    The major share of the victory of Mr Maithiripala Sirisena as the sixth president of the country belongs to Tamil-speaking people although the JVP had a ‘little say’ in the outcome of the result, said Anura Dissanayake MP, the president of the Sinhala nationalist Janatha Vimukti Peramuna (JVP), at a media briefing held in Colombo on Friday evening. Currently, the JVP is prepared to give ‘pressure’ from outside to ensure ‘good governance’ via the new SL President Maithiripala Sirisena, the JVP leader further stated.

    The JVP leader said his party was yet to decide on becoming a constituent of the so-called ‘national government’ by Maithiripala Sirisena.

    While claiming that his party had played a vital role in defeating Mahinda Rajapaksa as SL president, the JVP leader was reluctant in sharing the credit of electing Maithiripala as the new president, political observers in Colombo said, adding that the JVP has been accommodated at a Sinhala nationalist hardline position with the intention of keeping Tamil collaborationists at a distant positions in the so-called ‘national government’ of Maithirpala Sirisena.

    Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress