කළුසුද්දන් නමැති භූමිකාව හා මෛත්‍රීපාලනය (3)
Posted on January 16th, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමාරුවේ වැටුනේ වැඩිපුරම ඔහු වටා සිටි කළුසුද්දන් නිසාය. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මෙසේ කළුසුද්දන්ගේ ග්‍රහනයට වැටීමෙන් වැලකිය හැක්කේ ආපසු රජයේ නිලතලවලට එන 2005 ට පෙර යුගයේ කළුසුද්දන්ගෙන් ප්‍රවේශම් වීමෙනි. මෙම ලිපිය මහින්ද මහතා අමාරුවේ වැටුන අවස්ථා කීපයක් හා මෛත්‍රීපාල මහතාට ඔහුට සමහර විට නොපෙනෙන එහෙත් පිටසිට බලන අපට පේන අවස්ථා තුනක් සලකා බලන්නේ මේවා ලියන විට දෙන්නාම අමනාපවීමට ඉඩ ඇතිබවද වටහා ගෙනමය. මේ දෙන්නාම රටගැන සිතා සිංහල ජාතිය, සිංහල බෞද්ධයා ගැන සිතා එකමුතුව ජාතික ආණ්ඩුවක් සදාගන්නවා දැකීම අපේ ආශාවය.

කළුසුද්දන්

මහින්ද නිවාජ් කබ්‍රාල්ට මහ බැංකුව භාරදීම මහබැංකුවේ සේවකයින්ට කල අපහාසයක් පමනක් නොව ඔවුන්ගේ එම ආයතනයට ඇති මානසික බැඳීම හා ලැදියාව තුවාල කිරීමට හේතුවිය. බැංකුවේ අධිපතිකමට සුදුසු කෙනෙක් බැංකුවේ නැතැයි හෝ තමන්ට විශ්වාස කලහැකි කෙනෙක් බැංකුවේ නැතැයි යන පණිවුඩය එම ආයතනයේ විනය, වෘත්තිය හැකියාව හා ගුණාත්මකභාවයේ පිරිහීමට හේතුවේ. මෙය මැණික් සංස්ථාවේ සභාපතිකමට පන්දමෙක් දමනවා වගේ දෙයක් නොවේ. කබ්‍රාල් වෙනත් රක්‍ෂා ඇති පිටස්තරයෙක් මිස බැංකුවට තරුණකාලයේ බැඳී ආයතනයතුලම ඉහලට ආ කෙනෙක් නොවේ.  අළුතින් ඊට පත්කල අර්ජුන මහේන්ද්‍රන්ද, ඔහු බී ඕ අයි ලොක්කාව සිටියදී සිංහල රාජ්‍ය භාෂාව කල නිසා, ඉංග්‍රීසි නැති නිසා ලංකාව දුගී රටක් ය කියා 2005 ට පෙර ලියූ කෙනෙකි. ටැමිල්නාඩ් දුගී කුමක් නිසාද කියා ඔහුගෙන් ඇසිය යුතුය. ජයන්ත ධනපාලද පීටොම් ශාන්තුවරයෙකි.

කබ්‍රාල් මහින්දට ලනුවක් දුන්නේ ඔහු බැංකුවට පිටින් පාත්‌වූ කෙනෙක් නිසාය. ආයතනයේම අයෙක්නම් එවැනිදේ කර මහින්දව මුරුංග අත්තේ තබන්නට හදන්නේ නැත. ඔහු කලේ රුපියල් දාහේ නෝට්ටුවට මහින්දගේ රූපය දැමීමය. ඇත්තවශයෙන්ම කලයුතුව තිබුනේ හසලක වීරයාගේ රූපය ඊට දැමීමය. මිසිස් බණ්ඩාරනායක ඇගේ මූණ දමා මුද්දරයක් ගසාගෙන සිදුකරගත්තේ තැපැල් කන්තෝරුවල සේවකයින් ලවා තරහෙන් මූණට පාරක් ගස්සවා ගැනීමය. තමන් නිලයේ හෝ ජීවත්‌ව සිටියදී හෝ මෙවැනිදේ කිරීම හෝ පරවල් ගොඩනැගිලිවලට තම නම තබා ගැනීම අශොභන ක්‍රියාවකි. බොහෝ බටහිර රටවල මෙය නීතියෙන් තහනම් කර ඇත. ඉහතකී මුදල් නෝට්ටුව ගැන මහින්දගේ සමීපතමයෙකුගේ මගින් මා මගේ අදහස ඒ අවස්ථාවේ ඔහුට දැන්වූයෙමි.

කබ්‍රාල් නාමල්ට නරක ආදර්‍ශයක්ම විය. ඔහු නාමල් සමග වෙරිවී එකිනෙකා පිටිපස යමින් නටනවා මම විඩියෝවක දුටුවෙමි. නාමල් ලාව උග්‍ර කළුසුද්දන් කලේ කබ්‍රාල්ලා වැනි අයය. තමාගේ පුතා හා සහෝදරයින් දේශපාලන ඇඟිලිගැසීම් වලින් ඉවත්කර තැබීම මෛතීපාලනයට ඉතාමත් වැදගත් ය. අනුර බණ්ඩාරනායකව තරුණකාලයේදී බලාගන්නට භාරදී තිබුනේ ලක්‍ෂ්මන් ජයකොඩිටය. ඔහු අනුරට සෙනේට් සභා මන්දිරයේ ආපන ශාලාවේදී රහසින් මත්පැන් පෙව්වේය. මිසිස් බී මෙය දැන සිටියේ නැත. අන්තිමේදී අනුර අකාලයේ මියගියේය.

මේ සිද්ධිවලින් මෛත්‍රීපාල මහතාට ගතහැකි පාඩම නම් කළු සුද්දන්ගෙන් වැඩගත හැකිනම් එහි වරදක් නැතිවුවත් ඔවුන්ගේ දිරච්ච ලණු වලින් ප්‍රවේශම් වියයුතු බවය. මේ ආකාරයේ අවුරුදු දහයකට පෙර බලවත් නිල දැරූ කළුසුද්දන් නැවත එනු ඇත්තේ මෛත්‍රීපාල මහතා ඒ ගැන නොදැනය. පී බී ජයසුන්දර “හොරෙක්” බවට උසාවියෙන් තීරනය කලත්, මහින්ද ඔහුට කැෂියර් රස්සාව දුන්නේය (විමල් වීරවංශගේ ආර්ථික ඝාතකයා). අද ඔහු රටින් පැන ගොස් ය. අමාරුවේ වැටුනේ මහින්ද ය.

නුසුදුසු පුද්ගලයින්

සුදුසුකම් නැති පුද්ගලයින්ට රජයේ තනතුරුදීම සම්බන්‌ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂඥයෙක් වැනිය. අවුරුදු දහයක් පුරාම ඔහු පත්කර ඇත්තේ සුදුසුකම් ඇති තුන්‌දෙනෙක් පමනය කියා සිතේ. ඒනම් ගෝඨාභය, සරත් ෆොන්සේකා හා චමිපික රණවකය! සුදුසුකමට අධ්‍යාපන, වෘත්තීය හා සදාචාරාත්මක යන අංශතුනක් තිබේ. ඔහුගේ මේ විෂය ගැන තිබුනු දක්‍ෂතාවයට හොඳම ප්‍රසිද්ධ නිදසුන නම් ශිරානි බණ්ඩාරනායක හා ඇගේ සැමියාගේ පත්‌වීම් දෙකය. ජී එල් පීරිස්ගේ රෙකමදාරුව උඩ චන්ද්‍රිකා ඇයව සුප්‍රීම් උසාවියට පත්කල විට ඇය ඊට නුසුදුසුය කියා නීතීඥයින්ගෙන් පෙත්සමක් ඉදිරිපත්‌විය. එවැනි කෙනෙක්ව ඉන්පසු අග්‍ර විනිශ්චයකරු ලෙස පත්කිරීම යකාගේ වැඩකි. ඇගේ සැමියාට සාමාන්‍ය අවම ඒ එල් අධ්‍යාපන සුදුසුකම් පවා නැතිව තිබියදී ඒ වන විට රාජ්‍ය මූල්‍ය ආයතනයක සභාපතිකමට පත්කර තිබුනි.

මෙහිදී මේ තුන් දෙනාම (ජනාධිපති හා මේ යුවල) බරපතල සදාචාර විරෝධී ක්‍රියාවල නියැලී ඇත. භාර්‍ය්‍යාව උසස්වීම ගන්නා විට ඇය ස්වාමිපුරුෂයාට රක්‍ෂාවෙන් ඉවත්‌වෙන්නට කිව්වාද? සැමියා ඉහල බැංකු නිලයක් දරන නිසා බිරිඳට මේ උසස්වීම දීම නුසුදුසු බව ජී එල් පීරිස්වත් මහින්දට කිව්වේ නැද්ද? සැමියා බැංකුවේ ලෙඩක් දාගත් විට එය ෂේප් කලායයි මහින්ද ප්‍රසිද්ධ රැස්වීමකදී කිව්වේය. මාක් ප්‍රනාන්දු නඩුකාරයා 13 සංශොධනයට සම්බ‌න්ධ නඩු ඇසීමෙන් වලකින ලෙස ඇයට අවවාදකර තිබුනත් ඇය ඒ වෙනුවට කලේ නඩුව අසා පාකියසෝති මහතාගේ පෙත්සමද දිවි නැඟුම තීන්දුවට ඇතුළු කිරීමය. කෙසේ නමුත් ඇයව ඉවත්කල ආකාරය නීති විරෝධීය. ඇය වෙනුවට කල පත්‌වීමද “යුක්තිය ඉටුවිය යුතුවා පමනක් නොව යුක්තිය ඉටුවනවා යන බව පෙනී යායුතුදය” යන සිද්ධාන්තයට පටහැනිය. මේ නිසා ශිරානි මහත්මියට යම් වන්දියක් ගෙවනවා මිස දැන් තිබෙන යෝජනාව දිගුකාලීනව රටට හිතකරවේද යන ප්‍රශ්නය මතුවේ. ඇය වත්මන් රජයට පක්‍ෂපාත වනවාය යන සැකය අධිකරණය ක්‍රමයට අවාසියකි. සරත් ෆොන්සේකාගේ කාරණය මීට හාත්පසින්ම වෙනස් නොවේද?

යහපාලනය

1977 ජේ ආර් ධර්මිෂ්ට සමාජයක් අවශ්‍ය බව කිව්වේය. 1994 දී චන්ද්‍රිකා භීෂණය හා දූෂණය නැතිකල යුතුබව කිව්වාය. 2015 දී යහපාලනය ප්‍රධාන චන්ද මාතෘකාවක් විය. චම්පික රණවක ප්‍රධානව දූෂිත විරෝධී පෙරමුණ නමින් රජයට බාහිර සංවිධානයක්ද ක්‍රියා කරයි. වන්ෂොට් විසින් මන්ත්‍රීලා 200 ක දූෂණ සඳහන් කර ඇත. චන්දයට පෙර මර්වින් සිල්වාව පොදු පෙරමුණට නොගත්තේත්, සජින් වාස්ව දැන් පොදු පිලට නොගන්නේත් ඒ ගැන විරෝධයක් මතුවූ නිසා මිස සදාචාරය අනුව දැයි සැකය.

මට මෙම ලිපිය ලිවීමට සිතුනේ එච් එල් ඩී මහින්දපාල මහතා ඊයේ ලියු ලිපියක් දුටු නිසාය.
ඔහු පෙන්නා දෙන්නේ රවි කරුනානායක මහතාට විරුද්ධව විනිමය නීති කලකල නඩුවක් (ඇමෙරිකාවේ මූල්‍ය වංචාවකට හිරේගිය කොටි ත්‍රස්තවාදයට උදව් කල රාජ් රාජරත්නම් ලංකාවට එවූ ඩොලර් මිලියන් 3 ක් මාරු කරගන්නට උදව්කිරීම) 2014 නොවැම්බර් 13 දින කොළඹ හයි කෝට් එකේ විභාගවූ බවත් එය 2015 ජනවාරි 29 දා නැවත විභාගයට ගැනීමට තීරණය වූ බවත් නොවැම්බර් 14 දින සිලෝන් ටුඩේ පත්තරයේ තිබුන බවය. රවි ව්සින් ජනවාරි 29 දා මිනි බජට් එකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මහින්දපාල අසන ප්‍රශ්නය නම් රව් එකම දවසේ (ජනවාරි 29) දෙතැනක ඉන්නේ කෙසේද යන්නය.

ඒ කාලයේ සතොස කඩා විකිනීම ගැන තිබූ කතා දැනසිටියත් මෛත්‍රීපාල ජනාධිපති මෙම නඩුව හා නඩු දිනය ගැන නොදන්නවා විය හැකිය. එහෙත් අගමැති රනිල් නිසැකව මෙය දැන සිටියේය. මහින්දපාල අසන්නේ බජට් වැඩේ ජනවාරි 28 හෝ 30 කල නොහැකි ඇයිද කියාය. මෙය බරපතල ප්‍රශ්නයක් වන්නේ මේ ආකාරයට මේ රජය ක්‍රියාකරනවා නම්, අනිත් සියළුම දූෂණ කල අයටද එසේ සැලකිය යුතු නිසාය. නාමල් රාජපක්‍ෂගේ හෝ විමල් වීරවංශගේ දූෂණ ගැනද මෙවැනි සියුම් ගැලවුම් උපක්‍රම යොදා දිය යුතුය. මෙය උසාවියට මේ රටේ අගමැති හා මුදල් ඇමති කල අපහාසයක් නොවේද?

තවත් මා දුටු දෙයක් නම් ජනවාරි 13 දින බොස්ටන් ලංකා ටී වී එක විසින් තුෂාර ජයරත්න නම් දැනට ජීනීවා වල දේශපාලන රැකවරණය ලබා ජීවත්‌වන තුෂාර ජයරත්න නම් ලංකාවේ නිති ශිෂ්‍යයාගේ කතාවය. නාමල් රාජපක්‍ෂට නීති විද්‍යාලයේදී එහි විදුහල්පතිව සිටි රුද්‍රිගු, ලේඛඛාධිකාරී, අග විනිසුරු ශිරානි යනාදී අය විශේෂ නීති විරෝධී අවස්ථා ලබාදුන් බවත්, ඒවාට විරුද්ධව ක්‍රියාකිරීමට ගිය නිසා ඔහුට ගසා අත කඩා ඔහුව පැහැරගෙන ගිය බවත් තුෂාර කියයි. එපමනක් නොව පොලිසිය වත් ඔහුගේ චෝදනා ලියා නොගත් බව ඔහු කියයි.  මෙම කාරණය විමසා බැලිය යුත්තේ මෙවැනිදේ නීති විද්‍යාලයේ නැවත නොසිදු විය යුතු නිසා මිස නාමල්ගේ ලැයිසම අහෝසි කිරීමට නොවේ කියා තුෂාර කියා සිටියේය.

7 Responses to “කළුසුද්දන් නමැති භූමිකාව හා මෛත්‍රීපාලනය (3)”

  1. Nanda Says:

    Maa-Hindaa & Co gone forever, SLFP now under My3 has a bright future, provided more god people join SLFP and more crooks leave SLFP.
    DO NOT FORGET THIS IS AN INTERIM GOVERNEMENT. Come 100 days or 400 days , dictator powers gone, there will have to be a general election. SLFP can come to power and kick out UNP and all the Kalu Suddas. It is important build a patriotic , intelligent, honest SLFP front to sell to people.
    As long as Maa-Hinda RATA hinda and his sons remain in political arena of SLFP this cannot be done.

  2. ranjit Says:

    Nanda SLFP is o.k. but what about the Choura Regina sitting on top of the new leader Sirisena? How can you say SLFP is good when she is there.She is the one who said that ” She was ashamed to be a Sri Lankan ” to the channel four recently. She is the one “Sir” to the most ruthless killer of all time in Sri Lankan soil. To have a new S.L.F.P Sirisena must start by taking uncorrupted,Educated young people to his party,if not the same old story with corrupt old politicians. Our blessed country has very good talented and educated sons and daughters who can take us to a better living standard. Let the young handle the affairs of this country than the haggard old goats we were seeing for long time.

    I feel sorry for Namal. He destroyed his future in politics by going on the wrong way. No one should think of themselves when they come to politics. They come to serve the people not to rob the people. They should learn lessons from politicians like Dudley, Dahanayake, Philip Gunawardena etc. They sacrificed their everything to serve the people. Those were true Sri Lankans. I remember those days how long they debate on issues on behalf of the people? Now a days watching the Parliament procedures like watching a gangster movie with One shot on one side and people like Mervin on other side blasting each other in filthy language. This is the politics of today. Those days elections were held in carnival atmosphere but now like a western movie shooting,killing and fist fighting etc. I cannot see any Yahapalanaya with any of our current politicians today. Very pathetic situation.

  3. Nanda Says:

    ” but what about the Choura Regina sitting on top of the new leader Sirisena? ”

    Ranjit,
    This is what people who cannot think themselves ask. (No intention insult you but what I mean is everybody saying these things).
    You got to judge yourself. This is where you need a bit of Panna (wisdom) , more than just intelligence.

    If you have watched closely where Chora regina trying to show like she is his wife, he was ignoring here courteously. He, being a mild mannered man ( opposite of MR) still has some respect for her and at the same time he is making use of her. That is all, I judge.

    Look at Mervyn now. He is saying he felt very happy MR lost. Cunning bloody idiot carried the Pandama and went overseas trips with Mahinda.

    Like you, I too did not think beyond Mahinda until 2012, when I visited Sri Lanka, I knew he is not honest.

  4. Christie Says:

    Hi Chandrasiri, you know Anura was the son of a man who made “Sinhala Bhashawa” the official and language of instruction of the island. Sirima banned the London Advanced Level Examination in the island. Anura went to Madras and sat for the exam from India. I wonder whether he sat for the exam in Tamil or Hindi or Sinhala Bhashawa for that matter.

  5. NAK Says:

    courts convene in the morning and the parliament convenes in the afternoon. So the new FM should not make the budget an excuse. He only has to inform the court and get his case called early.

  6. NAK Says:

    The way the things are going, “Yahapalanaya” will end up punishing only Mahinda and Gota which is totally unfare.
    If Yahapalanaya to be a reality all those who face accusations,200 odd from ‘one shots’ list and another 20 odd from the union of secretaries to ministries must be investigated and cases filed before the next general election therby eliminating the corrupt from the electoral process.
    If not it will be the the same old story. They will get nomitions and we get blamed for voting for them.

  7. douglas Says:

    I hope Mr. Charles Perera will provide you with a suitable reply who wrote so much of Ex President Hon. Mahinda Rajapakse and prompted us to give him the “Third Term” of office.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress