මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවු ද?
Posted on January 30th, 2015

Prof.Nalin de Silva

කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යානුකූල
නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත්
වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක
ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.

මෙහි දී අපට ප්‍රශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නී්‍යානුකූල නොවන
බවට අමාත්‍ය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්‍යානුකූල ද නැත්ද යන්න
ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය
කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම
නී්‍යානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.

අගවිනිසුරු ඉවත්කිරීමේ ක්‍රමය ව්‍යවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ
ක්‍රමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන්
පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය. ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීම ය.
යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්‍ය නිසා විය
හැකි ය.

ඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස සිටිය දී ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු
නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස
පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ
අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107
(2) යටතේ ක්‍රියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නී්‍යානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම
සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.

ප්‍රශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්‍යානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක
අස්කිරීම නීත්‍යානුකූල නොවන නිසා යැයි ආණ්ඩුව කියනු ඇත. එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට්
මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්‍යානුකූල නො වේ. එසේ නම් ශිරාණි
බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම
නීත්‍යානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව
නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?

ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ
හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්‍රියාකිරීම ද නීත්‍යානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස්
පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්‍ෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත්
කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්‍රිපාල සිරිසේන සභාපති වූ ශ්‍රී
ල නි පක්‍ෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද? ්
(2015 ජනවාරි 28)

9 Responses to “මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවු ද?”

  1. Hiranthe Says:

    If this was done by the previous regime, the media all over the world will talk about it and from President to street dogs of US will advise the government that it is against the democracy or good governance.

    But look what happens in the world media. They are silent on this highly undemocratic move. All the NGO’s who were creating problems to MR government and the world media are now silent. They are already talking about improved human rights in practice now is evident.

    Just imagine the might of these forces against whom the previous GOSL had to fight…

    More and more Yaha Palanaya examples will come to surface in the coming days.

  2. Leela Says:

    බඩ ගැන පමනක් හිතන්නෙ නැති අයට අද රටේ වැදගත්ම මාතෘකාව වන්නේ වත්මත් චන්ද්‍රිකා-රනිල්-සිරිසේන අාණ්ඩුවේ ඊනියා යහපාලනයයි. නමුත් බහුතරය බඩට මුල් තැන දී සිතන බව ගමේ රටේ මල ගෙවල් දානෙ ගෙවල් වල අැවිද යන මට හාෙඳින් පෙනේ. වැරැද්ද කාගේ වුවත් පෙරට වඩා නරක එජාප අඳුරු යුගයක පෙර නිමිති දැන් දැන් පහලවී අැති බවත් මට පැහැදිලිව පෙනේ.

    දෙමළ මුසල්මන් සුළුතරයේ බහුතරයෙන් සහ සිංහල බහුතරයේ සුළුතරයකින් ලබාගත් 250,000 ක් වැනි සුළු වැඩි චන්ද ගනනකින් බලයට පත්වූ රනිල්- චන්ද්‍රිකා-සිරිසේන අාණ්ඩුව සති තුනක් යෑමට ප්‍රථම BASL (නිතිඥ සංගමය) සභාපති උපුල් ජයසූරිය සහ කල්ලියට නීතිය තමන් අතට ගෙන මැරයන් ලෙස හැසිරීමට ඉඩ හැරීය. උපුල් සහ කල්ලිය විසින් පාර්ලිමේන්තුවේ දේශාභියෝග කමිටුවේ නිර්දේශ ගැන කථානායකවරයා විසින් ජනපතිට යැවූ ලිපිය අර්ථ දක්වන්නේ 43 වන අගවිනිසුරුවරිය ඉවත් කරන ලෙස එහි නිර්දේශ කර නැති සේය. ඉන්පසු ඊනියා යහපාලන නඩයේ නිතිඥ මැරයන් ඔවුන්ගේ පළමු වෙඩි මුරය ලෙස අගවිනිසුරුට විශ්‍රාම යන ලෙස පාරවල් වසාගෙන පෙලපාලි ගියේය.

    රටේ නීතිය අාරක්‍ෂා කොරනව කියල දිවුරුම් දීපු කලුකෝට් කාරයො ඊලඟට කෑ මොර දුන්නෙ අගවිනිසුරු ඉල්ලා අස්වෙනකම් දිගටම උද්ඝෝෂන කොරනව කියල. කළුකොට් කාරයින්ගෙ බලපෑම් වලට අගවිනිසුරු නොසැළුන නිසා චන්ද්‍රිකා-රනිල්-සිරිසේන අාණ්ඩුව ඔවුන්ගේ ඊලඟ පියවර ගත්තා. ඊලඟට රාජිත අැමතියා දෙසා බැවේ තානාපති තනතුරක් දෙන්නේනම් අගවිනිසුරුවරයා ඉල්ලා අස්වන බව ඔහුට කී බව ය. ඊලඟට අසාත් සැලි වැනි අැම්බැට්ටයෙක් අගවිනිසුරුගෙ ගෙදරටම ගිහිල්ලා ඔහුට ඉල්ලා අස්වන ලෙස තර්ජන බලපෑම් කලා කියල අගවිනිසුරුවරයා විසින්ම පොලිසියට පැමිනිල්ලක් කර අැති බවත් වාර්තා උනා. සැලියාගේ ගැලවීමට උත්තරය වි අැත්තේ ඔහු අගවිනිසුරුවරයාගේ මිතුරෙක් නිසා ඔහුගේ අාරාධනයෙන් ඔහුව හොඳින් ගෙදර පැටවීම සඳහා උපදෙස් අගවිනිසුරු නිවසට සැපත් වූ වගයි. ඉල්ලා අස්වීමේ සහ තර්ජන ගර්ජන ජවනිකාවලින් පසු අළුත්ම පොර වීමට ඉදිරිපත්වුනේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙන් සෝවාන් ඵල ලබන්න පෙරුම්පුරන සෝභිත හිමිය. අනාගාමී ඵල ලබන්නටදෝ අගවිනිසුරු පැන්නිම වෙනුවෙන් සෝභිත හිමි පාරට බහින්නට සැරසි සිටින බවත් ඔහු කිවේය. සියල්ල අසාර්ථක වූ තැන ජනාධිපතිගේ ලිපියකින් තමන්ට අවශ්‍ය දේ කරගන අැති බව පෙනේ.

    එ් අනුව චන්ද්‍රිකා-රනිල්-සිරිසේන ‘යහපාලන’ අාණ්ඩුව විසින් උපුල් ජයසූරිය සහ ගැන්සිය විසින් ඉහත කී දේශාභියෝගය ගැන ඉදිරිපත්කල අර්ථ කථන සහ ක්‍රියාපටිපාටි නිවැරදි යයි පිළිගෙන ජනාධිපති සිරිසේන විසින් නිකුත් කල ලිපියක් මගින් එම දේශාභියෝගයෙන් පහ කල 43 වන අගවිනිසුරුවරිය නැවත අගවිනිසුරු ලෙස 2015 ජනවාරි 28වන දින පත් කර අැත්තේ 44 වන අගවිනිසුරු එම තනතුරේ සිටියදීමය. මේ නම් ලොකයේ කොහේවත් කර නැති විගඩමකි. හිටපු අගවිනිසුරු සරත් සිල්වා කියන විදිහට නීතියට පටහැනි එකකි. නමුත් රනිල් විපක්‍ෂයේ සිටින විට දිගින් දිගටම කට මෑත දෙඩවූයේ ‘ලැටිම හවුස්’ සාධාරන නීති මූලධර්ම ගැනයි. මෙවන් ක්‍රමයක් එහි හෝ වෙනත් තැකන අැද්දැයි ‘යහපාලන’ අාණ්ඩුව අපට පෙන්වා දිය යුතුය.

    නාඩගම් සියල්ල නැටුවේ යහපාලනය මතින් උන්ට අවශ්‍ය අගවිනිසුරුවරයෙකු පත්කර ගැනීම සඳහාය. ඊලඟට එන්නේ ඊලාම් කොච්චියය.

  3. Lorenzo Says:

    Certainly NOT a court!! That is very interesting.

  4. NAK Says:

    CJ43 was appointed by MR, then she was all smiles. Her husband Kariyawasam was first appointed to the Insurance corporation. Whether that appointment was requested or just offered, acceptence of such appointment compromises her neutrality as CJ.
    If she was an ethical person which she is obliged to be as CJ she should have prevented or at least objected to it. Kariyawasam was taken off the board of Insurence Corporation when ther was smoke coming out on a reinsurance deal and he was given the NSB.
    There too he was caught trying to do some shady deal and the then President said(which is very wrong)I tried to shape things up as he is our man,but the UNP brought the roof down and forced MR to take action which he did.
    what did CJ43 do? She sided with the UNP and declared war on MR government.
    First She refered the Divinaguma act for parliament 2/3 referral which was duly done.
    Then she started accusing MR of trying to interfere in the judiciary when he invited her for a budget discussion Which she has done in previous years.
    She made three public statements through the secratary of the judicial commision accusing the President of death threats to her.
    She was clearly trying to create a conflict between the executive and the judiciary as happened in Pakistan.
    Fortunatly we know on who’s instructions she was acting. She was asked to resign or retire but she chose to fight.
    why? because she had world power behind her.

    Remeber, Ranil Wickramasinhe himself and a few others from the UNP were member of that select committee and they walk off complaining that the way CJ43 was treated was inappropriate.
    Back then they never said anything about flawed proceedure.
    All of a sudden ‘yahaplanaya has found a flaw in the impeachment process which makes it null and void!
    If that is so, why were these yahapalanaya’s been begging, wooing, threatening, picketing and rallying to get him out for 20 days?
    Why did the BASL admit in a press breifing that they will have to follow an impeachment process in the parliament to get rid of him.
    They couldn’t do that either becuause they don’t have the neccessary votes in the parliament to do that.
    So,the black coat mafia has got their way the way they know best. By force!
    This is exactly how Ranil signed the deal with Prabha in 2001.
    What is unecceptable is that this biggest bunch of thieves in this county telling us what they want is rule of law.
    But,that is not what they want, what they want is to get their way, no matter what.
    Rule of law is for us the ordinary ‘Jahamanya’ they prooved that when they smashed chairs in a court house to protest a judgement. BASL didn’t even bother to condemn that incident.
    What they are saying is, ‘what we say right’ is right and when we say ‘wrong’ that is wrong so you ‘jamanaya’ learn to live with it and shut your trap!!! We’ll have our way anyway.

    My3 ‘Yahapalanaya’has been and continue to do wonderfully.
    By the way that legal ‘osthar’and legal advisor to ‘Yahapalanaya’ Sarath, says the way CJ44 was deposed is unconstitutional!
    He is nuts….. who cares two hoots about what he says now. He was used and discarded.

  5. Lorenzo Says:

    NAK,

    My3 has reduced his budget (president’s expenses) by 90,000,000,000 rupees.

    That itself is GOOD GOVERNANCE!!

  6. ranjit Says:

    Now our country is like Saudi Arabia. Saudis never listen to their people’s voices. They rule as they pleased by the gun. Americans never open their mouth about their Human rights record. Protesters were massacred and put in jail without any justice. Americans dictate everything and they were paid by Saudis to protect their wealth and their Kingdoms. It’s the truth. Same goes here now.They planned this coup to bring MY 3 and the UNP to power. Their only goal was to oust Mahinda Rajapksa and take him to Hague. Our traitors are supporting this western Mafia’s plan for their own benefits. They do not have any love or sympathy to our country except to have their own luxury life with the protection of these white terrorists. This is worst than JR’s Dharmishta Palanaya in 77. All the JVPer’s (EX & Current) are together now with all the sinners & murderers (UNP,JVP & LTTE) who have killed thousands of our innocents during their Governments in power.

    Do not expect anything good from this Yahapalana thugs except misery to our peoples. Everything they did up to now is all against the rules. Appointment of Prime Minister,Ministers,Governors and heads of the departments etc. They were not elected by the people or have the majority in the Parliament to do so. They just grab the power by force and they are changing everything in a hurry for them to be in power by all means. People must get united to stop all their illegal transactions and secret pacts between Diaspora and the western Mafia. Do not think only of your stomach and bogus temporary benefits. Vote for our future and well being of the people of Sri Lanka.

  7. AnuD Says:

    Prof. Nalin De silva, if you think, that the appointment of the 44th CJ was legal, the best thing was to write an open letter, may be to, Mohan Peiris asking him to challenge it in the courts. Don’t you think, it is not up to a person like your stature or calibre not to discuss this kind of things in here. There are how many good presidents’ counsels or queens’ counsels here who can comment about it. So, you become the only legal expert who knows what you are talking.

  8. Cerberus Says:

    The reason why Shirani Bandaranayake was removed was that she was doing illegal transactions with foreign money according to all the news paper articles. Possibly receiving money to overthrow the Government. Her husband Kariyawasm was also involved in some illegal scams. Please see attached. She must have paid enough money to key BASL people to demonstrate like hooligans and thugs to get rid of Mohan Pieris and appoint her for a day. Which was done obediently by my3. As far as I am concerned it has not cleared her name. If she wants to clear her name she must let the police do the investigation and bring all the facts in to the open if she is not guilty. Her appointment was not done legally thorough the Parliament. Please see the links below to the news paper reports about her and her husband. They both seem to be guilty of crimes against the state.

    http://www.sundaytimes.lk/120923/news/corruption-commission-fast-tracks-probe-on-former-nsb-chief-13884.html

    http://www.lankaweb.com/news/items/2012/12/01/opinion-expose-the-dual-role-of-dr-shirani-bandaranayake/

    http://en.wikipedia.org/wiki/Impeachment_of_Shirani_Bandaranayake

    http://en.wikipedia.org/wiki/Pradeep_Kariyawasam

  9. Wickrama Says:

    Lorenzo,

    My3 can reduce his budget much more, if not completely. After 100 days, he will be just a self appointed SCARECROW in one of his brothers paddy field in Polonnaruwa!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress