අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද
Posted on February 12th, 2015

නලින් ද සිල්වා

අප කලින් ලිපියක සඳහන් කළේ අරාබි වසන්තය දැන් ලංකාවට පැමිණ ඇති බවත් එය වසන්තයක් වන්නේ ජාතිකත්වයට
නොව බටහිර යටත්විජිතවාදීන්ට බවත් ය. මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ එය ලංකාවට පැමිණියේ කෙසේ ද යන්න ය.
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ කිනම් දුර්වලතා තිබිණත් එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ඉදිරියේ දණින් නො වැටුණේ ය.
බටහිරයන්ට මෙරට ප්‍රශ්න දෙකක් විය. එකක් සිංහල ජාතිකත්වය ය. දෙවැන්න මහින්ද රාජපක්‍ෂ මහතා ය. පළමුවැන්න ඔවුන්ට
1506 පෘතුගීසීන් මෙරටට පැමිණි දිනයේ සිට තිබූවකි. 1815 ඊනියා උඩරට ගිවිසුම හෙවත් සිංහල – ඉංගිරිසි ගිවිසුම අත්සන්
කර වංචාවෙන් රටේ පාලනය අතට ගත් ඉංගිරිසින්ට එදා මෙදා තුරාවට මුහුණ පෑමට ඇති ප්‍රධාන ම අභියෝගය සිංහල
ජාතිකත්වය වෙයි. 1817 සිට විටින් විට මතුවෙමින් එන සිංහල ජාතිකත්වය විසින් 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා බලයට
පත්කෙරිණි.

මහින්ද රාජපක්‍ෂ මහතාට 2005 දී බලයට පත්වන විට ජාතිකත්වයේ නො වී ය. එහෙත් ඔහුට ජාතිකත්වය වෙනුවෙන් කටයුතු
කිරීමේ විභවයක් විය. නන්දිකඩාල් ජයග්‍රහණය වන විට ඒ මහතා යම් ජාතිකත්වයක් අත්කරගෙන සිටියේ ය. ඒ ජයග්‍රහණයත්
සමග බටහිරයන්ට, විශේෂයෙන් ඉංගිරිසින්ට හා ඔවුන්ගේ ඇංග්ලො සැක්සන් මස්සිනාලා වූ ඇමරිකානුවන්ට මහින්ද රාජපක්‍ෂ
ආණ්ඩුව (ඔවුන්ගේ බසින් නම් රෙජිමය) එළවා දැමීමේ අවශ්‍යතාව තදින් ඇතිවිය. බටහිරයෝ ඒ සඳහා විවිධ ක්‍රම උපයෝගී
කරගත්හ. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව එළවා දැමීම මගින් සිංහල ජාතිකත්වය දුර්වල කිරීමට ද හැකි බව බටහිරයෝ දත්හ.
2009 ට පෙර සිට ම බටහිරයෝ ඊනියා යුද්ධාපරාධ චෝදනා රජයට හා හමුදාවට විරුද්ධ ව ඉදිරිපත් කළහ. නන්දිකඩාල්
ජයග්‍රහණයෙන් පසු ඔවුහු ඒ චෝදනා ඉතා තිව්‍ර ව ඉදිරියට ගෙන ආහ. එහි දී ඔවුන් පළමුව යොදා ගත්තේ සරත් ෆොන්සේකා
ය. සරත් ෆොන්සේකා හමුදාව දක්‍ෂ ලෙස මෙහෙයවූ බව අපි පිළිගනිමු. එහෙත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට කළ නොහැකි
වූ දේ සරත් ෆොන්සේකාට කළ හැකි වූයේ ඔහුට මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු දේශපාලන නායකත්වයත් ගෝඨාභය
රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු කළමනාකාරීත්වයත් හේතුකොට ගෙන ය. අනූවේ දශකයේ මුල අප හමුදාවට කොටින් පරාජය
කිරීමට හැකි බවත් ඒ සඳහා දේශපාලන නායකත්වයක් ලබා දිය යුතු බවත් පවසන විට සියල්ලෝම පාහේ අපට සිනහසුනහ. ජ
වි පෙරමුණත් ජනතා මිතුරෝ සංවිධානයත් (ජාතික හෙළ උරුමයේ පෙර ගමන්කරු) යුද්ධයට විරුද්ධ වූහ. තිලක්
කරුණාරත්නගේ ලක්මිණ පුවත්පතින් අපට යෑමට සිදුවූයේ අප හැරෙන්නට එහි වැඩකළ ඉහත කී පිරිස ද ඇතුළු අනෙක් සියළු
දෙන යුද්ධයට විරුද්ධව අපට එරෙහිව එක් කඳවුරකට පැමිණි බැවිනි. ඔවුහු අප පුවත්පතෙන් පන්නා දැමූහ.

හමුදාවට දේශපාලනයක් නැතැයි අපේ විරුද්ධකරුවෝ අපට කීවෝ ය. දේශපාලන නායකත්වයක් නැතිව රටක හෝ රාජ්‍යයක
හෝ හමුදාවකට සටන් කළ නො හැකි ය. ජේ ආර් හෝ ප්‍රේමදාස හෝ චන්ද්‍රිකා හෝ කොටින් පැරදවීමට දුන් දේශපාලන
නායකත්වයක් නැත. සරත් ෆොන්සේකා කොපමණ දක්‍ෂයකු වුවත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය
නොවන්නට අපට දෙමළ ත්‍රස්තවාදී කොටින් පරාජය කිරීමට නොහැකි වනු ඇත. එදා හමුදාවට සමච්චල් කරමින් රණවිරුවන්
අධෛර්යමත් කළ රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, ලක්‍ෂමන් කිරිඇල්ල ආදීන් අද සරත් ෆොන්සේකාට ගෞරව කිරීමට
ඉදිරිපත් වන්නේ කොටින් පැරදවීමේ දී මහින්ද රාජපක්‍ෂ මහතා දුන් නායකත්වය ඉතිහාසයෙන් මකා දැමීම සඳහා ය.
නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු හෝ ඒ ආසන්නයේ හෝ ඇමරිකාවේ උසාවියක සරත් ෆොන්සේකාට හා ගෝඨාභය රාජපක්‍ෂ
මහතාට එරෙහිව යුද්ධාපරාධ සම්බන්ධ නඩුවක් පැවරිණි. ඉන්පසු සරත් ෆොන්සේකා ඇමරිකාවට ගියේ ය. ඔහු ආපසු
පැමිණියේ මහුට විරුද්ධව තිබු නඩුව අස්කර ගැනීමෙන් පසු ය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි ව තිබූ නඩුව
අස්කර ගත් බවට ආරංචියක් නැත. ලංකාවට පැමිණ නොබෝ කලකින් සරත් ෆොන්සේකා අම්බලංගොඩ දී හා රත්නපුරේ දී
අම්බලංගොඩ දී හා රත්නපුරේ දී කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව කළේ ය. ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් බටහිරයන්ට වැදගත්
සාක්‍ෂිකරුවකු ලැබී තිබුණු බව පැහැදිලි ය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධව බටහිරයන්ගේ වැඩ පිළිවෙළ යම් පමණකට
සාර්ථක වී තිබිණි. සරත් ෆොන්සේකා ටික දිනෙකින් ජනාධිපතිවරණයට ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් විය.
එහෙත් සරත් ෆොන්සේකා ඡන්ද දහඅට ලක්‍ෂයකින් පමණ පරාජයට පත්විය. ඔහු සුදු කොඩි කතාව සම්බන්ධයෙන් වැරදි
කරුවෙක් විය. ඔහු සිරකරුවෙක් විය. පසුව හිටපු ජනාධිපතිතුමාගෙන් ඔහුට යම් සමාවක් ලැබිණි. දැන් ඔහු වත්මන් ජනාධිපති
විසින් නිදොස් කොට නිදහස් කෙරී ඇත. වැඩිකල් නොගෙස් මේ ආණ්ඩුව ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයක් කර මහින්ද රාජපක්‍ෂ
මහතා ඇතුළු තවත් අය වරදකරුවන් කිරීමට උත්සාහ කරනු ඇත. ඇතැම් විට රයන් ගුඩ්මන්ලාට අවශ්‍ය ආකාරයට
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකාවට ගෙන ගොස් ඔහුට එහි දී දඬුවම් කිරීමට ඉඩ දෙනු ඇත (ආණ්ඩුව නිහඬ ද ආදී ලිපි
කියවන්න). ඒ බටහිරයන් සැනසීමට ය. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට සරත් ෆොන්සේකා යම්
පමණකට යොදා ගැනුණු අතර ඉදිරියේදීත් ඔහු බටහිරයන් හා ඔවුන්ගේ ආණ්ඩුව විසින් යොදා ගැනෙණු ඇත.

දෙවනුව බටහිරයෝ වීදි සටන්වලින් ආණ්ඩුව එළවා දැමීමට උත්සාහ කලහ. එහි දී ඔවුන්ගේ සහායට සිටියේ ව්‍යාජ උගතුන් ය.
ඔවුන් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද , විශ්වවිද්‍යාලවල ද, ඊනියා පර්යේෂණ ආයතනවල ද, ජනමාධ්‍යයෙහි ද දැකිය
හැකි ය. එහෙත් කටුනායක, රතුපස්වල, ධීවර ආදී සටන් ලත් තැන ම ලොප් විය. අරාබියේ මෙන් ජනතාව ආණ්ඩුවට විරුද්ධ
ව පාරට බැස්සවීමට බටහිරයන්ට නොහැකි විය. එහෙත් රතුපස්වල ආදී සිද්ධි ඊනියා යුද්ධාපරාධවලට සම්බන්ධ කිරීමේ
වෑයමක් දැන් පවතියි. ඒ සියල්ල පසුපස මහින්ද රාජපක්‍ෂ මහතාට හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දඬුවම් කිරීමේ අවශ්‍යතාව
ද හමුදාව අකර්මණ්‍ය කිරීමේ වුවමනාව ද වෙයි. එදා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇළවූ ද, මංගල සමරවීර සමග ෆෙඩරල්
දීම සඳහා ඊනියා රටවැසි පෙරමුණ අටවා ගත්තාවූ ද ජනතා මිතුරෝහි චම්පික රණවක අද රනිල්ගේ ඇමතිවරයකු ලෙස
බටහිරයන්ගේ අවශ්‍යතාවට මහින්ද රාජපක්‍ෂට දඬුවම් කරන ලෙසට උදඝෝෂණය කරයි.

බටහිරයන් හා ඔවුන්ගේ මෙරට හෙංචයියන් කුමක් කීව ද ඔවුන්ට අවශ්‍ය රටේ ආරක්‍ෂාව දුර්වල කිරීම, රටේ ස්වෛරීභාවය
කඩා බිඳ දැමීම, හැකි නම් ජාතිකත්වය නැති කිරීම, බැරි නම් ඒ දුර්වල කිරීම, රටේ ආරක්‍ෂාව හා ස්වෛරීභාවය වෙනුවෙන්
කටයුතු කළ රාජපක්‍ෂවරුන්ට දඬුවම් කිරීම ආදිය බව පැහැදිලි ය. එමෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ දරුවන්ට හා
භාර්යාවට දඬුවම් කර එමගින් මහින්ද රාජපක්‍ෂ මහතා මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ද වෙයි.
බටහිරයන්ගේ මේ අවශ්‍යතාව ජාතික හෙළ උරුමය මගින් ද ක්‍රියාත්මක වෙයි. බටහිරයන්ට බැසිල් රාජපක්‍ෂට හෝ වෙනත්
රාජපක්‍ෂ කෙනකුට හෝ දඬුවම් කිරීමට තදබල වුවමනාවක් නැති බව පැහැදිලි ය. තොරතුරු ලැබෙන ආකාරයට බැසිල්
රාජපක්‍ෂ මහතා ඇමරිකාවේ කිසිම ප්‍රශ්නයක් නැතිව කල්ගත කරයි.

වඩාත්ම දුෂණ චෝදනා එල්ල වූයේ බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව ය. ඊනියා යහපාලනය සම්බන්ධයෙන් බොහෝ දෙනා
ඇඟිල්ල දික්කළේත් බැසිල් රාජපක්‍ෂ මහතා දිශාවට ය. බොහෝ ඇමතිවරුන් කලකිරී සිටියේ බැසිල් රාජපක්‍ෂ මහතා තමන්
වෙත දැක්වූ ආධිපත්‍යය කෙරෙහි ය. එහෙත් අද කිසිවකු ඔහු ගැන සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. කාට කාටත්
ප්‍රශ්නය වී තිබුණේ දුෂණ හා යහපාලනයක් නැති කම නොව රටේ ස්වෛරීභාවය හා ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම බව
පැහැදිලි ය.

මැති ඇමතිවරුන් කිහිප දෙනකුට බැසිල් රාජපක්‍ෂ දැක්වූ ආධිපත්‍යය ගැන කලකිරීමක් තිබෙන්නට ඇත. බටහිරයෝ එය සූක්‍ෂම
ලෙස යොදාගත්හ. අවසානයේ දී බැසිල් රාජපක්‍ෂ ඇමරිකාවේ සුවසේ වෙසෙයි. පැහැදිලිව ම දඬුවම් කිරීමට අවශ්‍ය ඊනියා
යහපාලනයක් නොතිබීම හෝ දූණයක් හෝ නිසා නොව රටේ නිදහස, ඒකීයභාවය හා ආරක්‍ෂාව තරකිරීම නිසා ය. ආණ්ඩුව
එළවීමට තුන්වැනිව යොදා ගැනුණේ ආණ්ඩුවේ ම මැති ඇමතිවරුන් ය.

මේ මැති ඇමතිවරුන් අද කතාකරන්නේ පන්සිල්, අටසිල්, දසසිල් නොව එයටත් එහා යන සීලයක් රකින්නන් ලෙස ය. මෙරට
දේශපාලනයෙහි දූෂිතයන් නොවන්නන් කී දෙනකු ඇත් දැයි නො දනිමි. එ ජා පක්‍ෂයේ කලින් ඇමතිධුර දැරූ අය ගැන මෙන් ම
චන්ද්‍රිකා නෝනා ගැන ද බොහෝ කතා පළ වී ඇත. මේ සියල්ල බොරු යැයි (සියළු දැනුම් බොරු ය, බටහිර විද්‍යාව පට්ටපල්
බොරු ය යන අර්ථයෙන් නොව) අපට කිව නො හැකි ය. එහෙත් එකී මැති ඇමැතිවරුන්ට එ ජා පාක්‍ෂිකයෝ හා චන්ද්‍රිකා
නෝනා ද රාජපක්‍ෂ ආණ්ඩුව පළවා හැරීමේ කටයුත්තේ දී එකතු වූහ. දූෂිතයන් නොවන දේශපාලනඥයන් කවුදැයි මාදුළුවාවේ
සෝභිත හිමියන්වත් අපට පවසනසේක් ද? වත්මන් ජනාධිපති පසුගිය දා පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ උත්සවයකට
සහභාගි වීමට හෙලිකොප්ටරයෙන් අපට පෙනෙන්නට එහි ගියේ තනිවම ය. ඔහුගේ භාර්යාව එහි ගියේ කෙසේ දැයි
පාරදෘශ්‍යභාවය අගයන යහපාලකයන් අපට කියන්නේ ද? ජනතාව හැමදාමත් රැවටිය නොහැකි බව පමණක් මතක් කරමු.
ඊනියා රාජපක්‍ෂ රෙජිමයට (මෙය ඇමරිකානුන් යොදා ගත් වචනයකි. රනිල් ඉගෙන ගන්නේ ඇමරිකාවෙනි) විරුද්ධ වූවන් එකතු
වූයේ ඊනියා ඒකාධිපතිවාදයකට එරෙහි ව නො වේ. පසුගිය ආණ්ඩුවේ ඒකාධිපතිවාදය කොටස් දෙකකින් සමන්විත වී යැයි
ඔවුහු අපට නොකියා කීවෝ ය. එකක් ජනතාව කෙරෙහි දැක්වූ ඒකාධිපතිවාදය ය. ජනතාවගේ මූලික අයිතීන් කප්පාදු වී
ඇතැයි ඔවුහු අපට කීවෝ ය. ඊනියා භාෂණයේ නිදහස, ජනමාධ්‍යයේ නිදහස, විරෝධය පෑමට ඇති නිදහස, නැති වූ
ජනමාධ්‍යවේදීන්, සුදු වෑන් හා තවත් දේ ගැන ඔවුහු ද ඊනියා උගත්තු ද අපට කීවෝ ය. අනෙක් ඒකාධිපතිවාදය මැති
ඇමතිවරුන්ට නිදහසක් නොමැති වීම ගැන විය. එය එතරම් පැහැදිලිව ජනතාවට නොකී නමුත් බොහෝ මැති ඇමතිවරුන්ට
ඉහළින් තීරණ ගැනීමේ දී බැසිල් රාජපක්‍ෂ පමණක් නොව නාමල් රාජපක්‍ෂ ද සිටින බවට කතා පැතිර ගියේ ය.
ආණ්ඩුවේ අගමැති ධුරය බලාපොරොත්තුවෙන් කිහිප දෙනකු සිටි නමුදු ඉන් ප්‍රධාන වූයේ නිමල් සිරිපාල ද සිල්වා සහ
මෛත්‍රිපාල සිරිසේන ය. මංගල සමරවීර ආණ්ඩුවෙන් යෑමට ප්‍රධාන වූ කරුණ ඔහුට අවශ්‍ය ව තිබූ වැදගත් ඇමති කමක් නො
ලැබීම ය. අගමැති පදවිය එයටත් වඩා ප්‍රශ්න ඇති කළේ ය. රයිගම රත්නසිරි වික්‍රමසිංහට අගමැතිකම දීම ගැන ගම්පළ දි මු
ජයරත්න කළකිරීමෙන් සිටියේ ය. ජයරත්නට ඒ නොදී බැරි වූ කල වයෝවෘද්ධ ගම්පළ ට අගමැතිකම හිමි විය. මැති
ඇමතිවරුන් බොහෝ විට ආණ්ඩුව ගැන කළකිරුණේ ප්‍රතිපත්ති මත නොව පෞද්ගලික ව තනතුරු ලබා නොදීම පිළිබඳව ය.
බටහිරයන්ට හා ඔවුන්ගේ හෙංචයියන්ට මේ කළකිරුණු මැති ඇමතිවරුන් තම අරමුණ වෙනුවෙන් යොදාගැනීම කාලය පිළිබඳ
ප්‍රශ්නයක් පමණක් විය.

මේ අතර රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට යොදාගත් හතරවැනි උපක්‍රමයක් ද විය. ඒ දෙමළ ත්‍රස්තවාදය පරදවා රට
එක්සේසත් කිරීම අවතක්සේරු කර ඊනියා යහපාලනයට හා දුෂණය භීෂණය නැති කිරීමට ඉතා ඉහළ ප්‍රචාරයක් ලබා දීම ය. ඒ
සඳහා මුල දී යොදාගනු ලැබුයේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් ය. තම්බයියා බුදුදහම පාවාදීම ලියූ කාලයේ දී බටහිරයන් හා
ඔවුන්ගේ හෙංචයියන් අතර යක්‍ෂයකු සේ සැලකුණු සෝභිත හාමුදුරුවෝ එක් රැයකින් මෙරට ගැලවුම් කරුවන්වහන්සේ බවට
පත්කරනු ලැබූහ. උන්වහන්සේගේ ඊනියා සාධාරණ සමාජය සඳහා වූ ව්‍යාපාරයට විශාල ප්‍රසිද්ධියක් හා වැදගත්කමක් දෙනු
ලැබිණි. සිංහල බෞද්ධ විරෝධිහු සියළු අමනාපකම් අමතක කර සෝභිත හිමියන් සමග එක්වූහ.

දුෂණය හා භිෂණය ගැන තැන තැන කතාකෙරිණි. බැසිල් රාජපක්‍ෂ නූතන යක්‍ෂයා බවට පත්කෙරුණේ කලක් සෝභිත හිමියන්
යක්‍ෂයා බවට පත්කෙරී තිබූ අය විසින් ම ය. කුඩු ගැන එතනොල් ගැන මිනිස්සු කතාකළහ. ඔවුන්ට බෝම්බ අමතක වී තිබිණි.
ගෙදරින් පිටවන විට ඔවුන් කල්පනා කළේ බෝම්බ ගැන නොව කුඩු හා එතනොල් නැතිකර රට ධර්මද්වීපයක් බවට පත්කිරීම
ගැන ය! මෙරට ඉතා වැඩි පිරිසක් දූෂිතයෝ ය. තම කාර්යාලයේ දුරකථනයෙන් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගත් අය,
අඩුවෙන් වැඩකර වැඩියෙන් වැටුප් ලැබූ අය, දරුවන් පාසලට ඇතුළත් කරගැනීමේ දී බොරු ලියවිලි සකස්කළ අය, විවිධ
තනතුරු මාරුවීම් ලබාගැනීම සඳහා දේශපාලනඥයන් පසුපස ගිය අය ආදීහු මෙරට කෙතෙක් වෙත් ද? ඔවුන් සියල්ලන්ට
බැසිල්ගේ කොමිස් ප්‍රශ්නයක් විය. තමන්ගේ දූෂණ බැසිල්ගේ දූෂණ සමග සැසඳිය නොහැකි යැයි ඔවුන් පැවසීමට ඉඩ ඇත.
එහෙත් සියයට එකකින් ගර්භණී වීමක් නැත. ගර්භනී නම් ගර්භනී මිස අඩු වැඩි වශයෙන් ගර්භනී වීම් නැත.

මේ අතර අන්තර්ජාලය. මුහුණක් නැති මුහුණු පොත ආදිය මගින් බොරු ප්‍රචාර ගෙන යන ලදී. පළමුව දරුවන් අතර පැතුරුණු
මේ කතා පසුව ඔවුන්ගේ දෙමව්පියන් අතර ද පැතිරිණි. ආණ්ඩුව විසින් ම ඇතිකරන ලද නැණසල ආණ්ඩුවට විරුද්ධව යොදා
ගැනිණි. ආණ්ඩුව මේ බොරු ප්‍රචාරවලට නිසි පිළිතුරු නො දුන්නේ ය. මෙරට ඇත්තේ කටකතා දේශපාලනයක් මිස
විශ්ලේෂණාත්මක දේශපාලනයක් නො වේ. ආණ්ඩුවට නිසි ප්‍රචාරක යාන්ත්‍රණයක් නො වීය. ජනමාධ්‍ය මෙහෙය වූ බැසිල්, ඩලස්
විමල් ආදීහු තම අනුගාමිකයන්ට පමණක් රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍ය ලබාදුන්හ. ඔවුන්ට ජාතිකත්වය මුල දී අමතක විය. ඔවුන්ට
ඒ මතක් වූයේ අවසන් සතියේ දී ය. ඔවුන්ගෙන් කටකතා දේශපාලනයට ද පිළිතුරු නො ලැබිණි.

ආණ්ඩුව වැට්ටවීමෙහි ලා බලපෑ පස්වැනි කරුණක් වූයේ විමල් වීරවංශගේ දේශපාලනය ය. මෙහි දී මා සඳහන් කරන්නේ
මධ්‍යම පාංතිකයන් ඔහුගේ කතා ගැන කියන දේ නො වේ. ඔහු සෝභිත හිමියන් සමග පසුගිය ජූනියේ දී පමණ එක්වී ඊනියා
සාධාරණ සමාජයක් ගැන කතා කළේ ය. ආණ්ඩුවට කරුණු දොළහක වැඩසටහනක් ඉදිරිපත් කර ජාතික හෙළ උරුමයට
ආණ්ඩුවෙන් වෙන්වන්නේ කෙසේ දැයි කියා දුන්නේ ය. රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් කතාවලට පණක් ලබා දුන්නේ ජාතික
නිදහස් පෙරමුණ ය.

ජා නි පෙ ඌවේ තනිව ම තරග කිරීමට ගොස් තම ශක්තිය මැනවින් දැක ගත්තේ ය. බදුල්ල දිස්ත්‍රික්කයේ ජා නි පෙ ලබාගත්
ඡන්දවලින් ඔවුන්ගේ ශක්තිය හෙළිදරවු විය. ජාතික හෙළ උරුමයට ද තනියම තරග කළහොත් ඒ සන්තෑසිය ම අත්වනු ඇත.
අද ඔවුන් ශී ්‍ර ල නි පක්‍ෂයට එකතු වීමට වළකි න්නේ ඔවුන්ට එ ජා ප සන්ධානයක තැනක් නොමැත ි නිසාත් තනියම තරග
කළහොත් ඇපත් නැතිවන නිසාත් ය. මේ පිළිබඳ පසුව වැඩිදුරටත් කතාකළ යුතු ය. ජා හෙ උරුමයේ නායකයන් හැමදාමත්
කළේ වෙනත් සංවිධානයකට බැඳී ඒ මෙහෙයවීමට උත්සාහ කිරීම ය. තමන්ට වඩා ශක්තිමත් නායකයකු සංවිධායකයකු ඒ
සංවිධානයේ සිටියහොත් ටීක කලෙකින් සංවිධානය අත්හැර යෑමත් නැතහෙත් සංවිධානයේ නායකයා ඉවත්කර තමන් ඒ තැනට
පත්වීමට මාන බැලීමත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය.

මෙරට ජාතික ව්‍යාපාරය දුර්වල කෙරුණේ ජා නි පෙ හා ජා හෙ උරුමය ඒ දේශපාලනීකරණයට ලක්කිරීම හේතුවෙනි. එහි
ප්‍රතිඵලය ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික ව්‍යාපාරය තම අතට ගැනීමට සමත්විය. අද ජා නි පෙරමුණට හෝ ජා හෙ
උරුමයට හෝ තනිව ම කළ හැකි කෙං ගෙඩියක් නැත. ජා හෙ උරුමය තමන්ට ජනපදනමක් නැති බව දනියි. ඔවුන් ශී ්‍ර ල නි
පක්‍ෂයට එකතුවීමට (ඒ පක්‍ෂය ප්‍රධාන කොට ඇති සංධානයේ දිගට ම සිටීමට) උත්සාහ කරන්නේ ඒ බව දන්නා බැවිනි.
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඉවත්කිරීමට යොදා ගැනුණු හයවැනි බලවේගය වූයේ අන්තර්ජාලය පරිහරණය කළ තරුණයන් ය.
බොරු ප්‍රචාරය කරන ගොබෙල්ස් ලා අන්තර්ජාලය වටා එක්වූහ. ඔවුහු තරුණ මනස් විකෘති කළහ. තරමක් ප්‍රසාරණය වී ඇති
මධ්‍යම පංතියේ ආකල්ප ද මෙහි දී යොදා ගැනිණි. මධ්‍යම පංතියේ බොරු සදාචාරය ඊනියා දූෂණයට භීෂණයට විරුද්ධ ව්‍යාජ
ආකල්ප නිර්මාණය කළේ ය. බොරු ප්‍රචාරය විසින් ද අන්තර්ජාලය මගින් ද මධ්‍යම පංතිය හැඩගැස්විණි. ඔවුන්ට ඊනියා
වෙනසක් අවශ්‍ය විය. වෙනස යන්න මධ්‍යම පාංතික ව්‍යාජ සංකල්පයකි. මධ්‍යම පංතිකයෝ ඊනියා වෙනසක් සඳහා විවිධ දේ
කරති. ඇමරිකානුවන්ට (බටහිරයන්ට) අවශ්‍ය ආකාරයට ඊනියා රෙජීම මාරුකිරීම ද එවැනි වෙනසකි. ඇතැම් මධ්‍යම
පංතිකයන් සිල් ගන්නේ ද වෙනසකට ය!

ඒ සියල්ල අවසාන වශයෙන් ගොනු කෙරුණේ විදේශීය බලවේග විසිනි. එය හත්වැනි බලවේගය විය. රෝ සංවිධානය ඇතුළු
ඔත්තු සේවා විසින් කරන ලද කාර්යය හෙළි වීමට බොහෝ කල්ගත වනු ඇත. අප රටේ දෙමළ ජාතිවාදය පෝෂණය කර එය
සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. අද ඔවුන්ට ඇමරිකාවේ සහාය ප්‍රධාන වශයෙන් ලැබෙයි.
ඒ අතර ඉන්දියාව ද අද ඇමරිකාව සමග ය. අනෙක් බටහිර රටවල් ඇමරිකාව සමග අත්වැල් බැඳගනියි. චීන විරෝධය මූලික
වශයෙන් ම ඇමරිකාවේ හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ඇතිකරන ලද්දක් විය. බටහිර යටත්විජිතවාදීන් සමග අත්වැල්
බැඳගන්නා එ ජා ප චීනයට විරුද්ධ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේ ය. ඇමරිකාවට හා ඉන්දියාවට ඊනියා රාජපක්‍ෂ රෙජිමය
පෙරළා දැමීමට එක් හේතුවක් වූයේ පසුගිය ආණ්ඩුව යටතේ ලංකාව හා චීනය අතර ආර්ථික සම්බන්ධතා ගොඩ නැගීම ය.
ඇමරිකාව හා ඉන්දියාව විසින් මෙරට ගිහි පැවිදි දේශපාලකයෝ රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධව යොදාගනු ලැබූහ. පසුගිය
අවුරුද්දක පමණ කාලයෙහි සිංගප්පුරුවට, ඉන්දියාවට, ඇමරිකාවට, ස්කැන්ඩිනේවියානු රටවලට ආ ගිය (වැඩම කළ) අය
ගැන සොයා බැලුවහොත් මේ පිළිබඳ හෝඩුවාවක් ලබාගත හැකිවනු ඇත.

බටහිරයෝ මෙහි දී ව්‍යාජ ගිහි පැවිදි සිංහල බෞද්ධ සංවිධාන ද යොදාගත්හ. ඒ සංවිධාන පිහිටුවා ගැනීමේ දී නෝර්වේ
රාජ්‍යයෙන් මෙන් ම මෙරට ව්‍යාජ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කරන දේශපාලන පක්‍ෂයකින් ද සහාය ලැබිණි. එහෙත් ඒ
සංවිධානවල පැවැත්මට ගෝඨාභය රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවට ප්‍රකාශ කිරීමට ආණ්ඩු විරෝධී ප්‍රචාරකයෝ කටයුතු
කළහ. ශී ්‍ර ල නි පක්‍ෂයට ලැබෙන දෙමළ හා මුස්ලමි ් ඡන්ද සුළු වුවත් එය තව දුරටත් අඩු කිරීමට මේ ව්‍යාජ සිංහල බෞද්ධ
සංවිධානවලට හැකි විය. සිංහල හෝ බෞද්ධ හෝ නම යොදාගත් පමණින් හෝ භික්‍ෂූන් වහන්සේලා සාමාජිකත්වය දැරූ
පමණින් සංවිධානයක් ජාතික සංවිධානයක් බවට පත් නො වේ. මේ සියල්ලන් විසින් ඊනියා යහපාලනයක් ඉල්ලා සිටිනු ලැබිණි.
සැබෑ ප්‍රශ්නය වූ රටේ ස්වාධීනත්වය, ඒකීය භාවය, යටත්විජිත විරෝධය යටපත්කර ඊනියා යහපාලනය ඉස්මතු කෙරිණි. ව්‍යාජ
බෞද්ධ සංවිධාන පමණක් සුළු ජන විරෝධයක් ගැන කතා කළේ ය.

මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු ය යන්න බටහිරයන්ගේ අදහස විය. ඔවුහු ද
ඔවුන්ගේ හෙංචයියලා හා හෙංචක්කලා ද කරු ජයසූරිය ගැන සිතූහ. එහෙත් ඔහු ආකර්ෂණීය නො වී ය. රනිල් ම ඊනියා පොදු
අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය වත තිබිණි. එහෙත් රතන හිමියන්ගේ හා ඉන්දියාවේ මැදිහත්වීමෙන් සිංහල බෞද්ධ
පෙනුමක් ඇති එහෙත් දෙමළ හා මුස්ලිම් ජනයාගේ ද ඡන්දය ලබාගත හැකි මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස
තෝරා ගැනිණි. අවසානයේ දී ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීම ය. එහෙත් ඉහත සඳහන් සියළු ප්‍රශ්න
මධ්‍යයෙහි රාජපක්‍ෂ මහතාට සිංහල බෞද්ධයන්ගෙන් 55%කට වඩා ඡන්දය දී තිබිණි. එය වැදගත් ය. ශී ්‍ර ල නි පාක්‍ෂිකයන් ඒ
බව මතක්කර ගත යුත ු ය. ශී ්‍ර ල නි ප හා එ ජා ප අතර ප්‍රධාන වෙනස ඇත්තෙ ් ජාතිකත්වය හා යටත්විජිත විරෝධය පදනම්
කරගෙන ය. ඒ පක්‍ෂවල ඊනියා ජාතික ආණ්ඩුවක් ඇතිකිරීමට නො හැකි ය. අප දෙමළ ජාතිවාදයට හා මුස්ලිම් අන්තවාදයට
විරුද්ධ වන්නේ අවසාන විග්‍රහයේ දී ඒ යටත්විජිතවාදයේ බළල් අතක් වී යටත්විජිත විරෝධී සිංහල ජාතිකත්වයට පහර එල්ල
කර රටේ ස්වෛරිභාවයට හා ඒකීයභාවයට තර්ජනයක් වන බැවින් ය යන්න සිංහල මෙන් ම දෙමළ මුස්ලිම් ජනතාවට ද
තවමත් තේරුම් ගැනීමට නොහැකි වීම ඛෙදජනක ය.

මෛත්‍රිපාල සිරිසේන ගමෙන් හා පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයෙන් පැමිණියත්, චන්ද්‍රිකා කුමාරතුංග රොස්මීඩ් පෙදෙසෙන්
හා ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් පැමිණියත් අද දෙදෙනාට ම අවශ්‍ය වී ඇත්තේ ඉන්දියාවේ සහාය ඇතිව එංගලන්තයේ හා
ඇමරිකාවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ය, ශී ්‍ර ල නි පක්‍ෂයේ ජාතිකත්වය නැතිකරි ීම ය. එමගින් යටත්විජිත විරෝධී සිංහල
ජාතිකත්වය මරා දැමීම ය. අද මෙරට මෙහෙයවනු ලබන්නේ ඇමරිකාව හා ඉන්දියාව විසිනි, ඔබාමා හා මෝදී විසිනි. රනිල්
ඔබාමාට අඳින අතර මෛත්‍රිපාල මෝදිට අඳියි. ළඟ එන මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති බවට පත්කර
නොගතහොත් ශ්‍රී ල නි පක්‍ෂයට හා සිංහල ජාතිකත්වයට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටත් මදිවනු ඇත.

13 Responses to “අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද”

  1. Christie Says:

    Namaste: It is Indian imperialism from Fiji to Guyana that is affecting us. It is Indian imperialists who got hold of Solomon West Ridgeway and funded him and set the policy agenda for him. 2005 India made an error of judgment by installing Mahinda. India got rid of him in 2015. Jai Hind

  2. Ananda-USA Says:

    Aiyoooo Sirisenaaaa …. Is this a PART of your balleyhooed “Yahapalanaya”??

    If you don’t ACT NOW as the Minister of Defence and President to SUSPEND the Northern Provincial Council and INDICT its members for TREASON, then you are UNWILLING & INCAPABLE of DEFENDING OUR Motherland!

    Defending the Nation is YOUR FIRST & HIGHEST DUTY; ACT NOW or RESIGN!

    Aiyoooo Sirisenaaaa ….. What are YOU DOING to our Motherland??

    …………………..
    Sri Lanka’s Northern Provincial Council adopts resolution calling for an international investigation on ‘genocide’

    ColomboPage News Desk, Sri Lanka.

    Feb 10, Colombo: The Northern Provincial Council in Sri Lanka Tuesday adopted a resolution calling for an international investigation into alleged acts of genocide committed against the Tamils during the war.

    Northern Province Chief Minister C.V. Wigneswaran presented an amended version of the resolution calling for an international inquiry on genocide against Tamils committed by the successive governments since the country’s independence from the British in 1948.

    The resolution notes that the obligation to prevent and punish genocide under the Genocide Convention is not a matter of political choice or calculation, but one of binding customary international law.

    In the resolution, the NPC has urged the team appointed by the UN High Commissioner for Human Rights to investigate the war in Sri Lanka, to comprehensively investigate and report on the charge of genocide in its submission to the UN Human Rights Council in March 2015.

    “During the war, government military forces engaged in deliberate aerial, artillery, and naval bombardment of civilian areas and also used prohibited weapons and ammunitions, such as cluster bombs. According to UN estimates, 60 – 100,000 Tamil civilians were killed over the course of the 27-year-long war. The large scale and severe nature of the genocide also forced many Tamils to flee the North East Provinces and seek refuge in Tamil Nadu and Western countries,” the resolution has stated.

    The resolution described that the case of genocide in Sri Lanka is unique among genocides in history because it occurred over several decades and under different governments before intensifying into a “no-holds-barred war” for nearly three decades and culminating in the mass atrocities of 2009.

    “It is accordingly vital that Sri Lanka’s historic violations against Tamils, in addition to the 2009 attacks, are addressed through an international mechanism in order to combat Sri Lanka’s institutionalized impunity,” it said.

    The resolution has further noted that the UN Security Council should refer the situation in Sri Lanka to the International Criminal Court for prosecutions based on war crimes, crimes against humanity, and genocide adding that alternatively or concurrently, domestic courts in countries that may exercise universal jurisdiction over the alleged events and perpetrators, including but not limited to the United States, should prosecute these crimes.

  3. Independent Says:

    ගරු මහාචාර්‍ය තුමනි,
    ඔබ කීවා “සරත් ෆොන්සේකා හමුදාව දක්‍ෂ ලෙස මෙහෙයවූ බව අපි පිළිගනිමු. එහෙත් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට කළ නොහැකි
    වූ දේ සරත් ෆොන්සේකාට කළ හැකි වූයේ ඔහුට මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු දේශපාලන නායකත්වයත් ගෝඨාභය
    රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු කළමනාකාරීත්වයත් හේතුකොට ගෙන ය. ”

    වඩමරච්චි මෙහෙයුම අවසානයේ දී කොටියන් පැරදී කොටුවී සිටියහ​​. එහෙත් පරිප්පු දමා රට ආක්‍රමණය කිරීමට ඉන් දියාව සූදානම් වී ජේ ආර් ට යටත් වීමට සිදුවුන බව ඔබට අමතකද ? කොබ්බෑකඩුවට යුද්ධය අවසන් කළ නොහැකි වුනේ ඒනිසා නොවේද ? එවිට මහින් ද රාජපක්‍ෂ සිටියා නම් වෙනසක් වෙයිදැයි අවංකවම ඔබ සිතනවා ද ?

    බොරුව හෝ තමන් ගේ පුද්ගලික මතය තහවුරු කිරීම පිනිස පිරිසිදු ඇත්ත නොකීම ඔබවැන්නෙකුට සුදුසු නැත​.

    Dear Hon Professor,
    You said Gen .S. Fonseka could finish the war which Mj Gen Kobbekaduwa could not, only because of MR’s leadership.
    I was in Sri Lanka when in 1987. LTTE was almost completely gone and were confined to 1 km sq when India invaded. JR + Kobbekaduwa too could have done it unless India intervened.
    We were very angry when this happened. There was curfew imposed. We were watching the TV, we heard there were protests and some people were shot but we did not see. They showed in the TV arrival of Gandhi. When he came through the guard of honour , my father 70 years old then said ” why can’t these guards give him a big whack ?” Within one second Wijemuni Rohana showed the anger of the Sinhala nation, not Mahinda Rajapakse. Where was he then ?

  4. Independent Says:

    I am not attached to any party except I sympathies more with SLFP than any other. I invite all to watch this very short video in order to get your memories refreshed.

    “https://www.youtube.com/watch?v=vrYsw09oRcE”

    You can see here JR categorically said without FEAR that India trained LTTE.
    I challenge all those who worship ex-president to give me just one clip showing he did the same without fear.

    Even though he is not at all a Nationalist (one who fights for සිංහල ජාතිකත්වය ) did the westerners support him ?

    But I fully agree with Prof. Nalin’s argument of Westerners anger with Sinhala and support of Tamils. It will always be there. We have to be morally immaculate as a nation , develop fast, be strong as nation to fight this evil. This cannot be done ex-president’s way of “to hell with morality and Sinhala Buddhist ness”. He grew more and more towards multi-faith multi race rather than Sinhala Buddhist Nationalism. We must accept this.

  5. Senevirath Says:

    කොබ්බෑ කඩු වට යුද්ධ කරන්නට ඉඩ නුදුන්නේ ජේ ආර් නම් ජනපතිය ඒ ඉන්දියාවට බයටය් ෆොන්සේකාට හැකිවුයේ මහින්ද ඉන්දියාවට වත් බටහිරටවත් බිය නොවී යුද්ධය දිගටම කරන ලෙස අ න කල නිසය් බටහිර රටවල් මහින්ද විනාශ කරන්නට හදන අවස්ථාවේ ඉන්දියාවට තිබුනා ලංකාවට ආයෙත් ”’පරිප්පු ”’ දමන්න මහින්ද ජේ ආර් මෙන් . බියගුල්ලෙක් වුනා නම් එයාකරන්න ඉන්දියාවට තිබුන හොඳම වෙලාව බට හිරයන් මහින්ද කොටුකරන්න සුදානම් වූ වෙලාවය්

  6. Independent Says:

    “Even though he is not at all a Nationalist (one who fights for සිංහල ජාතිකත්වය ) did the westerners support him ? ”

    Sorry, I mean JR here.

  7. Independent Says:

    සෙනෙවි අය් යා,
    බයගුල්ලා කවුදැය් මම ඔප්පුකර ඇතැයි සිතමි. හැකි නම් ඔබ මෙයට එක් සාක්කියක් දෙන්න​.

    යුද්ධය නිමා කළ ගවුරවය මහිඳ ට අනිවර්‍යයෙන්ම් දෙමු.

  8. Independent Says:

    ඔබ කියන්නේ වැරදි කතාවකි. ඉන් දියා වේ තත්ව දෙකම එක ද් ? රජීව් ඝාතනය අමතක ද ?
    සිංහලයෝ ඇත්ත කියති.

  9. Dilrook Says:

    The problem is not Ranil working for Obama (USA) and Sirisena/Chandrika working for India. The problem is Rajapaksas not working for China – the only counter to the two neo-colonial powers. Without such a counterweight, Sri Lanka cannot face this US-India hegemonic threat. Voters have understood this very well. Unless the Rajapaksas align with China and create an effective counter to USA-India, people will not vote for them to power as there is no use. It is essential economically, politically and geopolitically. Rajapaksas’ hunting with the Indian hounds and running with the Chinese hairs failed to win either side. A position must be selected and commit to it.

    I agree with Nalin that nationalists must make a comeback to steer the nation from disaster. Once again, those nationalists must be resourceful to do so. Without China, they are not in a position to do so. Sirisena has upped the ante by continuing Chinese projects. Rajapaksas must do better if they are to have a counter to US-Indian pressure.

  10. Independent Says:

    I agree with Dilrook, except I have no faith on Rajapaksas unless they really think about the country than doing rubbish- special effort needed to reduce excessive greed and it is very difficult.

    Another issue is China’s approach is very different to aggressive westerners. They are never confrontational because they are Chinese and have a different set of values more like ours minus the emotional attachment. They have a lot of beliefs and “Community first, individual nest” is a key principle. They are not going to aggressively support us if war like condition arise.

  11. NAK Says:

    Independent( “potapatalagena etha”)has got his wires crossed. It is much more complicated than that.
    Yes, if JR then stood firm and told India “even if you invade Sri Lanka I am going to finish Prabhakaran”and did it Indians would have no excuse to invade Sri Lanka.
    India only wanted to use the excuse of the Tamils to get security guarentees from JR that Trincomalee would not be given to the Americans after they were thrown out of the Philipines. That is why even today the Indians fear the abolition of the 13 A which in turn will make the 87 peace accord irrelevant and therefore null and void.

    Even though the Eelam struggle initially was India’s baby, the LTTE was not. LTTE was CIA from the inception and thats why they hoodwinked Rajiv in 87 when every one else obeyed Rajiv and that is why the Americans are bloody hopping mad with Rajapakse. He destroyed their 30 year old baby.

    JR was only a big talk no spine puppet. He allowed 83 riots, which was designed to deliver to LTTE manpower,money and international symapathy, to fester for more than a week until Indira threatened to intervene.
    By then the targets achieved. A diaspora of millions of people was created. Youth joined LTTE by the thousands and international community facilitated the LTTE as a freedom fighter to operate,collect funds and buy and ship weapons and ammunitions as they pleased.

  12. Independent Says:

    Nak,
    Sorry I don’t buy your story. Your CIA story is too old and completely useless for our country to progress. It is counter productive only. USA , CIA , so what ? We should do what we want , we should work hard for it with the rules accepted universally. MR showed it in 2009 but stopped after that. Why ? He got scared he would loose his luxury life.
    He started saying India is our brother and tricked China.

    Have you listened to that short clip ?

    How many of our stupid leaders said the truth in an interview like that by saying “this is not an ethnic conflict. This is a conflict created by some people who want to capture the whole of Sri Lanka, not a part” ?

    This Tamil issue is a product of Sri Lanka Tamils, (not USA or India) wanting to capture whole of Sri Lanka. Because since our independence they already had the whole country ( I mean economically and in governance ). Even in 1971 80% of medical and engineering uni intake was Tamil). 90% of head of departments were Tamil. Bandaranayake reversed it but took so long to get back.
    They always had sympathy of Tamil Nadu because of natural racism of Tamils. That is all.

    But Indira’s government supported LTTE in order to create trouble in SL because JR’s foolish way of handling international affairs. If he wanted to get US support then he should have arranged for that and get it endorsed by them before talking big. I remember said he will fight to death if India invaded us ( just an election talk, I was 20 feet away from him when he said that in Galle).

    JR did not planned created the mess of 13A he was forced. But MR had a much better chance to revoke it and he didn’t he played games with the war victory to personal gains.

  13. Independent Says:

    ඈත අතීතය අමතක කොට මේ වස්න්තය උදාවූ හැටි අපි නැවත සිහිකරමු.

    1. ජනාධිපති හදිසියේම ඇමෙරිකාවට යයි.

    2. පැමිනෙ වහාම මැතිවරණයක් ගැන කතා කර යි.

    3. රතන හාමුදුරුවෝ යෝජනා ගෙන එති. ජනපති එය ප්‍රතික්‍ෂේප කොට මැතිවරණයකට යයි.

    4. මෛත්‍රී පොදු අපේක්‍ෂක යා වෙයි.

    5. ඉන් දියන් ආරක්ශක ලොක්කා එයි. දෙදෙනාම හමුවෙයි.

    6. කොළඹ සිටි ලක්‍ෂ තුන හතරක දෙමළ ජනතාව එකාමෙන් එකමුතුවී , උදේ පාන් දර කොළඹ චන් දය දමා , එක් යාල්දේවී දුම්‍ රියකට සාඩින් තදකරා සේ තදවී , උතුරේ ගම්වලට ගොස් නැවතවරක් එහිදීද චන් දය දමා මෛත්‍රී දිනවති.

    7. මෛත්‍රී දිනන්ටත් පෙර රනිල් ජනපති උදේ 4-5 හමුවී ජනපති හෙලිකොප්ටරයෙන් දකුණට පැන යයි. පරාජය පිලිගැනීමේ කතාවක්වත් නොකරයි.

    8. ඇමරිකන් කුමන්ත්‍රණයේ ප්‍රථම පියවර වන දිනසීයේ වැඩපිළිවෙලට මහින් දගේ කැමැත්ත ඇතුව සහයෝගය දෙනබව කියයි.

    9. මෛත්‍රී දිවුරුම් දුන් වහාම මහජනයා පත්කළ ආණ් ඩුවක් තිබිය දීම එය සතයකට නොසලකා, කිසිකෙනෙක් නොසිතූ පරිදි රනිලුත් දිවුරුම් දෙයි. මහජනයා පත්කළ ආණ් ඩුව පැන යති.

    10. බැසිල් ඇමරිකාවට පැන යයි. එහේ යහතින් ඉඳියි.

    11. මහින් ද හා මෛත්‍රී රහස් හමුවකින් පසු ඇමරිකන් කුමන්ත්‍රණයේ ප්‍රථම පියවර වන දිනසීයේ වැඩපිළිවෙල සහය දීමේ එකම අනුප්‍රාය ඇතිව නායකත්වය මහින් ද මෛත්‍රී දෙයි.

    12. පාර්ලිමේන්තුවේ බහුතරය​, වෙන මොනම ප්‍රජාතන්ත්‍රවාදි රටක වත් නොවූ පරිදි , ලොව ප්‍රථම වරට​, මහින් ද හා මෛත්‍රී දෙදෙනෙකු ගේ ගිවිසුම පරිදි, විපක්‍ෂයවෙයි.

    13. ඇමරිකන් කුමන්ත්‍රණයේ පළමුවන අය වැයෙන්ම රජය පරාජය කිරීමේ හැකියාවක් තිබියදීම​, ඇමරිකන් කුමන්ත්‍රණයේ ප්‍රථම පියවර වන දිනසීයේ වැඩපිළිවෙල කිසිම විරුද්ධ්ත්වයක් විපක්‍ෂයෙන් නැති ව දියත් කරයි.

    අනේ දෙවියනේ අපේ සිංහල යෝ මෙතරම්ම මෝඩයෝද ? බොරු බන නොකියා මේ කුමන්ත්‍රණයේ සුලමුල හෙලි කිරීමට රජයට බල කර සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress