මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප පාලනය කිරීමට හැකි ද?
Posted on February 14th, 2015

නලින් ද සිල්වා

ශ්‍රී ල නි පක්‍ෂයේ විධායක සභාව විසින් ව්‍යවස්ථාවේ සුළු වගන්ති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත. ඒ අනුව හිටපු අගමැතිවරු ද පක්‍ෂයේ අනුශාසකවරු වෙති. ඒ හිටපු ජනාධිපතිවරුන්ට අමතරව ය. හිටපු අගමැතිවරයකු ලෙස සැලකෙන දි මු ජයරත්න ද ඒ අනුව පක්‍ෂයේ අනුශාසකවරයෙක් වෙයි. එහෙත් නිත්‍යානුකූලව ඒ මහතා තවමත් අගමැති ය. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. කැබිනට් මණ්ඩලයක් පවතිද්දී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුවනුයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙනස් වීම පමණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ සමග කැබිනට් මණ්ඩලය අස්වීමක් හෝ විසුරුවා හැරීමක් හෝ සිදු නො වේ. අනෙක් අතට නව ජනාධිපති කැබිනට් මණ්ඩලය අස්කළේ ද නැත. එබැවින් නීත්‍යානුකූල ව දි මු ජයරත්න මහතා තවමත් අගමැති මිස හිටපු අගමැතිවරයකු නො වේ. ඔහුට පක්‍ෂ අනුශාසකත්වයක් දැරිය නො හැකි ය.
මේ සංශෝධනවලට අමතර ව ශ්‍රී ල නි පක්‍ෂයේ නිලතලවල ද වෙනසක් සිදු වී ඇත. ඩලස් අලහප්පෙරුම මහතා භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් කෙරී ඇත. සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාතික සංවිධායක ලෙස පත්කෙරී ඇත. චන්ද්‍රිකා කුමාරතුංග නෝනා මැතිවරණ මෙහෙයුම් කමිටුවේ (එවැනි නමක් ඇති කමිටුවේ) සභාපතිනිය ලෙස පත්කෙරී ඇත. පක්‍ෂවල අනුශාසකවරු එවැනි කමිටු සභාපති තනතුරුවලට පත්කෙරෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් මෙයින් කියැවෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණයේ දී නාමයෝජනා නොලැබෙන බව ය. ඒ මහතාට හිතවත් යැයි සැලකෙන කිසිවකුට ද නාම යෝජනා නොලැබෙනු ඇත. කමිටුවේ ලේකම් විධුර වික්‍රමනායක මහතාට එතරම් බලයක් නොලැබෙන බව පැහැදිලි ය. 
විධායක සභාව කුමන තීරණ ගත්තත් ශී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාව එයට එකඟ නොමැති බව ඔවුන්ගේ උද්ඝෝෂණයෙන් පැහැදිලි ය. විධායක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාගැනීම තීරණ ගැනීමේදී බලපාන නමුදු සමස්ත ලංකා කාරක සභාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ප්‍රශ්නයක් නො වේ. පක්‍ෂයේ නව නිලධාරි මණ්ඩලයේ සාමාජිකයන් කවු දැයි යන්නවත් සමස්ත ලංකා කාරක සභාවට දැන්වීම නිමල් සිරිපාල විපක්‍ෂ නායක ප්‍රතික්‍ෂෙප කර ඇත. ඔහුගේ තර්කය වී ඇත්තේ ඒ කවුදැයි සමස්ත ලංකා කාරක සභාවට දැන්විය යුතු බව පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොවන බව ය. පක්‍ෂ ව්‍යවස්ථාවට මෙතරම් ගරුකරන විපක්‍ෂ නායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ව දි මු ජයරත්න මහතා අගමැති ලෙස හඳුනාගැනීමට ඉදිරිපත් නොවන්නේ ඇයි? 
පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන් ව නැත්තේ නිලධාරි මණ්ඩලය සමස්ත ලංකා කාරක සභාවට දැනුම් දිය යුතු බව ය. එහෙත් එසේ සඳහන් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ ද නො වේ. අනෙක් අතට නායකයන් නිලධාරි මණ්ඩලය කවරේ දැයි ජනමාධ්‍යවලට දන්වා ඇත. එසේ දැන්විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වේ ද? සමස්ත ලංකා කාරක සභාව පක්‍ෂයේ නිලධාරි මණ්ඩලය ගැන දැනගත යුත්තේ ජනමධ්‍යයෙනි. එය ඔවුන් ඒ ආකාරයෙන් දැනගන්නා බවත් එය පක්‍ෂයට කැළලක් බවත් සමස්ත ලංකා කාරක සභාවට අගෞරවයක් බවත් නායකයන්ට නො තේරෙන්නේ ද?
ඉතා පැහැදිලිව මෙහි දී සිදු වී ඇත්තේ නිලධාරි මණ්ඩලයේ ඇතැමුන් සමස්ත ලංකා කාරක සභාවෙන් එල්ලවන විරුද්ධත්වය බලහත්කාරයෙන් යටපත් කිරීමකි. මෛත්‍රිපාල  සිරිසේන ප්‍රධාන පක්‍ෂ නායකයන්ට මෙය දිගට ම කළ හැකි දෙයක් නොවන බව පැහැදිලි ය. අද මෛත්‍රිපාල නායකත්වය විසින් ශ්‍රී ල නි පක්‍ෂයේ ගෞරවය කෙළෙසා දමනු ලැබ ඇත. පක්‍ෂයේ ඇතැම් නිලධාරීන් ආණ්ඩුවේ ය. තවත් ඇතැමුන් විපක්‍ෂයේ ය. මෙය විගඩමක් ද? නායකයන් පක්‍ෂ සාමාජිකත්වය  සමග විගඩම් කළ යුතු නො වේ. 
මෛත්‍රිපාල සිිරිසේනත් නිමල් සිරිපාලත් තවත් ඇතැම් නායකයනුත් නොදැන සිටිය ද ශී්‍ර ල නි පක්‍ෂය උඩ සිට පහතට ක්‍රියාත්මක වන පක්‍ෂයක් නො වේ. පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා බලපාන්නේ පක්‍ෂයේ සුළු පිිරිසකට පමණ ය. අනෙක් අය පක්‍ෂයේ නායක නායිකාවන්ගේ යකඩ සපත්තුවට යටකළ හැකි නො වේ. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස අවශ්‍ය වෙයි. 
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 14

37 Responses to “මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප පාලනය කිරීමට හැකි ද?”

  1. Geeth Says:

    බෙලි කැපීම සහ පිටුපසින් පිහියෙන් ඇනීම දේශපාලනයේ මුලධර්මයකි. පස්චාත් යටත්විජිතවාදී මනස යනු බෙලි කැපීම හා පිටුපසින් පිහියෙන් ඇනීම ජීවීන්ට ජලය අත්‍යවශ්‍ය වී ඇතිවාක් මෙන් ජීවත්වීමටද අත්‍යවශ්‍ය දෙයක් බවට ස්වභාවික කරණයට ලක් කර තිබෙන මනසකි. මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොදැන සිටියා යැයි සිතීම අපහසුය. දැන් දැන් සිදුවන හා පෙනෙන දේ අනුව අපට වැටෙහෙන්නේ රාජපක්ෂ මහතාට තම පක්ෂය තුල මිතුරන්ට වඩා සතුරන් සිටි බවය. එය එසේ සිදුවූයේ කෙසේද යන්න සිතා බැලිය යුතු තත්වයකි.

    මා සිතන පරිදි බැසිල් රාජපක්ෂගේ අශ්ලීල ක්‍රියා කලාපය ඊට ඉමහත්සේ බලපා ඇති බව පෙනී යයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය වූ ” පක්ෂය හා රට දෙවනුවටත්, පවුල පළමුවටත්” පෙලගස්වීමද මීට බලපෑ අනෙක් කරුණ විය හැක. එක් උදාහරණයක් නම් බදුල්ල අතුරු මැතිවරණයෙන් පසු බැසිල් විසින් සුසිල්ට දුරකතනයෙන් කළ බැන වැදීමයි. එම අවස්ථාවේ බැසිල් අසල මහින්ද රාජපක්ෂ මහතා සිටි බව හෙළිවිය. මෙහිදී සුසිල් විසින් බැසිල්ට යහමින් කියා ඇතිබවද ජනමාධ්‍යයේ ද පලවිය. එහිදී සුසිල් කී කරුණු දෙකක් ජනාධිපති විසින් සැලකිල්ලට ගත යුතුව තිබිණි. එකක් නම්, පක්ෂයට යන එන මන් නැතිව තිබුණු කාලයේ හිටියේ කොහෙද යනවග සුසිල් බැසිල් ගෙන් ඇසීමය. දෙවැන්න, මැතිවරණ පරදින්නේ බැසිල් ගේ අමනා ක්‍රියාකලාපය නිසා මිස තමන් නිසා නොවන බව සුසිල් බැසිල්ට පෙන්වාදීමය.

    මෙහිදී රාජපක්ෂ මහතා විසින් කල යුතුව තිබූ පළමු කාර්යය නම් පක්ෂ ජෙෂ්ටයන් තුල මෝරමින් පැවති අතෘප්තිකර තත්වය ඉවත් කිරීමට පියවර ගැනීමය. දෙවැන්න නම්, තමා පෙනීසිටින දේශපාලන ප්‍රතිපත්ති නැවත ප්‍රකාශනයට පත්කර ඒවා ප්‍රතිෂ්ඨාපනය කොට, ප්‍රතිපත්තිමය පදනමක පිහිටා, තමා සතු පිල කුමක්දැයි මැනවින් හඳුනා ගැනීමය. එසේ වූවානම් පිල් බෙදීමට අවශ්‍ය අයට එසේ බෙදීමට හැකි වන්නේ ප්‍රතිපත්ති මතම පමණි. තෙවැන්න දේශපාලනයයි පවුලයි එකට පටලවා ගැනීමට තිත තැබීමය.

    රට තුල පවතී බැසිල් විරෝධය එතුමාට තේරුම් නොයාම ඉමහත් ප්‍රෙහෙලිකාවකි. මැතිවරණය නිමාවූ වහාම, රාජපක්ෂ මහතාව තවදුරටත් අර්බුධයට යවමින්, බැසිල් හොරෙකු මෙන් රටින් පලා යෑම ඉතාම කලාතුරකින් දැකියහැකි නින්දිත ක්‍රියාවක් බවද සඳහන් කල යුතුය.

    කෙසේ වුවද, මහින්ද රාජපක්ස මහතාට නැවත දේශපාලනයට ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම අවශ්‍ය නැත. එතුමා කල යුතු වන්නේ ජාතිකත්වයේ මාවත තෝරාගෙන තමාගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමයි. එහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කිරීම තමා කරන්නේයැයි ප්‍රතිඥාවක් එතුමාට දිය හැකිනම්, එජාප යට හා ශ්‍රීනිප යට යන එන මන් නැතිව යනු ඇත.

    ඉදිරියේදී අප වුවත් එතුමාට සහය වන්නේ, 13 අහෝසි කිරීම ගැනත් සංවර්ධනය පිලිබඳ ජාතික ප්‍රතිපතියකුත් අනුගමනය කරණ බවටත්, බැසිල් හා පී බී ජයසුන්දරලා වැන්නවුන් ගවා ගන්නේ නැති බවට එතුමා සහතිකයක් දෙන්නේනම් පමණි.

  2. Independent Says:

    “එහෙත් නිත්‍යානුකූලව ඒ මහතා තවමත් අගමැති ය. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. කැබිනට් මණ්ඩලයක් පවතිද්දී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුවනුයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙනස් වීම පමණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ සමග කැබිනට් මණ්ඩලය අස්වීමක් හෝ විසුරුවා හැරීමක් හෝ සිදු නො වේ. අනෙක් අතට නව ජනාධිපති කැබිනට් මණ්ඩලය අස්කළේ ද නැත. එබැවින් නීත්‍යානුකූල ව දි මු ජයරත්න මහතා තවමත් අගමැති මිස හිටපු අගමැතිවරයකු නො වේ. ඔහුට පක්‍ෂ අනුශාසකත්වයක් දැරිය නො හැකි ය.”

    – මහාචාර්‍ය නලින් ද සිල්වා

    සම්පූර්ණ ඇත්ත​. මම මේකම කිවුවාම උමතු වුනු ඇමරිකන් කාරයෙක් මාව කන්න යනවා, අඩො යකෝ කියනවා.

    කරුණාකර (මට නො වේ රටට​) මගේ තර්කකය ගැන සලකා බලන්න​.

    “විධායක සභාව කුමන තීරණ ගත්තත් ශී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාව එයට එකඟ නොමැති බව ඔවුන්ගේ උද්ඝෝෂණයෙන් පැහැදිලි ය.” – මහචාර්‍ය තුමා.

    සමස්ත ලංකා කාරක සභාව මෝඩයින් මෙන් උඩ පැනගෙන උද්ඝෝෂණ නොකොට මහින් ද හමුවිය යුතුය​. ඔහු හමුවී රහස දැන ගත යුතුය​. මහචාර්‍ය තුමාත් මේවා ලිය ලිය ඉන්නේනැතිව මහින් ද හමුවී මේ රහස් දැනගත යුතුය​.

    ඒ රහස නම් ,
    සක්සුදක් සේ මොනවට පැහැදිලිවෙ තිබෙන පහත දැක්වෙන ප්‍රශ්නනයි.

    1. චන් දය පැරදුනු වහාම , ආණ්ඩුව විනාශ කිරීමට හිටපු ජනපතිට ඒකාධිපති අයිතියක් නැත​. මෙය මහා අපරාධයකි.
    එසේ කිරීමට හේතුවක් ඇත​. කරුණාකර හෙලි කරන්න​.

    2. ශ්‍රී ල නි පක්‍ෂයේ ‍ව්‍යවස්තාවට අනුව නායකත්වය පැහැදිලිවම ඔබ අත තිබියදීම ඇමරිකන් ඉන් දියන් ආණ් ඩුව පවත්වාගෙන යාමට තවත් උදව් කොට​, ශ්‍රී ල නි පක්‍ෂයේ අධිපතිකම අත්තනෝමතිකව දැන් ජනපති තුමාට දුන්නේ ඇයි ?

  3. Independent Says:

    ගීත්,
    ඔබසමග සම්පූර්ණයෙන්ම එකඟ වෙමි.

    එහෙත් ඔබේ ප්‍රහේලිකා වලට පිලිතුරු ඔබම හිතා බලන්න​. මම එය හිතාබලා හුඟක් කල්. ඒනිසා මට නම් ඔය හාදයා ගැන ඇල්මක් නැත​.
    එසේම , ඇල්මක් ඇති අය, නායකයා බිහිකළ චන්ඩ​, පරුෂ, මැර දේශපාලන ක්‍රමයෙන් ප්‍රතිවාදියන් විනාශ කිරීමේ අසික්කිත අබෞද්ධ ක්‍රමය අත් හැර දමා ඔබ්කී පරිදි වැඩකළ හොත් හොඳයි.

    මගේ හැඟීමනම් අලුත්, තරුණ, අවංක නායකත්වයක් ලංකාවටත් , ශ්‍රී ල නි ප යටත් අවශ්‍ය බවයි.

  4. Christie Says:

    Namaste; There are lots of Indians in Badulla. Jai Hind.

  5. Senevirath Says:

    අලුත් තරුණ නායකත්වයක් අවශ්‍ය තමය් නමුත් ප්‍රභා මාරු මහින්දටය් මේ වෙලාවේ ජන කැමැත්ත ඒ කැමැත්ත තමය මේ වෙලාවේ ඒ ජා පෙ පරදවල රට රක ගන්නේ වෙන කෙනෙක්කුට මේ වෙලාවේ ඒ දේ කරන්න බහ මිනිස්සු තවමත මහින්දට ගරු කරන්නේ 2009 සිට බෝම්බ බය නැතුව ඉන්න සැලසු නිසය් හැබය් මහින්ද 13 හා පළාත් සභා අහෝසිකරන බවට සපත කර යලි ආවොත් වෙනස පැ තු අ යටත් සැබෑ වෙනසක් දැ නෙන නිසා ද්‍රෝහීන් අතුගා දැමිය හැකිය .

  6. Independent Says:

    එක මිනිහෙක් මැරුව නිසා තවමිනිහෙකුට ගරුකරන්නේ සිංහල බෞද්ධ නොවේ.

    මහින් ද ප්‍රභාව මැරුවේ නැත​. යුද්ධය නිමකළ ගරුත්වය තිබුනත් , මිනිසුන් මැරීමේ වැනිම වෙනත් අපරාධ කෙරීගෙන යාමට ඉඩදී බකන් නිලා ගෙන ඉඳී මෙන් එවැනි තත්වයක් දැන් නැත​.

  7. Senevirath Says:

    මහිදට විරුද්ධ දුෂණ වංචා සියල්ලම ඇත්ත වුනය් කියමුකෝ එත් මිනිස්සු එයාට තවමත් කැමති කොටි සමුල ඝාතනය කල නිසා තමන්ට ලැබුන සහනය නිසය් රනිල් චන්ද්‍රිකා රටට කල ද්‍රෝහිකම් සමග සසදන විටමහින්දගේ සහචරයින්ගේ දුෂණ වංචා නොසලකාහරීමට තවමත් මිනිස්සු ලාස්තිය් . අන්ගුලි මාලටත් හැකිවුනානම් ගිය මග අතහැර වෙනත් මගක යන්න ඊට අඩු නරක දේ කල මහින්දත් එසේ ක ලා නම් වැරදි හදා ගෙන පුනරා ගමනය කලොත් රටට යහපතක් ම වේ

  8. Independent Says:

    සෙනෙවි,
    වැරදි හදාගෙන එන්න මොහු බබෙක් නොවේ. මේ සියල්ල දැන දැන කල වැරදියි. දූෂන පමනක්ම නොවේ.

  9. Independent Says:

    සෙනෙවි,
    අංගුලිමාල හැදුවේ බුදුරජාණෝ. නලින් ද සිල්වා බුදුරජාණන් වහන්සේ නොවේ. මෙවැනි උපමා කියා බුදුරජුන්ටත් නිගා නොකරනු මැන​.මගේ ඇති නොසැලෙන ශ්‍රද්ධා වනිසා මෙය කියමි.

  10. Senevirath Says:

    18 වන දින මේ පෙ ඇතුළු අයගේ රැස්වීමේදී ”’ මහින්ද නැවත හදා ගෙන ”’නැවත කරලියට ගෙන එම ගැන ශ්‍රී ල නි පයන්ද දැනුවත් කිරීමේ කාර්ය භාරය කරට ගෙන කටයුතු කිරීමට නලින් ඉදිරිපත් විය යුතුය නලින් කරුණු ඉදිරිපත් කරන්නේ විමල් මෙන් කටකදිච්චි බසින් නොව තර්කානු කුලවය් මෙය අවශ්‍ය වන්නේ ශ්‍රී ල නි ප රැස්වීමේදීත් මහින්ද ඉල්ලා කල සටන ප්‍රබල බව පෙනුන නිසා ඔවුන් තවත් ”’උත්තේජනය කරවන්නය් ”’

  11. Independent Says:

    මිනිසුන්ගේ චන් ද ගැනීම පමනක් නොව රටට ආදරයකරන​, බුදුදහම පිලිපදින නායකත්වයක් සෙවීම වඩාත් වැදගත් විය යුතුය​.
    මෙය චන් ද ලෝභයෙන් දිනිය නොහැක​. ශීලයෙන්, යහපත්කමින් පමණක්ම දිනිය හැක​.

  12. Senevirath Says:

    සර්ව බලධාරී දෙවියන් මෙන් බුදුහිමි ”’විජ්ජා බලයෙන් ”’අන්ගුලුමාල හැදුවා නොවේ හැදුවේ ධර්මයෙනුය් ඒ ධර්මය හරියට කියාදී නලින් ලාඅ ඇතුළු අනිත් යටත් මේ කාරිය කරන්න පුළුවන් මහින්ද ඇහුම් කන් දෙන වානම් ඇහුම්කන් දෙන්නේ වැටී අමාරුවේ වැටුන වෙලාවෙය් රත්වූ යකඩය තලා නවාගන්න ලේසිය් බුදු දහම අනුව හද ගැහෙන්න බුදු හිමි ම අවශ නැහැ .

  13. Independent Says:

    “බුදු දහම අනුව හද ගැහෙන්න බුදු හිමි ම අවශ නැහැ “-

    ඔව්. ඒ ප්‍රඥාවේ හැටියටයි. කර්මයේ හැටියටයි. වයසේ හැටියටයි. ගුරුතුමාගේ දක්‍ෂතාවයේ හැටියටයි.

    එහෙත් බුදුවරයකුගේ බලය අවතක්සේරුකරන්න එපා. සාරාසන්කෙයිය කල්පලක්‍ෂයක් පෙරුම් පුරා ලබා ඇති බලය​.

    අංගුලිමාල මෙල්ල කරන්නට නලින් ද සිල්වාට​ නොහැක​.

    එක් බල ලෝභයක් දුරු කිරීමට තවත් බල ලෝභයක් සිතේ ගොඩ නැගීමෙන් කළ නොහැක​.

  14. Independent Says:

    “මම නැවතී සිතිමි. ඔබත් නවතින්න​”

    කී හැටියේ අංගුලිමාල නැවතී කල්පනා කලේය​. වැඩුනු ප්‍රඥාවක් ඇති ඔහු බන අසා සත්‍යාවබෝධය කලේය​.
    ඒ අවබෝධය ලෝභකම දුරුවීම තුලින් ලැබුනු එකකි.

  15. Geeth Says:

    independent හෙවත් නිදහස්කාමියා සහ සෙනෙවි වෙත,
    independent, ඔබ අසා තිබෙන්නේ වලංගු ප්‍රශ්න දෙකක් බව සැබෑ ය. එහෙත් මැතිවරණ පරාජයෙන් පසු අතෘප්තිමත් ඉහල ස්ථරයකින් යුතු පක්ෂයක නායකත්වයේ එල්ලී සිටීමට රාජපක්ෂ මහතා උත්සහ කලානම් උදාවිය හැකිව තිබු තත්වය ගැන සිතා බලන්න. පක්ෂයේ සිටින සියලු දේශපාලකයින් සිතන්නේ රට පිළිබඳව නොව තමා පිලිබඳවය. උදාහරණයක් ලෙස ගතහොත්, නිමල් සිරිපාල මහතා රාජපක්ෂ මහතාව පක්ෂයේ නායකත්වයේ තබා ගැනීම පිළිබඳව කිරා මැන බලන්නෙත්, සිතන්නේත් තමාගේ අගමැති වීමේ සිහිනයටත්, අනතුරුව ජනාධිපති වීමේ සිහිනයටත් මහින්ද පක්ෂ නායකත්වයේ සිටීම බලපාන්නේ කෙසේද කියා මිස, මහින්ද විනාශ කිරීමෙන් මේ මොහොතේ රටට සිදුවිය හැකි හානිය පිළිබඳව සලකා බලා නොවේ.

    අනික එම මොහොතේ මහින්ද පිළිබඳව ප්‍රබල මඩ ව්‍යාපාරයක් ගොඩනැගී තිබු අතර, එතුමාට අනපේක්ෂිතව උදාවූ තත්වය තුල, යුධ අපරාධ පිළිබඳව තමාව බටහිරට පාවා දෙන්නේ නැති බවට මෛත්‍රී ගෙන් සහතිකයක් ගැනීමටද උවමනාවෙන් සිටි බවත් අමතක කරන්න එපා. මෛත්‍රී දෙස හොඳින් බලන්න. ඔබට පෙනෙන්නේ අවංක දේශපාලකයෙකුද? මෛත්‍රී යුධ අපරාධ තුරුම්පුව තමාගේ දේශපාලන වාසියට යොදා නොගනීවියයි ඔබ සිතන්නේද?

    මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට එන්නේනම් මේ සියලු තත්වයන්ට මුහුණ දීමට බලාපොරොත්තු විය යුතුය. මෙවර ඔහුට දේශපාලනයට ආහැකි වන්නේ selfless ජන නායකයෙකු මිස තවත් එක කුට දේශපාලකයෙකු ලෙස නොවේ. ඔහු ආයුත්තේ ඉතිහාසය වෙනස් කිරීමේ අභිලාෂයෙනි. එනම් ජනතා ශක්තිය හා ඔවුන්ගෙන් ඔහුට ලැබෙන ආරක්ෂාව පිලිබඳ විශ්වාසයෙනි. ඔහු 13 වෙනස් කරන බවට ප්‍රතිඥා දී, ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහතිකයක් ජනතාවට ලභා දෙන්නේ නම්, ලක්ෂ ගණන් ජනතාව ඔහුගේ නිවස අසල කඳවුරු බැඳගෙන ඔහු ආරක්ෂා කරනු ඇත. එවිට යුධ අපරාධ බිල්ලන්ට ඔහු රැගෙන යාමට සිදුවන්නේ මහා ජන ඝාතනයක් සිදු කිරීමෙන් අනතුරුවය. ඔහු ජන නායකයෙකි. අහක ඉන්න පෙන්දන්ගෙන් ආරක්ෂාව ඉල්ලා බැගපත් වීම ඔහුට තරම් නොවේ. ඔහු සැබෑ ජන නායකයෙකු ලෙස කැප්පෙටිපොළ කෙනෙකු මෙන් මරණය පිළිබඳව තුට්ටුවකට වත් මායිම් කල යුතු නොවේ. හැකිනම් තමාව යුධ අපරාධ වලට අල්ලා දෙනලෙස වත්මන් රජයට අභියෝග කිරීමේ හැකියාවක් ඔහුට තිබිය යුතුය. මංගලලා මෛත්‍රී ලා ඉන්දියාව සහ බටහිර සමග දැන් තමාව කොටු කිරීමේ කුමන්ත්‍රණයක නියලී සිටිනී නම් ඒ බව ජනතාවට ප්‍රසිද්ධියේ කීමට ඔහුට හැකි විය යුතුය.

    ඉන්දියාවත්, බටහිරත් ඔහුට පිටුපසින් පිහියෙන් අනින ලද බව ඔහු දැන් දන්නෙහිය. එය දන්නා නිසා ඔවුන් සතුටු කිරීමේ වගකීමෙන් ඔහු නිදහස්ය. උතුරු නැගෙනහිර ද්‍රවිඩ චන්ද දායකයා ඔහුව කරපොත්තෙකු මෙන් පාගා දමා තිබේ. ඔහු අනවශ්‍ය තරමට ඇත පත ගෑ කොළඹ ආත්මයක් නැති තුප්පහියන් රැල ඔහුට වස දී ඇති බව ඔහු මැනවින් දනී. දැන් ඔහු නිදහස් මිනිසෙකි. මේ පරාජය ජාතියේ අනාගත මාවත වෙනස් කරන ආශිර්වාදයක් වියහැකි සිදුවීමක් බවට පෙරලීමට ඔහුට හැකි විය යුතුය. පරාජය ඔහු අත තිබෙන දෙවියන් විසින් ඔහුවෙත ලභා දෙන ලද වරයක් සේ සලකන්න.

    මා මේ කී දෑ ඔහු සැලකිල්ලට ගන්නේ නම්, ප්‍රථමයෙන්ම ඔහු ඔවුන්ගේ නිවසේ නම වෙනස් කරනු ඇත. කාල්ටන් Carlton වෙනුවට සිංහල නමක් නිවසට යෙදුවොත්, ඔහු selfless ජන නායකයෙකු ලෙස දේශපාලනයට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන බවට අපට දෙන ලද සංඥාවක් සේ එය පිළිගැනීමට අප බලාපොරොත්තු වෙමු.

  16. Independent Says:

    ගීත්,
    ඔබගේ තර්කය ඉතාම හොඳයි. (‘අතෘප්තිමත් ඉහල ස්ථරයකින් ‘ සිංහල නොගැලපෙන බවක් පෙනුනත්)

    එසේ කළ හැකිනම් මගේද සහයෝගය !

    ඔහු තම රජය ( ඇමති මඬලය​) පාවාදීමට හේතුව ඔබට තේරේද ?

    ඔහුට තනියම අස්වීයන්නට තිබුනි.

  17. Geeth Says:

    independent,
    ඔබ කියන දෙය සැබවින්ම මට නොතේරේ. මෛත්‍රී මැතිතුමා තකහනියේ ද්‍රවිඩ ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෙනෙකු ඉදිරියේ දිවුරුම් දී ජනාධිපති වූ අතර, එතුමාගේ අනුදැනුම හා ආශීර්වාදය ඇතුව, අහක හිටපු රනිල්වද අගමැති කල බව අපි දනිමු. ජනාධිපති විසින් එසේ නීති විරෝධී ලෙස තම අගමැති පත් කල විට, එයින්ම ආණ්ඩුව පෙරලා දැමෙන්නේ නැත්ද? මහින්ද ඇමති මණ්ඩලය අස් කලේ නැහැ නේ ?

  18. Independent Says:

    ගීත්,
    “එහෙත් නිත්‍යානුකූලව ඒ මහතා තවමත් අගමැති ය. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. කැබිනට් මණ්ඩලයක් පවතිද්දී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුවනුයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙනස් වීම පමණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ සමග කැබිනට් මණ්ඩලය අස්වීමක් හෝ විසුරුවා හැරීමක් හෝ සිදු නො වේ. අනෙක් අතට නව ජනාධිපති කැබිනට් මණ්ඩලය අස්කළේ ද නැත. එබැවින් නීත්‍යානුකූල ව දි මු ජයරත්න මහතා තවමත් අගමැති මිස හිටපු අගමැතිවරයකු නො වේ. ඔහුට පක්‍ෂ අනුශාසකත්වයක් දැරිය නො හැකි ය.”

    – මහාචාර්‍ය නලින් ද සිල්වා

    ඒ මහතා ඉතාම හොඳින් මෙය පෙන්නා දී තිබේ.

    එතුමා පමණක් පරාජය බාරගෙන ගියා නම්, ඊනියා ඇමෙරිකානු කුමන්ත්‍රණය එතනින්ම ඉවර යි.

    එහෙත් රනිල් සමග සාකච්චාකර රනිල් ට අගමැති කම දෙන්නට ඔහු ( MR) කටයුතු කලේ ඇයි ?

  19. Independent Says:

    මම කියන්නේ ඒ අවස්තාවේදී ඉතාම අසාධාරණ ලෙස ආත්මාර්ථකාමීලෙස , හොඳ නායකයකු නොකරන පරිදි කැබිනට් මංඩලයම රනිල්ට පාවා දුන්නේ ඔහුයි.
    අගමැතිගෙන් ඔහු ඉල්ලාඅස්වීමේ ලිපියක් ගන්නට ඇති. අනික් අයගෙන් ද ගන්න ඇති. නැතිනම් හෙට උනත් උසාවියට ගොස් මේ ඇමරිකන් ආංඩුව ගෙදර යැවිය හැක​. පාර්ලිමේන්තුවේ චන් දයෙන් ද ඇමරිකන් ආංඩුව ගෙදර යැවිය හැක.

    නොකරන්නේ ඇයි ?

  20. Geeth Says:

    independent,
    මොන දේශපාලන ගොබ්බයද එහෙම ගොන් වැඩක් කරන්නෙ? අනික එහෙම අස්වීමේ ලිපි අරන් තියෙනවනම් මෙලහටත් ඒක එළිවෙලා ඉවරයි. ඇත්ත වශයෙන්ම තර්කානුකුලව හිතන්න පුළුවන් දේ තමයි පක්ෂයේ ජෙෂ්ටයෝ ටික එකතු වෙලා මහින්දගේ හුලන් අරින්ඩ හිතාගෙන ආණ්ඩුව unp එකට බාරදුන්නය කියන එක. අනික එහෙම නොකලානම් මෛත්‍රී unp එකේ ජනාධිපටි ලෙස දිවුරුම් දීමේ භයානක කමත් තිබුනනේ. පක්ෂයේ ජෙෂ්ටයෝ ටිකට ඕන කලේ කොහොම හරි මහින්ද ගෙදර බැරිනම් හිරේ යවල හරි තමන්ගේ ආත්මාර්ථකාමී උවමනා ඉටුකර ගන්ඩ නේ.

    පාර්ලිමේන්තුවේ චන්දෙකින් දැන් තියෙන ආණ්ඩුව ගෙදර යවන එක තියෙන්නේ නිමල් සිරිපාල අතේ මිසක් මහින්ද අතේ නෙවෙයි නේ. නිමල් සිරිපාල ජඩයෙක් කියනඑක තේරෙන්නේ නැද්ද මනුස්සයෝ?

  21. Christie Says:

    Namaste: It was Indian interests that got SWRD in 1951. That was the first time India managed to divide the Sinhala vote. That brought in the environment that destroyed the Sinhalese and accelerated the improvement of Indians already privileged with the British. For those who keep attacking the West; you are mislead by Indian imperialist. Jai Hind.

  22. Independent Says:

    Geet,
    කේන්ති ගන්න එපා. බැඳීම අඩුකරාම ඇත්ත දැනගන්න පුලුවන්.

    “ඇත්ත වශයෙන්ම තර්කානුකුලව හිතන්න පුළුවන් දේ තමයි පක්ෂයේ ජෙෂ්ටයෝ ටික එකතු වෙලා මහින්දගේ හුලන් අරින්ඩ හිතාගෙන ආණ්ඩුව unp එකට බාරදුන්නය කියන එක. ” – මේක හරිය යි සිතියහැක​. එසේනම් නිමල් සිරිපාල පමණක් නොව වැඩිදෙනෙක්ම ජඩයෝ විය යුතුය​. එකෙක් දෙන්නෙක් හැරුනු විට අනික් ඔක්කොම මහින් ද ට විරුද්ධයි. ඒනිසා පක්‍ෂය තුල ( පහලම මට්ටමේ සාමාජිකයන් හැරෙන්නට ) ඔහුට කිසිම බලයක් නෑ.

    එසේනම් අලුත් පක්‍ෂයක් හදන එක හොඳයි. හැබැයි 20-25% කට වඩා චන් ද ගන්න හැකි යයි මට සිතන්න අමාරුයි. එසේ උනොත් UNP දිනන එක සිකුරුයි.මොකක් උනත් පාර්ලිමේන්තුවේ ඉතුරුවන්නේ UNP+ ජඩයෝ විතරයි. එහෙම නොකළහොත් ජඩයෝ වැඩියි,UNP අඩුයි. අගමැති ජඩයෙක්, නැත්නම් අගමැති UNP.

    මොකක්ද හොඳ ?

  23. Leela Says:

    තම තමන්ගෙ මොන මොන අවශ්‍යතා සඳහා උනත් මෙෙත්‍රිපාල මහතා ජනාධිපති ලෙස පත් කලේ ප්‍රධාන වශයෙන් එජප, ටිඑන්එ් සහ මුකො පක්‍ෂ වල පාක්‍ෂිකයනුයි. ශ්‍රිලනිප පාක්‍ෂිකයන් 57.5 ලක්‍ෂයක් චන්දය දුන්නේ මෙෙත්‍රිපාලට විරුද්ධවයි. එ් අනුව බලන කොට මෙෙත්‍රිපාල ශ්‍රිලනිප නායකත්වය බාරගැනීමම හාස්‍යයට කරුණක්. විරුද්ධ වාදීන් විසින් පත් කල ජනාධිපති සහ පෙඩරල් චන්ද්‍රිකා මෙහයවන ශ්‍රිලනිපට මහින්දට චන්දය දුන් ලක්‍ෂ 57.5 න් කීදෙනෙක් එන චන්දය්දී චන්දය දේවිද යන්න ප්‍රශ්ණයක්. අපේ ගෙදර අය නම් දෙන්නෙ නැහැ.

    ශ්‍රිලනිප පාක්‍ෂිකයින් පොඩ්ඩක්වත් කැමති නැහැ මෙෙත්‍රිපාල ජනාධිපති තුමා පාර්ලිමේන්තුවේ සුළුතරය අැති එජාපක්‍ෂයට රටේ පාලනය පවරල බහුතරය අැති ශ්‍රිලනිපක්‍ෂය රූකඩ විපක්‍ෂයක් කොරපු එකට. මංත්‍රිවරුන්ගෙ පැන්ෂන් එක ගැන කියල බලැක් මේල් කරල තමන්ගෙ න්‍යාය පත්‍රය ඉටුකරගන්න එක ප්‍රජාතන්ත්‍රවාදයද? ඔිවා තාවකාලික කෙරුම්. එ් මදිවට මෙෙත්‍රි තමන්ගෙ පාක්‍ෂිකයන්ට එජාපෙ තගාල ලවා තඩි බාවනව. එ්නිසා වෙන්න අැති විදුර කිව්වෙ “මෙෙත්‍රි එජාප සිරකරුවෙක් වෙලා” කියල. මොකක් උනත් එ් කථාව සහතික අැත්ත. අැත්ත කියනව නම් මෙෙත්‍රිට ලැබුනෙ පිනා චාන්ස් එකක්. රනිල්ට පින් දුන්නට අපට කමක් නැහැ අපිව බයිට් එකට ගන්න එකයි අපට දිරවන්නෙ නැත්තෙ. මෙෙත්‍රි කවදාවත් පෙන්නුම් කරල නැහැ එයාට පක්‍ෂයක් දිනුම් කනුව කරා මෙහයවන්න තරම් හැකියාවක් තියන බවක්.

    රාජිත චම්පික වගේ අවස්ථාවාදී දෙපත් නයි ශ්‍රිලනිප තනතුරු වලට අරක් ගත්තොත් ශ්‍රිලනිපටත් උන් හිටපු අනිත් පක්‍ෂ වලට වෙච්ච දේ වෙනව. අද ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගෙ සහ රටේ අවශ්‍යතාවය රට බේරා ගන්න එකයි. එ්කට එජාපය සහ රනිල් බලයට එන එක වලක්වන්න ඔිනා. එ්කට ඉස්සෙල්ලාම ශ්‍රිලනිප නාය යෑම වලක්වන්න ඔිනා. එ්කයි මහින්ද ශ්‍රිලනිප නායකත්වය රටේ ජනපතිට දුන්නෙ. මහින්දට වෙන විකල්පයක් තිබුනෙත් නැහැ. නමුත් එ් වැඩේ සිරිසේනලාට කරන්න ඔිනෙත් නැහැ කොරන්නත් බැහැ කියල දන්නෝ දන්නව. මොන වැරදි තිබුනත් අද දවසෙ එ්ක කරන්න පුළුවන් එකම නායකය මහින්ද විතරයි. එ්කයි දිනේෂ්ල වීරවන්සල මහින්දව ඉස්සරහට ගන්න හදන්නෙ. එ්ක තෙරෙන්නෙ නැත්තෙ විජිතමුනි වගේ අවස්ථාවාදීන්ට සහ මර්වින් වගේ කොටු වෙච්ච එවුන්ට සහ හිරුණිකා වගේ පුද්ගලික න්‍යාය පත්‍ර අැති අයට පමනයි.

    කාට කාටත් තම තමන්ගෙ තරා තිරම බලාගන්න පුළුවන් මහින්ද පාක්‍ෂකයින් සහ මඑපෙ වැනි පක්‍ෂ කොන් කොරල බුලත් කොලෙත් නැතිව අළුත් ලකුනකින් චන්දය ඉල්ලපු දාට. හැබැයි බේත ටෙස්ට් කරල ඉවර වෙනකොට ලෙඩා මැරිල තියෙයි. නිමල් සිරිපාලට නම් එ්කට කාරි නෑ මොකද එයාට උප අගමැති වෙන්න පුළුවන්නෙ. එ්ක මම දන්නෙ අපි එක පන්තියෙ හිටපු නිසා. සිරිපාල ගැන මට වැඩිය හොඳට බොඩිමේ හිටපු ජයවික්‍රම කියයි.

  24. Ananda-USA Says:

    Dear Charles, you said

    “Please do not bother with this idiots who do not know what they say and do. They have no idea that supporting this government is selling our country to the west. In thid government there are no patriots. They all have their personal agenda and that is it and what happens to the country and the innocent people ar not their concern.”

    I KNOW you mean well in your concern for me when you say this, but I DON’T AGREE that leaving these ENEMIES of Sri Lanka to comment UNCONTESTED without being held ACCOUNTABLE for all they did in the RECENT past to UNDERMINE & OUST the GOSL that Liberated, Reunified and was Rapidly Developing our Motherland is the RIGHT thing to do.

    They are NOT IDIOTS who know not what they say or do, but DEVIOUS CONNIVING CON-ARTISTES and AVOWED ENEMIES of our Motherland GEARING UP to REPEAT their PREVIOUS PERFORMANCE on the BACKS of the Sinhala MODAYAS!!!

    They INCESSANTLY MOCKED all the Patriots who blogged here, including YOU, in their STRATEGY to turn the VOTERS of Sri Lanka against the UPFA GOSL. After DOING THAT, they came here and CROWED about their SUCCESS in OUSTING that GOSL.

    That RAT “Facebook” Lorenzo who pretended to be a PATRIOT all these years, building up his “PATRIOT” credentials hiding under a TREACHEROUS SHEEPSKIN to strike at the CRITICAL MOMENT to HELP CREATE an EELAM for his TRUE SPONSORS, brought a LARGE TEAM of AGITATORS and AVATARS to LankaWeb to support his CAMPAIGN.

    In the Aftermath of the Election, in a MOMENT OF UNWISE BRAVADO & HUBRIS provoked by my CRITICISMS, “Facebook” Lorenzo disclosed many of his REGIME CHANGE ACTIVITIES …. websites and blogs hosted, Facebook and Twitter accounts maintained, teams of Propagandists fielded, and AVATAR accounts activated …. RIGHT HERE AT LankaWeb. That, you may RECALL, is what finally COMPELLED the LankaWeb Moderator to INTERVENE to RESTRICT his blogging ACTIVITIES. I had been WARNING LankaWeb readers to this danger of Lorenzo’s activities long before the LankaWeb Moderator came down hard on him!

    Nevertheless, he and his TEAM of AVATARS/AGITATORS are STILL COMMENTING at LankaWeb, and have even INVADED LankaWeb’s List of Article Contributors, as LISTED on LankaWeb’s Home page. I know this beyond reasonable doubt, having OBSERVED his antics for MANY YEARS on MANY FORA and through PERSONAL EXPERIENCE of his DISRUPTIVE ACTIVITIES at one of my own blogsites.

    Although his main blog-handle of “Facebook” Lorenzo at LankaWeb is NOW IRRETRIEVABLY EXPOSED & COMPROMISED, some of his AVATARS continue their campaign of creeping back to regain the confidence of the LankaWeb community by making seemingly Patriotic comments here and there, but CONTINUING to sow disaffection and doubt in the minds of unwary voters.

    LankaWeb Editor should know that at least TWO of the Authors on his List of Contributors listed on the LankaWeb Homepage are in fact AVATARS of “Facebook” Lorenzo himself planted at LankaWeb MANY YEARS AGO!

    ………………………..
    Let me now address why we should CONFRONT and OUST this VIRAL INFESTATION from LankaWeb, or at least POST WARNINGS to the UNWARY as I am now doing by CONFRONTING them!

    As you well know, there is a General Election that will be held in Sri Lanka in April, 2015, which the Patriotic Forces of Sri Lanka MUST WIN CONVINCINGLY, to protect our Motherland from the CONSEQUENCES of the Electroral Coup-de-Etat Engineered by the Anti-National Forces with SPONSORHIP of Foreign REGIME CHANGE artistes in the recent Presidential Election.

    Sri Lanka’s ENEMIES are GEARING UP …. even as I write … to REPEAT the PERFORMANCE of January 8, 2015 … by sowing DISAFFECTION, DOUBT, CONFUSION and BUCKETS of MUD at the candidates of the UPFA within the SLFP.

    They fielded an INTERNET enabled CAMPAIGN, of UNPRECEDENTED PROPORTIONS and similar those DEPLOYED to OVERTURN established governments in the Arab Spring fiasco, to achieve their PURPOSE that day. Are we, the Patriotic SONS & DAUGHTERS of Lanka, to turn the other cheek now for them to SLAP in CONTEMPT and DRAG OUR MOTHERLAND into the SAME SLAVERY to Foreigners, Separatists and their Greedy Paid Puppets that we emerged from in 2005?

    We are seeing these ENEMIES of Sri Lanka GEARING UP HERE to AGAIN DO WHAT they did leading up to January 8, 2015, offering honeyed words f wrongdoing my the My3 GOSL to disarm us and let them screw us again. Don’t fall PREY to this SIREN SONG by SERIAL TRAITORS. Should we let them REPEAT THAT PERFORMANCE AGAIN, or are we GOING TO HOLD THEM ACCOUNTABLE. and YELL with all of our strength, HELL NO! WE WON’T LET YOU DO THAT AGAIN!

    There is an old Sinhala saying that warns the STUPIDLY UNWARY “Raa Watunu Waley Dawal Watenna Epa Puthey!”

    HELL YES! Let us not FALL into the SAME PIT in BROAD DAYLIGHT that we STUMBLED into in the PITCH DARKNESS of the NIGHT!

    Let us SLICE these EELAMIST HYPOCRITES off at their KNEES with the CUTTING EDGE of our VERBAL SWORDS. Let us IDENTIFY & EXPOSE them, TAR & FEATHER them, and CHASE them from PILLAR to POST, with the CLEAR MESSAGE that “NEVER AGAIN DARE TO CON US” planted firmly on their SMELLY BEHINDS!

  25. Independent Says:

    ලීලානන් ද​,

    ගීත් ගේ තර්කයට අනුව අද ශ්‍රී ල නි ප යේ පාර්ලිමේන්තුවේ ඉන්නා (නිමල් සිරිපාල ඇතුලු) වැඩි දෙනෙක් මහින් ද එනවාට කැමති නැත​. ඒ බල ලෝභය නිසයි. මම ද එය ඇත්තයි සිතමි. (තර්කකය ඉහළ සඳහන් ය​).

    එසේනම් අලුත් පක්‍ෂයක් හදා ගැනීම හොඳයි.
    හැබැයි ඌ ඇන් පී ය + ශ්‍රී ල නි ප ය ට වඩා චන් ද ගත යුතුය​.
    මෙය ප්‍රායෝගික වැඩක් ද ?

  26. Leela Says:

    Independent,
    මගේ දැනුම් මට්ටමේ හැටිියට අද අලුත් පක්‍ෂයක් කොහෙත්ම ප්‍රායෝගික වැඩක් නෙවෙයි. නමුත් මහින්ද මුල් වෙලා හදන අළුත් පක්‍ෂයකට නම් යුඑන්පිට සහ ශ්‍රිලනිප වැඩිය කොහොම වෙතත් සැලකිය යුතු මට්ටමේ චන්ද ප්‍රමානයක් ගන්න පුළුවන් වේවි කියන එකයි මගේ අදහස. නමුත් මහින්ද අළුත් පක්‍ෂයක් හදන්නෙ නැති එකත් බොහොම පැහැදිලියි. එතකොට මොකක්ද මේ වීරවන්සල කරන්නෙ. මම හිතන්නෙ මේක මෙෙත්‍රි/චන්ද්‍රිකාගෙ ශ්‍රිලනිප මහින්දට නිසි තැන දිය යුතු බවට කරන තදබල බලපෑමක්. මොකද චන්ද්‍රිකාට ඔිනෑ මහින්ද විතරක් නෙවෙයි මහින්දට ගෑවිච්ච එවුන්ටත් නොමිනේෂන් නොදෙන්න. 18වනදා රැලිිය සාර්ථක වන තරමට චන්ද්‍රිකාට එ් වැඩේ කොරන්න බැරුව යනව. මම හිතන්නෙ එදා බත්තරමුල්ල ‘අපේ ගමේ’ තිබිච්ච ශ‍්‍රීලනිප සමස්ථ ලංකා කාරක රැස්වීමෙ ගාල ගොට්ටියෙන්ම මහින්ද නැතුව බැහැ කියන එ්ක පැහැදිලි උනා. මම හිතනව මේ රැස්වීම එ්න ඉස්තීර කරයි. මම රැස්වීම් වලට යන්නෙ නැහැ. නමුත් මේකට තව දෙන්නෙක් එක්ක යනව.

  27. Geeth Says:

    මම හිතන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් විදියකට. මගේ අදහසේ හැටියට මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වගේම චන්ද දායකයෝ හිතන්න ඕන දේශපාලකයෝ හිතන තාලෙට. මම කවදත් විරුද්ධ දෙයක් තමයි චන්න්ද දායකය අනුගාමිකයෝ හැටියට හිතීම.

    මේ වෙලාවේ අපි 13 අහෝසි කිරීමේ කොන්දේසිය අනුලන්ගනීය කොන්දේසියක් විදියට දේසපාලන සාකච්චා මේසයට ගෙන්න ඕන. මහින්දට එක කරන්නද පුළුවන් බව මට විශ්වාසයි. එතුමාට සිද්ධ වෙච්ච සියලු දේවල් ගැන හිතනකොට එය ඉටු කිරීමට අවශ්‍ය සියලු සාධක ඉටුවෙලා තියෙන්නේ. මෛත්‍රීට එක කරන්න කොන්දක් නැහැ කියන එක අපි දන්නවා. රනිල් කරන්නෙත් නැහැ. සිරිපාල ගොයියා කරන්නෙත් නැහැ. මේක කරයි කියල හිතන්න පුළුවන් එකම කෙනා තමයි මහින්ද. ඒ හින්ද මහින්දව තමයි ඉස්සරහට ගෙන්න ඕන. හැබැයි, 13 ගැන පැහැදිලි ප්‍රකාශයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කිරීමේ කොන්දේසියට යටත්ව.

  28. Geeth Says:

    අපේ මුළු පරපුරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා සියලු දේවල් නැති කරගත්ත මිනිස්සු. අපි පක්ෂයෙන් ගත්තු දෙයක් නැහැ. අපි පක්ෂයට දීල තියෙනවා මිසක්.අඩු තරමින් රක්ශාවක්වත් අපි අරන් නැහැ. එනිසා, ඔය දේශපාලකයින්ට වඩා පක්ෂයෙන් යමක් ඉල්ලා හිටින්ඩ අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මම පෞද්ගලිකව දෙසපාලකයෝ පස්සෙන් යන බූරු පැටියෙක් නෙවෙය්. නමුත් මහින්ද වගේම දෙවෙනි පරම්පරාවේ ශ්‍රී ලංකා පාක්ෂිකයෝ හැටියට අපි ඉල්ලා හිටින්නේ එක දෙයයි. 13 අහෝසි කරන්න, ගංගා නිම්න පදනම් කරගත් කලාප අනුව හෝ දිස්ත්‍රික්ක සභා මත පදනම්ම්ව බලය විමද්‍ය ගත කරන්න, ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන්න. මේක මහින්දට පුළුවන්, සිරිපාලට බැරි දෙයක්.

    මේ ඓතිහාසික කර්තව්‍යය ඉටුකරලා, රටට සදාකාලික සාමයක් සෞභාග්‍යයක් ලබාදීල ඉතිහාස ගත වෙන්න මහින්ද ලැහැස්තිද????????

  29. Geeth Says:

    The advantage of the declaration of repealing 13 by Mahinda is far reaching. Many UNP supporters and other party supporters will vote for the candidate (hopefully Rajapaksa) who pledges to repeal 13 is a definite result. That will even happen among the JHU supporters. By this way, president Mahinda Rajapaksa can make his defeat a boomerang to the conspirators, especially for India and the west. The entire conspiracy will be backfired. Let us make them eat their entire shit load.

  30. Independent Says:

    ගීත්,
    ඔබ ඉන්නේ කොහේද ? ඔබට මේ කර්තව්‍යය කරන්න හැකිද ?
    මේ ගැන ඔහුට කතා කර්න්න යන්නේ කව්ද ?

    13 අ කියන්නේ විනාශකාරී මෝඩ පලාත් සභා ක්‍රමයේ පදනමයි. බෙදුම් වාද යේ ද පදනමයි. මෙ ය නැති කිරීමට අලුත්ම ව්‍යවස්තාවක් ගෙනෙ ඒමට සිදුවනු ඇත​. නැත්නම් ඉන් දියාව සමග ඇරගන්න ලෑස්තිවිය යුතුයි. මේ අවස්තාවේ එයකළ නොහැකි බව මහින් ද උනත් සාධාරණව ඔබට කියනු ඇත​.
    ඒනිසා අලුත්ම ව්‍යවස්තාවක් ඉල්ලීම හොඳ යි.
    මෙතුමා ගැන අබමල් රේනුව්ක වත් විශ්වාසයක් නැති උනත් ඔබේ ඒ උතුම් අදහසට මගේ උපරිම සහයෝගය දෙමි.

  31. Independent Says:

    ගීත්,
    මෙය කිවුවා විතර යි. මෝඩරේටර් තුමාගේ ග්‍රහනයට මාවත් අසුවී ඇත​.

    ඊලඟ මැතිවරණ යෙන් පසු හමුවන තුරු
    ඔබසැමට තෙරුවන් සරණයි.

  32. Independent Says:

    Dear Moderator,
    Please allow my previous comment, ( even with changes, if you think).
    Moderator – I have not deleted any of your comments

  33. Ananda-USA Says:

    Geeth,

    For your safety, don’t reveal any personal details the “Ado Yakko Dependent” asks for; he is not what he seems to be but an AVATAR of Ado Yakko “Facebook” Lorenzo!

    These BUGGERS are gathering DATA on Patriots … don’t REVEAL ANYTHING PERSONAL!

  34. Independent Says:

    සිංහල බසින් ලියාගැනීමට තරම්වත් ආත්මශක්තියක් නැති ශ්‍රී ලාංකිකත්වය අමෙරිකන් පුරවැසිභාවය සඳහා පවාදුන් අධම මෝඩයෙක් රට ජාතිය බේරාගැනීමට යතුරුපුවරුවෙන් අභීතව සටන් වැදී සිටියි. පුලුවන් නම් සිංහලෙන් ලියන ලෙස ඔබට අභියෝග කොට මා නිහඞ වෙමි. ඔබේ හැසිරීම ඔබේ නායකයා පිලිඹිබු කරයි.

    ඔබටද​ තෙරුවන් සරණයි.

  35. Geeth Says:

    Ananda-USA,
    Thank you very much Ananda.

    Ananda, as Buddhists, can we try to tolerate different opinions while having tough arguments to the depths of matters. By confronting different views, at times we can identify our challenges and definitely find solutions as well. If we hear same voices all around us, we may get lost without even knowing the other side of the coin. Besides, if there is no lively arguments, this forum becomes boring isn’t it.

    Thanks Ananda, I appreciate your invaluable contribution. You are a true patriot. Thanks for good work.

  36. Lorenzo Says:

    Geeth and Independent

    CHEST PUMPING+THUMPING “patriots” here have NO CLUE or WORKING CONTACT with GR or MR but I have. Even Ananda-USA knows it!!

    But I have some BAD NEWS for you. MR has NO intention to come back to politics. He is DISGUSTED but as usual NEVER blames anyone else. The ONLY instance he will come to politics is IF the people who stood by him are affected badly. He will NOT contest outside the SLFP. Don’t be fooled by the NFF-PJHU-MEP-LSSP rally on Wednesday. They are trying to ensure their seats USING MR.

    So the first thing to do is to GET HIM INTO ACTIVE POLITICS once again by showing him that people who stood by him are SUFFERING. Otherwise we have to get GR (less convincing to do as he ALREADY wants to scrap 13).

    So my suggestion is to get GR into active politics from the NFF-PJHU-MEP-LSSP group as SLFP will NEVER give him nominations. IF GR gets PARLIAMENTARY PRIVILEGES he can be saved from CID questioning and other BS harassments too.

  37. Independent Says:

    Lorenzo,
    It is strange that only you and me “drohiyas” have contacts.

    Anyway I have never used this contact, no intention to talk to him too. I am convinced he is the not the man who can do good for our country. But I offered this as Geeth was trying hard to do something with good intention and on what he believed right. A new constitution which does not divide the nation using spoken languages is a must. Sinhala and Buddhism shall be the only official entities should also be a must.
    MR will never do it. He is not the type. I know this personally, that is why I am a drohiya and bared free speech for no other reason.

    I cried today. Reading the following.

    “මා වසර කිහිපයක්ම යුද්ධය සමග ජීවත්ව ඇත. සෙබලූන්ගේ නරක්වු සිරුරු හා මියගිය LTTE සාමාජිකයන්ද මම දැක ඇත්තෙමි. මම සියලූ පුද්ගලයින් අපේ මේ භූමියේ පුතුන්ය. යුද්ධයේ අවසන් දින කිහිපය අතිශය කම්පනය ගෙන දෙන සුළු විය. මානව දුක්පීඩාවන් දෑසින් දුටුවෙමි. මා ඇති තරම් ලේ දුටුවෙමි. සැපට කොළඹ සිට යුද්ධය වෙනුවෙන් ආවඩන පුද්ගලයින් මෙහි සිටිය යුතුව තිබින. යුද්ධය යනු ඇත්තෙන්ම කුමක්දැයි එවිට ඔවුන් වටහා ගනු ඇත.

    මිරිගුවක් පසුපස හමාගිය දෙමළ සිවිල් ජනතාවට මම අනුකම්පා කළෙමි. පාසල් ශිෂයයෙකු ලෙස 16 හැවිරිදි වියේදී මා ප‍්‍රථම වරට යාපනයට පැමිණි විට දෙමළ ජනතාවගේ කරුණාවන්ත භාවය මම දුටිමි. යාපනේ වැසියක් උගත් හා සංස්කෘතිය රකින පිරිසක් විය. ප‍්‍රචණ්ඩකාරීත්වයෙන් බැහැරව පෝෂනය වූ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් ඔවුන්ට තිබින. 1970 මුල් භාගයේදී ගැටුම් පැන නැගී විට එය ඉතා දැඩි ලෙස වෙනස් විය. එවි මා හට ආපසු උතුරට පැමිණීමට සිදුවූයේ යුද්ධයේ ආම්පන්න සමඟය.

    උතුරේ දෙමළ ජනතාවට යුද්ධය හේතු කොට ගෙන මිලකල නොහැකි අන්දමේ වටිනාකම් අහිමි කරනු ලැබීය. ඔවුන්ගේ දේපල විනාශ විය. ළමුන් බලාත්කාරයෙන් LTTEට බදවා ගන්නා ලදී. ඔවුන් මරණය හා පූර්ණ ාබිඳවැටිමටද මුහුණ දුන්නේය. ඔවුන්ට දිළිදුබවින් යුතුව දිවිගෙවීමට සිදුවිය. දෙමළ ඩයස්පෝරාව හා අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන මගින් උතුරට පොම්ප කරන ලද ඩොලර් මිලියන ගණන් වලට කුමක් සිදුවීද? වන්නියේ ජනතාවට යටිතල පහසුකම් නොතිබිනි. ජනතාව මන්දපෝෂණයෙන් පෙලූනි. එම මුදල් උතුර සංවධ_නය කිරීම සඳහා යෙදුවේ නම් මේ වන විට කුඩා සිංගප්පූරුවක් එහි ගොඩනැංවීමට ඉඩ තිබුණි.

    යුද්ධය නිමාවීම ගැන මම සතුටු වෙමි. අප විසින් දැන් උතුර පුනරුත්ථාපනය කොට, ජාතීන් අතර සාමකාමී සහජීවනයක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු වේ. අපගේ නොවැදගත් වග_වාදී වෙනස්කම් අමතක කොට දෙමළ සහෝදරයන් සමඟ සාමය උදෙසා කි‍්‍රයා කළ යුතු වේ. එසේ නොවුවහොත් තව වසර 20 ක් ඇතුලත නැවතත් ලේ වැගිරෙන සටන් ඇතිවනු ඇත….. ”

    This was not written by a “drohiya”.

    “මා ඇති තරම් ලේ දුටුවෙමි. සැපට කොළඹ සිට යුද්ධය වෙනුවෙන් ආවඩන පුද්ගලයින් මෙහි සිටිය යුතුව තිබින. ” ( I have seen enough blood. People who applaud , war comfortably living in Colombo should have been here )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress