දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -1
Posted on February 15th, 2015

නලින් ද සිල්වා

මෙය මහාරජ ගැමුණු චිත්‍රපටිය පිළිබඳ කෙරෙන ඊනියා සිනමා විචාරයක් නො වේ. මෙය එම චිත්‍රපටියේ සංස්කෘතික හා දේශපාලන අර්ථකථනයකි. නැත, නැත මෙය අර බොරු කියවීමක් ද නො වේ. කියවීම් ඇත්තේ අනුකාරක පුහු පඬියන්ට ය. මා ඔවුන්ට ගරහන බව සැබෑ ය. ඔවුන්ට ගරහන්නේ නැතිව මා අතපය හකුළාගෙන සිටිය යුතු ද? කිසිම කලා කෘතියක් මතවාදයකින් දර්ශනයකින් වෙන් නො වේ. වෙන්කිරීම බටහිරයන් යොදා නොගන්නා එහෙත් අනෙක් අයට නිර්දේශ කරන බොරුවක් පමණකි.  මතවාදයක්, දර්ශනයක් නැති කලාකරුවකු එදා මෙදා තුර ජීවත් වී නැත. කලා විචාරකයෝ ද එබඳු ම වෙති. ඔවුන්ගේ ඊනියා කලා විචාර පිටුපස ඇත්තේ දර්ශනය ය, මතවාද ය, දේශපාලනය ය. එහෙත් ඔවුහු ප්‍රබුද්ධ විචාරකයන් ලෙස පෙනී සිටිති. පසුගිය කාලයේ සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීම සඳහා සිනමා කෘති නිෂ්පාදනය වනු අපි දුටුවෙමු. ප්‍රබුද්ධ යැයි කියාගන්නා ඊනියා කලා විචාරකයෝ ඒ කෘති මහත් ඉහළින් වර්ණනා කළහ. ඒ කෘතිවලට ඊනියා ජාත්‍යන්තර සම්මාන ද ලැබිණි. මේ සියල්ල බටහිරයන්  විසින් මෙහෙයවනු ලැබූ ජාත්‍යන්තර ය, නැතහොත් බටහිර මතවාද විසින් හසුරුවනු ලැබූ ජාත්‍යන්තර ය. අද ඊනියා ප්‍රබුද්ධ කලා විචාරකයකු බවට පත් වී සිටින ලියනගේ අමරකීර්තිට කලාකෘති හා දෘෂ්ටිවාද මැයෙන් ප්‍රසිද්ධ සංවාදයකට එළඹෙන ලෙස ආරාධනය කරමි. එය අනුකාරකයන්ගේ පාරාදීසය වූ පේරාදෙනියෙහි ම පැවැත්විය හැකි ය. ඒ අතර බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් සංවාදයකට එළඹීමට ගීිනි පෑගීමෙන් ප්‍රසිද්ධියට පත් කාලෝ ෆොන්සේකාට ආරාධනය කරමි. 
 
මම සිංහල බෞද්ධයෙක්මි. මෙරට සිංහල බුද්ධාගමක් ඇත. එය බුදුන් වහන්සේ දෙසූ බුදු දහමවත් මිහිඳු හිමියන් මෙරටට ගෙනා බුදුදහමවත් නො වේ. සිංහල බුද්ධාගමෙහි නිවනක් ගැන කියැවෙයි. එහෙත් එය බුදුන් වහන්සේ දෙසූ නිවන යැයි මම මොහොතකටවත් නො සිතමි. ඒ මට නිවන අවබෝධ වීම නිසා කියන්නක් නොව මට සිතෙන නිවන දැනුම හා බැඳී තිබේ යැයි මා විශ්වාස කරන බැවින් කියන්නකි. නිවන අවබෝධ කිරීමට මා පිළිබඳ දැනුම ද ඇතුළු සියළු දැනුම් අත්හැරිය යුතු ය. ඒ බොරු බව අවබෝධකර ගත යුතු ය. ඒ දැනුම් අතර බටහිර විද්‍යාව මෙන් සෘජු දැනුම් නොවන, ප්‍රත්‍යක්‍ෂ නොවන, පට්ටපල් බොරු ද වෙයි. පට්ටපල් බොරු යම් සාර්ථකත්වයකට පත් වූ හිතළු වෙයි. වක්‍ර දැනුම් වූ බටහිර විද්‍යාව වැනි පට්ටපල් බොරු හිතළු වන අතර අනෙක් දැනුම් මනසෙන් (ඇතැම් විට පංචෙන්ද්‍රියන් ඇසුරෙන්) ඇතිකර ගන්නා ප්‍රත්‍යක්‍ෂ හෙවත් සෘජු බොරු වෙයි. නිවන ද ප්‍රත්‍යක්‍ෂයක් වෙයි. එහෙත් එය මනසෙන් ඇතිකර ගන්නා ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. නිවන පෘථග්ජන මනසෙන් අවබෝධ කරගත හැකි නම් එය ද බොරුවක් විය යුතු ය. මනසට කළ හැක්කේ වක්‍ර හෝ සෘජු බොරු ගෙතීම ය. මේ පිළිබඳ විස්තර කාලය වෙබ් අඩවියෙහි (තතත.කඅලඅයඅ.ඔරග) ඉඩ ලැබෙන පරිදි පළ කරමි. 
 
මහාරජ ගැමුණු චිත්‍රපටියෙන් කියැවෙන්නේ විසිවැනි සියවසට පෙර මෙරට තිබූ හා දනෙටත් අඩු වැඩි වශයෙන් පවතින සිංහල බුද්ධාගම, සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ කටු සටහනකි. සිංහල බුද්ධාගමට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාලයේ සිට විවිධ අංග මුසු වී ඇත. මිහිඳු හිමියන් සමග මෞර්ය සංස්කෘතිය ද මෙරටට පැමිණියේ ය. දේවානම්පිය තිස්ස රජුගේ දෙවැනි අභිෂේකයෙන් කියැවෙන්නේ යක්‍ෂ සංස්කෘතියට අභියෝගාත්මක ව මෞර්ය සංස්කෘතිය මෙරටට සංක්‍රමණය වීම ය. මේ සංස්කෘතින් දෙක අතර ගැටුම, තාවකාලික ව ගැමුණු රජුගේ කාලයේ දී සමනය වී, එහෙත් පසුව අඩු වශයෙන් බටහිරයන් මෙරට ආක්‍රමණය කිරීම තෙක් පැවතියේ ය. මෞර්ය සංස්කෘතිය සමග දහමක් ලෙස අපට ථෙරවාදය ලැබිණි. ඉංගිරිසින් පාසල් පිහිටුවීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතියට ඉංගිරිසි සංස්කෘතිකාංග ද මුසු වී ඇත. 
 
ගැමුණු රජු මගේ වීරයා වන්නේ ඇයි? ඔහු දුටුගැමුණු වූයේ ඇයි? අද භාෂාවෙන් කියන්නේ නම් එදා පැවතියේ, එකල ප්‍රචාරය කර තිබූ මතය අනුව දුෂ්ට ගාමිණී හා මිස්ට එළාර අතට සටනකි. ඔහු කළ දුෂ්ටකම කුමක් ද? පියාට ගැහැණු ආභරණ යැවීම ද? ගැමුණුගේ දුර්වලකම් තිබෙන්නට ඇත. එහෙත් අපේ ඉතිහාසයේ දුෂ්ට යන විශේෂණය හිමිකර ගත් එකම රජු වීමට තරම් ඔහු දුෂ්ටකමක් කළේ ද? ඔහුට දුෂ්ට යන්න පටබඳින ලද්දේ මිස්ට එළාරගේ පුරෝහිතයා ප්‍රමුඛ හෙංචයියන් විසින් ද? මා සූදානම් වන්නේ් මහින්ද රාජපක්‍ෂ ගැමුණු රජුගේ තත්ත්වයට නැංවීමට නොවන බව අවධාරණය කළ යුතු ය. එහෙත් මහින්දට වඩා දූෂිතයන් මෙරට බුසල් ගණනින් මැනිය හැකි බව දනිමි. 
 
චිත්‍රපටියෙන් කියැවෙන්නේ සිංහල බෞද්ධ නොවන සංස්කෘතියක්  ගැමුණු රජු අතින් පරාජයට පත්වීම ය. මිස්ට එළාර මිස්ට ප්‍රභාකරන්ට වඩා සූරයකු වූ බව නිසැක ය. ඔහු කොහෙන් පැමිණියේ දැයි නිශ්චිතව කිව නො හැකි ය. එහෙත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව ධර්මිෂ්ට බවක් මවාගෙන මහවැලි ගඟ තෙක් රට පාලනය කර ඇති බව පැහැදිලි ය. ඒ ධර්මිෂ්ටකම ජේ ආර්ගේ ධර්මිෂ්ටකමෙන්වත් යහපාලනයෙන්වත් වෙනස් වන්නට ඇතැයි සිතිය නො හැකි ය. එළාර පරාජය නොවන්නට මෙරට කිනම් ආකාරයක් ගනු ඇත් දැයි සිතා බලන මෙන් ඉල්ලමි. අද අපට කතාකිරීමටවත් සිංහල බෞද්ධකමක් ඉතිරි වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම ගැමුණු රජු නිසා ය. ඉන් පසුව මතකයට එන්නේ විජයබා රජු ය. එහෙත් විජයබා  රජුට අගනුවර පොළොන්නරුවට ගෙන යෑමට සිදු විය. ගැමුණු රජු අගනුවර මාගමින්  අනුරාධපුරයට ගෙනාවේ ය. අප කොළඹින් පිටවන්නේ කවදා ද?
 
බටහිර මතවාදවලින් පෝෂණය වන ඊනියා ප්‍රබුද්ධයන් ගැරහුවත් සිංහල රජවරු බෝසතුන් වීමට උත්සාහ ගත්හ. අපට අග්බෝ නමින් ම රජවරු කිහිප දෙනෙක් වූහ. එහෙත් අපේ පළමු බෝසත් රජු වූයේ ගැමුණු රජු ය. චිත්‍රපටියේ එක් තැනක ගැමුණු කුමරු අපුරු වාක්‍යයක් කියයි. ඒ අනුව ඔහු අනෙක් අයගේ නිවන වෙනුවෙන් තම නිවන කල් දමා ගත්තෙකි. මේ බෝසත් දහමයි. සුමේධ තවුසාට දීපංකර බුදුරජුන්ගේ පාදමූලයෙහි නිවන් අවබෝධ කර ගැනීමට තිබිණි. එහෙත් එතුමා අනෙක් අය සසරෙන් එතෙර කිරීම සඳහා එසේ නො  කළේ ය. සසරෙන් එතෙර වීම ගඟකින් එතෙර වීම වැන්නක් නො වේ. සසරෙන් එතෙර වූ පසු සසර ද නැත, පහුර ද නැත, ඒ පිළිබඳ දැනුම ද නැත.
 
ගැමුණු රජු කළ තවත් දෙයක් ඇත. එය චිත්‍රපටියෙහි සාකච්ඡා නො වේ. ඒ යක්‍ෂ බුද්ධාගමත් මෞර්ය හෙවත් අශෝක බුද්ධාගමත් අතර, එනම් ඒ සංස්කෘතීන් අතර තාවකාලික වුවත් සමනයක්, අද භාවිතාවන වචන යොදා ගන්නේ නම් ඊනියා සංහිඳියාවක් ඇති කිරීම ය. නන්දිමිත්‍ර වැනි යක්‍ෂ බුද්ධාගමෙහි අර්ධ නාගයෝ ද,  සුරනිමල වැනි යක්‍ෂයෝ ද, ථෙරපුත්තාභාය වැනි මෞර්ය බෞද්ධයෝ ද මිස්ට එළාරගේ ධර්මිෂ්ට සංස්කෘතියට එරෙහිව එකම සේනාවෙහි සටන් කළහ. අද අපට එය කරගත නොහැක්කේ ඇයි? වාසනාවකට එළාර මෙරට පාසල් හා විශ්වවිද්‍යාල ඇති නො කළේ ය. අද අප අතර ඉංගිරිසින්ගේ පාසල්වලින් හා පේරාදෙනිය වැනි කසිකබල් විශ්වවිද්‍යාලවලින් බිහිවුණු (මගේ පාසල් මිතුරකුට අනුව උපන්) පුස්සෝ වෙති. ඔවුහු සමාජයේ පිළිගත්, එහෙත් සමාජයෙන් පළිගත්, ප්‍රබුද්ධයෝ ම වෙති. මේ ප්‍රබුද්ධයන්ගේ ප්‍රබුද්ධකම ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධවන තරමට වැඩි වෙයි. (මතු සම්බන්ධයි)   
      
නලින් ද සිල්වා
 
2015 පෙබරවාරි 15

3 Responses to “දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -1”

  1. Geeth Says:

    Dear readers, pardon me for going away from the main theme of the article. Since currently we all are experiencing a political turmoil in Sri Lanka, let me suggest the following proposals that we must bring onto the bargaining table for the winning of ex president Mahinda Rajapaksha back into reigns. Mahinda needs us, we need Mahinda, so we must come to a deal with him. However if he declares that he will abolish 13th and will adhere to national development policy based on the consensus of a national task force for a production oriented economy, then the UNP and the My3 faction will end up in the political wilderness. May the triple Gem bless Mahinda to be enlightened with this simple political wisdom.

    අපි මේ වෙලාවේ 13 අහෝසි කිරීමේ කොන්දේසිය අනුලන්ගනීය කොන්දේසියක් විදියට දේසපාලන සාකච්චා මේසයට ගෙන්න ඕන. මහින්දට එක කරන්නද පුළුවන් බව මට විශ්වාසයි. එතුමාට සිද්ධ වෙච්ච සියලු දේවල් ගැන හිතනකොට එය ඉටු කිරීමට අවශ්‍ය සියලු සාධක ඉටුවෙලා තියෙන්නේ. මෛත්‍රීට එක කරන්න කොන්දක් නැහැ කියන එක අපි දන්නවා. රනිල් කරන්නෙත් නැහැ. සිරිපාල ගොයියා කරන්නෙත් නැහැ. මේක කරයි කියල හිතන්න පුළුවන් එකම කෙනා තමයි මහින්ද. ඒ හින්ද මහින්දව තමයි ඉස්සරහට ගෙන්න ඕන. හැබැයි, 13 ගැන පැහැදිලි ප්‍රකාශයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කිරීමේ කොන්දේසියට යටත්ව.

    මෙවර මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ආයුත්තේ selfless ජන නායකයෙකු මිස තවත් එක කුට දේශපාලකයෙකු ලෙස නොවේ. ඔහු ආයුත්තේ ඉතිහාසය වෙනස් කිරීමේ අභිලාෂයෙනි. එනම් ජනතා ශක්තිය හා ඔවුන්ගෙන් ඔහුට ලැබෙන ආරක්ෂාව පිලිබඳ විශ්වාසයෙනි. ඔහු 13 වෙනස් කරන බවට ප්‍රතිඥා දී, ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහතිකයක් ජනතාවට ලභා දෙන්නේ නම්, ලක්ෂ ගණන් ජනතාව ඔහුගේ නිවස අසල කඳවුරු බැඳගෙන ඔහු ආරක්ෂා කරනු ඇත. එවිට යුධ අපරාධ බිල්ලන්ට ඔහු රැගෙන යාමට සිදුවන්නේ මහා ජන ඝාතනයක් සිදු කිරීමෙන් අනතුරුවය. ඔහු ජන නායකයෙකි. අහක ඉන්න පෙන්දන්ගෙන් ආරක්ෂාව ඉල්ලා බැගපත් වීම ඔහුට තරම් නොවේ. ඔහු සැබෑ ජන නායකයෙකු ලෙස කැප්පෙටිපොළ කෙනෙකු මෙන් මරණය පිළිබඳව තුට්ටුවකට වත් මායිම් කල යුතු නොවේ. හැකිනම් තමාව යුධ අපරාධ වලට අල්ලා දෙනලෙස වත්මන් රජයට අභියෝග කිරීමේ හැකියාවක් ඔහුට තිබිය යුතුය. මංගලලා මෛත්‍රී ලා ඉන්දියාව සහ බටහිර සමග දැන් තමාව කොටු කිරීමේ කුමන්ත්‍රණයක නියලී සිටිනී නම් ඒ බව ජනතාවට ප්‍රසිද්ධියේ කීමට ඔහුට හැකි විය යුතුය.

    ඉන්දියාවත්, බටහිරත් ඔහුට පිටුපසින් පිහියෙන් අනින ලද බව ඔහු දැන් දන්නෙහිය. එය දන්නා නිසා ඔවුන් සතුටු කිරීමේ වගකීමෙන් ඔහු නිදහස්ය. උතුරු නැගෙනහිර ද්‍රවිඩ චන්ද දායකයා ඔහුව කරපොත්තෙකු මෙන් පාගා දමා තිබේ. ඔහු අනවශ්‍ය තරමට ඇත පත ගෑ කොළඹ ආත්මයක් නැති තුප්පහියන් රැල ඔහුට වස දී ඇති බව ඔහු මැනවින් දනී. දැන් ඔහු නිදහස් මිනිසෙකි. මේ පරාජය ජාතියේ අනාගත මාවත වෙනස් කරන ආශිර්වාදයක් වියහැකි සිදුවීමක් බවට පෙරලීමට ඔහුට හැකි විය යුතුය. පරාජය ඔහු අත තිබෙන දෙවියන් විසින් ඔහුවෙත ලභා දෙන ලද වරයක් සේ සලකන්න.

    අපේ මුළු පරපුරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා සියලු දේවල් නැති කරගත්ත මිනිස්සු. අපි පක්ෂයෙන් ගත්තු දෙයක් නැහැ. අපි පක්ෂයට දීල තියෙනවා මිසක්.අඩු තරමින් රක්ශාවක්වත් අපි අරන් නැහැ. එනිසා, ඔය දේශපාලකයින්ට වඩා පක්ෂයෙන් යමක් ඉල්ලා හිටින්ඩ අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මම පෞද්ගලිකව දෙසපාලකයෝ පස්සෙන් යන බූරු පැටියෙක් නෙවෙය්. නමුත් මහින්ද වගේම දෙවෙනි පරම්පරාවේ ශ්‍රී ලංකා පාක්ෂිකයෝ හැටියට අපි ඉල්ලා හිටින්නේ එක දෙයයි. 13 අහෝසි කරන්න, ගංගා නිම්න පදනම් කරගත් කලාප අනුව හෝ දිස්ත්‍රික්ක සභා මත පදනම්ම්ව බලය විමද්‍ය ගත කරන්න, ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන්න. මේක මහින්දට පුළුවන්, සිරිපාලට බැරි දෙයක්.

    මේ ඓතිහාසික කර්තව්‍යය ඉටුකරලා, රටට සදාකාලික සාමයක් සෞභාග්‍යයක් ලබාදීල ඉතිහාස ගත වෙන්න මහින්ද ලැහැස්තිද????????

    මා මේ කී දෑ ඔහු සැලකිල්ලට ගන්නේ නම්, ප්‍රථමයෙන්ම ඔහු ඔවුන්ගේ නිවසේ නම වෙනස් කරනු ඇත. කාල්ටන් Carlton වෙනුවට සිංහල නමක් නිවසට යෙදුවොත්, ඔහු selfless ජන නායකයෙකු ලෙස දේශපාලනයට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන බවට අපට දෙන ලද සංඥාවක් සේ එය පිළිගැනීමට අප බලාපොරොත්තු වෙමු.

    The advantage of the declaration of repealing 13 is far reaching. Many UNP supporters and other party supporters will vote for the candidate (hopefully Rajapaksa) who pledges to repeal 13 is a definite result. That will even happen among the JHU supporters. By this way, president Mahinda Rajapaksa can make his defeat a boomerang to the conspirators, especially for India and the west. The entire conspiracy will be backfired. Let us make them eat their entire shit load.

  2. Ananda-USA Says:

    In Addition, there is now a Tamil Chief Justice presiding over the Supreme Court of Sri Lanka, READY, ABLE & WILLING to RUBBER STAMP ANY & ALL Proto-Eelam Devolution Proposals placed before him by Ranil’s UNP GOSL.

    Aiyoooo Sirisenaaa …. We will HOLD YOU RESPONSIBLE for the DISINTEGRATION of OUR MOTHERLAND!

    ………………………
    The FIVE STEPS to EELAM by Dayan Jayatilleka!

    Step One: As a definitive election analysis by experts proves, Mahinda Rajapaksa gets 58% of the vote of the Sinhalese who comprise 74% of the country’s populace, and only 13% of the vote of the minorities, and loses. Maithripala Sirisena gets 41% of the vote of the Sinhalese and 85% of the vote of the minorities and wins. (‘Deconstructing the Sri Lanka Presidential Election 2015 through Data Analysis’, Dr. Ranjiva Munasinghe and Ruwanthi de Silva, Daily FT, Friday Feb 13, 2015.

    Step Two: The President appoints as Prime Minister Ranil Wickremesinghe of the UNP, who promptly appoints a Cabinet which is almost totally UNP. Thus a person and a party which have neither won a national election nor demonstrated that they enjoy the confidence of the majority of the House, forms the government. This is unprecedented in a democracy.

    Step Three: A signature appointment by the new Government is that of the Governor of the Central Bank. The post is given to someone who is not a citizen of Sri Lanka (not a dual citizen) and has been for thirty years, right up until his appointment, a top executive of foreign private banks.

    Step Four: The unelected government and an ex-president push a draft of Constitutional reform which will overturn the executive Presidency and replace it with a parliamentary/Prime Ministerial Government, in which the President has to act ALWAYS on the advice of the Prime Minister and can be removed by a two thirds majority of the parliament—which is easily obtainable courtesy funding from the next Raj Rajaratnam who comes down the pike.

    Step Five: When the North makes its inevitable push, in line with its strategy of incremental separatism, the Presidency would have been deliberately, consciously enfeebled while a parliamentary government and cabinet resting on Northern political support, will be unable to successfully resist that effort, besides which an economy whose commanding heights are dominated by non-national elements (including the pro-secessionist Diaspora) and whose direction is dependent upon the Western institutions (we’ve already gone to the IMF), will be unable to withstand its impact.

  3. ranjit Says:

    Professor,Geeth,Dilrook,Charles keep on writing until the people of this country put something out of it in to their stupid heads. There are millions who do not care a damn about the country or about the future. Some are there who do not care about the food prices or what our politicians utter in platforms.

    We the ordinary can see clearly what is going to happen in the future if we allow these Gobells to carry on Governing the country like the way they are doing now. West never poke their fingers for ten years while Mahinda Rajapksa was there and now as soon as the Tie Coat guy comes in they are here in droves like bees.

    The people who love this country must stand up together again the same way they stood against the terrorists during the war. Professor don’t be afraid of any mother’s son just keep on writing specially in Sinhala language where ordinary people can understand better.

    After this Gestapo Govt took over we can see clearly that they are more lenient to west and the Indians than the previous Govt and it is a very dangerous sign because we know very well about their behavior during LTTE terrorism. Indians who trained and Financed LTTE and send them to Sri Lanka to destroy it will not like our close connection to China and they will always try to disable our Motherland and create disunity among the Sinhala Buddhists. If our dirty politicians won’t listen to us and cannot understand the danger we are going to face if we allow the west and the Indians to meddle in our affairs they should be kicked out in the next General election somehow if not a big disaster will fall on our Motherland again.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress