බෙදුම්වාදියාගේ දිනපොත
Posted on February 17th, 2015

Lankanewsweb Today

වාහනයේ ඇති ගුවන් විදුලියෙන් පැරණි ගීතයක් වාදනය වේ. ඒ මා ළමා කාලයේ දී බෙහෙවින් ඇළුම් කළ නන්දා මාලනීගේ සුකිරි බටිල්ලන්ගේ ගීතයයි. එහි අපූරු පද වැලක් ඇත. ඒ කන්න දෙතොත් බොන්න දෙතොත් රට උකසට තියල්ලා යන්නයි. එකී ගීතය ගායනා කලේ 2015 දී බිහි වන ආණ්ඩුවේ දින සීයේ වැඩපිලිවෙල පිළිබඳ අවබෝධයකින් දැයි විටක මට සිතේ. මතුපිටින් නම් දින සීයේ වැඩපිලිවෙල සුන්දරය. ඉන්ධන මිළ අඩු වේ. වැටුප් වැඩි වේ. කොත්තමල්ලි සහ උඳු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ද අඩු වේ. මෙකී ප්‍රවෘත්ති මාධ්‍ය සංදර්ශන වලින් මතු කර පෙන්වන අතරේ හොර රහසේම බෙදුම්වාදි දින සීයේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ. අවාසනාවට ඒ පිළිබද මාධ්‍ය ආවරණයක් හෝ සමාජ සංවාදයක් නැත. එබැවින් අපි එකී වැඩපිලිවෙල මතු කර ගනිමු.


යහපාලනය පෙන්වා බෙදුම්වාදය රජ කිරීම සඳහා මෛත්‍රි නංගි පෙන්වා රනිල් අක්කාට රට භාර දීමේ වැඩපිලිවෙලක් තිබෙන බව පසුගිය ජනපතිවරණයේ දී අපි පැවසුවෙමු. ජාතියේ අවාසනාවට දැන් එය සැබෑ වී ඇත. ජනවාරි 09 දින පසුගිය ජනපතිවරණය ජයග්‍රහණය කිරීම හේතුවෙන් මෛත්‍රිපාල මහතා ජනපති ධූරයේ දිවුරුම් දුන්නේය. එයින් විනාඩි පහක් ඇතුළත කිසිම මැතිවරණයක් ජයග්‍රහණය නොකළ පාර්ලිමේන්තු බහුතරය නොමැති වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දුන්නේය. බෙදුම්වාදි න්‍යාය පත්‍රය ඇරඹෙන්නේ එදා සිටය.

ජනවාරි 11 දින නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙන ලදී. 2001 දී පොලීසිය භාරව සිටිය දී මිලේනියම් සිටි මහ පාවාදීම තුලින් බුද්ධි අංශ කොටින් ඉදිරියේ නිරුවත් කළ ජෝන් අමරතුංග මහතා නැවතත් පොලීසිය භාර ඇමති ධූරයට පත් විය. එමෙන්ම රටේ විදේශ විනිමය නීති උල්ලංඝණය කරමින් කොටි සංවිධානයේ ප්‍රබල ආධාරකරුවෙකු වන රාජ් රාජරත්නම්ගෙන් ඩොලර් මිලියන තුනක් හෙවත් රුපියල් ලක්ෂ 3,900ක් ලබාගෙන අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවක විත්තිකරු වන රවි කරුණානායක මහතා මුදල් ඇමති ධූරයට පත් විය.

ලංකා ඉතිහාසයේ බිහි වුණු කීර්තිමත්ම බුද්ධි නිළධාරියා වන මේජර් ජනරාල් කපිල හෙන්ඳවිතාරණ මහතා සිය ඉල්ලා අස්වීම ලබා දෙන්නේ ජනවාරි 12 දිනය. එදිනනම සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් තනතුර දරමින් කොටි සංවිධානයට හිතවාදි ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද කොටි සංවිධානයට උතුරු සහ නැගෙනහිර පළාත්හි පාලනය භාර දෙන සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ලෙස සැලකූ ජයන්ත ධනපාල මහතා ද ජනාධිපති උපදේශකවරුන් ලෙස පත් කරන ලදී. ජනවාරි 13 දින දෙමළ බෙදුම්වාදි විෂබීජය මෙරට ජනතාවගේ සිත් තුලට ඇතුළු කරන හෙයින් මෙරට තහනම් කර තිබුණු ටැමිල්නෙට් වෙබ් අඩවියට බාධාවකින් තොරව ඇතුළු වීමේ අවස්ථාව ලබා දෙන ලදී.

ජනවාරි 14 දින දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කර ආණ්ඩුවේ විශ්‍රාමික විදේශ සේවා නිළධාරියෙකු වන එච් එම් ජී එස් පලිහක්කාර මහතා පත් කරන බව නිවේදනය කරන ලදී. පසුගිය රජය සමයේ හමුදා නිළධාරියෙකු උතුරේ ආණ්ඩුකාර ධූරයට පත් කලේ සහේතුකවය. උතුරු පළාත් සභාවේ පාලනය හිමි වුණේ දෙමළ බෙදුම්වාදින්ගේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සංධානයටයි. එබැවින් ඔවුන් කරන දෑ පිළිබඳ අවදියෙන් සිටීමට බුද්ධි අංශ වලට සිදු වේ. පළාත් සභාවේ විධායකයේ ප්‍රධානියා ළෙස ආණ්ඩුකාරවරයාට ඇමති මණ්ඩල තීන්දු ඇතුළු වැදගත් ලේඛණ පරික්ෂා කිරීමට අවස්ථාව තිබේ. හමුදා ආණ්ඩුකාරවරයෙකුට බුද්ධි අංශ වලට වැදගත් තොරතුරු හඳුනා ගැනීමට හැකියාව ඇති අතර ඒවා බුද්ධි අංශ වලට යොමු කිරීමට එඩිය ද ඇත. නමුත් සාමාන්‍ය ආණ්ඩුකාරවරයෙකුට බුද්ධි අංශ සංවේදි තොරතුරු හඳුනා ගැනීමේ හැකියාව නොමැති අතර එසේ හඳුනා ගත්තත් අවදානමක් ගෙන ඒවා බුද්ධි අංශ වෙත යොමු කිරීමට එඩිතර වේදැයි සිතීම දුෂ්කරය.

එදිනම තවත් දැවැන්තම පිම්මක් බෙදුම්වාදින් පනින ලදී. කොටි ත්‍රස්තවාදය සහ දෙමළ බෙදුම්වාදය අත්හැර ඊට එරෙහිව ජීවිතය පරදුවට තබා සටන් කළ පිල්ලෙයාන් හිටපු ප්‍රධාන ඇමතිතුමාට සපයා තිබුණු ආරක්ෂාව ඉවත් කළ අතර එවැනි කොටි විරෝධි සටනක සිටි ඩග්ලස් දේවානන්ද මන්ත්‍රිතුමාට සපයා තිබුණු පොලිස් ආරක්ෂාව භටයින් දෙදනෙකුට සීමා කරන ලදී. ඊට පසු දින තම පාක්ෂිකයින්ට පැරණි කොටි සාමාජිකයින් පහර දෙන බවටත් දේපල ගිනිබත් කරන බවටත් පිල්ලෙයාන් හිටපු ප්‍රධාන ඇමතිතුමා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කලේය.
ලෝකය පුරා දෙමළ බෙදුම්වාදය බටහිර බලවතුන්ගේ අනුග්‍රහය මැද පිම්මේ වැඩන අතරේ උතුරු පළාතට යැවීමට තහනම් භාණ්ඩ 16 සිට 3 දක්වා අඩු කරන ලදී. එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයින්ට පනවා තිබුණු සීමාවන් ඉවත් කෙරිණි.

ජනවාරි 16 දින දෙමළ බෙදුම්වාදින්ගේ ප්‍රබල ආධාරකරුවෙකු වන ඩොනල්ඩ් ඥාණකෝන් සහ ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන චැනල් ෆෝ නාලිකා අධ්‍යක්ෂ කැලන් මැක්රේ ආණ්ඩුවේ අමුත්තන් ළෙස ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට පැමිණි බව මාධ්‍ය වාර්තා කලේය.
ජනවාරි 17 දින ඉන්දියාවේ එන්ඩීටීවී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තමන්ගේ ආණ්ඩුවේ සියළුම පාර්ශවකරුවන් එකඟ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව ඉඩම් සහ පොලිස් බලතල ද පළාත් සභාවන්ට හිමි වනු ඇත. නමුත් තමන් එවැනි එකඟතාවයක නොමැති බව තවමත් ජාතික හෙළ උරුමය පවසා නොමැත.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත උතුරු පළාතේ පිහිටුවා ඇති හමුදා කඳවුරු යටතේ ඇති ඉඩම් තව දුරටත් නිදහස් කිරීමට අධ්‍යනයක් කරන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කලේ ද එදිනමය. 2009 දී යුද්ධ්‍ය අවසන් වන විට උතුරු පළාතේ අක්කර 26,000ක් හමුදා යටතේ පැවතුනත් දැනටමත් එය අක්කර 10,000 පමණ ප්‍රමාණයට අඩුකර ඇති බව ද ඔහු පැවසීය. ඉන්පසු සිදු වුණේ ඔහුව හමුදා ප්‍රකාශක තනතුරින් ඉවත් කිරීමයි. ජනවාරි 18 දින බුද්ධි අංශ තව දුරටත් අඩපණ කරමින් බුද්ධි අංශ භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ට මහතා මේජර් ජනරාල් හෙන්ඳවිතාරණ ගත් මග ගනිමින් සිය තනතුරින් ඉල්ලා අස්වීය.

සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම අනුව ඉන්දියාවට යෑමට නියමිතව සිටි ඉන්දියානු පුරවැසියන්ට 1988 දී ලංකාවේ පුරවැසිභාවය ලබා දුන්නේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට එරට පුරවැසිභාවය ලබා දීමේ පදනමෙනි. නමුත් එරට සිටින ලක්ෂ දෙකකට අධික ලාංකික සරණාගතයින් නැවත ලංකාවට එවීමට කටයුතු කරන බව ඉන්දියානු ආණ්ඩුව නිවේදනය කළාය. නමුත් 1988 දී ගත් තීන්දුව සිහිපත් කිරීමට ලංකාණ්ඩුව ඉදිරිපත් නොවිණි.
බෝම්බ පිපිරවීම වැනි ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් සෘජු සාක්ෂි ඇති බැවින් රඳවා ගෙන සිටින ත්‍රස්තවාදින් දහසක් නිදහස් කිරීමට ජනාධිපති සිරිසේන තමන්ට පොරොන්දු වූ බවට මන්නාරම රදගුරු රායප්පු ජෝශෆ් ප්‍රකාශ කරන ලදී.

පෙබරවාරි 05 දින අළුයම දී‍ වවුනියාවේ මුර සංචාරයක යෙදී සිටි පොලිස් භට පිරිසකට වෙඩි තැබීමකින් එක් භටයෙකු තුවාල විය. ඒ 2009 මැයි 19 දිනෙන් පසු උතුරේ ආරක්ෂක හමුදාවන් ඉලක්ක කළ පළමු වෙඩි තැබීමයි. මෙම සිදුවීම මාධ්‍ය වාර්තා කළ පසු නිවේදනය කලේ ඌරන්ට ඇට වූ මරු වැලක් පෑගීමෙන් පොලිස් භටයා තුවාල වූ බවයි. බයිසිකලයකින් පාර දිගේ ගමන් කරමින් සිටිය දී අතට වෙඩි වැදීමට නම් අඩි තුනක් පමණ උසින් තුවක්කුව බැඳ තිබිය යුතු අතර මරු වැල තිබිය යුත්තේ පාර හරහාය. නමුත් පාර හරහා මරු වැල් යොදන්නේ නොමැති අතර ඌරන්ගේ උස අනුව අඩි තුනක් උසින් තුවක්කු බඳින්නේ ද නැත. මෙම කරුණු පෙන්වා දීමෙන් පසු වැඩි දුර පරීක්ෂණ කෙරෙන බව පවසා එම සිද්ධිය යටපත් කෙරිණි.

එක්සත් ජාතින්ගේ සමූල ඝාතන ප්‍රඥාප්තිය උල්ලංඝණය කරමින් 1948 සිට සෑම ලංකාණ්ඩුවක්ම සිදු කරන ලද දෙමළ ජාතිය සමූල ඝාතනය කිරීමේ වෑයම පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පෙරබවාරි 10 දින උතුරු පළාත් ප්‍රධාන ඇමති විග්නේශ්වරන් ඉදිරිපත් කළ පිටු 11කින් යුත් යෝජනාව උතුරු පළාත් සභාව සම්මත කරන ලදී. මව්බිම තුලට ජාත්‍යන්තර පරීක්ෂණයක් ගෙන ඒමට මහජන නියෝජිත සභාවක් යෝජනාවක් සම්මත කලේ ප්‍රථම වතාවටයි.

ආණ්ඩුවේ පළමු මාසය තුල සිදු වූ මෙම සිදුවීම් පෙල කියා පාන්නේ ආණ්ඩුවේ ප්‍රකාශිත දින සීයේ වැඩපිලිවෙලට යටින් දිවෙන අප්‍රකාශිත බෙදුම්වාදි දින සීයේ වැඩපිලිවෙලක් තිබෙන බවයි. ආණ්ඩුව කොත්තමල්ලි අත්‍යාවශ්‍ය භාණ්ඩයක් සේ ප්‍රකාශ කර ලාභ කලේ ඉදිරියේ දී සමස්ත ජාතියටම උණ ගැනෙන බව කල් තබා දන්නා හෙයින් ද?

5 Responses to “බෙදුම්වාදියාගේ දිනපොත”

  1. Ratanapala Says:

    My3, Ranil, Chandrika, Mangala, Rajitha, Champika, Sobhitha, Rathana asussdhi sandhanayata hen hathama gahapan me kala drohi veda walata!

  2. Senevirath Says:

    e hena hatha dabal veyan

  3. Leela Says:

    කවදාවත් මුස්ලිම් සහ දෙමළ බහුතරය රාජපක්‍ෂලාට චන්දෙ දුන්නේ නැහැ. රාජපක්‍ෂලාට විරුද්ධව මුස්ලිම් සහ දෙමළ බහුතරය පොල්පිත්තකට උනත් චන්දෙ දෙන එක අද ඊයෙ නෙවෙයි 2005 හේදීත් 2010දීත් පෙන්වල තිබුනා. මහින්ද රාජපක්‍ෂට තියන දෙමළ සහ මුස්ලිම් විරෝධය කොතරම් ද කිව්වොත් කොටි මරන්න යුධ බිමේදි අන දුන්න ෆොනිටත් පක්‍ෂව කොටි කකුල් 65%ක් චන්දෙ දුන්නා. මෙවර උතුරු නැගෙනහිර උන් තමන් අහලවත් නැති සිරිසේනට 85% වැඩිය පැනල චන්දෙ දුන්නෙ යහපාලනේටද? නැහැ. උන්ගෙ යටි අරමුනු ඉෂ්ඨ කර ගත්ත එත කමයි එකම බලාපොරොත්තුව. දැන් උන් ඊලම් සහ නසරිස්තාන් කොච්චිය ස්ටාර්ට් කොරගන. එ්ක සිංහලය තේරුම් ගත යුතුයි.

    බෞද්ධකම සහ දුටුගැමුනු කියන නම මුස්ලිම් සහ දෙමළුන්ට අරහන්. උන් හිතන්නෙ මහින්ද රාජපක්‍ෂ දුටුගැමුනු වගෙ හොඳ බෞද්ධයෙක් කියල. රාජපක්‍ෂට වුරදුනේ එයා හිතුව මුස්ලිම් සහ දෙමළ මිනිස්සු එයා වගේම ජාතිවාදි නොවයි කියල. රාජපක්‍ෂ හිතුව උතුරු නැගෙනහිර අාර්තිකය දියුනු කරපුවහම මුස්ලිම් සහ දෙමළ මිනිස්සු එයාට චන්දෙ දෙයි කියල. මේ පාර රාජපක්‍ෂට චන්දෙ දුන්න ජාතිවාදි නැති දෙමළ හෝ මුස්ලිම් අය 15%ට අඩුයි. සිංහල ක්‍රිස්තියානි චන්දත් රාජපක්‍ෂට ලැබුනෙ 35%යි. ප්‍රතිථල විශ්ලේශණය කරල බලන්න. එ්කයි අැත්ත කතාව.

    මහින්ද රාජපක්‍ෂ වැරදුනේ 70% ක් බෞද්ධ චන්ද ගන්න හැකි වෙන විදියට වැඩ නොකරපු එකයි.

  4. ranjit Says:

    I am sorry I won’t be able to attend to this great rally today but my heart is with Mahinda Rajapksa 100% for ever. Our vote is always for him and it will be same in the future if he comes back to contest thru any party. We love him,We like him and we need him. Only Sinhala leader who can tame Tamils & Muslims as well as the International community of traitors.

    DO NOT TRUST TAMILS,MUSLIMS AND INDIANS. I hope if he comes back he will work for the Sinhala Buddhists to make a strong nation of Sinhala people. This is my land and it will be my land for ever.

  5. Indrajith Says:

    රැළියට ජන ගඟක්‌

    “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද” තේමාව යටතේ ඊයේ (18දා) සවස නුගේගොඩ පැවැති ජනහමුවට පැමිණි අතිවිශාල ජනතාවගෙන් කොටසක්‌.
    ඡායාරූප- කමල් බෝගොඩ, කමල් වන්නි ආරච්චි

    අනුර බාලසූරිය, සිරිමන්ත රත්නසේකර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දේශපාලනයට පැමිණිය යුතු යෑයි ඉල්ලා සිටිමින් ඊයේ (18 වැනිදා) සවස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද” තේමාව යටතේ පැවැති ජනහමුවට අතිවිශාල ජනතාවක්‌ සහභාගිවී සිටියහ.

    නව රජය බලයට පත්වී මාසයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක්‌ එක්‌ව සංවිධානය කළ පළමු රැස්‌වීමට මෙවැනි අතිවිශාල ජනතාවක්‌ සහභාගි වීම කැපී පෙනෙන සිද්ධියක්‌ බව දේශපාලන විචාරකයෝ පවසති.

    ජාතික නිදහස්‌ පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක වාසුදේව නානායක්‌කාර, මහජන එක්‌සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධන යන හිටපු ඇමැතිවරුන් සහ පිවිතුරු හෙළ උරුමය නායක සහ හිටපු බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්විණි.

    මෙම රැස්‌වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු ඇමැතිවරුන් කිහිප දෙනෙක්‌ද පළාත් සභා මැති ඇමැතිවරුන්ද පළාත් පාලන ආයතන නියෝජිතයෝ රැසක්‌ද කලාකරුවෝ හා බහුජන සංවිධාන නියෝජිතයෝ රැසක්‌ද සහභාගි වූහ.

    මෙම රැස්‌වීමේ ප්‍රධාන වේදිකාවට බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගොඩවීමද විශේෂ සිද්ධියක්‌ විය. රැස්‌වීමට සහභාගි වූ ජනතාව අත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය සහිත පුවරු සහ ජාතික කොඩිය බැගින්ද තිබුණි.

    රැස්‌වීමට සහභාගි වූ අතිවිශාල ජනකාය ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අවට සහ අසල ගොඩනැඟිලිවලද රැස්‌ව සිටීම නිසා ඊයේ සවස එම ප්‍රදේශය එකම හිස්‌ගොඩක්‌ බවට පත්ව තිබුණි. මෙම අතිවිශාල ජනකාය නිසා නුගේගොඩ ස්‌ටැන්ලි තිලකරත්න මාවතේ වාහන ගමනාගමනයද තාවකාලිකව අත්හිටුවීමට පොලිසියට සිදුවිය.

    මෙම රැලියට සහභාගි වූ සියලු දෙනා එක හඬින් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවය.

    වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන යන හිටපු ඇමැතිවරුද හිටපු පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල, මොරටුව නගරාධිපති සමන් චන්ද්‍රලාල්, ප්‍රවීණ දේශපාලන විචාරක දයාන් ජයතිලක, දක්‍ෂිණ ලංකා ප්‍රධාන අධිකරණ සංඝනායක පල්ලත්තර සුමන ජෝති නාහිමියන්ද මෙම රැස්‌වීම ඇමැතූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress